හිරගෙදර ඇතුලේ මගුලක්

March 18, 2010 by Editor  
Filed under Featured, Stories

සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ සිටින රැදවියන්ගේ දවස ගෙවෙන්නේ එක් ආකාරයකටය. ඔවුන්ගේ සුපුරුදු දින චර්යාවන් වෙනස් වන්නේ බන්ධනාගාරයේ විශේෂ සිදුවීමක් වන්නේනම් පමණි. එවැනි සුවිශේෂී සිදුවීමක් වී ඔවුන්ගේ දින චර්යාව වෙනස්වන දින ගණන අතේ ඇගිලි ගණනටත් අඩුය.

මාර්තු 17 වැනිදා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ටද මේ ආකාරයේ වෙනස්ම අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව උදාවුනේය. වෙනදා උදේ ආහාරයට ලැබෙන පාන් භාගය වෙනුවට මෙදින එම රැදවියන්ට ලැබුනේ කැවුම් කිරිබත්ය. බන්ධනාගාරය ඇතුලේ උත්සව සිරියක් ගනිමින් රැදවියන්ට කැවුම් කිරිබකත් කෑමට අවස්ථාව ලැබුනේ බන්ධනාගාරයේ සිටින තවත් රැදවියකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම නිසාය.

මැගසින් බන්ධනාගාරය තුළදී මේ ආකාරයෙන් විවාහ දිවියට එළඹ තිබුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එක්ව ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වීමේ චෝදනාව මත වරදකරුවෙක් බවට පත්ව සිර දඩුවම්විදින පුද්ගලයෙකි.

‘‘මේ පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙක්. ඔහු බන්ධනාගාර ගතවීමට පෙර කාන්තාවක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව එම කාන්තාව සමග විවාහ වීමට අවශ්‍ය බව ඔහු පැවසුවා. මේ නිසා එම කාන්තාව සමග විවාහ වීමට අවස්ථාව ලබාදුන්නා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් කීවේය.

ඒ අනුව විවාහ රෙජිස්ටාර්වරයෙක් බන්ධනාගාරය වෙත කැදවා එම විවාහය ලියා පදිංචි කර තිබුනේය. ඒ සදහා චාම් උත්සවයක් සංවිධානය කර තිබුනේය.

‘‘සාමාන්‍යයෙන් මේ ආකාරයට විවාහයක් සිදුකිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළ විට ඒ සදහා අවස්ථාව ලබාදෙනවා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරයෙන් පිටතදී විවාහ දිවියට ඇතුලූවන පුද්ගලයින් විවාහ දිවියේ මිහිර විදීමට අවස්ථාව ලැබෙන නමුත් බන්ධනාගාරයේදී විවාහ දිවියට එළඹි රැදවියාට එවැනි මිහිරක් විදීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ විවාහය ලියාපදිංචි කිරීමෙන් පසුව මනාලයට තවදුරටත් බන්ධනාගාරයේ සිටීමට සිදුවන බැවිනි. මනාලයා බන්ධනාගාරයේ සිටියදී මනාලිය තනිවම සිය ඥාතීන් සමග නිවසට යාමට සිදුවිය.

‘‘මේ වගේ විවාහක් සිදුවීමේදී අදාල පුද්ගලයා නීත්‍යානුකූලව විවාහ දිවියට එළඹීම පමණයි සිදුවන්නේ. එතැන් සිට ඔහු විවාහකයෙක් වන නමුත් බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර ලැබෙන්නේ නැහැ. අදාල දඩවුම් කාලය අවසන් වීමෙන් පසුවයි ඔහුට සිය මනාලිය වෙත යාමට අවස්ථාව ලැබෙන්නේ.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

  • Share/Bookmark

විදේශිකයන්ට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ.

February 24, 2010 by Editor  
Filed under Featured, Stories


විපක්ෂ නායක වරයා මහනායක හිම් වරුන් වෙත කළ ප‍්‍රකාශන ඉල්ලා අස්කර ගන්නා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් යාපා අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය.

”විපක්ෂ නායක වරයා වෛතුල්‍යවාදින් ලෙස හඳුන්වන භක්ෂූන් පිරිස රජයෙන් ඉල්ලා සිටියේ ජෙනරාල්වරයාව නිදහස් කරන ලෙස. වැලමිටියාවේ කුසලදම්ම හිමි වගේ නායක හිමි වරුන්ට මෙහෙම කතා කරන එක වැරදියි.” අමාත්‍යවරයා සඳහහන් කළේය.

රොබටි  ඕ බ්ලේක් සරත්ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ විදේශිකයන් හට මේ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බවයි.

“ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ රටට  ඕන විදියට.  රටේ පවතින නීතිය අනුව ක‍්‍රියා නොකළ බවට ඔහුට කියන්න බැහැ. එ් ප‍්‍රකාශය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පුස්සක් බවට පත් වුණා.” අමාත්‍යවරයා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා කිසිදු දිනක දේශපාලන සිරකරුවකු නොකළ බවත් අපේ‍්‍රල් 26 වන දින දක්වා හමුදා පරීක්ෂන සිදු කර සාක්ෂි ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේ රටේ පවතින නීතිය අනුව මිස වෙනත් කිසිවක් නිසා නොවන බවි අමාත්‍යවරයා සඳහන් කළේය.

“අද සන්ධාන කෝ පොදු විපක්ෂ කෝ මෙහෙම මේ විසිරිලා යන අයටද රට බාර දෙන්න කියන්නේ. දැන් කුසලානේ අය කියනවා අලියගෙ ඵැත්තට එකතු වෙන්නලූ.අලියගෙ උය කුසලානෙට කියනවා අලියට එකතු වෙන්න කියලා. මොහු වැරදිලාවත් ජනාධිපති වුණානම් කොච්චර නීති දමාවිද.”

“විධායක ජනාධිපතිකම් අහොස් කරන්න දිගිනි දිගටම අරගල කරනවා කියපු අය කෝ දැන්. ජනතා විමක්ති පෙරමුණට තමන්ගේ ලකුණින් ඉදිරිපත් වෙන්න බැරිවෙලා තියෙනවා.මනෝගනේෂන්ට හකීම්ට තවම අද වෙනකල් ැකඟ තාවයකට එන්න බැරිවෙලා තියෙනවා.” අමාත්‍යවරයා සඳහන් කළේය.

මහ මැතිවරණයේදී අලූතෙන් ආසන 19ක් අවශ්‍ය බවත් එසේ තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුව ඉල්ලා සිටින්නේ සැබෑ වෙනසක් ඇති කිරීමට බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

“කරුණාකරලා මේ පක්ෂ වලට ගහගන්න ඉඩ දෙන්න. ජනතාවට ගැලපෙන පාලනයක් ඇති කරන්න.ව්‍යවස්තාවේ වෙනසක් ඇති කරන්න මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් ඇති කරන්න අපි මේ බලය ඉල්ලන්නේ.”

විපක්ෂ නායක වරයා සඳහන් කරන පරිදි මහනාහිමිවරුන් හට තවත් භික්ෂූන් පිරිසක් විසින් තර්ජනය කර ඇත්නම් එ් පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කරන්නට හෝ එසේ දෙයක් සිදු වූයේ නැතිබව හෝ ප‍්‍රකාශ කිරීමට ඉඩ තිබුණිත නමුදු එසේ දේයක් මේ වන තුරු හෝ සිදු වූයේ නොමැත.

“හැම එකම මාධ්‍ය වලට කියන්න වුවමනාවක් නැහැනේ .” අමාත්‍යවරයා සඳහන් කළේය.

  • Share/Bookmark

නූතන මහසෙන් භූමිකාව රනිල් වික‍්‍රමසිංහගෙන්

February 23, 2010 by Editor  
Filed under Featured, Stories


පසුගිය දිනක විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡුාවකදී භික්ෂූන් වහන්සේ ලා ආමන්ත‍්‍රනය කළ ආකාරය සම්බන්ධයේන් අද පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී සමස්ථ ලංකා පැවිදි සංවිධානයේ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමි පවසා සිටියේ රටේ නායකයන් මේ අයුරින් වචන භාවිත කිරීම සම්බන්ධයෙන් කණගායුවට ප‍්‍රකාශ කරන බවයි.

‘‘පැවිද්දන් පිරිසක් මහා නියක වෛතුල්‍යවාදීන් මේ විදියට වචන ප‍්‍රකාශ කරන රනිල් වික‍්‍රම සිංහ මේ වචනයේ තේරුමවත් හරියට දන්නේ නැහැ.එරියට සංඝ නායක කෙනෙක් කති කරනවා වාගේ. මේ විදියට අපහාසයට අවමානයට ලක් වුණේ විවිධ පීඩාවන්ට ලක් වුණෙ එක්සත් ජාතික පක්ෂ නායකයන්.’’ සෝමා නන්ද හිම් පැවසූහ.

