රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැතිවරණ නීති උල්ලංඝනය කරයි නම් ශේෂ්ඨාධිකරණයට

මහ මැතිවරණ නිරීක්ෂණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය ප‍්‍රකාශ කර සිටී.ජනාධිපත්වරණ්‍ය සඳහා යොදා ගත් නිරීක්ෂකයන් 3781 දෙනා මේ වන විටත් නාමා යෝජනා භාර දීමෙන් අනතුරුව නිරීක්ෂණ කටයුතු නිඵ වශයෙන් ආරම්භ කළ බවයි මානව හිමිකම් පිළිබඳව විද්වත් සංසදයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසා සිටින්නේ.
ආචාර්ය ගුණසේකර පවසන පරිදි 2010 මහ මැතිවරණය ජනවාරි 26 වන දින ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඛණ්ඩව සිදුවෙම්න් පවතින සමයකය. එම නිසා මෙවර මහමැතිවරණය මෙරට මහ මැතිවරණය පිළිබඳව පලුදු වී ඇති විශ්වාසය නැවත ඇති කර ගැනීම සඳහා යොදා ගැනීම වැදගත් බවයි ආචාර්ය ගුණසේකර පෙන්වා දෙනු ලබන්නේ.
ආචාර්ය ගුණසේකර පවසන පරිදි මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට සුපුරුදු පරිදි මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමිද ආරම්භ විය.දැවැන්ත කටවුට් පෝස්ටර් නගර පුරා ප‍්‍රදර්ශණය කරමින් ප‍්‍රදාරක කටයුතු වලට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සියලූම දේශපාලන පක්ෂ සිදු කළහ.පොදු දේපළ ද මේ වන විට 110 වන ඇමති මණ්ඩලය තම නිළ බලය භාවිත කරමින් සම්පත් අපහරණය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන් මාධ්‍ය පිළිබඳව අදහස් දක්වන හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ රාජ්‍ය මාධ්‍ය සුපුරුදු පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පක්ෂවද සහ විපක්ෂය වෙනුවෙන් විරුද්ධවද ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ තුළින් බරපතල ලෙස ජනමතය විකෘති කිරීමක් සිදු වන බවයි හෙතෙම පවසා සිටියේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය රජයට පවරා ගැනීම රාජ්‍ය ආයතන පාලනය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට මැදිහත් වීමට තිබූ බලතල අභියෝගයට ලක් කිරීමක් ද යන්න සැක සහිත බවයි අහතෙම පවසා සිටින්නේ.
17 වන සංශෝධනය අක‍්‍රීයව තිබියදී ශෙෂ්ඨාධිකරණ නියෝග ඵවා පිළ නොපදින තත්ත්වයක රාජ්‍ය යාන්ත‍්‍රණය පවතිද්දී ඉතිහාසයේ වැඩිම බලතල සහිත මැතිවරණ කොමසාරිස්වරයා තම අවම බලතල හෝ
ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීම ප‍්‍රායේගික නොවන බවයි ආචාර්ය ගුණසේකර පවසා සිටින්නේ.
ආචාර්ය ගුණසේකර වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය ආයතන නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා සහය නොදෙයි නම් රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැත්වරණ නීති උල්ලංඝනය කරයි නම් මැතිවරණ කොමසාරිස් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය ලබා ගනිමින් එ් ආදාල කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි.
ජනමාධ්‍යවේදීන්ට යම් ගැටලුවක් නම් ජනාධිපති තුමාට දැනුම් දෙන්න

ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමෙන් අනතුරුව පවත්වන ලද පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව අද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවැත්විණ.
ජනාධිපතිවරයා මධ්‍ය සම්බන්ධයෙන් විශේස වැඩ පිළිවෙළක් අනුගමනය කරන බවයි මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය අෙබිවර්ධන මහතාපවසා සිටියේ.
”මීට පසු ජනමාධ්‍ය වේදියකුගෙන් ප‍්‍රශ්ණ කිරීමට පොලීසියට ආරක්ෂක අංශ වලට අවශ්‍ය නම් කුමන කරුණක් සම්බන්ධව වුණත් ජනාධිපති තුමාට පූර්ව දැනුම්දීමක් කරන්න ඕන. පහුගිය කාලේ සිද්ධවෙච්ච සිදුවීම් එක්ක විවිධ මති රටේ ඇත් කරන්න දේශපාලන පක්ෂ උත්සහ කළා. දේශිය මෙන්ම විදේශීය වශයෙන් විවිධ මත ඇත් කරන්න වගේම රජයට චෝදනා කරන්න උත්සහ කරනවා නම් මේ මඟින් එ් හැම දෙයක්ම අනාවරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.” අමාත්‍ය අෙබිවර්ධන පැවසුවේය.
ලිවීමේ සහ කිවිමේ නිදහස තිබිය යුතු බව ජනාධිපතිවරයා පැවසූ බවයි අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර සිටියේ.
“අනිත් කිසිම කෙනෙකුට නැති නිදහසක් මාධ්‍ය වේදීන්ට දීලා තියෙනවා. මේ නිදහස සදාචාර සම්පන්නව භාවිතා කරන්න. මේ රටේ පවතින නීතිය හැමෝටම එක විදියටයි ක‍්‍රියාත්මක වෙන්නේ. මාධ්‍ය ආයතන වල පෞද්ගලික මත ඉදිරියට ගෙන යන්නවත් ද්වේශසහගත ලෙස මාධ්‍ය ආයතන වල යම් යම් වුවමනා වලට භාවිත කරන්නවත් එපා මේ නිදහස.” හෙතෙම පැවසුවේය.
මැතිවරණ ප‍්‍රථිපල ගැන තවත් කියන කතා
මැතිවරණය අවසන් වූවායින් පසු විපක්ෂනායක වරයා සාධාරණ මැතිවරණයක් සිදුවූ බවට ප‍්‍රකාශ කර සිටියද එය එසේ නොවන බව මැතවරණ ප‍්‍රතිඵල නිකුත් වූවායින පසු ප‍්‍රකාශ කර සිටියේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් ෙමි වන විට අධිකරණයේ නඩුවක් ගොනු වී ඇත. මේ පිළිබද දිගින් දිගට කතා කළද අද වන තුරුත් මෙකී කතාවේ අවසානයක් නොමැත.
“සෝමවංශ අමරසිංහ කීවා මෙක පරිඝනක ජිල්මාර්ට් එකක් කියලා. අධිකරණයේ තියෙන චොදනා වලට මේ කතාව දැන් අයිති නැහැ. පරිගණකයෙන් මැතිවරණ ප‍්‍රකාශය වෙනස් කළ බව ඔහු කීවා.එ්ත් මේ ප‍්‍රකාශ්‍ය දැන් ඉවත් වෙලා රාජ්‍ය දේපළ ගැන මාධ්‍ය භාවිතය ගැන අධිකරණයේ තියෙන්නේ. ” අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්තා පෙරමුණ ඉදිරි මමහ මැතිවරණය සඳහා මාතෘකාවක් සොයමින් සිටී.
“මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කවදද යුරෝපා කොම්සම සහතිකයක් දුන්නේ. එ් සහතිකය මේ වතාවේ අපට ගැබුණා. මේක පළමු අවස්ථාව මේ වගේ සහතිකයක් ලැබුණෙ. මේ වතාවේ කවුද කීවේ මේ වතාවේ මැතිවරණය දූෂිතයි කියලා. මේ අය ජනතාව අතරට මතයක් අරන් ගියා මැතිවරණය දූෂිතයි කියලා.” නමුත් නඩුවේදී මේ කිසිදු කාරණයක් නැහැ.
