ජෙනරාල්වරයා බේර ගන්න අපේ කැපවීම හැමදාම තියෙනවා.

March 11, 2010 by Editor  
Filed under Featured, Stories

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වූ කි‍්‍රයා මාර්ගයේදී සෑම විටම එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ කැපවීමක් සිදු කරමින් සිටින බව එක්සත්ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පැවසීය.

“මානව හිමිකම් පෙක්සම් අධිකරණයට අරන් ගියෙත් අපි. මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම නීතිඥයන් අපේ අය. ජෙනරාල්වරයා පිළිබඳව ආරංචිය ලෝකය පුරා ගෙන යන්න මූලික වෙලා කටයුතු කළේ විපක්ෂ නායක වරයා. ඔහුව නිදහස් කරන්න පුලුවන් දෙගොල්ලකට පමණයි. එ් සන්ධාන ආණ්ඩුව අනික එක්සත් ජාතික පෙරමුණ.” මහලේකම්වරයා සඳහන් කළේය.

සන්ධාන ආණ්ඩු කෙදිනකවත් ඔහු නිදහස් නෙකරන බවත් එක්සත් ජාතික පෙරමුණ බලයට පතවුව හොත් ජෙනරාල්වරයා නිදහස් කරන බවත් ලේකමිවරයා සඳහන් කළේය.

“ඊළඟට ආණ්ඩුව හදන කෙනාට තමයි ඔහුව නිදහස් කරන්න පුලුවන් වෙන්නේ. කොහෙම වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධනයට බලයට එන්න බැහැ. එක්සත් ජාතික පෙරමුණ තමයි  90% උදවි කළේ ජනාධිපතිවරණය වෙලාවෙදි. ජනතා විමුක්ති පෙරමුණ උදවි නෙකළා කියනවා නෙවෙයි. නමුත් මිලියන  4-5  ජනතා කැමැත්ත තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට.” මහ ලේකම්වරයා සඳහන් කළේය.

පොදු අපේකෂකයා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා බවත් එ් සඳහා අවශ්‍ය කැපවීම එක්සත්ජාතික පෙරමුණ වශයෙන් සිදු කළ බවත් ප‍්‍රතිඵලය කෙසේ වෙතත් ඊළඟ පියවර වෙත පැමිණ තිබෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ.

“ස්ති‍්‍රක්ක කිහිපයක නායකත්වය දීලා අපිත් එක්ක වැඩ කරන්න කියලා අපි එතුමාට කීවා. නමුත් එකඟ වුණේ නැහැ. එ්ක එතුමාගේ කැමැත්ත. එක්සත් ජාතික පෙරමුණ ඔහු සමග නැහැ කියලා කියන්න බැහැ. එතුමගේ ඡන්ද ව්‍යාපාරය අපට කරන්න  බැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් එ් දෙවල් කළ යුතුයි.” මහ ලේකම් අත්තනායක සඳහන් කළේය.

කෙසේ වුවද මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණත් ජෙනරාල්වරයාගේ පක්ෂයේ උදවිය මෙන්ම එක්සත් ජාතික පෙරමුණත් එකට මුණ ගැසෙන බවත් එ අවස්ථාවේදී සියලු දෙනා එක්ක කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මහ ලේකම්වරයා සඳහන් කරන පරිදි සමාජයට මෙන්ම ආණ්ඩුවටද ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියකු අත් අඩංගුවේ සිටින බව අමතකය. ඔහු සුර සැප විදින විට සියලූම පහසුකම් විදින විට රටේ පමණක් නොව ලෝකයේම වීරයකු වශයෙන් පිළිගත් ජෙනරාල්වරයා අවම පහසුකම් මැද පීඩා විදින බව ද හෙතෙම සඳහන් කළේය.

“කේ පී අත් අඩංගුවට ගත්තද ස්ව කැමැත්තෙන් ඉන්නවද කියන එක නම් අපට තාම ප‍්‍රශ්ණයක්. අත් අඩංගුවට ගත්තානම් අධිකරණයට යවන්න  ඕන. හැමෝටම හොරෙන් මේ පුද්ගලයා සඟවාගෙන සටින්නේ කුමක් නිසාද කියන එක ගැටලූවක්.”

ඔහු සතු නැව් සමූහය ගැනීමට යැයි පවසමින් ඔහු රදවා සිටින්නේ සියලු පහසුකම් සමඟ බවයි හෙතෙම පවසන්නේ. එකී  දේපල වලින් ලැබෙන වත්කම් වලට කුමක් වෙනවද යන වගද කිසිවකු නොදන්නා බවයි හෙතෙම පවසන්නේ.

මෙසේ සිතා බලන විට ජෙනරාල්වරයා අත් අඩංගුවට ගැනීම දේශපාලන හේතුවක් බව කැපී පෙනෙන බවද මහලේකම්වරයා සඳහන්  කළේය. කෑපී පෙනෙන චෝදනා තිබෙන ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියා තබාගෙන කුමක් කරන්නේද යන්නත් ජනෙරාලවරයා යුධඅධිකරණයට යවන්නට ඉක්මන් වන්නේත් කුමක් සඳහාද ගැටලූවක්ව පවතී.

  • Share/Bookmark

උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු

March 11, 2010 by Editor  
Filed under Featured, Stories

පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. ඒ තත්ත්වය මේ වන විට බොහෝ දුරට ම්‍ග හැරී ඇතැයි වසංගත රෝග ඵීද්‍යංශයේ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේය.

‘‘ඊසාන දිග මෝසමත් සමගම පැතිර ගිය වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය මේ ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියා. ඩෙංගු රෝගය පිළිබද සාමාන්‍ය ජනතාවගේ තිබුණු අවධානය හේතුවෙන් සහ නිසි අකාරයෙන් සෞඛ්‍ය අංශයේ අවධානය නිසා රෝගය පැතිර යාම අවම කරගන්න හැකියාවක් ලැබුණා.’’ වෛද්‍ය තිසේරා පැවසුවේය.

මේ වන විට මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු රෝගය වසංගතයක් තත්ත්වයට පත් විය. එහිදි රෝගීන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගීන් තුන්සියයකට අධික පිරිසක් මරු මුවට පත් විය. 2009 වසර අගභාගය වන විට මේ තත්ත්වය සෞඛ්‍ය අංශයේ දැඩි අවධානයත් සමගම යම් තාක් දුරට පාලනය වී තිබුනද මේ වසර වන විට නැවතත් ඩෙංගු රෝගය උත්සන්න වී තිබේ.

‘‘ගිය අවුරුද්දෙ ඩෙංගු මැඩ පවත්වන්න සෞඛ්‍ය අංශ ලොකු මැදිහත් වීමක් කළා. ඒ කැපවීම නිසා ඇත්තටම ඩෙංගු රෝගීන් මිය යාම අඩු වුණා. ඒත් දැන් ආයෙමත් ඩෙංගු රෝගය වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ වල හිඩැසක් තියෙන නිසයි මෙහෙම වෙන්නෙ. හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්න පියවර නොගත හොත් නැවතත් ඩෙංගු රෝගය වසංගතයක් වීමේ අවදානම තියෙනවා.’’ ඩෙංගු රෝගයට භාජනය වූ හෙද නිලධාරී අවිස්සාවේල්ලේ ඉන්දික සම්පත් පැවසුවේය.

මේ වන විට ඩෙංගු රෝගය පැතිරීයාම වළක්වා ලීමට අවශ්‍ය සියථම පියවරයන් ගන්නා බව වසංගත රෝග ඵීද්‍යා කාර්යංශය ප‍්‍රකාශ කරයි. ඒ සදහා කියුබාවෙන් ගෙන්වන බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු පැතිරී යන ප‍්‍රදේශ වල හැකි ඉක්මනින් යෙදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය. විශේෂයෙන්ම ගුවනේ සිට මේ බැක්ටීරියාව විසිරුවා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

  • Share/Bookmark

දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ජෙනරාල්වරයාට චෝදනා ගොනු කෙරේ

February 25, 2010 by Editor  
Filed under Featured, Stories


සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන වශයේන් කිසිදු මැදිහත් වීමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ වාර්ථාවෙන් ඔප්පුවූ බව මහාචාර්ය ජී එල් පීරිස් තහවුරු කළේය.

‘‘මේ ලබා දුන්න අධිකරණ තීන්දුව පිටු හතරකින් යුත් තීන්දුවක් . එහි තුන්වන පිටුවේ සෘජුවම සඳහන් වෙනවා හමුදා නීතිය පිළිබඳව. හමුදා නීතිය ගත් පියවර නිවැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නවා.’’ මහාචාර්‍ය පීරීස් පැවසුවේය.

