ප‍්‍රචණ්ඩක‍්‍රියා අඩුවේ. පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් වැඩි වේ

April 1, 2010 by Editor  
Filed under Featured, Stories

පසුගිය මැතිවරණය හා සසඳා බලන විට මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ ප‍්‍රචණඩක‍්‍රියා වැඩිවශයෙන් වාර්තා වන්නේ එකම පක්ෂය ඇතුළත සිදුවන සිදුවීම් තුළින් බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන සඳහන් කරයි.

මෙවර විෙශ්ෂ සිදුවීම කියන්නේ එකම පක්ෂ ඇතුලේ සිදුවන ගැටුම් වැඩිවෙලා තියෙනවා. මේ වෙද්දී සමස්ථ සිද්ධීන් 277 ක් වාර්තාවෙලා තියෙනවා.මේ සිද්ධි වලින් වැඩිවශයෙන් චොදනා එල්ල වෙලා තියෙන්නේ එක්සත් ජනතා නිසහස් සන්ධානයට. මෙම පක්ෂයට විරුද්ධව බරපතල චෝදනා 106 ක් වාර්තා වෙලා තියෙනවා.  මැතිවරණ නිරීක්ෂන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී එම් දිසානායක පැවසුවේය.

පසුගිය මැතිවරනය හා සසඳන විය මෙවර ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂන මධ්‍යස්තානය ප‍්‍රකාශ කරන්නේ.මෙවර දිදුවීම් 277න් සිදුවීම් 40ක්  තුළ ගිනි අවි භාවිතා වී ඇති බවත් පොදු දේපළ අයතා පරිහරණය ඉහළ ගොස් ඇති බවයි නිරීක්ෂණ මධ්‍යස්තානය සඳහන්  කරන්නේ.

පොදු දේපළ අයතා ලෙස පරිහරණය කිරීම් 44 ක් වාර්ථාවෙනවා. ප‍්‍රාදේශීය  සභා  දේපළ පරිහරණය කිරීම්  ප‍්‍රාදේශිය සභා සේවකයින් මෙන් වාහන භාවිතයට ගත් අවස්ථා වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙනි. එ ලංකා කම්කරු කොන්ග‍්‍රසය විසින් සිදු කළ ක‍්‍රියාවන්. පැමිණිලි 21 මේවන විට ලැබිලි තියෙනවා. බවයි  දිසානායක සඳහන් කරන්නේ.

බරපතල සිදුවීම් 161 ක් පහරදීම් 56 රාජ්‍ය දේපළ අයතා පරිහණය පිළිබඳව පැමිණිලි 44 බියගැන්වීම් 25 දේපලහානි 10ක්  බරපතල තුවාල 09  ගිනිතැබීම් 08ක් සොරකම් කිරීම් දෙකක් සහ සාමාන්‍ය තුවාල කිරීම් 07ක් සමස්තයක් වශයෙන්  මේ වන විට නිරීක්ෂණ මධ්‍යෂ්ථනය වෙත ලැබී ඇති බවයි  දිසානායක සඳහන් කරන්නේ.

පසුගිය දින තුන ඇතුළත සිය මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වර්ධනය ඉහළ ගොස් ඇති බවත් ඉදිරි දින කිහිපය ඇතුළතදී මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවයි  දිසානායක සඳහන් කරන්නේ.

නිදහස් සාධාරන මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තුළින් මැතිවරණ ප‍්‍රඡුණ්ඩ ක‍්‍රිවා වර්ධනය වන බවයි.

එකම පක්ෂයේ අය අතර මනාප තරඟය නිසා මේ වතාවේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් වරධනය වෙලා තියෙනවා. පොළොන්නරුව අනුරාධපුරය හම්බන්තොට මහනුවර දිස්ත‍්‍රක්ක වල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩි වශයෙන් වාර්තා වෙනවා. උතුරු ප‍්‍රදේශවල මන්නාරමේන් ප‍්‍රචණ්ඩක‍්‍රියා වාර්තා වෙනවා. තෙන්නකෝන් පැවසුවේය.

මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රියා හමුවේ නීතියේ දුර්වලකමක් බවතින බවයි තෙන්නකෝන් පවසන්නේ.

මැතිවරණ සැරසිලි පොස්ටර් ඉවත් කරන්න කියලා තියෙන කාලසීමාව  ලබන 5 වෙනිදා වෙනකල් කල් දාලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් මේ කරන දෙයින් මැතිවරණ දෙපාර්කුමේන්තුවම විහිථවට ලක් වෙලා. ජන්දෙන් පස්සේ පොස්ටර් ඉවත් කළාට වැඩක් වෙන්නේ නැහැ. තෙන්නකෝන පැවසුවේය.

එමෙන්ම අංක කහඩු නොමැති වාහන පිළිබඳ කිසිදු  කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණ නීරීක්ෂණ මධ්‍යස්තානය පෙන්වා දෙන්නේ ද නීතියේ අඩුපාඩු පවතින බවයි. එකම පක්ෂයේ සිදුවන සිදුවීම් වලදී පොලිසියට යන පාර්ශව කරුවන් සාමාදාන කර ආපසු යවන බවත් එම සිදුවීම් සාමාන්‍ය ආරවුල් ලෙස සලකා කටයුතු කරන බවත් විපක්ෂයෙන් ලැබෙන චොදනා විබාගයකින් තොරව අතහැර දමන බවත් වාර්තා වී ඇත් බවත් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්තානය සඳහන් කළේය.