එමෙන්ම ජේ ආර් ජයවර්ධන හාමුදුරුවරුන් පඩික්කම් පුරවන අය විදියට හැදින් වූ බවත් හාමුදුරුවරුන්ගේ හිස් වල තාර ගල්වන බව පැවසූ බවත් 88-89 භිෂණ කාලයේ තරුණ භික්ෂූන් හයසිය හැටනමක් ඝාතනය කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාල සීමාව තුළ බවයි උන්වහන්සේ ප‍්‍රකාශ කර සිටින්නේ.

‘‘පසුගිය දිනයේ ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහලිපිටන් වට රවුමේ කියූ වචන සදාචාර සම්පන්න මිනිස්සු භාවිත  නොකරන බව කියන්න  ඕන. ජනාධිපතිවරණයේදීත් විවිධාකාර වචන භාවිතා කළා. කලවැද්දා පාහරයා කීවා. මේවා දැකපු පුංචි ළමයි එ් පුද්ගලයාව නැවත දකිද්දි කලවැද්දා කීවා.ජනාධිපතිතුමාව දකිද්දී කීවා අන්න ජය වේවා කියලා.’’ උන්වහස්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපතිකඹුරුගමුවේ වජිර හිමි පවසා සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ විටින් විට මේ ප‍්‍රකාශ කරන ශාසන විරොදී වචන ඔහුට ජන්මයෙව් උරුම වූ බවයි.

‘‘සම්බුද්ධ ශාසනය ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ ආගම ධර්මය ඉගෙන ගත්ත අයට. රනිල් බෞද්ධ ශික්ෂනයක් තුළ හැදුන කෙනෙක් විදයෙ අපි දැක්කේ නැහැ. කතා කරද්දි පරිස්සම් වෙනවා නම් හොඳයි. නොදන්න දේවල් කතා කරලා තමන්ට විතරක් නොවයි තමන්ගේ දේශපාලන පක්ෂයටත්  කැළලක් ඇති කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.

මන්ත‍්‍රීවරයෙක් විදියට ඇමති වරයෙක් විදියට අගමැතිවරයෙක් විදියට වික‍්‍රමසිංහයන් කටයුතු කළද එ කිසිදු අවස්ථාවක චිරාගත සම්ප‍්‍රධායට අනුව කිසදු දිනක කටයුතු නොකළ බව උන්වහන්සේ පැවසූහ.

‘‘රනිල් කවදාවත් රටට ආදර්ශයක් දුන්නේ නැහැ. මේ රටේ මහනායක හාමුදුරුවන්ට එහෙම කතා කරන්න තියෙන අයිතිය මොකක්ද. ඔහු කවුද. රනිල් වික‍්‍රමසිංහ තමයි නූතන මහසෙන්. වෛතුල්‍යවාදී රනිල් වික‍්‍රම සිංහ කියන නම අපි ඔහුට පටබදිනවා. තේරවාදය නැති කරන්න උත්සහ කරන්නේ රනිල් වික‍්‍රම සිංහ. භික්ෂූන් වහන්සෙලා ළඟ දන ගහලා සමාව ගන්න කියලා අපි කියනවා.’’

එසේ නොකළහොත් රනිල් වික‍්‍රමසිංහ මහතා හට වෛතුල්‍යවාදී යන නම පට බදින බව උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

  • Share/Bookmark

ආණ්ඩුව ශාසනය නැති කරන්න උත්සහ කරනවා.

February 19, 2010 by Editor  
Filed under Featured, Stories

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මහ මැතිවරනය සදහා ඉදිරිපත් වීමට තීරණය කළ බවත් නාම යොජනා ලබන ෂතියේ බාරදීමට නියමිත බවත් අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය. මේ පිළිබද තවම සාකච්ඡා කරමින් සිටින බවද නායකවරයා ප‍්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වූයේ මල්වතු නාහිමියන් වෙත මෙන්ම මල්වතු අස්ගිරි පාර්ෂවයට මේ වන විට ඇතිවී තිබෙන තර්ජන පිළිබදව සාකච්ඡා කිරිමය.

“ගිය සදුදා අගහරුවාදා මල්වතු නාහිමි හමුවුණ පැවිද්දන් මල්වතු විහාරයට අයත් දකුනේ පන්සල් 500 පමණ රෝහණ පාර්ශවයට එකතු කරන බවට තර්ජනය කරලා තියෙනවා. ඒක ව්‍යවස්තාව උල්ලංඝන කිරීමක්. මල්වතු නාහිමියන්ට ශාසනය කඩනවා කියලා තර්ජනය කරන එක විශේෂයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව මල්වතු පාර්ශවය ඉවත් කරනවා කියන්නේ බෞද්ධ සිරිත් කඩන එක.” විපක්ෂ නායකවරයා පැවසු‍වේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ නව වන වගන්තිය යටතේ බෞද්ධාගම ආරක්ෂා කිරීමටක් පෝෂණය කිරීමටත් ආණ්ඩුවට පැවරි ඇති බවත් එසේ නොකර ආණ්ඩුව බෞද්ධාගම විනාශ කිරීමට උත්සහ දරන බව විපක්ෂ නායක වරයා පැවසීය.

“මහා විහාරයට හිමිකම් කියන්නේ මලවතු අස්ගිරි පාර්ශවය. ථේරවාදී බුදුදහම ත‍්‍රිපිටකය ආරක්ෂා කරන්නේ මහා විහාරයෙන්. මෙතනදී පැවිද්දන් ප‍්‍රකාශ කරලා තියෙනවා මල්වතු පාර්ශවයට අයිති ඒවා වෙනතැනකට බාරදෙනවා කියලා. ”

“ඒ කියන්නේ මහා විහාරය කඩන එක . කඩලා වෙනම නිකායක් හදන එක. ධන්ත ධාතුව ආරක්ෂා කරන්නේ මල්වතු පාර්ෂවය. ධන්තධාතුවට බෝම්බ ගහනවා කියලා කියලා තියෙනවා. අපි දන්නවා එල් ටී ටී ඊ ය බෝම්බ ගැහැව්වා ඒ පළපුරුද්ද තියෙන අය ආන්ඩුවේ ඉන්නවා කියලා.” නායකවරයා ප‍්‍රකාශ කලේය.

මහින්ද රාජපක්ෂ රාජ්‍යට හෝමහනාහිමියන් මුණ ගැසීමට ගිය කිසිදු පැවිද්දකුට බෞද්දාගම ආරක්ෂා කරනවා යැයි පැවසීමට නොහැක් බව නායක වරයා ප‍්‍රකාශ කළේය.

“මේ අයට වෛතුල්‍යවාදින් කියන්නේ මේ නිසා.මේ අය කවුද කියලා අපි දාන ගන්න කැමතියි. ඒ අය කවුද කියලා ළගදිම එළි කරන්න බලාපොරෝත්තු වෙනවා. මේ අය 9 වන වගන්තිය උල්ලංඝනය කරපු නිසා මේ අයට රජයේ නිළතල දරන්න නිලතල නල රැදී සිටින්න බැහැ. කුලපතිවරැන් පිරිවෙනාධිපතිවරුන් ආචාර්යවරු වෙන්න බැහැ.” නායකවරයා ප‍්‍රකාශ කළේය.

“කහසිවුරු ඇදගෙන චන්ඩියන් මෙන් හැසිරෙන්නේ කවුරුන්දැයි මේ වගේ පහත් වැඩ කළේ කවුරුන්දැයි කියලා දැන ගන්න බෞද්ධයන් විදියට අපිට අයිතියක් තියෙනවා.විශේෂයෙන් ආණ්ඩුව අද ශාසනය නැතිකරන්න උත්සහ කරනවා.” නායකවරයා ප‍්‍රකාශ කර සිටියේය.

මල්වතු පාර්ශවය දකුණේ පාර්ශවයට ඇතුළත් කරන්න ගන්න මේ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවත් මල්වතු පාර්ශවය ආරක්ෂා කිරීම සදහා ගත යුතු ක‍්‍රීයා මාර්ල මොනවාදැයි මේ වන විට සාකච්ඡා කරගෙන යන බයි විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කර සිටියේ.

Opposition Leader Ranil Wickremesinghe accused the government of
trying to destroy the Buddha Sasana. He told the media that several
monks who had met with the Malwattte chief prelate had threatened to
take away 500 temples that were under the sect and hand it over to the
Ruhunu sect. The threat to break away the Malwatte Chapter with state
patronage is in violation of the Constitution and is a division of the
Buddha Sasana, he said. Wickremesinghe observed that Article 9 of the
Constitution gave foremost position to Buddhism and the state was
bound to protect it. While condemning the threat on the Malwatte
Chapter, he said the opposition was looking at the measures to be
adopted to protect the Buddha Sasana. Meanwhile, Wickremesinghe also
said the UNP would contest under the elephant symbol and that
nomination papers would be handed next week

  • Share/Bookmark

මහානාහිම් වරුන්ගේ සමුලුවට ආණ්ඩුවෙන් බලපෑමක් වුණේ නැහැ

February 18, 2010 by Editor  
Filed under Featured, Stories


මහානාහිමිවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ මහා සඟ සමුලුව දින නියමයක් නොමැතිව කල්දැමීමට හේතුව ආණ්ඩුවේ බලකිරීමක් නොවන බව නව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රවාහන අමාත්‍ය ඩලස් අලහපෙරුම අද කැබිනටි තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පවසා සිටියේය.

