කොළඹ භික්ෂු විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන ලකුණු

January 5, 2010 by Editor  
Filed under Featured, Stories

Monks protest in Colombo

නැවත වරක් කොළඹ නගරයේ ආරම්භ වූ භික්ෂූන් වහන්සේලාගේ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙන බවට වන ලකුණු පළ කරමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් කොළඹදී තවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේය.

දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කරන දඹර අමිල හිමියන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගින් කොළඹ නගරයේදී භික්ෂූන්ගේ උද්ඝෝෂණ නැවත වරක් ආරම්භ විය. එම උද්ඝෝෂණ හා සත්‍යග‍්‍රහ තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ තවත් එක් විරෝධතා පාගමනක් ජනවාරි 5 වැනිදා සවස පැවැත්වූ අතර එම පාගමන බොරැල්ල නගරයෙන් ආරම්භ විය. බොරැුල්ල නගරයෙන් ආරම්භ වූ පාගමන වෝඞ් පෙදෙසේ සිට ටවුන් හෝල් ඔස්සේ විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියේය. පාගමනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණි භික්ෂූන් වහන්සේල එය ඉදිරිපිට සත්‍යග‍්‍රයකද නිරත වූයේය.

දඹර අමිල හිමියන් අත්අඩංගුවටගැනීමට විරෝධය දැක්වීම සදහා තමන් මේ ආකාරයට එක්ව සිටින බවත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර මගින් ආණ්ඩුවේ මර්දනය මැනවින් ප‍්‍රදර්ශණය වන්නේයැයි විරෝධතා පාගමනට සහභාගීවී සිටි බඹරකන්දේ ඥාණසිරි හිමියෝ කීහ.

දඹර අමිල හිමියන් අත්අඩංගුව ගෙන ඇත්තේ දේශපාලන පලිගැනීමක් වශයෙන් වන බවත් මේ නිසා උන්වහන්සේ වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතුයැයි විරෝධතාවට එක්ව සිටි භික්ෂූන්වහන්සේලා රජයට බලකර සිටියහ. මීට පෙර පැවැති ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීම සදහා අමිල හිමියන් විශාල සේවයක් කළ බවත් උන් වහන්සේ විසින් ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම නිසා මේ ආකාරයට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අත්තනයාලේ සමිත හිමියෝ කීහ.

දඹර අමිල හිමියන් අත්අංගුවට ගැනීම මර්දනයේ මුල් අවස්ථාවක් වන බවද ඉදිරියේදී තවත් මර්දනකාරී පියවර දැකීමට හැකි වන බවද භික්ෂූන් වහන්සේලාගේ පාගමන සදහා එක්ව සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නාමල්ඔය ආනන්ද හිමියෝ කීය. ‘‘මේ පෙරහැරේ කස කාරයෝ යන වෙලාව. ඉදිරියේදී තවත් මර්දනකාරී පියවරන් දැකීමට හැකියි.’’

අමිල හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට රටේ යහ පාලනය ඇතිකිරීම සදහා ජනතාව ඒකරාශී වෙමින් සිටින්නේයැයි මෙම සත්‍යග‍්‍රහය සදහා එක්ව සිටි භික්ෂූන් වහන්සේලා අමතමින් ජාතික භික්ෂු පෙරමුණේ උපදේශක මහාචාර්ය අත්ංගල රතනපාල හිමියෝ පැවසූහ.

සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාට පැවරී තිබෙන වගකීමෙන් පිට කාර්යභාරයන්ට අමතරව මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවීම පිළිබදව නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරති. මෙම භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන්නක් බව සමහරු කියති.

‘‘හාමුදුරුවරුන් ආගමික වැඩ කටයුතු කරගෙන සිටිය යුතුයි. එහෙත් ඒ ආකාරයට ආගමික වැඩ කටයුතු සිදුකරගෙන සිටීමට අවශ්‍ය සාමකාමී වාතාවරණයක් නොමැති නිසා මේ ආකාරයට භික්ෂූන් වහන්සේලාට විරෝධතා ව්‍යාපාරයන්හි නිරතවීමට සිදුව තිබෙනවා.’’ ඥාණසිරි හිමියෝ සදහන් කළහ.

එහෙත් ‍දේශපාලන පලිගැනීමක් වශයෙන් අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පවසයි. පොලීසිය වෙත ලැබුණු පැමිණිළි මත උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

  • Share/Bookmark

කෝවිලේ හාස්කම

October 27, 2009 by Editor  
Filed under Featured, Stories

kovil mainMiracle at the Kovil

සදීශ්වරන් හිරු නැගෙන්නට පෙර කෝවිලට ආවේ සුවද කපුරු දල්වා කන්නගි අම්මාන් දේවිදුගේ  ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙනි. ඔහු සේම දේව ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි තවත් කිහිප දෙනෙක් මඩකලපුව වන්දාරමුල්ලේ පිහිටි මෙම කෝවිල් භූමියේ දෙවිදුට පූජා පවත්වමින් සිටිහය.

මෙසේ පැමිණ සිටි බැතිමත්හු විස්මයට පත් කරමින් එක් වරම වසා තිබූ කෝවිලෙන් ගිගිරි නාදයක් පැතිරෙන්නට විය. මේ ගිගිරි නාදය කන්නගි අම්මාන් දේව මෑණියන්ට ආවේණික ශබ්දයක් බැවින් මේ සිදු වන්නෙ දේව හාස්කමක් බව ඔවුනට ක්ෂණයෙන් වැටහී ගියහ. අනතුරුව කෝවිල ඉදිරිපිට වූ කන්නගි අම්මාන් දේව පිළිරුව ඉදිරියේ ඔවුහු වැද වැටුණේ මහත් භක්තියෙනි. ස්වල්ප  වේලාවකින් මේ සිද්ධිය අනෙක් ගම්මුන්ටද ආරංචි වූ අතර මොහොතකින්  මුථ ගමම කෝවිල ඉදිරිපිටට රැස් වූයේ කන්නගි අම්මාන් දේව මෑණියන්ගේ හාස්කම් දැක බලා ගැනීමේ අටියෙනි.

‘‘ ඇත්තටම අපිට හිතා ගන්න වත් බැහැ මේ මොනවද වෙන්නෙ කියලා. අපි උදේ ඉදන් හවස් වෙනකම්ම කෝවිල ලගට වෙලා ඉන්නවා.  පූජාව තියෙන හැම වෙලාවකදීම ගිගිරි සද්දෙයි. උඩැක්කි සද්දෙයි ඇහෙනවා. ඇත්තටම මේක දේව මෑණියන්ගෙ හාස්කමක්. අපේ වාසනාව කියලයි මම හිතන්නෙ.’’ වන්දාරමුල්ලේ පදිංචි පුවලිංගම් මහේෂ්වරී පැවසුවාය.

මඩකලපුව වන්දාරමුල්ලේ පිහිටි මෙම අම්මාන් කෝවිල ප‍්‍රදේශයේ හින්දු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පාත‍්‍ර වූවකි. වසරකට වරක් විවෘත කරන මේ කෝවිලට පුද පූජා පැවැත් වීමෙන් අනතුරුව වසා දැමෙන අතර ඉන් පසුව එය විවෘත කරනු ලබන්නේ ඊලග වසරේ මැයි මාසයේදීය. කිසිදු හේතුවකින් තොරව වසරේ අනෙක් කාල වලදී මේ කෝවිල විවෘත කිරීමේ සිරිතක් නැත.

මේි වන විට දේව හාස්කම් දැක බලා ගැනීමේ අරමුණින් විශාල පිරිසක් දින පතා  කෝවිල වෙත පැමිණෙමින් සිටී.

‘‘ මම මුණුබුරා එක්ක ඊයේ අවා. අපිට ගිගිරි සද්දෙ හොදට ඇහුණා. බලන්න  කන්නගි මෑණියන්ගෙ පිළිරුව දිහා. එක ඇහැක් බාගෙට වැහිලා. ඊයේ අපි දැක්කා මේ ඇහෙන් කදුථ වැක්කෙරෙනවා. මම කියන්නෙ මගේ ඇස් වලින් දැක්පු ඇත්ත.’’ කල්කුඩා පදිංචි හැත්තෑ දෙහැවිදිරි සිද්ධේශ්වරී පැවසුවාය.

වන්දාරමුල්ලේ වැසියන් සිය දෛනික රාජකාරී සියල්ල පසෙක ලා උදෑසන සිට මධ්‍යම රාත‍්‍රි වන තුරු මේ කෝවිල් භූමියේ රු`දී සිටිති.

‘‘ කන්නගි මෑණියන්ගේ මේ සද්දෙ අපිට ගොඩක් වැදගත් වෙනවා. මේ හාස්කම් වලින් කියවෙන්නෙ දේව මෑණියෝ අපිට වැදගත් ආරංචියක් ලබා දෙන්න සූදානම් කියලා.’’ වානේෂ විද්‍යාල පාරේ පදිංචි එස් කනපතිපිල්ලේ පවසයි. ඔහු කෝවිලේ කමිටු සාමාජිකයෙකි.

‘‘ අපිට තේරෙන හැටියට දේව මෑණියො මේ කියන්නෙ මිනිස්සුන්ට සමගියෙන් සාමයෙන් ජීවත් වෙන්න කියලා. පිරිසිදුව හොද හිතින් ජීවත් වෙන්න කියලා. එතුමියගෙ පණිවුඬේට අපි පුද පූජා පවත්වන්න  ඕන. මේ දවස් වල අපි එ් ගැන සාකච්ඡා කරනවා.’’ කනපතිපිල්ලේ පැවසුවේය. වසර මධ්‍යයේ කෝවිල විවෘත කිරීම පිළිබද ඔවුහු මේ වන විට මෙම අම්මාන් කෝවිලෙ පූසාරී සමග සාකච්ඡා පවත්වමින් සිටිති.

හින්දු භක්තිකයන්ගේ නොමද ගෞරවාදරයට පත් ව ඇති කන්නගි අම්මාන් දේව මෑණියන් හා බැදුණු පුරාවෘත්තයක්ද පවතී. මේ පුරාවෘත්තය සදහා හින්දු සාහිත්‍යයේ ප‍්‍රමුඛ ස්ථානයක් හිමිව තිබේ.