මේ සියල්ල හමුවේ පෙනී යන්නේ සියථ වගකීම් හමුවේ නීතියේ නිද්‍රාශීලී පිළිවෙතය. නීතිය නිසි අයුරින් කියාත්මක වූයේ නම් මැතිවරණ සමයේ සිදුවන මෙවැනි සිදු විම් අවම කර ගැනීමේ හැකියාවක්  නොමැත්තේද.

  • Share/Bookmark

තල් අරඹේ මෙත් සිසිල – කන්දරෝඩෙයි විහාරය

April 1, 2010 by Editor  
Filed under Featured, Stories

උදෑසන වුවද තල් අරඹ හිරු රැසින් දැවේ. ඇස් කකියවන තරමට හිරු සිය අණසක පතුරවමින් සිටී. අප යාපනයෙන් කන්කසන්තුරෙයි මාර්ගයට පිවිසියෙමු. ඒ අපගේ යාල්පානමේ ගමන් සගයා  වු මහින්දගේ මග පෙන්වීම යටතේය. මේ යන්නේ තල් අරඹේ මෙත් සිසිල සොයා ගෙනය. අපගේ ගමනාන්තය වූයේ කන්දෙරෝඩෙයි පුරාණ බෞද්ධ විහාරයේ නටබුන් ප‍්‍රදේශයයි.

‘‘චුන්කාමම් හන්දියෙන් වටම හැරෙන්න  ඕන.’’ මහින්ද පැවසුවේය. වමට හැරුණු අපට දකින්ට ලැබුණේ අපූරු දර්ශනයකි. ඉදිරියෙන් වූයේ දෙමළ තරුණයෙකු කටු ගසා කොකු වලින් එල්ලාගෙන ට‍්‍රැක්ටරයකි. එය මලින් කෙසෙල් ගස් වලින් සරසා තිබේ. අපගේ සිතේ වූයේ චකිතයකි. සමට කටු ගසා මේ තරුණයා ගාණක් නැතුව යන්නේ කෙසේද.

‘‘අද මෙහෙ කෝවිල් වල පූජා තියෙන දවසක්. කටු ගැහුවට රිදෙන්නෙ නැහැ. ඒක දේව අනුහස’’ මහින්ද පැවසුවේය. මේ දේව  පූජාවට විශෙෂිත ලෙස පුහුණුව ලැබූ තරුණයෝ සිටින බව මහින්ද පැවසූවේය. කෙසේ වුවද ගිනියම් මාවතේ මේ දසුන අපේ සිත් වලට නිසැක අපූර්වත්වයක් ගෙන දුන්නේය. වර්ණවත් වස්ත‍්‍රාභරණයෙන් සැරසුණ සුන්දර දෙමළ යුවතියෝ සොදුරු සිනහා නගමින් මේ රිය පිටුපසින් එති.

තල් අරඹේ සැගවුණු අතීත ශ‍්‍රී විභූතිය දකින්නට අප ඒ බිමෙහි ඇවිද ගියෙමු. අප සේම ඒ දකුණෙන් පැමිණි බොහෝ පිරිසක් කන්දෙරොඩෙයි හෙවත් කදුරුගොඩ විහාරය නරඹමින් සිටියහ. ඉතා කුඩා ප‍්‍රමාණයේ දාගැබ් විස්සක් පමණ මේ වන විට මේ විහාර භූමියේ පාදා ගෙන තිබේ. තැනින් තැන නටබුන් වූ  චෛත්‍යයේ පාදම් දක්නට ලැබේ. පසුගිය යුධ සමයේ මෙම විහාර භූමියේ බොහෝ පුරා වස්තූන් විනාශ වී තිබේ. පුරාවි්‍යත්මක වැඩ බිමක් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රදේශය තුළ තවමත් විධිමත් අකාරයේ පරීක්ෂණ සිදු වී ඇති නොමැත.

මෙම ස්ථානය ප‍්‍රථමයෙන් සොයා ගනු ලැබුයේ 1917 දී එවකට යාපනය දිසා විනිසුරුව සිටි ආචාර්ය පෝල් ඊ පීරිස් විසිනි. ඉන් අනතුරුව  1917-1919 යන කාළය තුළ කැණීම් සිදු කොට තිබේ. ඉන් සොයා ගත් බුදු පිළිම වර්ණාලේපිත උථ කැබලි හා කැටයම් වැනි දෑ අනුරාධපුර හා පොළොන්නරු යුග වලට අයත් වන අතර මේ වන විට යාපනය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශණයට තබා තිබේ. මෙම නිර්මාණ පැරකුම්බා මල්ල ලීලාවතී සහ බුවනෙකබා යන යුග වලට අයත් වේ. මහනුවර යුගවලට ලියැවුණ විහාර අස්නෙහි මෙම විහාරය කදුරුගොඩ විහාරය ලෙසද නම් කර තිබේ.

පසුකාලීනව ද්‍රවිඩ පාලකයන් විසින් කරන ලද අකටයුතුකම් හේතුවෙන් මෙම විහාරය විනාශය කරා යොමු වේ.  පුංකුඩුතිව් හී වැඩ විසූ භික්ෂුන්වහන්සේලා හැට නමක් අපවත්වු බවත් ඉන් පසුව උන්වහන්සේලාගේ භෂ්මාවශෙෂ තැන්පත්කොට මෙම ස්ථානයේ දාගැබ් 60ක් කරවූ පැරණි පොත පතෙහි සදහන් වෙයි. බුදුන්වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේ මෙම ස්ථානයටද වැඩම කොට විවේකී සුවයෙන් සිටි බව ජනප‍්‍රවාදයේ සදහන් වෙයි.

