ජනාධිපතිවරණ උණුසුම මැද දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම්
ජනාධිපතිවරණය සදහා දින ලංවීමත් සමගින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස කරන ඉල්ලීම් වේගවත් වෙමින් තිබෙන අතර කොළඹ මැගසින් බන්ධනාගාර ඉදිරිපිටට රැස්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් මොවුන් නිදහස් කරන ලෙස ජනවාරි 22 වැනිදා නැවත වරක් ඉල්ලා සිටියේය.
මෙම ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයගත්තත් වසර ගණනාවක් තිස්සේ සිරකරගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස මොවුන් මෙහිදී ඉල්ලා සිටියේය. ‘‘වසර ගණනාවක් තිසේසේ අත්අඩංගුවේ තබාගෙන සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස අපි මැතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයාගෙන් ඉල්ලා සිටිනවා.’’ මෙම උද්ඝෝෂණ ව්‍යාපායරට සහභාගීවී සිටි කොල්ලූපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ සත්තවේලි පියතුමා කීවේය.
දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් විරෝධත ව්‍යාපාරයට සහභාගී වී සිටියේය. වසර ගණනාවක් තිස්සේ නිදහස් නොකර සිටින තමන්ගේ දරුවන් නිදහස් කරන ලෙස මොවුන් ඉල්ලා සිටියේය. ‘‘මගේ පුතා 2006 දී අත්අඩංගුවට ගත්තේ. කවුරු බලයට ආවත් අපිට කමක් නැහැ. අපි ඉල්ලන්නේ අපේ පුතා නිදහස් කරනන් කියලායි.’’ රත්නා මායාදුන්නේ පැවසුවාය.
තමන්ගේ සැමියා රෝගියෙක් නිසා රැකියාවක් කිරීමට හැකියාවක් නැති බවත් තමන්ගේ පවුලේ නඩත්තුව සදහා මුදල් ලබාදුන්නේ මේ වන විට අත්අඩංගුවේ පසුවන පුතා විසින් බවද ඇය පැවසුවාය. ‘‘මගේ ලොකු පුතා තමයි පවුල නඩත්තු කළේ. වෙන කවුරුවත් පවුල නඩත්තුකරන්න උදව් කළේ නැහැ. දැන් ඉතින් අපි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.’’ ඇය කීවාය.
මායාදුන්නගේ මෙන්ම සෙල්විගේ බලාපොරොත්තුව වන්නේද වසර තුනක් තිස්සේ නිදහස් නොකර සිටින තමන්ගේ පුතා නිදමහස් කරගැනීමය. පුත්තලමේ පදිංචි ඇය කොළඹ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට පැමිණ සිටියේ මේ මගින් හෝ තමන්ගේ පුතා නිදහස් කරගැනීමට කිසියම් බලපෑමක් එල්ලකිරීමට හැකියාව ලැබෙතැයි යන විශ්වාසය නිසාය.
විවිධ අවස්ථාවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේය. මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් දෙදෙනාගෙන් කිසිවෙක් මේ වන විට මොවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් හදුන්වා නොමැති අතර මොවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් පිළිගැනීමට ජයගන්නා අපේක්ෂකයා කටයුතු කළ යුතුයැයි සත්තවේලි පියතුවා කිවේය.
මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් හත්සිය දහතුන්දෙනෙක් නිදහස් කිරීමට අධිකරණය නියෝගයක් ලබාදී ඇති අතර මෙම පිරිස් නිදහස් කිරීම ප‍්‍රමාණවත් නැතැයි දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය කීවේය. මෙසේ නිදහස් කරන්නේ පාරේ හා කඩවල්වල සිටියදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් වන බදව හෙතෙම කීවේය. එහෙත් වසර දෙක තුන තිස්සේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කළ යුතුව ඇතැයි කීවේය.
‘‘ආණ්ඩුව මේ කරන්නේ කොලේ වහලා ගහන එකක්. දැන් මේ දේශපාලන වාසි ගන්න තමයි අත්අඩංගුවට ගෙන සිටින පිරිසක් නිදහස් කරන්නේ.’’ ජයසූරිය පැවසුවේය. දේශපාලන වාසි ගැනීම සදහා සුළු පිරිසක් නිදහස් කරන බවද ඔහු කීවේය.
අත්අඩංගුවට ගෙන සිටින දේශපාලන සිරකරුවන් අතර චෝදනාවන්ට ලක්ව සිටින පුද්ගලයින්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පැවරිය යුතු බවද නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු බවද හෙතෙම කීවේය.
‘‘මේ අරාජික දේශපාලන ක‍්‍රමය විසින් තමයි මෙම සිරකරුවන් බන්ධනාගාරයට වෙත ගෙනවිත් තිබෙන්නේ. මොවුන් ත‍්‍රස්තවාදීන් නොවෙයි.’’ සත්තවේලි පියතුමා කීවේය.
අත්අඩංගුවට පත්ව සිටින දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙම සමාජය වෙනස් කිරීම සදහා හා අරාජික දේශපාලනයෙන් රට මුදාගැනීම කටයුතු කිරීම නිසාවෙන් වන බවත් මේ නිසා මොවුන් වහාම නිදහස් කළ යුතුව ඇති බවත් සත්තවේලි පියතුමා වැඩිදුරත් සදහන් කළේය.The call for the release of political prisoners has intensified during the election period with civil society organizations holding a protest outside the Magazin Prison. Their call was for either Presidential candidate to ensure the release of all political prisoners after assuming office. Most political prisoners have been arrested under the Prevention of Terrorism Act at different times.
By Sanjaya Nallaperuma
එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට නිදහස
සිනා මුසු මුහුණින් දෙමළ ජාතිකයින් කොළඹ අලූත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේ සිට පිටතට පැමිණීම මේ දිනවල දැකිය හැකිය. මෙසේ සතුටු මුහුණින් අධිකරණ භූමියේ සිට පිටතට පැමිණෙන ඇතැම් පුද්ගලයින් මාස ගණනාවකින් තමන්ගේ නිවසට ගොස් නැත. ඇතැම් අය වසර ගණනාවකින් තමන්ගේ පවුලේ සාමාජිකයින් සමග ජීවත්වී නැත. ඒ ඔවුන් අත්අඩංගුවේ සිටි නිසාය.
මෙලෙස නිදහස ලබන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංගුව ගෙන සිටි සැකකරුවන්ය. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් අධිකණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ අකාරයට නිදහස් කරනු ලබයි. බොහෝ අවස්ථාවලදී බස් රථයකින් මෙම සැකකරුවන් අධිකරණය හමුවට රැගෙන එන එයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නිවෙස් බලා යාමට අවසර ලැබෙන අය බස් නැවතුම්පල දක්වා ගෙන යන්නේද ඔවුන් අධිකරණය වෙත රැගෙන ආ බස් රථයෙන්මය.
කොළඹ අලූත් කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මෙන්ම කොළඹ මාළිගාවත්ත මහේස්ත‍්‍රාත් අධිකරණයේද මෙවැනි ආකාරයේ සැකකරුවන්ට නැවත තමන්ගේ නිවෙස් බලා යාමට අවසර ලබාදෙයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංවට ගෙන සිටි සැකකරුවන් 713 දෙනෙක් නිදහස් කිරීමට අධිකරණ නියෝගයක් ලබාදී ඇති අතර ඒ අනුව මොවුන්ට නැවත තමන්ගේ ඥාතීන් වෙත යාමට අවසර ලබාදී තිබේ. මෙසේ නිදහස ලබා යන අය අතර පිරිමි සැකකරුවන් 511 ක් හා ගැහැණු සැකකරුවන් 202 සිටින බව අධිකරණ වාර්තා පෙන්වාදෙයි.
මෙම සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන සිටි නමුත් ප‍්‍රචණ්ඩ කාරී ක‍්‍රියා සදහා සෘජු සම්බන්ධයක් දක්වා නැත. එමෙන්ම ඇතැමි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් මෙම සංවිධානය වෙත බදවාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. මේ කරුණු සැලකිල්ලට ගනිමින් මොවුන්ට නිදහස ලබාදී ඇත.
එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දිගින් දිගටම රදවාගෙන පරීක්ෂණ කටයුතු සිදුකිරීම පිළිබදව නීති පතිවරයා විසින් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. මෙම වාර්තාව සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම සැකකරුවන් 713 දෙනා නිදහස් කිරීමට නියෝග කර තිබේ.
Colombo Magistrate’s Court ordered the release of 713 Tamil civilians who were detained for allegedly having links with the LTTE. Among the released are 511 male and 202 female civilians. They were released by courts as they had been members of the LTTE who had not taken part in active operations and in most instances made them join the organization by force. After being released they were taken to the bus halt where they boarded buses to return to their homes after months in detention.
By Sanjaya Nallaperuma
මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් උතුරු නැගෙනහිරට විශේෂ අවධානය
Foreign monitors for elections
උතුරු නැගෙනහිර පළාත් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දේශීය විදේශීය නිරීක්ෂකයන් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේය.
‘‘ අපි මේ වන විට විදේශීය නිරීක්ෂයන් 20ක් ලංකාවට ගෙන්වීමට සියලු පියවර අරන් තියෙනවා. ඔවුන් මේ 18 වැනිදාට ලංකාවට ලඟා වීමට නියමිතයි.’’ හෙට්ටිආරච්චි පැවසුවේය.