මීට වසර දහස් ගණනනට එපිට ඉන්දියාවේ මධුර පුරයේ රජ කළ එක්තරා රජෙකුට කෝවලන් නමැති විශ්වාසවන්ත රාජ සේවකයකු විය. කෝවලන් විවාහකයෙකු වූ අතර ඔහුගේ බිරිද වූයේ කන්නගිය. මේ දෙදෙනා එකිනෙකාට මහත් ස්නේහයෙන් ජීවත් වූහ.

කෝවලන් අවංකව රාජ සේවයේ යෙදුණ සේවකයෙක් වූයේය. ඔහු කිසි විටෙක සිය සේවය පැහැර හැරීමක් සිදු කර තිබුණේ නැත. මේ හේතුවෙන් කෝවලන් නිරතුරුවම රජතුමාගේ ඇගැයීමට පාත‍්‍ර විය.

මේ අතරතුරේදී රජතුමාගේ දේවියගේ පා සළඹ අස්ථාන ගත විය. පා සළඹ සේවීමට රාජ සේවකයන් යෙදවීමට රජතුමා කටයුතු කළේය. මේ අවස්ථාවේ නිවසේ සිටි  කෝවලන් සිය බිරිදගේ පා සළඹ අත්ල මත තබාගෙන සිටියේය. එවිට ඔහුගේ නිවසට කඩාවැදුණු රාජ සේවකයෝ ඒ පා සළඹ රාජ දේවියගෙන් හොරකම් කරන පා සළඹ යැයි සැක කොට කෝවලන් සිරබාරයට ගත්හ.

නිදහසට කරුණු කීවද කෝවලන් වැරදිකරු යැයි රාජ සභාවෙන් තීරණය කළේය. ඒ සදහා දඩුවම වූයේ  කෝවලන්ගේ හිස ගසා දැමීමයි.

සිය ආදරණීය සැමියා අකල් මරණයකට ලක් වූ බව අසා කන්නගි රාජ මාලිගාව වෙත පැමිණ කෝවලන්ගේ නිර්දෝෂී බව ඔප්පු කළාය. කෝවලන් ඒ අවස්ථාවේ රැුගෙන සිටියේ තමන්ගේ පා සළඹ බව ඇය ඔප්පු කළේ සිය පා සළඹ කඩා රාජ සභාව මධ්‍යයේ විසුරුවා හැරීමෙනි. එවිට ඒ සළඹ කන්නගිගේ බවට තහවුරු විය. එහෙත් ඒ වන විට කෝවලන් මිය ගොස් සිටියේය. මහත් වේදනාවට පත් වූ කන්නගි නිර්දෝෂී සිය සැමියාට අකල් මරණයක් හිමි කර දුන් සැමට සාප කළාය. එහි ප‍්‍රතිඵලය වූයේ මධුර පුරය ගිනි ගෙන දැවී අළු වී යාමයි.

අසාධාරණයට එරෙහිව සටන් වැදුණු කන්නගි ඉන් පසුව දේවත්වයෙන් සැළකීමට පටන් ගත්තේය. අදටත් හින්දු කාන්තාවෝ තමන්ට අසාධාරණයක් වූ විට කන්නගි අම්මාන් දේව මෑණියන්ට පුද පූජා පවත්වන්නේ සහනයක් බලාපොරොත්තුවෙනි.

කන්නගි අම්මාන් දෙවිදුට ගෞරවකිරීමක් ලෙස වන්දාරමුල්ල කන්නගි අම්මාන් කෝවිල පිහිටු වනු ලැබුයේ මීට දශක කිහිපයකට පෙරාතුවය. ඉන් අනතුරුව දහසක් දනො සිය දුක් දොම්නස් වලට පිහිටක් බලාපොරොත්තුවෙන් මෙම කෝවිලට පුද පූජා පැවත්වූහ. ඔහුන් පවසන ආකාරයට සිය ඉල්ලීම් වලට කන්නගි අම්මාන් දේව මාතාව දැන් ඇහුම්කන් දී තිබේ.

‘‘ මම ආවේ කතරගම ඉදලා. මේ විදිහට හාස්කම් වෙනවා කියලා අපිට දැන ගන්න ලැබුණම අපි හිතුවේ අපි ගොඩක් වාසනාවන්තයි කියළා. අපේ ගමම බස් එකක් අරගෙන ආවේ. දැන් අපේ දුක් කරදර වලට අනිවාර්යයෙන් සහනයක් ලැබෙයි’’ හැට පස් වියැති මයිල්වාගනම් පැවසුවේය.

වන්දාරමුල්ලේ වැසියන් දැන් සිටින්නේ මහත් සන්තෝෂයෙනි. කන්නගි අම්මාන් දෙවි`දුගේ ඇල්ම බැල්ම දැන් ඔවුන්ට ලැබී තිබේ.ඇගේ දෙවි පිහිට දිනකදී මුථ රටටම ලැබෙනු ඇතැයි වන්දාරමුල්ලේ වැසියෝ බලාපොරොත්තුවෙන් සිටිති.

The Kannagi Amman Kovil in Wandaramulla, Batticaloa has now become a key attraction among Hindu devotees in the area following a miracle that had occurred in the kovil. Devotees worshiping outside the closed kovil at dawn had heard the sound of clicking anklets from inside the kovil. The kovil is opened only once every year in the month of May and is shut during the rest of the year. However, this miracle has made devotees believe that Goddess Kannagi Amman, known among Hindus to stand for faith and justice, was now looking down at them. People of Wandaramulla now give priority to visiting this kovil every morning before commencing their daily chores and they hope the Goddess would invoke blessings on the country as well.

  • Share/Bookmark

සින්දු හදන හාමුදුරුවෝ

September 9, 2009 by Editor  
Filed under Featured, Stories

Monk main

Musician monk

සාමාන්‍ය පන්සලක හිමිනමක් වැඩ වාසය කරන කුටියකින් සංගීත නාදයන් ඇසෙන්නේ නැති නමුත් බිබිලාදෙනියේ මහානාම හිමියන් වැඩ වාසය කරන කුටියේ නිරන්තරයෙන් සංගීත නාද ඇසෙන්නේය. ඇතැම් විට ගිටාරයේ හඩ උන්වහන්සේ වැඩ සිටින කුටියෙන් ඇසෙන අතර තවත් අවස්ථාවක සර්පිනාව වාදනය කරන හඩ එම කුටිය දෙසින් ඇසෙන්නේය.

ගිහි කාලයේදී සංගීතය පිළිබදව විශාල ඇල්මක් නොතිබුනත් වයස අවුරුදු දහයේදී පැවිදි දිවියට පැමිණි මහානාම හිමියන් සංගීතයට අත් පොත් තබන්නට වූහ. තමන් පැවිදි දිවියට පැමිණි පඩුවස්නුවර දිග්ගලගෙදර ශ‍්‍රී ශෛලාරාම නිකේතනයේදී සංගීත දිවිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලැබුණ බව මහානාම හිමියෝ කියති.

මහණ ජීවිතයත් සමගින් සංගීත දිවිය ආරම්භ කළ උන් වහන්සේ මේ වන විට සංගීත අධ්‍යක්ෂවරයෙක් වශනේ කටයුතු කරන්නේය. ඒ පමණක් නොව තනු නිර්මාණ ශිල්පියෙක් වශයෙන්ද සංගීත නිර්මාණයේ යෙදෙන්නේය. මේ වන විට සංගීත අධ්‍යක්ෂණයේ හා තනු නිර්මාණයේ යෙදෙන එකම භික්ෂුව වන්නේ මහානාම හිමියන්ය.

ගිහි ජීවිතයේදී කිසිම දිනෙක මහානාම හිමියන්ගේ ගෙදර සංගීත පරිසරයක් තිබුනේ නැත. ගිහි කල සිට සංගීතයට ඇල්මක් තිබුනත් දහම්පාසලේ සමිතියක් ඉදිරියට ගොස් කවියක් කීමට පවා උන්වහන්සේ දක්වා තිබුණේ මැලි කමකි.

‘‘ඉස්සර මම හරිම සබකෝලයෙන් සිටි අයෙක්. එක දවසක් දහම්පාසලේ සමිතිය ඉදිරියේ කවියක් කියන්න හාමුදුරුවෝ බල කළා. මේ නිසා තමයි කවියක් හරි ගිහින් කිව්වේ. ඉස්සර මම තවත් කෙනෙක් එක්ක කතාකරන්න පවා සබකෝලයක් දැක්වුවා.’’ මහානාම හිමියෝ කීහ.

මේ කාලය වන විට ශෛලාරාම නිකේතනයේ දහම් පාසලේ භක්ති ගීත කණ්ඩායමක් තිබුණි. සෑම වසරකම පොසෙන් පොහොයට භක්ති ගීත කණ්ඩායම භක්ති ගීත සංදර්ශණයක් ඉදිරිපත් කරයි. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවන අයුරු කුඩා මහානාම සාමනේරයන් බලා සිටියේ දැඩි ආසාවකිනි. භක්ති ගීත කණ්ඩායමේ පුහුණුවීම් සදහා කුඩා ප‍්‍රමාණයේ විදුලි  ඕගනයක් තිබූ අතර මෙය වාදනය කරන ආකාරය උන්වහන්සේ නිතරම බලා සිටියහ. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවීම් අවසන් කළ විට කුඩා මහානාම හිමියන්  ඕගනයේ යතුරු එකින් එක ඔබමින් එයින් නික්මෙන නාදයන් අසා සිටින්නට විය.

භක්ති ගීත පුහුණුව සිදු නොවන දිනවලදී විදුලි  ඕගනය රැුදුනේ මහානාම හිමියන් වැඩ සිටි කුටියේය. තමන්ගේ කුටියට විදුලි  ඕගනය රැගෙන ගිය මහානාම හිමියන් එය වාදනය කරමින් ක‍්‍රමයෙන්  ඕගන් වාදනයට හුරුවිය. මේ වන විට පන්සලේ සිටි කුඩා හිමිවරුන් සියලූදෙනාම මහානාම හිමියන්ගේ කුටියට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේ උන් වහන්සේ එතරම් මිහිරි ලෙස  ඕගනය වාදනය කරන නිසාය.  ඕගන් වාදනය පුරුදුවූ ආකාරයටම ගිටාර් වාදනයද උන් වහන්සේට පුරුදුවීමට හැකිවිය. ඒ උන්වහන්සේ වැඩසිටි පන්සල ආසන්නයේ තිබූ තවත් පන්සලක භක්තිගීත කණ්ඩායමට අයත්ව තිබූ ගිටාරයක් ගෙනවිත් පුරුදුවීමෙනි.