“එඅයට මහ මැතිවරණයේදී දරුණු පරාජයක් බලාපොරොත්තු වෙන්න වෙනවා.පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අපට ආසන 150 ලබා ගන්න සහයෝගය දෙන්න කියලා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.” අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකාගේ කතාව
සංඝයා වහන්සේලා උද්ඝෝෂණ අත් හැර දමා ඇත්තේ සිදු වී ඇති කරුණු සම්බන්ධව මනා අවබෝධයක් ලැබී ඇති නිසා බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටින්නේ. එමෙන්ම හමුදා නිළධාරියකු අත්අඩංගුවට ගත් පසු රඳවා තැබිය යුතු ආකාරයකට ඔහු රඳවා නොමැති බව ද අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය.
“මහනායක හාමුදුරුවන්ගේ අත්සන හොරට ගහලා කැඳවීම් කරන්න උත්සහ කළා. මෙතනදි දේශපාගන වැඩ පිළිවෙළක් තියෙන බව ඔප්පු වුණා. අද ඔහුව රඳවා සිටින්නේ අද නාවික හමුදාපති එදා හිටිය නිළනිවසේ. අඩි දෙකයි දෙකේ කාමරයක නෙවෙයි. ඔහුට හිමි තැන නෙවෙයි ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍ය කරන ගෞරවය දීලා තියෙනවා.” අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රනිල් වික‍්‍රමසිංහ සහ සෝමවංශ අමරසිංහ අතරද මේ වන විට ගැටුම් ඇති වී ඇතිවී ඇති බවයි අමාත්‍යවරයාගේ ප‍්‍රකාශ වලින් පැහැදිලි වන්නේ.
“රනිල් වික‍්‍රමසිංහ ගිහින් ජනාධිපතිවරයා මුණ ගැහුණ වෙලාවේ සෝමවංශ මහත්තයා කියලා තියෙනවා ඇයි එහෙම ගියේ එතනත් රහසක් තියෙනවා කියලා. ජේ වී පී එකට ඕන වෙලා තියෙන්නේ ෆොන්සේකා ඇතුළෙ ඉන්න තරමට උද්ඝෝෂණ කරන්න. අපට එහෙම කරන්න වුවමනාවක් නැහැ.” අමාත්‍ය වරයා සදහන් කළේය.
අද ලබා දුන් පත‍්‍රිකාව
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍ය වේදීන් හට ලබාදුන් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ හමුදාපතිවරයා ඉල්ලා අස්වීම දුන් අවස්ථාවේ එය භාර නොගෙන සිටීමේ හැකියාව තිබුණද එය භාරගෙන සිටියේ ඔහු තම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ සැලසීමට බවයි.
එ් වන විටද ෆොන්සේකා මහතාට එරෙහිව හමුදා විනය කඩකිරීමේ චෝදනා අනාවරණය වීතිබුණි. එහෙත් ඔහු අත් අඩංගුවට ගත්තේ නැත.එම පත‍්‍රිකාවේ සඳහන්ව ඇත.
රටේ සාමාන්‍ය ජනතාවට ක‍්‍රියාත්මක වන නීතියට ක‍්‍රියාත්මක වන්නේ නම් එකී චෝදනා ලැබුණ අවස්ථාවේ අත් අඩංගුවට නොගත්තේ මන්දැයි ගැටලුවක් පවතී. පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක දී ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා පවසා සිටියේ හිරේ සිටියත් ඡුන්දය ඉල්ලන්ට හැකියාව පවතින බවය.
මෙම පත‍්‍රීකාවේ සඳහන් වන කරුණු අනුව ඉල්ලා අස්වීම භාර දුන් අවස්ථාවේ ජනාධිපත් වරයා ක‍්‍රියාකළ ආකාරය පිළිබදව සඳහන්ව ඇත. එ් මෙසේය.
ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙද්දී ෆෙෘන්සේකා මහතාට එරෙහිව දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද චෝදනා රාශියක් හෙළිදරව් විය.ඔහුගේ ගුප්ත චරිතය හෙළිදරව් විය. හමුදාපතිව සිටි කාලයෙදී ඔහු විසින් කරන ලදැයි කියන හමුදා විනය විරෝධීක‍්‍රියා රාශියක් එළිවිය. එසේම තම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණ සටනට එළඹ සිටින පුද්ගලයෙකු බැවින් ඔහුට ජනාධිපති තුමා මෛත‍්‍රී කළේය. ඉල්ලා අස්වීම භාරදීමට ගිය අවස්ථාවේ ජනාධිපති තුමා ඔහුට කීවේ ජනාධීපතිවරණයට තරඟකොට අවසානයේ නැවත තමා වෙත පැමිණෙන ලෙසත් එවිට ඔහුට හොඳ රැකියාවක් ලබා දීමට ඔහු කටයුතු කරන බවත්ය. ජනාධිපතිවරණ කාලය තුළ ෆොන්සේකාට රජයේ නිල නිවාසයේ පදිංචිවෙම්න් රජයේ ආරක්ෂක නිළධාරීන්ගේ සේවය ලබාගනිමින් මැතිවරණ කටයුතුවලට රාජ්‍ය දේපල භාවිතා කිරීමට ආණ්ඩුව ඔහුට ඉඩ දී තිබුණි.
කතාව කෙසේ වුවද සාමාන්‍ය ජනතාව වශයෙන් සිතන්නට යමක් ඉතිරිවී ඇත. විනය කඩකිරීම් පිළිබද මෙන්ම විවිධ චෝදනා තිබූ පුද්ගලයාට හොඳ ගකියාවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණෙය. පැවසූ පරිදි මැතිවරණය අවසානයේ ෆොන්සේකා ජනාධිපත් හමුවට ගියේ නම් අද පවත්න තත්ත්වය උඩු යටිකුරු වී හමාරය.
Special programme by the President for media – Lakshman Yapa Abeywardena
Media Minister Lakshman Yapa Abeywardena addressing the first press
briefing after the President assumed the Media portfolio said the
President planned to adopt a special programme with regard to the
media. He said the President believes the media should have the right
to read and write. He added that the President had instructed the
security chiefs to inform him of any plan to question journalists in
future. The Minister also spoke to the media about the Presidential
election results and General Sarath Fonseka’s arrest
ෆොන්සේකා අත් අඩංගුවට ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ
ජෙනරාල් සරත් ෆොන්සේකා අරඹයා ඇති වී තිබෙන අර්බූදකාරී තත්ත්වය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර පවසා සිටිියේය.
අද ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා සිටියේය.
‘‘මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. මෙහි යථාර්තය ගැන එ අය දන්නේ නැහැ. මේ පිළිබඳව බුද්ධිමතුන් පැහැදිලිව කට ඇරලා කතා කරන්නේ නැහැ. සරත් ෆෙන්සේකා මුල් කරගෙන තියෙන්නේ අන්තර්ජාතික කුමණ්ත‍්‍රනයක්. එ්ක ඉරහඳ වගේ පැහැදිලි වෙලා ඉවරයි දැන්. ඇමරිකාව මුල් කරගෙන ගෙන යන විශාල කුමන්ත‍්‍රණයක් එක් අවස්ථාවක් ලෙස මෙය හඳුන් වන්නන පුලුවන්.’’ අමරසේකර පැවසුවේය.
