තල් අරඹේ මෙත් සිසිල – කන්දරෝඩෙයි විහාරය

April 1, 2010 by Editor  
Filed under Featured, Stories

උදෑසන වුවද තල් අරඹ හිරු රැසින් දැවේ. ඇස් කකියවන තරමට හිරු සිය අණසක පතුරවමින් සිටී. අප යාපනයෙන් කන්කසන්තුරෙයි මාර්ගයට පිවිසියෙමු. ඒ අපගේ යාල්පානමේ ගමන් සගයා  වු මහින්දගේ මග පෙන්වීම යටතේය. මේ යන්නේ තල් අරඹේ මෙත් සිසිල සොයා ගෙනය. අපගේ ගමනාන්තය වූයේ කන්දෙරෝඩෙයි පුරාණ බෞද්ධ විහාරයේ නටබුන් ප‍්‍රදේශයයි.

‘‘චුන්කාමම් හන්දියෙන් වටම හැරෙන්න  ඕන.’’ මහින්ද පැවසුවේය. වමට හැරුණු අපට දකින්ට ලැබුණේ අපූරු දර්ශනයකි. ඉදිරියෙන් වූයේ දෙමළ තරුණයෙකු කටු ගසා කොකු වලින් එල්ලාගෙන ට‍්‍රැක්ටරයකි. එය මලින් කෙසෙල් ගස් වලින් සරසා තිබේ. අපගේ සිතේ වූයේ චකිතයකි. සමට කටු ගසා මේ තරුණයා ගාණක් නැතුව යන්නේ කෙසේද.

‘‘අද මෙහෙ කෝවිල් වල පූජා තියෙන දවසක්. කටු ගැහුවට රිදෙන්නෙ නැහැ. ඒක දේව අනුහස’’ මහින්ද පැවසුවේය. මේ දේව  පූජාවට විශෙෂිත ලෙස පුහුණුව ලැබූ තරුණයෝ සිටින බව මහින්ද පැවසූවේය. කෙසේ වුවද ගිනියම් මාවතේ මේ දසුන අපේ සිත් වලට නිසැක අපූර්වත්වයක් ගෙන දුන්නේය. වර්ණවත් වස්ත‍්‍රාභරණයෙන් සැරසුණ සුන්දර දෙමළ යුවතියෝ සොදුරු සිනහා නගමින් මේ රිය පිටුපසින් එති.

තල් අරඹේ සැගවුණු අතීත ශ‍්‍රී විභූතිය දකින්නට අප ඒ බිමෙහි ඇවිද ගියෙමු. අප සේම ඒ දකුණෙන් පැමිණි බොහෝ පිරිසක් කන්දෙරොඩෙයි හෙවත් කදුරුගොඩ විහාරය නරඹමින් සිටියහ. ඉතා කුඩා ප‍්‍රමාණයේ දාගැබ් විස්සක් පමණ මේ වන විට මේ විහාර භූමියේ පාදා ගෙන තිබේ. තැනින් තැන නටබුන් වූ  චෛත්‍යයේ පාදම් දක්නට ලැබේ. පසුගිය යුධ සමයේ මෙම විහාර භූමියේ බොහෝ පුරා වස්තූන් විනාශ වී තිබේ. පුරාවි්‍යත්මක වැඩ බිමක් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රදේශය තුළ තවමත් විධිමත් අකාරයේ පරීක්ෂණ සිදු වී ඇති නොමැත.

මෙම ස්ථානය ප‍්‍රථමයෙන් සොයා ගනු ලැබුයේ 1917 දී එවකට යාපනය දිසා විනිසුරුව සිටි ආචාර්ය පෝල් ඊ පීරිස් විසිනි. ඉන් අනතුරුව  1917-1919 යන කාළය තුළ කැණීම් සිදු කොට තිබේ. ඉන් සොයා ගත් බුදු පිළිම වර්ණාලේපිත උථ කැබලි හා කැටයම් වැනි දෑ අනුරාධපුර හා පොළොන්නරු යුග වලට අයත් වන අතර මේ වන විට යාපනය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශණයට තබා තිබේ. මෙම නිර්මාණ පැරකුම්බා මල්ල ලීලාවතී සහ බුවනෙකබා යන යුග වලට අයත් වේ. මහනුවර යුගවලට ලියැවුණ විහාර අස්නෙහි මෙම විහාරය කදුරුගොඩ විහාරය ලෙසද නම් කර තිබේ.