“මේ ගැන විවිධ අයට විවිධ අර්ථ කථන දෙන්න පුලුවන්. මහනාහිමියන්ගේ පැත්තෙන් ඉදිරිපත් වන තෝල්ක වලට අපි පිළිතුරු දෙන්නේ නැහැ. එ්ක බෞද්ධකමට නිගාවක්. හමුදාව බේද කරන එක වගේ නෙවෙයි මහා සංඝයා වහන්සේලා භේද කිරීම.” අලහප්පෙරුම සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මැතිවරණයෙන් පසු සිදු කළ ප‍්‍රකාශ  හේතු කර ගනිමින් විදේශ රටවල සුභ පැතුම් පවා ප‍්‍රමාද වූ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

“විපක්ෂ නායකතුමා කීවා මේ වතාවේ තැපැල් ඡුනද පවා දූෂිතයි කියලා. නමුත් මේ කිසිම දෙයක් පෙත්සමේ සඳහන් වෙලා නැහැ. කාගේ බුද්ධියටද මේ අය සමච්චල් කරන්න හදන්නේ. මේ හේතු නිසා  සමහර රටවල් දවස් දෙක තුනක් සුභ පැතීම් පවා ප‍්‍රමාද කළා. “අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

අලහප්පෙරුම අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලා සිටී. එනම්

“දැන්වත් අර්ථශූනය අවලාද මිත්‍යා මත මත පදනම්වන  තර්ක රටේ ජාතික තර්ක විදියට ගේන්න එපා. මේ මැතිවරණයවත් ප‍්‍රතිපත්තිගරුකව මැතිවරණ වේදිකාවට එන්න. අමාත්‍යවරයාගේ ඉල්ලීම් දෙකය.”

ජී එස් පී ප්ලස් සහනය නොලැබුණා යැයි කිසිම සේවකයකුට හෝ කිසිම ආයතනයකට ආසාධාරණයක් සිදු නොවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම මේ වන විටත් යුරෝපීය කොමිසම සමඟින් සාකච්ඡා පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍ය ජී එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විපක්ෂයේ ප‍්‍රබල චරිත ජාත්‍යන්තරයට ගෙන ගිය ප‍්‍රචාර මෙරට දේශපාලනයට වඩා ආර්ථිකයට කළ තර්ජනයක් බවයි.

එමෙන්ම ජී එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ලංකාවේ ඔනෑම පුරවැසියකුට කමන් භාරයේ තබා ගත හැක්කේ ඇමරිකානු ඩොලර් මිලියන් 2000 පමණි. ඊට වඩා මුදල් ප‍්‍රමාණයක් තමා සන්තකයේ වේ නම් මහ බැංකුවේ  අනුමැතිය ලබා ගත යුතු බවයි.

“එහෙම මුදල් තියා ගන්නවානම් එක සාපරාධි ක‍්‍රියාවක්. මේ අනුව බලද්දී සරත් ෆොන්සේකා විදේශ විනිමය පනත උල්ලංඝනය කරලා. මේ ඩොලර් නෝට්ටු පාවිච්චිකරලා නැහැ. අංක පිළිවෙලට මේ නෝට්ටු තියෙන්නේ. මහ ඩැංකුවේ විශේෂ අංශයක් මේ සම්බන්ධව තියෙනවා. එ් අංශය දැන් මේ සම්බන්ධව
ක‍්‍රියාත්මක වෙනවා.”

ශ‍්‍රි ලංකාවේ පුද්ගලයකු විදේශ මුදල් තබා ගැනීමේදී අනුගමනය කළ යුතු යම් යම් කි‍්‍රයා පට්පාටි පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.

“දින අනූවක් විදේශ විනිමය විදියට විදේශ සල්ලි තමන් ළඟ තියාගන්න පුලුවන් . ඊට පස්සේ එ්වා ශ‍්‍රී ලංකා මුදල් බවට පත්කළ යුතුයි මහ බැංකුවේ අවසරයක් ඇතිව. හොර ජාවාරම් වලින් ලබා ගත් සල්ලි රටේ ආර්ථිකයට එකතු කිරීම සාපරාධී වරදක්. ප‍්‍රකාශ කිරීමෙන් තොරව ඇමරිකානු ඩොලර් 15000 ගේන්න පුලුවන්. ඊට වඩා ගේනවානමි රේගුවට දන්වන්න  ඕන.” අමාත්‍යවරයා සඳහන් කළෙය.

පත්තු කරපු හැම උන්ඩයකින්ම මුදලක් හම්බකර තියෙනවා යනු සරත් ෆොන්සේකාට හයිකෝප් ගනුදෙනුවේ  තිබෙන චෝදනාව බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Transport Minister and Cabinet Spokesperson Dullas Alahapperuma told
the Cabinet press briefing today that the government did not pressure
the Mahanayakes to indefinitely postpone the Sangha Convention. He
also made two requests from the opposition – to stop bringing in
baseless arguments as national issues and to engage in politics based
on principles. Minister G.L. Peiris said the campaign carried out by
the opposition members among the international community was more
detrimental to the country’s economy than politics. He also alleged
that General Sarath Fonseka had violated exchange regulations in the
country for keeping over US$ 2,000 without Central Bank approval.

  • Share/Bookmark

මහ මැතිවරණයේ දී සුථ ජාතික බලාපොරොත්තු

February 8, 2010 by Editor  
Filed under Featured, Stories

පාසලෙන් පිට වූ අප වෙනත් වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා සහභාගී වූ  අවස්තාවක ලංකාව පුරා විසිරී සිටි සෑම ජන කොටසකම පුද්ගලයින් හා සම්බන්ධ වන්නට අවස්ථාව ලැබුණි. එකී අවස්ථාවේ උතුරෙහි යුද්ධයේ කුරිරු ගිනි දැල් ඇවිලෙම්න් තිබුණි.

ඔහු නම්න් මේරිය. නොසිතූ ලෙස සුඑද වූ ඔහු හා අදහස් හුවමාරු කර ගැනීමට සිදු වූයේ ඉංග‍්‍රිසි භාෂාව හා  අප දන්නා දෙමළ වචනද එකට එක් කරමිනි. සෑම අවස්ථාවකදීම අප අතර වූයේ මෙම බෙදුම්වාදී අරගලය පිළීබඳවය. ඔහු දිනක් වේදනාව මුසු වූ තද ස්වරයෙන් විමසන්නේ ‘‘අපිට කියලා ඔයගොල්ලන්ගේ අය මොනවද දීලා තියෙන්නේ. ගිහින් බලන්න අපේ මිනිස්සු දුක් විදින තරම්’’. යනුවෙනි. මෙසේ ඔවුන් ඒ වෙලාවෙහි සිතීම සාධාරණීකරනය කිරීමටඅවශය නොමැති වුවද එවැනි හැගීමකට ඉඩ සැලසුවේ කවුරුන්ද  යන්න සිතා ගැනීමට මධ්‍යස්තව සිතන සෑම පුද්ගලයකුටම හැකියාව ඇත.

කෙසේ වූවද එදා මෙදා තුර කාල සීමා තුළ සුථ ජන කොටස් නමින් හඳුන්වන පිරිස හට ලැබී ඇත්තේ මොනවාද නොලැබී ඇත්තේ මොනවාද ලැබිය යුත්තේ මොනවාද යන්න පිළීබඳව සිතන්නට  නොව යුතුකම් ඉටුකරනන්නට මේ සැබෑ කාලයයි. ඔවුනට ලැබී ඇත්තේ ද දුක පමණක් බවයි සුප්පයියා ශම්ම්මුගවේල් පවසන්නේ.

‘‘අපට අයිතිවාසිකම් කියලා මොනවාද ලැබිලා තියෙන්නේ. ළමයින්ට ඉගෙන ගන්න  ඕන පහසුකම් අද වෙනකල් අපට නැහැ. තවම කූඩාරම්වල ජීවත් වෙන අය කී දෙනෙක් ඉන්නවාද. උසස් පෙළ ගණිතය විද්‍යාව කරන අය ඉන්නවා මාස හයක් තිස්සේ මේ ළමයි ඉගෙනීමක් නැතිව ඉන්නවා. මේ අයගෙ ඉගෙනීම පමා වුණා කියලා විභාග තියන කාල සීමාව වෙනස් වෙන්නෙ නැහැනෙ.’’ ශම්මුගවේල් පැවසුවේය.