මේ රට අස්ථාවර කිරීමට ස්වාධිපත්‍ය නැති කිරීමට රට බෙදීමට අවශ්‍ය සියලු දේ ඇමරිකාව විසින් ගනිමින් සිටිනා බවට අමරසේකර මෙහිදී චෝදනා කර සිටියේය. එ් සඳහා ඇමරිකාවේ ගැත්තකු සිටින රනිල් වික‍්‍රම සිංහ බලයට පත් කිරීමට උත්සහ දැරූබවද හෙතෙම පවසා සිටියේය.
‘‘එ් බව මහින්ද ජනාධිපතිබලයට පත්වූණ වෙලාවේ හොඳට පේන්න තිබුණා. රොබට්බ්ලේක් මේකට සහය දුන්නා. විමලූයි ගෝඨාභයයි විතරයි මේ ගැන කටක් ඇරලා තකා කරලා තියෙන්නේ. රොබට් බිලේක්ලා තමන්ගේ කුමන්ත‍්‍රණ කරන්න සරත් ෆොන්සේකාව තෝරාගත්තා.’’
යුද්ධය පවතින කාලසීමාවේදී හවායින් වල මැරායින් හමුදාව ගෙනවිත් ප‍්‍රබාකරන් මුදවා ගැනිමට රොබට් බ්ලේක් උත්සහ ගත් බව අමරසේකර පැවසුවේය.
‘‘දැන් වෙලා තියෙන්නේ මේ කිසි දෙයක් සාමාන්‍ය ජනතාවට හෙළි කරන්නේ නැතිව සිටීමත මේ දේවල් එළි කරන්න රඩයට අයිත්යක් තියෙනවා. මේ අය හදන්නේ රැුවුළයි කැදයි දෙකම බේර ගන්න. ෆොන්සේකා කියන්නේ රූකඩයක්. එයාව ඉස්සරහට දාලා එන් ජී ඕ . අයි එන් ජී ඕ විදේශ බලවේග ගෙන යන කුමන්ත‍්‍රනයක් හැටියටයි අපි මේක දකින්නේ.’’
රට ආරාජික තත්ත්වයට ඇද දැමීම සඳහා අවශය මූලික පියවරයන් ලෙස ස්වාධීන කොමිසන් සභා හා අධිකරණයේ පිළිගැනීමම අවම කිරීම සඳහා මේ සියලු දෙනා පියවර ගෙන ඇති බව අමරසේකරගේ මතය වී තිබේ.
‘‘මේ දේවල් කළාම මිනිස්සු කල කිරෙනවා. දැන් මානව හිමිකම් පිළිබඳව ෆොන්සේකා ගොනු කරලා තියෙන නඩුවේදී අධිකරණය ඔහුට විරුද්ධ වුණොත් කියාවි අග‍්‍රවිනිශ්චයකාරවරයා තුවක්කුව පිටිපස්සේ තියලා දුන්න තීන්දුවක් කියලා.’’
එතුමා ප‍්‍රකාශ කරන ආකාරයට ගවුලයි කරදයි දෙකම බේරා ගැනීමේ හැකියාව නොමැත. රැවුලයි කැදයි දෙකම බේරා ගන්නට ගොස් සමාන්‍ය ජනතාව අතරමං වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
බලයට කෑදර සදාචාරාත්මක පැවැත්මක් නැති ෆොන්සේකා
කෙසේ වුවද රටේ සාමාන්‍ය ජනතාව විදියට තීරණයක් ගැනීමට හැකියාවක් මෙන්ම පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් නොමැත්තේද මෙම කරුණ තත්ත්වය පිළීබදව වගකිව යුතු කිසිම පුද්ගලයකු මේ පිළිබද පැහැදිළි කිරීමක් නොකිරීමය.
කුමන්ත‍්‍රණ ලෙස මොවුන් පෙන්වා දෙන්නේ මොනවාද එ් දෙවල් කෙසේ උපන්නේද හේතු මොනවාද කුමන්ත‍්‍රන කරුවට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න නිසි ආකාර පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය සාමාන්‍ය ජනතාව හට අවශ්‍ය ඇත. මේ පිළීබදව අදහස් දක්වන්නේ කුමන පදවුනමක සිටද යන්න හෝ සාමාන්‍ය ජනතාව වෙත ලැබෙන්නේ මාධ්‍ය ඔස්සේය. එ් සඳහා අදහස් දැක්වීමේදී ද අවශ්‍ය කරන්නාවූ තොරතුරු සියල්ල ලබා දිය යුතු නොවේද.
බෙන්ගමුවේ නාලක හිමි පවසන් පරිදි සරත් ෆොන්සේකා යනු බලයට කෑදර සදාචාරාත්මක පැවැත්මක් නැති බොහොම හොඳට බොරු කියන්නට හැකි පුද්ගලයෙකි.
උන්වහන්සේ එ් බව දැන සටියා නම් හමුදාපති තනතුර පිරිණැමීමට ප‍්‍රථම මේ සියල්ල එළිකර එම තනතුර පිරිනැමීම වළක්වා ලීමේ හැකියාව නොමැති වූයේ මන්ද මේවා සාමාන්‍ය ජනතාවගේ සිත්තුළ අහම්බෙන් පැන නඟින ප‍්‍රශ්ණ විය හැකිය.
”අපේ රටේ පිහිටීම අනුව විදේශ බලවේග උපි ඉස්සරහට එද්දී බයයි.මේ පිහිටීම නිසා ජාත්‍යන්තර කුමන්ත‍්‍රන කරලා අස්ථාවර කරන්න හදන්නේ. බ්ලේක්ලටකරන්න බැරි දේවල් ෆොන්සේකා යොදාගෙන කරව ගන්න උත්සහ කළා. ජේ වී පී එකයි යූ එන් පී එකයි දැන් බයෙන් ඉන්නවා එ් අයට බලයට එන්න බැරි වෙයි කියලා. මේ නිසා මහා නායක හිමි වරුනිට කීවා. එ් අය මේ වෙද්දී වැටහීමක ඉන්නවා මේ පිළිබඳව.”
මේ වන තුරු හමුදාවේ බෙදීමක් නොතීබූ බවත් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණෙ පැවති දේශපාලන දුරිවල කම නිසාවෙන් අපූරුවට සිටි ෆොන්සේකා මේ තත්ත්වයට ඇඳ දැමූ බවයි රුහුණූ රට භික්ෂුපෙරමුණේ ප‍්‍රධාන ලේකම් ඕමාරේ කස්සපප හිමි පවසන්නේ.
ගැටලුව තියෙන්නේ සරත් ෆොන්සේකා සමඟ නෙවෙයි.
“ඔහු නීත්‍යානුකූල ආරක්ෂකයින් 600ක් ඉල්ලා සිටියා. එ් වෙලාවේ එ් සංඛ්‍යාන ලැබුණේ නැහැ. එ් නිසයි මේ අය පැන ගිය සෙබලුන් අරගෙන සිනමන් ලේක් ගියේ. ජන්දෙන් බැරි වුණ දේ උන්ඩෙන් කරන්නයි මේ අය හැදුවේ. මේ අය මහා සමාජ විලෝපනයකට යන්නන හදනවා. සරත් ෆොන්සේකාට නීත්‍යානුකූලව දඩුවම් කළ යුතුය.” උන්වහස්සේ සඳහන් කළේය.