සරත් ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටි අතුරු සහන නියොගයද ප‍්‍රතික්ෂේප කිරීම තුළින්ද ශේෂ්ඨාධිකරණය මේ සඳහා මැදිහත් නොවන බව පෙන්වා දුන් බව හෙතෙම සඳහන් කළේය.

‘‘ ඕන තරම් නඩු තියෙනවා අතුරු නියෝග ඉල්ලූවම බැලූ බැල්මට අසාධාරණයි වගේ පේනවා නම් නිදහස් කරනවා. මේ අවසුථාවේ එය ප‍්‍රතික්ෂේප කළා. ශේ‍්‍රෂ්ඨාධිකරණය මෙහිදී මැදිහත් වෙන්නේ නැහැ.’’ හෙතෙම පැවසුවේය.

ඉදිරි සති දෙක ඇතුළත ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා ගොනු කිරීම සිදු කිරීමට නියමිත බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ. එ් චෝදනා වර්ග තුනක් යටතේය.

‘‘වංචා කිරීම වංචා කිරීමට අනුබල දීම හා කුමන්ත‍්‍රණ කිරීම හයිකොප් ගණුදෙණුව යටතේත් යුධ හමුදාව තුළ අසහනයක් ඇතිකිරීමට උත්සහ දැරීම හා හමුදාවෙන් පලා ගිය අය තමන් ළඟ තබාගෙන ප‍්‍රයෝජන ගැනීම යන කරුණ තුන මීට ඇතුළත් වෙනවා. ඊට අමතරව විදේශවිනිමය පාලන පනත යටතේ ද සාමාන්‍ය නීතිය යටතේ අධිචෝදනා ගොනුකිරීමට නියමිතයි. ’’ හෙතෙම පැවසුෙවිය.

රොබට් බ්ලේක් ප‍්‍රකාශ කරන ආකාරයට සමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ලියම් ෆොක්ස් පවසන ආකාරයට නීතියේ විනිවිදභාවත් පිළිබඳව කතා කළ සිය`ථ දෙනා හට අධිකරණ නියෝගය මඟින් පිළිතුරු ලැබුණ බවත් ඇමරිකානු තානාපතිනියක වශයෙන් සේවය කළ ටෙරසිටා ෂේපර් පවසන පරිදි බටහිර රටවල් සම්පූර්ණයෙන් පිළිගත යුතුයි ශ‍්‍රී ලංකාෙවි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව. මහාචාර්ය පීරිස් පැවසුවේය.

හෙට දහවල් 12ට නාම යෝජනා පත් භාරදීම අවසන් වන අතර මෙවර මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් සිදු කිරීමට ජනාධීපත්වරයා තීරණය කර ඇති බව හෙතෙම පැවසුවේය.

‘‘අපේ රජය පාර්ලිමේන්තුව තුළ ඉක්මනින් කරන්න හදන්නේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් ඇති කීරීමටයි. නවුරුත් දන්නවා අපේ රටට ගැලපෙන ක‍්‍රමයක් නෙවෙයි මේ තියෙන්නේ කියලා. විශේෂයෙන් මනාප ක‍්‍රමය. එ් ක‍්‍රමයේ කාලෝචිත වෙනසක් ඇත් කිිරීම සඳහා ජනාධිපතිවරයා පියවර ගත්තා. මෙවර ආසන සංවිධායකවරු නැහැ. සියලූ අපේක්ෂකයන් දිස්ත‍්‍රික් සංවිධායකවරු.’’

මැතිවරණ සමයේ ඉදිරිපත් වන නොයෙක් ගැටුම් ප‍්‍රශ්ණ නිරාකරණය කර ගන්න මේ මඟින් හැකියාව ලැබෙනු ඇති බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ.

  • Share/Bookmark

මහ මැතිවරණයේ දී සුථ ජාතික බලාපොරොත්තු

February 8, 2010 by Editor  
Filed under Featured, Stories

පාසලෙන් පිට වූ අප වෙනත් වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා සහභාගී වූ  අවස්තාවක ලංකාව පුරා විසිරී සිටි සෑම ජන කොටසකම පුද්ගලයින් හා සම්බන්ධ වන්නට අවස්ථාව ලැබුණි. එකී අවස්ථාවේ උතුරෙහි යුද්ධයේ කුරිරු ගිනි දැල් ඇවිලෙම්න් තිබුණි.

ඔහු නම්න් මේරිය. නොසිතූ ලෙස සුඑද වූ ඔහු හා අදහස් හුවමාරු කර ගැනීමට සිදු වූයේ ඉංග‍්‍රිසි භාෂාව හා  අප දන්නා දෙමළ වචනද එකට එක් කරමිනි. සෑම අවස්ථාවකදීම අප අතර වූයේ මෙම බෙදුම්වාදී අරගලය පිළීබඳවය. ඔහු දිනක් වේදනාව මුසු වූ තද ස්වරයෙන් විමසන්නේ ‘‘අපිට කියලා ඔයගොල්ලන්ගේ අය මොනවද දීලා තියෙන්නේ. ගිහින් බලන්න අපේ මිනිස්සු දුක් විදින තරම්’’. යනුවෙනි. මෙසේ ඔවුන් ඒ වෙලාවෙහි සිතීම සාධාරණීකරනය කිරීමටඅවශය නොමැති වුවද එවැනි හැගීමකට ඉඩ සැලසුවේ කවුරුන්ද  යන්න සිතා ගැනීමට මධ්‍යස්තව සිතන සෑම පුද්ගලයකුටම හැකියාව ඇත.

කෙසේ වූවද එදා මෙදා තුර කාල සීමා තුළ සුථ ජන කොටස් නමින් හඳුන්වන පිරිස හට ලැබී ඇත්තේ මොනවාද නොලැබී ඇත්තේ මොනවාද ලැබිය යුත්තේ මොනවාද යන්න පිළීබඳව සිතන්නට  නොව යුතුකම් ඉටුකරනන්නට මේ සැබෑ කාලයයි. ඔවුනට ලැබී ඇත්තේ ද දුක පමණක් බවයි සුප්පයියා ශම්ම්මුගවේල් පවසන්නේ.

‘‘අපට අයිතිවාසිකම් කියලා මොනවාද ලැබිලා තියෙන්නේ. ළමයින්ට ඉගෙන ගන්න  ඕන පහසුකම් අද වෙනකල් අපට නැහැ. තවම කූඩාරම්වල ජීවත් වෙන අය කී දෙනෙක් ඉන්නවාද. උසස් පෙළ ගණිතය විද්‍යාව කරන අය ඉන්නවා මාස හයක් තිස්සේ මේ ළමයි ඉගෙනීමක් නැතිව ඉන්නවා. මේ අයගෙ ඉගෙනීම පමා වුණා කියලා විභාග තියන කාල සීමාව වෙනස් වෙන්නෙ නැහැනෙ.’’ ශම්මුගවේල් පැවසුවේය.

මෙහි යථාර්ථය පිළිබඳ කිසිවකුට අවබෝධ කර ගැනීමේ හැකියාවක් නොමැති බව  ශම්මුගවේල් පවසයි. දමිළ යනු එක් මනුස්ස කොට්ඨාශයක් පමණි. හදවත හැඟීමි මනුෂ්‍ය අවශ්‍යතා සියල්ල මහා ජාතිය හා සමාන නම් මොවුනට අවශ්‍ය දේවල් නොලැබීමේ හේතුව කුමක් දැයි ඔවුන් නඟන ප‍්‍රශ්ණයකි.

‘‘ජනවාරි 31 දාට කළින් අපිව පදිංචි කරවනවා කීවා. නමුත්  අද වෙන කල් ඒ ගැන කතාවක් නැහැ. ගිය අයට කියලත් මොනවද තියෙන්නේ. අපි දාල ආව හැමදේම අපට දැන් නැතිවෙලා. ගෙවල් වල කෑලි වාහන වල කෑලි ගලවගෙන යනවා. අපි මුල ඉඳලම ගොඩ නැගෙන්න  ඕන. ඒ වෙනුවෙන් කියලා අපිට මොනවද ලැබෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.’’ හෙතෙම පැවසුවේය.

