Has the UNP abandoned Fonseka?

March 19, 2010 by Editor  
Filed under Stories, memories

An early victim the fighting for parliamentary seast appears to be the movment to secure the release of former Army Commander Retired General Sarath Fonseka from military custody.

The arrest of Common Presidential Candidate, General Fonseka on February 8 initially brought about a massive agitation campaign calling for his release by a broad coalition of opposition political parties.

A protest rally was held at Hyde Park, another was held outside the Supreme Court Complex and members of the broad opposition commenced island wide agitation campaigns.

The broad opposition alliance included the main opposition UNP, JVP, SLMC, DPF, SLFP (M) Wing and many other recognized opposition parties.

General Fonseka’s agitation campaign has now become limited to the JVP and several parties that have pledged allegiance to the newly formed opposition alliance under the General’s leadership, the DNA.

The first sign of the UNP moving out of the campaign was witnessed when the JVP organized a protest march and rally at Lipton Circus in February, soon after that the UNP decided to contest the general election separately under the elephant symbol.

The split in the broad opposition alliance has now resulted in the UNP distancing itself from General Fonseka’s agitation campaign. The UNPers are even conspicuous in their absence when the cases filed by General Fonseka are taken before the Supreme Court.

General Fonseka’s agitation campaign is now completely handled by the JVP. The DNA’s general election campaign led by the JVP in the absence of General Fonseka has added the agitation campaign in to the election campaign.

The party has focused on the need to get General Fonseka released from military custody along with the slogan of fighting to protect democracy.

Given that General Fonseka is heading a separate campaign for the general election, the UNP led opposition alliance, UNF, is unable to join in the agitation campaign as it would in some way promote the DNA election campaign.

DNA front liner and JVP parliamentarian Anura Kumara Dissanayake said they would continue to agitate for General Fonseka’s release with all the progressive forces committed to safeguarding democracy in the country.

Dissanayake eyed with disappointment the UNP’s decision to contest the general election separately under the elephant symbol, saying it is time to act on the national interest rather than for petty political gains.

However, UNP General Secretary Tissa Attanayake said the UNF had not abandoned General Fonseka in any way.

He noted that although the party along with the UNF had not been on the streets agitating for the General’s release, they have been working on getting him released. “The Opposition Leader met with the President to request for General Fonseka’s release and we have also raised the issue with the diplomatic community in the country in order to highlight the matter internationally,” he said.

Attanayake also said the UNP was committed to get General Fonseka released from military custody and has therefore included in the UNF’s general election manifesto.

General Fonseka is now being tried before a court martial on several charges against the Army Act.

By Mandana Ismail Abeywickrema


  • Share/Bookmark

එකෝන් නාඩගම අපට එපා – ෆේස්බුක් කණ්ඩායම

March 18, 2010 by Editor  
Filed under Featured, Stories

එකෝන් තියම්ප් නැමැති බටහිර ගායකයා ලංකාවට පැමිණිමට විරෝධය දැක්වීම සඳහා මේ වන විට අන්තර්ජාලයේ ෆේස්බුක් පිටුවක් වෙන්වී ඇත. මේ සඳහා හේතුව වී ඇත්තේ ඒකෝන් විසින් බුදු දහමට නිගා වන පරිදි සිය ගීත සදහා රෑප රචනා සිදු කොට තිබීමයි. ඔහුගේ sexy bitch  නම් ගීතය වෙනුවෙන් බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිරියේ රගන අඩනිරුවතින් කතුනගේ දර්ශන කිහිපයක් ඇතුළත් කොට තිබීමය.

ඒකෝන්ගේ මෙම ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 24 දින කොළඹ ඒස් එස් සී අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට යර්ස් එෆ් එම් ආයතනය කටයුතු යොදා තිබේ.

‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප  ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.

‘‘අප මීට කළිනුත් මෙවැනි ප‍්‍රසංග සංවිධානය කරලා තියෙනවා. මෙය අථත් දෙයක් නොවෙයි. ඇත්තටම අප දන්නවා ඒකෝන් ලංකාවට ගෙන්වනවට විරුද්ධව ෆේස්බුක් කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. බටහිර රටවලට බුදු පිළිමය අලංකාරය සදහා යොදා ගන්නවා. ඒකෝන් සිය ගීත නිර්මාණයට ඒ අර්ථයෙන් එය යොදා ගන්න ඇති.’’ යර්ස් එෆ් එම් ආයතනයේ
ප‍්‍රකාශයෙක් පැවසුවේය. අපේ‍්‍රල් 24 වැනිදා පැවැත්වෙන මෙම ප‍්‍රසංගයට දැඩි ආරක්ෂක කි‍්‍රයා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

ඒකෝන් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කරන හෑගොඩ විපස්සී හිමියන් ප‍්‍රකාශ කරන්නේ බුදු දහමට නිගා කරවන මෙවැනි පූද්ගලයින් ලංකාවට ගෙන් වීමට වහා විරෝධය දැක්විය යුතු බවයි.

‘‘මෙම පුද්ගලයා බුදු දහමට ගෞරව කරන්නෙ නැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයන් ගෙන්වීම අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන දෙයක්.’’ විපස්සී හිමියෝ පැවසූහ.

මේ වන විට ඒකෝන්ගේ ලංකාගමනයට විරෝධය පෑමට නිර්මාණය කර ඇති මෙම එක් ෆේස්බුක් පිටුවක සාමාජිකයන් ගණන අට දහස ඉක්මවා තිබේ. අනෙක් පිටුවේ දහසකට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවක් සිටිති. ෆෙස්බුක් පිටුවේ සිය විරෝධය ප‍්‍රකාශ කිරීමට මේ සාමාජිකයන් බොහෝ දෙනා විවිධ අදහස් ලියා තිබේ.