ලංකා ජාතික සංඝ සභාවේ ලේකකාධිකාරී ආචාර්ය මාදුරුඔයේ ධම්මීස්සර හිමි සඳහන් කරන ආකාරයට සරත් ෆොන්සෙකා පිළීබඳව කිසිදු ගැටලුවක් නොමැත. ගැටලූව ඇත්තේ හමුදාපති වරයා පිළිබදවය.
“යුද්ධය ගැන කතා කරන හමුදාපති වරයා ගැන තීරණ ගන්න වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එ සඳහා කවුරුහරි බලපෑමක් කරනවා නම් එ්කෙන් කියැවෙන්නේ මේ රටේ අධිකරණයට අයතා බලපෑම් එල්ල කරනවා කියන එකයි.”
“හමුදාපති හැටියට කියනවා නම් හමුදාවේ විනය කඩ කළා කියලා මේ දේවල් හමුදාව බේද බන්න කරන්න කියන බව පැහැදිලියි. ජනාධිපත් මැතිවරණය කාළෙත් ඊට පෙරත් මේ දෙවල් කීවා. මේක රටේ ස්වාධිපත්‍යට එ්ක බරපතල වැරැද්දක්. උන්වහන්සේ පැවසූහ.”
ඓතිහාසික වැරැද්දක්
ඓතිහාසික වැරැද්දක් සිදුවීමට යන බව උන්වහන්සේ පවසන්නේ මහනාහිමිවරුන්ගේ තීරනය පිළිබඳව පවසමිනි. එමෙන්ම දඹර අමිල හිමියන් මහත් පාපයක් සිදු කරගැනීමට සැරසෙන බවද උන්වහන්සේ පැවසූහ.
“මහනාහිමිවරු දූරදර්ශිව කටයුතු කරාවි කියලා අපි හිතනවා. ෆොන්සේකාට කරන්න බැරි වුණ දෙය කරන්න අමිප හාමුදුරුවන්ව යොදාගෙන තියෙනවා. සංඝයා වහන්සේලා භේදබින්න කරන්න තවත් සංඝයා වහන්සේ කෙනෙක්ව ඕනත එ් නිසා මේ අය අමිල හාමුදුරුවන්ව අරගෙන තියෙනවා. අමිල හාමුදුරුවනේ මේ උත්සාහය අත අරිනවා හොඳයි.” ධම්මීස්ර හිමි සදහන් කළහ.
“මහනාහිමිවරු කියන්නේ මේ රටේ ඉන්න සාම්ප‍්‍රධායික සංඝ පරම්පරාව. මේ අය මේක පිළිනොගත්තොත් මේක ඓතිහාසික වැරැද්දක් බවට පත් වේවි.” උන්වහන්සේ සඳහන් කළහ.
උන්වහන්සේ සඳහන් කරන ආකාරයට මහනාහිමිවරු මෙම ප‍්‍රශ්ණයට සම්බන්ධ වී ඇත්තේ සිංහල බෞද්ධයන් භේදබින්න වීමට යන නිසාය. මහනාහිමි වරු මේ පිළිබඳව නිසි අයුරින් කරුණු දැනසිටින්නේ නම් මේ සඳහා හවුල් නොවන බව උන්වහන්සේ සඳහන් කළහ.
ලසන්ත ඝාතකයා හිර අඩස්සියේ – ජනාධිපති උපදේශක එ එච් එම් අස්වර්
මීට වසරකට අධික කාලයකට ඉහත සන්ඬේ ලීඩර් පුවත් පතෙහි කතෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක් විය. එදා සිට අද වන තුරුද අතින් අතට මාරුවෙන මෙම වගකීම කිසිවකු ගේ හෝ සැළකිල්ලට බඳුන් නොවින.
අද ව න තුරුද සැක කරුවකු හෝ අල්ලා ගැනීමට නොහැකි වූ මෙම ඝාතනයේ වගකීම දේශපාලනීකරණය වී හමාරය.
පසුගිය දින කිහිපය තුළ පැවති විරෝධතා රැළි සියල්ල පැවත්වූයේ අත්අඩංගුවට ගත් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන්ය. මෙම විරෝධතා රැළි අතර විශේෂ යමක් ඇසෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අතොරක් නැතිව කියවන මහජනතාව අතර එක් පුද්ගලයකු මෙසේ කියයි.
‘‘මේ රටේ අග‍්‍රගන්‍ය මාධ්‍යවේදියකු වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ කවුද. කීත් නොයාර්ට ගහලා ඇටකටු කැඩුවේ කවුද. එයාව තමයි අද අත් අඩංගුවට පත්වෙලා තියෙන්නේ.’’ ජනාධිපති උපදේශක එ එච් එම් අස්වර් පසුගිය ෙදාළොස්වන දින ( 12 )කොටුව දුම්රිපළ ඉදිරිපිට පැවති ආණ්ඩුවේ විරෝධතා රැළියට සහභාගී වෙමින් පැවසුවේය.
‘‘කීත් නොයාර් මෙයාගේ රහස් එළි කරනවා කියලා. එනිසයි එයාගෙ ඇට කටු කුඩුකරලා දැම්මේ ලසන්තට කීත් නොයර්ලට කරපු මේ පාපයෙන් මේ හාදයා ගැලවෙන්නේ නැති බව අපි මෙහිදී ප‍්‍රකාශ කරනවා.’’ ජනාධිපති උපදේශක අස්වර් පැවසුවේය.
කෙසේ වුවද අතින් අත මාරුවන මාධ්‍ය වේදී ඝාතන හා බි ය වැද්දීම් හා පහර ගැනීම් පිළිබඳව විසුරුවන ලද ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා පසුගිය 10 වන දා පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කරන්නේ ලංකා පුවත්පතට සීල් තැබීම හා එක්නැළිගොඩ පැහර ගැනීම මාධ්‍ය නිදහසට බාධවක් වනවාද කියාය.
අවසානයේ ජෙනරාල් ෆොන්සේකා ලසන්ත ඝාතනයට ද කීත් නොයාර්ට පහර දීමටද වරදකරු කීරීමට කෙනෙකු පෙළඹෙන්නේ නියර මිටිතැනින් වතුර ගලනවා ලෙසින්වත්ද…
කෙසේ වුවද ලංකාවේ මීට වඩා රහස්ගතව සිදුවූ හා සැළසුම් ගතව සිදු වූ ඝාතන පිළිබඳව සැකකරුවකු හෝ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට පැවතුන අතර කිසිම විටකදී මාධ්‍යවේදීන් වෙනුවෙන් සිදු වූ පැහැර ගැනීම් ඝාතන හෝ බියවැද්ද වීම් වලට සැකකරුවකු හෝ නොමැති වීම ඉතා කණගාටු දායක තත්ත්වයකි. අවසන්වරට කිවයුතුව ඇත්තේ වැළ යන අතට මැස්ස ගහන්නට රටේ සියල්ලක්හටම සිදු වී ඇති බවය.
Governing party members have accused General Sarath Fonseka of assassinating The Sunday Leader Editor Lasantha Wickrematunge and abducting and assaulting journalist Keith Noyahr. Presidential Advisor A.H.M. Azwer participating in the protest organized by governing party members opposite the Forth railway station on the 12th said Wickrematunge’s assassin was now in custody. However, Media Minister Lakshman Yapa Abeywardena questioned the media on the 10th if the sealing of the Lanka newspaper and Eknaligoda’s abduction hampered media freedom.