දකුණේ ගබ්බද ප‍්‍රදේශවල බහුතර පිරිස සිංහලයන්ය. මොවුන් හට දෙමළ භාෂාව කතා කරනා පිරිස ආශ‍්‍රයට ලැබෙන්නේ නැත. මේ නිසාවෙන් ඔවුනගේ සිතෙහි පවත්නා බෙදුම්වාදී හැඟීම් සමඟින් ජීවත් වේ. මන්ද දෙමළ භාෂව කතා කරනා පිරිසගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට නොමැති නිසාවෙනි. දැන් එයට කාලය උදා වී ඇත. මෙම තත්ත්වය අලනුවර ජීවත් වන දමිළ සහ සිංහල පිරිසට ගැටථවක් නොවන්නේය. මන්ද ඔවුන් එකිනෙකා උරෙන් උර ගැටී ජීවන වෘත්තියෙහි නියැලෙන නිසාය.

මෙවැනි සියථ අන්තගාමී සිතුවිල් අතුගා දැමීමට කාලය දැන් උදා වී ඇත. ඒ සඳහා සියල්ලන්ගේ උදව් උපකාරය අවශ්‍යව ඇත. මේ සඳහා හොඳ හිත පමණක් ඇති බවයි ශම්මුගවේල් සඳහන් කළාය.

‘‘අපේ පොඩි දරුවන්ට ඉන්න අමාරුයි. ටෙන්ට් ඇතුළෙ ජීවත් වෙන් අමාරුයි. තව කී කාලයක් මේදුක් විදගෙන ඉන්නද.  හාල් පිටි සීනි විතරයි අපට හම්බවෙන්නේ. පොඞ් දරුවන්ට දෙන්න පිටි නැහැ. මේ කෑම්ප් එකෙන් එළියට යන්න  ඕන නම් පාස් ගන්න  ඕන හෙට යන්න  ඕන නම් අද. අපි හිර වෙලා ජීවත් වෙන්නේ.’’  වේගනායගම් කුමාරවේල් පැවසුවේය.

ඔවුන් ජීවත් වෙන්නේ තවමත් සුබසාධන කඳවුරු තුළය. සමස්ථයක් විදියට යුද්ධයේ අවසානය  පිළිබඳව සැමගේම සිත් තුළ පහන් හඟීමක් තිබුණද අනාගතය පිළිබඳව බියක් පවතින බවයි කුමාරවේල් පවසන්නේ.

‘‘අපේ ළමයින්ටත් පොලිසියට හමුදාවට බැදෙන්න ඉඩ දෙන්න. නීතිය එක විදියට ක‍්‍රියාත්ක කරන්න. අපේ භාෂාවෙන් වැඩ කරන්න අපේ අවශ්‍යතා අපි එක්ක කතා කරලා විසඳුම් දෙනවා නම් මොනතරම් හොඳද. මොකද අපි විදින දුක් වින්ද දුක් දන්නේ අපි විතරක් මිසක් වෙන අය නෙවෙයි.’’ ඔහු පැවසුවේය.

මුස්ලිම් බහුතරය හට කිසිදු ගැටථවක් නෙවන්නේ යැයි ඇතමෙක් සිතන්නට පුථවන. නමුදු ඔවුන් හටද යම්  යම් ගැටථ තත්ත්වයන් උද්ගත වූයේ පාලනයේ පැවති තිබූ වැරදි නිසා බව තාහා රොක් ෆෙලර් පැවසුවේය.

‘‘1990 ඉඳලා අපි ත‍්‍රස්තවාදී කරදර වලින් දුක් වින්දා. ඇවිත් බලන්න යාපනේ මුස්ලිම් ගම්මාන දිහා. වහළ නැති හරියට බිත්ති නැති ගෙවල් තියෙන්නේ. හැමෝම ඇවිත් පොරොන්දු දීලා යනවා විතරයි කරන දෙයක් නැහැ.’’  හෙතෙම පැවසුෙවිය.

ඕනෑම රටක සුථ ජාතික අරගල පවතින්නේ ඇයි. යන්න මෙයින් පැහැදිලි කර ගත හැකිය. සියථ අයිතින්  සම සේ බෙදා දීමට රටක පාලන පක්ෂයට හැකි විය යුතුය. එසේත් නැතිනම් කිසිවකුගේ මැදිහත් වීමකින් තොරව සියල්ල ලබා දිය යුතු බවයි රොක්ෆෙලර් පවසන්නේ.

  • Share/Bookmark

එක්කාසු කිරීමේ කලාව විශ්ව ප‍්‍රකාශන මාධ්‍යක්

February 8, 2010 by Editor  
Filed under Featured, Stories

කලා කෙත අස්වද්දන්නට සොදුරු නිර්මාණකරුවන් අවැසිය. කලා ලෝකයේ නිරිමාණ වපසරිය පුථල් කිරීමට  කලාකරුවාගේ වගකීම වන්නෙ පෙර නොවු වීරූ නිරිමාණ බිහිකිරීමයි. ලෝකය වඩාත් සුන්දර තැනක් වන්නෙත්  සුන්දරත්වය විදින්නට ඉඩ හසර සොයා දෙන්නෙත් මේ නව කලා නිරිමාණයන් බව අරුමයක් නොවේ.

ඉවතලන පරණ යකඩ කෑලී කිහිපයක එකතුවකින් කිසිදා නොකී කතාවක් කියන්නට හැකි වන්නෙ නම් එය අපූරු කලාවක් වනු ඇත. සමාජය ගැන ලෝකය ගැන අථත් විදිහට කතා කිරීමට වෙර දරණ ප‍්‍රගීත් මනෝහන්ස නම් තරුණ මූර්ති ශිල්පියා කලා ලෝකයේ නව මානයක් සොයා යන්නෙකි. එක්කාසු කිරීමේ කලාව නව මුහුණුවරකින් ලෝකයා වෙත ඉදිරිපත් කරන්නට ඔහු සමත් වී තිබේ.

‘‘පොඩි කාලෙදී මට පිකාසෝගේ බයිසිකල් හැඩලය කියන කලා කෘතියට අවධානය යොමු වුණා. ඒ අනුව තමයි මට මේ එක්කාසු කිරීමේ කලාවට හිත ගියෙ. විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ විධිමත් අකාරයට මේ පිළිබඳ හැදැරීම් සිදුකලා.’’ ප‍්‍රගීත් පැවසුවේය. ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ වැඩි දුර අධ්‍යාපනය හැදෑරූවෙකි.

‘‘මූර්ති ශිල්පය ගසක් නම් එක්කාසු කිරීමේ කලාව එම ගසේ අත්තක් වගේ. එක්කාසු කිරීමේ කලාව කෙටි කාල සීමාවකින් අවශ්‍ය කරන අදහස ප‍්‍රකාශ කරීමේ සරල ක‍්‍රමයක් ලෙසයි මා දක්න්නේ.’’ එක්කාසු කිරීමේ නිර්මාණ භාවිතාව පිළිබඳ ප‍්‍රගීත් එසේ පූර්විකා සපයයි.

එක්කාසු කිරීමේ කලාවේ කලා කෘතීන් නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය සපයා ගැනීමට ප‍්‍රගීත්ට පරණ යකඩ බඩු කඩ වලත් ගරාජ් වලටත් යාමට සිදුව තිබේ. ඉන් එකතු කර ගන්නා මළ බැදී ගෙවී ගිය වානේ කොටස් යළි පන්නරය ලබා ජීවයක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය.

‘‘මා යොදා ගන්නේ භාවිතා කොට අහක යන දේවල්. මේ සමහර අමු ද්‍රව්‍ය වලට ස්ථිර පැවැත්මක් තියෙනවා. සමහර අමු ද්‍රව්‍ය ඉක්මනින් විනාශ වෙනවා.’’

ප‍්‍රගීත් විසින් ජීවය ලබා දෙන එක්කාසු කිරීමේ කලා කෘතීන්හි ප‍්‍රධාන තේමාව වී ඇත්තෙ සමාජ අසාධාරණයට පත්වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ නිහඩ පිළිබිඹුවයි. සිය නිර්මාණයන් තුළින් කම්කරුවන්ගේ ජීවිත සටන පිළිබද කතා කරීමට වැඩි ඉඩක් වෙන් කරන  බව ප‍්‍රගීත් පැවසුවේය. මෙය සංකේතවත් කිරීමට ගෙවී ගිය සවල් උදලූ තල විල්බැරුක්ක බැරල් වැනි දෑ සිය නිර්මාණ අමු ද්‍රව්‍ය ලෙස භාවිතා කරන බව ප‍්‍රගීත් සඳහන් කළේය.

‘‘දුක් විදින මිනිසුන් සංකේතවත් කරන්නේ මේ වගේ දේවල් තුළින්. ගෙවී ගිය සවලක උදලූ තලයක කම්කරුවාගේ ජීවිත කතාව ලියැවිලා තියෙනවා.’’ සිය නිර්මාණ උදාහරණයට දෙමින් ඔහු පැවසුවේය.

