එකෝන් නාඩගම අපට එපා – ෆේස්බුක් කණ්ඩායම
එකෝන් තියම්ප් නැමැති බටහිර ගායකයා ලංකාවට පැමිණිමට විරෝධය දැක්වීම සඳහා මේ වන විට අන්තර්ජාලයේ ෆේස්බුක් පිටුවක් වෙන්වී ඇත. මේ සඳහා හේතුව වී ඇත්තේ ඒකෝන් විසින් බුදු දහමට නිගා වන පරිදි සිය ගීත සදහා රෑප රචනා සිදු කොට තිබීමයි. ඔහුගේ sexy bitch නම් ගීතය වෙනුවෙන් බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිරියේ රගන අඩනිරුවතින් කතුනගේ දර්ශන කිහිපයක් ඇතුළත් කොට තිබීමය.
ඒකෝන්ගේ මෙම ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 24 දින කොළඹ ඒස් එස් සී අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට යර්ස් එෆ් එම් ආයතනය කටයුතු යොදා තිබේ.
‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.
‘‘අප මීට කළිනුත් මෙවැනි ප‍්‍රසංග සංවිධානය කරලා තියෙනවා. මෙය අථත් දෙයක් නොවෙයි. ඇත්තටම අප දන්නවා ඒකෝන් ලංකාවට ගෙන්වනවට විරුද්ධව ෆේස්බුක් කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. බටහිර රටවලට බුදු පිළිමය අලංකාරය සදහා යොදා ගන්නවා. ඒකෝන් සිය ගීත නිර්මාණයට ඒ අර්ථයෙන් එය යොදා ගන්න ඇති.’’ යර්ස් එෆ් එම් ආයතනයේ
ප‍්‍රකාශයෙක් පැවසුවේය. අපේ‍්‍රල් 24 වැනිදා පැවැත්වෙන මෙම ප‍්‍රසංගයට දැඩි ආරක්ෂක කි‍්‍රයා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
ඒකෝන් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කරන හෑගොඩ විපස්සී හිමියන් ප‍්‍රකාශ කරන්නේ බුදු දහමට නිගා කරවන මෙවැනි පූද්ගලයින් ලංකාවට ගෙන් වීමට වහා විරෝධය දැක්විය යුතු බවයි.
‘‘මෙම පුද්ගලයා බුදු දහමට ගෞරව කරන්නෙ නැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයන් ගෙන්වීම අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන දෙයක්.’’ විපස්සී හිමියෝ පැවසූහ.
මේ වන විට ඒකෝන්ගේ ලංකාගමනයට විරෝධය පෑමට නිර්මාණය කර ඇති මෙම එක් ෆේස්බුක් පිටුවක සාමාජිකයන් ගණන අට දහස ඉක්මවා තිබේ. අනෙක් පිටුවේ දහසකට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවක් සිටිති. ෆෙස්බුක් පිටුවේ සිය විරෝධය ප‍්‍රකාශ කිරීමට මේ සාමාජිකයන් බොහෝ දෙනා විවිධ අදහස් ලියා තිබේ.
හිරගෙදර ඇතුලේ මගුලක්
සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ සිටින රැදවියන්ගේ දවස ගෙවෙන්නේ එක් ආකාරයකටය. ඔවුන්ගේ සුපුරුදු දින චර්යාවන් වෙනස් වන්නේ බන්ධනාගාරයේ විශේෂ සිදුවීමක් වන්නේනම් පමණි. එවැනි සුවිශේෂී සිදුවීමක් වී ඔවුන්ගේ දින චර්යාව වෙනස්වන දින ගණන අතේ ඇගිලි ගණනටත් අඩුය.
මාර්තු 17 වැනිදා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ටද මේ ආකාරයේ වෙනස්ම අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව උදාවුනේය. වෙනදා උදේ ආහාරයට ලැබෙන පාන් භාගය වෙනුවට මෙදින එම රැදවියන්ට ලැබුනේ කැවුම් කිරිබත්ය. බන්ධනාගාරය ඇතුලේ උත්සව සිරියක් ගනිමින් රැදවියන්ට කැවුම් කිරිබකත් කෑමට අවස්ථාව ලැබුනේ බන්ධනාගාරයේ සිටින තවත් රැදවියකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම නිසාය.
මැගසින් බන්ධනාගාරය තුළදී මේ ආකාරයෙන් විවාහ දිවියට එළඹ තිබුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එක්ව ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වීමේ චෝදනාව මත වරදකරුවෙක් බවට පත්ව සිර දඩුවම්විදින පුද්ගලයෙකි.
‘‘මේ පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙක්. ඔහු බන්ධනාගාර ගතවීමට පෙර කාන්තාවක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව එම කාන්තාව සමග විවාහ වීමට අවශ්‍ය බව ඔහු පැවසුවා. මේ නිසා එම කාන්තාව සමග විවාහ වීමට අවස්ථාව ලබාදුන්නා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් කීවේය.
ඒ අනුව විවාහ රෙජිස්ටාර්වරයෙක් බන්ධනාගාරය වෙත කැදවා එම විවාහය ලියා පදිංචි කර තිබුනේය. ඒ සදහා චාම් උත්සවයක් සංවිධානය කර තිබුනේය.