‘‘අනූ හයේ අනූ හතේ අපි මෙතනට එන කොට මේවා ජරාවාස වෙලා තිබුණේ. එල් ටී ටී ඊ එකේ සාමාජිකයෝ මෙතැන ඔවුන්ගේ වැසිකිළි බවට පත් කර ගෙනයි තිබුණේ. ඊට පස්සෙ අපි මේ ප‍්‍රදේශයේ බලය අල්ලා ගත්තා. මෙතනදී අපේ සෙබථ දෙදෙනෙක් මිය ගියා. පස්සෙ අපි මේ චෛත්‍ය පාදාගෙන පොල් ලෙලි වලින් මැදලා සුද්ද කරලා තමයි මේ තත්ත්වයට ගෙන ආවේ. ඒ දවස් වල හාමුදුරුනමක් වත් හිටියේ නැහැ.’’ කදුරුගොඩ විහාරය අසළ  සේවයේ යෙදෙන ආරක්ෂක සෙබළ කෝප‍්‍රල් දයානන්ද පැවසුවේය.

කදුරුගොඩ විහාර භූමිය මේ වන විට ඉතා කුඩා භූමි බාගයක පැතිර තිබේ. අතීතයේ විහාර භූමියට අක්කර විශාල ප‍්‍රමාණයක භූමි බාගයක් අයත්ව තිබු බව ඉතිහාසයේ සදහන් වේ. මේ වන විට තාවකාලික විහාර ගෙයක් සහ බුදුමැදුරක් සාදා ගෙන වතාවත් කිරීමට කදුරුගොඩ විහාරයේ විහාරාධිපති හිමියන්ට සිදුව තිබේ.

‘‘මම යාපනනේට ආවේ මූර්ති අඹන්න හිතාගෙන. ඒ ආපු ගමන් තමයි කදුරුගොඩ විහාරයට එකතු වුණේ. දැන් ඉතින් මම මේ පන්සලේම ඉන්නවා. ආපහු යන්න කල්පනාවක් නැහැ.’’ කදුරුගොඩ විහාරයේ වර්තමාන විහාරාධිපති පොළොන්නරුවේ සුමන  හිමියෝ පැවසූහ.

‘‘මේ වන විට දකුණෙන් ගොඩක් සාමාන්‍ය ජනතාව මේ විහාරයට යන්න එන්න පටන් අරගෙන. පුරා වි්‍යාත්මක වශයෙන් මේ විහාරය ඉතා වැදගත් එකක්. ඒ නිසා මේ විහාරය දියුණු මට්ටමකට ගෙන ඒම වැදගත්’’ සුමන හිමියෝ ප‍්‍රකාශ කළහ.

  • Share/Bookmark

ෆොන්සේකා ලෙඩ වෙලා

March 25, 2010 by Editor  
Filed under Featured, Stories


අත්අඩංගුවේ පසුවන ජනරාල් සරත් ෆොන්සේකා මේ වන විට රොගීවීමේ මූලික ලක්ෂණ පහළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ෆොන්සේකා රොගීවෙමින් සිටන බව අනෝමා ෆොන්සේකා විසින් දැනුම්දී තිබෙන බවද කොළඹ පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ මූලස්ථානයේදී මාර්තු 25 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී දිසානායක කීවේය.

‘‘ඊයේ (මාර්තු 24)වැනිදා සුපුරුදු පරිදි අනෝමා ෆොන්සේකා විසින් ජෙනරාල්වරයාගේ කෑමත් රැුගෙන ඔහු බැලීමට ගිය. ඒ අවස්ථාවේදී ජෙනරාල්වරයාට කැස්සක් ඇතිවී තිබෙන ආකරය දකින්න ලැබී තිබෙනවා. ඒ වගේම ඔහුට උස්ම ගැනීමේ අපහසුවක්ද ඇතිව තිබෙනවා.’’ දිසානායක කීවේය.

යුද හමුදාපතිවරයාව සිටියදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ෆොන්සේකාගේ පෙනහළුවලට හානි සිදුව තිබෙන අතර මේ නිසා ඔහු තවමත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින බවද මන්ත‍්‍රීවරයා කීවේය. ෆොන්සේකා රෝගී තත්වයේ සිටියදීත් ඔහු රදවා තිබෙන්නේ වාතය නොලැබෙන ආකාරයේ කුටියක වන බවද හෙතෙම චෝදනා කළේය.

‘‘දැන්වත් ඔහු රදවා සිටින ස්ථානය වෙනස් කරන්න. කරුණාකර වාතාශ‍්‍රය ලැබෙන ස්ථානයක් ඔහුට ලබාදෙන්න. නැතිනම් මේ රෝගී තත්වය තවදුරටත් වැඩිවිය හැකියි.’’ මන්ත‍්‍රීවරයා කීවේය.