‘‘ගෙවී ගිය සවල් රැසක් එකු කොට ගෙන මම නිර්මාණයක් සිදු කළා. මේ තුළින්  මම කතා කරන්නට උත්සාහ කරන්නේ කම්කරුවන් පිළිබඳයි. මෙහිදී එය සංතේකවත් කිරීමට මා යොදා ගත්තේ සවල්. සවල කියන දේ කිසියම් බලයකට යටත් වෙලා තියෙන දෙයක්. මේ නිර්මාණයෙන් මා පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ බලයකට යටත් වෙලා තියෙන තාක් කම්කරුවාගේ ජීවිත වලට නිදහසක් නැහැ කියන දේත් ඔවුන් මේ බලයෙන් පාලනයෙන් මුදා හැරි පසු ඔවුන් විදින නිදහසත් යන කාරණා.’’ ප‍්‍රගීත් පැවසුවේය. එක්කාසු කිරීමේ කලාව සංකේතාත්මක භාෂාවක් වන්නේ මේ නිසා බව ප‍්‍රගීත්ගේ අදහසයි.

අමු ද්‍රව්‍ය පමණක් තිබූ පමණින් නිර්මානයක් බිහි නොවන බව ප‍්‍රගීත් පවසන්නේය. ඒ සඳහා නිරිමාණාත්මක චින්තනයක් නිර්මාණකරුවාට තිබිය යුතු බව ඔහුගේ අදහසයි.

‘‘මා තුළ මිනිසුන් දෙදෙනෙක් ජීවත් වෙනවා. බාහිරින් පෙනෙන පුද්ගලයා සහ ඇතුළාන්තයේ සිට මා හසුරුවන පුද්ගලයාත් දෙදෙනෙක්. මේ සියථ නිර්මාණයන් මා තුළින් පෝෂණය වන්නෙ මේ ඇතුළාන්තයේ ජීවත් වන පුද්ගලයාට අනුවයි. යකඩ කෑලි කිහිපයකින් ප‍්‍රකාශන මාධ්‍යක් බිහි කරන්න බැහැ. මෙවැනි කලා කෘතියක් බිහි කරන්නට කලාකරුවා තුළ මානව හැසිරීම් පිළිබඳ අවධානය විවිධ සංස්කෘතීන් පිළිබඳ ඇති අවබෝධය ඉතා වැදගත්. මේ දෙවල් අනුසාරයෙන් හැඩගැසෙන නිර්මාණාත්මක චින්තනය සාර්ථක කගා කෘති බිහිවීම කෙරේ බලපානවා.’’

ප‍්‍රගීත් ප‍්‍රකාශ කරන අකාරයට එක්කාසු කිරීමේ කලාව විශ්ව ප‍්‍රකාශන මාධ්‍යකි. මේ කලා කෘතීන් මගින් ප‍්‍රකාශ කරන අදහස එක් රටකට එක් ජාතියකට හෝ සංස්කෘතියකට සීමා නොවේ. මේ නිසා ජාති ආගම් බේදයකින් තොරව රසවින්දනයේ යෙදෙන්නට රසිකයන්ට හැකි බව ප‍්‍රගීත් පෙන්වා දෙයි.

මේ වන විට ප‍්‍රගීත් තමන් විසින් නිරිමාණය කළ කලා කෘතීන් එක් රැස් කොට
ප‍්‍රදර්ශණ කිහිපයක්ද පවත්වා තිබේ.

‘‘මේ ප‍්‍රදර්ශණ වලට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම මේ පිළිබඳ අවධානයක් තියෙන රසිකයන් අපට සිටිනවා. එහෙත් එය පැතිරිලා ගිහින් නැහැ. ඇත්තටම අපේ රටේ වගකිව යුත්තන් මේ වගේ විෂයන් පිළිබඳ අවධානයක් යොමු කොට නැහැ.’’ ඔහු මාලදිවයිනේද සිය කලා කෘති ප‍්‍රදර්ශණයක් පවත්වා තිබේ.

ප‍්‍රගීත් පවසන ආකාරයට එක්කාසු කිරීමේ කලාවට වැඩි අවධානයක් ඇත්තේ යුරෝපීය රටවලිනි. මුර්ති කලාව මේ රටවලට ආගන්තුක නොවීම මෙයට හේතු වී ඇතැයි ප‍්‍රගීත්ගේ අදහසයි.

‘‘ලංකාවේ සිට පමණක් මේ එක්කාසු කිරීමේ කලාවට වැදගත් ස්ථානයක් ලබා දෙන්න බැහැ. ඒ නිසා මම තේරුම් ගත්තා මගේ නිරිමාණ යුරෝපීය රටවලට ගෙන යන්න. ඉදිරියේදී මා ඒ සඳහා කි‍්‍රයාත්මක වෙනවා.’’ ප‍්‍රගීත් පැවසුවේය. මේ සඳහා නිර්මාණය කරන කලා කෘතීන් දේශිය උාරුවකින් ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ප‍්‍රගීත් සඳහන් කළේය.

  • Share/Bookmark

Appa never came back – Vasanthi’s story

February 2, 2010 by Editor  
Filed under English, Stories

Vasanthi can now walk hand in hand with her Husband Vasantha, on the A9 road which runs in front of their home. The love for each other was all they had, at a time when all they owned and had were crumbling around them. Their dreams of being with each other, have now come true.

Twenty one year old Vasanthi who was earlier residing at the Ramanathan Camp and Menik Farm, has now had the opportunity to come back to where she calls home. Along with that, she has regained a chance to rebuild their lives which were shaken up and tossed around by the last phases of the violent civil war between the separatist LTTE, and Armed Forces.

Vasanthi was born in a climate of war in Pursandhi, Puliyakkulam, in Kilinochchi. Her father’s life was taken by a shell during the height of the war – a stark reminder of the childhood she had set to a background music beating with the sounds of bombs, gunfire and explosions. When the war came to an end, it took with it the home that they lived in.

“As the war climaxed, the fears in us grew. I remember at the latter stages how we couldn’t even sit down at one place to finish a meal” she remembers.

Her mind is drawn to that fateful night when the war claimed her father. “My brother and I were huddled up in fear. I remember an artillery shell landing in the front garden. And all of a sudden, all the fighting ceased – and there was silence. Appa went out to survery the damage”

Appa never came back.

They never had a chance to mourn over Appa’s body. They had to gather whatever mere belongings they had, and move to the next village for shelter, and the hope of safety.

“The army then moved us to the Ramanathan Camp at Menik Farm”, she recalls. Whilst the freedom for them to move about, or leave the camp was restricted, she says that they were treated well. “My brother is very small. He didn’t have the space to move about and play, that the other children of his age had.”

Vasanthi didn’t have the means or the ability to enjoy life’s little luxuries that came with her age. She had to make do with whatever aid that was given either by the Government, or the aid organizations who were working there.

But then things started to look up for Vasanthi.

Vasanthan, a neighbor they have known for a long time was also residing at the same Camp. Their world of romance was not that of movie theatres and long walks hand in hand, but one of being surrounded by automatic weapons and barbed wire. When all forms of normalcy were falling apart around them, Vasanthan and Vasanthi formed a bond, which was unbreakable. In place of sweet nothings being whispered, their love was limited to a clandestine winks, a camouflaged smile.

“When I was in the camp, the only thing I could think of was coming back to our home town, and to start our own little world” says Vasanthan. Their dream slowly but surely took wings and turned into reality. After the painstakingly slow process of demining was over, they could move in during the early days of 2010.

What greeted them however, was a picture of chaos. All they owned were now left as heaps of rubble, completely destroyed. But they had two things to be happy about – they had themselves, and they were alive.

“We were given the basic supplies to start out afresh” Vasanthan said. The Government provided them with roofing, and with the their own tears and sweat a two small houses came into life – one for them, and one for Vasanthi’s mother and brother.

Vasanthan doesn’t have employment yet. But Vasanthi now dreams of the day she can become a mother. Her brother, the ten year old Jayanthan still pops over whenever he gets the chance.

The heat from the A9 road blares upon their house. But for Vasanthi and Vasanthan, they have found love, and with it, they have found happiness. They are alive.