‘‘සාමාන්‍යයෙන් මේ ආකාරයට විවාහයක් සිදුකිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළ විට ඒ සදහා අවස්ථාව ලබාදෙනවා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාරයෙන් පිටතදී විවාහ දිවියට ඇතුලූවන පුද්ගලයින් විවාහ දිවියේ මිහිර විදීමට අවස්ථාව ලැබෙන නමුත් බන්ධනාගාරයේදී විවාහ දිවියට එළඹි රැදවියාට එවැනි මිහිරක් විදීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ විවාහය ලියාපදිංචි කිරීමෙන් පසුව මනාලයට තවදුරටත් බන්ධනාගාරයේ සිටීමට සිදුවන බැවිනි. මනාලයා බන්ධනාගාරයේ සිටියදී මනාලිය තනිවම සිය ඥාතීන් සමග නිවසට යාමට සිදුවිය.
‘‘මේ වගේ විවාහක් සිදුවීමේදී අදාල පුද්ගලයා නීත්‍යානුකූලව විවාහ දිවියට එළඹීම පමණයි සිදුවන්නේ. එතැන් සිට ඔහු විවාහකයෙක් වන නමුත් බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර ලැබෙන්නේ නැහැ. අදාල දඩවුම් කාලය අවසන් වීමෙන් පසුවයි ඔහුට සිය මනාලිය වෙත යාමට අවස්ථාව ලැබෙන්නේ.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.
විපක්ෂවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට මහින්ද චින්තනය ඇතුළත්වේ
මෛත‍්‍රීපාල සිරිසේන මහලේකම්වරයා පවසන පරිදි එක්සත්ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ ඉදිරිපත්කර ඇතිතේ මහින්ද චින්තනය ළඟ තබාගෙනය.
සයිබර් කියන වචනය එහෙම්මම පාවිච්චි කරලා තියෙනවා. මෙක වෙනස්කරලාවත් ගත්තනම් කමක් නැහැ.හරියට හින්දි සින්දු වලට සිංහල ගීත හදනවා වගේ. කවුරුහරි ක්ලාක් කෙනෙක් ලියන්න ඇති මේක. මහලේකම්වරයා සඳහන් කලේය.
පසුලිය 26 වනදා ඉදිරිපත්කළ ප‍්‍රත්පත්ති ප‍්‍රකාශනය දෙකඩ කොට මෙවර ප‍්‍රත්පත්ති ප‍්‍රකාශණ එළි දක්වා ඇති බවයි මහලේකම් වරයා සඳහන් කරන්නේ.
මේක හරිම විහි`ථවක්. ජනතා විමුක්ති පෙරමුණයි එ්ක්සත් ජාතික පක්ෂය කලින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයමයි එළි දක්වලා තියෙන්නේ. මහින්ද චින්තන ඉදිරි දැක්මේ කොටස් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ වල තියෙනවා.මේ පක්ෂ දෙකටම ඉදිරි දැක්මක් දර්ශණයක් නැහැ. ස්ව නිරිමාණයක් කරන්න අවශ්‍ය බුද්ධීමතුන් මේ අය එක්ක නැහැ.එ් අය ඉවත් වෙලා ගිහිල්ලා. මහ ලේකම්වරයා සඳහන් කළේය.
ගිය වතාවේ විපක්ෂය සඳහා ඡුන්දය භාවිත කළ බොහෝ ප‍්‍රබලයින්් මේ වතාවේ ආණ්ඩුව හා එක්ව සිටින බව ද මු`ථ ඡුන්ද ප‍්‍රතිශතයෙන් 65%ක ප‍්‍රමාණයක් මෙවර ලබාගත හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය.
කවදාවත් කුඹුරකට බැස නැති විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙවර ගොවියන් පිළිබඳ කතා කරන්නට ආරම්භ කර ඇති බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පැවසුවේය.
විපක්ෂනායක වරයා හිටි ගමන් ගොවියෝ ගැන කතා කරන්න පටන් අරන්. කාවදාවත් කුඹූරකට බැහැලා නැති කොළඹ 7 ඉපදුන කෙනා කොහාමද ගොවියෝ ගැන කතා කරන්නේ. මහලේකම්වරයා ස`දහන් කළේය.
මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ලබාගනිමින් සන්ධාන ආණ්ඩුව ජයග‍්‍රශණය ලබන බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම විපක්ෂ නායකවරයා සෑම දිනකම මැතිවරණ වේදිකිවේ තේමාව ලෙස යොදා ගන්නේ ජීවන වියදම බවයි මහලේකම්වරයා සදහන් කරන්නේ.
රටක දේශපාලනය වෙනස් වුණත් ජනතාව එකට ඉන්නවා සංවර්ධන ක‍්‍රියාත්මක වෙද්දී. ජපානය චීනය කොරියාව වගේ රටවල් ගත්තහම අපට පේන්න තියෙන්නේ එ දේ. 2004 විපක්ෂනායකයා පරාද වුණෙ කොටි ගිවිසුම නිසාත් ආර්ථිකය කඩාවැටීම නිසාත් බවයි හෙතෙම සඳහන් කරන්නේ.
නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ඉහළට.. නිරීක්ෂකයෝ
මෙවර මහ මැතිවරණ පූර්ව සමයේදී වැඩි වශයෙන් වාර්තා වන්නේ නීතිවිරෝධී අකාරයෙන් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරවල නිරත වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
‘‘පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම වී තිබෙනවා. එහෙත් නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බහුලව වාර්තා වෙනවා. පෝස්ටර් බැනර් සහ කටවුට් තහනම් ප‍්‍රචාරක මාධ්‍ය වී තිබියදීත් තව දුරටත් මේ දේවල් භාවිතා කිරීම පවතින මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක්.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය. මේ තත්ත්වයට එරෙහිව පියවර ගැනීමට තවමත් අදාළ අංශයන් නිසි ලෙස කටයුතු කර නැතැයි හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.