‘‘සාමාන්‍ය අයෙක් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්නවාට වඩා වැඩි ඉක්මනින් මට සංගීත භාණ්ඩ වාදනය කිරීම ඉගෙන ගැනීමට හැකියාව ලැබුණා.’’ උන්වහන්සේ කීහ.

මහානාම හිමියන්ට මුලින්ම සංගීත නිර්මාණයකට දායක වූයේ උන්වහන්සේ වැඩ සිටි පන්සලේ භක්ති ගීත කණ්ඩායමට භක්ති ගීතයක්් සදහා තනු නිර්මාණය කරමින්ය. ඒ තනුව නිර්මාණය වූයේ ‘‘මිස්සක පබ්බත හරි සිරියාවයි – මිහිදු සමිදු වැඩලා’’ යන බැති ගීතයටය.

‘‘මගේ ගුරු හාමුදුරුවන් වන වහන්තෙරේ සිද්ධාර්ථ හිමියන් මගේ දක්ෂතාවයන් හදුනාගෙන මට තනු නිර්මාණයක් සදහා අවස්ථාව ලබා දුන්නා. එතැනින් ආරම්භ කළ ගමනේ මම මේ වන විට තනු නිර්මාණ ශිල්පියෙක් වගේම සංගීත අධ්‍යක්ෂ වරයෙක් බවට පත්ව තිබෙනවා.’’ මහානාම හිමි පැවසුවේය.

මහානාම හිමියන් තනු නිර්මාණය කිරීමට පෙර සංගීතය පිළිබදව ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් ලැබුවේය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරවාරයේදී සංගීතය හැදෑරීම සදහා උන් වහන්සේ වේලාවක් වෙන් කර ගත්තේය. ඇතැම් අවස්ථාවක පිරිවෙන් ගොස් පැමිණි පසු සංගීත ගුරුවරුන් වෙත ගොස් අධ්‍යාපනය ලැබුවේය. කුලියාපිටියේ වැඩ සිටින අවස්ථාවේදී සංගීත වේදියෙක් වන ඩෙන්ස්ටන් පෙරේරා වෙතින් උන්වහන්ස් සංගීත අධ්‍යාපනය ලැබුවේය. ඒ සංගීත පන්තියට වෙනත් කිසිදු සිසුවෙක් සහභාගී වූයේ නැත.

මේ වන විටත් උන් වහන්සේ සංගීත අධ්‍යාපනය හදාරමින් සිටින්නේය. පෙරදිග සංගීතය පමණක් නොව බටහිර සංගීතය පිළිබදව උන් වහන්සේ තවමත් හැදෑරීම් කරයි. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත ආචාර්යවරුන් දෙදෙනෙක් යටතේය.

‘‘මම දැන් එක් ගුරුවරයෙක් යටතේ පෙරදිග සංගීතය හදාරනවා. තවත් ගුරුවරයෙක් යටතේ බටහිර සංගීතය හදාරනවා. මම තවමත් සති අන්තයේදී හා සවස් කාලයේදී තමයි සංගීත ගුරුවරුන් වෙත ගොස් සංගීතය හදාරන්නේ.’’ මහානාම හිමියෝ කීහ.

සංගීතය පමණක් නොව සංගීත අධ්‍යක්ෂණයද උන්වහන්සේ ඉගෙන ගත්තේය. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂවරයෙක් වන දිලියුප් ගබඩාමුදලිගේ යටතේය. මේ වන විට මහානාම හිමියන් ගීත හැටක් පමණ අධ්‍යක්ෂණය කර තිබේ. එම සංගීත අධ්‍යක්ෂණ කටයුතු සදහා යොදාගන්නේ මීගමුවේ පිහිටි ශබ්දාගාරයක්ය.

‘‘මම මා විසින්ම තනු නිර්මාණය කරන ලද ගීත මෙන්ම වෙනත් තනු නිර්මාණ ශිල්පීන් විසින් තනු නිර්මාණය කරන ලද ගීත අධ්‍යක්ෂණය කරනවා. කිසියම් ගීතයක් පටිගත කිරීම සදහා අවශ්‍ය වූ විට මම ශබ්දාගාරය ඒ සදහා වෙන් කරවාගෙන අදාල නිර්මාණ කටයුත්ත සිදුරනවා.’’ මහානාම හිමියෝ කීහ.

මහානාම හිමියන් තමන්ගේ සංගීත අධ්‍යක්ෂණ කාර්යයයේදී නවීන තාක්ෂණය යොදාගන්නේය. මේ සදහා ඇතැම් අවස්ථාවක පරිඝනකය පවා යොදාගන්නේය. එහෙත් පරිඝනකයෙන් ගීත නාදයන් ලබාගන්නවාට වඩා වාද්‍ය කණ්ඩායමක් වෙතින් සංගීත නාද ලබාගැනීමට උන් වහන්සේ කැමැත්තක් දක්වයි.

‘‘අපි සංගීත නිර්මාණයක් කරන විට එය විදින්න  ඕන. සංගීත ශිල්පියෙක් වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්නේ කිසියම් හැගීමකින් යුතුවයි. ඒත් වාද්‍ය ශිල්පියා ලබාදෙන ආකාරයේ හැගීමක් පරිඝනකයට ලබාදෙන්න බැහැ. ඒ නිසා මම මේ දෙකම මිශ‍්‍ර කරලා සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.

සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසින් සිය දක්ෂතා පෙන්වන ආකාරයෙන්ම මහානාම හිමියන් තනු නිර්මාණයෙන්ද දක්ෂතා පෙන්වන්නේය. තනු නිර්මාණ ශිල්පීන් තමන් අතට පද නිර්මාණයක් ලැබීමට පෙර තනුවක් සකස් කරන නමුත් මහානාම හිමියන් කිසිම අවස්ථාවක පද මාලාවක් නොමැතිව තනුවක් නිර්මාණය නොකරයි.

‘‘පද රචකයා ගීතයට කිසියම් අර්ථයක් ලබාදෙනවා. මේ අර්ථය දැනෙන ආකාරයට තමයි තනුවක් නිර්මාණය කළ යුතු වන්නේ. මේ නිසා පද නිර්මාණය මගේ අතට පත්වීමට පෙර ගීතයක් සදහා තනු නිර්මාණයක් කරන්නේ නැහැ.’’ මහානාම හිමියෝ කීය.

තනු නිර්මාණයක් ආරම්භ කිරීමට පෙර ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවධානය යොමුකරයි. ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවභෝධයක් ලබාගැනීමට නොහැකි නම් පද රචකයාගෙන් ගීයේ අර්ථය පිලිබදව විමසන බව මහානාම හිමියෝ කීහ.

ගීතයකට තනුවක් නිර්මාණය කිරීම සදහා උන්වහන්සේට ගතවන්නේ සතියක් වැනි කාලයකි. තනු නිර්මාණය කරන අවස්ථාවේදී ඇති සංගීත භාණ්ඩය යොදාගෙන තනුවක් සකස්කිරීමට මහානාම හිමියන්ට පුළුවන. ඇතැම්විට සර්පිනාව යොදාගෙන තනුව නිර්මාණය වන විට තවත් විටක ගිටාරය හෝ වෙනත් සංගීත භාණ්ඩයක් යොදාගෙන තනුව නිර්මාණය වන්නේය.

බටහිර සංගීතයේ ආශ‍්‍රය ලැබුවත් තමන් සංගීත නිර්මාණයෙන් දායක වන්නේ බෞද්ධ ගීත හා ළමා ගීත සදහා පමණක් වන බව මහානාම හිමියෝ කියයි.

රවීන් කනිශ්ක නැමති නවක ගායකයා විසින් ගායනා කරන තුන්හෙළේ නැමති දේශාභිමානී ගීතය තමා විසින් තනු නිර්මාණය කරන ලද ගීත අතරින් වඩාම කැමති ගීතය වන බව මහානාම හිමියෝ කියති.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සංගීතය සුදුසු නැතැයි ඇතමුන් ප‍්‍රකාශ කරන නමුත් සංගීත නිර්මාණ කටයුතුවලින් ඈත් වන්නැයි බුදුන්වහන්සේ ප‍්‍රකාශ කර නැතැයි මහානාම හිමියෝ පවසති.

‘‘නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්ඩප විභූස නට්ටානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි (නැටීම් ගැයුම්, වාදනය කිරීම්, සුවද විලවුන් ආලේපනය, සිත පිනවන දර්ශණ නැරඹීමෙන් වලකිමි) කියන සිල්පදය දස සිල්වලට ඇතුළත්වන නමුත් එය ප‍්‍රකාශ කර තිබෙන්නේ බීමත්ව කාන්තාවන් සමග නිරුවතින් චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා නටමින් සිටීමේ සිදුවීමක් නිසා. මේක භික්ෂූන්ට පමණක් නොවෙයි ගිහියන්ටත් පොදුයි. ඒත් බුදුහාමුදුරුවෝ මොනම තැනකවත් සංගීත කටයුතු කරන්න එපා කියලා කියලා නැහැ.’’ මහානාම හිමියෝ කීහ.

තමන් සංගීත කටයුතුවල නිරතවීම පිළිබදව කිසිදු නායක හිමිනමක් මේ වන තෙක් විරෝධයක් පළකර නැතැයි මහානාම හිමියන් කියයි.

ලංකාවේ සිටින සංගීත නිර්මාණ ශිල්පීන්ට අභියෝග ත්‍නාකරන මහානාම හිමියන් බෞද්ධ ගීත සදහා තනු නිර්මාණය කරමින් මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම සදහා සංගීතය යොදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේය.

‘‘අපේ රටේ සිදු හදන්න  ඕන තරම් අය ඉන්නවා. මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවපත් භාවය වෙනුවෙන් සංගීත නිර්මාණය කිරීම තමයි මගේ බලාපොරොත්තුව.’’ මහානාම හිමියෝ පවසති.

Ven. Bibiladeniye Mahanama Thero’s interest in music began after he was ordained as a Buddhist monk at the age of 10. He received the necessary encouragement at the Diggalgedara Sri Shailarama institute in Panduwasnuvara where he was ordained. Ven. Mahanama Thero’s first experience with a musical instrument was when he played an electric organ that was being used for Bhakthi Gee practices at the temple. After learning to play the organ on his won, he learnt to play the guitar. Ven. Mahanama Thero says that although some have said music was not suitable for Buddhist monks, the Lord Buddha has not made any such references. The main aim of the musical monk is to create music that would bring about spiritual healing to people.