මෙහි යථාර්ථය පිළිබඳ කිසිවකුට අවබෝධ කර ගැනීමේ හැකියාවක් නොමැති බව  ශම්මුගවේල් පවසයි. දමිළ යනු එක් මනුස්ස කොට්ඨාශයක් පමණි. හදවත හැඟීමි මනුෂ්‍ය අවශ්‍යතා සියල්ල මහා ජාතිය හා සමාන නම් මොවුනට අවශ්‍ය දේවල් නොලැබීමේ හේතුව කුමක් දැයි ඔවුන් නඟන ප‍්‍රශ්ණයකි.

‘‘ජනවාරි 31 දාට කළින් අපිව පදිංචි කරවනවා කීවා. නමුත්  අද වෙන කල් ඒ ගැන කතාවක් නැහැ. ගිය අයට කියලත් මොනවද තියෙන්නේ. අපි දාල ආව හැමදේම අපට දැන් නැතිවෙලා. ගෙවල් වල කෑලි වාහන වල කෑලි ගලවගෙන යනවා. අපි මුල ඉඳලම ගොඩ නැගෙන්න  ඕන. ඒ වෙනුවෙන් කියලා අපිට මොනවද ලැබෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.’’ හෙතෙම පැවසුවේය.

දකුණේ ගබ්බද ප‍්‍රදේශවල බහුතර පිරිස සිංහලයන්ය. මොවුන් හට දෙමළ භාෂාව කතා කරනා පිරිස ආශ‍්‍රයට ලැබෙන්නේ නැත. මේ නිසාවෙන් ඔවුනගේ සිතෙහි පවත්නා බෙදුම්වාදී හැඟීම් සමඟින් ජීවත් වේ. මන්ද දෙමළ භාෂව කතා කරනා පිරිසගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට නොමැති නිසාවෙනි. දැන් එයට කාලය උදා වී ඇත. මෙම තත්ත්වය අලනුවර ජීවත් වන දමිළ සහ සිංහල පිරිසට ගැටථවක් නොවන්නේය. මන්ද ඔවුන් එකිනෙකා උරෙන් උර ගැටී ජීවන වෘත්තියෙහි නියැලෙන නිසාය.

මෙවැනි සියථ අන්තගාමී සිතුවිල් අතුගා දැමීමට කාලය දැන් උදා වී ඇත. ඒ සඳහා සියල්ලන්ගේ උදව් උපකාරය අවශ්‍යව ඇත. මේ සඳහා හොඳ හිත පමණක් ඇති බවයි ශම්මුගවේල් සඳහන් කළාය.

‘‘අපේ පොඩි දරුවන්ට ඉන්න අමාරුයි. ටෙන්ට් ඇතුළෙ ජීවත් වෙන් අමාරුයි. තව කී කාලයක් මේදුක් විදගෙන ඉන්නද.  හාල් පිටි සීනි විතරයි අපට හම්බවෙන්නේ. පොඞ් දරුවන්ට දෙන්න පිටි නැහැ. මේ කෑම්ප් එකෙන් එළියට යන්න  ඕන නම් පාස් ගන්න  ඕන හෙට යන්න  ඕන නම් අද. අපි හිර වෙලා ජීවත් වෙන්නේ.’’  වේගනායගම් කුමාරවේල් පැවසුවේය.

ඔවුන් ජීවත් වෙන්නේ තවමත් සුබසාධන කඳවුරු තුළය. සමස්ථයක් විදියට යුද්ධයේ අවසානය  පිළිබඳව සැමගේම සිත් තුළ පහන් හඟීමක් තිබුණද අනාගතය පිළිබඳව බියක් පවතින බවයි කුමාරවේල් පවසන්නේ.

‘‘අපේ ළමයින්ටත් පොලිසියට හමුදාවට බැදෙන්න ඉඩ දෙන්න. නීතිය එක විදියට ක‍්‍රියාත්ක කරන්න. අපේ භාෂාවෙන් වැඩ කරන්න අපේ අවශ්‍යතා අපි එක්ක කතා කරලා විසඳුම් දෙනවා නම් මොනතරම් හොඳද. මොකද අපි විදින දුක් වින්ද දුක් දන්නේ අපි විතරක් මිසක් වෙන අය නෙවෙයි.’’ ඔහු පැවසුවේය.

මුස්ලිම් බහුතරය හට කිසිදු ගැටථවක් නෙවන්නේ යැයි ඇතමෙක් සිතන්නට පුථවන. නමුදු ඔවුන් හටද යම්  යම් ගැටථ තත්ත්වයන් උද්ගත වූයේ පාලනයේ පැවති තිබූ වැරදි නිසා බව තාහා රොක් ෆෙලර් පැවසුවේය.

‘‘1990 ඉඳලා අපි ත‍්‍රස්තවාදී කරදර වලින් දුක් වින්දා. ඇවිත් බලන්න යාපනේ මුස්ලිම් ගම්මාන දිහා. වහළ නැති හරියට බිත්ති නැති ගෙවල් තියෙන්නේ. හැමෝම ඇවිත් පොරොන්දු දීලා යනවා විතරයි කරන දෙයක් නැහැ.’’  හෙතෙම පැවසුෙවිය.

ඕනෑම රටක සුථ ජාතික අරගල පවතින්නේ ඇයි. යන්න මෙයින් පැහැදිලි කර ගත හැකිය. සියථ අයිතින්  සම සේ බෙදා දීමට රටක පාලන පක්ෂයට හැකි විය යුතුය. එසේත් නැතිනම් කිසිවකුගේ මැදිහත් වීමකින් තොරව සියල්ල ලබා දිය යුතු බවයි රොක්ෆෙලර් පවසන්නේ.

  • Share/Bookmark

වසර තිහකට පසු කිළිනොච්චියේ මැතිවරණ උණුසුම

January 28, 2010 by Editor  
Filed under English, Stories

ජනපතිවරණයෙන් රටම උණුසුම් වද්දී උතුරේ ජනතාවට ඒ පිළිබද පැවතියේ අවිනිශ්චිත හැගීමකි. ඡන්දය භාවිතා කරනවාදෝ නැද්ද යන්න ඔහුන්ට ගැටලූවක් වී තිබුණි. විශේෂයෙන් කිළිනොච්චියේ ඡනතාව ජන්දය භාවිතා කිරීමට සිදු වී තිබුණේ ගැටථ රාශියක් මධ්‍යයේය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව කිළිනොච්චියේ ජන්ද මධ්‍යස්ථානයක් පැවැත්වීමට ඉඩකඩ සැළසුණේ වසර තිහකට පමණ පසුය. මේ වන විට සාමාන්‍ය ජනතාවගෙන් බොහොමයක් අවතැන් කදවුරුවල ජීවත් වෙති. මේ හේතුවෙන් ඡන්දය භාවිතා කිරීම පිළිබදව ඔවුන්ට තිබුණේ අල්ප දැනීමකි. ඡන්දය භාවිතා කිරීම සදහා හැදුනුම් පත‍්‍රයක් නොමැති වීම ඔවුන් බොහෝ දෙනෙකුට පැවති ගැටලූවයි.

පොකුරු ඡන්ද මධ්‍යස්ථානයක් වූ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගනයේ ඡන්ද මධ්‍යස්ථාන 64 ක් පැවැත් වීය. මැතිවරණ දිනයේ උදෑසන 11.30 වන විටත් කිළිනොච්චි මධ්‍යම ක‍්‍රීඩාංගණයට එතරම් ඡන්දදායකයන් පිරිසක් පැමිණ සිටියේ නැත. බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන වලට දහවල් දොළහ වන විටත් ඡන්ද දායකයන් විස්සකට වඩා පැමිණ සිටියේ නැත. මධ්‍යම ක‍්‍රීඩාංගණයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයක් වූ පුලෝපුල ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 320ක් වුවද මැතිවරණ දිනයේ දහවල වන විට පැමිණ සිටියේ ඡන්ද දායකයන් දෙදෙනෙක් පමණි. වට්ටකච්චි චන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 1663 ක් වුවද දහවල් වන විට ඡන්දය භාවිතා කොට සිටියේ 10 දෙනෙක් පමණි. පුදුමුරිප්පු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 574 වන නමුදු දහවල් දොළහ වන විටත් ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.

‘‘ මේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇති ගොඩක් චන්ද දායකයන් අවතැන් වු පිරිස් වලින් සමන්විතයි. ගොඩක් අය තාමත් ඉන්නේ අවතැන් කදවුරු වල. ඒ ස්ථාන වල ඉදලා මිනිස්සු මෙතැනට අරගෙන එන්නත්  ඕන. ගොඩක් අයට කිසි තේරුමක් නැහැ ඡන්දෙ දාන්නෙ කොහොමද වත් කියලා’’ මැතිවරණ රාජකාරීයේ නියැලෙන නිලධාරියෙකු වූ ජෝන් බැප්ටිස්ට් පැවසුවේය.

කිළිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස කි‍්‍රයාත්මක කෙරුණු කිළිනොච්චි හින්දු විදුහල පුනිද තෙරේසා විදුහල පැටීමා රෝමානු කතෝලික විදුහල කනගපුර විදුහල යනාදී ස්ථාන වලද ඡන්දය භාවිතා කිරීම ඉතා අවම මට්ටමක පැවතිණි.

තිස් වසරකට පසුව කිළිනොච්චියේ පැවති මෙම මැතිවරණ කටයුතු වලදී ඡන්ද දායකනන්ට මහත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදු විය.

‘‘ මම කලින් හිටියේ කිළිනොච්චියේ හිටියේ. යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපිව මැණික් ෆාම් කදවුරට අරගෙන ගියා. චන්දෙ තියෙන්නෙ මෙතන කියලා දැන ගත්තට පස්සෙ අපිට මෙහෙට එන්න බස් දුන්නා. මෙතනට ආවම මෙතනින් බලලා කීවා අපිට චන්දෙ තියෙන්නෙ කනගපුරම් ඉස්කෝලෙ කියලා. ඒත් එතනට යන්න අපිට බස් එකක් නැහැ.’’ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගණයට ඡන්දය
ප‍්‍රකාශ කිරීමට පැමිණි රාජ්‍ය සුල්ත‍්‍රාණා පැවසුවාය. කනගපුරම් වෙත යාමට වාහනයක් පැමිණෙන තුරු ඇය සිය දරු දෙදෙනාද කරපින්නාගෙන පාර අද්දරට වී සිටියාය.

‘‘ අපි යාපනේ ඉදලා ආවේ. මෙහෙට අවම මෙහෙ මහත්තුරු කියනවා අපිට ඡන්දෙ තියෙන්නෙ පූනේරී වල කියලා. එන්න වාහනයක් තිබුණා. දැන් ඒක අපිව දාලා ආපහු ගියා. දැන් පූනේරී යන්න වාහනයක් නැහැ. අපි හිතුවෙ ආපහු යන්න කියලා’’ යාපනයේ කවුදාරීමුණ පදිංචි කනගරත්නම් පැවසුවේය.

එමෙන්ම මේ අකාරයෙන් නිසි හැදුනුම්පතක් නොමැති වූ ඡන්ද දායකයන් විශාල පිරිසක් ආපසු හැරී ගියහ. විශෙෂයෙන්ම වව්නියාව මැණික් ෆාම් සිට බස් රථ වලින් පැමිණි පිරිස් මෙසේ ආපසු හැරී ගියහ.

‘‘ අපේ බස් එකේ පණහක් විතර ආවා. ඒත් මෙහෙට ආවම අපිට කදවුරෙන් දීලා තියෙන කාඞ් එකට ඡන්දෙ දාන්න දෙන්න බැහැ කීවා.  අපේ නමත් ලැයිස්තුවේ තියෙනවා.’’ ඡන්දය ප‍්‍රකාශ කර ගත නොහැකිව ආපසු බස් රිය වෙත යමින් සිටි රාජ් කුමාර් පැවසුවේය. රාජ් කුමාර් සමග මැණික් ෆාම් කලාප අංක 3 සිට පැමිණ සිටි බොහෝ දෙනෙකුට එසේ ඡන්දය අහිමිව තිබුණි.

‘‘ ඇත්තටම අවුරුදු තිහකින් පස්සෙ මේ විදිහට මෙහෙ ඡන්දයක් තිබුණ එක ගැන අපිට හරි සන්තෝෂයි. කාට ඡන්දෙ දුන්නත් මම හිතන්නෙ අපිට හොදක් වෙයි කියලා.’’ කිළිනොච්චිය හින්දු විදුහලේ විදුහල්පති ඒ කුමර ගුරුපරන් පැවසුවේ සැබෑ සතුටකිනි.

A low voter turn out was recorded from Kilinochchi where an election was held after 30 years. Most residents of Kilinochchi still remain in IDP camps and the lack of transportation facilities for them to visit the polling centers resulted in a low voter turn out. A cluster polling center at the Central Ground in Kilinochchi had recorded only about 20 voters even by noon on election day. However, some voters who managed to make their way to Kilinochchi were unable to cast their votes due to the non possession of a valid document to prove their identity.

  • Share/Bookmark

කොළඹ භික්ෂු විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන ලකුණු

January 5, 2010 by Editor  
Filed under Featured, Stories

Monks protest in Colombo

නැවත වරක් කොළඹ නගරයේ ආරම්භ වූ භික්ෂූන් වහන්සේලාගේ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙන බවට වන ලකුණු පළ කරමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් කොළඹදී තවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේය.

දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කරන දඹර අමිල හිමියන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගින් කොළඹ නගරයේදී භික්ෂූන්ගේ උද්ඝෝෂණ නැවත වරක් ආරම්භ විය. එම උද්ඝෝෂණ හා සත්‍යග‍්‍රහ තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ තවත් එක් විරෝධතා පාගමනක් ජනවාරි 5 වැනිදා සවස පැවැත්වූ අතර එම පාගමන බොරැල්ල නගරයෙන් ආරම්භ විය. බොරැුල්ල නගරයෙන් ආරම්භ වූ පාගමන වෝඞ් පෙදෙසේ සිට ටවුන් හෝල් ඔස්සේ විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියේය. පාගමනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණි භික්ෂූන් වහන්සේල එය ඉදිරිපිට සත්‍යග‍්‍රයකද නිරත වූයේය.

දඹර අමිල හිමියන් අත්අඩංගුවටගැනීමට විරෝධය දැක්වීම සදහා තමන් මේ ආකාරයට එක්ව සිටින බවත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර මගින් ආණ්ඩුවේ මර්දනය මැනවින් ප‍්‍රදර්ශණය වන්නේයැයි විරෝධතා පාගමනට සහභාගීවී සිටි බඹරකන්දේ ඥාණසිරි හිමියෝ කීහ.

දඹර අමිල හිමියන් අත්අඩංගුව ගෙන ඇත්තේ දේශපාලන පලිගැනීමක් වශයෙන් වන බවත් මේ නිසා උන්වහන්සේ වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතුයැයි විරෝධතාවට එක්ව සිටි භික්ෂූන්වහන්සේලා රජයට බලකර සිටියහ. මීට පෙර පැවැති ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීම සදහා අමිල හිමියන් විශාල සේවයක් කළ බවත් උන් වහන්සේ විසින් ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම නිසා මේ ආකාරයට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අත්තනයාලේ සමිත හිමියෝ කීහ.

දඹර අමිල හිමියන් අත්අංගුවට ගැනීම මර්දනයේ මුල් අවස්ථාවක් වන බවද ඉදිරියේදී තවත් මර්දනකාරී පියවර දැකීමට හැකි වන බවද භික්ෂූන් වහන්සේලාගේ පාගමන සදහා එක්ව සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නාමල්ඔය ආනන්ද හිමියෝ කීය. ‘‘මේ පෙරහැරේ කස කාරයෝ යන වෙලාව. ඉදිරියේදී තවත් මර්දනකාරී පියවරන් දැකීමට හැකියි.’’

අමිල හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට රටේ යහ පාලනය ඇතිකිරීම සදහා ජනතාව ඒකරාශී වෙමින් සිටින්නේයැයි මෙම සත්‍යග‍්‍රහය සදහා එක්ව සිටි භික්ෂූන් වහන්සේලා අමතමින් ජාතික භික්ෂු පෙරමුණේ උපදේශක මහාචාර්ය අත්ංගල රතනපාල හිමියෝ පැවසූහ.

සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාට පැවරී තිබෙන වගකීමෙන් පිට කාර්යභාරයන්ට අමතරව මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවීම පිළිබදව නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරති. මෙම භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන්නක් බව සමහරු කියති.

‘‘හාමුදුරුවරුන් ආගමික වැඩ කටයුතු කරගෙන සිටිය යුතුයි. එහෙත් ඒ ආකාරයට ආගමික වැඩ කටයුතු සිදුකරගෙන සිටීමට අවශ්‍ය සාමකාමී වාතාවරණයක් නොමැති නිසා මේ ආකාරයට භික්ෂූන් වහන්සේලාට විරෝධතා ව්‍යාපාරයන්හි නිරතවීමට සිදුව තිබෙනවා.’’ ඥාණසිරි හිමියෝ සදහන් කළහ.

එහෙත් ‍දේශපාලන පලිගැනීමක් වශයෙන් අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පවසයි. පොලීසිය වෙත ලැබුණු පැමිණිළි මත උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

  • Share/Bookmark

කෝවිලේ හාස්කම

October 27, 2009 by Editor  
Filed under Featured, Stories

kovil mainMiracle at the Kovil

සදීශ්වරන් හිරු නැගෙන්නට පෙර කෝවිලට ආවේ සුවද කපුරු දල්වා කන්නගි අම්මාන් දේවිදුගේ  ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙනි. ඔහු සේම දේව ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි තවත් කිහිප දෙනෙක් මඩකලපුව වන්දාරමුල්ලේ පිහිටි මෙම කෝවිල් භූමියේ දෙවිදුට පූජා පවත්වමින් සිටිහය.