ෆොන්සේකා බැලීමට ඔහුගේ ළගම ඥාතීන්ට අධිකරණය විසින් අවසර ලබාදී ඇතත් ඒ සදහා තවතමත් රජය විසින් අවස්ථාවක් ලබාදී නැතැයිද ඔහු පැවසුවේය. ෆොන්සේකාගේ ළගම ඥාතීන්ගේ නාම ලේඛනයක් මේ වන විට අදාල අංශ වෙත භාරදී තිබෙන බවද ඔහු පැවසුවේය. එහෙත් තවමත් ෆොන්සේකා බැලීමට අවසර ඇත්තේ ඔහුගේ බිරිදට පමණක් වන බවද දිසානායක මන්ත‍්‍රීවරයා කීය.

‘‘ආණ්ඩවු අනික් ඥාතීන්ට අවසර ලබාදෙන්නේ නැත්තේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කීරීම සදහායි.’’ දිසානායක සදහන් කළේය.

පසුගිය දින කීපයේදී රහස් පොලිසියවිසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්ණ කරමින් සිටින බවද ඔහු කීවේය. මීට දින හතරකට පෙර පිරිමි කිසිවෙක් නැති නිවසක ජීවත්වන අනෝමා ෆොන්සේකාගේ නිවසට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන් සවස හතරේ සිට පසුදා අළුයම හතර දක්වා ප‍්‍රශ්ණ කළ බවද ඔහු පැවසුවේය. ඊට අමතරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්ගෙන් සභාපති ටිරාන් අලස්ගෙන් හා තමාගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්ණ කර තිබෙන බවද ඔහු කීවේය.

‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වෙලා තියෙන්නේ. කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුව සමග හැප්පෙන්න පුලූවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට පමණක් බව පැහැදිලි වෙලා තියෙනවා. මේ නිසා තමයි දිගින් දිගටම ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ට හිරිහැර කරන්නේ.’’ දිසානායක කීවේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් පිටුපස පැන්නීම සදහා පිට පළාත්වල සිටින රහස් පොලීසියේ නිලධාරීන් කොළඹට කැදවා තිබෙන බවද දිසානායක කීය. රහස් පොලීසිය තමාගෙන් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් පිළිබදවත් ජනාධිපතිවරණයේදී ඒ ඒ සංවිධානයකයින් පත්කළ ආකාරය පිළිබදවත් ප‍්‍රශ්ණ කළේයැයි ඔහු සදහන් කළේය.

‘‘රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් පිලිබද ඔවුන් විසින්ම තිර පිටපත ලියා තිබෙනවා. ඔවුන් විසින්ම අපව එහි චරිත වලට පණ පොවා තිබෙනවා. ඔවුන් විසින්ම මේ සදහා නමක් දාලා තිබෙනවා. ඔවුන්ගේම රහස් පොලීසිය පැමිණ ප‍්‍රශ්ණ කරනවා. මේවා මහා විකාර නාඩගමක් බවට පත්ව තිබෙනවා.’’ දිසානායක කීවේය.

තමන් පක්ෂයක් ලෙස මෙවර මහ මැතිවණයට ඉදිරිපත් වන විට ආණ්ඩුව රජයක් වශයෙන් සම්පුර්ණ රාජ්‍ය යාන්ත‍්‍රණය යොදා මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේයැයිද ඔහු චෝදනා කළේය. ආණ්ඩුවේ රූපවාහිනිය ගුවන් විදුලිය එක් ආකාරයකට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සදහා සහාය දක්වන විට ආර්ක්ෂක ලේකම්වරයා තවත් අකාරකයටක සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වන බවද කීවේය.

  • Share/Bookmark

මැතිවරණය ළං වන විට මැරුණ කොටියාගේ හමට තලනවා – ජෙ.වි. පෙ

March 23, 2010 by Editor  
Filed under Featured, Stories


ජෙනරාල්ට සහය දෙන පක්ෂවල පිරිස් මර්ධනය කිරීමේ වැඩ සටහනක් ආණ්ඩුව සිදු කරමින් යන බව ප‍්‍රජාතත්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත් පවසන්නේය.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අනෝමා ෆොන්සේකාගෙන් සහ අනුර දිසානයක යන මන්ත‍්‍රීවරුන්ගෙන පැය එකහමාරකය අධික කාලයක් ප‍්‍රශ්ණ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ඊයේ දිනයේ ජෙනරාල්වරයාට ආහාර රැගෙන ගිය ජෙනරාල්වරයාගේ ඥතිවරයාව ඇතුළට නොඟැනීමත් ආහාර පාර්සලය බාර නොගැනීමෙනුත් පෙනී යන්නේ ජෙනරාල්වරයා නොමරා මරන්න උත්සහ දරන බවක් යැයි මහලේකම් වරයා සඳහන් කළේය.

ආණ්ඩුව දිගින් දිගයට ඉල්ලා සිටි තුනෙන් දෙකේ බලය වෙනුවට දැන් නිකම්ම නිකම් බලයක් පමණක් බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

ආසියාවේ ඓශ්චර්ය බවට ශ‍්‍රී ලංකාව පත් කරන්නට උත්සහ දරණ ආණ්ඩු පක්ෂය මේ වන විටද එය සිදු කර හමාර බව පවසන මහලේකම් වරයා සඳහන් කරන්නේ ලෝකයේ විශාලම කැබිනට් මණ්ඩලය පවතින රට නිසා මේ වන විටද ඓශ්චර්යමත් රටක් බවට පත්වී හමාර බවය.

