එකෝන් නාඩගම අපට එපා – ෆේස්බුක් කණ්ඩායම

March 18, 2010 by Editor  
Filed under Featured, Stories

එකෝන් තියම්ප් නැමැති බටහිර ගායකයා ලංකාවට පැමිණිමට විරෝධය දැක්වීම සඳහා මේ වන විට අන්තර්ජාලයේ ෆේස්බුක් පිටුවක් වෙන්වී ඇත. මේ සඳහා හේතුව වී ඇත්තේ ඒකෝන් විසින් බුදු දහමට නිගා වන පරිදි සිය ගීත සදහා රෑප රචනා සිදු කොට තිබීමයි. ඔහුගේ sexy bitch  නම් ගීතය වෙනුවෙන් බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිරියේ රගන අඩනිරුවතින් කතුනගේ දර්ශන කිහිපයක් ඇතුළත් කොට තිබීමය.

ඒකෝන්ගේ මෙම ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 24 දින කොළඹ ඒස් එස් සී අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට යර්ස් එෆ් එම් ආයතනය කටයුතු යොදා තිබේ.

‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප  ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.

‘‘අප මීට කළිනුත් මෙවැනි ප‍්‍රසංග සංවිධානය කරලා තියෙනවා. මෙය අථත් දෙයක් නොවෙයි. ඇත්තටම අප දන්නවා ඒකෝන් ලංකාවට ගෙන්වනවට විරුද්ධව ෆේස්බුක් කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. බටහිර රටවලට බුදු පිළිමය අලංකාරය සදහා යොදා ගන්නවා. ඒකෝන් සිය ගීත නිර්මාණයට ඒ අර්ථයෙන් එය යොදා ගන්න ඇති.’’ යර්ස් එෆ් එම් ආයතනයේ
ප‍්‍රකාශයෙක් පැවසුවේය. අපේ‍්‍රල් 24 වැනිදා පැවැත්වෙන මෙම ප‍්‍රසංගයට දැඩි ආරක්ෂක කි‍්‍රයා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

ඒකෝන් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කරන හෑගොඩ විපස්සී හිමියන් ප‍්‍රකාශ කරන්නේ බුදු දහමට නිගා කරවන මෙවැනි පූද්ගලයින් ලංකාවට ගෙන් වීමට වහා විරෝධය දැක්විය යුතු බවයි.

‘‘මෙම පුද්ගලයා බුදු දහමට ගෞරව කරන්නෙ නැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයන් ගෙන්වීම අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන දෙයක්.’’ විපස්සී හිමියෝ පැවසූහ.

මේ වන විට ඒකෝන්ගේ ලංකාගමනයට විරෝධය පෑමට නිර්මාණය කර ඇති මෙම එක් ෆේස්බුක් පිටුවක සාමාජිකයන් ගණන අට දහස ඉක්මවා තිබේ. අනෙක් පිටුවේ දහසකට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවක් සිටිති. ෆෙස්බුක් පිටුවේ සිය විරෝධය ප‍්‍රකාශ කිරීමට මේ සාමාජිකයන් බොහෝ දෙනා විවිධ අදහස් ලියා තිබේ.

  • Share/Bookmark

රුක්ෂාන්ගේ ෆේස් බුක් කෙල්ල ගැන ෆේස් බුක් සමාජය කියන කතා

November 9, 2009 by Editor  
Filed under Featured, Stories

Face book girlThe Facebook song

අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින්ට ෆේස් බුක් යන්න අලූත් දෙයක් නොවේ. අන්තර්ජාලය භාවිතාකරන තරුණ පරපුර අතර ෆේස් බුක්හි සාමාජිකයෙක් නොවන අයෙක් සොයා ගැනීම බෙහෙවින් අසීරු කටයුත්තකි. අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ට ෆේස් බුක් යන්න අලූත් දෙයක් බවට පත්ව නැත්තේ වෙළද දැන්වීම් සදහාද ෆේස් බුක් යන වචනය යොදා ගන්නා නිසාය.

ෆේස් බුක් යනු අන්තර්ජාලයේ නව මිතුරන් ඇතිකරගැනීම හා පැරණි මිතුරුදම් අලූත් කර ගැනීම සදහා ඇති ජනප‍්‍රිය වෙබ් අඩවියකි. ෆේස් බුක් වෙත පිවිසෙන අයෙක්ට නව මිතුරන් ඇතිකරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට ඔවුන් සමග අදහස් හුවමාරුකරගැනීමටද අවස්ථාව ලැබෙයි. එපමණක් නොව තමන් කැමති ඡායාරූප ෆේස් බුක් පිටුවට ඇතුල් කළ හැකි අතර එම ඡායාරූප තමන්ගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමටද අවස්ථාව ලැබෙයි.

ෆේස් බුක් වෙත ඇතුළුවන පුද්ගලයින්ට අලූත් යාළුවන් හදුනාගැනීමට අවස්ථාව ලැබෙන ආකායටම ෆේස් බුක් හරහා මිතරු මිතුරියන් බටව පත්වන අය පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වීමේ පුවත් මේ සමාජයට අලූත් අත්දැකීම් නොවේ. ෆේස් බුක් හරහා පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වන අය නොසිතූ පරිදි වෙන්ව යාම සාමාන්‍ය සිදුවීමකි.

ෆේස් බුක් සමාජයේ සිටින ඇතැම් තරුණයින් තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කර ඇත්තේ තවත් තරුණයෙක් රැවටීම සදහාය. රූමත් තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් තරුණියන්ගේ නම් ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කර තිබේ. මේ ව්‍යාජ ෆේස් බුක් මිතුරු පිටු වටල පිවිසෙන තරුණයින් හා ව්‍යාජ ෆේස් බුක් පිටුවේ සිටින තරුණයින් සමග පෙමින් බැදී ඒ පිළිබදව දැනගැනීමෙන් පසුව ඇතිවන්නේ දුකක් හා කණගාටුවක් පමණි.

ෆේස් බුක්හි පෙම්වතෙක් ලෙසින් අනික් පාර්ශවය සමග අදහස් හුවමාරු කරගෙන කාලයක් ගතවන විට තමන් රැවටීමට ලක්ව ඇති බව දැනගැනීමට ලැබෙන පෙම්වතෙකුගේ සිතට නැගෙන දුක් කදුළ ගීතයක් ලෙසින් එළි දක්වා තිබුණි. ඉරාජ් වීරරත්න හා රුක්ෂාන් මාර්ක් විසින් ගායාන කරන ‘‘කෙල්ලේ මටනම් ආදරේ කළේ – ඇයි මගේ යහනේ ඔහු ඉන්නේ ’’ යන ගීතය ෆේස් බුක් සමාජය අතර මෙන්ම ෆේස් බුක් භාවිතා නොකරන සමාජය අතර ජනප‍්‍රිය ගීතයක් බවට පත්ව තිබේ.