පසුකාලීනව ද්‍රවිඩ පාලකයන් විසින් කරන ලද අකටයුතුකම් හේතුවෙන් මෙම විහාරය විනාශය කරා යොමු වේ.  පුංකුඩුතිව් හී වැඩ විසූ භික්ෂුන්වහන්සේලා හැට නමක් අපවත්වු බවත් ඉන් පසුව උන්වහන්සේලාගේ භෂ්මාවශෙෂ තැන්පත්කොට මෙම ස්ථානයේ දාගැබ් 60ක් කරවූ පැරණි පොත පතෙහි සදහන් වෙයි. බුදුන්වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේ මෙම ස්ථානයටද වැඩම කොට විවේකී සුවයෙන් සිටි බව ජනප‍්‍රවාදයේ සදහන් වෙයි.

‘‘අනූ හයේ අනූ හතේ අපි මෙතනට එන කොට මේවා ජරාවාස වෙලා තිබුණේ. එල් ටී ටී ඊ එකේ සාමාජිකයෝ මෙතැන ඔවුන්ගේ වැසිකිළි බවට පත් කර ගෙනයි තිබුණේ. ඊට පස්සෙ අපි මේ ප‍්‍රදේශයේ බලය අල්ලා ගත්තා. මෙතනදී අපේ සෙබථ දෙදෙනෙක් මිය ගියා. පස්සෙ අපි මේ චෛත්‍ය පාදාගෙන පොල් ලෙලි වලින් මැදලා සුද්ද කරලා තමයි මේ තත්ත්වයට ගෙන ආවේ. ඒ දවස් වල හාමුදුරුනමක් වත් හිටියේ නැහැ.’’ කදුරුගොඩ විහාරය අසළ  සේවයේ යෙදෙන ආරක්ෂක සෙබළ කෝප‍්‍රල් දයානන්ද පැවසුවේය.

කදුරුගොඩ විහාර භූමිය මේ වන විට ඉතා කුඩා භූමි බාගයක පැතිර තිබේ. අතීතයේ විහාර භූමියට අක්කර විශාල ප‍්‍රමාණයක භූමි බාගයක් අයත්ව තිබු බව ඉතිහාසයේ සදහන් වේ. මේ වන විට තාවකාලික විහාර ගෙයක් සහ බුදුමැදුරක් සාදා ගෙන වතාවත් කිරීමට කදුරුගොඩ විහාරයේ විහාරාධිපති හිමියන්ට සිදුව තිබේ.

‘‘මම යාපනනේට ආවේ මූර්ති අඹන්න හිතාගෙන. ඒ ආපු ගමන් තමයි කදුරුගොඩ විහාරයට එකතු වුණේ. දැන් ඉතින් මම මේ පන්සලේම ඉන්නවා. ආපහු යන්න කල්පනාවක් නැහැ.’’ කදුරුගොඩ විහාරයේ වර්තමාන විහාරාධිපති පොළොන්නරුවේ සුමන  හිමියෝ පැවසූහ.

‘‘මේ වන විට දකුණෙන් ගොඩක් සාමාන්‍ය ජනතාව මේ විහාරයට යන්න එන්න පටන් අරගෙන. පුරා වි්‍යාත්මක වශයෙන් මේ විහාරය ඉතා වැදගත් එකක්. ඒ නිසා මේ විහාරය දියුණු මට්ටමකට ගෙන ඒම වැදගත්’’ සුමන හිමියෝ ප‍්‍රකාශ කළහ.