  • Share/Bookmark

උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු

March 11, 2010 by Editor  
Filed under Featured, Stories

පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. ඒ තත්ත්වය මේ වන විට බොහෝ දුරට ම්‍ග හැරී ඇතැයි වසංගත රෝග ඵීද්‍යංශයේ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේය.

‘‘ඊසාන දිග මෝසමත් සමගම පැතිර ගිය වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය මේ ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියා. ඩෙංගු රෝගය පිළිබද සාමාන්‍ය ජනතාවගේ තිබුණු අවධානය හේතුවෙන් සහ නිසි අකාරයෙන් සෞඛ්‍ය අංශයේ අවධානය නිසා රෝගය පැතිර යාම අවම කරගන්න හැකියාවක් ලැබුණා.’’ වෛද්‍ය තිසේරා පැවසුවේය.

මේ වන විට මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු රෝගය වසංගතයක් තත්ත්වයට පත් විය. එහිදි රෝගීන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගීන් තුන්සියයකට අධික පිරිසක් මරු මුවට පත් විය. 2009 වසර අගභාගය වන විට මේ තත්ත්වය සෞඛ්‍ය අංශයේ දැඩි අවධානයත් සමගම යම් තාක් දුරට පාලනය වී තිබුනද මේ වසර වන විට නැවතත් ඩෙංගු රෝගය උත්සන්න වී තිබේ.

‘‘ගිය අවුරුද්දෙ ඩෙංගු මැඩ පවත්වන්න සෞඛ්‍ය අංශ ලොකු මැදිහත් වීමක් කළා. ඒ කැපවීම නිසා ඇත්තටම ඩෙංගු රෝගීන් මිය යාම අඩු වුණා. ඒත් දැන් ආයෙමත් ඩෙංගු රෝගය වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ වල හිඩැසක් තියෙන නිසයි මෙහෙම වෙන්නෙ. හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්න පියවර නොගත හොත් නැවතත් ඩෙංගු රෝගය වසංගතයක් වීමේ අවදානම තියෙනවා.’’ ඩෙංගු රෝගයට භාජනය වූ හෙද නිලධාරී අවිස්සාවේල්ලේ ඉන්දික සම්පත් පැවසුවේය.

මේ වන විට ඩෙංගු රෝගය පැතිරීයාම වළක්වා ලීමට අවශ්‍ය සියථම පියවරයන් ගන්නා බව වසංගත රෝග ඵීද්‍යා කාර්යංශය ප‍්‍රකාශ කරයි. ඒ සදහා කියුබාවෙන් ගෙන්වන බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු පැතිරී යන ප‍්‍රදේශ වල හැකි ඉක්මනින් යෙදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය. විශේෂයෙන්ම ගුවනේ සිට මේ බැක්ටීරියාව විසිරුවා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

  • Share/Bookmark

එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද

March 4, 2010 by Editor  
Filed under Featured, Stories


ගෝලීය දෙමළ සංවිධානය මඟින් පසුගිය දිනක පැවැත්වූ සමුලුවකදී ඬේවිඩි මිලි බෑන්ඩි කළ ප‍්‍රකාශය වෙනුවෙන් අද පැවති කරඩිනටි තීරණ දැනුම් දීමේ  මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී එල් පීරිස් පවසා සිටියේ ලංකාවෙන් පරිපාහිර එල් ටී ටී ඊ ආණ්ඩුවක් පිහිට විය යුතු   බවට ගෝලීය දෙමළ සංවිධානය පැවසූ ඇති බවයි.

“එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද මේ රට ගැන මත පල කරන්න. මේවා අපේ රටේ ප‍්‍රශ්ණ. රට අභ්‍යන්තරයේ තියෙන ප‍්‍රශ්ණ සාකච්ඡුා කරන්න අයිතියක්  එ් අයට නැහැ. රට අභ්‍යන්තරයේ මිනිස්සුන්ටයි එ් ප‍්‍රශ්ණ  කතා කරන්න අයිතිය තියෙන්නේ.”

අන්තර්ජාලය හරහා මෙරට ඇඟලුම් පිළිබඳව ගෙනයන ප‍්‍රචාරයන් සිදු වන්නේද එකී ප‍්‍රකාශයේ ප‍්‍රතිපලයක් ලෙස බවයි මහාචාර්ය පීරිස් පවසන්නේ.

“යූ ටියුබ් හරහා අපේ රටේ ඇඟලුම් ගන්න එපා කියනවා. මේවා  කියන්නේ මිලි බෑන්ඞ් නිසා. ඔහු කීවේ මොනවද කියන එක නෙවෙයි ප‍්‍රශ්ණෙ තියෙන්නේ එතන්ට ඔහු සහභාගී වුණ එකයි තියෙන ප‍්‍රශ්ණෙ. මෙයින් ව්‍යංගයෙන් කියැවෙන්නේ මොකක්ද කියලා හිතන්න පුලුවන් කමක් තියෙන්න  ඕන.” හෙතෙම පැවසුවේය.

හිටපු අග විනිසුරුවරයා සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා විය.

හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ සරත් ෆෝසේකා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවත් ජාත්‍යන්තර නීති පවා උල්ලංඝනය කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත්ය.

“එක වැරදි නම් පසු ගිය අඟහාරුවාදා ශේ‍්‍රෂ්ඨාධිකරණය එකඟ වෙනවා මොහුව ඇප මත නිදහස් කරන්න. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මානව හිමිකම් පිළිබද පෙත්සමක්. බැලූ බැල්මට මේවායේ සාධාරණ සාක්ෂි තියෙනවා නම් කැපී පෙනෙන දෙයක් තියෙනවා නම් නිදහස් කරන්න තීරණය කරනවා.” හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයකුහට විවේචනාත්මක මත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් නමුදු  කුමන්ත‍්‍රණ කිරීමේ අයිතියක නොමැත් බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කර සිටියේ රාජපක්ෂ පවුල පිළිබඳව ගවේශණය කිරීම සඳහා යොදවා ඇති පොලිසි කණ්ඩායමක් පිළීබඳව මාධ්‍යවේදීයකු නැඟූ ප‍්‍රශ්ණයකට පිළීතුරු ලබා දෙමිනි.