‘‘මිනිස්සුන්ට දැන් වදින්නේ ටිකක් වෙනස් ආකාරයේ සිංදු. සාමාන්‍ය ජීවිතයට ගොඩාක් සමීප සිංදු තමයි මිනිස්සු ඉල්ලන්නේ ’’  ලංකාවේ ජනප‍්‍රියතම ගීත නොමිලේ ලබාගත හැකි වෙබ් අඩවියක් පවත්වාගෙන යන නුවන් චින්තන පැවසුවේය.

ගීත ඇල්බමයක ඇතුළත් ගීතයක් ලෙසින් මෙම ගීතය පැමිණි නිසා නොමිලේ එය බෙදාහැරීමට අවසරයක් නැතැයි හෙතෙම කීවේය. නමුත් ගුවන්විදුලි නාලිකාවල මේ ගීතය විකාශයවීම ඇරඹීමත් සමගින් අන්තර්ජාලය ඔස්සේද ගීතය ප‍්‍රචාරය වීම ඇරඹිණි. ෆේස් බුක් සමාජයේ බොහෝදෙනා මේ ගීතයට සවන්දී තිබුනේ අන්තර්ජාලයෙනි.

‘‘ෆේස් බුක් දැක්කම ඔබෙ රුව දුටුවා…….ඇඩ් ඇස් අ ෆෙරේන්ඩ් යැයි කන්ෆර්ම් කෙරුවා……..’’ඉරාජ් සහ රුක්ෆාන් මාර්ක්  ගායනා කරන ගීතයෙන් ෆේස් බුක් වෙත පැමිණෙන අයෙක් තවත් අයෙක් මිතුරෙක් බවට පත්කරගන්නා ආකාරය පියවරෙන් පියවර විස්තර කරයි.

ෆේස් බුක්හි මිතුරෙක් බවට පත්වූ පසු එකිනෙකා වෙත පණිවුඩ යැවීමට අවස්ථාව හිමිවේ. ඒ බවද රුක්ෂාන් මාර්ක් සිය ගීතය මගින් පවසයි. ‘‘ඉන්බොක්ස් පිරෙන්න මැසෙජස් තිබුණා…..’’ යනුවෙන් කියන්නේ මොවුන් දෙදෙනා නිතරම අදහස් හුවමාරු කරගත බවයි. මෙසේ අදහස් හුවමාරු කරගෙන දින තුනක් ගතවන විට තරුණයාට ආදරය ප‍්‍රකාශයක් ලැබෙයි. මේ පිළිබදව සැකයක් ඇතිවුවත් බියක් නොමැතිව ආදරය කළ බව රුක්ෂාන් සිය ගීතය මගින් ප‍්‍රකාශ කරයි.

‘‘අපි ෆෙස් බුක් එකේ ලස්සන කෙල්ලකේ දැක්කොත් මිතුරෙක් විදියට එකතුකරගෙන මැසේජ් යවන එක දිගටම කරනවා. ඒකතමයි ඇත්ත.’’ෆෙස් බුක් සාමාජිකයෙක් වන නලින්ද  නිරෝෂන් පැවසුවේය.

ෆේස් බුක් පිටුවට ඡායාරූපයක් ඇතුල් කිරීමේදී බොහෝ දෙනා දෙවරක් සිතන්නේ ෆේස් බුක් වෙත ඇතුළුකරන ඡායාරූප  ඕනෑම අයෙක්ට දැකීමට අවස්ථාව ලැබෙන බැවිනි. ඇතැම් අය ෆේස් බුක් වෙත ඡායාරූප ඇතුල් කරන්නේ ඡායාරූප සංස්කරණය කිරීම සදහා ඇති පරිඝනක මෘදුකාංග යොදාගෙන ඡායාරූප සංස්කරණය කිරීමෙන් පසුවය. ‘‘ප්‍රොෆයිල් එකේ ෆොටෝ ශොප් පිහිටෙන් ලස්සන පික්චර්ස් ගොඩක් තියෙන හින්දා මමත් කමෙන්ට්ස් දැම්මා…..’’

‘‘ෆේස් බුක් යන අයට වෙන සිදුවීමක් තමයි ඒ ගීතයෙන් කියලා තියෙන්නේ. කොල්ලෝ කෙල්ලන්ගේ ෆොටෝස් දාලා ෆේස් බුක් පිටු හදන එක අලූත් දෙයක් නොවෙයි.’’ නිරෝෂන් කීවේය.

ෆේස් බුක්හි සිටින ඇතැම්අය තමන්ගේ සැබෑ ඡායාරූප ඇතුළත් නොකර ව්‍යාජ ඡායාරූප ඇතුළත් කරන බව අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වාගෙන යන තිළිණ මධුරංග පැවසුවේය.

තවත් අයෙක් රැවටීම සදහා තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කරන්නේ තවත් තරුණයෙක් නොමග යැවීම සදහා වන බව විශ්වක අටළුගම සදහන් කළේය. මෙය ෆේස් බුක් යොදාගන්නා අය සිදුකරන සුළු දෙයක් පමණක් වන බව ඔහු කියයි. තවකෙක් රැවටීම සදහා නිර්මාණය කරන ෆේස්බුක් පිටුව ටික දවසකින් ඉවත් කරන ආකාරයද රුක්ෂාන් මාර්ක් සිය ගීතය මගින් ප‍්‍රකාශ කරයි.

ෆේස් බුක් වෙත පැමිණෙන අය රැවටීමට ලක්වීම අන්තර්ජාලය භාවිතා කරන අයට අලූත් අත්දැකීමක් නොවන්නේයැයි නුවන් චින්තන කීවේය. මෙය ෆෙස් බුක්හි සාමාන්‍ය සිදුවීමක් යැයි ඔහු සදහන් කළේය. හොද සන්නිවේදන මාර්ගයක් වන ෆේස් බුක් හි හොද පැත්ත වෙනුවට නරක භාවිතාවට ගන්නා අය මේ ආකාරයට තවත් අයෙක් රවටන්නේයැයි චින්තන පැවසුවේය.