  • Share/Bookmark

යළි පිබිදෙන පාසිකුඩා

October 20, 2009 by Editor  
Filed under Featured, Stories

PasikkudaPassikudah revival

යුද්ධය නිමා වීමත් සමග   උතුරු නැගෙනහිර සංචාරක කර්මාන්තය සීග‍්‍රයෙන් වර්ධනය වීමට පටන් ගෙන ඇත. යුද්ධය නිසා මින් පෙර උතුරට නැගෙනහිරට යාමට අවස්ථාවක් නොලත් බොහෝ දේශීය සංචාරකයන් දැන් දැන් සැකෙන් බියෙන් තොරව උතුරට නැගෙනහිරට ඒමට ගමන් ආරම්භ කොට තිබේ. උපන්තේකට නැගෙනහිරට නොපැමිණියන්ට දැන් වඩාත් සහනදායී හැගීමෙන් නැගෙනහිර සංචාරය කළ හැකිය.

නැගනහිරට පැමිණෙන සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැද තබා ගැනීමට සමත් ස්ථානයක් ලෙස පාසිකුඩා වෙරළ හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සුන්දරම වෙරළ තීරයක් වන පාසිකුඩා වෙරළ  ඕටමාවඩි නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් පිහිටා තිබේ. විශේෂයෙන් සුනාමිය පැමිණීමට පෙර පාසිකුඩා වෙරළ සංචාරක පාරාදීසයක්ව පැවතුණි. එහෙත් යුද බිය හා සුනාමි ව්‍යසනය හේතුවෙන් පසුගිය කාලසීමාවේදී පාසිකුඩා ප‍්‍රදේශය ජන ශූන්‍ය වූවද මේ වන විට නැවතත් ජනාකීර්ණ වෙමින් පවතී.

‘‘ සති අන්තයේදී නම් පන්දාහත් දහදාහත් අතර සංචාරක පිරිසක් පාසිකුඩා වෙරළට එනවා. සති මැද දවස් වලට දාහත් දෙදාහත් අතර සෙනගක් එනවා. තව ඉදිරියට මේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම වැඩි වෙයි.’’ පාසිකුඩා වෙරළ සමීපයේ සංචාරක හෝටලයක හිමිකරුවෙක් වන සදානන්දන් පැවසුවේය. සුනාමි ව්‍යසනයෙන් පසුව පාසිකුඩාහි මුල්ම සංචාරක හෝටලය පිහිටුවූයේ සදානන්දන් විසිනි. ඒ ආනන්ද් ක‍්‍රිෂෝර් හෝටලයයි.

‘‘ සතියේ දවස් වලට වඩා සති අන්තේ බිස්නස් ගොඩක් හොදයි.’’ සදානන්දන් පවසුවේය. පාසිකුඩාහි නව සංචාරක නවාතැන්පොළවල් කිහිපයක්ම ඉදිවෙමින් පවතී.

මේ වන විට සතියේ දිනවල හා සති අන්තයේ දී පාසිකුඩා වෙරළ     සංචාරකයන්ගෙන් පිරී ඇත. රටේ සෙසු පළාත් වලින් සේම නැගෙනහිර වැසියන්ද පාසිකුඩා වෙරළේ සුන්දරත්වය විදිනු දැකිය හැකිය.

‘‘ මම ඉන්නෙ කාන්තන්කුඩි වල. අපි මෙච්චර ලග පාතක වෙලත් මම මීට කළින් පාසිකුඩා ඇවිත් තිබුණෙ එක පාරයි. මේ දෙවෙනි දවස. යුද්දෙ තිබුණ කාළේ අපේ ගෙවල් වලින් අපිට එළියට යන්න දුන්නෙ නැහැ. දැන් නම් බයක නැතිව මෙහෙ හැම තැනම අපිට ඇවිදින්න යන්න පුළුවන්.’’ විසි හැවිදිරි මොහොමඩ් අසාර් පැවසුවේය. අසාර් පාසිකුඩා වෙරළට පැමිණ සිටියේ ඔහුගේ පවුලේ සමාජිකයන් සමගය. අසාර්ගේ නැගෙණිය වූ ඇස්කි පාතිමා පාසිකුඩා පැමිණ තිබුණේ පළමුවතාවටය.

‘‘ මම කාන්තන්කුඩිවලින් වලින් එපිටට මීට කළින් කවදාවත් ගිහින් තිබුණේ නැහැ. පාසිකුඩා ගමන මට හරි විනෝදයි.මුහුදෙ නාන්නත් ඉඩ ලැබුණා. ගොඩාක් සන්තෝෂයි.’’ ඇස්කි පැවසුවාය.