දිගිනි දිගටම අදහස් දැක් වු හේරත් මහලේකම් වරයා සදහන් කරන්නේ ආණ්ඩුව මැතිවරණය ළං වන විට  මැරුණ කොටියාගේ හමට තලන බවයි.

අයාලයේ යන ඇමති වරුන් මර්ධනය සඳහා කි‍්‍රයාක්මක අයාල අඥ පනත තවමත් ක‍්‍රියාත්මක බැවින් මෙම පනත යටතේ දඩුවම් ලැබිය යුතු බව මහාල්කම් වරයා සඳහන් කරන්නේ ඊයේ දිනයේ සිරස මාධ්‍යජාලයට එල්ලවූ ප‍්‍රහාරය පිළිබඳව සඳහන් කරමිනි.

  • Share/Bookmark

ඩෙංගු ඉහළ යාම කෙරේ සෞඛ්‍ය අංශය වග කිව යුතුයි

March 22, 2010 by Editor  
Filed under Featured, Stories

ඩෙංගු රෝගය නැවතත් සීග‍්‍රයෙන් ඉහළ යාම කෙරේ සෞඛ්‍ය අංශයන් සෘජු ලෙසම වගකිව යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කර සිටියි. පසුගිය මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් දස දහසක් වාර්තා වී ඇති අතර මේ වන විට රෝගීන් 63 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය වසංගත රෝග ඵීද්‍යා අංශය අනාවරණය කර තිබේ.

‘‘මේ අකාරයෙන් ඩෙංගු රෝගීන් ඉහළ යාම කෙරේ බලපාන ප‍්‍රධාන සාධකය තමයි සෞඛ්‍ය අංශ නිසි අකාරයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක නොකිරීම. මින් පෙර ඩෙංගු රෝගීන් ඉහළ ගිය අවස්ථාවේදී සෞඛ්‍ය අංශ
ක‍්‍රියාත්මක කළ වැඩසටහන දිගින් දිගටම ක‍්‍රියාත්මක වුණා නම් මේ තත්ත්වය පාලනය කිරීමට තිබුණා’’ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් සාලිය චන්ද්‍රකුමාර පැවසුවේය.

2007 අංක 11 යන මදුරුවන් බෝවීමේ වැළැක්වීමේ පනත ඉදිරිපත් වුණද එය 2009 ජූනී වෙනතුරුත් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය. එම පනතේ සදොස් තැන් බොහොමයක් පවතින බව සදහන් කරන ලේකම්වරයා එම සදොස් කිහිපය නිවැරදි කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නේ නම් මේ පනත වඩා ඵලදායී එකක් වනු ඇතැයි සදහන් කළේය.

ඔහු පවසන අකාරයට ඩෙංගු රෝගය ප‍්‍රජාවගෙන් තුරන් කිරීමට වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසිනි. එහෙත් ලංකාවේ මෙවැනි බෝවන රෝග පාලනයට ප‍්‍රමාණවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැති වීමද ඩෙංගු වැනි බෝ වන රෝග පාලනයකින් තොරව වර්ධනයට හේතු වී තිබේ. ඉදිරි කාළය මෝසම් වැසි කාලය තුළදී ඩෙංගු රෝගය ඉහළ යාමට හැකි බැවින් ඊට එරෙහිව විධිමත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතුව ඇත.

‘‘මැතිවරණ කටයුතු නිසා ඩෙංගු රෝගයට නිශ්චිත අවධානයක් යොමු වෙලා නැහැ.’’ සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය පැවසුවේය.

මේ වන විට ලංකාව පුරාම නැවතත් ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් තිබේ. පසුගිය කාල වකවානුවේ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වූයේ යාපනය ප‍්‍රදේශය වන අතර මේ වන විට ඒ තත්ත්වය පාලනය වී ඇති බව වසංගත රෝග ඵීද්‍යා අංශය පෙන්වා දෙයි. ඩෙංගු රෝගය පැතිරයාම වළක්වා ගැනීමට නම් මහජනතාවගේ දැඩි කැප වීම තව දුරටත් අවශ්‍ය බව වසංගත රෝග ඵීද්‍යා අංශය සදහන් කරයි.

  • Share/Bookmark

Has the UNP abandoned Fonseka?

March 19, 2010 by Editor  
Filed under Stories, memories

An early victim the fighting for parliamentary seats appears to be the movment to secure the release of former Army Commander Retired General Sarath Fonseka from military custody.

The arrest of Common Presidential Candidate, General Fonseka on February 8 initially brought about a massive agitation campaign calling for his release by a broad coalition of opposition political parties.

A protest rally was held at Hyde Park, another was held outside the Supreme Court Complex and members of the broad opposition commenced island wide agitation campaigns.

The broad opposition alliance included the main opposition UNP, JVP, SLMC, DPF, SLFP (M) Wing and many other recognized opposition parties.

General Fonseka’s agitation campaign has now become limited to the JVP and several parties that have pledged allegiance to the newly formed opposition alliance under the General’s leadership, the DNA.

The first sign of the UNP moving out of the campaign was witnessed when the JVP organized a protest march and rally at Lipton Circus in February, soon after that the UNP decided to contest the general election separately under the elephant symbol.

The split in the broad opposition alliance has now resulted in the UNP distancing itself from General Fonseka’s agitation campaign. The UNPers are even conspicuous in their absence when the cases filed by General Fonseka are taken before the Supreme Court.