‘‘මැතිවරණ පෝස්ටර් බැනර් කටවුට් ඉවත් කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ පොලිසියට. ඒත් රට පුරාම තවමත් මේවා ඉවත් කිරීමට නිසි පියවර අරන් නැහැ. බහුතරයක් ප‍්‍රචාරක පුවරු පෝස්ටර් අයත් වෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට. මේ තත්ත්වය යටතේ පේන්නේ පවතින රජයට වාසි වන අයුරින් පොලිසිය හැසිරෙන බවයි අපට පෙනෙන්නෙ.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී එම් දිසානායක ප‍්‍රකාශ කළේය.
මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන පරිදි මෙවර මහ මැතිවරණයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයන් අතර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වීමයි. පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන පරිදි මෙවර වැඩිම මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තා වන්නේ බස්නාහිර සහ මධ්‍යම පළාත තුළය. මැතාවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් මේ වන විට තම සංවිධානය වෙත පැමිණිලි 45ක් ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 51 බව එහි ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.
‘‘මහ මැතිවරණයේදී සැලකිය යුතු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේදී රාජ්‍ය දේපළ මෙවරත් අයුතු ලෙස භාවිතා කරන බව පේනවා.’’ කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේය.
මෙවර විදේශ මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මැතිවරණ නිරීක්ෂකයෝ සිය අදහස් මෙසේ පළ කළහ.‘‘මෙවර අපි විදේශ මැතිවරණ නිරීක්ෂකයෝ විස්සක් පමණ ගෙන්වන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන් ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ ජාලයේ පිරිසක්. ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදී විදේශ මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩි අවධානය උතුරු නැගෙනහිරට යොමු කරවන්න අප බලාපොරොත්තු වෙනවා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. විදේශ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මේ වන විට සිය සංවිධානය සාකච්ඡුා පවත්වමින් සිටින බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායකවරයා පැවසුවේය.
මැතිවරණ වියදම මිලියන එක්දහස් අටසීයයි.

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන එක්දහස් අටසීයක් (1800)වැය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසුවේය. මෙම මුදල සම්පූර්ණ මැතිවරණය සඳහා වන වියදම නොවන බවත් එ් සඳහා වූ මඃකල්පිත ගණනය කිරීමක් පමණක් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ගණකාධීකාරී ඊ එ් වීරසේන පවසන්නේ.
ඔහු පවසන පරිදි මැතිවරණ වියදම් ගණනය කළ හක්කේ මැතිවරණය අවසන් වී මාස තුනක් ඉකිම වූවායින් පසුය. තැපැල් කටයුතු පොලීසිය සඳහා මුද්‍රණ කටයුතු දිසිත‍්‍රික් මට්ට්මින් සිදු වන කි‍්‍රයාදාමයන් ඇතුලු සියල්ල සඳහාම මෙම වියදම් සිදු වන බවයි හෙතෙම පවසා සිටින්නේ.
දිස්ත‍්‍රික්කයෙන් දිසිත‍්‍රික්යට මෙම මැතිවරණ සඳහා වියදම් වන මුදල් ප‍්‍රමාණය වෙනස් බවත් එ් සඳහා වෙන් කළ ස්ථිර මුදලක් නොමැති බවද හෙතෙම පැවසීය.
ජෙනරාල්වරයා බේර ගන්න අපේ කැපවීම හැමදාම තියෙනවා.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වූ කි‍්‍රයා මාර්ගයේදී සෑම විටම එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ කැපවීමක් සිදු කරමින් සිටින බව එක්සත්ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පැවසීය.
“මානව හිමිකම් පෙක්සම් අධිකරණයට අරන් ගියෙත් අපි. මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම නීතිඥයන් අපේ අය. ජෙනරාල්වරයා පිළිබඳව ආරංචිය ලෝකය පුරා ගෙන යන්න මූලික වෙලා කටයුතු කළේ විපක්ෂ නායක වරයා. ඔහුව නිදහස් කරන්න පුලුවන් දෙගොල්ලකට පමණයි. එ් සන්ධාන ආණ්ඩුව අනික එක්සත් ජාතික පෙරමුණ.” මහලේකම්වරයා සඳහන් කළේය.
සන්ධාන ආණ්ඩු කෙදිනකවත් ඔහු නිදහස් නෙකරන බවත් එක්සත් ජාතික පෙරමුණ බලයට පතවුව හොත් ජෙනරාල්වරයා නිදහස් කරන බවත් ලේකමිවරයා සඳහන් කළේය.
“ඊළඟට ආණ්ඩුව හදන කෙනාට තමයි ඔහුව නිදහස් කරන්න පුලුවන් වෙන්නේ. කොහෙම වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධනයට බලයට එන්න බැහැ. එක්සත් ජාතික පෙරමුණ තමයි 90% උදවි කළේ ජනාධිපතිවරණය වෙලාවෙදි. ජනතා විමුක්ති පෙරමුණ උදවි නෙකළා කියනවා නෙවෙයි. නමුත් මිලියන 4-5 ජනතා කැමැත්ත තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට.” මහ ලේකම්වරයා සඳහන් කළේය.
පොදු අපේකෂකයා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා බවත් එ් සඳහා අවශ්‍ය කැපවීම එක්සත්ජාතික පෙරමුණ වශයෙන් සිදු කළ බවත් ප‍්‍රතිඵලය කෙසේ වෙතත් ඊළඟ පියවර වෙත පැමිණ තිබෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ.