සංචාරකයන්ගේ පැමිණීමත් සමග පාසිකුඩා වෙරෙළේ නව රැකියා අවස්ථාවන්ද උත්පාදනය වී තිබේ. වෙරළට පැමිණෙන සංචාරකයන් පාසිකුඩා මුහුදේ වටයක් රැගෙන යාම සදහා බෝට්ටු සේවයක්ද ආරම්භ වී තිබේ.

‘‘බෝට්ටුවෙන් වටයක් රුගෙන යන්න අපි රුපියල් පන්සීයක් අය කරනවා. විනාඩි හතළිස් පහක් විතර අපි මගීන්ව මුහුදේ එක්කරගෙන යනවා. එක පාරකට අට දෙනෙක් මේ බෝට්ටුවෙන් අරගෙන යන්න පුළුවන්.’’ බෝට්ටු පදවන්නෙකු වූ විසිහත් හැවිරිදි කුනම් පැවසුවේය. ඔහු බෝට්ටුපදවන්නෙකු ලෙස සේවයට පැමිණ මාසයකි. දිනකට රුපියල් හත්දහසක් පමණ ඉපැයිය හැකි බව කුනම් කීවේය.

‘‘ දැන් මෙහෙ තත්ත්වෙ හොද නිසා මේ පැත්තට මිනිස්සු එනවා. ඉස්සරහට මීටත් වඩා සෙනගක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට නම් බිස්නස් සරුයි.’’ කුනම් පැවසුවේය. කුනම් මඩකලපු වැසියෙකි. මීට පෙර රැකියා දෙක තුනක නියැළුන ඔහුට හරියන රස්සාව බෝට්ටු පැදවීම බව කුනම් පවසන්නේය.

‘‘ අපි මීට කළින් වැලිකන්දෙන් මෙහාට ඇවිත් නෑ. දැන් යුද්දෙ ඉවර නිසා බයක් නැහැ. අපේ දරුවන්ට දැන් රට තොට පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අනෙක් අතට අපිට මෙහෙ ඉන්න වැසියොත් එක්ක සම්බන්ධකම් ගොඩනගා ගන්න පුළුවන්. මීට කලින් එහෙම අවස්ථාවක් අපිට ලැබිලා නැහැ.’’ නුවරගල සමෘද්ධි බැංකු කළමණාකරු හේරත් බණ්ඩා ප‍්‍රකාශ කරයි. ඔහු සිය කාර්යමණ්ඩලයද කැටිව පාසිකුඩා සංචාරයකට පැමිණ සිටියේය.

‘‘ පහුගිය කාලේ අපි ඉස්කෝලෙ ගියෙත් ගොඩක් බයෙන්. අපි ජීවත් වුනේ ටැම්පිටිය කියන මායිම් ගම්මානයේ. එල් ටී ටී ඊ එකෙන් කරදර වෙයි කියළා අපි ගොඩක් බයෙන් හිටියෙ. දැන් නම් බයක් නෑ. ඒ හින්දා තමයි අපි පාසිකුඩා ආවේත්. ඉස්කෝලෙන් ටි‍්‍රප් එකක් ආවේ.’’ ටැම්පිටිය මධ්‍යම මහා විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන එච් එම් උදේශිකා දිල්රුක්ෂි පැවසුවාය. ඇයගේ මිතුරිය වූ ශසිකා සමග අත්වැල් බැදගෙන වෙරළේ කෙළිදෙළෙන් පසුවූයේ මහත් ප‍්‍රීතියෙනි.

යුද්ධය සහ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව පාසිකුඩා අතහැර ගිය බොහෝ වැසියන් පදිංචියට නැවතත් පාසිකුඩා වෙත පැමිණ තිබේ. විශේෂයෙන් දකුණේ වැසියන්ද මෙහි පදිංචියට පැමිණීමට සූදානම් බව හෝටල් සේවකයෙකු වූ රාසපති පවසුවේය.