  • Share/Bookmark

සොඳුරු වසන්තෙ නිමල පැතුම ඔබ

February 2, 2010 by Editor  
Filed under Stories

වසන්ත කුමාරි සිය සැමියාගේ දෑස දෙස බැලූවේ මහත් සැනසීමෙනි. ජීවිතයේ ගෙවී ගිය අසීරුම දවස්වල වසන්තිගේ ජීවිතයේ එකම සැනසීම වූයේ වසන්තන්ය. ඔවුගේ අරහිසට වාරු දී ජීවිතයේ බර දරා ගන්නට වසන්ති දුටු සිහිනය දැන් සැබෑ වී තිබේ. සියල්ල අහිමි වෙද්දී තමන් ලද එකම සැනසීම වූයේ වසනතන්ගේ සෙනෙහස පමණකැයි වසන්තිට සිතුණාය. අවසානය සතුටු සහ ගත ලෙස නිමා වීම වසන්තිගේ අපමණ සතුටට හේතු වී තිබේ. සිය නිවස ඉදිරිපිටින් දිවෙන  එ 9 මාවත දිගේ සැමියා සමඟ නිදහසේ ඇවිද යන්නට වසන්තීට හැකිව තිබේ.

යුද්ධය නිමා වීමෙන් අනතුරුව වසන්තිලාට නිදහසේ ජීවත් වීමට ඉඩ ප‍්‍රස්ථා දැන් සැළසී ඇත. විසි එක් වියැති වසන්ති මින් මාස කිහිපයකට පෙර සිටියේ මැණික්ෆාම් රාමනාදන් අවතැන් කඳවුරේය. නැවත පදිංචි කිරීමෙන් අනතුරුව වසන්තිලාට සිය උපන් ගම් බිම් වෙත පැමිණීමට අවස්ථාව හිමි විය.

කිළිනොච්චිය පුර්සන්ධි පුලියන්කුලම් ගම්මානයේදී  වසන්ති කුමාරි කනගේශ්වරී උපත ලබන්නේ යුධ බිය දෝතින් උරුම කරගනිමිනි. කුරිරු යුද්ධය මධ්‍යයේ ඇති තරම් අම්මාගෙත් අප්පාගෙත් සෙනෙහස ලබන්නට ඇයට වාසනාවක් ලැබුණේ නැත. වෙඩි හඩින් බෝම්බ බියෙන් වරෙක ඇය මුවැත්තියක සේ තැතිගත්තාය. එහෙත් ඉන් මිදි පලා යාමට ඇයට හැකි වූයේ නැත. කාලය වසන්තිලාට බොහෝ දෑ අහිමි කරමින් ගෙවී ගියේය. යුද්ධය නිමා වූයේ වසන්තිලාට උන් හිටි තැන් සහ සමීපතමයන් අහිමි කරමිනි.

‘‘යුද්දෙ වැඩි වෙන්න වැඩි වෙන්න අපි හිටියේ පුදුම බයකින්. එ දවස් වල  නිදාගන්න හම්බුණේ නැහැ. එක තැනක ඉදගෙන කෑම ටිකක් කන්න හම්බුණේ නැහැ.’’ වසන්ති ගෙවී ගිය අතීතය සිහිපත් කරන්නේ වේදනාවෙනි.

‘‘ එදා දෙපැත්තෙන්ම ගහ ගන්නවා. අපි පණ බයේ හිටියෙ. දුවා ගන්නවත් තැනක් තිබුණේ නැහැ. මමයි මල්ලියි ගුලි වෙලා හිටියා. අම්මයි අප්පත් බයෙන් හිටියෙ. එක පාරටම අපේ ගේ ඉස්සරහ පාරට ආටියක් වැටුණා. අපි හිතුවේ ඉවරයි කියලා. ටිකකින් සද්දෙ නැති වුණා. ආයෙමත් ගහගන්න පටන් ගත්තා. අප්පා ටිකකට එළියට ගියා මොකද වෙන්නෙ බලන්න. එ ගියා ගියාමයි අප්පා කවදාවත් අපි අතරට ආවේ නෑ.’’ වසන්තිගේ කොපුල් රා කඳුථ ගලා ගියේය. නිවසින් පිටතට ගිය වසන්තිගේ පියා ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව අවසන් ගමන් ගොස් තිබුණේය. සිය පියාගේ නිසල දේහය දෙස බලා වැලපෙන්නට වසන්තිටත් ඇගේ අම්මාටත් මල්ලීටත් හැකි වූයේ නැත. අඩුම කුඩුම පොදි බැඳ ගත් ඔවුන්ගේ ඊලග නවාතැන වූයේ සෙට්ටිකුලම රාමනාදන් අවතැන්
කඳවුරයි.

‘‘ අප්පගේ මළගේ වැඩ කටයුතු කරන්නවත් අපට හම්බවුණේ නැහැ. පණ බයේ හිටපු අපි හමුදාවෙන් රාමනාදන් කෑම්ප් එකට ගෙනත් දැම්මා.’’ එතැන් පටන් ඔවුන්ගේ ජීවතය ගෙවුණේ මැණික්ෆාම් අවතැන් කඳවුරේය. අප්පා නොමැති දරුවන්ගේ ජීවිත සුවපත් කරන්නට වසන්තිලාගේ අම්මාට හැකි වූයේ නැත. හිරිමල් යෞවනයේ පසුවූ වසන්තිගේ  ඕනෑ එපාකම් පිරිමසන්නට නොහැකි වූ තැන වසන්තිලාගේ අම්මා කඳුථ සැලූවාය.

‘‘කඳවුර හොඳයි. හමුදාවෙන් අපිට ගොඩක් හොඳින් සැලකුවා. එත් අපිට ලොකු නිදහසක් තිබුණේ නැහැ. අපිත් එළියට ඇවිත් ඇවිදින්න ගොඩක් ආසාවෙන් හිටියේ. මල්ලිත් පොඩි ළමයෙක්. එයාට එහෙ හරියට සෙල්ලම් කරන්නවත් තැනක් තිබුණේ නැහැ.’’ වසන්ති පැවසුවාය. ලස්සණට අදින්න පළදින්න වසන්තිට උවමනාව තිබුණද එ සඳහා සම්පත් තිබුණේ නැත. රජයෙන් හා ඉද හිට වෙනත් ආයතන වලින් ලැබෙන අධාරයක් විනා ඔවුන්ට වෙනත් දෙයක් ලැබුණේ නැත. කඳවුරේ දෙනෝ දාහක් මැද්දේ සිටි ඔවුන්ගේ ජීවිතයට මහා සැපක් ලැබුණේ නැත. අවම සනීපාරක්ෂක පහසුකම් මධ්‍යයේ ජීවත් වූ වසන්තිට වරෙක දෑසට කඳුථ නැගුණේ සිය අසරණකම සිහිපත් වීමෙනි.

එහෙත් කඳවුරේ ගෙවුණ කාලය වසන්තිගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වූයේය. හා හා පුරා කියා වසන්තිගේ ජීවිතයට වසන්තය පැමිණියේ අවතැන්
කඳවුරේදීය. අම්මාත් මල්ලීටත් පමණක් සීමා වූ වසන්තිගේ ලෝකය තවකෙකුට විවිර වූයේ නිරායාසයෙනි. ඔහු වසන්තිගේ ලෝකයට වසන්තය රැුගෙන ආ කුමාරයා වුවද සැබැවින්ම ඔහුත් රාමනාදන් කඳවුරේ කාත් කවුරුත් නොමැතිව ජීවත් වූ අවතැන් වූවෙකි. වසන්තන් කුමාර් වේලායුදන් වූ ඔහු කුඩා කල සිටම වසන්තිව දැන හදුනාගෙන සිටියෙකි. යුද්ධය අතරතුරේ අවතැන් කඳවුරේදී ලත් එකම අස්වැසිල්ලෙන් වසන්තිගේ හදවත දිනා ගැනිමට ඔහුට හැකි විය.

මල් ගොමු තුරු ලිය හෝ සිනමා ශාලා මැද්දෙ නොව වසන්තිටත් වසන්තටත් ආදරය කරන්නට සිදුව තිබුණේ කටු කම්බි හා තුවක්කු දෑතේ දරා එහා මෙහා ඇවිදන් යන හමුදා සෙබථන් මධ්‍යයේය. වරෙක මේ සියල්ලම මධ්‍යයේ වසන්තගේ උණුසුම සොයා ඔහුත් සමඟ කඳවුරෙන් පැනයන්නට ඇයට සිතිණි. කඳවුරේදී ඔවුන්ගේ ආදරයට සීමා මායිම් බැඳුණෙ නිරායාසයෙනි. වචනයක් දෙකක් කතා කරන්නටත් නෙත් කොණින් පාන ඉඟි බිගි වලින් ඇයට සැනසෙන්නට සිදු විය.