“ස්ති‍්‍රක්ක කිහිපයක නායකත්වය දීලා අපිත් එක්ක වැඩ කරන්න කියලා අපි එතුමාට කීවා. නමුත් එකඟ වුණේ නැහැ. එ්ක එතුමාගේ කැමැත්ත. එක්සත් ජාතික පෙරමුණ ඔහු සමග නැහැ කියලා කියන්න බැහැ. එතුමගේ ඡන්ද ව්‍යාපාරය අපට කරන්න බැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් එ් දෙවල් කළ යුතුයි.” මහ ලේකම් අත්තනායක සඳහන් කළේය.
කෙසේ වුවද මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණත් ජෙනරාල්වරයාගේ පක්ෂයේ උදවිය මෙන්ම එක්සත් ජාතික පෙරමුණත් එකට මුණ ගැසෙන බවත් එ අවස්ථාවේදී සියලු දෙනා එක්ක කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මහ ලේකම්වරයා සඳහන් කරන පරිදි සමාජයට මෙන්ම ආණ්ඩුවටද ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියකු අත් අඩංගුවේ සිටින බව අමතකය. ඔහු සුර සැප විදින විට සියලූම පහසුකම් විදින විට රටේ පමණක් නොව ලෝකයේම වීරයකු වශයෙන් පිළිගත් ජෙනරාල්වරයා අවම පහසුකම් මැද පීඩා විදින බව ද හෙතෙම සඳහන් කළේය.
“කේ පී අත් අඩංගුවට ගත්තද ස්ව කැමැත්තෙන් ඉන්නවද කියන එක නම් අපට තාම ප‍්‍රශ්ණයක්. අත් අඩංගුවට ගත්තානම් අධිකරණයට යවන්න ඕන. හැමෝටම හොරෙන් මේ පුද්ගලයා සඟවාගෙන සටින්නේ කුමක් නිසාද කියන එක ගැටලූවක්.”
ඔහු සතු නැව් සමූහය ගැනීමට යැයි පවසමින් ඔහු රදවා සිටින්නේ සියලු පහසුකම් සමඟ බවයි හෙතෙම පවසන්නේ. එකී දේපල වලින් ලැබෙන වත්කම් වලට කුමක් වෙනවද යන වගද කිසිවකු නොදන්නා බවයි හෙතෙම පවසන්නේ.
මෙසේ සිතා බලන විට ජෙනරාල්වරයා අත් අඩංගුවට ගැනීම දේශපාලන හේතුවක් බව කැපී පෙනෙන බවද මහලේකම්වරයා සඳහන් කළේය. කෑපී පෙනෙන චෝදනා තිබෙන ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියා තබාගෙන කුමක් කරන්නේද යන්නත් ජනෙරාලවරයා යුධඅධිකරණයට යවන්නට ඉක්මන් වන්නේත් කුමක් සඳහාද ගැටලූවක්ව පවතී.
උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු
පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. ඒ තත්ත්වය මේ වන විට බොහෝ දුරට ම්‍ග හැරී ඇතැයි වසංගත රෝග ඵීද්‍යංශයේ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේය.
‘‘ඊසාන දිග මෝසමත් සමගම පැතිර ගිය වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය මේ ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියා. ඩෙංගු රෝගය පිළිබද සාමාන්‍ය ජනතාවගේ තිබුණු අවධානය හේතුවෙන් සහ නිසි අකාරයෙන් සෞඛ්‍ය අංශයේ අවධානය නිසා රෝගය පැතිර යාම අවම කරගන්න හැකියාවක් ලැබුණා.’’ වෛද්‍ය තිසේරා පැවසුවේය.
මේ වන විට මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු රෝගය වසංගතයක් තත්ත්වයට පත් විය. එහිදි රෝගීන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගීන් තුන්සියයකට අධික පිරිසක් මරු මුවට පත් විය. 2009 වසර අගභාගය වන විට මේ තත්ත්වය සෞඛ්‍ය අංශයේ දැඩි අවධානයත් සමගම යම් තාක් දුරට පාලනය වී තිබුනද මේ වසර වන විට නැවතත් ඩෙංගු රෝගය උත්සන්න වී තිබේ.
‘‘ගිය අවුරුද්දෙ ඩෙංගු මැඩ පවත්වන්න සෞඛ්‍ය අංශ ලොකු මැදිහත් වීමක් කළා. ඒ කැපවීම නිසා ඇත්තටම ඩෙංගු රෝගීන් මිය යාම අඩු වුණා. ඒත් දැන් ආයෙමත් ඩෙංගු රෝගය වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ වල හිඩැසක් තියෙන නිසයි මෙහෙම වෙන්නෙ. හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්න පියවර නොගත හොත් නැවතත් ඩෙංගු රෝගය වසංගතයක් වීමේ අවදානම තියෙනවා.’’ ඩෙංගු රෝගයට භාජනය වූ හෙද නිලධාරී අවිස්සාවේල්ලේ ඉන්දික සම්පත් පැවසුවේය.
මේ වන විට ඩෙංගු රෝගය පැතිරීයාම වළක්වා ලීමට අවශ්‍ය සියථම පියවරයන් ගන්නා බව වසංගත රෝග ඵීද්‍යා කාර්යංශය ප‍්‍රකාශ කරයි. ඒ සදහා කියුබාවෙන් ගෙන්වන බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු පැතිරී යන ප‍්‍රදේශ වල හැකි ඉක්මනින් යෙදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය. විශේෂයෙන්ම ගුවනේ සිට මේ බැක්ටීරියාව විසිරුවා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ජෙනරාල්වරයාට චෝදනා ගොනු කෙරේ

සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන වශයේන් කිසිදු මැදිහත් වීමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ වාර්ථාවෙන් ඔප්පුවූ බව මහාචාර්ය ජී එල් පීරිස් තහවුරු කළේය.