‘‘ මේ නිරීක්ෂයන් සියලු දෙනාම ලෝකයේ වෙනත් රටවල මැතිවරණ නිරීක්ෂණය කටයුතු වල යෙදිලා අත්දැකීම් බහුල පුද්ගලයන්. එ් නිසා අපට ඔවුන්ගෙන් පරිණත සේවයක් බලාපොරොත්තු විය හැකියි.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට මෙසේ විදේශීය නිරීක්ෂකයන් යෙදවීමෙන් මැතිවරණ අක‍්‍රමිකතා හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම කර ගත හැකි වේ.
‘‘ විදේශිය මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීමෙන් මැතිවරණ කටයුතු වල යම් විධිමත් බවක් ඇති කරගත හැකියි. පසුගිය මැතිවරණ වලදී අප අත්දැකීමෙන් දැක්කා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හී නිරත වීමට සුදානම් වී එකට එකතු වූ පිරිස් විදේශ නිරීක්ෂකයන් පැමිණෙන විටදී විසිර ගිය ආකාරය. නිරීක්ෂකයන් යෙද වීමේ වාසිය මෙයයි’’ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.
‘‘ විශේෂයෙන් යුද්ධය නිමා වීමට පෙර පැවති මැතිවරණ වලදී විදේශීය නිරීක්ෂකයන්ට සැබෑ තත්ත්වය ප‍්‍රකාශ කිරීමට නොහැකි වුණා. නිවැරදි තත්ත්වය ප‍්‍රකාශ කිරීමෙන් ඔවුන්ට යම් බලපෑමක් වනු ඇතැයි ඔවුන් සිතන්නට ඇති. කොහොම වුණත් දැන් රටේ එවැනි වාතාවරණයක් නොමැති නිසා මෙවර මැතිවරණ නිරීක්ෂණය කටයුතු නිවැරදිව සිදුකළ හැකි වේවි.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.
‘‘ ලංකාවට විදේශීය නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධයෙන් අපේ සංවිධානය සතුටුදායක ප‍්‍රතිචාරයක් දක්වනවා. ඔවුන්ගෙන් මැතිවරණ නිරීක්ෂණ සම්බන්ධයෙන් ගුණාත්මක වෙනසක් බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන් දේශීය නිරීක්ෂකයන් රජයේ නිලධාරීන්ගේ දුර්වලතාවයන් විවේචනය කිරීමට උත්සාහ ගන්නේ නැහැ. එහෙත් විදේශික නිරීක්ෂකයන්ට බලපෑමක් නොමැති නිසා ඔවුන්ට එම දුර්වලතාවන් පෙන්වාදිය හැකිය.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඞී. එම් දිසානායක පැවසුවේය.
‘‘ අපේ මධ්‍යස්ථානයෙනුත් විදේශික නිරීක්ෂකයන් ගෙන්වීමට කටයුතු කරමින් සිටිනවා. රජය එ් සඳහා අවසර ලබා දෙයි කියලා අප බලාපොරොත්තු වෙනවා’’ දිසානායක වැඩි දුරටත් පැවසුවේය.
Local and foreign election monitors are to be deployed for elections this time with special attention being paid to the North and East Provinces, Executive Director, People’s Action for Free and Fair Elections (PAFFREL), Rohana Hettiarachchi said. He said that 20 foreign poll observers are to arrive in the country on the 18th. National Coordinator, Center for Monitoring Election Violence (CMEV), D.M. Dissanayake said they too would bring down foreign monitors for the election. According to PAFFREL and CMEV, foreign poll observers would bring out high quality observations and minimise irregularities from taking place during elections.
By Anupama Ganegoda
මහින්ද චින්තනය ඉදිරි දැක්ම එළිදකී

Rajapaksa manifesto released
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව අනුගමනය කරන ප‍්‍රතිපත්ති පිළිබදව සදහන් මහින්ද චින්නතනය ඉදිරි දැක්ම නමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනවාරි 11 වැනිදා එළිදැක්වූයේය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙසින් ඉදිරයට යාමට අවශ්‍ය සියලූ කටයුතු යොදන බවත් ලංකාව ආසියාවේ දීප්තිමත්ම රාජ්‍ය බවට පත්කිරිමට තමන් කටයුතු කරන බවත් මහින්ද චින්තනයේ නව ප‍්‍රතිපත්තිමාලාව එලි දැක්වූ අවස්ථාවේදී රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී බුලත් කොළයට ලබාදෙන සෑම ඡන්දයක්ම මේ රටේ සහ ජනතාවගේ නිදහස තහවුරු කිරීම සදහා ලබාදෙන ඡන්දයක් වන බවද හෙතෙම කීවේය.
වත්මන් ජනාධිපතිවරයා 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිධූරයට පත්වූ අතර ඔහුගේ ධුර කාලය අවසන්වීමට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ. තමන් ජනාධිපති ධුරයට පත්වන අවස්ථාව වන විට සටන් විරාම ගිවිසුමක් අත්සන් කර තිබූ බවද මේ නිසා රට අර්බුදකාරී තත්වයකට පත්ව තිබූ බවද ජනාධිපතිවරයා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වූ අවස්ථාවේදී කීවේය. ‘‘මට මේ අභියෝගවලට මුහුණදීමට හැකියාවක් නැතැයි බොහෝ දෙනා විශ්වාස කළා. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදී රංචුවක් එක් අතකින් සිටියා. අනික් අතින් යුද්ධය කළ නොහැකි බවට මානසිකත්වය කඩා වැටී තිබූ හමුදාවක් තිබුණා. මේ තත්වය තුළදී මම ලොකුම සහන මල්ලත් අරගෙන වේදිකාවට ගොඩවුනා. ඒක හරියට අතුරේ යනවා වගේ ගමනක්.’’ ජනාධිපතිවරයා කීවේය.
තමන්ට මේ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබුණ බවද රාජපක්ෂ ජනාධිපතිවරයා සදහන් කළේය.
මෙම අභියෝග ජයගැනීමෙන් පසුව ඉදිරි දශකය රටේ සංවර්ධනය සදහා යොමුවිය යුතු බව හෙතෙම කීවේය. පසුගිය වසර හතරක කාලය පුරා ආරම්භ කළ සංවර්ධන වැඩකටයුතු ඉදිරියටම සිදුකරගෙන යා යුතු බවත් ඉදිරි දශකය සංවර්ධනයේ දශකය වන බවත් ජනාධිපති රාජපක්ෂ පැවසුවේය.
‘‘බත බුලතින් සරු අගහිග ඛමින් තොර ඉසුරුමත් රටක්, විනයගරුක නීතිගරුක සදාචාර සම්පන්න සමාජයක්, නිවාස විදුලිය සන්නිවේදන පහසුකම් සැමට සපිරි රටක්, දියුණු මාර්ග ඵද්ධතියක් හිමි රටක්, දිනූ දේශය යළි නොබෙදුන ඒකීය රටක්, බහුතර සම්මුතියෙන් ගොඩනැගෙන තිරසාර සාමයක්, ගහකොළ ෂතා සීපාවද සුරකින හරිත ශ‍්‍රී ලංකාවක්, තරුණ අපේක්ෂාවනට මුල්තැන දෙන සුභවාදී රටක්, අහස පොළව සයිබර් අවකාශයෙන් ජයගන්නා අනාගත පරපුරක්, පෙර අපරදිග ත්‍වදකම සමව රැුකගත් සුවසම්පන්න මිසින් රැුලක්, දේශීය සම්පතින් හා දැනුමෙන් විදේශයන් ජයගන්නා දේශීය ව්‍යවසායකත්වයක්, සාහිත්‍ය කලාවේ ප‍්‍රාසාංගික වේදිකාවේ ප‍්‍රබෝධයේ සුවිසල් යුගයක්, මිනිසුන් හැරයන රටක් වෙනුවට මිනිසුන් පැමිණෙන රටක් ’’ ආදී වශයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කරුණු පෙළගස්වා තිබුණේය.
තමන් පසුගිය සති අන්තයේදී උතුරු පළාතේ සංචාරයක නිරතවූ බවද ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සංවර්ධනය වන බවද ජනාධිපති රාජපක්ෂ සදහන් කළේය. හැකි ඉක්මනින් උතුරු පළාත සදහා පළාත් සභා මැතිවරණයක් පවත්වා එම පළාතේ ජනතාවට තමන්ගේ පරිපාලන කටයුතු කරගැනීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.
President Mahinda Rajapaksa launched his policy statement at the BMICH on the 11th. President Rajapaksa launching the new version of the Mahinda Chinthana said that steps would be taken to make Sri Lanka one of the strongest countries in the Asian region. He spoke of the challenges of facing the terrorism problem with a ceasefire agreement, armed forces that had lost their morale and providing relief to the people soon after assuming office in 2005. After defeating terrorism, the President said the next decade would be for developing the country. A vote for the betel leaf would ensure freedom for the country and people, he said.
By Sanjaya Nallaperuma
pix - Information Department
විශ්වාසයනීය හෙටක්- විපක්ෂයේ පොදු අපේක්කයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනතාවට
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා තමන්ගේ දේශපාලන ඉදිරිගමනේදී ගමන්කරන ගමන්මාර්ගය පහැදිළි කරමින් ප‍්‍රතිපත්ති දහයකින් සමන්විත ‘‘විශ්වාසනීය හෙටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹදී ජනවාරි 7 වැනිදා එළිදැක්වූයේය.