‘‘මම කඳවුරේ ඉන්න කොට හිතුවේ එක දෙයයි. එ කවදා හරි දේ යුද්ධෙ ඉවර වෙලා අපිට නිදහස් ලෝකෙකට යන්න ලැබෙන්න කියලා.’’ වසන්තන් සමඟ එක වහලක් යටට වන්නට වසන්තන්ගේ දරුවන්ට අම්මා වන්නට වසන්ති සිහින දැක්කාය. එහෙත් ඇයගේ සිහිනය සැබෑ වූයේ හෙමිහිටය. යුද්ධය අවසාන වුවද තවත් කලක් ඔවුන්ට අවතැන් කඳවුරේ රැඳී සිටින්නට සිදු වූයේ වසන්තිලාලේ ජන්ම භූමියේ ත‍්‍රස්තවාදීන් විසින් බිම් බෝම්බ වළ දමා තිබූ නිසාය. එහෙත් දෙදහස් දහය වසර ආරම්භයේදී වසන්තිලාගේ උපන් ගමට යාමට ඔවුන් වාසනාවන්ත වූහ. වසන්තන්ටත් ඔහුන් සමඟ යාමට ඉඩ ලැබුණේය.

පෙරළා සිය ගමට පැමිණි වසන්තිලාට දැක ගන්නට ලැබුණේ වල් වැදුණු හිස් භූමියක් පමණි. එහෙත් යුද්ධයට පෙර උපයා ගත් සියථ සන්තකය මහ පොළවට සමතලා වී තිබුණද ඔවුන්ට සතුටු වන්නට කාරණයක් තිබුණි. එ බිහිසුණු යුද්ධයක් අවසානයේ  පණ කෙන්ද රැකගැනීමට ඔවුන් සමත් වී තිබීමයි.

‘‘අපි මෙහෙට එද්දි අපේ පරණ ගෙවල් ෙදාරවල් හැම එකක්ම විනාශ වෙලා. අපේ ඉඩම්ද කියලා අදුර ගන්නත් බැරිවුණා.’’ වසන්තිලා කඳවුරෙන් පැමිණියේ සීමිත භාණ්ඩ කිහිපයක් අතැතිව පමණි. නිවාස තනා ගැනීමට වත් ඔවුන් අත කිසිවක් වූයේ නැත.

‘‘ගෙවල් හදා ගන්න කච්චේරියෙන් අපිට ටකරන් දුන්නා. එවා අරගෙන මැටි ගහලා අපි ඉන්න තැනක් හදා ගත්තා.’’ වසන්තිගේ පැරණි ගෙමිදුලේ මැටියෙන් ගෙවල් දෙකක් ඉඳි විය. එකක් වසන්තිගේ අම්මාටත් ඇගේ මල්ලීටත්ය. අනෙක වසන්තීටත් ඇයගේ සෙනෙහස හිමිකරගත් වසන්තටත්ය. තැලි පිළි බැඳ නාද ස්වරම් මධ්‍යයේ විවාහ වන්නට වසන්තීට නොහැකි වුවද එ් පිළිබඳ දුකක් වසන්තීට නැත. වසන්තන්ගේ සෙනෙහස ජීවිත කාලය පුරා ලැබීම පමණක් ඇයගේ නොමඳ සතුටට හේතු වී තිබේ. ඇය දැන් නව නිවෙසක නව ජීවිතයක් අත් විදිමින් සිටින්නීය.

‘‘තාම මහත්තයට රස්සාවක් නැහැ. දැනට නම් කුළී වැඩ කරලා තමයි ජීවත් වෙන්නෙ. ඉස්සරහට ගොවිතැන් කරන්න තමයි අපේ අදහස’’ වසන්ති පවසන්නේ ඉහවහ ගිය සතුටෙනි. අවුරුදු විසි එකක් ගත වූ තැන ඇගේ ජීවිතයට ඇය පැතූ සතුට ලඟා වී තිබේ.

එ 9 පාරට යාබදව ඉඳිවුණ වසන්තිගේ නව නිවහනට නිරතුරුවම ඇගේ කුඩා මල්ලී පැමිණෙන්නේය. වසර දහයක් වයසැති ඇයගේ මල්ලී වන ජයන්දන් සිය අක්කාගෙන් ඈත්ව සිටින්නේ එතරම් කැමැත්තෙන් නොවේ. අවතැන් කඳවුරේදී අක්කාගේ උණුසුමට ගුලි වී සිටි ඔහුට දැන් තනිව සිටින්නට සිදුව තිබේ.

‘‘ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ආසයි. එත් තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ගෙයක් ෙදාරක් හදා ගෙන මහත්තයට රස්සාවක් හරි ගියාම මම දරුවෙක් ගැන හිතනවා.’’ එ වසන්තීගේ අවසන් සුබ ප‍්‍රාර්ථනයයි.

ගිනියම් හිරුගේ රශ්මියෙන් දැවෙන එ 9 මාවතේ අනන්තයට නෙත් යොමු කළ වසන්ති සුසුමක් හෙථවාය.  නැවතත් ජීවත් වීමට පටන් ගෙන ඇතැයි ඇයට සිතිණි. උපන්දා සිට ගෙවී ගිය ජීවිතයේ හදවතින් සිනාසෙන්නට වරම් ලැබුණේ නැත. සැක බිය මැද්දෙන් වසර විසි එකක් ගෙවී ගියේ වියරු අතීතයක් පමණක් ඉතුරු කරමිනි. එහෙත් දැන් ජීවත් වීම තව දුරටත් සිහිනයක් නොවේ. පෙපෙන තෙක් මානයේ නිදහස හා සැනසීම තිබේ.

  • Share/Bookmark

මැතිවරණ දිනයේ වව්නියා සහන ගම්මානය

January 28, 2010 by Editor  
Filed under Featured, Stories

ප‍්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විශේෂ මාතෘකාව වූයේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව පිළිබදවය.කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමේ ඡන්ද දායකයින් පිරිසක් මැණික් ෆාම් සහන ගම්මානයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණ සිටියෝය. මෙකී දර්ශණය මතක් කර දුන්නේ යුධසමයේ ද්‍රවිඩ ජනතාව රජයේ පාලන ප‍්‍රදේශය වෙත පැමිණි ආකාරයයි.

උදැසනම ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි ඡන්ද දායකයින් කිලෝමීටර් පහක් හයක් පමණ දුර පොළිම් ගැසුනේ අවුරුදු එතකින් පසු තමන්ට ලැබුණා වූ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහාය. සැලකිය යුතු පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබූණද එකී නිළධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවිය. කිලිනොච්චිය ඡුන්ද මධ්‍යස්ථාන වෙතද මැනික් ෆාම් කදවුරේ සිට ඡන්ද දායකයින් යා යුතුව තිබුණි. මොවුන් සදහා වෙනම ප‍්‍රවාහන පහසුකම් සපයා තිබුණි. පාන්දර 5 සිට ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි රාඡේෂ්වරීහට වතුර පොදක්වත් නොමැතිව බස් රථයක් පැමිණෙන තුරු පැය 6ක් බලා සිටින්නට විය.

අපි උදේ පහේ ඉදලා ඉන්නේ. බඩගිනි බොන්න වතුරත් නැහැ.  කදවුරෙන් ඇතුළට දාපුවම ආයේ ඇතුළට යන්න බැහැ. ඇය පැවසුවාය.

දවස පුරා මෙසේ නෙකා නොබී ඡන්දය දීමට පැමිණි ජනතාවට සාධාරණයක් ඉටුවේද යන්න ඔවුනගේ සිතෙහි පැණ නැගී ඇති ප‍්‍රශ්ණනයකි. කෙසේ වුවද මෙම අවතැන් කදවුරෙහි ජනතාව ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පෙළඹී සිටියේ ඔවුනට කාලයක් පුරාවට අහිමි වූ ඡන්ද බලය  ලැබීමේන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සදහාත් එමෙන්ම ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරය දැක බලා ගැනීම  සදහාත්ය.

කිරි බොන තම දරුවාද රැගත් මව්වරුන් ඇලවිතෝට්ටම් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ පොළිම්වල රැදී සිටියේ පැය හතරක් පහක් ඉක්ම ගොස් හෝ තම අවස්ථාව ලබා ගැනිමේ අපේක්ෂාවෙනි. ගැබිනි මව්වරුන් පෝළිම් වල තෙරපුනද ඔවුනට කියා විශේෂ අවස්ථාවක් ලබා දීමට කිසිවකු උනන්දු නොවූයේ කාටත් එක හා සමාන ඡන්ද අයිතිය  භුක්ති විදීම සදහාය.