මාධ්‍ය භාවිතය මීට වඩා සැළකිලිමත්විය යුතුයි

ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය භාවිතයේදී ප‍්‍රවේසම්විය යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් යපා අබේවර්ධන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමේතුමේන්තුවේ අද (ජනවාරි 21) පැවති මාධ්‍ය සාකච්ඡවේ දී පවසා සිටියේය. පුවත්පත්වල පළවන දැන්වීම් තුළින් රජය ගෙන යන ක‍්‍රියාදාමයන් පිළිබද සාමාන්‍ය ජනතාවගේ සිතුවිලි වෙනස් කිරීමට උත්සහ දරන බවයි.
‘‘ අවුරුදු හතර ඇතුලත ලංකාවේ ඉන්න හැම අම්මි කෙනෙකුටම පෝෂන මල්ල දෙන්න බැහැ. තෝරා ගත්ත පිරිසකට දුන්නා පියවරෙන් පියවර අපි ඒ දේවල් කරගෙන යනවා. මේ පුවත්පත් දැන්වීම සම්පූර්ණයෙන් මහජනතාව නොම`ග ්‍යයවන්න පළකරපු දැන්වීමක්. මෙය නිවැරදි කරලා ඉදිරි දින දෙක තුළ පළකිරීමට අප කටයුතු කරමින් ඉන්නවා. අමාත්‍ය අබේවර්ධන පැවසුවේය.
ආරම්භයේ සිටම ජනාධිපතිවරයාට ජයග‍්‍රහණනය ලැබි තිබුණද එය 61% කින් මේ වන විට ස්ථීර වී ඇති බව සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇති බව අමාත්‍යවරයි සදහන් කළේය.
‘‘ අපට මුල ඉදලා දිනුම තිබුණා. නමුත් දැන් ඒක සහතික වෙලා තියෙන්නේ. මෙයට හේතුව තමයි ආරම්භයේ සිටම ජනාධිපතිතුමා ජනතාව ඇමතිම. සාමාන්‍ය ජනතාවගේ මතය වෙනස් කරන්න මේ රැළි සමත් වුණා. නගරයේ ඉන්න ජනතාවගේ මතය වෙනස් කරන්න විශේෂයෙන් මේ රැළි සමත්වුණා. නගරයේ ඉන්න ව්‍යාපාරික හා සුථ ජනතාවගේ අදහස් වෙනස් කිරිමේ හැකියාව ලැබුණා.‘‘ අමාත්‍යවැයා සදහන් කළේය.
මෙකී මක වෙනස් කිරීම සදහා හේතුව වූයේද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ කතා ස්වරූපය බවයි අමාත්‍යවරයා පවසන්නේ. උපුල් ඉලංගමගේ නැමැත්තකු හට ‘‘ කලවැද්දා හා පාහරයා ’’ ලෙස භාවිත කරමින් රැස්විමක් ඇමතූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබන්නේ.
‘‘මහජනතාවට ආඥාදායක පාලනයක් අවශ්‍ය නැහැ. තමන්ගේ වාග් භාෂාව හරියට හසුරුව ගන්න බැරි මනුස්සයෙකුට කොහොමද ජනාධිපතිකම දෙන්නේ. මේ හේතුව නිසාවෙන් කිසිම පැත්තකකට යොමු නොවි හිටිය පිරිසත් ජනාධිපතිතුමාගේ පැත්තට යොමු වුණා. ’’ හෙතෙම පැහැදිලි කළේය.
දැනට පවතින සාමකාමි මැතිවරණ ව්‍යාපරය කඩාකප්පල් කර දැමීමට ප‍්‍රතිවාදීපිල උත්සහ දරන බවත් මෙකි බිෂණකාරී තත්වයන් ඇති කිරීමට උත්සහ දරන්නේ එක්සත් ජාතික පක්ෂය නොව ජනතා විමුක්ති පෙරමුණ බවයි අමාත්‍යවරයා පවසා සිටින්නේ.
‘‘මෙවැනි භීෂණකාරි තත්ත්වයන් ඇති වෙන්න කොහෙත්ම රජය ඉඩ දෙන්නේ නැහැ. හැදුනුම්පත් එකතු කරන බව කියනවා. මම සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ හැදුනුම්පත් ප‍්‍රවේසම් කර ගන්න. භීෂණය පැත්තට යෙමෙ වෙන්න එපා කියන ඉල්ලීම මම ඉල්ලනවා.’’
නව රජය පත් වූ වහාම සමෘද්ධි ලාභි පවුල් සදහා අවමය රුපියල් 1000 ලබා දීමට ක‍්‍රියා කරන බවත් සමෘද්ධිය මෙතෙක් නොලැබී නොමැති පවුල් සදහා සමෘද්ධිය ලබා දෙන බවත් අමාත්‍ය වරයි පැවසුවේය. එමෙන්ම සමෘද්ධිලාභී පවුල් වල සිටිනා වයස අවුරුදු 3 අඩු දරුවන් සදහා 1500 දිමනාවක් ලබා දිමටද ව්‍යාපාර පවත්වාගෙන යාම සදහා ලක්ෂයක ණය මුදලක් ලබා දීමටද තිරණය කර ඇති බවයි අමාත්‍ය වරයා සදහන් කළේ.
‘‘ 87-89 භිෂණ කාලයේ ස්වාමියා අහිමිවුණ උතුරු නැගෙනහිර කාන්තාවන් සදහා ලක්ෂ දෙකක මුදලක් අඩු පොළියක් සමග ලබා දෙන්නත් එම පවුල් වල දරුවන්ට ලක්ෂ හතරක වෘත්තීය පුහුණු දිමනාවක් ලබා දිමටත් තිරණය කරලා තියෙනවා.’’ අමාත්‍යවරයා පැවසුවේය.
සම්බන්ධන් හා සම්බන්ධ ලියැවිල්ලක් ඉදිරිපත් කරමින් තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා සදහන් කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා සදහන් කළේ එම ලියවිල්ල ඔවුන් විසින්ම සකස්කළ එකක් බවයි. සම්බන්ධන් ඔවුන් හා ඇති කර ගත් ගිවිසුමේ ඔවුන් 2001 මැතිවරණයේදි ඉදිරිපත් කළ කරුණුවලින් බැහැර නොවී ඇති බවට අමාත්‍යවරයා චෝදනා කරයි.
‘‘ තුරෙයි රාජා ශිව ශක්ති ආනන්දම් තංගේෂ්වරි මන්ත‍්‍රිවරිය මේ අය මේවා ප‍්‍රකාශ කරන්නේ ඔවුන්ගේ කටින්මයි. මේ අයත් එක්ක එකගතාවයකට එනවා කියලා. මේ අයගෙන් අහන්න පුථවන් ඒවායෙන් බැහැර වෙලා නම් මොනවද මේ අය බලාපොරොත්තු වෙන්නේ කියලා ප‍්‍රශ්ණ කරන්න පුථවන්. ’’ අමාත්‍යවරයා සදහන් කළාය.
ද්‍රවිඩ නිජබිම ස්වයං පාලනය පූර්ණ පුරවැසි බව හමුදාව ඉවත් කිරීම එල්.ටී.ටී.ඊ නායකයින් නිදහස් කිරීම ආදී කරුණු රාශියකට එකග වූ බවට විපක්ෂයට නැගෙන චෝදනා වැරදී නම් ඔවුන්ගේ හඩින්ම ඒ බව පවසන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.