‘‘තවත් සමහර වෙලාවට ෆේස් බුක් එකේ ඉන්න කෙල්ලෝම කොල්ලෝ කඩේ යවන අවස්ථා තියෙනවා.’’ අටළුගම කීවේය.

‘‘මේ සිංදුවේ තියෙන විදියට ෆේස් බුක් එකේ ඉන්න තවත් අයෙක් රවටනවානම් ඒක වැරදි දෙයක්. ලෝකය වටා සිටින මිතුරු මිතුරියන් හදුනාගැනීමට භාවිතා කරන ෆේස් බුක් හි සිටින තවත් අයෙක් අපේ යාළුවෙක් බවට පත්කරගන්නේ කිසියම් විශ්වාසයක් ඇතිවයි. මේ විශ්වාසය බිද දැමීමට කවුරුහරි වැඩ කරනවානම් එය වැරදි දෙයක්.’’ ෂලින්ද්‍රි ප‍්‍රාර්ථනා කීවාය.

අන්තර්ජාලය භාවිතාකර ෆේස් බුක් භාවිතා කරන අයට මේ ගීතය සමීප ගීතයක් බවට පත්ව තිබුණත් අන්තර්ජාලය භාවිතා නොකරන අයට මේ ගීතයෙන් පැවසෙන කතාව එතරම් හුරු පුරුදු අත්දැකීමක් බවට පත්ව තිබුනේ නැත. අන්තර්ජාලය භාවිතා නොකරන අයට මේ ගීතය තවත් එක් ගීතයක් පමණක්යැයි චින්තන කීවේය. අන්තර්ජාය භාවිතා නොකරන පුද්ගලයින්ට මේ ගීතයෙන් කියන දේ අවභෝධ නොවන්නේයැයි ඔහු පැවසුවේය.

‘‘ඒත් ෆේස් බුක් ගැන දන්න අයට මේ සිංදුව හොදට වදිනවා.’’ චින්තන කීය.

අන්තර්ජාලයේද මේ ගීතයට වැඩි ඉල්ලූමක් ලැබී තිබුණේය. සිය වෙබ් අඩවිය වෙත ඊමේල් පණිවුඩ එවමින් මෙම ගීතය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි චින්තන කීවේය.

‘‘නොමිලේ මේ ගීතය බෙදාහරින්න අපිට අවසර නැති නිසා තාම මේ ගීතය අපේ වෙබ් අඩවියට ඇතුල් කළේ නැහැ. ඒත් ඉදිරියේදී ගීතයට වීඩියෝ එකක් නිර්මාණය කළොත් අපි අනිවාර්යයෙන්ම වෙබ් අඩවියට එය ඇතුල් කරනවා.’’ ඔහු සදහන් කළේය.

මේ ගීතය දෙමාපියන් ඇසුවහොත් ඔවුන් තමන්ගේ ළමුන්ට ෆේස් බුක් වෙත පිවිසීමට අවසර ලබාදීම පිළිබදව දෙවරක් සිතනු ඇතැයි නිරෝෂන් කීවේය.

‘‘ෆේස් බුක් එකේ මේ විදියට රැවටීම් වෙනවා කියලා වැඩිහිටියෝ දැනගත්තොත් ඔවුන් දරුවන්ට ෆේස් බුක් වෙත යන්න අවසර දෙන එකක් නැහැ.’’ ඔහු පැවසුවේය.

The Facebook phenomenon is nothing new to youngsters using internet. The use of Facebook and its acts inspired Iraj Weeraratne and Rukshan Mark to release a song. The song titles “Girl, if you loved me, why is he in my bed,” is now popular among Facebook users as well as non-Facebook users. Facebook, a social communication network is commonly used to make friends and to find long lost friends. In some instances friends on Facebook begin relationships as well. However, Facebook pages are also used by some to mislead others. Some use pictures of various young girls in profiles misleading many of the young boys who add them as friends. Iraj and Rukshan have included all these in their Facebook song, which is now a hit even on radio.

  • Share/Bookmark

ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා

October 16, 2009 by Editor  
Filed under Featured, Stories

jhone cenaJohn Cena in Sinhala

ලංකාවේ ජීවත්වන බහුතරයකින් ජෝන් සීනා කියන්නේ කවුරුන්දැයි ඇසුවහොත් ඔහු කවුදැයි කියා කියන්නට  දන්නේ නැත. නමුත් ලංකාවේ තරුණයින්ගෙන් හා ළමයින්ගෙන් ජෝන් සීනා යනු කවුරුන්දැයි ඇසුවහොත් හොදින්ම දනී. ළමා හා තරණ සමාජය පමණක් දන්නා ජෝන් සීනා පිළිබදව මේ දිනවල වැඩියෙන් කතා බහ ආරම්භ වී තිබෙන්නේ ඔහු ගැන කියවෙන ගීතයක් නිසාය.

‘‘ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා………….ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔලූවට ගහලා………පාඩම් වැඩකුත් නැහැ………කන්නෙ බොන්නේ නැහැ…………බලාගත්තු අත බලා ඉන්නවා………..’’ අමිල සදරුවන් නැමති නවක ගායකයා විසින් පද රචනය කර ඔහු විසින්ම ගායනා කරන ගීතය මේ දිනවල තරුණයින් අතර වඩාත් ජනප‍්‍රිය වී තිබේ.

ජෝන් සීනා යන චරිතය යොදාගෙන සමාජයේ සිදුවන සිදුවීමක් පිළිබද ඉදිරිපත් කර තිබේ. ළමා ලොකයේ වීරයින් සැබෑ ලෝකය තුළ ජීවත්වන්නේ කෙසේද යන්න පවසයි. ළමයින්ගේ ජීවිතවලට වෙනත් අයගෙන් වන බලපෑම පිළිබදව තමා මෙම ගීතය පිළිබදව මේ ගීතය මගින් ප‍්‍රකාශ කර ඇතැයි සදරුවන් පැවසුවේය.

‘‘වටපිටාවේ දකින එකක් තමයි මම මේ ගීතයෙන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.’’ ඔහු කීය.

‘‘මේක අද සමාජයේ වෙන සිදුවීමක්. ඒක කෙලින්ම කියලා තියෙනවා.’’ මේ නිසා ගීතය ජනප‍්‍රිය වී ඇතැයි පවසන මනතුංග පැවසුවේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශය වන ඇතැම් ගීත දර්ශක වල ජනප‍්‍රියම ගීතය බවට ජොන් සීනා ගීතයට පැමිණීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ගීතය සදහා වන රූප රචනය සිදුකර එම ගීත රූපවාහිනී නාලිකා වෙත භාරදී සති කීපයක් ගතවන විට මේ ගීතය ගීත දර්ශක වල ජනප‍්‍රියම ගීතය බවට පත්විය. එපමණක් නොව ගුවන් විදුලියේ නිතර ඇසෙන ගීතයක් බවට මෙම ගීතය පත්විය.