  • Share/Bookmark

ධම්ම පදය ඇලුමිනියම් පත්වල නිර්මාණය කළ අපූර්ව මිනිසා

August 26, 2009 by Editor  
Filed under Featured, Stories

Brass main

The man who inscribed the Buddhist sacred text on lead sheets

සමාන්‍ය මිනිසුන් අතර අසාමාන්‍ය හැකියාවෙන් පිරිපුන් මිනිසුන් ඇත්නම් ඒ අල්ප පිරිසකි. එවන් නිර්මාණශීලී සොඳුරු මිනිසුන් සැබැවින්ම සමාජය ලත් මහඟු සම්පත්ය. රුවන්වැල්ලේ පදිංචි හැටදෙහැවදිරි පරණ ගම්ලත් රාළලාගේ සෝමරත්න එවන් අපූර්ව හැකියාවෙන් සපිරුණු මිනිසෙකි. බෞද්ධයන්ගේ හා අන්‍ය ආගමිකයන්ගේද අවධානයට ලක්වූ ග‍්‍රන්ථයක් වන ”ධම්ම පදය” මේ වන විට එලෙසින්ම ඇලූමිනියම් පත්වල ලියවෙන්නේ ඔහුගේ නිර්මාණශීලී හැකියාවේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඇලූමිනියම් තහඩු වල පාලි අකුරු නෙරා මතුවී පෙනෙන ලෙස හාරසිය විසි තුනක් වූ ධම්ම පදයේ ගාථා කැටයම් කරන්නට සෝමරත්නට හැකිවී තිබේ.

”මට ලොකු උවමනාවක් තිබුණා වෙනස් විදිහෙ වැඩක් කරන්න. මම හොඳ බෞද්ධයෙක්. ඒ හින්දා මම තීරණය කළා මේ විදිහට ධම්ම පදයේ ගාථා සියල්ලම එම්බෝස් කරන්න. වැඬේ ටිකක් අමාරු වුණා. වැඬේ අවසන් වෙනකොට මගේ දකුණු අතේ මහපට ඇඟිල්ලත් ටිකක් ගෙවිලා. ඒ මොන බාධා තිබුණත් මේ වගේ වැඩක් කරන්න ලැබීම ගැන මම හුගාක් ආඩම්බර වෙනවා.” මේ දුෂ්කර කාර්යය සාර්ථකව අවසන් කළ සෝමරත්න සදහන් කරයි.

ගාථා කැටයම් කිරීමේ කාර්යය සඳහා සෝමරත්න යොදා ගෙන තිබුණේ නිවාස ඉඳිකිරීම සඳහා යොදා ගන්නා ඇලූමිනියම් තහඩු දොළහක් සහ තීන්ත අවසන් වූ කාබන් පෑන් කිහිපයක් පමණි. ” මේ වැඬේ කොහොමහරි කරනවා කියලා මට ලොකු අධිෂ්ධානයක් තිබුණා. ඒ හින්දම වෙන්න ඇති හරියටම අවුරුද්දක් ගත වෙනකොට මට ගාථා කැටයම් කරලා අවසන් කරන්න පුළුවන් වුණේ. ඇත්තටම පෑන් තුඩකින් තරමක් ඝණකම ඇලූමිනියම් තහඩුවක අකුරු නෙරා මතු වී පෙනෙන විදිහට ගාථා කැටයම් කරන එක පහසු දෙයක් නෙවෙයි. ඒකට ලොකු ඉවසීමක් අවශ්‍ය වෙනවා. ’’ දෑතේ වීරියෙන් නිම කළ සිය නිර්මාණය පිළිබඳව සතුටුවන සෝමරත්න පවසයි.

ධම්ම පදය කැටයම් කොට අවසන් කළ පසු සෝමරත්න එයට වටිනාකමක් ලබා දෙන්නට තීරණය කළේය. ඒ මුදලින් නොවේ. මෙම නිර්මාණයේ වටිනාකම ලැබෙන්නේ එය නියමිත ස්ථානයකට බාර දීමෙන් පමණක් යැයි ඔහු සිතූ නිසාය. එම කැටයම් තහඩු දොළහ ගමේ පන්සලට පරිත්‍යාග කරන්නට සෝමරත්න තීරණය කළේ ඉන් අනතුරුවය. ඒ අනුව ධම්ම පදය කැටයම් කළ තහඩු සියල්ලම රුවන්වැල්ල යටන්වල ශ‍්‍රී වාළුකාරම විහාරස්ථානයට පූජා කෙරිණි.
‘‘ මම හිතන්නේ මේ වගේ දෙයක් ශ‍්‍රී ලංකාවේ පළමු වරට නිර්මාණය කෙරුවේ මේ සෝමරත්න මහතායි. මෙය විශිෂ්ඨ අසාමාන්‍ය නිර්මාණයක්. මහත් කැපවීමෙන් හා වෙහසකින් කාලය කැප කරලා මෙවැනි නිර්මාණයක් කරන්න පුදුම සංයමයක් තිබිය යුතුයි. මේ නිර්මාණයේ වටිනාකම තියෙන්නේ එතනයි. ඇත්තටම මේ නිර්මාණය අපේ පන්සලට ලැබීම අප ලද භාග්‍යක් හා ගෞරවයක් කොට මා සලකනවා.’’ යටන්වල ශ‍්‍රී වාලුකාරාමය උප විහාරාධිපති ඇත්ඔය ශ‍්‍රී සුනන්ද හිමියෝ පැවසූහ.

තමා මෙවැනි විවිධ කලා කෘති නිර්මාණය කිරීම ආරම්භ කළේ සිය පාසල් අවධියේ සිටම බව සෝමරත්න ප‍්‍රකාශ කරයි. විශේෂම කාරණය වන්නේ ඔහු සහජ හැකියාවෙන් නිර්මාණ කටයුතු කිරීමයි. ගුරුවරයෙක් යටතේ ශිල්ප ප‍්‍රගුණ නොකළ සෝමරත්න නිර්මාණශීලී අත්දැකිමෙන් සපිරුණු මිනිසෙකි. ඔහු කුඩා ප‍්‍රමාණයේ චෛත්‍යයක්ද නිර්මාණය කොට තිබේ. ඔහු ඒ සඳහා සුවිශේෂි බදාම වර්ගයක්ද සකස් කොට ගත්තේය. හුඹස් මැටි සහ සිමෙන්ති මිශ‍්‍ර කොට සාදා ගනු ලැබු එම බදාමය යොදා ඔහු කිරි ටොෆි ප‍්‍රමාණයේ ගඩොල් කැට කැපුවේය.  ඉන් අනතුරුව නියමිත තාක්ෂණයට ඔහු ගඩොලින් ගඩොල තබා චෛත්‍ය නිර්මාණය කළේය.

‘‘ මෙය කුඹල සහිත කුඩා චෛත්‍යක්. බුදු ගෙයක් හැටියට භාවිතා කරන්නත් පුළුවන්. ’’ සෝමරත්න එසේ කියා සිටි.

බොහෝ කලාත්මක හා වටිනා නිර්මාණයන් බිහි කළද ඒවා තමන්ට පමණක් සීමා කොට ගෙන නිහඬව සිටින්නට සෝමරත්න මහතාට සිදු වී තිබේ.

‘‘ඇත්තටම මම අලුත් දෙයක් කරලා කිහිප සැරයක්ම මේ රටේ අදාළ අංශ වලට යොමු කළා. අන්තිමට එය මගේ නිර්මාණයක් ලෙස නෙවෙයි ඔවුන්ගේ සොයා ගැනීමක් ලෙස ප‍්‍රසිද්ධ කළා. මම ඔය ගැන කතා කරන්නටත් කැමති නැහැ. අන්තිමට මට කල කිරීමක් විතරයි ඇති වුනේ. ’’

එහෙත් සිය කලා කෘති සඳහා වාණිජ වටිනාකමක් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සෝමරත්න පවසයි.

‘‘මම වෘත්තීමය නිර්මාණකරුවෙක් නොවේ. මම මගේ තෘප්තිය සඳහා නිර්මාණ කරනවා. මගේ මේ හැකියාව මට තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. මම ඉගෙන ගත්ත ශිල්ප ඥානයක් නැහැ. තියෙන්නේ අත්දැකීමෙන් ලබා ගත් හැකියාවක් පමණයි. ඉගෙන ගත්තු දෙයක් නැතිව තව කෙනෙකකුට ශිල්පයක් උගන්වන්න බැහැ කියලයි මට හිතෙන්නේ. මගේ හැකියාව සංසාරික පුරුද්දක් ලෙයසි මා දකින්නේ. මගේ ඊළඟ බලාපොරොත්තුව ලී කොටයකින් කුඩා ප‍්‍රමාණයේ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමයි. ’’ සෝමරත්න අවසන්
වශයෙන් කීවේය.

  • Share/Bookmark

මරද මඩු මෑණියණි, අපි ඔබේ සරණ පතා එන්නෙමු

August 18, 2009 by Editor  
Filed under Featured, Stories

Madhu main Devotees flock to Madhu

‘‘ආවේ මරියා……ආවේ මරියා…..ආවේ මරියා….’’ මරදමඩු මෑණියන්ගේ ආශිර්වාදය පතමින් පැමිණි ලක්ෂ සංඛාත බැතිමතුන් අගෝස්තු 15 වැනිදා මඩු පල්ලියේදී දේව පූජාවට සහභාගී වෙමින් සිටියදී ගැයූ දේව ගීතිකා දසත පැතිරෙන්නට විය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති ගැටුම් අවසන්වී මෙන් පසුව සාමාකමී පරිසරයක් තුළ මරදමඩු මංගල්‍යයට පැමිණ සිටි ලක්ෂ පහකට වැඩි කිතුනු බැතිමතුන්ගේ මුවින් නික්මුනේ අප වෙනුවෙන් යාඥා කරන ලෙස දේව මෑණියන්ගෙන් ඉල්ලා සිටින යැදුම්ය.