විපක්ෂයේ පොදු සන්ධානයට සම්බන්ධව සිටින විවිධ දේශපාලන පක්ෂවල අදහස් ලබාගෙන මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළේයැයි ෆොන්සේකා සදහන් කළේය. මේ පිළිබදව විවධ මත ඉදිරිපත්වූ නමත් සියලූදෙනාමට එකගවිය හැකි කාරණා මත මෙම ප‍්‍රතිපත්ති දහය සකස් කරගෙන ඇතැයි පොදු අපේක්ෂකයා සදහන් කළේය. මහජනතාමවට
‘‘මෙම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරීමට ජනතාවගේ සහාය අවශ්‍යයි.’’ ෆොන්සේකා කීවේය.
විපක්ෂයේ පොදු සන්ධානයට එක්ව සිටින දේශපාලන පක්ෂ නායකයින් සහභාගී වූ උත්සවයකදී මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වූ අතර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මුල් පිටපත ෆොන්සේකා විසින් භික්ෂූන් වහන්සේලාට හා අන්‍ය ආගමික පූජක වහන්සේලාට පිරිගන්වනු ලැබීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම, නාස්තිය දූෂනය අවම කිරීම, අත මිට සරුකරගැනීම සදහා හැම පවුලකටම උපකාර කිරීම, ජීව බර සැහැල්ලූ කිරීම, ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීම, සෞඛ්‍ය හා අධ්‍යාන ක‍්‍රමය නගාසිටුවීම, කාන්තා අයිතීන් සුරැකෙන ගෞරවනීය තත්වයක් ඇතිකිරීම, තරුණ පරපුරට රැුකියා ලබාදීම ,යුක්ති ගරුක හා විනයගරුක සමාජයකට අඩිතාලම දැමීම, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයනට ඇතුළත් වුනේය.
තමන් විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතාව හමුවේ ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් රට මුහුණදී තිබෙන ගැටලූ රාශියකට පිළිතුරු ලබාදීමට අවස්ථාව ලැබෙන බවද ෆොන්සේකා කීවේය. මෙය මැතිවරණයක් ආසන්නයේදී දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ආකාරයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් නොවන බවද හෙතෙමෙ කීවේය. මීට පෙර පැවති ජනාධිපතිවරණ වලදී විවිධ දේශපාලන පක්ෂ විසින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන රටට ඉදිරිපත් කර ඇතත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එවැනි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලින් වෙනස්වන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් වන්න්නේයැයි හෙතෙම කියයි.
‘‘මීට පෙර ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නැවත අපි අතට ගන්නේ ඒ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක නොවීම නිසා ආණ්ඩුවට බැණීමටයි. ඒත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරන්නේ ඡුන්ද ගනන් බලාගෙන නොවෙයි. රටත් ජනතාවත් ඉදිරියට යෑමට හැකි යෝජනා මාලාවක් තමයි අපි මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ.’’ විපක්ෂයේ පොදු සන්ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
මේ රටේ ප‍්‍රජතාතන්ත‍්‍රවාදය අහිමිවීමට ප‍්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය වන බැවින් ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් සකස් කිරීමට කටයුතු කරන බවද ෆොන්සේකා පැවසුවේය. ‘‘අප ඉදිරියේ පවතින ප‍්‍රධානම අභියෝගය වන්නේ ඒකාධිපති පාලනයකට පාර කපන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමය. ජනාධිපති ලෙස මා පත්වීමෙන් පසුව මා සිදුකරන ප‍්‍රථම කටයුත්ත වන්නේ ස්වාධීන කොමිශන් සභා යළි ස්ථාපිත කිරීමට හැකිවෙන පරදි 17 වන ව්‍යවස්ථා සංශෝධනය පණ ගැන්වීමයි.’’ ෆොන්සේකා විසින් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන් වෙයි.
තමන් ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව පවතින යෝධ කැබිනට් මණ්ඩලය විසුරවා හරින බවද ෆොන්සේකා කීවේය. භාරකාර රජයක් යටතේ ලංකාවේ පැවත්වන වඩාත්ම නිදහස් හා සාධාරණ මැතිවරණය පවත්වන බවද තොරතුරු දැනගැනීම හා හදිසි නීති රෙගුලාසි සංශෝධනය කිරිම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනා සංශෝධනය කිරිමට අවශ්‍ය නව පනත් මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දැක්වේ.
සති තුනක් ඇතුළත වංචා දූෂනය පිටු දැකීම සදහා වන නව නීති සම්පාදනය කිරිමටද විපක්ෂයේ පොදු අපේක්ෂකයා සූදානම් වෙයි. මේ වන විට ගොවි පවුල් සදහා ලබාදෙන සහනාධාර ගොවීන්ට ලබාදීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයාද පොරෝන්දුවී සිටී. යූරියා මිටියක් රුපියල් තුන්සිය පනහකටත් අනෙක් පොහොර සහනාධාර ලබාදීමට කටයුතු කරන බවද ෆොන්සේකා විසින් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන් වෙයි. ඒ අතරම ජීවන බර සැහැල්ලූ කිරිම සදහා ආහාර මිල පහත හෙළීමට කටයුතු කරන අතර ඉන්ධන මිල පහළ හෙලීමටද කටයුතු කිරිමට නියමතිය. එමෙන්ම ප‍්‍රවාහන වියදම් අවම කිිරීම සදහා කටයුතු කිරීමටද ෆොන්සේකා බලාපොරොත්තු වෙයි.
ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ක‍්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින සියලූදෙනා පිළිබදව පරීක්ෂණ කඩිනම් කර අධිකරණයට ඉරිපත් කිරිම පුනරුත්ථාපනය කිරිම හෝ නිදහස් කිරිම සිදුකරන බවටද ෆොන්සේකා ජනතාව හමුවේ පොරොන්දුවී තිබේ.
තරුණයින්ට රැකියා ලබාදීම සදහා යොවුන් අභියෝග ණමින් පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමටත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනතාව හමුවේ පොරොන්දුවී තිබේ. ගෞරවනීය පොලිස් සේවයක් ඇතිකිරීමට කටයුතු කරන බවද අවුරුදු විසි දෙකක සේවා කාලයෙන් පසුව විශ‍්‍රාම යාමට කැමැත්තක් දක්වන අයට සම්පූර්ණ විශ‍්‍රාම වැටුප් සහිතව විශ‍්‍රාම යාමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම කියයි.
අසල්වැසි රටවල ආරක්ෂක තත්වය පිළිබදව අවධානය යොමුකරමින් විසි එක්වැනි සියවසේ අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරයට ආරක්ෂක හමුදාවන් නවීකරණය කිරීමට කටයුතු කරන බවද විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකශයේ දැක්වේ.
‘‘මේ ප‍්‍රතිපත්ති මාලාව රටේ අනාගතය තීරණය කරාවි. මෙම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරීමට අපි දැඩි අධිෂ්ඨානයකින් පසුවනවා.’’ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හදුන්වාදෙන අවස්ථාවේදී ෆොන්සේකා කීවේය.
‘‘මෙය තවත් ලියවිල්ලක් පමණක් නොවෙයි. රටට විශ්වාසයක් ඇතිකරන ලියවිල්ලක්.’’ මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කීය. විවිධ දේශපාලන මත දරන පක්ෂවල එකතුවෙන් සකස් කර ඇති මෙවැනි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉතිහාසයේ කිසි දිනෙක ඉදිරිපත් නොකළ බවද හෙතෙම පැවසුවේය.
මෙවර පවත්වන මැතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බවද ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා කීවේය. ‘‘මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ජනාධිපති හා කැබිනට් මණ්ඩලය අතර පරතරයක් ඇතිකර තිබෙනවා. ඒ මගින් පාර්ලිමේන්තුවේ බලය ශූන්‍ය කර තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය විසින් පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කර තිබෙනවා.’’ හෙතෙම පැවසුවේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට වැඩි ආරක්ෂාවක් ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති අතර ෆොන්සේකාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නිර්දේශයට ඉදිරිපත් කර තිබුනේය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය අනුව ජනාධිපතිවරයා කටයුතු කර නැති බවද තමාගේ ආරක්ෂාව වැඩි නොකළ බවද සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිිරීම සදහා පැවති උත්සවය අවසන්වීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ ෆොන්සේකා කීවේය.
‘‘26 වැනිදාට දොරටු දෙකක් විවෘත කිරගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා යහ පාලනය ඇති කිරීම සදහා එක් දොරටුවක් විවර වෙනවා. අනික් දොරටුව වංචාව දූෂනය පිරුණු දොරටුවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විවර කරගැනීම සදහා වන දොරටුව විවර කරගැනීම සදහා අවශ්‍ය දැක්ම මේ යෝජානාමාලාව මගින් ඉදිරිපත් කර තිබෙනවා.’’ දිසානායක පැවසුවේය.
කොළඹ භික්ෂු විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන ලකුණු
නැවත වරක් කොළඹ නගරයේ ආරම්භ වූ භික්ෂූන් වහන්සේලාගේ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙන බවට වන ලකුණු පළ කරමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් කොළඹදී තවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේය.
දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කරන දඹර අමිල හිමියන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගින් කොළඹ නගරයේදී භික්ෂූන්ගේ උද්ඝෝෂණ නැවත වරක් ආරම්භ විය. එම උද්ඝෝෂණ හා සත්‍යග‍්‍රහ තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ තවත් එක් විරෝධතා පාගමනක් ජනවාරි 5 වැනිදා සවස පැවැත්වූ අතර එම පාගමන බොරැල්ල නගරයෙන් ආරම්භ විය. බොරැුල්ල නගරයෙන් ආරම්භ වූ පාගමන වෝඞ් පෙදෙසේ සිට ටවුන් හෝල් ඔස්සේ විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියේය. පාගමනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණි භික්ෂූන් වහන්සේල එය ඉදිරිපිට සත්‍යග‍්‍රයකද නිරත වූයේය.