General Fonseka’s agitation campaign is now completely handled by the JVP. The DNA’s general election campaign led by the JVP in the absence of General Fonseka has added the agitation campaign in to the election campaign.

The party has focused on the need to get General Fonseka released from military custody along with the slogan of fighting to protect democracy.

Given that General Fonseka is heading a separate campaign for the general election, the UNP led opposition alliance, UNF, is unable to join in the agitation campaign as it would in some way promote the DNA election campaign.

DNA front liner and JVP parliamentarian Anura Kumara Dissanayake said they would continue to agitate for General Fonseka’s release with all the progressive forces committed to safeguarding democracy in the country.

Dissanayake eyed with disappointment the UNP’s decision to contest the general election separately under the elephant symbol, saying it is time to act on the national interest rather than for petty political gains.

However, UNP General Secretary Tissa Attanayake said the UNF had not abandoned General Fonseka in any way.

He noted that although the party along with the UNF had not been on the streets agitating for the General’s release, they have been working on getting him released. “The Opposition Leader met with the President to request for General Fonseka’s release and we have also raised the issue with the diplomatic community in the country in order to highlight the matter internationally,” he said.

Attanayake also said the UNP was committed to get General Fonseka released from military custody and has therefore included in the UNF’s general election manifesto.

General Fonseka is now being tried before a court martial on several charges against the Army Act.

By Mandana Ismail Abeywickrema

  • Share/Bookmark

එකෝන් නාඩගම අපට එපා – ෆේස්බුක් කණ්ඩායම

March 18, 2010 by Editor  
Filed under Featured, Stories

එකෝන් තියම්ප් නැමැති බටහිර ගායකයා ලංකාවට පැමිණිමට විරෝධය දැක්වීම සඳහා මේ වන විට අන්තර්ජාලයේ ෆේස්බුක් පිටුවක් වෙන්වී ඇත. මේ සඳහා හේතුව වී ඇත්තේ ඒකෝන් විසින් බුදු දහමට නිගා වන පරිදි සිය ගීත සදහා රෑප රචනා සිදු කොට තිබීමයි. ඔහුගේ sexy bitch  නම් ගීතය වෙනුවෙන් බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිරියේ රගන අඩනිරුවතින් කතුනගේ දර්ශන කිහිපයක් ඇතුළත් කොට තිබීමය.

ඒකෝන්ගේ මෙම ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 24 දින කොළඹ ඒස් එස් සී අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට යර්ස් එෆ් එම් ආයතනය කටයුතු යොදා තිබේ.

‘‘ ලංකාව බෞද්ධයන්ගේ රටක් ප‍්‍රසිද්ධියේ බුදු දහමට නිගා වන මෙවැනි පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට කිසිදු ආයතනයකට සාදාචාරාත්මක අයිතියක් නැහැ. බුද්ධ ප‍්‍රතිමාවන් මත නග්න කාන්තාවන් නංවා තම ගීතයට රැප රචනා කරන ඒකෝන් වැනි බටහිර සංස්කෘතිය කර පින්නා ගත්තවුන්ට අපේ රටේ
බෞද්ධ ශිෂ්ඨාචාරය විනාශ කිරීමට කිසිසේත් අප  ඉඩ නොදිය යුතුය.’’ යනුවෙන් ෆේස්බුක් සාමාජිකයෙක් වූ මාලක රන්ජීව මෙම එක් ෆේස්බුක් පිටුවක ලියා තිබුණේය.

‘‘අප මීට කළිනුත් මෙවැනි ප‍්‍රසංග සංවිධානය කරලා තියෙනවා. මෙය අථත් දෙයක් නොවෙයි. ඇත්තටම අප දන්නවා ඒකෝන් ලංකාවට ගෙන්වනවට විරුද්ධව ෆේස්බුක් කණ්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. බටහිර රටවලට බුදු පිළිමය අලංකාරය සදහා යොදා ගන්නවා. ඒකෝන් සිය ගීත නිර්මාණයට ඒ අර්ථයෙන් එය යොදා ගන්න ඇති.’’ යර්ස් එෆ් එම් ආයතනයේ
ප‍්‍රකාශයෙක් පැවසුවේය. අපේ‍්‍රල් 24 වැනිදා පැවැත්වෙන මෙම ප‍්‍රසංගයට දැඩි ආරක්ෂක කි‍්‍රයා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

ඒකෝන් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කරන හෑගොඩ විපස්සී හිමියන් ප‍්‍රකාශ කරන්නේ බුදු දහමට නිගා කරවන මෙවැනි පූද්ගලයින් ලංකාවට ගෙන් වීමට වහා විරෝධය දැක්විය යුතු බවයි.

‘‘මෙම පුද්ගලයා බුදු දහමට ගෞරව කරන්නෙ නැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයන් ගෙන්වීම අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන දෙයක්.’’ විපස්සී හිමියෝ පැවසූහ.

මේ වන විට ඒකෝන්ගේ ලංකාගමනයට විරෝධය පෑමට නිර්මාණය කර ඇති මෙම එක් ෆේස්බුක් පිටුවක සාමාජිකයන් ගණන අට දහස ඉක්මවා තිබේ. අනෙක් පිටුවේ දහසකට ආසන්න සාමාජිකයන් සංඛ්‍යාවක් සිටිති. ෆෙස්බුක් පිටුවේ සිය විරෝධය ප‍්‍රකාශ කිරීමට මේ සාමාජිකයන් බොහෝ දෙනා විවිධ අදහස් ලියා තිබේ.