මේ කිතුනු බැතිමතුන් මරද මඩු දේව මෑණියන්ගේ පිහිට පැතීමට පැමිණ තිබුනේ නව බලාපොරොත්තු සිතේ රදවාගනිමිනි. මඩු මංගල්‍ය පැවැත්වෙන දිනවල උදෑසන මඩු පල්ලියට හිරු පායන්නේ ආන්දවනේ (දෙමළ බසින් දෙවියනේ) යනුවෙන් වන යැදුම් මඩු ප‍්‍රදේශය පුරා ඇසෙමින් පවතින විටදීය.

ලංකාවේ පැවති යුද ගැටුම් නිසා කිතුනු බැතිමතුන් මඩු වන්දනාව ක‍්‍රමයෙන් අඩුකර තිබුනේය. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවතියුද ගැටුම් අවසන් වීමත් සමග කිතුනු බැතිමතුන් මඩු වන්දනාවට පැමිණියේ හිතේ කිසිදු බියකින් තොරවය. ඔවුන්ගේ සිත් දෙව් පියාණන් හා දේව මෑණියන් කෙරෙහි වන බැතියෙන් පිරී තිබුනේය.

මේ වසරේ මඩු මංගල්‍යය අගෝස්තු 15 වැනිදා පැවති අතර මඩු වන්දනාකරුවන් අගෝස්තු මස හයවැනිදා සිටම මඩු පල්ලිය වෙත පැමිණෙමින් තිබුනේය. මඩු මංගල්‍යය පැවති දිනයට පෙර දිනයේදී අනුරාධපුරයේ සිට මැදවච්චිව දෙසට ඇදෙන වාහන විලින් විශාල සංඛ්‍යාවක ඉදිරපස සැරසී තිබුනේ මරද මඩු මෑණියන්ගේ රුවකිනි.‘‘මරද මඩු මෑණියණි අපි ඔබේ සරණ පතා එන්නෙමු.’’ යනුවෙන් සදහන් බැනරයක් එල්ලා තිබුනේ බස් රථයක ඉදිරිපසය. බස් රථ වෑන් කාර් ලොරිවල පමණක්  නොව ත‍්‍රීරෝද රථ එබල් ඩෙකර් බස් රථයක හා යතුරු පැදිවල  නැගුණු පිරිස් අනුරාධපුරදෙස සිට මැදවච්චිය දෙසට ගමන් කරමින් සිටියේය.

මෙම වාහන වලින් බොහෝමයක කෑම උයාගැනීමට ගෙනයන හට්ටි වලං තිබුනේය. මේවාට අමතරව ඇතැම් වාහනවල ගෑස් ටැංකි මෙන්ම දර ගොඩවල්ද ගොඩ ගසා තිබුනේය.

මැදවච්චිය නගරය පසුකරනවාත් සමගින් මේ වාහන සියල්ලම ආරක්ෂක හේතූන් මත කාලයක් වසා දමා තිබූ මැදවච්චිය මන්නාරම මාර්ගයට හැරවූවේය. මේ වාහන සියල්ලේම ගමනාන්තය වූයේ එක් ස්ථානයකි. එනම් මඩු පල්ලියයි.

මැදවච්චිය මන්නාරම මාර්ගයේ කිලෝමීටර කීපයක් ගියතැන මුර කපොල්ලක් විය. පොලීසිය හා හමුදාව සිටින මේ මුර කපොල්ලේ සියලූම වාහන පරීක්ෂාවට ලක්නොවූ නමුත් වාහනයේ අංකය ආරක්ෂක අංශ විසින් සටහන් කරගෙන රෝස පැහැති කොළ කැබැල්ලක වාහනයේ අංකය ලියා එය වාහනයේ ගමන්කරන අයට ලබාදෙන්නේ වාහනයේ ගමන් කරන මගීන් සංඛාව පිළිබදව සටහනක් සමගින්ය. මේ මුර කපොල්ලේ නවතා ඇති වාහන නිසා මීටර සිය ගණනක වාහන පෝලිමක් දකින්න ලැබුණ නමුත් වාහනවලට පෝලිමේ සිටීමට සිදුවන්නේ විනාඩි කීපයක් පමණි. ආරක්ෂක අංශ විසින් කඩිනමින් වාහන පිළිබදව සටහනක් ලබාගන්නා නිසා වාහන පෝලිම ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුණි.

එම මුර පොල පසුකර නෙරියකුලම් දෙසට යන විට තේ කඩයක් විය. තවත් ටික දුරක් යන විට තේ කඩ දෙක තුනක් වූ අතර මේවා අසල වාහන නවතා බැතිමතුන් ආහාර පාන ගත්තේය.

මඩු වන්දනාවේ යන බැතිමතුන් ගමන්ගන්නා අතර වාරයේ මග දෙපස මීටර කීපයෙන් කීපයට ආරක්ෂක අංශ රදවා තිබුනේය. පාරේ කිලෝමීටර ගණනක් ගිය පසුව බැතිමතුන්ට දකින්න ලැබුනේ කටු කම්බිවලින් හා පොල් අතුවලින් වට කර ඇති අක්කර සිය ගණනක බිම්ය. මේවායේ සිටියේ යුද ගැටුම්වලින් අවතැන්ව සිටින අයයි. වන්දනාකරුවන් ආනන්ද කුමාරස්වාමි රාමනාදන් හා අරුනාචලම් සහන ගම්මාන පසුකර යන විටදී අවතැන් කදවුරුවල සිටි කීපදෙනෙක් පමණක් වාහන ගැන අවධානය යොමුකළ අතර අනික් අය කදවුරුවලට වී සිටින අයුරු වැටවල් අතරින් දකින්න ලැබුනේය.

madhu 1මැදවච්චි පසුකර මඩු දෙසට පැමිණි වන්දනාකරුවන්ට දෙවැනි මුරපොල හමුවූයේ වව්නියාව මන්නාරම මාර්ගය එක්වන ස්ථානයේදීය. එම ස්ථානයේදී වාහනවල ගමන්ගන්නා රියදුරන්ගේ විස්තර සටහන් කරගන්නා අතර මැදවච්චිය මුරපොල පසුකර එන වාහන සියල්ලම මේ මුරපොලට පැමිණියාද යන්න පිළිබදව සටහනක් තබාගත්තේය.

මෙතැනින් ගමන්ගන්නා වන්දනාකරුවන්ට මඩු පල්ලියට පිවිසීමේදී හමුවූ අවසාන ආරක්ෂක මුර කපොල්ල මෙන්ම මඩු වන්දනාකරුවන් පරීක්ෂාකරන අවසාන මුර කපොල්ල වන මඩු පාර මන්සන්ධියේ පිහිටි මුර කපොල්ල දක්වා කිසිම තැනකදී වාහන නවතා පරීක්ෂා කළේ නැත. මඩු පල්ලියට පිවිසීමට පෙර හමුවන අවසාන මුර කපොල්ල විශාල මුර කපොල්ලකි.  මෙතැනදී සියලුම වාහන පමණක් නොව වන්දනා කරුවන් සියලුදෙනාම පරීක්ෂාවට ලක්විය.

දහස් ගණනින් වන්දනාකරුවන් මඩු පල්ලියට යෑමට පැමිණි නමුත් මෙතැන විශාල පොලිම් හෝ තදබදයන් දකින්නට නොලැබුනේය. වන්දනාකරුවන් ගමන්ගන්නා වාහනයේ අංකයේ සිට එංජිම දක්වා වන සියලුම විස්තර ඉල්ලා ආරක්ෂක අංශ විසින් ලබාදෙන පොරමය පිරවීමෙන් පසුව වාහනය පරීක්ෂා කිරීමට එක් ස්ථානයකට යවන අතර තවත් තැනක වන්දනාකරුවන්ගේ සිරුරු පරීක්ෂා කරන්නේය. මේ අතරවාරයේදී වාහනයේ ගමන්ගන්නා මගීන්ගේ නම් හා හැදුනුම්පත් අංක සදහන් ලේඛනයක් ලබාදීමෙන් පසුව වාහනය හා මගීන් පරීක්ෂා කළ බවට සදහන් කොළ කැබැල්ලක් වන්දනාකරුවන්ට ලබාදුන්නේ ඔවුන් අනුගමනය කළ යුතු දේ පිළිබදව සටහනක් සමගින්ය. ඒ අනුව මඩු පාර මංසන්ධිය පසුකිරීමෙන් පසුව පල්ලියට ළගාවනතෙක් කිසිම වාහනයකට මග දෙපස නතර කළ නොහැක. අගෝස්තු 16 වැනිදාට පෙර පල්ලිය භූමියෙන් සියලූම වන්දනාකරුවන් ඉවත්විය යුතුයැයි එහි සදහන් විය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරෙන ස්ථානයේ මඩු මාතාව වෙනුවෙන් ඉදිකළ සුරුවමකි. මේ සුරුවම ලා නිල් පැහැයෙන් දිළෙන්නේ මඩු බැතිමතුන්ගේ සිත් දේව බැතියෙන් පුරවාලමිනි.

‘‘ඉස්සර වගේ නෙමෙයි, මඩු පාර හංදිය අසල අලුතින් තොරණ හදලා තියෙනවා. මේක දැක්කාම හරි සතුටක් ඇතිවුනා.’’වෙන්නප්පුවේ සිට මඩු වන්දනාවට පැමිණ සිටි ලෙස්ලි ප‍්‍රනාන්දු කීවේය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරී ගමන් ගන්නා මාර්ගය දෙපස සිටිනේ අවි ගත් ආරක්ෂක භටයින්ය. බිම්බෝම්බ ඉවත් කර නොමැති බව සදහන් කෙරෙන මිනී ඔලුවක රූපයකින් යුත් රතු පැහැති සළකුනු පාර දෙපස ඇති කැළෑ පෙදෙස දකින්න ලැබෙන්නේය.

මඩු මෑණියන්ගේ ආශිර්වාද පතා පැමිණෙන බැතිමතුන් මඩු පල්ලියට පැමිණීම ආරම්භ කළේ අගෝස්තු මාසයේ මුල් සතිය අවසානයේදීය. ඇතැම් බැතිමතුන් අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන මංගල්‍ය පූජාවට සහභාගී වන තෙක් මඩු පල්ලි භූමියේ රැදී සිටින්නේය. මෙසේ රැදී සිටින බැතිමතුන්ට නවාතැන් ගැනීමට හෝටල් තානායම් හෝ විශ‍්‍රාම ශාලා මඩු පල්ලිය අසල නැත. ඇත්තේ පල්ලියට අයත් කාමර කීපයක් පමණි. බැතිමතුන්ට නවාතැන් ගැනීමට මේ කාමර කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා ලක්ෂ ගණනක් වන බැතිමතුන් මඩු පල්ලිය අවට කූඩාරම් ගසාගනිමින් තාවකාලිකව නවාතැන් ගත්තේය.