මෙසේ පැමිණ සිටි බැතිමත්හු විස්මයට පත් කරමින් එක් වරම වසා තිබූ කෝවිලෙන් ගිගිරි නාදයක් පැතිරෙන්නට විය. මේ ගිගිරි නාදය කන්නගි අම්මාන් දේව මෑණියන්ට ආවේණික ශබ්දයක් බැවින් මේ සිදු වන්නෙ දේව හාස්කමක් බව ඔවුනට ක්ෂණයෙන් වැටහී ගියහ. අනතුරුව කෝවිල ඉදිරිපිට වූ කන්නගි අම්මාන් දේව පිළිරුව ඉදිරියේ ඔවුහු වැද වැටුණේ මහත් භක්තියෙනි. ස්වල්ප  වේලාවකින් මේ සිද්ධිය අනෙක් ගම්මුන්ටද ආරංචි වූ අතර මොහොතකින්  මුථ ගමම කෝවිල ඉදිරිපිටට රැස් වූයේ කන්නගි අම්මාන් දේව මෑණියන්ගේ හාස්කම් දැක බලා ගැනීමේ අටියෙනි.

‘‘ ඇත්තටම අපිට හිතා ගන්න වත් බැහැ මේ මොනවද වෙන්නෙ කියලා. අපි උදේ ඉදන් හවස් වෙනකම්ම කෝවිල ලගට වෙලා ඉන්නවා.  පූජාව තියෙන හැම වෙලාවකදීම ගිගිරි සද්දෙයි. උඩැක්කි සද්දෙයි ඇහෙනවා. ඇත්තටම මේක දේව මෑණියන්ගෙ හාස්කමක්. අපේ වාසනාව කියලයි මම හිතන්නෙ.’’ වන්දාරමුල්ලේ පදිංචි පුවලිංගම් මහේෂ්වරී පැවසුවාය.

මඩකලපුව වන්දාරමුල්ලේ පිහිටි මෙම අම්මාන් කෝවිල ප‍්‍රදේශයේ හින්දු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පාත‍්‍ර වූවකි. වසරකට වරක් විවෘත කරන මේ කෝවිලට පුද පූජා පැවැත් වීමෙන් අනතුරුව වසා දැමෙන අතර ඉන් පසුව එය විවෘත කරනු ලබන්නේ ඊලග වසරේ මැයි මාසයේදීය. කිසිදු හේතුවකින් තොරව වසරේ අනෙක් කාල වලදී මේ කෝවිල විවෘත කිරීමේ සිරිතක් නැත.

මේි වන විට දේව හාස්කම් දැක බලා ගැනීමේ අරමුණින් විශාල පිරිසක් දින පතා  කෝවිල වෙත පැමිණෙමින් සිටී.

‘‘ මම මුණුබුරා එක්ක ඊයේ අවා. අපිට ගිගිරි සද්දෙ හොදට ඇහුණා. බලන්න  කන්නගි මෑණියන්ගෙ පිළිරුව දිහා. එක ඇහැක් බාගෙට වැහිලා. ඊයේ අපි දැක්කා මේ ඇහෙන් කදුථ වැක්කෙරෙනවා. මම කියන්නෙ මගේ ඇස් වලින් දැක්පු ඇත්ත.’’ කල්කුඩා පදිංචි හැත්තෑ දෙහැවිදිරි සිද්ධේශ්වරී පැවසුවාය.

වන්දාරමුල්ලේ වැසියන් සිය දෛනික රාජකාරී සියල්ල පසෙක ලා උදෑසන සිට මධ්‍යම රාත‍්‍රි වන තුරු මේ කෝවිල් භූමියේ රු`දී සිටිති.

‘‘ කන්නගි මෑණියන්ගේ මේ සද්දෙ අපිට ගොඩක් වැදගත් වෙනවා. මේ හාස්කම් වලින් කියවෙන්නෙ දේව මෑණියෝ අපිට වැදගත් ආරංචියක් ලබා දෙන්න සූදානම් කියලා.’’ වානේෂ විද්‍යාල පාරේ පදිංචි එස් කනපතිපිල්ලේ පවසයි. ඔහු කෝවිලේ කමිටු සාමාජිකයෙකි.

‘‘ අපිට තේරෙන හැටියට දේව මෑණියො මේ කියන්නෙ මිනිස්සුන්ට සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න කියලා. පිරිසිදුව හොද හිතින් ජීවත් වෙන්න කියලා. එතුමියගෙ පණිවුඬේට අපි පුද පූජා පවත්වන්න  ඕන. මේ දවස් වල අපි එ් ගැන සාකච්ඡා කරනවා.’’ කනපතිපිල්ලේ පැවසුවේය. වසර මධ්‍යයේ කෝවිල විවෘත කිරීම පිළිබද ඔවුහු මේ වන විට මෙම අම්මාන් කෝවිලෙ පූසාරී සමග සාකච්ඡා පවත්වමින් සිටිති.

හින්දු භක්තිකයන්ගේ නොමද ගෞරවාදරයට පත් ව ඇති කන්නගි අම්මාන් දේව මෑණියන් හා බැදුණු පුරාවෘත්තයක්ද පවතී. මේ පුරාවෘත්තය සදහා හින්දු සාහිත්‍යයේ ප‍්‍රමුඛ ස්ථානයක් හිමිව තිබේ.

මීට වසර දහස් ගණනනට එපිට ඉන්දියාවේ මධුර පුරයේ රජ කළ එක්තරා රජෙකුට කෝවලන් නමැති විශ්වාසවන්ත රාජ සේවකයකු විය. කෝවලන් විවාහකයෙකු වූ අතර ඔහුගේ බිරිද වූයේ කන්නගිය. මේ දෙදෙනා එකිනෙකාට මහත් ස්නේහයෙන් ජීවත් වූහ.

කෝවලන් අවංකව රාජ සේවයේ යෙදුණ සේවකයෙක් වූයේය. ඔහු කිසි විටෙක සිය සේවය පැහැර හැරීමක් සිදු කර තිබුණේ නැත. මේ හේතුවෙන් කෝවලන් නිරතුරුවම රජතුමාගේ ඇගැයීමට පාත‍්‍ර විය.

මේ අතරතුරේදී රජතුමාගේ දේවියගේ පා සළඹ අස්ථාන ගත විය. පා සළඹ සේවීමට රාජ සේවකයන් යෙදවීමට රජතුමා කටයුතු කළේය. මේ අවස්ථාවේ නිවසේ සිටි  කෝවලන් සිය බිරිදගේ පා සළඹ අත්ල මත තබාගෙන සිටියේය. එවිට ඔහුගේ නිවසට කඩාවැදුණු රාජ සේවකයෝ ඒ පා සළඹ රාජ දේවියගෙන් හොරකම් කරන පා සළඹ යැයි සැක කොට කෝවලන් සිරබාරයට ගත්හ.

නිදහසට කරුණු කීවද කෝවලන් වැරදිකරු යැයි රාජ සභාවෙන් තීරණය කළේය. ඒ සදහා දඩුවම වූයේ  කෝවලන්ගේ හිස ගසා දැමීමයි.

සිය ආදරණීය සැමියා අකල් මරණයකට ලක් වූ බව අසා කන්නගි රාජ මාලිගාව වෙත පැමිණ කෝවලන්ගේ නිර්දෝෂී බව ඔප්පු කළාය. කෝවලන් ඒ අවස්ථාවේ රැුගෙන සිටියේ තමන්ගේ පා සළඹ බව ඇය ඔප්පු කළේ සිය පා සළඹ කඩා රාජ සභාව මධ්‍යයේ විසුරුවා හැරීමෙනි. එවිට ඒ සළඹ කන්නගිගේ බවට තහවුරු විය. එහෙත් ඒ වන විට කෝවලන් මිය ගොස් සිටියේය. මහත් වේදනාවට පත් වූ කන්නගි නිර්දෝෂී සිය සැමියාට අකල් මරණයක් හිමි කර දුන් සැමට සාප කළාය. එහි ප‍්‍රතිඵලය වූයේ මධුර පුරය ගිනි ගෙන දැවී අළු වී යාමයි.

අසාධාරණයට එරෙහිව සටන් වැදුණු කන්නගි ඉන් පසුව දේවත්වයෙන් සැළකීමට පටන් ගත්තේය. අදටත් හින්දු කාන්තාවෝ තමන්ට අසාධාරණයක් වූ විට කන්නගි අම්මාන් දේව මෑණියන්ට පුද පූජා පවත්වන්නේ සහනයක් බලාපොරොත්තුවෙනි.