‘‘ සුනාමිය එන්න කළින් මෙහෙ ගොඩක් සිංහල කට්ටියත් හිටියා. හැමෝම ගොඩක් සමගියෙන් හිටියෙ. ඒ ඇවිත් හිටිය ගොඩක්දෙනා මුහුදු රස්සාවට කරේ. සිංහල පිරිමි දෙමළ කාන්තාවන් සමග විවාහ වුනා. ඉඩම් අරගෙන මෙහෙ පදිංචි වුනා. සුනාමිය ආවට පස්සෙ ඒ හැමෝම වගේ ආපහු ගමට ගියා. දැන් ආයෙමත් ඒ අය මෙහෙට ඒවි. ඒක අපිට ලොකු සන්තෝෂයක්.’’ රාසපති පැවසුවේය.

නැගෙනහිර සංවර්ධනය ඇරඹී තිබේ. එය වඩාත් කඞ්නම් කිරීමට සංචාරක කර්මාන්තය මහත් පිටුවහලක් වනු නොඅනුමානය. දේශීය සංචාරකයන් සේම විදේශීය සංචාරකයන්ගේද විශේෂ අවධානය පාසිකුඩා වෙරළට නිතැතින්ම යොමු වනු ඇත. එබැවින් සුන්දර පාසිකුඩා වෙරළ තීරය නුදුරු අනාගතයේ නැගෙනහිරට කප් රුකක් සේ වනු ඇත.

The end of the war has brought about the revival of one of the most scenic beaches in the country, Pasikudah. Located two kilometers away from the Eastern city of Ottamavadi, Pasikudah has now become a popular attraction among foreign and local visitors. The beach that endured the ravages of war and a tsunami now attracts between 5,000-10,000 visitors during weekends. The local and foreign visitors to the beach have helped increase businesses connected with the tourism sector. In fact, the booming tourism sector in Pasikudah is expected to help revive the Eastern Province, which is currently undergoing a development phase. Many former residents of Pasikudah who fled the area during the war and after the tsunami are now returning to the area as well.

  • Share/Bookmark

අපේ සංචාරක ව්‍යාපාරය තිස් වසරක මතක සටහන් ඔස්සේ යළි හිස ඔසවයි

October 1, 2009 by Editor  
Filed under Featured, Stories

tourismTourism revival in the south

දශක තුනකට ආසන්න කාලයක් යුධමය වාතාවරණයෙන් බිදවැටුණු අපේ සංචාරක ව්‍යාපාරය ෙමි වනවිට තරමක් යහපත් මාවතට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය  පවසයි.

‘‘අපි දැන් ටික ටික වැඩ සටහන් කරගෙන යනවා. විශේෂයෙන් හික්කඩුව, පානදුර, ෙබිරුවල වගේ ප‍්‍රදේශ ඉලක්ක කරගෙන තමා මේ වැඩ සටහන් කරගෙන යන්නේ. ඇත්තෙන්ම කල්පිටියේ සංචාරකයන්ට සුදුසු වෙරළක්  තිබෙනවා. ඒ වගේම මීගමුව, නුවර, පාසිකුඩා වගේ ප‍්‍රදේශවල සංචාරකයන්ගේ වැඩි වර්ධනයක් ෙමි දවස්වල දකින්න ලැබෙනවා.” සංචාරක අමාත්‍යාංශයේ චන්දන ලක්මාල් පවසන්නේය.

‘‘ඇත්තටම කියන්න සතුටුයි හික්කඩුෙවි ලස්සන බලන්න තමා ගොඩක් විදේශිකයන් මෙහාට එන්නේ. කොරල් පර බලන්න වගේම ගල්මල් දැකබලා ගන්න ඒ අය ගොඩක් කැමතියි. ඒත් ෙමිවා ආරක්ෂා කරගන්න අපේ අයගේ උනන්දුවක් නැහැ. මං කරන්නේ ඒ අයට මග පෙන්වනඑක. ඒදේ මං හරියට කරනවා. මොකද අපි යැපෙන්නේ ඒ අයගෙන්.” හික්කඩුෙවි චන්දන ලියනගේ පවසයි.