බස් රථවලින් පැමිණි බැතිමතුන් විශාල කූඩාරම් තනද්දී තවත් බැතිමතුන් පිරිසක් ශෙල් ප‍්‍රහාරයන්ට ලක්ව බිත්ති පමණක් ඉතිරිව තිබූ කාමරයක වහලට ටෙන්ට් රෙදි යොදාගෙන තාවකාලික නවාතැනක් සකස් කරගෙන තිබුණි. දුප්පත් පෝසත් බේධයකින් තොවර මොවුන් මෙලෙස කූඩාරම් ගසාගෙන සිටියේය. බීමට ජලය ගැනීමට තැන තැන වතුර ටැංකි තබා තිබූ අතර බැතිමතුන් ළිං අසල එක්ව සිටියේ නෑමයට. තමන්ගේ ගෙවල් අසල නාන ඇදුම පිටින පාරේ නොයන බැතිමතුන් මෙදින තෙත ඇදුම් පිටින් තමන්ගේ කූඩාරම් වෙත ගමන් කිරීම සුලබ දසුනක් විය.

මංගල්‍යය ආරම්භවීමට පෙර සිට පල්ලියට පැමිණි බැතිමතුන් නොයෙක් පූජාවන් පැවැත්වූවේය. පල්ලියේ අල්තාරය දක්වා දණගසාගෙන ගොස් නොයෙක් භාරයන් ඉටු කළේය. පල්ලියේ ඇතුළත ඇති වලකින් බැතිමතුන් පස් ගැනීමට පෙළ ගැසී සිටියේය. මරදමඩු මෑණියන්ගේ පිළිරුව කාලයක් සගවා තිබූ ගසක් තිබූ බවට විශ්වාස කරන කිතුණු බැතිමතුන් ශුද්ධවූ පස්  බෑග් වලට පමණක් නොව අතේ තිබූ ලේන්සු තුවා හා කොළවලට එක්කර ගත්තේය. මෙම පස්වල ප‍්‍රාතිහාර්ය බලයක් ඇතැයි කිතුනු බැතිමතුන් විශ්වාස කරන්නේය.

පෘතුගීසි පාලන සමයේදී ඉන්දියාවේ සිට 1500 කාලයේදී ලංකාවට වැඩම කළවූ මඩු මාතාවගේ ප‍්‍රතිමාව කලක් ගසක කුහරයක සගවා තිබියදී දර කපන්නෙක් විසින් 1670දී සොයාගෙන ඇතැයි කිතුණු බැතිමතුන් විශ්වාස කරන්නේය. මේ ගස තිබූ තැන පල්ලිය ඉදිකර තිබෙන අතර බැතිමතුන් පස් ගෙනයන්නේ මේ ගස තිබූ බවට විශ්වාස කරන තැනෙන්ය.

‘‘මරිය මාතාව මෙකෙත් කල් අපව ආරක්ෂා කළා.’’ මඩු වන්දනාවේ පැමිණි වසය අවුරුදු හැත්තෑවක් වන බෙනඩික් පීටර් කීවේය.

මංගල්‍ය පූජාව පැවැත්වීමට පෙර අගෝස්තු 14 වැනිදා සවස පූජාව ආරම්භ වූයේ මල් වරුසාවක් මැදය. ගිනියම් පොළවට මේ මල් වරුසාව සිසිලක් ගෙන දුන්නේය.

කිසිදු බියකින් තොරව බැතිමතුන් දේව පූජාවට සහභාගීවූ නමුත් යුද්ධය පැවති කාලයේදී බැතිමතුන් කුඩා පිරිසක් මඩු මංගල්‍යයට සහභාගීවී තිබුනේය. ‘‘අපි ආවා. පූජාවට සහභාගී වෙලා ආපසු ගියා. අපිට මෙතැන රැදී සිටීමට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.’’ ප‍්‍රනාන්දු කීවේය.

2008 වසරේ අපේ‍්‍රල් මාසය ආරම්භ වන විට පල්ලිට අවට ප‍්‍රදේශයට ශෙල් ප‍්‍රහාර එල්ලවන්නට වූ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව ආරක්ෂාකරගැනීමට එය වෙනත් තැනකට වැඩම කරවීමට පල්ලියේ සිටි පූජකතුමන්ලා තීරණය කළේය.

‘‘අපේ‍්‍රල් තුන්වැනිදා හවස හටය විතර පැය භායක් තිස්සේ ශෙල් ප‍්‍රහාර එල්ලවීම නතරවී තිබුණා. නමුත් අධික වර්ශාව නිසා අපිට පිටත්වෙන්න පුළුවන් කම ලැබුනේ හවස 6.30ට විතර. ශෙල් ප‍්‍රහාර මැදින් කිලෝමීටරයක් විතර යනවිට අපි ගිය වෑන් එක ඉස්සරහට ශෙල් වැටුණා. එත් අපි විනාඩි පහළොවක් විතර ගිහින් අනතුරුදායක ප‍්‍රදේශය පසුකළා.’’ මඩු පල්ලිය අවට යුද් ගැටුම් දරුණුව තිබූ කාලයේ පල්ලියේ භාරකාරත්වය දැරූ එස්. එමිලියානස්පිල්ලේ පියතුමා පැවසුවේය.

මඩු පල්ලියේ තිබූ දේව මාතාවගේ පිළිරුව පෙරියමඩු හරහා තේවාන්පිට්ටිහි ශාන්ත සේවියස් පල්ලියට වැඩම කරවීය. ආරක්ෂක හමුදාවන් තේවාන්පිට්ටි ප‍්‍රදේශය අල්ලා ගැනීමෙන් පසුව ජූලි මරදමඩු මෑණියන්ගේ පිළිරුව නැවත වරක් මන්නාරමට වැඩම කළවූවේය. මෙය වැඩම කළවූයේ කිළිනොච්චිය,  ඕමන්තායි හා වව්නියාව ඔස්සේය. ඉන් පසුව මඩු පල්ලියේ මංගල්‍ය පූජාවක් පැවැත්වූයේ 2008 නොවැම්බර් මාසයේදීය.

Madhu 2ගැටුම් හමුවේ මරදමඩු මෑණියන් වැඩම සිටි පල්ලියට කිසිදු හානියක් නොවන විටදී ඒ අවට තිබූ ගොඩනැගිලි හානිවී  තිබුනේය.  මඩු මාතාවන් වැඩසිටි පල්ලිය අසලම ඇති පල්ලියේ තිබූ ජේසුතුමන්ගේ සුරුවම ගැටුම්වලින් හානිවී තිබුනේය. වෙඩි උන්ඩ හෝ ශෙල් කැබලි වැදී ඇති සලකුණු පැහැදිළිව පෙනෙන්න තිබුණි. විනාශවී තිබූ එම සුරුවම අසලට පැමිණි බැතිමතුන් ඉන් ආශිර්වාද පතා යාඥා කළේය.

‘‘මේක හාස්කමක්. (මඩු මෑණියන් වැඩම සිටි) පල්ලියට කිසිම හානියක් වෙලා නැහැ.’’ අනුරාධපුරයේ සිට පැමිණි මැදවච්චියේ විමල හිමියන් පැවසුවේය.

අගෝස්තු 15 වැනිදා හිරු උදාවත් සමගින් මඩු පල්ලියේ මංගල්‍ය පූජාව ඇරඹෙද්දී ලක්ෂ ගණනක් බැතිමතුන් ස්ථිර සාමයක් පතා දේවමෑණියන්ගේ පිහිට පැතුවේය. රටට සාමයක් ලගාකර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පූජාව අතරවාරයේදී මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව පල්ලියවටා වැඩම කරවන අතර වාරයේ බැතිමත්තු මහත් බැතියෙන් දෑත් දිගුකර සිය ප‍්‍රාර්ථනාවන් දෙවියන්ට යොමුකළේ කුඩා ළමුන් පියවරුන්ගේ කර මත සිටියදීය. මේ වේලාවේ බැතිමතුන් දෙවියන් වෙනුවෙන් ගීතිකා ගායනා කළ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව තමන් අසලින් වැඩම කරන විට බැතිමත්හු ‘‘ආවේ මරියා’’ යැයි ගායනා කරන්නට විය.

දේව පූජාව අවසන්වීමෙන් පසුව දිව්‍ය සප‍්‍රසාද වහන්සේ වැඩම කළවූ අතර පූජකතුමන්ලා විසින් බැතිමතුන්ට දිව්‍ය සප‍්‍රසාද වහන්සේ ලබාදුන්හ. මෙය ලබාගැනීමට බැතිමතුන් එක්පෙළට වී සිටියහ.

‘‘ලංකාවේ සෑම දෙසකින්ම බැතිමතුන් මේ වෙලාවේ ඇවිත් තියෙන්නේ දේව මාතාවට ගෞරව ආචාර කිරීමත් අපගේ ජීවිත වලට අවශ්‍යදේවල් ඉල්ලා සිටීමත්.’’ මංගල්‍ය පූජාව පවත්වමින් අගරදගුරු රංජිත් මැල්කම් පියතුමා පැවසූහ.

‘‘ජාතිය එකතුකිරීමට මඩු මංගල්‍ය සහෝදරත්වයේ සංකේතයක්. මේ මගින් ජාතිය එකතුකරන්න පුලුවන් කම තියෙනවා.’’ විමල හිමියෝ කීහ.

‘‘මේ වසරේ මංගල්‍ය පවත්වන්නේ වෙනස් තත්වයක් තුළයි. මේ රට අගාධයකට ඇද දැමූ යුද්ධය මේ වන විට අවසන් වෙලා තියෙනවා. සාමාකාමී පරිසරයක් ගොඩනැගෙමින් තියෙනවා.’’ මැල්කම් පියතුමා කීහ.

යුද ගැටුම් අවසානයේදී අවතැන්වූවන් බවට පත්ව සිටින 280,000ක අවතැන්වූවන් වෙනුවෙන්ද මෙහිදී යාඥා කළේය. ඔවුන්ට හැකි ඉක්මනින් නැවත තමන්ගේ ගම් බිම් වෙත යාමට හැකියාව ලැබේවායි අගරදගුරුතුමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මඩු මංගල්‍යයට බෞද්ධ හිමිවරුන් පවා වැඩම කරවීමෙන් එක රටක් ලෙසින් එක්වීමට ඇති අභිලාශය පෙන්නුම් කරන්නේයැයි උන්වහන්සේ සදහන් කළහ.