“කවුරුවත් සඳහා කියලා විශේෂ ආයතන පිහිටවලා නැහැ.  රටේ සාමාන්‍ය නීතිය හැමෝටම පොදුයි නම් ඇයි විශේෂ ආයතන පිහිටවන්නේ. ” හෙතෙම පැවසුවේය.

  • Share/Bookmark

රැළි පිට රැළි විරෝධතා

February 12, 2010 by Editor  
Filed under Featured, Stories


විශ‍්‍රාම ගිය යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම නිමිත්තෙන් පසුගිය දින කිහිපය තුළද විවිධ වූ විරෝධතා රැළි දක්නට ලැබුණ අතර  අද  දිනයේද විරෝධතා රැළි පැවැතිවීමට නියමිතය.

අද දිනයේ පෙරවරු 11.45ට ශෙෂ්ඨාධිකරණය අභියස නීතිඥ වරුන්ගේ විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය. එ ජෙනරාල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම හේතු කරගනිමිනි.

මේ අතර ජෙනරාල් ෆොන්සේකාගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද අද දිනයේ විභාග වීමට නියමිතය.

මේ අතර  අද දිනයේ විසුරුවන ලද ආණ්ඩුවේ සාමාජිකයන් විසින්ද පස්වරු  3ට  කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය.

General Sarath Fonseka’s wife Anoma Fonseka said that her husband who was arrested by the military police is still strong and had requested people to remain calm. She said he had asked the people and war heroes to remain calm. Anoma lamented that although she met him daily there was no freedom to speak alone. She also expressed doubts over the decision to hold the General at the Navy Headquarters instead of the Army headquarters. Anoma has requested the help of the ICRC to get the Army Hospital doctor to visit General Fonseka to monitor his health condition, especially due to the shrapnel inside his body. Concerns over General Fonseka’s arrest have been expressed at local and international levels.

  • Share/Bookmark

අවතැන්වුවන් උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරයි

January 26, 2010 by Editor  
Filed under Featured, Stories

වසර තිහක් තිස්සේ පැවති යුද ගැටුම් නිසා අවැත්ව මැනික්ෆාම් සුභසාධන ගම්මානයේ රැදී සිටින පිරිස් ජනාධිපතිවරණයේදී උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන අතර ඡන්ද විමසීම් ආරම්භවී පැයක් ගතවන විට වේගයෙන් ඡන්දය ප‍්‍රකාශ කරමින් තිබුණි.
වව්නියාව මැනික්ෆාම් අලවිතෝට්ටම් පාසලේ ඡන්ද පොළක් තිබෙයි. මෙම ඡන්ද පොලේ ඡන්ද මධ්‍යස්ථාන හයක් තිබෙන අතර මෙම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන ඡන්ද දායකයෝ උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරයි. උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරන ඡන්ද දායකයින් නිසා මෙම ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දකින්නට ලැබුණි.
පොලීසිය විසින් නිකුත්කර තිබෙන තාවකාලික හැදුනුම්පත් රැගෙන ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයින් ඡන්ද පොළට ගිය නමුත් ඡන්දය ප‍්‍රකාශ කිරීමට මෙම හැදුනුම්පත් වලංගු නොවන බව ඡන්ද පොළ භාර නියෝජිතයින් කියා තිබුනේය. මේ නිසා ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකිව බොහෝ දෙනා ඡන්ද පොළ අසල රැදී සිටියේය. මෙම ගැටලූව විසදීමට සිය නියෝජිතයෙක් යැවීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු යොදා තිබුනේය.
සාමකාමී අන්දමින් අවතැන් කදවුරුවල ඡන්ද විමසීම සිදුවෙයි. මේ වන තෙක් අවතැන් කදවුරුවල මැතිවරණයට සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තාවී නොමැත.
අවතැන් කදවුරුවල සිටින ඡන්ද දායකයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා සියලූම පහසුකම් ලබාදී තිබේ. ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණෙන අයගේ ගමන් පහසුව සදහා බස් රථ ලබාදී තිබේ. මෙම බස්රථවලින් පිරිස් පැමිණ උනන්දුවෙන් යුතුව සිය ඡන්දය ප‍්‍රකාශ කළේය.

  • Share/Bookmark

ජනාධිපතිවරණ උණුසුම මැද දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම්

January 22, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණය සදහා දින ලංවීමත් සමගින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස කරන ඉල්ලීම් වේගවත් වෙමින් තිබෙන අතර කොළඹ මැගසින් බන්ධනාගාර ඉදිරිපිටට රැස්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් මොවුන් නිදහස් කරන ලෙස ජනවාරි 22 වැනිදා නැවත වරක් ඉල්ලා සිටියේය.

මෙම ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයගත්තත් වසර ගණනාවක් තිස්සේ සිරකරගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස මොවුන් මෙහිදී ඉල්ලා සිටියේය. ‘‘වසර ගණනාවක් තිසේසේ අත්අඩංගුවේ තබාගෙන සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස අපි මැතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයාගෙන් ඉල්ලා සිටිනවා.’’ මෙම උද්ඝෝෂණ ව්‍යාපායරට සහභාගීවී සිටි කොල්ලූපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ සත්තවේලි පියතුමා කීවේය.

දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් විරෝධත ව්‍යාපාරයට සහභාගී වී සිටියේය. වසර ගණනාවක් තිස්සේ නිදහස් නොකර සිටින තමන්ගේ දරුවන් නිදහස් කරන ලෙස මොවුන් ඉල්ලා සිටියේය. ‘‘මගේ පුතා 2006 දී අත්අඩංගුවට ගත්තේ. කවුරු බලයට ආවත් අපිට කමක් නැහැ. අපි ඉල්ලන්නේ අපේ පුතා නිදහස් කරනන් කියලායි.’’ රත්නා මායාදුන්නේ පැවසුවාය.