කන්නගි අම්මාන් දෙවිදුට ගෞරවකිරීමක් ලෙස වන්දාරමුල්ල කන්නගි අම්මාන් කෝවිල පිහිටු වනු ලැබුයේ මීට දශක කිහිපයකට පෙරාතුවය. ඉන් අනතුරුව දහසක් දනො සිය දුක් දොම්නස් වලට පිහිටක් බලාපොරොත්තුවෙන් මෙම කෝවිලට පුද පූජා පැවත්වූහ. ඔහුන් පවසන ආකාරයට සිය ඉල්ලීම් වලට කන්නගි අම්මාන් දේව මාතාව දැන් ඇහුම්කන් දී තිබේ.

‘‘ මම ආවේ කතරගම ඉදලා. මේ විදිහට හාස්කම් වෙනවා කියලා අපිට දැන ගන්න ලැබුණම අපි හිතුවේ අපි ගොඩක් වාසනාවන්තයි කියළා. අපේ ගමම බස් එකක් අරගෙන ආවේ. දැන් අපේ දුක් කරදර වලට අනිවාර්යයෙන් සහනයක් ලැබෙයි’’ හැට පස් වියැති මයිල්වාගනම් පැවසුවේය.

වන්දාරමුල්ලේ වැසියන් දැන් සිටින්නේ මහත් සන්තෝෂයෙනි. කන්නගි අම්මාන් දෙවි`දුගේ ඇල්ම බැල්ම දැන් ඔවුන්ට ලැබී තිබේ.ඇගේ දෙවි පිහිට දිනකදී මුථ රටටම ලැබෙනු ඇතැයි වන්දාරමුල්ලේ වැසියෝ බලාපොරොත්තුවෙන් සිටිති.

The Kannagi Amman Kovil in Wandaramulla, Batticaloa has now become a key attraction among Hindu devotees in the area following a miracle that had occurred in the kovil. Devotees worshiping outside the closed kovil at dawn had heard the sound of clicking anklets from inside the kovil. The kovil is opened only once every year in the month of May and is shut during the rest of the year. However, this miracle has made devotees believe that Goddess Kannagi Amman, known among Hindus to stand for faith and justice, was now looking down at them. People of Wandaramulla now give priority to visiting this kovil every morning before commencing their daily chores and they hope the Goddess would invoke blessings on the country as well.

  • Share/Bookmark

සින්දු හදන හාමුදුරුවෝ

September 9, 2009 by Editor  
Filed under Featured, Stories

Monk main

Musician monk

සාමාන්‍ය පන්සලක හිමිනමක් වැඩ වාසය කරන කුටියකින් සංගීත නාදයන් ඇසෙන්නේ නැති නමුත් බිබිලාදෙනියේ මහානාම හිමියන් වැඩ වාසය කරන කුටියේ නිරන්තරයෙන් සංගීත නාද ඇසෙන්නේය. ඇතැම් විට ගිටාරයේ හඩ උන්වහන්සේ වැඩ සිටින කුටියෙන් ඇසෙන අතර තවත් අවස්ථාවක සර්පිනාව වාදනය කරන හඩ එම කුටිය දෙසින් ඇසෙන්නේය.

ගිහි කාලයේදී සංගීතය පිළිබදව විශාල ඇල්මක් නොතිබුනත් වයස අවුරුදු දහයේදී පැවිදි දිවියට පැමිණි මහානාම හිමියන් සංගීතයට අත් පොත් තබන්නට වූහ. තමන් පැවිදි දිවියට පැමිණි පඩුවස්නුවර දිග්ගලගෙදර ශ‍්‍රී ශෛලාරාම නිකේතනයේදී සංගීත දිවිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලැබුණ බව මහානාම හිමියෝ කියති.

මහණ ජීවිතයත් සමගින් සංගීත දිවිය ආරම්භ කළ උන් වහන්සේ මේ වන විට සංගීත අධ්‍යක්ෂවරයෙක් වශනේ කටයුතු කරන්නේය. ඒ පමණක් නොව තනු නිර්මාණ ශිල්පියෙක් වශයෙන්ද සංගීත නිර්මාණයේ යෙදෙන්නේය. මේ වන විට සංගීත අධ්‍යක්ෂණයේ හා තනු නිර්මාණයේ යෙදෙන එකම භික්ෂුව වන්නේ මහානාම හිමියන්ය.

ගිහි ජීවිතයේදී කිසිම දිනෙක මහානාම හිමියන්ගේ ගෙදර සංගීත පරිසරයක් තිබුනේ නැත. ගිහි කල සිට සංගීතයට ඇල්මක් තිබුනත් දහම්පාසලේ සමිතියක් ඉදිරියට ගොස් කවියක් කීමට පවා උන්වහන්සේ දක්වා තිබුණේ මැලි කමකි.

‘‘ඉස්සර මම හරිම සබකෝලයෙන් සිටි අයෙක්. එක දවසක් දහම්පාසලේ සමිතිය ඉදිරියේ කවියක් කියන්න හාමුදුරුවෝ බල කළා. මේ නිසා තමයි කවියක් හරි ගිහින් කිව්වේ. ඉස්සර මම තවත් කෙනෙක් එක්ක කතාකරන්න පවා සබකෝලයක් දැක්වුවා.’’ මහානාම හිමියෝ කීහ.

මේ කාලය වන විට ශෛලාරාම නිකේතනයේ දහම් පාසලේ භක්ති ගීත කණ්ඩායමක් තිබුණි. සෑම වසරකම පොසෙන් පොහොයට භක්ති ගීත කණ්ඩායම භක්ති ගීත සංදර්ශණයක් ඉදිරිපත් කරයි. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවන අයුරු කුඩා මහානාම සාමනේරයන් බලා සිටියේ දැඩි ආසාවකිනි. භක්ති ගීත කණ්ඩායමේ පුහුණුවීම් සදහා කුඩා ප‍්‍රමාණයේ විදුලි  ඕගනයක් තිබූ අතර මෙය වාදනය කරන ආකාරය උන්වහන්සේ නිතරම බලා සිටියහ. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවීම් අවසන් කළ විට කුඩා මහානාම හිමියන්  ඕගනයේ යතුරු එකින් එක ඔබමින් එයින් නික්මෙන නාදයන් අසා සිටින්නට විය.

භක්ති ගීත පුහුණුව සිදු නොවන දිනවලදී විදුලි  ඕගනය රැුදුනේ මහානාම හිමියන් වැඩ සිටි කුටියේය. තමන්ගේ කුටියට විදුලි  ඕගනය රැගෙන ගිය මහානාම හිමියන් එය වාදනය කරමින් ක‍්‍රමයෙන්  ඕගන් වාදනයට හුරුවිය. මේ වන විට පන්සලේ සිටි කුඩා හිමිවරුන් සියලූදෙනාම මහානාම හිමියන්ගේ කුටියට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේ උන් වහන්සේ එතරම් මිහිරි ලෙස  ඕගනය වාදනය කරන නිසාය.  ඕගන් වාදනය පුරුදුවූ ආකාරයටම ගිටාර් වාදනයද උන් වහන්සේට පුරුදුවීමට හැකිවිය. ඒ උන්වහන්සේ වැඩසිටි පන්සල ආසන්නයේ තිබූ තවත් පන්සලක භක්තිගීත කණ්ඩායමට අයත්ව තිබූ ගිටාරයක් ගෙනවිත් පුරුදුවීමෙනි.

‘‘සාමාන්‍ය අයෙක් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්නවාට වඩා වැඩි ඉක්මනින් මට සංගීත භාණ්ඩ වාදනය කිරීම ඉගෙන ගැනීමට හැකියාව ලැබුණා.’’ උන්වහන්සේ කීහ.

මහානාම හිමියන්ට මුලින්ම සංගීත නිර්මාණයකට දායක වූයේ උන්වහන්සේ වැඩ සිටි පන්සලේ භක්ති ගීත කණ්ඩායමට භක්ති ගීතයක්් සදහා තනු නිර්මාණය කරමින්ය. ඒ තනුව නිර්මාණය වූයේ ‘‘මිස්සක පබ්බත හරි සිරියාවයි – මිහිදු සමිදු වැඩලා’’ යන බැති ගීතයටය.

‘‘මගේ ගුරු හාමුදුරුවන් වන වහන්තෙරේ සිද්ධාර්ථ හිමියන් මගේ දක්ෂතාවයන් හදුනාගෙන මට තනු නිර්මාණයක් සදහා අවස්ථාව ලබා දුන්නා. එතැනින් ආරම්භ කළ ගමනේ මම මේ වන විට තනු නිර්මාණ ශිල්පියෙක් වගේම සංගීත අධ්‍යක්ෂ වරයෙක් බවට පත්ව තිබෙනවා.’’ මහානාම හිමි පැවසුවේය.