‘‘ රනිල් පහුගිය කාලේ යූරෝපිය රූපවාහිනි නාලිකාවක් අමතමින් කියලා තිබුණේ සේනාධිනායක හැටියට දුන්න නියෝග ක‍්‍රියාත්මක කළා කියලා. නමුත් ලංකාවේ කියන්නේ කියන්නේ සරත් ෆොන්සේකා විතරයි යුද්ධෙ කළේ කියලා. මෙහෙම කරන්නේ ජනාධිපතිතුමා අපහසුතාවයට පත් කරන්න. මෙයාලා ලංකාවේ එකදෙයක් කියලා වෙන රටකට තව දෙයක් කියනවා. ඒත් ජනාධිපතිතුමා එහෙම කරන්නේ නැහැ.’’
ඩග්ලස් දේවා නන්ද අමාත්‍යවරයාට විරුද්ධව නැගෙන චොදනාද ප‍්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා පවසා සිටින්නේ ඔහු එල්.ටී.ටී.ඊ යේ ඉලක්කයක් වී සිටි පුද්ගලයකු බවයි. විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ උතුරු නැගෙනහිර ප‍්‍රශ්ණ පිළිබ`ද වචනයකුදු ඇතුලති නොවී ඇති බවයි.
‘‘දෙමළ ජනතාවට පළාත් සභා ඇති කරලා ඒකිය රාජ්‍යක් තුළ 13 වන ව්‍යවස්ථවට අනුව ක‍්‍රියාත්මක විමට අපි තීරණය කරලා තියෙනවා. ස්වයංපාලනයට කොහෙත්ම රජය එකග ණැහැ. නිත්‍යානුකූලව සිරකරුවන් නිදහස් කළා. නමුත් නායකයින් නිසහසු කරන්න බැහැ. ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕන නිසා ඒ අය තවමත් තියාගෙන ඉන්නවා.’’අමාතයවරයි ප‍්‍රකාශ කළේය.
රජය පවසන ආකාරයට සියථ අධි ආරක්ෂිත කළාප ඉවත් නොකරන බවත් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන කිසිදු දෙයක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ඔවුනට අවශ්‍ය ජන පදනම තිබෙන බැවින් මැතිවරණයේදි කිසිදු අසාධාරණයක් කිරීමට ඉඩ නොදෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියෙ.
මාධ්‍ය භාවිතා කිරීමේදී ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීත්දු උල්ලංඝණය කරලා

මෙවර ජනපතිවරණයේදී ශේෂ්ඨාධිකරණ තීන්දු පවා උල්ලංඝණය කරමින් ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය අයුතු ලෙස පරිහරණය කටයුතු කරමින් සිටින බව මාධ්‍යයට සම්බන්ධ වෘත්තීය සමිති හා සංවිධාන පෙන්වා චෝදනා කරති. රජයේ මාධ්‍ය අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා සංවිධානය කර තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහභාගී වෙමින් ඔව්හු මේ බව අනාවරණය කළහ.
‘‘ මේ වෙන කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වලට සිද්ධ වෙලා තියෙන්නෙ ආණ්ඩුවට ඕන විදිහට කඬේ යන්න. මේ තත්ත්වය වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකට අනුව නිසි බලධාරියෙක් පත් කරත් වැඩක් වුණේ නැහැ. ඉතාම ඉක්මනට නිසි බලධාරියට ගෙදර යන්න සැළැස්සුවා. මෙය ශේෂ්ඨාධිකරණ තීරණයක් ඉක්මවා යෑමක්. එක්සත් රාජ්‍ය මාධ්‍ය සංගමයේ ලේකම් සන්ජීව සමරසිංහ ප‍්‍රකාශ කළේය.
මැතිවරණය ආසන්න වන මේ දින කිහිපය තුළ දී හෝ රාජ්‍ය මාධ්‍ය අයුතු ලෙස යොදා ගැනීමට එරෙහිව පෙළ ගැසිය යුතු බව සමරසිංහ පෙන්වා දුන්නේය. ඒ සඳහා පාට පක්ෂ භේදයකින් තොරව ඉදිරිපත් විය යුතු බව ඔහු අවධාරණය කළේය.
‘‘ රජය මේ විදිහට මාධ්‍ය ආයතන අයුතු ලෙස පරිහරණය කිරීම මගින් මේ රටේ මිනිස්සුන්ගේ මැතිවරණ අයිතිය උල්ලංඝණය කරනවා. අනෙක් කාරණය තමයි මේ මගිනි මාධ්‍ය නිදහස උල්ලංඝණය වී තිබීම.’’ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සුනිල් ජයසේකර ප‍්‍රකාශ කළේය.
මේ තත්ත්වය වළක්වා ගැනීමට වහා කටයුතු නොකළ හොත් මාධ්‍ය නිදහස තව දුරටත් අහිමි වී යනු ඇතැයි ජයසේකර පැවසුවේය.
එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසුරීයද මේ උද්ඝෝෂණයට සහය දැක්වීමට පැමිණ සිටියේය.
‘‘ මාධ්‍ය කියන්නේ මේ රටේ ජනතාවගේ හුස්ම ටික වගේ කියලයි මම හිතන්නේ. එවැනි තත්ත්වයක් යටතේ රජය විසින් මේ අකාරයෙන් මාධ්‍ය තමන්ගේ මැතිවරණ කටයුතුවලට සහභාගී කරගැනීම ජනතාවට සිදු කරන අසාධාරණයක්.’’ සිරිතුංග ජයසූරීය පැවසුවේය.
මේ තත්වය වළක්වා ගැනීමට පක්ෂ පාට වලින් තොරව එකමුතු වී සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝණය වෙමින් පවතින බව පෙන්වා දුන් ජයසූරීය මාධ්‍ය නිදහස රැකගැනීම වෙනුවෙන් තමන් සැමදාම මාධ්‍යවේදීන් සමඟ එකට සිටින බවද පැවසුවේය.
‘‘ මේ ආණ්ඩුව මාධ්‍යට ඇත්ත කියන්න දෙන්නෙ නැහැ. ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය ඔවුන් අහිමි කරනවා. විවිධ බලපෑම් කරමින් ආණ්ඩුව තමන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය හසුරුවා ගන්න හදනවා. ඒ සඳහා මාධ්‍ය ඩැහැ ගැනීමටත් ආණ්ඩුව කටයුතු කරනවා. ඒකයි අපි මේ විදිහට පාරට බැහැලා මාධ්‍ය නිදහස රැකගැනීමට උත්සාහ දරන්නෙ.’’ ඒකාබද්ධ තෙල් සංස්ථා වෘත්තීය සංගමයේ මාධ්‍ය ලේකම් ආන්නද පාලිත පැවසුවේය.
ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවති මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට මාධ්‍යට සම්බන්ධ විවිධ සංවිධාන රැසක් සහභාගී වී සිටි අතර ඔවුන් සියල්ලන්ම අවධාරණය කරනු ලැබුයේ මැතිවරණය ආසන්න වන මේ දින කිහිපය තුළ දී හෝ මාධ්‍යයේ ස්වාධීනත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවයි.
Voters unruffled by mudslinging
In an election campaign that has been intensifying with each day, the communications from both the leading candidates incumbent President Mahinda Rajapaksa, and his chief rival and former ally, former Commander of the Army (Retd.) Gen. Sarath Fonseka, has hit an all time high.