‘‘මේ ලබා දුන්න අධිකරණ තීන්දුව පිටු හතරකින් යුත් තීන්දුවක් . එහි තුන්වන පිටුවේ සෘජුවම සඳහන් වෙනවා හමුදා නීතිය පිළිබඳව. හමුදා නීතිය ගත් පියවර නිවැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නවා.’’ මහාචාර්‍ය පීරීස් පැවසුවේය.
සරත් ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටි අතුරු සහන නියොගයද ප‍්‍රතික්ෂේප කිරීම තුළින්ද ශේෂ්ඨාධිකරණය මේ සඳහා මැදිහත් නොවන බව පෙන්වා දුන් බව හෙතෙම සඳහන් කළේය.
‘‘ ඕන තරම් නඩු තියෙනවා අතුරු නියෝග ඉල්ලූවම බැලූ බැල්මට අසාධාරණයි වගේ පේනවා නම් නිදහස් කරනවා. මේ අවසුථාවේ එය ප‍්‍රතික්ෂේප කළා. ශේ‍්‍රෂ්ඨාධිකරණය මෙහිදී මැදිහත් වෙන්නේ නැහැ.’’ හෙතෙම පැවසුවේය.
ඉදිරි සති දෙක ඇතුළත ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා ගොනු කිරීම සිදු කිරීමට නියමිත බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ. එ් චෝදනා වර්ග තුනක් යටතේය.
‘‘වංචා කිරීම වංචා කිරීමට අනුබල දීම හා කුමන්ත‍්‍රණ කිරීම හයිකොප් ගණුදෙණුව යටතේත් යුධ හමුදාව තුළ අසහනයක් ඇතිකිරීමට උත්සහ දැරීම හා හමුදාවෙන් පලා ගිය අය තමන් ළඟ තබාගෙන ප‍්‍රයෝජන ගැනීම යන කරුණ තුන මීට ඇතුළත් වෙනවා. ඊට අමතරව විදේශවිනිමය පාලන පනත යටතේ ද සාමාන්‍ය නීතිය යටතේ අධිචෝදනා ගොනුකිරීමට නියමිතයි. ’’ හෙතෙම පැවසුෙවිය.
රොබට් බ්ලේක් ප‍්‍රකාශ කරන ආකාරයට සමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ලියම් ෆොක්ස් පවසන ආකාරයට නීතියේ විනිවිදභාවත් පිළිබඳව කතා කළ සිය`ථ දෙනා හට අධිකරණ නියෝගය මඟින් පිළිතුරු ලැබුණ බවත් ඇමරිකානු තානාපතිනියක වශයෙන් සේවය කළ ටෙරසිටා ෂේපර් පවසන පරිදි බටහිර රටවල් සම්පූර්ණයෙන් පිළිගත යුතුයි ශ‍්‍රී ලංකාෙවි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව. මහාචාර්ය පීරිස් පැවසුවේය.
හෙට දහවල් 12ට නාම යෝජනා පත් භාරදීම අවසන් වන අතර මෙවර මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් සිදු කිරීමට ජනාධීපත්වරයා තීරණය කර ඇති බව හෙතෙම පැවසුවේය.
‘‘අපේ රජය පාර්ලිමේන්තුව තුළ ඉක්මනින් කරන්න හදන්නේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් ඇති කීරීමටයි. නවුරුත් දන්නවා අපේ රටට ගැලපෙන ක‍්‍රමයක් නෙවෙයි මේ තියෙන්නේ කියලා. විශේෂයෙන් මනාප ක‍්‍රමය. එ් ක‍්‍රමයේ කාලෝචිත වෙනසක් ඇත් කිිරීම සඳහා ජනාධිපතිවරයා පියවර ගත්තා. මෙවර ආසන සංවිධායකවරු නැහැ. සියලූ අපේක්ෂකයන් දිස්ත‍්‍රික් සංවිධායකවරු.’’
මැතිවරණ සමයේ ඉදිරිපත් වන නොයෙක් ගැටුම් ප‍්‍රශ්ණ නිරාකරණය කර ගන්න මේ මඟින් හැකියාව ලැබෙනු ඇති බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ.
මහ මැතිවරණයේ දී සුථ ජාතික බලාපොරොත්තු
පාසලෙන් පිට වූ අප වෙනත් වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා සහභාගී වූ අවස්තාවක ලංකාව පුරා විසිරී සිටි සෑම ජන කොටසකම පුද්ගලයින් හා සම්බන්ධ වන්නට අවස්ථාව ලැබුණි. එකී අවස්ථාවේ උතුරෙහි යුද්ධයේ කුරිරු ගිනි දැල් ඇවිලෙම්න් තිබුණි.
ඔහු නම්න් මේරිය. නොසිතූ ලෙස සුඑද වූ ඔහු හා අදහස් හුවමාරු කර ගැනීමට සිදු වූයේ ඉංග‍්‍රිසි භාෂාව හා අප දන්නා දෙමළ වචනද එකට එක් කරමිනි. සෑම අවස්ථාවකදීම අප අතර වූයේ මෙම බෙදුම්වාදී අරගලය පිළීබඳවය. ඔහු දිනක් වේදනාව මුසු වූ තද ස්වරයෙන් විමසන්නේ ‘‘අපිට කියලා ඔයගොල්ලන්ගේ අය මොනවද දීලා තියෙන්නේ. ගිහින් බලන්න අපේ මිනිස්සු දුක් විදින තරම්’’. යනුවෙනි. මෙසේ ඔවුන් ඒ වෙලාවෙහි සිතීම සාධාරණීකරනය කිරීමටඅවශය නොමැති වුවද එවැනි හැගීමකට ඉඩ සැලසුවේ කවුරුන්ද යන්න සිතා ගැනීමට මධ්‍යස්තව සිතන සෑම පුද්ගලයකුටම හැකියාව ඇත.