මහානාම හිමියන් තනු නිර්මාණය කිරීමට පෙර සංගීතය පිළිබදව ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් ලැබුවේය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරවාරයේදී සංගීතය හැදෑරීම සදහා උන් වහන්සේ වේලාවක් වෙන් කර ගත්තේය. ඇතැම් අවස්ථාවක පිරිවෙන් ගොස් පැමිණි පසු සංගීත ගුරුවරුන් වෙත ගොස් අධ්‍යාපනය ලැබුවේය. කුලියාපිටියේ වැඩ සිටින අවස්ථාවේදී සංගීත වේදියෙක් වන ඩෙන්ස්ටන් පෙරේරා වෙතින් උන්වහන්ස් සංගීත අධ්‍යාපනය ලැබුවේය. ඒ සංගීත පන්තියට වෙනත් කිසිදු සිසුවෙක් සහභාගී වූයේ නැත.

මේ වන විටත් උන් වහන්සේ සංගීත අධ්‍යාපනය හදාරමින් සිටින්නේය. පෙරදිග සංගීතය පමණක් නොව බටහිර සංගීතය පිළිබදව උන් වහන්සේ තවමත් හැදෑරීම් කරයි. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත ආචාර්යවරුන් දෙදෙනෙක් යටතේය.

‘‘මම දැන් එක් ගුරුවරයෙක් යටතේ පෙරදිග සංගීතය හදාරනවා. තවත් ගුරුවරයෙක් යටතේ බටහිර සංගීතය හදාරනවා. මම තවමත් සති අන්තයේදී හා සවස් කාලයේදී තමයි සංගීත ගුරුවරුන් වෙත ගොස් සංගීතය හදාරන්නේ.’’ මහානාම හිමියෝ කීහ.

සංගීතය පමණක් නොව සංගීත අධ්‍යක්ෂණයද උන්වහන්සේ ඉගෙන ගත්තේය. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂවරයෙක් වන දිලියුප් ගබඩාමුදලිගේ යටතේය. මේ වන විට මහානාම හිමියන් ගීත හැටක් පමණ අධ්‍යක්ෂණය කර තිබේ. එම සංගීත අධ්‍යක්ෂණ කටයුතු සදහා යොදාගන්නේ මීගමුවේ පිහිටි ශබ්දාගාරයක්ය.

‘‘මම මා විසින්ම තනු නිර්මාණය කරන ලද ගීත මෙන්ම වෙනත් තනු නිර්මාණ ශිල්පීන් විසින් තනු නිර්මාණය කරන ලද ගීත අධ්‍යක්ෂණය කරනවා. කිසියම් ගීතයක් පටිගත කිරීම සදහා අවශ්‍ය වූ විට මම ශබ්දාගාරය ඒ සදහා වෙන් කරවාගෙන අදාල නිර්මාණ කටයුත්ත සිදුරනවා.’’ මහානාම හිමියෝ කීහ.

මහානාම හිමියන් තමන්ගේ සංගීත අධ්‍යක්ෂණ කාර්යයයේදී නවීන තාක්ෂණය යොදාගන්නේය. මේ සදහා ඇතැම් අවස්ථාවක පරිඝනකය පවා යොදාගන්නේය. එහෙත් පරිඝනකයෙන් ගීත නාදයන් ලබාගන්නවාට වඩා වාද්‍ය කණ්ඩායමක් වෙතින් සංගීත නාද ලබාගැනීමට උන් වහන්සේ කැමැත්තක් දක්වයි.

‘‘අපි සංගීත නිර්මාණයක් කරන විට එය විදින්න  ඕන. සංගීත ශිල්පියෙක් වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්නේ කිසියම් හැගීමකින් යුතුවයි. ඒත් වාද්‍ය ශිල්පියා ලබාදෙන ආකාරයේ හැගීමක් පරිඝනකයට ලබාදෙන්න බැහැ. ඒ නිසා මම මේ දෙකම මිශ‍්‍ර කරලා සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.

සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසින් සිය දක්ෂතා පෙන්වන ආකාරයෙන්ම මහානාම හිමියන් තනු නිර්මාණයෙන්ද දක්ෂතා පෙන්වන්නේය. තනු නිර්මාණ ශිල්පීන් තමන් අතට පද නිර්මාණයක් ලැබීමට පෙර තනුවක් සකස් කරන නමුත් මහානාම හිමියන් කිසිම අවස්ථාවක පද මාලාවක් නොමැතිව තනුවක් නිර්මාණය නොකරයි.

‘‘පද රචකයා ගීතයට කිසියම් අර්ථයක් ලබාදෙනවා. මේ අර්ථය දැනෙන ආකාරයට තමයි තනුවක් නිර්මාණය කළ යුතු වන්නේ. මේ නිසා පද නිර්මාණය මගේ අතට පත්වීමට පෙර ගීතයක් සදහා තනු නිර්මාණයක් කරන්නේ නැහැ.’’ මහානාම හිමියෝ කීය.

තනු නිර්මාණයක් ආරම්භ කිරීමට පෙර ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවධානය යොමුකරයි. ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවභෝධයක් ලබාගැනීමට නොහැකි නම් පද රචකයාගෙන් ගීයේ අර්ථය පිලිබදව විමසන බව මහානාම හිමියෝ කීහ.

ගීතයකට තනුවක් නිර්මාණය කිරීම සදහා උන්වහන්සේට ගතවන්නේ සතියක් වැනි කාලයකි. තනු නිර්මාණය කරන අවස්ථාවේදී ඇති සංගීත භාණ්ඩය යොදාගෙන තනුවක් සකස්කිරීමට මහානාම හිමියන්ට පුළුවන. ඇතැම්විට සර්පිනාව යොදාගෙන තනුව නිර්මාණය වන විට තවත් විටක ගිටාරය හෝ වෙනත් සංගීත භාණ්ඩයක් යොදාගෙන තනුව නිර්මාණය වන්නේය.

බටහිර සංගීතයේ ආශ‍්‍රය ලැබුවත් තමන් සංගීත නිර්මාණයෙන් දායක වන්නේ බෞද්ධ ගීත හා ළමා ගීත සදහා පමණක් වන බව මහානාම හිමියෝ කියයි.

රවීන් කනිශ්ක නැමති නවක ගායකයා විසින් ගායනා කරන තුන්හෙළේ නැමති දේශාභිමානී ගීතය තමා විසින් තනු නිර්මාණය කරන ලද ගීත අතරින් වඩාම කැමති ගීතය වන බව මහානාම හිමියෝ කියති.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සංගීතය සුදුසු නැතැයි ඇතමුන් ප‍්‍රකාශ කරන නමුත් සංගීත නිර්මාණ කටයුතුවලින් ඈත් වන්නැයි බුදුන්වහන්සේ ප‍්‍රකාශ කර නැතැයි මහානාම හිමියෝ පවසති.

‘‘නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්ඩප විභූස නට්ටානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි (නැටීම් ගැයුම්, වාදනය කිරීම්, සුවද විලවුන් ආලේපනය, සිත පිනවන දර්ශණ නැරඹීමෙන් වලකිමි) කියන සිල්පදය දස සිල්වලට ඇතුළත්වන නමුත් එය ප‍්‍රකාශ කර තිබෙන්නේ බීමත්ව කාන්තාවන් සමග නිරුවතින් චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා නටමින් සිටීමේ සිදුවීමක් නිසා. මේක භික්ෂූන්ට පමණක් නොවෙයි ගිහියන්ටත් පොදුයි. ඒත් බුදුහාමුදුරුවෝ මොනම තැනකවත් සංගීත කටයුතු කරන්න එපා කියලා කියලා නැහැ.’’ මහානාම හිමියෝ කීහ.

තමන් සංගීත කටයුතුවල නිරතවීම පිළිබදව කිසිදු නායක හිමිනමක් මේ වන තෙක් විරෝධයක් පළකර නැතැයි මහානාම හිමියන් කියයි.

ලංකාවේ සිටින සංගීත නිර්මාණ ශිල්පීන්ට අභියෝග ත්‍නාකරන මහානාම හිමියන් බෞද්ධ ගීත සදහා තනු නිර්මාණය කරමින් මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම සදහා සංගීතය යොදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේය.

‘‘අපේ රටේ සිදු හදන්න  ඕන තරම් අය ඉන්නවා. මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවපත් භාවය වෙනුවෙන් සංගීත නිර්මාණය කිරීම තමයි මගේ බලාපොරොත්තුව.’’ මහානාම හිමියෝ පවසති.

Ven. Bibiladeniye Mahanama Thero’s interest in music began after he was ordained as a Buddhist monk at the age of 10. He received the necessary encouragement at the Diggalgedara Sri Shailarama institute in Panduwasnuvara where he was ordained. Ven. Mahanama Thero’s first experience with a musical instrument was when he played an electric organ that was being used for Bhakthi Gee practices at the temple. After learning to play the organ on his won, he learnt to play the guitar. Ven. Mahanama Thero says that although some have said music was not suitable for Buddhist monks, the Lord Buddha has not made any such references. The main aim of the musical monk is to create music that would bring about spiritual healing to people.

  • Share/Bookmark

Next Page »