අපි ආපහු යනවා. අපේ හැදුනුම්පත පිළිගන්න බැහැ කීවා. අපිට තියෙන්නේ පොලිසියෙන් අපට දීලා තියෙන හැදුනුම්පත විතරයි. අපට ඡන්ද කාඞ් තියෙනවා. ඒත් ඒ අය ඡන්දය දාන්න බැහැ කියනවා. ගොඩක් අයට මේ හැදුනුම්පත විතරයි තියෙන්නේ. ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නොලද පිරිසක් පැමිණ පැවසුවාය. මේ සදහා මැදිහත් වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය නැතහොත් කැෆේ සංවිධානයට සිදුවිය. එහි ප‍්‍රථිපලයක් වශයෙන් පොලිසියෙන් නිකුත් කළ සහන ගම්මාන හැදුම්පත භාවිත කර ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැකියාව ලැබුණි.

සමහර පිරිස් ඡන්දය භාවිත නොකරම ආපසු යන්න ගියේ පැය ගැණක් පුරාවට පෝළිමේ සිට ඇතුථ වූවායින් පසු ඡන්දය භාවිත කිරීමේ හැකියාව නොමැති බව පැවසීමෙන් අනතුරුවය. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි  වූ පිරිස 5354 කි.

මැණික් ෆාම් සහන ගම්මානයේ අලෙවි තෝට්ටම් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන හතක් පිහිටා තිබුණි. 16 973 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබූ අතර 11619 දෙනකු පමණක් ඡන්දය ප‍්‍රකාශ කළහ. මෙයට හේතුව වූයේ නිසි අයුරින් ඔවුන් සදහා අවශය පහසුකම් සලසා නොලිබීම බවයි ඔවුන්ගේ අදහස වන්නේ.

සහන ගම්මානයේ සිට වව්නියා හා කිලිනොච්චි දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා යාමට නියමිතව තිබුණද ප‍්‍රවාහන පහසුකම් නොතිබුණ නිසා ද සහන ගම්මානයේ පිරිසකට ඡන්ද අයිතිය අහිමි විය.

කෙසේ වුවද සහන ගම්මානයේ සියථ දෙනාගේ බලා පොරොත්තුව වූයේ කුමන පාලනයක් යටතේ වුවද තම ගම්බිම් කරා ගොස් සැනසීමේ ජීවත් විමය.

එදා ඉදන්ම අපි දුක් වින්දා අදත් අපි ඒ දුකම විදිනවා. අනේ අපිට සැනසීමේ ඉන්න පුථවන් වුණොත් ඒ ඇති . කවුරු ජනාධිපති වුණත් අපට කමක් නැහැ. දීලා තියෙන පොරොන්දු ඒ විදියට ඉෂ්ඨ කළොත් අපිට සැනසිමේ ඉන්න පුථවන් වෙයි. ගම්මුගනාදන් පැවසුවේය.

අලෙවි තෝට්ටම් ඡන්ද මධ්‍යස්තානය දුටු කිසිවකුට එහි තත්ත්වය අමතක කිරීමේ හැකියාවක් නොමැත. ඡන්දෙ ඉල්ලන අයට මේ මිනිස්සු දුක් විදගෙන ඡන්දෙ දාන හැටි දැක්කනම් මොවා හිතෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු පොරකාගෙන ගිහින් ඡන්දය දාන්නේ කවුරුහරි ඒ අගේ දුකට පිහිට වෙයි කියලා හිතලා. ගම්මුගනාදන් පැවසුවේය.

Some of the displaced in the Menik Farm IDP camp could not cast their votes at the Presidential election due to the non provision of necessary facilities including a valid ID card. Many joined long queues that were five to six kilometers in length on the 26th morning to cast their votes. However, about 5,354 persons were unable to cast their votes due to the non possession of a valid ID card. These people possessed only the identification document provided by the police. Some other IDPs were also unable to cast their votes due to the lack of transport facilities for them to visit their hometowns. Only 11,619 IDPs cast their votes in the seven voting centers in put up in the camp.

  • Share/Bookmark

වසර තිහකට පසු කිළිනොච්චියේ මැතිවරණ උණුසුම

January 28, 2010 by Editor  
Filed under English, Stories

ජනපතිවරණයෙන් රටම උණුසුම් වද්දී උතුරේ ජනතාවට ඒ පිළිබද පැවතියේ අවිනිශ්චිත හැගීමකි. ඡන්දය භාවිතා කරනවාදෝ නැද්ද යන්න ඔහුන්ට ගැටලූවක් වී තිබුණි. විශේෂයෙන් කිළිනොච්චියේ ඡනතාව ජන්දය භාවිතා කිරීමට සිදු වී තිබුණේ ගැටථ රාශියක් මධ්‍යයේය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව කිළිනොච්චියේ ජන්ද මධ්‍යස්ථානයක් පැවැත්වීමට ඉඩකඩ සැළසුණේ වසර තිහකට පමණ පසුය. මේ වන විට සාමාන්‍ය ජනතාවගෙන් බොහොමයක් අවතැන් කදවුරුවල ජීවත් වෙති. මේ හේතුවෙන් ඡන්දය භාවිතා කිරීම පිළිබදව ඔවුන්ට තිබුණේ අල්ප දැනීමකි. ඡන්දය භාවිතා කිරීම සදහා හැදුනුම් පත‍්‍රයක් නොමැති වීම ඔවුන් බොහෝ දෙනෙකුට පැවති ගැටලූවයි.

පොකුරු ඡන්ද මධ්‍යස්ථානයක් වූ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගනයේ ඡන්ද මධ්‍යස්ථාන 64 ක් පැවැත් වීය. මැතිවරණ දිනයේ උදෑසන 11.30 වන විටත් කිළිනොච්චි මධ්‍යම ක‍්‍රීඩාංගණයට එතරම් ඡන්දදායකයන් පිරිසක් පැමිණ සිටියේ නැත. බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන වලට දහවල් දොළහ වන විටත් ඡන්ද දායකයන් විස්සකට වඩා පැමිණ සිටියේ නැත. මධ්‍යම ක‍්‍රීඩාංගණයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයක් වූ පුලෝපුල ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 320ක් වුවද මැතිවරණ දිනයේ දහවල වන විට පැමිණ සිටියේ ඡන්ද දායකයන් දෙදෙනෙක් පමණි. වට්ටකච්චි චන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 1663 ක් වුවද දහවල් වන විට ඡන්දය භාවිතා කොට සිටියේ 10 දෙනෙක් පමණි. පුදුමුරිප්පු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 574 වන නමුදු දහවල් දොළහ වන විටත් ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.

‘‘ මේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇති ගොඩක් චන්ද දායකයන් අවතැන් වු පිරිස් වලින් සමන්විතයි. ගොඩක් අය තාමත් ඉන්නේ අවතැන් කදවුරු වල. ඒ ස්ථාන වල ඉදලා මිනිස්සු මෙතැනට අරගෙන එන්නත්  ඕන. ගොඩක් අයට කිසි තේරුමක් නැහැ ඡන්දෙ දාන්නෙ කොහොමද වත් කියලා’’ මැතිවරණ රාජකාරීයේ නියැලෙන නිලධාරියෙකු වූ ජෝන් බැප්ටිස්ට් පැවසුවේය.

කිළිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස කි‍්‍රයාත්මක කෙරුණු කිළිනොච්චි හින්දු විදුහල පුනිද තෙරේසා විදුහල පැටීමා රෝමානු කතෝලික විදුහල කනගපුර විදුහල යනාදී ස්ථාන වලද ඡන්දය භාවිතා කිරීම ඉතා අවම මට්ටමක පැවතිණි.

තිස් වසරකට පසුව කිළිනොච්චියේ පැවති මෙම මැතිවරණ කටයුතු වලදී ඡන්ද දායකනන්ට මහත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදු විය.

‘‘ මම කලින් හිටියේ කිළිනොච්චියේ හිටියේ. යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපිව මැණික් ෆාම් කදවුරට අරගෙන ගියා. චන්දෙ තියෙන්නෙ මෙතන කියලා දැන ගත්තට පස්සෙ අපිට මෙහෙට එන්න බස් දුන්නා. මෙතනට ආවම මෙතනින් බලලා කීවා අපිට චන්දෙ තියෙන්නෙ කනගපුරම් ඉස්කෝලෙ කියලා. ඒත් එතනට යන්න අපිට බස් එකක් නැහැ.’’ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගණයට ඡන්දය
ප‍්‍රකාශ කිරීමට පැමිණි රාජ්‍ය සුල්ත‍්‍රාණා පැවසුවාය. කනගපුරම් වෙත යාමට වාහනයක් පැමිණෙන තුරු ඇය සිය දරු දෙදෙනාද කරපින්නාගෙන පාර අද්දරට වී සිටියාය.