කෙසේ වූවද එදා මෙදා තුර කාල සීමා තුළ සුථ ජන කොටස් නමින් හඳුන්වන පිරිස හට ලැබී ඇත්තේ මොනවාද නොලැබී ඇත්තේ මොනවාද ලැබිය යුත්තේ මොනවාද යන්න පිළීබඳව සිතන්නට නොව යුතුකම් ඉටුකරනන්නට මේ සැබෑ කාලයයි. ඔවුනට ලැබී ඇත්තේ ද දුක පමණක් බවයි සුප්පයියා ශම්ම්මුගවේල් පවසන්නේ.
‘‘අපට අයිතිවාසිකම් කියලා මොනවාද ලැබිලා තියෙන්නේ. ළමයින්ට ඉගෙන ගන්න ඕන පහසුකම් අද වෙනකල් අපට නැහැ. තවම කූඩාරම්වල ජීවත් වෙන අය කී දෙනෙක් ඉන්නවාද. උසස් පෙළ ගණිතය විද්‍යාව කරන අය ඉන්නවා මාස හයක් තිස්සේ මේ ළමයි ඉගෙනීමක් නැතිව ඉන්නවා. මේ අයගෙ ඉගෙනීම පමා වුණා කියලා විභාග තියන කාල සීමාව වෙනස් වෙන්නෙ නැහැනෙ.’’ ශම්මුගවේල් පැවසුවේය.
මෙහි යථාර්ථය පිළිබඳ කිසිවකුට අවබෝධ කර ගැනීමේ හැකියාවක් නොමැති බව ශම්මුගවේල් පවසයි. දමිළ යනු එක් මනුස්ස කොට්ඨාශයක් පමණි. හදවත හැඟීමි මනුෂ්‍ය අවශ්‍යතා සියල්ල මහා ජාතිය හා සමාන නම් මොවුනට අවශ්‍ය දේවල් නොලැබීමේ හේතුව කුමක් දැයි ඔවුන් නඟන ප‍්‍රශ්ණයකි.
‘‘ජනවාරි 31 දාට කළින් අපිව පදිංචි කරවනවා කීවා. නමුත් අද වෙන කල් ඒ ගැන කතාවක් නැහැ. ගිය අයට කියලත් මොනවද තියෙන්නේ. අපි දාල ආව හැමදේම අපට දැන් නැතිවෙලා. ගෙවල් වල කෑලි වාහන වල කෑලි ගලවගෙන යනවා. අපි මුල ඉඳලම ගොඩ නැගෙන්න ඕන. ඒ වෙනුවෙන් කියලා අපිට මොනවද ලැබෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.’’ හෙතෙම පැවසුවේය.
දකුණේ ගබ්බද ප‍්‍රදේශවල බහුතර පිරිස සිංහලයන්ය. මොවුන් හට දෙමළ භාෂාව කතා කරනා පිරිස ආශ‍්‍රයට ලැබෙන්නේ නැත. මේ නිසාවෙන් ඔවුනගේ සිතෙහි පවත්නා බෙදුම්වාදී හැඟීම් සමඟින් ජීවත් වේ. මන්ද දෙමළ භාෂව කතා කරනා පිරිසගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට නොමැති නිසාවෙනි. දැන් එයට කාලය උදා වී ඇත. මෙම තත්ත්වය අලනුවර ජීවත් වන දමිළ සහ සිංහල පිරිසට ගැටථවක් නොවන්නේය. මන්ද ඔවුන් එකිනෙකා උරෙන් උර ගැටී ජීවන වෘත්තියෙහි නියැලෙන නිසාය.
මෙවැනි සියථ අන්තගාමී සිතුවිල් අතුගා දැමීමට කාලය දැන් උදා වී ඇත. ඒ සඳහා සියල්ලන්ගේ උදව් උපකාරය අවශ්‍යව ඇත. මේ සඳහා හොඳ හිත පමණක් ඇති බවයි ශම්මුගවේල් සඳහන් කළාය.
‘‘අපේ පොඩි දරුවන්ට ඉන්න අමාරුයි. ටෙන්ට් ඇතුළෙ ජීවත් වෙන් අමාරුයි. තව කී කාලයක් මේදුක් විදගෙන ඉන්නද. හාල් පිටි සීනි විතරයි අපට හම්බවෙන්නේ. පොඞ් දරුවන්ට දෙන්න පිටි නැහැ. මේ කෑම්ප් එකෙන් එළියට යන්න ඕන නම් පාස් ගන්න ඕන හෙට යන්න ඕන නම් අද. අපි හිර වෙලා ජීවත් වෙන්නේ.’’ වේගනායගම් කුමාරවේල් පැවසුවේය.
ඔවුන් ජීවත් වෙන්නේ තවමත් සුබසාධන කඳවුරු තුළය. සමස්ථයක් විදියට යුද්ධයේ අවසානය පිළිබඳව සැමගේම සිත් තුළ පහන් හඟීමක් තිබුණද අනාගතය පිළිබඳව බියක් පවතින බවයි කුමාරවේල් පවසන්නේ.
‘‘අපේ ළමයින්ටත් පොලිසියට හමුදාවට බැදෙන්න ඉඩ දෙන්න. නීතිය එක විදියට ක‍්‍රියාත්ක කරන්න. අපේ භාෂාවෙන් වැඩ කරන්න අපේ අවශ්‍යතා අපි එක්ක කතා කරලා විසඳුම් දෙනවා නම් මොනතරම් හොඳද. මොකද අපි විදින දුක් වින්ද දුක් දන්නේ අපි විතරක් මිසක් වෙන අය නෙවෙයි.’’ ඔහු පැවසුවේය.