‘‘මේ සිංදුව තරුණ සිංදුවක්.’’ අන්තර්ජාලයේ තිබූ ජෝන් සීනා ගීතයට සවන්දුන් සශික ලක්මාල් කීවේය. ජෝන් සීනා ගීතය වෙනස් ආරක ගීතයක් වන අතර මෙහි යම් යම් හොද ලක්ෂණ ඇතැයි කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙක් වන සුපුන් සුදාරක පැවසුවේය.

මේ වන විට පෞද්ගලික නාලිකා කීපයක පමණක් ගීතය විකාශය වන නමුත් ඉදිරියේදී සියලූම නාලිකාවල ගීතය විකාශය වන විට මෙම ගීතය ජනප‍්‍රිය ගීතයක් බවට පත්වනු ඇතැයි ධනුෂ්ක මනතුංග පැවසුවේය.

‘‘ඉදිරියේදී ලොකු කතාබහක් ඇතිකරන්න පුළුවන් ගීතයක් තමයි ජෝන් සීනා ගීතය.’’ සුදාරක කීවේය.

ජෝන් සීනා ගීතය පිළිබදව තරුණ සමාජය කතා බහ ඇතිවෙමින් පවතින අතරවාරයේදී ගීතයට සවන් දිය හැකි ආකාරය පිළිබදව බොහෝ දෙනා අවධානය යොමුකළේය.

ඇතැම් අය අන්තර්ජාලය ඹස්සේ ගීතය ලබාගැනීමට උත්සාහ කළේය. සිංහල ගීත ලබාගත හැකි වෙබ් අඩවිවල මේ ගීතය දකින්න නොලැබුණි. මේ නිසා ඇතැම් රසිකයින් වෙබ් අඩවි වෙත දුරකතන ඇමතුම් හා ඊමේල් පණිවුඩ යොමුකරමින් ගීතය ලබාදෙන ලෙසට ඉල්ලීම් කළහ.

‘‘මම මේ ගීතය පිළිබදව අහලා තියෙනවා. ඒත් තාම අහන්න ලැබුනේ නැහැ. අන්තර්ජාලයෙන් හොයාගෙන හරි ගීතය අහන්න  ඕන.’’ ගාල්ලේ පදිංචි නලින්ද නිරෝෂන් පැවසුවේය.

‘‘ජෝන් සීනා සින්දුව ඉල්ලා දුරකතන ඇමතුම් හා ඊමේල් ලිපි විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණා. මිනිස්සුන්ගේ හිතට වදින සිංදුවක් නිසා තමයි මේ වගේ ඉල්ලූමක් තිබෙන්නේ.’’  සිංහල ගීත වෙබ් අඩවියක් පවත්වාගෙන යන ගොල් සෝන් සොලූෂන් ආයතනයේ පාලක නුවන් චින්තන කීවේය.

තමන්ගේ ගීතය මෙතරම් ජනප‍්‍රිය වෙතැයි ගීතය අවසන් කරන විටත් තමා නොසිතූ බව අමිල් සදරුවන් පැවසුවේය.

‘‘මම හිතපු නැති විදියට සින්දුව හිට්(ජනප‍්‍රිය) වෙලා තියෙනවා. සමහරු මගේ කොණ්ඩය රැවුල නිසා ගීතයට සමහරු කැමතිවෙලා තියෙනවා. සමහරු ගිටාර් එක නිසා කැමතිවෙලා තියෙනවා. සමහරු හිනාව කැමතිවෙලා තියෙනවා.’’සදරුවන් පැවසුවේය.

ජෝන් සීනා.. පද මාලාව ගීතයක් බවට පත්වූයේ මෑතකදී වුනත් එම ගීතය ලියවී ඇත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙරදීය. මෙය ගීතයක් ලෙසින් එළිදැක්වීමේ කිසිදු අදහසක් තමන්ගේ සිතේ නොතිබුනේයැයි සදරුවන් පැවසුවේය.

‘‘මම මේක ප්ලෑන් කරලා කරපු ලියපු සිංදුවක් නෙමෙයි. ඒ කියන්නේ මෙලෝ රහක් නැතිව මේ සිංදුවක කළා කියන එක නොවෙයි.’’සදරුවන් කීවේය.

ජෝන් සීනා ගීතය පිළිබදව ගීත විචාරකයෝ විවිධ අදහස් දක්වති. ඇතැම් විචාරකයින් ගීතය අගය කරන අතර ඇතැම් විචාරකයින් ගීතය හොද ගීතයක්යැයි පවසන්නේ නැත.

ගීතයක අර්ථය මගින් හොද පණිවුඩයක් මෙන්ම නරක පණිවුඩයක් සමාජයට ලබාදිය හැකියැයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජීව රණසිංහ පැවසුවේය.

‘‘මේ ගීතයේ වචන දෙස බලන විට හොද පදනමක් ඇතිව රචනාකළ ගීතයක් කියලා කියන්න බැහැ.’’ හෙතෙම කීවේය.

වැඩිහිටියන්ට ළමයින්ගේ ලෝකය නොදැනීම සදරුවන් මේ ගීතය මගින් උප‍්‍රාසාත්මක අයුරින් ඉදිරිපත් කරන්නේයැයි මේ ගීතය පිළිබදව විචාරයක් ඉදිරිපත් කරන කැමිලස් පෙරේරා පැවසුවේය.

‘‘මේ ගිතය උපහාසාත්මක ගීත කලාවේ නොමැකෙන සටහනක් තැබූ ගීතයක්.’’ පෙරේරා පැවසුවේය.

Although majority of Sri Lankans are unaware of the character John Sena, he has managed to capture their attention through a Sinhala song written and sung by Amila Sandaruwan. Through the song, Sandaruwan has managed to speak of real life incidents through John Sena’s character. He has also shown the impact external characters have on children. Many believe that the song, which has caught the attention of the youth in the country, would become a chart topper given the realistic nature of the song.