Speaking to Perambara, Mrs. S. Jayawardena said that the contents of the mudslinging campaigns would do little to change the mind of the voter. “The voters are intelligent, and they would see right through a mudslinging campaign. They know the difference between a proper allegation, and a slanderous shout”. Observing on the entrance of Gen. Sarath Fonseka to the political arena, she said that the election battle is too close to call. “If it were Somawansha Amarasinghe (Janatha Vimukthi Peramuna) or Ranil Wickremasinghe (United National Party) who was running for office, the outcome would have been easier to predict. But the entrance of Fonseka has changed the stakes dramatically.
Pre election violence has already claimed four lives, and the signs predict to an even more violent few days just before the election. Both parties have leveled allegations ranging from corruption to abuse of power towards the other, and lately the allegations have also taken the form of posters and emails, moving towards a much more personal level than the previous press briefings.
People’s sentiments towards the mudslinging remains negative, as one voter expressed. “We look at what the candidates are saying about themselves, and we look at their plans. To think that we would decide on what is said on a poster, is absurd.” He added that this kind of allegations against each other does nothing but harm the image of the country as a whole.
The campaign office of Fonseka said earlier that there was a coordinated campaign to plaster the walls of Colombo with posters which are defamatory to the former Army Commander. They stated that the poster would carry pictures depicting Idi Amin, the former Ugandan military dictator.
Posters in Colombo carried slogans in Sinhala stating “We don’t need Simple Fun” and asking people not to get into risky experiments.
Meanwhile media reports said that the Western Province Special Operations unit has been disbanded, following the raid conducted by them on a printing press where some of these posters were printed. Reports further said that the Director of the unit, Senior Police Superintendent Noel Chandra Kandahetti has been sent on compulsory leave, and that the Officer-in-Charge of the Maradana Division has been interdicted.
මේ අයට මුහණුට මුහුණ කතා බැරි ඇයි

Why no public debate ?
විශ්ව ගමිමාන සංකල්පයට ශී‍්‍රී ලංකාව පැමිණ ඇති බව මෙවර ජනාධිපතිවරණය සාක්ෂි දරයි. කෙසේ කුමන මාධ්‍යකින් ජනාධිපති අපේක්ෂකයන් ජනතාව හමුවට ආවද මාධ්‍යක් ඉදිරියේ ඔවුන් කිසිවිටෙක මුහුණට මුහුණ මුණගැසෙන්නේ නොමැත. එයට හේතුව කුමක්දැයි විමසීමට මත්තෙන් ජනතාවට මෙවැනි හමුවීමක අවශ්‍යතාවය තිබේදැයි විමසීම යුතුකමකි.
ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කොතැනක හෝ මහත්මා දේශපාලනයක් නොතිබීම නිසාවෙන් කිසිදු දිනයක ජනාධිපති අපේක්ෂකයන් මුහුණට මුහුණ හමුවන සංවාද මණ්ඩපයක දකින්නට නොලැබෙන බවයි මදූෂ විරාජ් පවසන්නේ.
”අපි සාමාන්‍ය ජනතාව විදියට බලාපොරොත්තු වෙනවා වගේම ගොඩක් කැමතියි මේ අය මිනිස්සු ඉස්සරහට ඇවිත් කතා කරනවා නම්. නමුත් කිසිම දිනයක වෙන්නේ නැති දෙයත් ඒක. මීට පෙර මැතිවරණ වලදිවත් කවදාවත් එහෙම සාකච්ඡා තිබිලා නැහැ. කොහොම වුණත් මේ අය දන්නනා මේ අය හැමෝගෙම අත්වල මඩ කහට ලේ තැවරිලා තියෙන්නේ කියලා.” විරිජ් පැවසුවේය.
එසේ හෙයින් මාධ්‍ය හමුවට පැමිණ මිනිසුන් රවටන දේශපාලනය ඉදිරියේ ඔවුන් නිරුවත් වන බව හෙකෙම පැවසුවේය.
අප අපගේ සමාජයේ පවත්නා සියලු දේ හට උදා හරණ සපයා ගන්නේ ඇමෙරිකාව උපයෝගී කර ගනිමින් වුවද දේශපාලනය සඳහා එය කොහෙත්ම අදාල නොවන බව පැවසිය යුතුය. සන්සන්දනාත්මකව ගත් කල ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවන මැර ප‍්‍රහාර හා මඩ ප‍්‍රහාර හා මිනී මැරුම් දක්නට නොමැත. එකී රටේ පාලකයන් හට කොන්ද කෙලින් තබාගෙන මුහුණට මුහුණ වාද කිරීමේ හැකියාවද ඇත. එකී රටේ ජනාධිපති වරණය සඳහා භාවිත කළ තාක්ෂණය ක‍්‍රමවේදයන් මේ රටේ භාවිතා කරමින් සිටී.
නමුදු එක දෙයක් පමණක් අමතක කර තිබේ. එයට හේතුව ලෙස සාමාන්‍ය ජනතාව ලෙස තේරුම්ගත හැක්කේ කුමක්ද මෙකී තත්ත්වය පිළිබඳ ග‍්‍රාමීය ජනතාවට අවබොධයක් නොවන්නට පුලුවන. නමුදු කොළඹ අගනගරයේ ජීවත්වන පිරිසට මෙය අලූත් දෙයක් නොවේ. අනතර් ජාලයේ සෑම පිටුවක් පුරාම ජනාධිපති අපේක්ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතු ගෙන යන්නට මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ එස් එම් එස් මත විමසීම් සිදු කිරීමටත් ආරම්භ කළේ නව තාක්ෂණයේ ප‍්‍රතිපල ලෙසය.
“එක එක වටේ ඉන්න අය කියනවාට වඩා ප‍්‍රධානියෝ දෙන්න ඇවිත් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරනවා නම් කවුරුත් කැමතියි. එක් කවදාවත් නොවන එක ගැන තමයි තියෙන ප‍්‍රශ්ණය. මෙතනදි ජනමාධ්‍ය වෙදීන්ගෙත් අඩුපාඩුවක් තියෙනවා. මොකද කිසිම කෙනෙක් මේ සම්බන්ධව කතා කරන්න නැතිව ඇති.” ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු පැවසුවේය.
”පක්ෂ වල ඉන්න අනිත් අය ආවත් මේ අය රටේ ඉන්න සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන දේ නොදෙන්න පුලුවන්. සංකීර්ණ දෙයක් වුණත් මේක කරන්න පුලුවන් දෙයක්. මේ ගැන අවධානය යොමු නොවීමයි තියෙන ප‍්‍රශ්ණය. තව දෙයක් තමයි අපක්ෂපාතී මාධ්‍යක් තෝරා ගැනීම. කොහොමද මේ දෙවල් කරන්නේ. එ් වගේම මාධ්‍ය වේදියෙක් තෝරා ගන්න එක.මේ දෙන්නා ඇවිත් සංවාදයට සූදානම් වුණත් පස්සේ දවසේ මාධ්‍ය ෙවිදියගේ ජීවිතයට මෙනවා වෙයිද කියලා හිතා ගන්න බැහැ.” හෙතෙම පැවසීය.
කෙසේ වුවද මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතහැර සාමාන්‍ය මාධ්‍ය වේදියකු මේ සඳහා සූදානම් කරීම වඩා වැදගත් වන බව ඔහු පෙන්නා දුන්නේය. එසේ සංවාද මණ්ඩපයක් සෑදෙන්නේ නම් එය ඉතා සාර්ථක මෙන්ම ජනතාවගේ ඇස් පෑදීමටත් මාර්ගයක් වන බව ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේය.