දඹර අමිල හිමියන් අත්අඩංගුවටගැනීමට විරෝධය දැක්වීම සදහා තමන් මේ ආකාරයට එක්ව සිටින බවත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර මගින් ආණ්ඩුවේ මර්දනය මැනවින් ප‍්‍රදර්ශණය වන්නේයැයි විරෝධතා පාගමනට සහභාගීවී සිටි බඹරකන්දේ ඥාණසිරි හිමියෝ කීහ.
දඹර අමිල හිමියන් අත්අඩංගුව ගෙන ඇත්තේ දේශපාලන පලිගැනීමක් වශයෙන් වන බවත් මේ නිසා උන්වහන්සේ වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතුයැයි විරෝධතාවට එක්ව සිටි භික්ෂූන්වහන්සේලා රජයට බලකර සිටියහ. මීට පෙර පැවැති ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීම සදහා අමිල හිමියන් විශාල සේවයක් කළ බවත් උන් වහන්සේ විසින් ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම නිසා මේ ආකාරයට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අත්තනයාලේ සමිත හිමියෝ කීහ.
දඹර අමිල හිමියන් අත්අංගුවට ගැනීම මර්දනයේ මුල් අවස්ථාවක් වන බවද ඉදිරියේදී තවත් මර්දනකාරී පියවර දැකීමට හැකි වන බවද භික්ෂූන් වහන්සේලාගේ පාගමන සදහා එක්ව සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නාමල්ඔය ආනන්ද හිමියෝ කීය. ‘‘මේ පෙරහැරේ කස කාරයෝ යන වෙලාව. ඉදිරියේදී තවත් මර්දනකාරී පියවරන් දැකීමට හැකියි.’’
අමිල හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට රටේ යහ පාලනය ඇතිකිරීම සදහා ජනතාව ඒකරාශී වෙමින් සිටින්නේයැයි මෙම සත්‍යග‍්‍රහය සදහා එක්ව සිටි භික්ෂූන් වහන්සේලා අමතමින් ජාතික භික්ෂු පෙරමුණේ උපදේශක මහාචාර්ය අත්ංගල රතනපාල හිමියෝ පැවසූහ.
සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාට පැවරී තිබෙන වගකීමෙන් පිට කාර්යභාරයන්ට අමතරව මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවීම පිළිබදව නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරති. මෙම භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන්නක් බව සමහරු කියති.
‘‘හාමුදුරුවරුන් ආගමික වැඩ කටයුතු කරගෙන සිටිය යුතුයි. එහෙත් ඒ ආකාරයට ආගමික වැඩ කටයුතු සිදුකරගෙන සිටීමට අවශ්‍ය සාමකාමී වාතාවරණයක් නොමැති නිසා මේ ආකාරයට භික්ෂූන් වහන්සේලාට විරෝධතා ව්‍යාපාරයන්හි නිරතවීමට සිදුව තිබෙනවා.’’ ඥාණසිරි හිමියෝ සදහන් කළහ.
එහෙත් දේශපාලන පලිගැනීමක් වශයෙන් අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පවසයි. පොලීසිය වෙත ලැබුණු පැමිණිළි මත උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.
කොළඹින් මතුවන භික්ෂු විරෝධතා
නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් විරෝධතා දැක්වීමට භික්ෂුන් වහනේසේලා කොළඹට පැමිණීම කාලයකින් දකින්නට නොලැබුණ නමුත් නැවත වරක් කොළඹ නගරයේ භික්ෂූන් වහන්සේලාගේ විරෝධතාවයන් ආරම්භවී තිබේ. ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් නාම යෝජනා භාරදීමෙන් පසුව කොළඹ නගරයේ භික්ෂුන්ගේ උද්ඝෝෂණ හා ෂත‍්‍රග‍්‍රහ වේගයෙන් ව්‍යාප්තවූයේය.
මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන භික්ෂූන්වහන්සේලාගේ සත්‍යග‍්‍රහ සියල්ලම සංවිධානය වී තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමිනි. එක් භික්ෂු කණ්ඩායමක් ජනාධිපතිවරණය ඉදිරිපත්ව සිටින වත්මන් ජානාධිපති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින අතර තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව සිටින සරත් ෆොන්සේකාට සහාය දැක්වීම සදහා ඉදිරිපත්ව සිටී.
මැතිවරණ වේදිකාවේ හා ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් සිදුකරන ප‍්‍රකාශන් පිළිබදව ප‍්‍රතිචාර දැක්වීම සදහා ජනාධිපතිවරයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා කොළඹට රැස්ව සිටින අතර විපක්ෂයේ පෙදු අපේක්ෂකයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීමට විරෝධය දැක්වීම සදහා ෆොන්සේකාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව සිටිති.
වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් ශ‍්‍රී ලාංකීය භික්ෂු එකමුතුව විසින් දෙසැම්බර් 28 වැනිදා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් විහාරමහා දේවී උද්‍යානයේදී පැවැත්වුනේය. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිටි පැමිණි භික්ෂූන් වහන්සේලා මේ සදහා සහභාගී වී සිටි අතර විහාරමහා දේවී උද්‍යානය අසල සිට බුදුන් වැදීමෙන් අනතුරුව සත්‍යග‍්‍රය ආරම්භ කළේය. ‘‘දිවි හිමියෙන් මව්බිම සුරකිමු විජයග‍්‍රහණය ඉවසාගත නොහැකි ජාත්‍යන්තර බලවේග මගින් ලංකාවට සිදුකරන අනවශ්‍ය ඇගිලි ගැසීම් වහාම නවතනු’’ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබුනේය.
‘‘විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් (සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට) ප‍්‍රකාශයක් කර තිබෙනවා. මේ ප‍්‍රකාශය මගින් රටට හානියක් සිදුව තිබෙනවා. මේ සදහා විරෝධතාවය දැක්වීම සදහා භික්ෂූන් වහන්සේලා පා ගමනනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියා.’’ මෙම සත්‍යග‍්‍රහයට සම්බන්ධවූ දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිටුපස විජාතික කුමන්ත‍්‍රණකරුවන් සිටින බවත් යුද්ධය ජයග‍්‍රහණය කළ නායකයා වන වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම යුතුකමක් වන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
විහාරමහා දේවී උද්‍යානය අසලට රැුස්වූ භික්ෂූන් වහන්සේලා වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට කතිකා කරගත් බවද ඒ හිමියෝ කීහ. මේ අවස්ථාවට සහභාගීවී සිටි ලංකාවේ විවිධ පළාත්වල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ප‍්‍රදේශ වෙත ගොස් පන්සල් මට්ටමින් විපක්ෂයේ පොදු අපේකෂකයා විසින් සිදුකර තිබෙන ප‍්‍රකාශය පිළිබදව දැනුවත් කිරිමට කටයුතු කරන බවද නාලක හිමියෝ කීහ. විදේශ රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන විවිධ දේශපාලන අතපෙවීම් පිළිබදව වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සත්‍යග‍්‍රහ පවත්වන භික්ෂූන් වහන්සේලා අවධානය යොමුකර තිබුනේය. ඒ අනුව ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවතන ලෙස මෙම භික්ෂූන් වහන්සේලා එක්සත් ජාතීන්ගේ සංවිධානයනේ ඉල්ලා සිටියේය.
‘‘ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවත්වන ලෙස ඉල්ලාසිටිමින් අපේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත සංදේශයක්ද භාරදුන්නා.’’ නාලක හිමියෝ ්පැවසවූහ.
ආණ්ඩුවට සහාය දක්වන භික්ෂූන්වහන්සේලා විහාරමහා දේවී උද්‍යානය අසල සත්‍යග‍්‍රහ පවත්වන අවස්ථාව වන විට ආණ්ඩුවට විරෝධය දක්වන භික්ෂූන් වහන්සේලා කොටුව බෝධිය අසලට වී සත්‍යග‍්‍රහ පැවැත්වූහ. එම භික්ෂුන් වහන්සේලා ආණ්ඩුව විසින් කරන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රීයාමාර්ගයන්ට විරෝධය දක්වා තිබුණි. උන්වහන්සේලා සත්‍යග‍්‍රහයක පැවැත්වීමට ප‍්‍රභලම හේතුව වී තිබුනේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් නිදහස් කරන ලෙස බලකිරීම සදහාය.
‘‘ඉතාමත් පහත් වෛරී හා කෘහක ආකාරයෙන් දේශපාලන ගනුදෙනු බේරානොගන්නා ලෙස රජයට දැනුවත් කිරීම සදහා භික්ෂූන් වහන්සේලා හා තවත් ගිහි පිරිස් කොටුව බෝධීය අසලට රැස්වී ෂත්‍යග‍්‍රහයක නිරතවුනා.’’ ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පූජ්‍ය පූජිත හිමියෝ පැවසූහ.
වත්මන් ජනාධීපතිවරයා ජයග‍්‍රහණය කිරීම සදහා ගමින් ගම නගරයෙන් නගරය වෙත ගොස් ජනාධිපති රාජපක්ෂට හිමි නැති ජයක් ලබාදුන් හිමිනමකට සලකන ආකාරය ඉතාමත් පහත්යැයි උන් වහන්සේ පැවසූහ. ජනාධිපති රාජපක්ෂ අනුගමනය කර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන පවුල් වාදය අනුමත නොකළ නිසා රජය විසින් අමිල හිමියන්ට විරුද්ධව පියවර සොයමින් සිටින්නේයැයි පූජිත හිමියෝ කීහ.