  • Share/Bookmark

ගොළු නොවූ හදවත

September 23, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

New hope for Autism

චන්දිම රාජපතිරණට ඔබට කියන්නට සුවිශේෂි කතාවක් තිබේ. ඒ ඔහු සුවිශේෂි පුද්ගලයෙක් වන බැවිනි. චන්දිමගේ ගෙවුණු ජීවිතයෙන් හරි අඩක්ම ඔහුට කිසිවෙක් හා සිය අදහස් හුවමාරු කරගන්නට ඉඩක් ලැබුණේ නැත. ඒ ඔහු ඔටිසම් රෝගියකු වූ බැවිනි. එහෙත් චන්දිම තමන්ට හිමි වූ දෛවය වෙනස් කරගත්තේය. දැන් ඔහුගේ ජීවිතයේ නව පරිඡෙදයක් පෙරුළී තිබේ. චන්දිමගේ කතාව ඔබට කිව යුත්තේ ඒ නිසාය.

බත්තරමුල්ල පැලවත්තේ අයි ටී එන් හන්දියෙන් හැරී අපි චන්දිමගේ නිවස සොයා ගියෙමු. අපව පිළිගත්තේ චන්දිමත් ඔහුගේ මවත් විසිනි.කතා කරන්න නොහැකි වුවද චන්දිමගේ දැසේ වූයේ සුහදශීලී බවකි.

“මට කතා කරන්න බැරි වුණාට තේරෙනවා ” .   චන්දිම අප වෙනුවෙන් ඔහුගේ  පරිඝණක තිරයේ එසේ සදහන් කළේය. ඒ චන්දිම සිය අදහස් ප‍්‍රකාශ කිරීමට තෝරා ගෙන ඇති මාධ්‍යයි. ඔහු නිදහසේ සිය අදහස් අන්‍යන් හා බෙදා හදා ගන්නෙ පරිඝණකය හා සිංහල හෝඩිය භාවිතා කරමිනි. චන්දිමගේ නව ජීවිතය ඔහුගේ මව වන අනෝමා රාජපතිරණගේ අප‍්‍රතිහත ධෙර්යෙන් ලබා ගත් එකක් බව කිව යුතය.

මීට අවුරුදු 34 කට පෙර චන්දිමගේ මුළු පවුලම ඇමරිකාව බලා පිටත් විය. ඔටිසම් රෝගී තත්වයට පත් වූ සිය පුතු සාමාන්‍ය තත්වයකට රුගෙන එ්මට අනෝමා රාජපතිරණ එහිදී මහත් උත්සාහයක් දැරුවාය. ඔටිසම් රෝගය පිළිබද ලියැවුණ පොත් පත් හා සංවිධාන පිළිබදවද ඇය මහත් විමසිල්ලෙන් පසූ වූවාය. මේ වන විටත් චන්දිම ඇමරිකාවේ විශේෂ අධ්‍යාපනය ලබා දෙන පාසැලකට ඇතුළත් කර තිබුණි. 1990 වසරේ ඇමරිකාවේ මහාචාර්යවරයෙකු විසින් ඔටිසම් රෝගය පිළිබද ලියා පළ කළ  වාර්තාවක්  සගරාවකින් කියවීමට අනෝමාට ඉඩ ලැබුණාය. එහි ඔටිසම් රෝගීන් වෙනුවෙන් නව තාක්ෂණ ක‍්‍රමයක් හදුන්වා දී ඇති බව සදහන් විය. මේ පිළිබද විමසිලිමත් වූ අනෝමාට එය සිය පුතුට සුදුසුම ක‍්‍රමය බව වටහා ගත්තාය.

“මේ තාක්ෂණ ක‍්‍රමයට කියන්නෙ සහකාර සන්නිවේදනය කියලා .  ඇමරිකාවේ සිරකි්‍යුස් විශ්වවිදයාලයෙ සහකාර සන්නිවේදන මධ්‍යස්ථානය කියලා ආයතනයක් තියෙනවා. අපි මේ නව තාක්ෂණ හදාරන්න ඒ ආයතනය හා සම්බන්ධ වුණා. අපි චම්මි චන්දම එම ආයතනය හා සම්බන්ධ කරලා ඒ තාක්ෂණය සමග හොද  පුහුණුවක් දුන්නා.” යැයි අනෝමා රාජපතිරණ පවසන්නී.

මේ ක‍්‍රමයෙදී උසස් තාක්ෂණය මෙන්ම අඩු තාක්ෂණයද යොදා ගත හැකි බව අනෝමා පවසයි. උසස් තාක්ෂණ ක‍්‍රම ලෙස පරිඝණකය, හඩ පිට කිරීමේ උපකරණ භාවිතා කළ හැකිය. අඩු තාක්ෂණය ලෙස සිංහල හෝඩිය හෝ ඉංගි‍්‍රසි හෝඩිය ලියු කඩදාසියක්ද භාවිතා කළ හැකිය. මේ ක‍්‍රමයේදී මුලිකවම වැදගත් වෙන්නෙ අත බව අනෝමා පවසයි.

” මුලින්ම චම්මිට අදහස් ප‍්‍රකාශ කරන්න පරිඝණකය භාවිතා කළේ. මට මතකයි චම්මි අදහස් ප‍්‍රකාශ කරපු මුල් දවසෙ මම එයාගෙ අත තද කරලා  අල්ලා ගෙන එයාට තමන්ගෙ නම ලියන්න කීවා. එයා ලබලා තිබුණු පුහුනුව සමග හරියටම තමන්ගෙ නම ලීවා. එතනින් තමයි එයා අදහස් ප‍්‍රකාශ කරන්න පටන් ගත්තෙ.”

මේ වන විට තිස් පස්  වියැති චන්දිම සිය අදහස් නිදහසේ ප‍්‍රකාශ කරයි. සිංහලෙන්ද සිය අදහස් ප‍්‍රකාශ කිරීමටද ඔහුට හැකි වී තිබේ.සහකාර සන්නිවේදනය සිදුකිරීම සදහා රෝගියා අසල ඔහුගේ අදහස් තේරුම් ගැනීමට කිසිවෙක් සිටිය යුතුය. මන්ද මානසික තත්වයක් වූ ඔටිසම් රෝගී තත්වය දිවිය පුරා පවතින තත්වයකි. මේ තාක්ෂණ යොදා ගැනීමේ අවසාන ඉලක්කය විය යුත්තෙ ඉහළ ජීවන මට්ටමකට දරුවා රැගෙන ඒමයි. ඒ සදහා මේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ කැපවීම ඉහළ මට්ටමක තිබිය යුතු බව අනෝමා පවසයි.