‘‘ අපි යාපනේ ඉදලා ආවේ. මෙහෙට අවම මෙහෙ මහත්තුරු කියනවා අපිට ඡන්දෙ තියෙන්නෙ පූනේරී වල කියලා. එන්න වාහනයක් තිබුණා. දැන් ඒක අපිව දාලා ආපහු ගියා. දැන් පූනේරී යන්න වාහනයක් නැහැ. අපි හිතුවෙ ආපහු යන්න කියලා’’ යාපනයේ කවුදාරීමුණ පදිංචි කනගරත්නම් පැවසුවේය.

එමෙන්ම මේ අකාරයෙන් නිසි හැදුනුම්පතක් නොමැති වූ ඡන්ද දායකයන් විශාල පිරිසක් ආපසු හැරී ගියහ. විශෙෂයෙන්ම වව්නියාව මැණික් ෆාම් සිට බස් රථ වලින් පැමිණි පිරිස් මෙසේ ආපසු හැරී ගියහ.

‘‘ අපේ බස් එකේ පණහක් විතර ආවා. ඒත් මෙහෙට ආවම අපිට කදවුරෙන් දීලා තියෙන කාඞ් එකට ඡන්දෙ දාන්න දෙන්න බැහැ කීවා.  අපේ නමත් ලැයිස්තුවේ තියෙනවා.’’ ඡන්දය ප‍්‍රකාශ කර ගත නොහැකිව ආපසු බස් රිය වෙත යමින් සිටි රාජ් කුමාර් පැවසුවේය. රාජ් කුමාර් සමග මැණික් ෆාම් කලාප අංක 3 සිට පැමිණ සිටි බොහෝ දෙනෙකුට එසේ ඡන්දය අහිමිව තිබුණි.

‘‘ ඇත්තටම අවුරුදු තිහකින් පස්සෙ මේ විදිහට මෙහෙ ඡන්දයක් තිබුණ එක ගැන අපිට හරි සන්තෝෂයි. කාට ඡන්දෙ දුන්නත් මම හිතන්නෙ අපිට හොදක් වෙයි කියලා.’’ කිළිනොච්චිය හින්දු විදුහලේ විදුහල්පති ඒ කුමර ගුරුපරන් පැවසුවේ සැබෑ සතුටකිනි.

A low voter turn out was recorded from Kilinochchi where an election was held after 30 years. Most residents of Kilinochchi still remain in IDP camps and the lack of transportation facilities for them to visit the polling centers resulted in a low voter turn out. A cluster polling center at the Central Ground in Kilinochchi had recorded only about 20 voters even by noon on election day. However, some voters who managed to make their way to Kilinochchi were unable to cast their votes due to the non possession of a valid document to prove their identity.

  • Share/Bookmark

ජනාධිපතිවරණ උණුසුම මැද දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම්

January 22, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණය සදහා දින ලංවීමත් සමගින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස කරන ඉල්ලීම් වේගවත් වෙමින් තිබෙන අතර කොළඹ මැගසින් බන්ධනාගාර ඉදිරිපිටට රැස්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් මොවුන් නිදහස් කරන ලෙස ජනවාරි 22 වැනිදා නැවත වරක් ඉල්ලා සිටියේය.

මෙම ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයගත්තත් වසර ගණනාවක් තිස්සේ සිරකරගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස මොවුන් මෙහිදී ඉල්ලා සිටියේය. ‘‘වසර ගණනාවක් තිසේසේ අත්අඩංගුවේ තබාගෙන සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස අපි මැතිවරණයෙන් ජයගන්නා අපේක්ෂකයාගෙන් ඉල්ලා සිටිනවා.’’ මෙම උද්ඝෝෂණ ව්‍යාපායරට සහභාගීවී සිටි කොල්ලූපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ සත්තවේලි පියතුමා කීවේය.

දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් විරෝධත ව්‍යාපාරයට සහභාගී වී සිටියේය. වසර ගණනාවක් තිස්සේ නිදහස් නොකර සිටින තමන්ගේ දරුවන් නිදහස් කරන ලෙස මොවුන් ඉල්ලා සිටියේය. ‘‘මගේ පුතා 2006 දී අත්අඩංගුවට ගත්තේ. කවුරු බලයට ආවත් අපිට කමක් නැහැ. අපි ඉල්ලන්නේ අපේ පුතා නිදහස් කරනන් කියලායි.’’ රත්නා මායාදුන්නේ පැවසුවාය.

තමන්ගේ සැමියා රෝගියෙක් නිසා රැකියාවක් කිරීමට හැකියාවක් නැති බවත් තමන්ගේ පවුලේ නඩත්තුව සදහා මුදල් ලබාදුන්නේ මේ වන විට අත්අඩංගුවේ පසුවන පුතා විසින් බවද ඇය පැවසුවාය. ‘‘මගේ ලොකු පුතා තමයි පවුල නඩත්තු කළේ. වෙන කවුරුවත් පවුල නඩත්තුකරන්න උදව් කළේ නැහැ. දැන් ඉතින් අපි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.’’ ඇය කීවාය.

මායාදුන්නගේ මෙන්ම සෙල්විගේ බලාපොරොත්තුව වන්නේද වසර තුනක් තිස්සේ නිදහස් නොකර සිටින තමන්ගේ පුතා නිදමහස් කරගැනීමය. පුත්තලමේ පදිංචි ඇය කොළඹ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට පැමිණ සිටියේ මේ මගින් හෝ තමන්ගේ පුතා නිදහස් කරගැනීමට කිසියම් බලපෑමක් එල්ලකිරීමට හැකියාව ලැබෙතැයි යන විශ්වාසය නිසාය.

විවිධ අවස්ථාවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේය. මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් දෙදෙනාගෙන් කිසිවෙක් මේ වන විට මොවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් හදුන්වා නොමැති අතර මොවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් පිළිගැනීමට ජයගන්නා අපේක්ෂකයා කටයුතු කළ යුතුයැයි සත්තවේලි පියතුවා කිවේය.

මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් හත්සිය දහතුන්දෙනෙක් නිදහස් කිරීමට අධිකරණය නියෝගයක් ලබාදී ඇති අතර මෙම පිරිස් නිදහස් කිරීම ප‍්‍රමාණවත් නැතැයි දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය කීවේය. මෙසේ නිදහස් කරන්නේ පාරේ හා කඩවල්වල සිටියදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් වන බදව හෙතෙම කීවේය. එහෙත් වසර දෙක තුන තිස්සේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කළ යුතුව ඇතැයි කීවේය.

‘‘ආණ්ඩුව මේ කරන්නේ කොලේ වහලා ගහන එකක්. දැන් මේ දේශපාලන වාසි ගන්න තමයි අත්අඩංගුවට ගෙන සිටින පිරිසක් නිදහස් කරන්නේ.’’ ජයසූරිය පැවසුවේය. දේශපාලන වාසි ගැනීම සදහා සුළු පිරිසක් නිදහස් කරන බවද ඔහු කීවේය.

අත්අඩංගුවට ගෙන සිටින දේශපාලන සිරකරුවන් අතර චෝදනාවන්ට ලක්ව සිටින පුද්ගලයින්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පැවරිය යුතු බවද නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු බවද හෙතෙම කීවේය.

‘‘මේ අරාජික දේශපාලන ක‍්‍රමය විසින් තමයි මෙම සිරකරුවන් බන්ධනාගාරයට වෙත ගෙනවිත් තිබෙන්නේ. මොවුන් ත‍්‍රස්තවාදීන් නොවෙයි.’’ සත්තවේලි පියතුමා කීවේය.

අත්අඩංගුවට පත්ව සිටින දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙම සමාජය වෙනස් කිරීම සදහා හා අරාජික දේශපාලනයෙන් රට මුදාගැනීම කටයුතු කිරීම නිසාවෙන් වන බවත් මේ නිසා මොවුන් වහාම නිදහස් කළ යුතුව ඇති බවත් සත්තවේලි පියතුමා වැඩිදුරත් සදහන් කළේය.The call for the release of political prisoners has intensified during the election period with civil society organizations holding a protest outside the Magazin Prison. Their call was for either Presidential candidate to ensure the release of all political prisoners after assuming office. Most political prisoners have been arrested under the Prevention of Terrorism Act at different times.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

Next Page »