මුදල් වංචාවක් පිිළිබදව චෝදනා මත රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින අමිල හිමියන් හොරණ මහේස‍්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 29 වැනිදා ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේදී අමිල හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අධිකරණය උන්වහස්සේ ජනවාරි මස අට වැනිදා දක්ව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. අමිල හිමියන් අධිකරණයට ඉරිපත් කරන අවස්ථාවේදී බණ්ඩාරගම නගරයේදී තවත් උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබුනේය. ඒ උන් වහන්සේට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සදහාය. මෙම උද්ඝෝෂණයට ආණ්ඩු පක්ෂයේ ආධාර කරුවන් විසින් පහරදුන්නේයැයි පූජිත හිමියෝ කීවේය.
‘‘මෙයින්ම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ගමන් මාර්ගය පැහැදිළිව පෙනෙනවා.’’ උන්වහන්සේ පැවසූහ.
දඹර අමිල හිමියන් සිරගත කළත් වර්තමානයේ ක‍්‍රියාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන් මාර්ගයට එරෙහිව හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සදහා තවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියට පැමිණෙන්නේයැයි පූජිත හිමි කීහ.
‘‘මෙම අත්අඩංගුවට ගැනීම හරහා රාජපක්ෂලා ගෙනයන නීති විරෝධී පාලනය අවසන් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම තවත් වේගවත් කළා. එය තවත් ශක්තිමත් කළා.’’ පූජිත හිමියෝ සදහන් කළහ.
Protests organized by bhikkus in Colombo have increased with the Presidential election campaigning. While some bhikkus had organized a sathyagraha in support of President Mahinda Rajapaksa, another group of bhikkus had gathered to support the opposition common candidate General Sarath Fonseka. The bhikkus in support of the President gathered at the Viharamahadevi Park to protest against a comment made by General Fonseka. The other group of bhikkus gathered opposite the Pettah Bo tree against the anti-democratic actions of the government they claim resulted in the arrest of National Bhikku Front Leader, Ven. Dambara Amila Thero.
කුරුදු වගාව රකින්නැයි දෙවොල් දෙවොල් දෙවියන්ගෙන් ඉල්ලීමක්
Cinnamon growers offer prayers
සුනාමියට වසර පහක් පිරුණු දෙසැම්බර් 26 වැනිදා උදෑසන කාලයේ හික්කඩුව නගරයෙන් පෙරහැරක් පිටත්වූයේය. හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා මෙම පෙරහැර පැමිණෙමින් තිබුනේය.අලි ඇතුන් හා නැටුම් කණ්ඩායම් සහභාගී වී සිටි නමුත් මේ පෙරහැර වෙනත් පෙරහැරවලින් වෙනස් කමක් ගෙන තිබුනේය. සාමාන්‍ය පෙරහැරක දැකිය හැකි අංග අතරතට අලූත් විශේෂාංග එක්ව තිබුනේය.
සාමාන්‍ය පෙරහැරක ගමන්ගන්නා හස්තිරාජයා පිට ධාතු කරඩුවක් වඩම්මන නමුත් මෙම පෙරහැරේ ගමන්කළ හස්තිරාජයා පිට වූයේ ධාතු කරඩුවක් නොවේ. වෙනත් පෙරහැරවල්වල ඇතා පිට නිලමේවරුන් ගමන්කරන නමුත් මේ පෙරහැරේ නිලමේවරුන් සිටියේ නැත. මේ වෙනුවට හස්තිරාජයා පිට ගමන්කළේ කුරුදු වගාකරුවෙකි. හස්තිරාජයා පිට ධාතු කරඩුවක් ගෙනයනවා වෙනුවට ගෙනගියේ කුරුදු මිටියකි. කත්වලින් කුරුදු රැුගත් කුරුදු වගාකරුව්න්ද පෙරහැරට එක්ව සිටියේය.
පෙරහැරකින් සීනිගම දේවාලය වෙත රැුගෙන ආ කුරුදු දෙවොල් දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සදහා දේව යාගයක්ද දේවාල භූමියේ පැවැත්වූනේය. ඒ සදහා දෙවියන් වෙනුවෙන් පහන් පැළක් ඉදිකර තිබූ අතර දේවාලයේ කපු මහතෙක් විසින් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කුරුදු වගාව ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය. කුරුදු වගාකරුවන් එම දේවයාගයට සහභාගී වූයේ මහත් බැතියෙන් යුතුවය.
හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා ගමන්කළ පෙරහැර වාර්ශිකව සංවිධානය වන නමුත් මේ පෙරහැරට වැඩි ඉතිහාසයක් නැත. පෙරහැර ආරම්භවීමට හේතුවී ඇත්තේ ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවිත පමණක් නොව ආර්ථිකයද බිළිගත් සුනාමියයි. 2004 වසරේ පැමිණි සුනාමි දළ රළ පහරින් දකුණු පළාතේ කුරුදු වගාවට හානිසිදුවීමෙන් පසුව සීනිගම දේවාලයට පැමිණෙන කුරුදු පෙරහැර ආරම්භවී තිබේ.
‘‘සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමෙන් පසුව 2006 වසරේ සිට මෙම පෙරහැර පවත්වනවා.’’ සීනිගම දේවාලයේ කුරුදු පෙරහැර ආරම්භ කිරීමට මූලිකවී කටයුතු කළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජානක ලිංතොට කීවේය.
‘‘2004 වසරේදී සුනාමියෙන් අපේ කුරුදු වගාවට හානි වුනා. නැවත ඒ වගාව ආරම්භ කිරීමෙන් පසුව එහි පළමු කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන්කළා. දෙවියන්ට වෙන්කළ කොටස පූජා කිරීම සදහා නැවුම් කුරුදු මංගල්‍ය ආරම්භ කළා.’’ නැවුම් කුරුදු මංගල්‍යයට එක්ව සිටි කුරුදු වගාකරුවෙක් වන ගීතාල් විජේරත්න කීවේය.
මේ වසරේ නැවුම් කරුදු මංගල්‍ය සුනාමි පස්වන සැමරුම් දිනයේ පැවැත්වුන නමුත් එය සුනාමි සැමරුම් දිනයේදීම පවත්වන්නේ නැතැයි ලිංතොට සදහන් කළේය. ‘‘අවුරුද්දේ අවසාන සෙනසුරාදා දිනයේ තමයි දෙවොල් දෙවියන් වෙනුවෙන් පවත්වන නැවුම් කුරුදු මංගල්‍ය පවත්වන්නේ.’’
‘‘අපි හැම අවුරුද්දකම වගාවේ මුල් කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කරනවා. දෙවොල් දෙවියන්ට මුල්ම අස්වැන්න පූජාකිරීමෙන් අපි බලාපොරොත්තුවන්නේ කුරුදු වගාවට දෙවියන්ගේ අශිර්වාදය ලබාගැනීමයි. දෙවියන්ට අස්වැන්නේ මුල් කොටස පූජාකළ විට අපේ වගාවට ආරක්ෂාවක් ලැබෙතැයි අපි විශ්වාස කරනවා.’’ ඉමදුව ප‍්‍රදේශයේ කුරුදු වගාකරුවෙක් වන පේ‍්‍රමසිරි මායකඩුව කීවේය.
අවුරුද්දේ කුමක කාලයේ තමන්ගේ කුරුදු වගාවේ අස්වැන්න ලබාගත්තත් එහි මුල් කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන් කිරීමට කිසි විටෙක අමතක නොකරන්නේයැයි කළුපේ එකමුතු රන් දෙරණ කුරුදු වගාකරුවන්ගේ සමිතියේ සභාපති බුද්ධදාස රණදේව කීවේය.
දකුණු පළාතේ පමණක් කුරුදු අක්කර දෙසීය පනහක් පමණ සුනාමියෙන් විනාශවී තිබුනේයැයි හෙතෙම පැවසුවේය. මේ නිසා පවුල් පන්සියයක් පමණ පීඩාවට පත්වූයේයැයිද ලිංතොට සදහන් කළේය. ‘‘සුනාමියෙන් කුරුදු වගාව විනාශවීම නිසා කුරුදු වගාකරුවන් මෙන්ම කුරුදු වගාව ආශී‍්‍රතව තම ජීවනෝපාය පවත්වාගෙන පුද්ගලයින්ට රැකියා අහිමිවීම නිසා ඔවුන් පීඩාවට පත්වුනා.’’ ලිංතොට කීවේය.
සුනාමියෙන් දකුණු පළාතේ කුරුදු වගාව විනාශවීම නිසා 2005 වසරේදී පමණක් රුපියල් මිලියන හතළිහක ආදායමක් රටට අහිමිවුනේයැයි ලිංතොට කීය.
සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත අරම්භ කිරීම සදහා ස්පාඤ්ඤ රතුකුරුස සමාජය හා ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය සහාය දක්වා තිබුනේයැයි හෙතෙම කීවේය.
සුනාමියෙන් විනාශවූ දකුණ පළාතේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාදුන්නේයැයි ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ වැඩසටහන් නිලධාරී නිමල් සිල්වා කීවේය. මේ යටතේ කුරුදු ගොවීන් 387 දෙනෙකුගේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමට හා හානිවූ වගාවන් නැවත ආරම්භ කිරීම සදහා ආධාර ලබාදුන් බවද හෙතෙම කීවේය.