මුස්ලිම් බහුතරය හට කිසිදු ගැටථවක් නෙවන්නේ යැයි ඇතමෙක් සිතන්නට පුථවන. නමුදු ඔවුන් හටද යම් යම් ගැටථ තත්ත්වයන් උද්ගත වූයේ පාලනයේ පැවති තිබූ වැරදි නිසා බව තාහා රොක් ෆෙලර් පැවසුවේය.
‘‘1990 ඉඳලා අපි ත‍්‍රස්තවාදී කරදර වලින් දුක් වින්දා. ඇවිත් බලන්න යාපනේ මුස්ලිම් ගම්මාන දිහා. වහළ නැති හරියට බිත්ති නැති ගෙවල් තියෙන්නේ. හැමෝම ඇවිත් පොරොන්දු දීලා යනවා විතරයි කරන දෙයක් නැහැ.’’ හෙතෙම පැවසුෙවිය.
ඕනෑම රටක සුථ ජාතික අරගල පවතින්නේ ඇයි. යන්න මෙයින් පැහැදිලි කර ගත හැකිය. සියථ අයිතින් සම සේ බෙදා දීමට රටක පාලන පක්ෂයට හැකි විය යුතුය. එසේත් නැතිනම් කිසිවකුගේ මැදිහත් වීමකින් තොරව සියල්ල ලබා දිය යුතු බවයි රොක්ෆෙලර් පවසන්නේ.
එක්කාසු කිරීමේ කලාව විශ්ව ප‍්‍රකාශන මාධ්‍යක්
කලා කෙත අස්වද්දන්නට සොදුරු නිර්මාණකරුවන් අවැසිය. කලා ලෝකයේ නිරිමාණ වපසරිය පුථල් කිරීමට කලාකරුවාගේ වගකීම වන්නෙ පෙර නොවු වීරූ නිරිමාණ බිහිකිරීමයි. ලෝකය වඩාත් සුන්දර තැනක් වන්නෙත් සුන්දරත්වය විදින්නට ඉඩ හසර සොයා දෙන්නෙත් මේ නව කලා නිරිමාණයන් බව අරුමයක් නොවේ.
ඉවතලන පරණ යකඩ කෑලී කිහිපයක එකතුවකින් කිසිදා නොකී කතාවක් කියන්නට හැකි වන්නෙ නම් එය අපූරු කලාවක් වනු ඇත. සමාජය ගැන ලෝකය ගැන අථත් විදිහට කතා කිරීමට වෙර දරණ ප‍්‍රගීත් මනෝහන්ස නම් තරුණ මූර්ති ශිල්පියා කලා ලෝකයේ නව මානයක් සොයා යන්නෙකි. එක්කාසු කිරීමේ කලාව නව මුහුණුවරකින් ලෝකයා වෙත ඉදිරිපත් කරන්නට ඔහු සමත් වී තිබේ.
‘‘පොඩි කාලෙදී මට පිකාසෝගේ බයිසිකල් හැඩලය කියන කලා කෘතියට අවධානය යොමු වුණා. ඒ අනුව තමයි මට මේ එක්කාසු කිරීමේ කලාවට හිත ගියෙ. විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ විධිමත් අකාරයට මේ පිළිබඳ හැදැරීම් සිදුකලා.’’ ප‍්‍රගීත් පැවසුවේය. ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ වැඩි දුර අධ්‍යාපනය හැදෑරූවෙකි.
‘‘මූර්ති ශිල්පය ගසක් නම් එක්කාසු කිරීමේ කලාව එම ගසේ අත්තක් වගේ. එක්කාසු කිරීමේ කලාව කෙටි කාල සීමාවකින් අවශ්‍ය කරන අදහස ප‍්‍රකාශ කරීමේ සරල ක‍්‍රමයක් ලෙසයි මා දක්න්නේ.’’ එක්කාසු කිරීමේ නිර්මාණ භාවිතාව පිළිබඳ ප‍්‍රගීත් එසේ පූර්විකා සපයයි.
එක්කාසු කිරීමේ කලාවේ කලා කෘතීන් නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය සපයා ගැනීමට ප‍්‍රගීත්ට පරණ යකඩ බඩු කඩ වලත් ගරාජ් වලටත් යාමට සිදුව තිබේ. ඉන් එකතු කර ගන්නා මළ බැදී ගෙවී ගිය වානේ කොටස් යළි පන්නරය ලබා ජීවයක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය.
‘‘මා යොදා ගන්නේ භාවිතා කොට අහක යන දේවල්. මේ සමහර අමු ද්‍රව්‍ය වලට ස්ථිර පැවැත්මක් තියෙනවා. සමහර අමු ද්‍රව්‍ය ඉක්මනින් විනාශ වෙනවා.’’
ප‍්‍රගීත් විසින් ජීවය ලබා දෙන එක්කාසු කිරීමේ කලා කෘතීන්හි ප‍්‍රධාන තේමාව වී ඇත්තෙ සමාජ අසාධාරණයට පත්වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ නිහඩ පිළිබිඹුවයි. සිය නිර්මාණයන් තුළින් කම්කරුවන්ගේ ජීවිත සටන පිළිබද කතා කරීමට වැඩි ඉඩක් වෙන් කරන බව ප‍්‍රගීත් පැවසුවේය. මෙය සංකේතවත් කිරීමට ගෙවී ගිය සවල් උදලූ තල විල්බැරුක්ක බැරල් වැනි දෑ සිය නිර්මාණ අමු ද්‍රව්‍ය ලෙස භාවිතා කරන බව ප‍්‍රගීත් සඳහන් කළේය.