‘‘මරිය මාතාව අපිට සාමය හා බලාපොරොත්තුව ලබාදෙන බව අපි විශ්වාස කරනවා. දැන් අපිට හොද රටක් වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්න පුළුවන්.’’ මන්නාරමේ සිට සිය පවුල සමග මඩු වන්දනාවට පැමිණි සිංගරායන් සෙලස්තීන් කීය. යුද්ධය නිසා සෙලස්තීන්ගේ ජීවිතය කඩා වැටී තිබුණි. ඔහුගේ දරුවන් දෙදෙනෙක් ගැටුම්වලට මැදිව මියගොස් තිබූ අතර තවත් අයෙක් අවසන් සටන පැවති කාලයේදී අතුරුදහන්ව තිබේ.

‘‘මම දැන් මහළුයි. තවත් බොහෝ කාලයක් මට පවුලේ අය බලාගන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ.’’ හෙතෙම කියයි.

‘‘දේව මාතාව අපි එකට එක්කර තිබෙනවා. අපට බලාපොරොත්තුවක් දී තිබෙනවා. ඒ අනුව එකට ජීවත්වීම අප කළ යුතු දෙයක්.’’ ඔහු කීවේය.

Following the end of the three decade long conflict in the country, over 500,000 devotees flocked to Madhu for the church feast. Devotees commenced flocking into Madhu from August 6 for the feat that was held on August 15. Many who flocked to Madhu stayed in tents till the end of the feast. Some even built themselves temporary shelters by fixing a make shift roof over rooms that have been left roofless due to bomb attacks during the war. Regardless of caste and creed, devotees at Madhu called on the Lord to pray and protect everyone. Due to the end of the war, the security checking on the road to Madhu was not too arduous. The three checkpoints commencing from the Medawachchiya-Mannar road kept records of all who traveled to Madhu. Interestingly, on the road to Madhu, devotees had to pass two IDP camps set up for the war displaced that was demarcated by an iron fence.

  • Share/Bookmark

පාද යාත‍්‍රාවෙන් කතරගමට බැතිමතුන් දහතුන් දහසක්

August 7, 2009 by Editor  
Filed under Featured, Stories

KataragamaThousands flock to Kataragama – හින්දු බැතිමතුන් හරෝ හරා යන භක්ති පූර්වක වදන් වාතලයට මුසුකරමින් කතරගම දෙවියන් වදින්න පාද චාරිකා කරති. පාද චාරිකාවෙන් කතරගමට පැමිණිමට මේ ජනතාවට දින දහයකටත් වැඩි කාලයක් ගතවේ.

කතරගම ඇසළ පෙරහැර දිනයේ (අගෝසතු  05) වෙනදාට වඩා විශාල ජනතාවක් දැකගන්නට ලැබුණි. කතරගම උත්සව සමයේ පැමිණෙන බැතිමතුන් අතර විශේෂ පිරිස වන්නේ දුර බැහැර සිට පයින් පැමිණෙන ද්‍රවිඩ ජනතාවය. පාද චාරිකාවේ කතරගමට පැමිණීමට  දින දහයකට වඩා වැඩි කාලයක් ගතවේ. කතරගම සාමයේ නගරය ලෙස හදුන්වන අතර වාර්ෂිකව පවත්වන මෙම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් දින ගණන් ගෙවා මෙවර උත්සවයට පාද යාත‍්‍රාවෙන් පැමිණී පිරිස දහතුන් දහස ඉක්මවා ගොස් තිබුණි.

ඇසළ උත්සවයට පැමිණෙන මෙම ද්‍රවිඩ ජනතාව දහස් ගණනින් පයින් පැමිණෙන ජනතාව පවසන්නේ දෙවියන්ගේ ආශීර්වාදය පතා මෙසේ පැමිණෙන බවය. උදේ දවල් රෑ කියා ඔවුනට වෙනසක් නැත. අහාර මග තොටේ දී සපයා ගන්නා මෙම පිරිස රාතී‍්‍ර කාලය ගෙවා ගැනීම සදහා සුදුසු ස්ථානයක් සොයා ගනී.විශාල ගසක් මුල තාවකාලික නිවහන සදා ගන්නා  ඔවුන් එම ස්ථනයේ රාතී‍්‍රය ගත කරන්නේ කිසිදු බියකින් හෝ සැකයකින් තොරවය.මෙම ගමන අදක ඊයෙක ආරම්භ  වූවක් නොවේ. මෙසේ පැමිණෙන ජනතාව පවසන්නේ මෙය පාරම්පරික චාරිත‍්‍රයක් ලෙස මෙය ඉටු කරන බවයි.

හතලිස් පස් හැවිරිදි ලෝගනාදන් ජයන්ත පවසන්නේ වෙනදාට වඩා මෙවර ගමන ඉතා පහසුවෙන් හා ආරක්ෂාකාරීව පැමිණී බවයි.

මේ පාර අපේ නඩේ දෙසිය පනහක් පමණ ආවා. ආරක්ෂාව හොදට තිබුණ නිසා ගොඩක් පහසු වුණා.මේ පාර ගොඩක් හාස්කම් එහෙමත් සිද්ධ වුණා. මගේ පොඩි පුතා දෙවියන් දැකලා තියනවා.එයා ඒ වෙලාවෙ ආරූඪ වුණා.මට ගොඩක් සතුටුයි පුතා දෙවියන් දැකීම ගැන. මගේ තාත්තත් අපි එක්ක ආවා.එයාට වයස හැත්තෑ අටයි.හැම වතාවකදිම මගේ තාත්තා මේ පෙරහැරට එනවා.කවදාවත් කිසිම කරදරයක් වෙලා නැහැ. අපිට එද්දි වතුර ප‍්‍රශ්ණයක් තිබුණා නාමඩල ප‍්‍රදේශයේ.හමුදාවෙ අය අපට වතුර දුන්නා. කරදරයක් නැතිව එන්න ලැබුණෙ ඒ අය නිසා.” ලෝගනාදන් ජයන්ත පැවසීය.

අවුරුදු තිස්පහක් පුරා මෙම පාදයාත‍්‍රාව පැමිණෙන තිබිමදී ෂම්මුගනාදන් පවසන්නේ කිසිදු දිනයක නොවුණ සිදුවීම් වලට මුහුණ දීමට ඔවුනට සිදු වූ බවයි.

”අපි එද්දි පාර වැරදුනා.අපි දුක් වුණා අපිට මේ ගමන එන්න බැරිවෙයි කියලා.ඒ වෙලාවෙ ලොකු එළියක් අපට පෙණුනා.අපි ඒ එළීය දිගේ ආවා.අපිට පාර හොයා ගන්න පුළුවන් වුනේ ඒ  නිසා. දෙවියෝ තමයි ඒ එළිය පෙන්නුවේ.” ෂම්මුගනාදන් පැවසීය.

දෙවියන් වෙනුවෙන් පැමිණෙන මේ ගමනේදී මේ පිරිස පැමිණීමට ප‍්‍රථමයෙන් එක් පුද්ගලයකු පැමිණ මෙසේ පයින් පැමිණෙන පිරිස වෙනුවෙන් යාතිකා  කරයි.ඒ ඹවුනට විපතකින් තොරව පැමිණීම සදහා මෙන්න ශරීර ශක්තිය නිසි ආකාරව පවත්වා ගැනීම සදහාය.

මඩකළපුවේ තෝවිල්පෝරදිම් සිට පැමිණි  කන්දයියා සුන්දරම් පවසන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් පැමිණෙන මේ ගමනේ දී ඔවුන් සිතූ පැතූ සියල්ල ඔවුනට ලැබුණ බවයි.

”අපේ නඩේ තව හතර දෙනෙක් ආවා. ඒ අයගෙන් තුන් දෙනෙක් අතරමං වුණා. එක්කෙනෙක් සර්පයෙක් දැකලා බය වෙලා කැළයේ සිහි නැතිව වැටිලා තියනවා. සිහි එද්දී මොණරියක් එයා ළග ඉදලා තියනවා. ඒ මොණරා පස්සෙන් එද්දී අපිට මෙයාව හමුවුණා. දෙවියන් අපට උදවු කළා.”කන්දයියා  සුන්දරම් පැවසීය.

අපි මේ ආවේ දහවෙනි වතාවට .ඒ දවස්වල ගොඩක් පරීක්ෂා කරනවා.මේපාර එහෙම නැහැ.සන්සුන්ව එන්න පුළුවන් වුණා.අපිට හමුදාවේ අය ගොඩක් උදව් Kataragama 1කළා.ඒ අයට ගොඩක් පිං සිද්ධ වෙනවා.කන්දයියා සුන්දරම් පැවසීය.

බාල මහළු තරුණ සෑම සියලු වයසේම පිරිස් මේ  ගමන සදහා සහභාගී වෙයි.රවි රාජ් මදූෂා දස හැවිරිදි කුඩා දියණියද මෙම පාද යාත‍්‍රාව සදහා සහභාගී විය. මේ ගමන නිසාවෙන් ඔවුන්ගේ පාසල් ගමනද දින ගණනක් යන තුරු නතර වේ.

මම අවුරුදු තුනකට කළින් මෙහෙ ඇවිත් තියනවා. ඉස්කෝලෙ පාඩු වුණාට අපිට දෙවියන්ගේ ආශීර්වාදට තියන නිසා ඒ හැම දෙයක්ම හොදින් කර ගන්න පුළුවන්. මම පංතියේ පළවෙනියා.මට දැන් තනියම යන්න පුළුවන් පාර හොදට මතකයි.මදූෂා පැවසීය.

දෙවියන් වෙනුවෙන් කැප වී පැමිණෙන මෙම ගමනේ අරමුණ වන්නේ තමන්ගේ අනාගත අරමුණූ ඉටු කර ගැනීමත් දේව ආශිර්වාදය ලබා ගැනීමත් පමණය. භක්තිවන්ත සිතින් සිදු කරන මෙම ක‍්‍රියාවලින් තුළ දෙවියන් ගේ ආශිර්වාදය ගැබ් වී ඇති බවට ඔවුන් විශ්වාස කරයි.