” මේ දරුවන්ට තමන්ගෙ දේවල් කියන්න බැරි වුණාට අපි ඒ අයට අවධානය දෙන්න  ඕන. එයාලත් එක්ක නිතර කතා කරන්න. අකුරු වචන හදුන්වා දෙන්න කියලා මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. එයාලට තේරුණද නැද්ද කියන එක හිතන්න යන්න එපා. ඒක ගොඩක් වැදගත් කාරණයක්”. මේ වන විට අනෝමා රාජපතිරණත් චන්දිමත් තමන් උගත් තාක්ෂණයද රැගෙන මෙරටට පැමිණ සිටී. ඒ මෙරට ඔටිසම් රෝගයට බදුන් වී සිටින රෝගින්ට පිහිට වීමේ අරමුණෙනි. ඒ සදහා ඔවුන් සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබේ.

“අපි මේ සංවිධානය පිහිටුවා ගත්තෙ නොමිලේ රෝගීන්ට පිහිටුවීමේ අරමුණින්. අපි හම්බන්තොටත් ළමයි මේකට සම්බන්ධ කරගෙන තියෙනවා.දැනට ළමයි 10කට විතර අපි ප‍්‍රතිකාර කරනවා. අපි මෙතෙක් ප‍්‍රතිකාර කරපු දරුවන් ඉහල ප‍්‍රතිඵල අත් කරගෙන තියෙනවා. සංවිධානය තාම කුඩාවට කරගෙන යන්නෙ. ඉදිරියේදී මීට වඩා  පුථල්ව වැඩ කටයුතු කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.” අනෝමා පවසයි. මේ වන විට අනෝමාත් චන්දිමත් විවිධ වැඩමුළු පවත්වමින් සමාජය දැනුවත් කරමින් සිටිති. ඒ සියල්ලෙහි පෙරමුණ ගෙන වැඩ කරන්නෙ චන්දිම වීමද සුවිශේෂ කරුණකි.

” චන්දිම මොනවා කරන්නද කැමති….” මම ඔහුගෙන් ඇසුවෙමි.

“මම කැමති දේවල් කරන්න පුළුවන් නම් කොච්චර හොදද…. ඔහු පෙරළා මගෙන් ඇසුවේ පරිඝණක සටහනක් මගිනි. ඒ කතාවේ දහසකුත් එකක් ඔහුගේ හැගීම් කැටිවී තිබිණි. චන්දිමගේ බලාපොරොත්තුව ග‍්‍රන්ථ කතෘවරයෙකු වීමයි.

” මම දැනටමත් කතෘවරයෙක් ” ඔහු කියයි. එය සත්‍යයකි. චන්දිම සිය අදහස් කැටි කොට ඉංගි‍්‍රසි බසින් කවි පොතක් නිකුත් කර තිබේ. ඔහු මා ඉදිරිපිටම එහි කවියක් සිංහල බසට පරිවර්තනය කළේය.

“පණ දුන් කුඹලා මගේ සිරුර ඇද කළා
නමුත් මදක් නතර වී..
කවි හදවතක් දුන්නා
මම ඒ කවි රස
ඔබට දෙනවා………” ඒ චන්දිමගේ හදවත ඔබට ආමනත‍්‍රණය කරන සැටිය.

Chandima Rajapathirana, a 35-year-old boy affected by autism, has brought in new hope to others affected by the disease in the country. Chandima and his family continued to look for a cure for autism after they migrated to the US 34 years ago. Following intense studying and research, Chandima’s mother came across a newly developed technology in the US that enables autistic persons to communicate with others and enhance their living standards. It is referred to as the communications assisting technology and involves highly developed as well as simple technologies. Chandima and his mother have now returned to Sri Lanka to help others affected by autism in the country through an organization established by them.

  • Share/Bookmark

සින්දු හදන හාමුදුරුවෝ

September 9, 2009 by Editor  
Filed under Featured, Stories

Monk main

Musician monk

සාමාන්‍ය පන්සලක හිමිනමක් වැඩ වාසය කරන කුටියකින් සංගීත නාදයන් ඇසෙන්නේ නැති නමුත් බිබිලාදෙනියේ මහානාම හිමියන් වැඩ වාසය කරන කුටියේ නිරන්තරයෙන් සංගීත නාද ඇසෙන්නේය. ඇතැම් විට ගිටාරයේ හඩ උන්වහන්සේ වැඩ සිටින කුටියෙන් ඇසෙන අතර තවත් අවස්ථාවක සර්පිනාව වාදනය කරන හඩ එම කුටිය දෙසින් ඇසෙන්නේය.

ගිහි කාලයේදී සංගීතය පිළිබදව විශාල ඇල්මක් නොතිබුනත් වයස අවුරුදු දහයේදී පැවිදි දිවියට පැමිණි මහානාම හිමියන් සංගීතයට අත් පොත් තබන්නට වූහ. තමන් පැවිදි දිවියට පැමිණි පඩුවස්නුවර දිග්ගලගෙදර ශ‍්‍රී ශෛලාරාම නිකේතනයේදී සංගීත දිවිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලැබුණ බව මහානාම හිමියෝ කියති.

මහණ ජීවිතයත් සමගින් සංගීත දිවිය ආරම්භ කළ උන් වහන්සේ මේ වන විට සංගීත අධ්‍යක්ෂවරයෙක් වශනේ කටයුතු කරන්නේය. ඒ පමණක් නොව තනු නිර්මාණ ශිල්පියෙක් වශයෙන්ද සංගීත නිර්මාණයේ යෙදෙන්නේය. මේ වන විට සංගීත අධ්‍යක්ෂණයේ හා තනු නිර්මාණයේ යෙදෙන එකම භික්ෂුව වන්නේ මහානාම හිමියන්ය.

ගිහි ජීවිතයේදී කිසිම දිනෙක මහානාම හිමියන්ගේ ගෙදර සංගීත පරිසරයක් තිබුනේ නැත. ගිහි කල සිට සංගීතයට ඇල්මක් තිබුනත් දහම්පාසලේ සමිතියක් ඉදිරියට ගොස් කවියක් කීමට පවා උන්වහන්සේ දක්වා තිබුණේ මැලි කමකි.

‘‘ඉස්සර මම හරිම සබකෝලයෙන් සිටි අයෙක්. එක දවසක් දහම්පාසලේ සමිතිය ඉදිරියේ කවියක් කියන්න හාමුදුරුවෝ බල කළා. මේ නිසා තමයි කවියක් හරි ගිහින් කිව්වේ. ඉස්සර මම තවත් කෙනෙක් එක්ක කතාකරන්න පවා සබකෝලයක් දැක්වුවා.’’ මහානාම හිමියෝ කීහ.