තමන්ගේ සැමියා රෝගියෙක් නිසා රැකියාවක් කිරීමට හැකියාවක් නැති බවත් තමන්ගේ පවුලේ නඩත්තුව සදහා මුදල් ලබාදුන්නේ මේ වන විට අත්අඩංගුවේ පසුවන පුතා විසින් බවද ඇය පැවසුවාය. ‘‘මගේ ලොකු පුතා තමයි පවුල නඩත්තු කළේ. වෙන කවුරුවත් පවුල නඩත්තුකරන්න උදව් කළේ නැහැ. දැන් ඉතින් අපි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.’’ ඇය කීවාය.

මායාදුන්නගේ මෙන්ම සෙල්විගේ බලාපොරොත්තුව වන්නේද වසර තුනක් තිස්සේ නිදහස් නොකර සිටින තමන්ගේ පුතා නිදමහස් කරගැනීමය. පුත්තලමේ පදිංචි ඇය කොළඹ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට පැමිණ සිටියේ මේ මගින් හෝ තමන්ගේ පුතා නිදහස් කරගැනීමට කිසියම් බලපෑමක් එල්ලකිරීමට හැකියාව ලැබෙතැයි යන විශ්වාසය නිසාය.

විවිධ අවස්ථාවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේය. මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් දෙදෙනාගෙන් කිසිවෙක් මේ වන විට මොවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් හදුන්වා නොමැති අතර මොවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් පිළිගැනීමට ජයගන්නා අපේක්ෂකයා කටයුතු කළ යුතුයැයි සත්තවේලි පියතුවා කිවේය.

මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් හත්සිය දහතුන්දෙනෙක් නිදහස් කිරීමට අධිකරණය නියෝගයක් ලබාදී ඇති අතර මෙම පිරිස් නිදහස් කිරීම ප‍්‍රමාණවත් නැතැයි දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය කීවේය. මෙසේ නිදහස් කරන්නේ පාරේ හා කඩවල්වල සිටියදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් වන බදව හෙතෙම කීවේය. එහෙත් වසර දෙක තුන තිස්සේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කළ යුතුව ඇතැයි කීවේය.

‘‘ආණ්ඩුව මේ කරන්නේ කොලේ වහලා ගහන එකක්. දැන් මේ දේශපාලන වාසි ගන්න තමයි අත්අඩංගුවට ගෙන සිටින පිරිසක් නිදහස් කරන්නේ.’’ ජයසූරිය පැවසුවේය. දේශපාලන වාසි ගැනීම සදහා සුළු පිරිසක් නිදහස් කරන බවද ඔහු කීවේය.

අත්අඩංගුවට ගෙන සිටින දේශපාලන සිරකරුවන් අතර චෝදනාවන්ට ලක්ව සිටින පුද්ගලයින්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පැවරිය යුතු බවද නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු බවද හෙතෙම කීවේය.

‘‘මේ අරාජික දේශපාලන ක‍්‍රමය විසින් තමයි මෙම සිරකරුවන් බන්ධනාගාරයට වෙත ගෙනවිත් තිබෙන්නේ. මොවුන් ත‍්‍රස්තවාදීන් නොවෙයි.’’ සත්තවේලි පියතුමා කීවේය.

අත්අඩංගුවට පත්ව සිටින දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙම සමාජය වෙනස් කිරීම සදහා හා අරාජික දේශපාලනයෙන් රට මුදාගැනීම කටයුතු කිරීම නිසාවෙන් වන බවත් මේ නිසා මොවුන් වහාම නිදහස් කළ යුතුව ඇති බවත් සත්තවේලි පියතුමා වැඩිදුරත් සදහන් කළේය.The call for the release of political prisoners has intensified during the election period with civil society organizations holding a protest outside the Magazin Prison. Their call was for either Presidential candidate to ensure the release of all political prisoners after assuming office. Most political prisoners have been arrested under the Prevention of Terrorism Act at different times.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට නිදහස

January 22, 2010 by Editor  
Filed under Featured, Stories

සිනා මුසු මුහුණින් දෙමළ ජාතිකයින් කොළඹ අලූත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේ සිට පිටතට පැමිණීම මේ දිනවල දැකිය හැකිය. මෙසේ සතුටු මුහුණින් අධිකරණ භූමියේ සිට පිටතට පැමිණෙන ඇතැම් පුද්ගලයින් මාස ගණනාවකින් තමන්ගේ නිවසට ගොස් නැත. ඇතැම් අය වසර ගණනාවකින් තමන්ගේ පවුලේ සාමාජිකයින් සමග ජීවත්වී නැත. ඒ ඔවුන් අත්අඩංගුවේ සිටි නිසාය.

මෙලෙස නිදහස ලබන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංගුව ගෙන සිටි සැකකරුවන්ය. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් අධිකණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ අකාරයට නිදහස් කරනු ලබයි. බොහෝ අවස්ථාවලදී බස් රථයකින් මෙම සැකකරුවන් අධිකරණය හමුවට රැගෙන එන එයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නිවෙස් බලා යාමට අවසර ලැබෙන අය බස් නැවතුම්පල දක්වා ගෙන යන්නේද ඔවුන් අධිකරණය වෙත රැගෙන ආ බස් රථයෙන්මය.

කොළඹ අලූත් කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මෙන්ම කොළඹ මාළිගාවත්ත මහේස්ත‍්‍රාත් අධිකරණයේද මෙවැනි ආකාරයේ සැකකරුවන්ට නැවත තමන්ගේ නිවෙස් බලා යාමට අවසර ලබාදෙයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංවට ගෙන සිටි සැකකරුවන් 713  දෙනෙක් නිදහස් කිරීමට අධිකරණ නියෝගයක් ලබාදී ඇති අතර ඒ අනුව මොවුන්ට නැවත තමන්ගේ ඥාතීන් වෙත යාමට අවසර ලබාදී තිබේ. මෙසේ නිදහස ලබා යන අය අතර පිරිමි සැකකරුවන් 511 ක් හා ගැහැණු සැකකරුවන් 202 සිටින බව අධිකරණ වාර්තා පෙන්වාදෙයි.