”සල්ලි නැතිව පයින් එනවා නෙවෙයි අපේ කණ්ඩායමේ දෙසීයක් විතර පිරිසක් ආවා. අවුරුදු තුනක් අපි මේ ගමන ආවා. මේ වතාවෙ තමයි වැඩිම පිරිසක් ආවේ. අපි අයිතමලේ ඉදලා දවස් දහතුනක් තිස්සේ මේ ගමන ආවා. මේ කරදරයක් නැතිව ආව පළවෙනි වතාව . ”සිවමුණි විජේකුමාර් පැවසීය.

වාලච්චිහේන සිට දවස් දාහතරක් පඅරා මේ ගමන පැමිණි ආනන්දරාජා මහේෂ්වරී පවසන්නේ මේ ගමන පැමිණි විට ජීවිතයට සැප සතුට ලැබෙන බවය.

”මම පස් වතාවක් කතරගම ආවා. ඒ හැම වතාවෙම ආවේ බස් එකේ. හැමෝම කියන විදියට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න නම් ඒ වෙනුවෙන් කැප වෙන්න  ඕන. ඒ නිසයි මේ වතාවේ මම පයින් ආවේ.” මහේෂ්වරී පැවසීය.

වලච්චිහේනේ සිට එකසිය විසිපහක නඩයක් පාදයාත‍්‍රාවෙන්  කතරගමට පැමිණියේය. ඒ පනස් හතර හැවිරිදි ත්‍යාගරාජා මාධවී සමග පිරිසය.

”පයින් එන එක කරදරයි තමයි. වතුර ප‍්‍රශ්ණ වගේම දූවිලි නිසාත් ප‍්‍රශ්න ඇති වුණා. මොන ප‍්‍රශ්ණ ආවත් අපි මේ ගමන ආවේ බාර ඔප්පු කරන්න  ඕන නිසා. මම අවුරුදු හතක් මේ ගමන ආවා. ඒ ආව ගමන් වාර හතේම මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වුණා. තව එක බලාපොරොත්තුවක් ඉෂ්ඨ කර ගන්න තමයි මම ආවේ.”මාධවී පැවසීය.

ගියපාර කරදර මැද්දෙ ආවේ. මේ වතාවෙ ආරංචි වුණා ඔකදෙන් කට්ටිය ආපහු යවනවා කියලා. එතන්ට හරි ඇවිත් යනවා කියලා තමයි අපි ආවේ. ගිය වතාවේ ආව අයට සැරෙන් සැරේට තමයි එන්න දුන්නේ. ඒත් මේ වතාවේ හැමෝම එක විදියට එව්වා.කටගමුවේ දී කෑම දුන්නා.ඔකදෙන් අපිට වතුර එහෙම දීලා උදව් කළා. අපිට දරුවෝ නැති නිසා තමයි අපි මේ වතාවේදි ආවේ. මාධවී පැවසීය.

වාලච්චිහේන සිට පැමිණි මුරේච්චි කමලාට නොසිතූ සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.

තිරුක්කෝවිල් ඉදලා තමයි අපි පයින් ආවේ.මගේ ස්වාමිපුරුෂයාත් මාත් එක්ක ආවා.රෑවුන නිසා අපි හැමෝම නිදා ගත්තා මහත්තයත් මා එක්කමයි හිටියේ. උදේ බලද්දී එයා හිටියේ නැහැ. ආරක්ෂක අංශ වලටත් අපි කීවා. හැම තැනම හෙව්වත් හම්බ වුණේ නැහැ. හත් වතාවක් අපි එකට ආවා. මේ වතාවෙදි එයා එන්න බැහැ කියද්දී මම එක්කගෙන ආවේ. මෙහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ. දෙවියෝ විසින් එයාව මට මුණගස්වයි. මට ඒක විශ්වාසයි. කමලා දැඩි අධිෂ්ඨානයෙන් පැවසීය.

දින ගණන් ගෙවා පැමිණෙන මෙම මෙම බැතිමතුන් හට පළමුවෙන් ගම්මානයක් මුණගැසෙන්නේ කටගමුවේදීය.යාල වනාන්තරය මැදින් පැමිණෙන මෙම ජනතාවගේ ඒකායන ප‍්‍රාර්ථනය වන්නේ තමන්ගේ ජීවිතයේ  සතුට සැනසීම ලගා කරගැනීමය.

  • Share/Bookmark

මුට්ඨක ධාතූ වැජඹෙන මුතියංගනය

July 7, 2009 by Editor  
Filed under Featured, Stories

BADULLA  590Muthiyangane’s story

බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ බුදුහිමිගේ තුන් වන ලංකා ගමනය සිදුවේ. එම ලංකා ගමනයෙන් පසු ජන ප‍්‍රධානියකු වන වර්තමානයේ ඉන්දික දෙවියන් ලෙස හදුන්වන පුද්ගලයා මුතියංගනට වඩින ලෙස ආරාධනා කළහ.එම ආරාධනයෙන් පසු මුතියංගනයට පැමිණි  බුදුන් සිහිවීම සදහා යමක් ඉල්ලූ විට ඛේශ ධාතූන් ලබා දුන්  බවත් ඒ අවස්ථාවේ බුදු හිමිගේ නළලෙන් රූරා වැටුණ දා බිදුවක් මුතු බවට පත්ව ඇත.එම මුතු සහ ඛේශ ධාතූන් තැන්පත් කර ඉන්දික දෙවියන් ඇතුලු පිරිසට බණ දෙසූ ස්ථානය සිහිවීම සදහා මුතියංගන චෛත්‍ය ඉදිකර ඇත. දාහදිය බිදුව මුතු වූ නිසාවෙන් මුට්ඨක ධාතුව ලෙස එය නම් කෙරිණ.පසුව මුට්ඨ අංගනය මුතියන්ගණය බවට පත්විය.
අනුරාධපුර ශ‍්‍රී මහා බෝධියෙන් හට ගත් දෙතිස්ඵල හා අශ්ඨපල බෝධීන් වහන්සේ මුතියන්ගනයේ රෝපණය කරන්නේ අනුරාධපුර රාජධානියට මුතියංගනය සම්බන්ධ කර ගැනීමට මෙන්ම මිනිසුන්ගේ ආගමික ප‍්‍රබෝධය     වර්ධණය කිරීම සදහාය.රන් වැට යොදා ඇති  බෝදීන් වහන්සේ ක‍්‍රි.පූ.  තුන් වන සිය වස රෝපණය කළ එකකි.මීට අමතරව බෝධීන් තුනක්  දක්නට ලැබෙන අතර ඉන්දියාවේ ආනන්ද බෝධියේ ශාඛාවක්ද දක්නට ලැබේ.මෙසේ බෝධින් රාශියක් රෝපණය කර ඇත්තේ ප‍්‍රධාන බෝධියේ ආරක්ෂාව සදහාය.
මුතියංගනයට පමණක් ආවේණිකව ඇති ඇතුල් වන තැනම ඇති පවුර හින්දු ආගමික අදහස් පිළිඹිබු කරන නිසාවෙන් මෙම කාලසීමාවේ මිනිසුන් හින්දු ආගමික ඇදහිලි විශ්වාස කරන්නට ඇති බව මෙම විහාරය පිළිබද අදහස දක්වන විහාරාධිපති මුරුද්දෙණියේ ධම්මරතන හිමි පවසයි.වර්ථමානයේ දක්නට ලැබෙන පරිදි මුතියංගන විහාරය පූතිසංස්කරණය කර ඇත්තේ 1935 දීය.
ඒ කාලයේ තිබුණ චෛත්‍ය පැත්තක් ගරා වැටිලා ගිය නිසා රාජ්‍ය නායකයින් මැදිහත් වෙලා ප‍්‍රතිසංස්කරණ කටයුතු කරලා කොත පැළදවීම සිදු කළේ 1956.දෙදහස් පන්සිය පනස් වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලංකාවෙ සිදු කරපු  ලොකුම ආගමික උත්සවය සිද්ධ කළේ මෙහෙ.විහාරාධිපත් හිමියන් පවසයි.

දැන් කාලෙත් තිබුණ නම්…….

සෑම අවුරුද්දකම ප‍්‍රධාන වශයෙන් උත්සව හතරක් මුතියංගන විහාරයේ සිදු කරනු ලබයි.එහි විශේෂතම උත්සවය වන්නේ කාර්ති මංගල්‍යයි.ඊට අමතරව අලූත් අවුරුදු උත්සවය වෙසක් උත්සවය ඇසළ උත්සවය පවත්වන ලබයි.සිංහල රජ කාලයේ සිට අඛණ්ඩව පැවත එන සිරිත් විරිත් අනුගමනය කරමින්  විශේෂිත නැකත් පත‍්‍ර අනුව මෙම උත්සව සිදු කරයි.
සිංහල රජ කාලයේ ඉදලා පත් කරපු රාජකාරීකරුවන් තවමත් ඉන්නවා.තමන්ගෙ රාජකාරි කරද්දි සිද්ධ වෙන අපහසුකම් ගැටලු කියන්න තමයි මේ මංගල්‍ය යොදා ගන්නෙ.බුලත් අතක් දීලා ඒ අඩු පාඩුකම් වැරදි කියනවා.ඒ අඩුපාඩු කියන්න වෙනත් වෙලාවක් යොදා ගන්නෙ නැහැ.මල් පහන් පූජා කරලා කතා කරලා කියනවා ඇරෙන්න කිසිම ප‍්‍රශ්ණයක් ඇති කර ගන්න වෙන්නෙ නැහැ මේ නිසා. දැන් කාලෙ තියන වෙන ආයතන වගේ හිතෙන හිතෙන වෙලාවට ඇවිත් කියන්නෙ නැහැ. දම්මරතන හිමියන් පැවසීය.

The Muthiyangana Rajamaha Vihara has for centuries continued with traditions that have been practiced since its inception. The Vihara celebrates four events annually – the Karthi festival, Sinhala New Year, Wesak and Esala Poya days. The Vihara was built to commemorate Lord Buddha’s third visit to Sri Lanka on the invitation of local deity Indika. The sthupa at the temple has been built around a lock of hair offered by the Blessed One during the visit. However, the Vihara we see at present was renovated in 1935. Also, it was in 1956 that the present sthupa was built with the help of the state since the original structure was in a dilapidated condition by then.

  • Share/Bookmark

« Previous Page