මේ කාලය වන විට ශෛලාරාම නිකේතනයේ දහම් පාසලේ භක්ති ගීත කණ්ඩායමක් තිබුණි. සෑම වසරකම පොසෙන් පොහොයට භක්ති ගීත කණ්ඩායම භක්ති ගීත සංදර්ශණයක් ඉදිරිපත් කරයි. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවන අයුරු කුඩා මහානාම සාමනේරයන් බලා සිටියේ දැඩි ආසාවකිනි. භක්ති ගීත කණ්ඩායමේ පුහුණුවීම් සදහා කුඩා ප‍්‍රමාණයේ විදුලි  ඕගනයක් තිබූ අතර මෙය වාදනය කරන ආකාරය උන්වහන්සේ නිතරම බලා සිටියහ. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවීම් අවසන් කළ විට කුඩා මහානාම හිමියන්  ඕගනයේ යතුරු එකින් එක ඔබමින් එයින් නික්මෙන නාදයන් අසා සිටින්නට විය.

භක්ති ගීත පුහුණුව සිදු නොවන දිනවලදී විදුලි  ඕගනය රැුදුනේ මහානාම හිමියන් වැඩ සිටි කුටියේය. තමන්ගේ කුටියට විදුලි  ඕගනය රැගෙන ගිය මහානාම හිමියන් එය වාදනය කරමින් ක‍්‍රමයෙන්  ඕගන් වාදනයට හුරුවිය. මේ වන විට පන්සලේ සිටි කුඩා හිමිවරුන් සියලූදෙනාම මහානාම හිමියන්ගේ කුටියට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේ උන් වහන්සේ එතරම් මිහිරි ලෙස  ඕගනය වාදනය කරන නිසාය.  ඕගන් වාදනය පුරුදුවූ ආකාරයටම ගිටාර් වාදනයද උන් වහන්සේට පුරුදුවීමට හැකිවිය. ඒ උන්වහන්සේ වැඩසිටි පන්සල ආසන්නයේ තිබූ තවත් පන්සලක භක්තිගීත කණ්ඩායමට අයත්ව තිබූ ගිටාරයක් ගෙනවිත් පුරුදුවීමෙනි.

‘‘සාමාන්‍ය අයෙක් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්නවාට වඩා වැඩි ඉක්මනින් මට සංගීත භාණ්ඩ වාදනය කිරීම ඉගෙන ගැනීමට හැකියාව ලැබුණා.’’ උන්වහන්සේ කීහ.

මහානාම හිමියන්ට මුලින්ම සංගීත නිර්මාණයකට දායක වූයේ උන්වහන්සේ වැඩ සිටි පන්සලේ භක්ති ගීත කණ්ඩායමට භක්ති ගීතයක්් සදහා තනු නිර්මාණය කරමින්ය. ඒ තනුව නිර්මාණය වූයේ ‘‘මිස්සක පබ්බත හරි සිරියාවයි – මිහිදු සමිදු වැඩලා’’ යන බැති ගීතයටය.

‘‘මගේ ගුරු හාමුදුරුවන් වන වහන්තෙරේ සිද්ධාර්ථ හිමියන් මගේ දක්ෂතාවයන් හදුනාගෙන මට තනු නිර්මාණයක් සදහා අවස්ථාව ලබා දුන්නා. එතැනින් ආරම්භ කළ ගමනේ මම මේ වන විට තනු නිර්මාණ ශිල්පියෙක් වගේම සංගීත අධ්‍යක්ෂ වරයෙක් බවට පත්ව තිබෙනවා.’’ මහානාම හිමි පැවසුවේය.

මහානාම හිමියන් තනු නිර්මාණය කිරීමට පෙර සංගීතය පිළිබදව ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් ලැබුවේය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරවාරයේදී සංගීතය හැදෑරීම සදහා උන් වහන්සේ වේලාවක් වෙන් කර ගත්තේය. ඇතැම් අවස්ථාවක පිරිවෙන් ගොස් පැමිණි පසු සංගීත ගුරුවරුන් වෙත ගොස් අධ්‍යාපනය ලැබුවේය. කුලියාපිටියේ වැඩ සිටින අවස්ථාවේදී සංගීත වේදියෙක් වන ඩෙන්ස්ටන් පෙරේරා වෙතින් උන්වහන්ස් සංගීත අධ්‍යාපනය ලැබුවේය. ඒ සංගීත පන්තියට වෙනත් කිසිදු සිසුවෙක් සහභාගී වූයේ නැත.

මේ වන විටත් උන් වහන්සේ සංගීත අධ්‍යාපනය හදාරමින් සිටින්නේය. පෙරදිග සංගීතය පමණක් නොව බටහිර සංගීතය පිළිබදව උන් වහන්සේ තවමත් හැදෑරීම් කරයි. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත ආචාර්යවරුන් දෙදෙනෙක් යටතේය.

‘‘මම දැන් එක් ගුරුවරයෙක් යටතේ පෙරදිග සංගීතය හදාරනවා. තවත් ගුරුවරයෙක් යටතේ බටහිර සංගීතය හදාරනවා. මම තවමත් සති අන්තයේදී හා සවස් කාලයේදී තමයි සංගීත ගුරුවරුන් වෙත ගොස් සංගීතය හදාරන්නේ.’’ මහානාම හිමියෝ කීහ.

සංගීතය පමණක් නොව සංගීත අධ්‍යක්ෂණයද උන්වහන්සේ ඉගෙන ගත්තේය. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂවරයෙක් වන දිලියුප් ගබඩාමුදලිගේ යටතේය. මේ වන විට මහානාම හිමියන් ගීත හැටක් පමණ අධ්‍යක්ෂණය කර තිබේ. එම සංගීත අධ්‍යක්ෂණ කටයුතු සදහා යොදාගන්නේ මීගමුවේ පිහිටි ශබ්දාගාරයක්ය.

‘‘මම මා විසින්ම තනු නිර්මාණය කරන ලද ගීත මෙන්ම වෙනත් තනු නිර්මාණ ශිල්පීන් විසින් තනු නිර්මාණය කරන ලද ගීත අධ්‍යක්ෂණය කරනවා. කිසියම් ගීතයක් පටිගත කිරීම සදහා අවශ්‍ය වූ විට මම ශබ්දාගාරය ඒ සදහා වෙන් කරවාගෙන අදාල නිර්මාණ කටයුත්ත සිදුරනවා.’’ මහානාම හිමියෝ කීහ.