සුනාමියෙන් විනාශවූ කුරුදු වගාකරුවන් නැවුම් කුරුදු මංගල්‍යයට මුලදී සහභාගී වූ නමුත් මේ වන විට දකුණු පළාතේම කුරුදු වගාකරුවන් මේ සදහා සහභාගී වෙයි. දකුණු පළාතේ කුරුදු වගාව ව්‍යාප්තව ඇති හික්කඩුව අම්බලන්ගොඩ වැනි මුහුදුබඩ ප‍්‍රදේශවල සිට මෙන්ම ඉමදුව වැනි මුදුහුබඩ ප‍්‍රදේශයෙන් ඇතුළට වන්නට පිහිටි ප‍්‍රදේශවල සිටින පුද්ගලයෝද මේවන විට සහභාගීවෙයි.
නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දේවාශීර්වාදය ලැබෙන ආකාරයටම ලංකාවේ කුරුදු වගාව පිළිබදව ලංකාවට පැමිණෙන සංචාරකයින් දැනුවත් කිරිම හැකියාව ලැබී තිබන බවද ලිංතොට කීය. හික්කඩුව සංචාරක පුරවරයෙන් මෙම පෙරහැර ආරම්භ කරන්නේ ඒ නිසාවෙන් බවද ඔහු කීවේය.
‘‘ලංකාවේ කුරුදු ලෝකයේ හොදම තත්වයේ කුරුදු අතර නමක් දිනාගෙන තිබෙනවා. මේ නිසා හික්කඩුවේ මේ පෙරහැර ආරම්භ කිරීම මගින් සංචාරකයින්ට ලංකාවේ කුරුදු පිළිබදව දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා.’’ ලිංතොට කීවේය.
නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දකුණු පළාතේ කුරුදු වගාකරුවන් අතර සුහදතාවය පවත්වාගැනීමට හැකියාව ලැබී තිබෙන බවද කුරුදු වගාකරුවෝ පවසති.
‘‘ගාදු දිසාව පුරා විහිදී සිටින කුරුදු වගාකරුවන් අතර එකමුතුකමක් ඇතිකිරීම සදහා මේ මංගල්‍ය හේතුවී තිබෙනවා.’’ විජේරත්න සදහන් කළේය.
ඉදිරියේදී නැවුම් කුරුදු මංගල්‍ය රාජ්‍ය උත්සවයක් බවට පත්කිරීමට කටයුතු කරන බවද නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වෙන් අවස්ථාවේදී කුරුදු වගාකරුවන් අමතමින් අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.
Cinnamon growers organized a procession complete with elephants from Hikkaduwa to Seenigama on December 26 to offer prayers to the Gods. A cinnamon grower carried a bunch of cinnamon on an elephant to offer to the Gods at the Seenigama devala. The procession has been organized annually since 2006 after the 2004 tsunami that affected the lives and economy of the Southern people. At the ceremony cinnamon growers offer alms and call on the Gods to protect them and their crops till the next ceremony. However, the ceremony has also brought together cinnamon growers in many Southern areas.
සුනාමියෙන් වසර පහකට පසුව
Five Years on, the horros relived
‘‘මගේ දරුවාට මේ කපේදී අකල් මරණයක් සිදු නොවේවා…….මතු ආත්මයේදීත් මගේ දරුවා මටම ලැබේවා……..’’ හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසලට දෙසැම්බර් 26 වැනිදා පැමිණි ගංගේ පියසීලි මල් පහන් පත්තුකරමින් ඇයද සිටියාය. දෙසැම්බර් 26 වැනිදා උදෑසන වන විට පියසීලි මෙන්ම තවත් සිය ගණනක් පැරෑලිය සුනාමි ස්මාරකය වෙත පැමිණ සිටියෝය. ඔවුන් සියලූදෙනාගේම මුවින් නික්මුනේ නැවතත් මෙවන් විපතක් සිදුනොවේවායි යන ප‍්‍රාර්ථනයයි.
ලංකාවට සුනාමියෙන් සිදුවූ විනාශය ලොවට කියාපාමින් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් දළ රළ පෙළ විසින් බිළිගත් සුනාමි දුම්රිය අනතුර සිදුවූ පැරෑලියේ සුනාමි ස්මාරකය අසලට මෙතරම් පිරිසක් එක්ව සිටියේ සුනාමිය පැමිණ වසර පහක් ගතවන නිසාවෙන්ය. සුනාමියෙන් මිය ගිය තමන්ගේ පවුල්වල සාමාජිකයින් සිහිපත් කිරීම සදහා මොවුහු මේ ආකාරටය සුනාමි ස්මාරකය අසලට පැමිණ සිටියහ.
දෙසැම්බර් 26 වැනිදා උදෑසන නමයයි විසිපහ පමණ වන විට පැරෑලිය සුනාමි ස්මාරකට අසල සිටි සියලූදෙනා මෙන්ම පාරේ ගමන්කළ වාහන නවතා තිබුනේය. ඒ සුනාමියෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සදහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සදහාය. ඉන් පසුව සුනාමි ස්මාරකය වෙත පැමිණි රැස්ව සිටියෝ ස්මාරකය අසල මල් තැබුවේ සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කිරීම සදහාය.
සුනාමියෙන් වසර පහක් ගතවන අවස්ථාව සැමරීම සදහා රට පුරා විවිධ සැමරුම් උත්සව පැවැත්වෙන විට පැරෑලියේ පැවති උත්සවටය රජයේ විවිධ අමාත්‍යරුන් සහභාගී වී සිටියේය. මේ අතරට ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා වන යෝශිත රාජපක්ෂද පැමිණ සිටි අතර ඔහු සුනාමි ස්මාරකය වෙත මල් කළඔක් තැම්පත් කර සුනාමියෙන් මිය ගියවුන් සිහිපත් කළේය.
සුනාමි ස්මාරකය වෙත මල් පූජා කිරීම සදහා පැමිණ සිටි පියසීලි මෙන්ම තවත් දුසිම් ගණනක් වන සුනාමියෙන් මිය ගිය පුද්ගලියන්ගේ ඥාතීන් අතර ඇස් අග කදුළු බිදක් නොරැුදි අයෙක් සොයාගැනීම කළුනික සොයන්නාක් වැනි දෙයක් විය. වසර පහක් ගතවී ඇති නමුත් මෙතැනට පැමිණි සියලූදෙනාටම සුනාමියේ අදුරු මතක තමන්ගේ මතකයෙන් බැහැරකිරීම දුෂ්කර කාරණයක් බවට පත්ව තිබුනේය.
‘‘මිනිස්සුන්ට හැම දේම ඉක්මනට අමතක වෙනවා. ඒත් අපිට සුනාමියෙන් සිදුවූ විනාශය අමතක වෙන්නේ නැහැ. රටට අවශ්‍ය ජීවිත තමයි මේ නැතිවෙලා තියෙන්නේ.’’ කොළඹ සිට මාතර බලා ගමන්කරමින් තිබූ සුනාමි දුම්රියේදී මිය ගිය තමන්ගේ ඥාතීන් සිහිපත් කිරීම සදහා පානදුරේ සිට පැමිණ සිටි චම්පිකා පෙරේරා කීවාය.
මුහුදේ සිට වේගයෙන් පැමිණි රළ පහර දුම්රියේ පෙට්ටි කණපිට හරවමින් ගලා යද්දී දුම්රියේ සිටි එක්දහස් පන්සියයකට වැඩි දෙනා මුහුදු රකුසාට බිළිවූයේය. මුහුදු රකුසා විසින් බිළිගත්තේ නිකම්ම නිකන් මිනිස් ජීවිත නොවේ. රකුසු වෙසින් පැමිණි ජල පහර විසින් දරුවන්ට දෙමාපියන් අහිමිකර තිබුනේය. සැමියන්ට බිරිද මෙන්ම බිරිදට සැමියා අහිමිකළේය. මීට වසර පහකට පෙර තමන්ගේ බිරිද මුහුද විසින් බිළිගත් ස්ථානයට චන්ද්‍රසිරි ලියනගේ පැමිණ තිබුනේ සිය දියණියත් සමගින්ය.
පොළොන්නරුවේ පදිංචි ඥාතියෙකුගේ නිවසට ගොස් ආපසු දුම්රියෙන් පැමිණෙමින් සිටියදී ලියනගේ සහ ඔහුගේ බිරිද මෙන්ම අවුරුදු දෙකක් වයසැති ඔවුන්ගේ දියණියද සුනාමි රළට හසුවුනෝය. මෙයින් ලියනගේ හා දියණිය දිවි බේරාගත් නමුත් ඔහුගේ බිරිදට එම වාසනාව අහිමිවී ගියේය. මේ සමගින් ලියනගේ හා දෙහැවිරිදි ඔහුගේ දියණිය මෙලොව තනිවිය. සුනාමියට වසර පහක් සපිරෙන අවස්ථාව වන විට ලියනගේගේ දියණිය ගාල්ල නගරයේ පිහිටි බාලිකා විදුහලක දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටී. එහෙත් ඇයට තමන්ගේ මව පිළිබදව වන මතකය අමතක කිරීමට හැකියාවක් ලැබී නොමැත්තේය.
‘‘දුවට අම්මා මතකයි. අම්මා ගැන දුව තවමත් මතක් කරනවා.’’ සිය දියණිය සමග සුනාමි ස්මාරකය වෙත මල් තැම්පත් කිරිමෙන් පසුව ලියනගේ කීවේය.