”මේ අය තමන්ගේ යහපත ගැන විතරයි හිතන්නේ. දේශපාලන පක්ෂ නියෝජිතයන් කෑ ගහනවට වඩා ප‍්‍රධානියෝ ඇවිත් මේ අයගේ අදහස් ප‍්‍රකාශ කරනවා නම් හොඳයි. මිනිස්සුන්ගේ පැහැදීමක් ඇතිවෙයි. මේ අනිත් අය ඇවිත් මඩ ගහ ගන්නවට වඩා එක ගොඩක් හොඳයි.” සුසන්තා වීරසිංහ පැවසුවාය.
කෙසේ වුවද ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙන්ම මාධ්‍ය ඉතිහාසයේද විශාල වෙනසක් සිදුවෙමින් හා සිදු වී පවතී. සාමාන්‍ය ජනතාවට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පමණක් ඉතිරි කර බලා සිටීමට තුළ ශ‍්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෙනස කුමක් දැයි පිරික්සා දැන ගැනීමේ හැකියාව පවතින බව වීරසිංහ පැවසුවාය.
ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නතර කරන්න කිසිදු දේශපාලන පක්ෂයකට උවමනාවක් නැහැ
No one wants to end violence දිනෙන් දින ඉහළ යන පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නැවැත්වීමට කිසිදු දේශපාලන පක්ෂයකට උවමනාවක් නැතැයි මැතිවරණ නිරීක්ෂකයෝ ප‍්‍රකාශ කරති. මේ තත්ත්වය වහා වළක්වා නොගත හොත් මෙවර ජනපතිවරණය දුෂිත එකක් වනු ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති.
‘‘අපිට එක දේශපාලන පක්ෂයකට ඇඟිල්ල දික් කරන්න බැහැ. පක්ෂ දෙකේම අපේක්ෂකයන්ගේ අධාරකරුවෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරත වෙනවා. මඩ ප‍්‍රචාරණ බහුල විදිහට ක‍්‍රියාත්මක වෙනවා. මැතිවරණ නීති දැඩි ලෙස උල්ලංඝණය වෙනවා. එහෙත් කිසිම දේශපාලන පක්ෂයකට තමන්ගේ ආධාරකරුවෝ පාලනය කරගැනීමේ උවමනාවක් නැහැ.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඞී.එම් දිසානායක පැවසුවේය.
‘‘මේ වන විට අප වෙත පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 620ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් සිදුවීම් 80 කට වැඩි ප‍්‍රමාණයක් ගිනි අවි භාවිතා කිරීම සම්බන්ධව වාර්තා වෙන්නෙ. බරපතල ගණයේ සිදුවීම් 276ක් වාර්තා වෙනවා. කොහොම වුණත් මැතිවරණය ආසන්න වන විට ප‍්‍රචණ්ඩ ක‍්‍රියා දිගින් දිගටම ඉහළ යන අකාරයක් තමයි පෙන්නුම් කරන්නෙ.’’ දිසානායක පැවසුවේය. ඔහු පෙන්වා දෙන ආකාරයට පොලිසිය පක්ෂපාතී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මැතිවරණ නීතිය ලෙස ක‍්‍රියාත්මක වීමට ඉඩ ප‍්‍රස්ථාව අහිමි වී තිබේ.’’
‘‘මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හේතුවෙන් විනාශ වන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත. මේ වන විට මිනිස් ජීවිත හතරක් අකාලයේ අහිමි වෙලා. කිසිදු දේශපාලන පක්ෂයක් මේ දේවල් වලට වග කියන්නෙ නැහැ. අන්තිමට පැරදිලා තියෙන්නෙ සාමාන්‍ය ජනතාව.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේය. පැෆ්රල් සංවිධානයට වාර්තා වී ඇති පරිදි මේ වන විට පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 371 වාර්තා වී තිබේ. ඉන් 136ක් දේශපාලන පක්ෂ කාර්යාල කඩා දැමීම් සහ ගනිබත් කිරීම්ය. පහර දීම් 78ක් මීට ඇතුළත් වන අතර රාජ්‍ය දේපල අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධව සිදුවීම් 34ක් ද වාර්තා වේ.
‘‘ මෙවර මැතිවරණයේදී ඉතා විශාල ආකාරයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළ ගිහින් තියෙනවා. මේ වන විට මිනිස් ඝාතන කිහිපයක්ම සිදුව තිබෙනවා. මෙයට ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අයත් පක්ෂ විසින් මේ ප‍්‍රචණ්ඩ
කි‍්‍රයා සිදු කිරීම අවාසනාවන්ත තත්ත්වයක්. ඉදිරි දින කිහිපය තුළදීවත් මේ තත්ත්වය වළක්වා ගන්න කටයුතු කිරීම අතිශය වැදගත් කාරණයක්. ’’ කැෆේ සංවිධානයේ කැදවුම්කරු කීර්ති තෙන්නකෝන් ප‍්‍රකාශ කළේය.
Tissainayagam out on bail
Imprisoned journalist Jeyaprakash Tissainayagam was enlarged on bail today on grounds of health, pending the appeal of his conviction. Tissainayagam was convicted under the Prevention of Terrorism Act (PTA) last year, for arousing “communal feelings” by writing and publishing articles that criticized the government’s treatment of Sri Lankan Tamil civilians affected by the war, and for raising money for the separatist Liberation Tigers of Tamil Eelam through his magazine, The North Eastern Monthly
Speaking to the media immediately after leaving the Appeals Court, the journalist who was sentenced for twenty years of rigorous imprisonment said that he was grateful to the friends, closest allies and the media activists who stood by him in the last two years.
“Tissanayagam was the first person to be convicted for something he wrote and published”, said Sunil Jayasekera of the Free Media Movement. He added that as the watchdog and advocacy body for media freedom in Sri Lanka, they were happy, and that they were looking forward to justice being served for the veteran journalist.
The Appeals Court order to release Tissainayagam on bail was given on Monday, January 11, and lawyers representing Tissainayagam stated that he would be released on the following day. Tuesday, January 12 saw a handful of media personnel outside the Welikada Prison, but he was finally released today at the Appeals Court clad in a long sleeved shirt and tie, in a stark contrast to the other prisoners whom he arrived with.
Tissainayagam was arrested on March 7, 2008 by the Terrorism Investigation Division (TID), when he visited his employee V. Jasikeran and wife who were in custody . Attempts by his lawyer to see him on March 10 were refused, and Tissanayagam was only informed that he was arrested under the PTA on March 21, more than two weeks after his arrest. He was charged months later after being held without charge, in a trial which saw interest gathered from the local and international media and human rights spheres.
Tissanayagam who was a columnist for the Sunday Times, was kept under detention orders for more than five hundred days prior to being charged under the PTA. During his trial, Tissanayagam claimed that he was harassed and threatened by the TID while under detention and that the confession produced as evidence was a document that was dictated to him by the TID. Repeated applications for bail before and during his trial were turned down.
Media Freedom has become a topic which is widely discussed at the run up to the Presidential Elections. Both leading candidates have promised greater freedom to the press, in a country which has seen numerous journalists and media activists killed, including the Editor of the Sunday Leader Lasantha Wickrematunge, during the tenure of the current administration, and many leaving the country in fear of their personal safety.