මෙම සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන සිටි නමුත් ප‍්‍රචණ්ඩ කාරී ක‍්‍රියා සදහා සෘජු සම්බන්ධයක් දක්වා නැත. එමෙන්ම ඇතැමි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් මෙම සංවිධානය වෙත බදවාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. මේ  කරුණු සැලකිල්ලට ගනිමින් මොවුන්ට නිදහස ලබාදී ඇත.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දිගින් දිගටම රදවාගෙන පරීක්ෂණ කටයුතු සිදුකිරීම පිළිබදව නීති පතිවරයා විසින් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. මෙම වාර්තාව සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම සැකකරුවන් 713 දෙනා නිදහස් කිරීමට නියෝග කර තිබේ.

Colombo Magistrate’s Court ordered the release of 713 Tamil civilians who were detained for allegedly having links with the LTTE. Among the released are 511 male and 202 female civilians. They were released by courts as they had been members of the LTTE who had not taken part in active operations and in most instances made them join the organization by force. After being released they were taken to the bus halt where they boarded buses to return to their homes after months in detention.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

මාධ්‍ය මේ විදිහට කඩේ යන්න හොඳ නැහැ

January 20, 2010 by Editor  
Filed under Featured, Stories

Media should be impartial මේ දිනවල ජනාධිපතිවරණය ජනමාධ්‍යයේ ප‍්‍රමුඛතම පුවත වී තිබේ. ජනමාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කරන්නේ එහි උණුසුම තව තවත් ඉහළ නංවමිනි. එහෙත් ජනමාධ්‍ය මැතිවරණය පිළිබඳ වාර්තා කරන අකාරය පිළිබඳ විවිධ විවේචන එල්ල වෙමින් පවති. ඒ පිළිබඳ විවිධ පුද්ගලයෝ විවිධ අදහස් ප‍්‍රකාශ කරති.

‘‘මම හොඳ ශ‍්‍රී ලංකාකාරයෙක්. මේ සැරේ මම ජන්දෙ දෙන්නෙත් මහින්ද මහත්තයට. එත් මේ ටී වී වලයි රේඩියෝ වලයි පත්තරවලිනුයි ආණ්ඩුවෙන් විපක්ෂයේ අයටයි විපක්ෂයේ අය ආණ්ඩුවටයි මඩ ගහන හැටි කොහෙත්ම හොඳ නැහැ. එක හරිම පක්ෂග‍්‍රාහියි. මට නම් ප‍්‍රවෘත්ති බලන්නත් එපා වෙලා තියෙන්නෙ.’’ රාජගිරියේ පදිංචි අමරදාස ප‍්‍රකාශ කළේය.

අමරදාස පවසන අකාරයට ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය හැසිරෙන අකාරය පිළිබඳ ඔහුට සෑහීමකට පත්විය නොහැක.

‘‘ මාධ්‍ය මීට වඩා සමබර වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. එක එක්කෙනාට කඩේ යන්න හොඳ නැහැ.’’ අමරදාස පවසයි.

‘‘ මැතිවරණයක් සමයේ ලෝකයේ කොයි රටකත් බොහොමයක් මාධ්‍ය හැසිරෙන්නෙ පවතින ආණ්ඩුවට පක්ෂග‍්‍රාහීව තමයි. මොකද රජයේ මාධ්‍යවල ඉහළ සිට පහළටම තියෙන්නේ ආණ්ඩුවෙන් ප‍්‍රදානය කළ තනතුරු. මේ තනතුරුවල ඉන්න අය තමන්ගේ පුටුව රැකගන්න පවතින ආණ්ඩුවට පක්ෂව කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය සම්බන්ධයෙන් නිසි බලධාරියෙකි ඇති කළත් ඔහුටත් කටයුතු කළ නොහැකි වුණේ මේ තත්ත්වය මතයි. ’’ කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයෙ ආචාර්ය අජන්තා හපුආරච්චි ප‍්‍රකාශ කළාය.

‘‘ අනිත් කාරණය තමයි මාධ්‍ය මේ වන විට ව්‍යාපාරයක් වෙලා තියෙන එක. ජනාධිපතිවරණය වෙලාවේදී ලාබ ලැබීමේ චේතනාවකින් ඔවුන් කටයුතු කරන අකාරයක් පේන්න තියෙනවා. මාධ්‍ය ජනතාවාදී ලෙස නොවෙයි ක‍්‍රියා කරන්නෙ. ඒ නිසා අනවශ්‍ය දේවල් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔලුවලට වැටිලා තියෙන්නෙ. ඒක හොඳ දෙයක් නෙමෙයි. බලෙන් මිනිස්සුන්ගේ ඔලුවලට අදහස් දෙන්න මාධ්‍ය කි‍්‍රයාකරනවා. මිනිස්සුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය මාධ්‍ය විසින් අහෝසි කරලා තියෙන්නෙ.’’ හපුආරච්චි පැවසුවාය.

මේ තත්ත්වය වළක්වාලීමට නම් මීට එරෙහිව විරෝදාකල්පයක් ගොඩ නැඟිය යුතු බව ආචාර්ය හපුආරච්චි පෙන්වා දෙන්නීය.

‘‘ මම කියන්නෙ මැතිවරණයක් වැනි අවස්ථාවක රටේ නීතියට සමගාමීව මාධ්‍ය හසුරුවන්න පෙරටුගාමී කණ්ඩායමක් අවශ්‍යයි කියන එක. එය ස්වාධීන කණ්ඩායමක් විය යුතුයි. එමඟින් මාධ්‍ය පාලනයකට නොව මඟ පෙන්වීමකට අවස්ථාව සළසා ගත හැකියි.’’ ආචාර්ය අජන්තා හපුආරච්චි සඳහන් කළාය.