‘‘දුක් විදින මිනිසුන් සංකේතවත් කරන්නේ මේ වගේ දේවල් තුළින්. ගෙවී ගිය සවලක උදලූ තලයක කම්කරුවාගේ ජීවිත කතාව ලියැවිලා තියෙනවා.’’ සිය නිර්මාණ උදාහරණයට දෙමින් ඔහු පැවසුවේය.
‘‘ගෙවී ගිය සවල් රැසක් එකු කොට ගෙන මම නිර්මාණයක් සිදු කළා. මේ තුළින් මම කතා කරන්නට උත්සාහ කරන්නේ කම්කරුවන් පිළිබඳයි. මෙහිදී එය සංතේකවත් කිරීමට මා යොදා ගත්තේ සවල්. සවල කියන දේ කිසියම් බලයකට යටත් වෙලා තියෙන දෙයක්. මේ නිර්මාණයෙන් මා පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ බලයකට යටත් වෙලා තියෙන තාක් කම්කරුවාගේ ජීවිත වලට නිදහසක් නැහැ කියන දේත් ඔවුන් මේ බලයෙන් පාලනයෙන් මුදා හැරි පසු ඔවුන් විදින නිදහසත් යන කාරණා.’’ ප‍්‍රගීත් පැවසුවේය. එක්කාසු කිරීමේ කලාව සංකේතාත්මක භාෂාවක් වන්නේ මේ නිසා බව ප‍්‍රගීත්ගේ අදහසයි.
අමු ද්‍රව්‍ය පමණක් තිබූ පමණින් නිර්මානයක් බිහි නොවන බව ප‍්‍රගීත් පවසන්නේය. ඒ සඳහා නිරිමාණාත්මක චින්තනයක් නිර්මාණකරුවාට තිබිය යුතු බව ඔහුගේ අදහසයි.
‘‘මා තුළ මිනිසුන් දෙදෙනෙක් ජීවත් වෙනවා. බාහිරින් පෙනෙන පුද්ගලයා සහ ඇතුළාන්තයේ සිට මා හසුරුවන පුද්ගලයාත් දෙදෙනෙක්. මේ සියථ නිර්මාණයන් මා තුළින් පෝෂණය වන්නෙ මේ ඇතුළාන්තයේ ජීවත් වන පුද්ගලයාට අනුවයි. යකඩ කෑලි කිහිපයකින් ප‍්‍රකාශන මාධ්‍යක් බිහි කරන්න බැහැ. මෙවැනි කලා කෘතියක් බිහි කරන්නට කලාකරුවා තුළ මානව හැසිරීම් පිළිබඳ අවධානය විවිධ සංස්කෘතීන් පිළිබඳ ඇති අවබෝධය ඉතා වැදගත්. මේ දෙවල් අනුසාරයෙන් හැඩගැසෙන නිර්මාණාත්මක චින්තනය සාර්ථක කගා කෘති බිහිවීම කෙරේ බලපානවා.’’
ප‍්‍රගීත් ප‍්‍රකාශ කරන අකාරයට එක්කාසු කිරීමේ කලාව විශ්ව ප‍්‍රකාශන මාධ්‍යකි. මේ කලා කෘතීන් මගින් ප‍්‍රකාශ කරන අදහස එක් රටකට එක් ජාතියකට හෝ සංස්කෘතියකට සීමා නොවේ. මේ නිසා ජාති ආගම් බේදයකින් තොරව රසවින්දනයේ යෙදෙන්නට රසිකයන්ට හැකි බව ප‍්‍රගීත් පෙන්වා දෙයි.
මේ වන විට ප‍්‍රගීත් තමන් විසින් නිරිමාණය කළ කලා කෘතීන් එක් රැස් කොට
ප‍්‍රදර්ශණ කිහිපයක්ද පවත්වා තිබේ.
‘‘මේ ප‍්‍රදර්ශණ වලට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම මේ පිළිබඳ අවධානයක් තියෙන රසිකයන් අපට සිටිනවා. එහෙත් එය පැතිරිලා ගිහින් නැහැ. ඇත්තටම අපේ රටේ වගකිව යුත්තන් මේ වගේ විෂයන් පිළිබඳ අවධානයක් යොමු කොට නැහැ.’’ ඔහු මාලදිවයිනේද සිය කලා කෘති ප‍්‍රදර්ශණයක් පවත්වා තිබේ.
ප‍්‍රගීත් පවසන ආකාරයට එක්කාසු කිරීමේ කලාවට වැඩි අවධානයක් ඇත්තේ යුරෝපීය රටවලිනි. මුර්ති කලාව මේ රටවලට ආගන්තුක නොවීම මෙයට හේතු වී ඇතැයි ප‍්‍රගීත්ගේ අදහසයි.
‘‘ලංකාවේ සිට පමණක් මේ එක්කාසු කිරීමේ කලාවට වැදගත් ස්ථානයක් ලබා දෙන්න බැහැ. ඒ නිසා මම තේරුම් ගත්තා මගේ නිරිමාණ යුරෝපීය රටවලට ගෙන යන්න. ඉදිරියේදී මා ඒ සඳහා කි‍්‍රයාත්මක වෙනවා.’’ ප‍්‍රගීත් පැවසුවේය. මේ සඳහා නිර්මාණය කරන කලා කෘතීන් දේශිය උාරුවකින් ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ප‍්‍රගීත් සඳහන් කළේය.