දරුවන්ට දෙමාපියන් අහිමිකළ සුනාමිය දෙමාපියන්ට දරුවන්ද අහිමිකර තිබුණි. සුනාමියට වසර පහක් ගතවන අවස්ථාව වන විට පවා සුනාමියෙන් තම දියණිය අහිමිවීමේ දුක අමතක කිරීමට පියසීලිට හැකියාවක් ලැබී නැත. මොරටුවේ පුස්තකාලයක සේවය කරමින් සිටි පියසීලිගේ දියණිය වන ප‍්‍රියන්ති මල්ලිකා සුනාමියට හසුව තිබුනේ පැරෑලියේ පිහිටි තමන්ගේ නිවසේ සිිටියදීය. නිවෙසේ සිටි හත්දෙනෙක්ම සුනාමියෙන් දිවි ගලවාගැනීමට හැකියාව ලැබුණත් මල්ලිකාගේ ජීවිතය රළ පහර විසින් නතර කරනු ලැබීය.
‘‘අවුරුදු හැත්තෑතුනක් වයස මල්ලිකාගේ තාත්තත් සුනාමියෙන් ජීවතිය බේරාගත්තා. ඒත් මගේ දූට ජීවිතය බේරාගන්න බැරිවුනානේ…..’’ දෑසට නැගුණ කදුළු පිසදාගනිමින් පියසීලි කීවාය.
කුඩා කල සිට දුක් මහන්සිවී අධ්‍යාපනය ලබාදී ලොකු මහත් කළ තමන්ගේ දියණියගේ වියෝව තමන්ට අද මෙන් දැනෙන්නේයැයි පියසීලි කියන්නීය.
‘‘මගේ දූට පොඩි කාලේ ගොඩක් ලෙඩ තිබුණා. ඉස්පිරිතාල ගානේ ගිහින් බොහොම අමාරුවෙන් තමයි ලෙඩ හොදකරගත්තේ. යමක් කමක් කරන්න පුළුවන් කාලයේ දූ නැතිවුන එක දරාගන්න බැහැ. පුදුම පාඩුවක් තමයි මට වුනේ……..’’දියණියගේ වියෝවෙන් නැගෙන ඉකි බිදුම් මැද පියසීලි පැවසුවාය.
දෙසැම්බර් 26 වැනිදා කොළඹ දෙස සිට හික්කඩුව දෙසට පැමිණෙන අයෙක්ට දකින්න තිබුනේ සුනාමි ස්මාරකට අසල දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා ඇති අයුරුය. සුනාමි පස් වස් සැමරුම් උළෙල සදහා පැමිනෙන ප‍්‍රභූවරුන්ගේ ආරක්ෂාවට පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා තිබියදී තවත් පිරිසක් සුනාමි ස්මාරකයට මීටර කීපයක් ඈතින් වන්නට තිබූ ස්ථානයක වැවී තිබූ වල් පැළෑටි ගලවන්නට විය. වල් පැළ ගලවා පස් කන්දක් ආකාරයට සකස්කළ ඔවුන් ඒ මත පහන් දල්වන්නට විය. කිසිවෙකුගේ අවධානයට ලක්නොවී තිබෙන මෙතැන සුද්ධ කර තිබුනේ සුනාමිට හසුවූ දුම්රියේ සිට මිය ගිය එක්දහස් පන්සියයට අධික පිරිසකගෙන් බොහෝ දෙනෙක් මිහිදන් කර තිබූ සමූහ මිනී වල පිහිටා තිබුනේ මෙතැනය.
සුනාමි දුම්රියේ සිට මියගොස් සිටියදී හදුනාගත හැකි මළ සිරුරු වෙන් වෙන් ස්ථානවල මිහිදන් කර තිබුණත් හදුනාගත නොහැකිවී තිබූ මළ සිරුරු සියලල්ම මෙම සමූහ මිනී වලේ මිහිදන් කර තිබුනේය. පානදුරේ සිට පැමිණෙන චම්පිකා පෙරේරා සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා පැරෑලියට පැමිණෙන්නේ සුනාමියෙන් මිය ගිය සිය ඥාතීන් සිහිපත් කිරීම සදහාය. ඇගේ මල්ලීගේ බිරිද වන සුමුදු ලක්මාලි හා ලක්මාලිගේ මව සුනාමියට හසුව මියගොස් තිබුණාය.
දුම්රියේ සිටියදී මියගිය ලක්මාලි දුම්රිය පෙට්ටි වෙත ජලය ගලා එද්දී දන්නා කියන සියලූදෙනාමට දුරකතන ඇමතුම් ලබාදෙමින් සිදුවන දේ පිළිබදව දැනුවත් කර තිබුණාය. ‘‘නංගී මට තමයි අන්තිමට කෝල් එකක් අරගෙන තිබුනේ. මට කතා කර කර ඉන්නකොට තමයි එයා වතුරට ගහගෙන ගිහින් තිබුනේ.’’ කදුළු රැදි දෙනෙතින් පෙරේරා කීවාය.
චමිපිකා පෙරේරාගේ සොහොයුරා විසින් සමූහ මිනී වලේ මිහිදන් කිරීමට නියමිතව තිබූ ඔහුගේ බිරිදගේ සිරුර හදුනාගෙන තිබුණි. ඒ වන විට ඇගේ ඇය පැළද සිටි රන් ආභරණ එකක් හෝ ඇය සතුව නොතිබුනේයැයි චම්පිකා පෙරේරා කීවාය. මියගිය සුමුදු ලක්මාලිගේ දේහය තමාගේ සොහොයුරා විසින් අත් දෙකට ගෙන දරාගත නොහැකි ශෝකයෙන් මිහිදන් කර තිබුනේය. තමන්ගේ බිරිද මිය යාම අදටත් අමතක කළ නොහැකි නිසා සිය සොහොයුරා සුනාමියෙන් පසුව පැරෑලියට පැමිණෙන්නේ නැතැයි චම්පිකා පෙරේරා සදහන් කළාය. ‘‘එදා අපිට දැනුණ වේදනාව අද මෙතැනට ඇවිත් තියෙන කාටවත් දැනෙන්නේ නැහැ.’’වසර පහක් ගතවන සුනාමිය සිහිකිරීමට පැමිණ සිටියවුන් දෙස බලමින් චම්පිකා පෙරේරා කීවාය.
සුනාමියෙන් සුමුදු ලක්මාලි මිය යන විට ඇගේ විවාහ දිවියට ගතවී තිබුනේ එක් මාසයක කාලයක් පමණි. ‘‘මේ අය ජීවිතය පිළිබදව කොතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇතිද? ඒ බලාපොරොත්තු සේරම දැන් බොදවෙලා ගිහින් තියෙන්නේ.’’ චම්පිකා පෙරේරා කීවාය.
මොවුන් සමග දුම්රියේ ගමන්කරමින් සිට පැය ගණනක් තිස්සේ ජීවතයත් මරණයත් අතර දැඩි සටනක් කර නැවත මෙලොව ජීවත්වීමට වාසනාව ලද චම්පිකා පෙරේරාගේ මවද සුනාමි සැමරුම් අවස්ථාවට සහභාගී වී සිටියාය.
‘‘මම මිනී හතරක් යට ඉදලා පැ?ලිය පන්සලේ හාමුදරුවෝ තමයි හොයාගෙන තිබුනේ. මගේ ඇගිල්ලක් හෙළවෙනවා දැකලා හාමුදරුවෝ මම පන්සලට අරගෙන ගිහින් තිබුණා.’’ චම්පිකා පෙරේරාගේ මව වන දයාවතී පෙරේරා කීවාය.
හැකි සෑම අවස්ථාවකම පැරෑලියට පැමිණ තමන්ගේ ජීවිතය බේරාගත් හාමුදුරුවන් හමුවී පිරිකර පූජාකරන බව ඇය සදහන් කළාය. තමන් සමග ගමන්කරමින් සිටියදී මෙලොවින් සමුගත් තමන්ගේ ලේලිය අදටත් තමන් සමග සිටින බවක් දැනෙන්නේයැයි ඇය කියන්නීය. මේ නිසා මාසයකට වරක් හෝ පැමිණ තමන්ගේ ලේලිය මිහිදන් කර තිබෙන තැන ශුද්ධ පවිත‍්‍ර කර යන්නේයැයි ඇය කීවාය.
‘‘ඒ දරුවාගේ උපන්දිනය දවසට විවාහ වුන දවසට අපි මෙතැනට ඇවිත් සිහිපත් කරලා යනවා.’’දයාවතී පෙරේරා කීවාය.
A large number of people gathered at the Peraliya tsunami memorial on December 26 to pay respect to the thousands of lives lost on that fateful day. At 9.25 a.m., everyone gathered in opposite the Peraliya tsunami memorial and those traveling on the road stopped all activities to observe two minutes silence for those who perished in the tsunami tragedy. Relatives and loved ones of those who lost their lives in the Peraliya tsunami train observe that although people forget easily, the horrors of the tsunami would not be forgotten by them.