‘‘ අපේ ගුරු මණඩලේ ඇතුළෙත් ඡන්ද උණුසුම එන්න එන්නම වැඩි වෙනවා. මට ටී.වී බලලා උදේට ඉස්කෝලෙට ඇවිත්ඒ දේවල් තමන් දැක්කා වගේ කියන්න අපේ ස්ටාෆ් එකේ අය හරි දක්ෂයි. සමහර වෙලාවට ඉස්කෝලෙ අයත් රණ්ඩු නොවී රණ්ඩු වෙනවා. අර චැනල් එකේ මෙහෙම කීවා. මේකේ මෙහෙම කීවා. ඒක නෙමෙයි මේකයි ඇත්ත. කියලා කියවගන්නවා. අනේ මන්දා මීඩියා වල මොනවද කියන්නෙ කියලා මට නම් තේරෙන්නෙ නැහැ. මධ්‍යස්ථව හිතන මනුස්සයා අතරමං වෙනවා.’’ කොළඹ ප‍්‍රමුඛ පෙළේ පිරිමි පාසලක නම හෙළි කිරීමට අකමැති වූ ගුරුවරයෙක් පැවසුවේය.

‘‘ ඊයේ පෙරේදා දවසක ඉස්කොලේ ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා මම ලගට එක්කගෙන අවා. හේතුව මේ ළමයින්ගේ තාත්තලා ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ අධාරකරුවො දෙන්නෙක්. කළින් දවසේ ටී.වී එකේ ගිය කතාවකට තමයි මේ දෙන්නා ගහගෙන තිබුණෙ. දහය වසරේ ළමයි දෙන්නෙක්. මම හිතන්නෙ මාධ්‍ය මැතිවරණයක් වෙලාවේදී මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම වැදගත්’’ ඔහු පැවසුවේය.

‘‘ මෙවර මැතිවරණයෙදී මාධ්‍ය ප‍්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සිදුවූ ප‍්‍රථම සිදුවීම තමයි සන්ඬේ ලීඩර් පුවත්පතේ සඳහන් වූ සිදුවීම. ඒ හරහා ජනමතයක් ගොඩනැගුනා. දෙවැන්න වූයේ ආර්. සම්බන්ධන් ජෙනරාල් ෆොන්සේකාට සහය දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කතා කළ අකාරය. මේ සම්බන්ධව වාර්තා කළ මාධ්‍යවේදීන්ට විවිධ තර්ජන පවා පැවතුණා. මේ සිදුවීමත් ජනමතය හැඩ ගැසීම කෙරේ බලපෑවා. අනික තමයි මුසම්ම්ල් මන්ත‍්‍රීවරයාගේ සිදුවීම. මෙය මාධ්‍ය වාර්තා කළ අකාරය දෙස බැලූ විට එයත් ජනමතයට යම් බලපෑමක් කළ දෙයක් වුණා.’’කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේය.

‘‘ ජනපතිවරණයේදී රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යන් හැසිරෙන අකාරය දෙස බැලීමේදී පෞද්ගලික මාධ්‍යන් යම් නිදහසක් හිමිකර ගත්ත වග පේනවා. රාජ්‍ය මාධ්‍යන් වලට යම් යම් සීමාවන් තුළ සිට තමයි කටයුතු කිරීමට සිදු වී ඇත්තේ. කොහොම වුණත් මෙවර ජනපතිවරණයට සෘජු සහ වක‍්‍ර අකාරයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් මාධ්‍යන් වෙත ලැබී තිබෙනවා.’’ මාධ්‍ය මේ විදිහට කඩේ යන්න හොඳ නැහැ.

මේ දිනවල ජනාධිපතිවරණය ජනමාධ්‍යයේ ප‍්‍රමුඛතම පුවත වී තිබේ. ජනමාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කරන්නේ එහි උණුසුම තව තවත් ඉහළ නංවමිනි. එහෙත් ජනමාධ්‍ය මැතිවරණය පිළිබඳ වාර්තා කරන අකාරය පිළිබඳ විවිධ විවේචන එල්ල වෙමින් පවති. ඒ පිළිබඳ විවිධ පුද්ගලයෝ විවිධ අදහස් ප‍්‍රකාශ කරති.

‘‘මම හොඳ ශ‍්‍රී ලංකාකාරයෙක්. මේ සැරේ මම ජන්දෙ දෙන්නෙත් මහින්ද මහත්තයට. එත් මේ ටී වී වලයි රේඩියෝ වලයි පත්තරවලිනුයි ආණ්ඩුවෙන් විපක්ෂයේ අයටයි විපක්ෂයේ අය ආණ්ඩුවටයි මඩ ගහන හැටි කොහෙත්ම හොඳ නැහැ. එක හරිම පක්ෂග‍්‍රාහියි. මට නම් ප‍්‍රවෘත්ති බලන්නත් එපා වෙලා තියෙන්නෙ.’’ රාජගිරියේ පදිංචි අමරදාස ප‍්‍රකාශ කළේය. අමරදාස පවසන අකාරයට ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය හැසිරෙන අකාරය පිළිබඳ ඔහුට සෑහීමකට පත්විය නොහැක. ‘‘ මාධ්‍ය මීට වඩා සමබර වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. එක එක්කෙනාට කඩේ යන්න හොඳ නැහැ.’’ අමරදාස පවසයි.