මහානාම හිමියන් තමන්ගේ සංගීත අධ්‍යක්ෂණ කාර්යයයේදී නවීන තාක්ෂණය යොදාගන්නේය. මේ සදහා ඇතැම් අවස්ථාවක පරිඝනකය පවා යොදාගන්නේය. එහෙත් පරිඝනකයෙන් ගීත නාදයන් ලබාගන්නවාට වඩා වාද්‍ය කණ්ඩායමක් වෙතින් සංගීත නාද ලබාගැනීමට උන් වහන්සේ කැමැත්තක් දක්වයි.

‘‘අපි සංගීත නිර්මාණයක් කරන විට එය විදින්න  ඕන. සංගීත ශිල්පියෙක් වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්නේ කිසියම් හැගීමකින් යුතුවයි. ඒත් වාද්‍ය ශිල්පියා ලබාදෙන ආකාරයේ හැගීමක් පරිඝනකයට ලබාදෙන්න බැහැ. ඒ නිසා මම මේ දෙකම මිශ‍්‍ර කරලා සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.

සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසින් සිය දක්ෂතා පෙන්වන ආකාරයෙන්ම මහානාම හිමියන් තනු නිර්මාණයෙන්ද දක්ෂතා පෙන්වන්නේය. තනු නිර්මාණ ශිල්පීන් තමන් අතට පද නිර්මාණයක් ලැබීමට පෙර තනුවක් සකස් කරන නමුත් මහානාම හිමියන් කිසිම අවස්ථාවක පද මාලාවක් නොමැතිව තනුවක් නිර්මාණය නොකරයි.

‘‘පද රචකයා ගීතයට කිසියම් අර්ථයක් ලබාදෙනවා. මේ අර්ථය දැනෙන ආකාරයට තමයි තනුවක් නිර්මාණය කළ යුතු වන්නේ. මේ නිසා පද නිර්මාණය මගේ අතට පත්වීමට පෙර ගීතයක් සදහා තනු නිර්මාණයක් කරන්නේ නැහැ.’’ මහානාම හිමියෝ කීය.

තනු නිර්මාණයක් ආරම්භ කිරීමට පෙර ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවධානය යොමුකරයි. ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවභෝධයක් ලබාගැනීමට නොහැකි නම් පද රචකයාගෙන් ගීයේ අර්ථය පිලිබදව විමසන බව මහානාම හිමියෝ කීහ.

ගීතයකට තනුවක් නිර්මාණය කිරීම සදහා උන්වහන්සේට ගතවන්නේ සතියක් වැනි කාලයකි. තනු නිර්මාණය කරන අවස්ථාවේදී ඇති සංගීත භාණ්ඩය යොදාගෙන තනුවක් සකස්කිරීමට මහානාම හිමියන්ට පුළුවන. ඇතැම්විට සර්පිනාව යොදාගෙන තනුව නිර්මාණය වන විට තවත් විටක ගිටාරය හෝ වෙනත් සංගීත භාණ්ඩයක් යොදාගෙන තනුව නිර්මාණය වන්නේය.

බටහිර සංගීතයේ ආශ‍්‍රය ලැබුවත් තමන් සංගීත නිර්මාණයෙන් දායක වන්නේ බෞද්ධ ගීත හා ළමා ගීත සදහා පමණක් වන බව මහානාම හිමියෝ කියයි.

රවීන් කනිශ්ක නැමති නවක ගායකයා විසින් ගායනා කරන තුන්හෙළේ නැමති දේශාභිමානී ගීතය තමා විසින් තනු නිර්මාණය කරන ලද ගීත අතරින් වඩාම කැමති ගීතය වන බව මහානාම හිමියෝ කියති.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සංගීතය සුදුසු නැතැයි ඇතමුන් ප‍්‍රකාශ කරන නමුත් සංගීත නිර්මාණ කටයුතුවලින් ඈත් වන්නැයි බුදුන්වහන්සේ ප‍්‍රකාශ කර නැතැයි මහානාම හිමියෝ පවසති.

‘‘නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්ඩප විභූස නට්ටානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි (නැටීම් ගැයුම්, වාදනය කිරීම්, සුවද විලවුන් ආලේපනය, සිත පිනවන දර්ශණ නැරඹීමෙන් වලකිමි) කියන සිල්පදය දස සිල්වලට ඇතුළත්වන නමුත් එය ප‍්‍රකාශ කර තිබෙන්නේ බීමත්ව කාන්තාවන් සමග නිරුවතින් චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා නටමින් සිටීමේ සිදුවීමක් නිසා. මේක භික්ෂූන්ට පමණක් නොවෙයි ගිහියන්ටත් පොදුයි. ඒත් බුදුහාමුදුරුවෝ මොනම තැනකවත් සංගීත කටයුතු කරන්න එපා කියලා කියලා නැහැ.’’ මහානාම හිමියෝ කීහ.

තමන් සංගීත කටයුතුවල නිරතවීම පිළිබදව කිසිදු නායක හිමිනමක් මේ වන තෙක් විරෝධයක් පළකර නැතැයි මහානාම හිමියන් කියයි.

ලංකාවේ සිටින සංගීත නිර්මාණ ශිල්පීන්ට අභියෝග ත්‍නාකරන මහානාම හිමියන් බෞද්ධ ගීත සදහා තනු නිර්මාණය කරමින් මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම සදහා සංගීතය යොදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේය.

‘‘අපේ රටේ සිදු හදන්න  ඕන තරම් අය ඉන්නවා. මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවපත් භාවය වෙනුවෙන් සංගීත නිර්මාණය කිරීම තමයි මගේ බලාපොරොත්තුව.’’ මහානාම හිමියෝ පවසති.

Ven. Bibiladeniye Mahanama Thero’s interest in music began after he was ordained as a Buddhist monk at the age of 10. He received the necessary encouragement at the Diggalgedara Sri Shailarama institute in Panduwasnuvara where he was ordained. Ven. Mahanama Thero’s first experience with a musical instrument was when he played an electric organ that was being used for Bhakthi Gee practices at the temple. After learning to play the organ on his won, he learnt to play the guitar. Ven. Mahanama Thero says that although some have said music was not suitable for Buddhist monks, the Lord Buddha has not made any such references. The main aim of the musical monk is to create music that would bring about spiritual healing to people.

  • Share/Bookmark