ජනාධිපතිවරණයේ පළමු වෙඩි මුරය
Nominations close for Presidential Polls
ඉදිරි වසර හයේ ලංකාවේ ජනාධිපතිවරයා තොරාපත්කරගැනීම සදහා ජනවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා තරගකරන අපේක්ෂකයින් විසි තුන්දෙනෙක් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිහානායක ඉදිරියේ සිය නාමයෝජනා දෙසැම්බර් 17 වැනිද උදෑසන භාරදුනේය. ඊට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ඇතුළත් විය. මෙම නාමයොජනා අතරින් එක් අයෙකුගේ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප විය. ඒ අනුව ජනවාරි මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීම සදහා අපේක්ෂකියින් විසි දෙදෙනෙක් තරග බිමට අවතිර්ණ වී සිටී.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත්වන හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සරත් ෆොන්සේකා උදෑසන හතට පමණ නාම යෝජනා භාරදීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලටය පැමිණ සිටි අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ උදෑසන දහයට පමණ දැඩි ආරක්ෂක විධි විධාන සහිතව වාහනයේ සිටම සිය ආධාරකරුවන්ට ආචාර කරමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියේය.
ත‍්‍රීවිලය මැතිවරණ ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ක්‍යසූරිය සිය ආධාරකරුවන් සමග ත‍්‍රීරෝද රථයක නැගී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණියේය. මේ අතරට‍්‍රැක්ටරය මැතිවරණ ලකුණ යටතේ තරග කරන ජනසෙත පෙරමුණේ ජනාධිපතිවරණ අපෙක්ෂකයා වන බත්තරමුල්ලේ සීලරතන හිමි ට‍්‍රැක්ටරයක නැගී නාමයෝජනා භාරදීමට පැමිණියේය. තමන්ගේ මැතිවරණ ලකුණ වන ත‍්‍රීරෝද රථයේ නැගී තමන් නාම යෝජනා භාරදීම සදහා පැමිණියේයැයි ජයසූරිය සදහන් කළේය. ගොවීන්ට වැදගත්වන වාහනයක් තමන්ගේ මැතිවරණ ලාංඡනය වශයෙන් ලැබී ඇති නිසා තමන් ට‍්‍රැක්ටරයක නැගී පැමිණියේයැයි බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කීහ.
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීම සදහා අපේක්ෂකයින් පැමිණෙන අවස්ථාව වන විට එම අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිය අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය පතා ජයගෝෂා කළහ. මැතිවරණයට ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන ආධාර කරුවන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණෙණ එක් මාර්ගයකට එක්ව සිටි අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වන ආධාර කරුවන් අනෙක් මාර්ගයට වී සිටියහ. ආධාර කරුවන් උදෑසනට අටයි තිහ පමණ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසල මාර්ග ත්‍වත පැමිණ සිටියේය. මෙම මාර්ගවල වාහන ගමනාගමනය සීමා කර තිබූණි.
ජනාධිපති රාජපක්ෂට සහාය දැක්වීම සදහා පැමිණ සිටි ආධාරකරුවන් සිය ගණනක් බස් රථවලින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිටියේය. එම කාර්යාලය අසල ඇති මාර්ගයේ එක් මංතීරුවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන්ට සිටීමට අවසර ලබාදී තිබූ අතර අනික් මංතීරුව ජනාධිපතිවරයාට පැමිණීම සදහා වෙන්කර තිබුණි. ආධාකරකරුවන්ට වෙන්කර තිබූ මංතීරුවට වී සිටි එක්සත් ජනතා නිදහස් පාක්ෂිකයින් නොයෙකුත් සටන් පාඨ කියමින් ප‍්‍රීති ඝෝෂා නගන්නට වූහ.
‘‘රට මුදාගත් සිංහයාට - ජයවේවා….. ආඩම්බරකාර තාත්තාට – ජයවේවා…….. ගරු ජනාධිපතිතුමාට – ජයවේවා’’ ආදී සටන් පාඨ කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් කෑගමින් සිටියහ. මේ අතර විවාදාපන්න චරිතයක් බවට පත්ව සිටින දකුණු පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පැමිණ ‘‘සමාගමට ජයවේවා….’’ යනුවෙන් කෑගසන්නට විය.
විපක්ෂයේ පොදු අපේක්ෂක ෆොන්සේකාට සහාය දැක්වීමට පැමිණ සිටි ආධාර කරුවන් උදෑසන නමයට පමණ රාජගිරිය මංසන්ධිය දෙස සිට මැතිවරණ කොමසාරිස් කාර්යාලය දෙසට පැමිණියේය. හෙළ ජාතික අභිමානයේ ගීතය වාදනය කරමින් පොදු අපේක්ෂක ෆොන්සේකාගේ ආධාරකරුවන් පැමිණියේය. මොවුන්ගේ අත්වල ෆොන්සේකාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලාසිටින පොස්ටර් විය. ෆොන්සේකාට සහාය දැක්වීම සදහා පැමිණ සිටි ආධාර කරුවන් නාමයෝජනා භාරදීම අවසන් වන තෙක් එම ස්ථානයේ සිටියේය. මහා මාර්ගයේ තමන්ට වෙන්කර තිබූ මංතීරුවට වී සිටි ෆොන්සේකාගේ ආධාරකරුවන් රබන් ගසමින් පැය ගණනාවක් තිස්සේ සිය අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජය ඝෝෂා නැගූහ.
දහවල් දොළහයි පහළොව පමණ විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් නාම යෝජනා භාරදී සිය ආධාර කරුවන් හමුවීමට පැමිණියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් රැස්ව සිටි ස්ථානයේ සකස්කර තිබූ වේදිකාවකට පැමිණි රාජපක්ෂ සිය ආධාරකරුවන් ඇමතුවේය. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරිමෙන් පසුව රට හැදීමට එක්වන්නැයි ඔහු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ එක් අන්තයකින් සිය ආධාර කරුවන් හමුවට පැමිණියේය. තමන් පැමිණි වාහනයේ දොර විවෘතකළ ෆොන්සේකා එය මත නැගී පාක්ෂිකයින්ට ආචාර කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවන් තමන්ගේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරතැයි විශ්වාස කරන අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇතැයි ෆොන්සේකාගේ ආධාර කරුවෝ විශ්වාස කරති.
‘‘අපිට කන්න බොන්න නැතත් වැටිලා ඉන්න රටක් ලබාදුන්නේ ජනාධිපතිතුමායි. ඉදිරියටත් එතුමාගේ අදහස් ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා ජග‍්‍රහණයක රවීමට අපි මෙතැනට පැමිණ සිටිනවා.’’ නුවර සිට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාර කරුවෙක් වන රංජන පේ‍්‍රමරත්න කීවේය. තමන්ට කිසිදු පක්ෂයක් නැතත් රටට යහපතක් කරන නායකයා වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන්නේයැයි ඔහු කීවේය.
විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සහාය ලබමින් හංසයා ලකුණ යටතේ තරගවදින ෆොන්සේකාගේ ආධාර කරුවන් විශ්වාස කරන්නේද පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරනු ඇති බවයි.
‘‘අද වෙනකොට මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ. බඩු මිල අහස උසට ගිහින්. මේ නිසා ලංකාවේම ජනතාව සරත් ෆොන්සේකා මීලග ජනාධිපතිවරයා බවට පත්කිරීමට ඉදිරිපත්ව සිටිනවා.’’ ෆොන්සේකාට සහාය දැක්වීම සදහා පැමිණ සිටි රත්නපාල ද සිල්වා කීවේය.
රටේ තිබෙන ගැටලූවලට වත්මන් ජනාධිපතිවරයා ජග‍්‍රහණය කළහොත් විසදුම් ලැබෙතැයි ඔහුගේ ආධාර කරුවන් විශ්වාස කරන අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ආධාරකරුවන් විශ්වාස කරන්නේ ෆොන්සේකා බලයට පත්කිරීම මගින් සියලූම ගැටලූවලට විසදුම් ලබාගැනීමයි.
‘‘සරත් ෆොන්සේකා දිනුවොත් මේ රටේ තියෙන සියලූම ගැටලූවලට ඉක්මනින්ම විසදුමක් ලැබෙනවා.’’ සිල්වා සදහන් කළේය.
ෆොන්සේකාගේ අදහස්වලින් රටට යහපතක් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ සිටි මොහොමඞ් ඉල්ලියාස් කීවේය. ‘‘ෆොන්සේකා දරන අදහස් මගින් රට ඉදිරියට ගෙනයන්න පුළුවන්.’’ මේ නිසා ජීවිතයේ පළමු වතාවට ෆොන්සේකාට සහාය දක්වමින් රැුළියට පැමිණෙන්නේයැයි කියූ ඉල්ලියාස් සදහන් කළේය.
දැනට බලයේ සිටින ජනාධිපතිවරයට නැවත වරක් බලයට ගෙනඒම තුළින් රටේ තිබෙන ආර්ථික ගැටලූවලට විසදුමක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රෙමරත්න කීය. විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ආධාර කරුවන්ද ෆොන්සේකා බලයට පත්කිරීම තුළින් බලාපොරොත්තුවන්නේ රටට යහපත් අනාගතයක් උදාකරලීමයි.
‘‘දරුවන්ට හොද අනාගතයක් ලබාදීම, දැන් තිබෙන දූණය නැවැත්විම, බඩු මිල පහළ දමා ජනතාවට සහනයක් ලබාදීම තමයි අපි අපේ අපේකෂ්කයා ජනාධිපතිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ.’’ ෆොන්සේකාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෝස්ටරයක් ගෙන ප‍්‍රීති ඝෝෂා කරමින් සිටි කරු ද සිල්වා සදහන් කළේය.
Twenty three candidates handed in their nominations for the Presidential election to the Elections Commissioner on the 17th. One nomination was rejected by the Commissioner and 22 candidates would now contest the elections on January 26. Supporters of all the candidates stood in areas surrounding the Election Commissioner’s Department and the candidates joined them in the afternoon after handing their nominations.