‘‘ මැතිවරණයක් සමයේ ලෝකයේ කොයි රටකත් බොහොමයක් මාධ්‍ය හැසිරෙන්නෙ පවතින ආණ්ඩුවට පක්ෂග‍්‍රාහීව තමයි. මොකද රජයේ මාධ්‍යවල ඉහළ සිට පහළටම තියෙන්නේ ආණ්ඩුවෙන් ප‍්‍රදානය කළ තනතුරු. මේ තනතුරුවල ඉන්න අය තමන්ගේ පුටුව රැකගන්න පවතින ආණ්ඩුවට පක්ෂව කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය සම්බන්ධයෙන් නිසි බලධාරියෙකි ඇති කළත් ඔහුටත් කටයුතු කළ නොහැකි වුණේ මේ තත්ත්වය මතයි. ’’ කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයෙ ආචාර්ය අජන්තා හපුආරච්චි ප‍්‍රකාශ කළාය.

‘‘ අනිත් කාරණය තමයි මාධ්‍ය මේ වන විට ව්‍යාපාරයක් වෙලා තියෙන එක. ජනාධිපතිවරණය වෙලාවේදී ලාබ ලැබීමේ චේතනාවකින් ඔවුන් කටයුතු කරන අකාරයක් පේන්න තියෙනවා. මාධ්‍ය ජනතාවාදී ලෙස නොවෙයි ක‍්‍රියා කරන්නෙ. ඒ නිසා අනවශ්‍ය දේවල් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔලුවලට වැටිලා තියෙන්නෙ. ඒක හොඳ දෙයක් නෙමෙයි. බලෙන් මිනිස්සුන්ගේ ඔලුවලට අදහස් දෙන්න මාධ්‍ය කි‍්‍රයාකරනවා. මිනිස්සුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය මාධ්‍ය විසින් අහෝසි කරලා තියෙන්නෙ.’’ හපුආරච්චි පැවසුවාය.

මේ තත්ත්වය වළක්වාලීමට නම් මීට එරෙහිව විරෝදාකල්පයක් ගොඩ නැඟිය යුතු බව ආචාර්ය හපුආරච්චි පෙන්වා දෙන්නීය. ‘‘ මම කියන්නෙ මැතිවරණයක් වැනි අවස්ථාවක රටේ නීතියට සමගාමීව මාධ්‍ය හසුරුවන්න පෙරටුගාමී කණ්ඩායමක් අවශ්‍යයි කියන එක. එය ස්වාධීන කණ්ඩායමක් විය යුතුයි. එමඟින් මාධ්‍ය පාලනයකට නොව මඟ පෙන්වීමකට අවස්ථාව සළසා ගත හැකියි.’’ ආචාර්ය අජන්තා හපුආරච්චි සඳහන් කළාය.

‘‘ අපේ ගුරු මණඩලේ ඇතුළෙත් ඡන්ද උණුසුම එන්න එන්නම වැඩි වෙනවා. මට ටී.වී බලලා උදේට ඉස්කෝලෙට ඇවිත්ඒ දේවල් තමන් දැක්කා වගේ කියන්න අපේ ස්ටාෆ් එකේ අය හරි දක්ෂයි. සමහර වෙලාවට ඉස්කෝලෙ අයත් රණ්ඩු නොවී රණ්ඩු වෙනවා. අර චැනල් එකේ මෙහෙම කීවා. මේකේ මෙහෙම කීවා. ඒක නෙමෙයි මේකයි ඇත්ත. කියලා කියවගන්නවා. අනේ මන්දා මීඩියා වල මොනවද කියන්නෙ කියලා මට නම් තේරෙන්නෙ නැහැ. මධ්‍යස්ථව හිතන මනුස්සයා අතරමං වෙනවා.’’ කොළඹ ප‍්‍රමුඛ පෙළේ පිරිමි පාසලක නම හෙළි කිරීමට අකමැති වූ ගුරුවරයෙක් පැවසුවේය.

‘‘ ඊයේ පෙරේදා දවසක ඉස්කොලේ ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා මම ලගට එක්කගෙන අවා. හේතුව මේ ළමයින්ගේ තාත්තලා ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ අධාරකරුවො දෙන්නෙක්. කළින් දවසේ ටී.වී එකේ ගිය කතාවකට තමයි මේ දෙන්නා ගහගෙන තිබුණෙ. දහය වසරේ ළමයි දෙන්නෙක්. මම හිතන්නෙ මාධ්‍ය මැතිවරණයක් වෙලාවේදී මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම වැදගත්’’ ඔහු පැවසුවේය.

‘‘ මෙවර මැතිවරණයෙදී මාධ්‍ය ප‍්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සිදුවූ ප‍්‍රථම සිදුවීම තමයි සන්ඬේ ලීඩර් පුවත්පතේ සඳහන් වූ සිදුවීම. ඒ හරහා ජනමතයක් ගොඩනැගුනා. දෙවැන්න වූයේ ආර්. සම්බන්ධන් ජෙනරාල් ෆොන්සේකාට සහය දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කතා කළ අකාරය. මේ සම්බන්ධව වාර්තා කළ මාධ්‍යවේදීන්ට විවිධ තර්ජන පවා පැවතුණා. මේ සිදුවීමත් ජනමතය හැඩ ගැසීම කෙරේ බලපෑවා. අනික තමයි මුසම්ම්ල් මන්ත‍්‍රීවරයාගේ සිදුවීම. මෙය මාධ්‍ය වාර්තා කළ අකාරය දෙස බැලූ විට එයත් ජනමතයට යම් බලපෑමක් කළ දෙයක් වුණා.’’ කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේය.

‘‘ ජනපතිවරණයේදී රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යන් හැසිරෙන අකාරය දෙස බැලීමේදී පෞද්ගලික මාධ්‍යන් යම් නිදහසක් හිමිකර ගත්ත වග පේනවා. රාජ්‍ය මාධ්‍යන් වලට යම් යම් සීමාවන් තුළ සිට තමයි කටයුතු කිරීමට සිදු වී ඇත්තේ. කොහොම වුණත් මෙවර ජනපතිවරණයට සෘජු සහ වක‍්‍ර අකාරයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් මාධ්‍යන් වෙත ලැබී තිබෙනවා.’’