  • Share/Bookmark

හිරගෙදර ඇතුලේ මගුලක්

March 18, 2010 by Editor  
Filed under Featured, Stories

සාමාන්‍යයෙන් බන්ධනාගාරයේ සිටින රැදවියන්ගේ දවස ගෙවෙන්නේ එක් ආකාරයකටය. ඔවුන්ගේ සුපුරුදු දින චර්යාවන් වෙනස් වන්නේ බන්ධනාගාරයේ විශේෂ සිදුවීමක් වන්නේනම් පමණි. එවැනි සුවිශේෂී සිදුවීමක් වී ඔවුන්ගේ දින චර්යාව වෙනස්වන දින ගණන අතේ ඇගිලි ගණනටත් අඩුය.

මාර්තු 17 වැනිදා වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ටද මේ ආකාරයේ වෙනස්ම අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව උදාවුනේය. වෙනදා උදේ ආහාරයට ලැබෙන පාන් භාගය වෙනුවට මෙදින එම රැදවියන්ට ලැබුනේ කැවුම් කිරිබත්ය. බන්ධනාගාරය ඇතුලේ උත්සව සිරියක් ගනිමින් රැදවියන්ට කැවුම් කිරිබකත් කෑමට අවස්ථාව ලැබුනේ බන්ධනාගාරයේ සිටින තවත් රැදවියකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම නිසාය.

මැගසින් බන්ධනාගාරය තුළදී මේ ආකාරයෙන් විවාහ දිවියට එළඹ තිබුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එක්ව ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වීමේ චෝදනාව මත වරදකරුවෙක් බවට පත්ව සිර දඩුවම්විදින පුද්ගලයෙකි.

‘‘මේ පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙක්. ඔහු බන්ධනාගාර ගතවීමට පෙර කාන්තාවක් සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුනා. ඒ අනුව එම කාන්තාව සමග විවාහ වීමට අවශ්‍ය බව ඔහු පැවසුවා. මේ නිසා එම කාන්තාව සමග විවාහ වීමට අවස්ථාව ලබාදුන්නා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් කීවේය.

ඒ අනුව විවාහ රෙජිස්ටාර්වරයෙක් බන්ධනාගාරය වෙත කැදවා එම විවාහය ලියා පදිංචි කර තිබුනේය. ඒ සදහා චාම් උත්සවයක් සංවිධානය කර තිබුනේය.

‘‘සාමාන්‍යයෙන් මේ ආකාරයට විවාහයක් සිදුකිරීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කළ විට ඒ සදහා අවස්ථාව ලබාදෙනවා.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරයෙන් පිටතදී විවාහ දිවියට ඇතුලූවන පුද්ගලයින් විවාහ දිවියේ මිහිර විදීමට අවස්ථාව ලැබෙන නමුත් බන්ධනාගාරයේදී විවාහ දිවියට එළඹි රැදවියාට එවැනි මිහිරක් විදීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ විවාහය ලියාපදිංචි කිරීමෙන් පසුව මනාලයට තවදුරටත් බන්ධනාගාරයේ සිටීමට සිදුවන බැවිනි. මනාලයා බන්ධනාගාරයේ සිටියදී මනාලිය තනිවම සිය ඥාතීන් සමග නිවසට යාමට සිදුවිය.

‘‘මේ වගේ විවාහක් සිදුවීමේදී අදාල පුද්ගලයා නීත්‍යානුකූලව විවාහ දිවියට එළඹීම පමණයි සිදුවන්නේ. එතැන් සිට ඔහු විවාහකයෙක් වන නමුත් බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර ලැබෙන්නේ නැහැ. අදාල දඩවුම් කාලය අවසන් වීමෙන් පසුවයි ඔහුට සිය මනාලිය වෙත යාමට අවස්ථාව ලැබෙන්නේ.’’ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

  • Share/Bookmark

විපක්ෂවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට මහින්ද චින්තනය ඇතුළත්වේ

March 17, 2010 by Editor  
Filed under Featured, Stories

මෛත‍්‍රීපාල සිරිසේන මහලේකම්වරයා පවසන  පරිදි එක්සත්ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ  ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ ඉදිරිපත්කර ඇතිතේ මහින්ද චින්තනය ළඟ තබාගෙනය.

සයිබර් කියන වචනය එහෙම්මම පාවිච්චි කරලා තියෙනවා. මෙක වෙනස්කරලාවත් ගත්තනම් කමක් නැහැ.හරියට හින්දි සින්දු වලට සිංහල ගීත හදනවා වගේ. කවුරුහරි ක්ලාක් කෙනෙක් ලියන්න ඇති මේක. මහලේකම්වරයා සඳහන් කලේය.

පසුලිය 26 වනදා ඉදිරිපත්කළ ප‍්‍රත්පත්ති ප‍්‍රකාශනය දෙකඩ කොට මෙවර ප‍්‍රත්පත්ති ප‍්‍රකාශණ එළි දක්වා ඇති බවයි මහලේකම් වරයා සඳහන් කරන්නේ.