  • Share/Bookmark

ජනාධිපතිවරණය පිළිබදව ජාත්‍යන්තරයේ අවධානය

January 18, 2010 by Editor  
Filed under Featured, Stories

International attention on the poll
මෙවර පවත්වන ජනාධිපතිවරණය පිළිබදව ලෝකයේ රටවල් රැසක අවධානය යොමුව ඇති අතර එම අවධානය තවදුරටත් වර්ධනය කරමින් ඇමරිකාව හා නොර්වේ රාජ්‍ය මේ මැතිවරණය පිළිබදව සිය අදහස් පළකර තිබේ.

මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය සතිය තුළදී පමණක් ජනාධිපතිවරණය පිළිබදව අවධානය යොමුකරමින් නිවේදන දෙකක් නිකුත්කර තිබූ අතර ඒ පිළිබදව ඇමරිකානු තානාපතිවරියද අදහස් පළකර තිබුනේය. මේ අතර නෝර්වේ තානාපති කාර්යාලයද ලංකාවේ පැවැත්වෙන මැතිවරණය පිළිබදව අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

නිදහස් හා සාධාරණ ආකාරයෙන් මෙම මැතිවරණය පැවැත්විය යුතුයැයි ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර තිබූ අතර සිදුවන මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අනුමත කළ නොහැකියැයි නිවේදනයක් නිකුත්කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය ජනවාරි 12 වැනිදා ප‍්‍රකාශ කළේය. හම්බන්තොට ප‍්‍රදේශයේදී මැතිවරණ රැුළියකට සහභාගී වෙමින් සිටි කාන්තාවක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබදව අදහස් දක්වමින් ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ප‍්‍රකාශ කර තිබුනේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සදහා දැක්වීම සදහා එක්වීමට විපක්ෂය විසින් ලක්ෂ තුන්සියයක මුදලක් ලබාදුන් බවට පාර්ලිම්න්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් චෝදනා කළේය. මේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකානු හා නෝර්වේ තානාපති කාර්යාල වෙත ඔහු චෝදනා එල්ල කළේය. ඇමරිකානු හා නෝර්වේ තානාපති කාර්යාල මේ චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.

ජනාධිපතිවරණයේදී තමන් කිසිදු අපේක්ෂකයෙක්ට සහාය නොදක්වන බවද මෙහිදී තමන් ස්වාධීනව සිටින බවද ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේය. ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයග‍්‍රහණය කළත් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයා සමග එක්ව සෞභාග්‍යවත් සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීම සදහා ඇමරිකාව සහාය ලබාදෙන බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දැක්වීම සදහා මුදල් දුන් බවට මුසම්මිල් මන්ත‍්‍රීවරයා එල්ලකරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද නොර්වේ තානාපති කාර්යාලය සදහන් කරයි. ‘‘වෙනත් රටක මැතිවරණ සදහා නොර්වේ කිසිවිටෙකවත් මැදිහත්වන්නේ  නැහැ.’’ නෝර්වේ තානාපති කාර්යාලය සදහන් කළේය.

මෙවර පවත්වන මැතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක්යැයි ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි පැට්රිකා බුටෙනයිස් ප‍්‍රකාශ කරයි. දශක ගණනාවකට පසුව ලංකාවේ සෑම ප‍්‍රදේශයකම ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තමන් කැමති අපේක්ෂකයා තෝරා ගැනීමට අවස්ථාව උදාවී ඇතැයිද ඇමරිකානු තානාපතිනිය සදහන් කරන්නීය. ‘‘මෙම ඓතිහාසික අවස්ථාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ ලාංකිකයින් ක‍්‍රියාකාරීව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ බුටෙනයිස් කීවාය.

මැතිවරණ ආසන්න වන විට ලංකාවේ දේශපාලන සාකච්ඡුා උනුසුම් තත්වයට පත්වන අතර මෙවර පවත්වන මැතිවරණයේදීද මේ තත්වය දකින්න ඇතැයි ඇමරිකානු තානාපතිනිය පවසයි. මේ අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ බිය ජනක තත්වයකින් තොරව මැතිවරණ කටයුතු සිදුකිරිමට අවස්ථාව ලැබීම වන බවද ඇය සදහන් කරයි.

පසුගිය ෂතියේ සිට ආරම්භ වූ දරුණු ආකාරයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදවද ඇමරිකානු තානාපතිනියගේ අවධානය යොමුව තිබුනේය. පසුගිය ෂතිය තුළදී පමණක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිසා පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර මෙවැනි සිදුවීම් නිසා ප‍්‍රජාතන්ත‍්‍රවායදය ගොදුරක් බවට පත්ව තිබෙන බවද බුටෙනයිස් කීවාය. මැතිවරණයට සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවන්නේ කුමන පාර්ශවයෙන් වුවත් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට පොලීසියට නියෝග ඛිරීමට රජය කටයුතු කළ යුතු බවද ඇය සදහන් කරන්නීය.

‘‘ජනවාරි 26 වැනිදාට ඡුන්දදායකයින්ට බියකින් තොරව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙතැයි විශ්වාස කරනවා.’’ මෙරට සිටින ඇමරිකානු තානාපතිනිය ප‍්‍රකාශ කර සිටී.
International attention on the Presidential poll has increased with statements made by the US and Norway embassies. The US embassy in a statement called for a free and fair election and said it could not condone the increase in election violence. Meanwhile, NFF member Mohamed Muzammil alleged that the Rs. 300 lakhs allegedly paid to him by General Sarath Fonseka’s camp was provided by the US and Norwegian embassies. The embassies denied the allegation. The US embassy said it did not support any of the Presidential candidates and is prepared to work with any candidate who emerges victorious at the election. The Norway embassy stated that it did not interfere in the elections of another country.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

Next Page »