මේක හරිම විහි`ථවක්. ජනතා විමුක්ති පෙරමුණයි  එ්ක්සත් ජාතික පක්ෂය කලින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයමයි එළි දක්වලා තියෙන්නේ. මහින්ද චින්තන ඉදිරි දැක්මේ කොටස් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ වල තියෙනවා.මේ පක්ෂ දෙකටම ඉදිරි දැක්මක් දර්ශණයක් නැහැ. ස්ව නිරිමාණයක් කරන්න අවශ්‍ය බුද්ධීමතුන් මේ අය එක්ක නැහැ.එ් අය ඉවත් වෙලා ගිහිල්ලා. මහ ලේකම්වරයා සඳහන් කළේය.

ගිය වතාවේ විපක්ෂය සඳහා ඡුන්දය භාවිත කළ බොහෝ ප‍්‍රබලයින්් මේ වතාවේ ආණ්ඩුව හා එක්ව සිටින බව ද මු`ථ ඡුන්ද ප‍්‍රතිශතයෙන් 65%ක ප‍්‍රමාණයක් මෙවර ලබාගත හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය.

කවදාවත් කුඹුරකට බැස නැති විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙවර ගොවියන් පිළිබඳ කතා කරන්නට ආරම්භ කර ඇති බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පැවසුවේය.

විපක්ෂනායක වරයා හිටි ගමන් ගොවියෝ ගැන කතා කරන්න පටන් අරන්. කාවදාවත් කුඹූරකට බැහැලා නැති කොළඹ 7 ඉපදුන කෙනා කොහාමද ගොවියෝ ගැන කතා කරන්නේ. මහලේකම්වරයා ස`දහන් කළේය.

මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකේ බලය ලබාගනිමින් සන්ධාන ආණ්ඩුව ජයග‍්‍රශණය ලබන බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම විපක්ෂ නායකවරයා සෑම දිනකම මැතිවරණ වේදිකිවේ තේමාව ලෙස යොදා ගන්නේ ජීවන වියදම බවයි  මහලේකම්වරයා සදහන් කරන්නේ.

රටක දේශපාලනය වෙනස් වුණත් ජනතාව එකට ඉන්නවා සංවර්ධන ක‍්‍රියාත්මක වෙද්දී. ජපානය චීනය කොරියාව වගේ රටවල් ගත්තහම අපට පේන්න තියෙන්නේ එ දේ. 2004 විපක්ෂනායකයා පරාද වුණෙ කොටි ගිවිසුම නිසාත් ආර්ථිකය කඩාවැටීම නිසාත් බවයි හෙතෙම සඳහන් කරන්නේ.

  • Share/Bookmark

නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ඉහළට.. නිරීක්ෂකයෝ

March 15, 2010 by Editor  
Filed under Featured, Stories

මෙවර මහ මැතිවරණ පූර්ව සමයේදී වැඩි වශයෙන් වාර්තා වන්නේ නීතිවිරෝධී අකාරයෙන් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරවල නිරත වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

‘‘පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම වී තිබෙනවා. එහෙත් නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බහුලව වාර්තා වෙනවා. පෝස්ටර් බැනර් සහ කටවුට් තහනම් ප‍්‍රචාරක මාධ්‍ය වී තිබියදීත් තව දුරටත් මේ දේවල් භාවිතා කිරීම පවතින මැතිවරණ නීතිය  උල්ලංඝණය කිරීමක්.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය. මේ තත්ත්වයට එරෙහිව පියවර ගැනීමට තවමත් අදාළ අංශයන් නිසි ලෙස කටයුතු කර නැතැයි හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.

‘‘මැතිවරණ පෝස්ටර් බැනර් කටවුට් ඉවත් කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ පොලිසියට. ඒත් රට පුරාම තවමත් මේවා ඉවත් කිරීමට නිසි පියවර අරන් නැහැ. බහුතරයක් ප‍්‍රචාරක පුවරු පෝස්ටර් අයත් වෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට. මේ තත්ත්වය යටතේ පේන්නේ පවතින රජයට වාසි වන අයුරින් පොලිසිය හැසිරෙන බවයි අපට පෙනෙන්නෙ.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී එම් දිසානායක ප‍්‍රකාශ කළේය.

මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන පරිදි මෙවර මහ මැතිවරණයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයන් අතර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වීමයි. පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන පරිදි මෙවර වැඩිම මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තා වන්නේ බස්නාහිර සහ මධ්‍යම පළාත තුළය. මැතාවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් මේ වන විට තම සංවිධානය වෙත පැමිණිලි 45ක් ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 51 බව එහි ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.

‘‘මහ මැතිවරණයේදී සැලකිය යුතු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේදී රාජ්‍ය දේපළ මෙවරත් අයුතු ලෙස භාවිතා කරන බව පේනවා.’’ කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේය.

මෙවර විදේශ මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මැතිවරණ නිරීක්ෂකයෝ සිය අදහස් මෙසේ පළ කළහ.‘‘මෙවර අපි විදේශ මැතිවරණ නිරීක්ෂකයෝ විස්සක් පමණ ගෙන්වන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන් ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ ජාලයේ පිරිසක්. ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදී විදේශ මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩි අවධානය උතුරු නැගෙනහිරට යොමු කරවන්න අප බලාපොරොත්තු වෙනවා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. විදේශ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මේ වන විට සිය සංවිධානය සාකච්ඡුා පවත්වමින් සිටින බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායකවරයා පැවසුවේය.

  • Share/Bookmark

« Previous PageNext Page »