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ නව දත්ත වාර්තාවන්ට අනුව 2006 වසරේදි මෙරටට සංචාරකයින් පන්ලක්ෂ පනස් නව දහස් හයසීය තුනක් පැමිණ ඇත. 2007 වසරේදි සංචාරකයන් හාරලක්ෂ අනුහතරදහස් අටක් පැමිණ ඇත. එම දත්ත වාර්තාවන්ට අනුව 2005 වසරේ මෙරට සංචාරක ඉපැයිම් හා සැසදිෙමිදි 2006 වසරේදි සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 410.3ක විදේශ විනිමය ප‍්‍රමාණයක් වර්ධනය වි ඇත.

‘‘මං කාලයක් ත‍්‍රිකුණාමලයේ හිටියා. අපිට හිතා ගන්නත් බැරිවුණා ෙමි ලංකාවේ කොටසක්ද කියලා. ඒ තරම්ම ලස්සන පරිසරයක් උතුරු නැගෙනහිර තියෙන්නේ. මං හිතනවා ඉදිරියට හොඳ කාල පරිචිෙඡ්දයක් ගත කරන්න ලැබෙයි කියලා. ගොඩාක්ම වැරදි දේවල් සිද්ධවෙනවා. නිතිරීති මගින් හරි මේ ව්‍යාපාරය ආරක්ෂා කර ගන්න  ඕන. මේවයින් කොයිතරම් විදේශ විනිමය ප‍්‍රමාණයක් ලැබෙනවද. කොහොම වුනත් මේ දවස්වල නම් සංචාරකයෝ අඩුයි. නොවැමිබර් ඉඳල අපේ ආදායම සරුවෙයි කියලා හිතෙනවා.” හික්කඩුවේ කිමිදුම් උපදේශක සෝමදාස ද සිල්වා  පවසන්නේය.
අපට විදේශ විනිමය ලැබෙන එක් ක්ෂේත‍්‍රයක් තමා සංචාරක ව්‍යාපාරය. මෙම ව්‍යාපාරය අඩපන විම අපේ ජන ජිවිතයටත් විදේශ විනිමය සමිපත් කෙරෙහිත් අහිතකර ලෙස බලපාන බව සංචාරක බෝටිටු හිමියන්  පවසයි.

‘‘උදේට ගෙදරින් එන්නේ දහසක් ප‍්‍රශ්ණ හිතේ තියාගෙන. ඒ වුණත් හරිහමන් ආදායමක් දවසට හොයා ගන්නේ ලෝක අමාරුවෙන්. අපේ බෝටිටුවලින් ඔවුන් ආස කරන තැන්වලට එක්කරගෙන යනවා. ඒකත් වෙනද වගේ ලැබෙන්නේ නැහැ. අපේ අයගෙත් කිසිම එකමුතුකමක් නැහැ. සීසන් එකට ගොඩක් හොඳවෙයි කියල විශ්වාසයක් තියෙනවා.” සිරිපාල අෙබිධීර කියන්නේය.

‘‘අපේ ගම් පළාත හික්කඩුෙවි. දැනට අවුරුදු තුන හතරක ඉදන්ම බිස්නස් අඩුයි. අපි රෙදි විකුණනවා සුද්දන්ට. ඒ අය යන එන තැන්වලට අපිත් යනවා. මේවා ඇවිද ඇවිද විකුණන්නේ. හරි මහන්සියි. මොනව කරන්නද. ෙමිවට පුරුදු වුණ හින්දා වෙන රස්සාවක් කරන්න අපට බැහැ.” කමලාවති අන්තෝනි මහත්මිය කීවාය.

අපේ රටේ යුද්ධය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරිමි වල තිබෙන දුර්වලතාවයන් නිසා සංචාරක කර්මාන්තයට යහපතක් සිදුවි නොමැති බව ජනතාව පෙන්වා දෙයි.

‘‘තවම ඒ අයගේ බය අඩුවනේ නැහැ. හොද දේවල් ඒ අයට දැනෙන්න අපි ලබා දෙන්න  ඕන. සමහර හෝටල් ගැන නමි කියල වැඩක් නැහැ. හික්කඩුෙවි වුනත් මිට වඩා සැළකිල්ලක් දක්වන්න  ඕන. දැනට වුනත්  විවිධ ආකාරයෙන් අපවිත‍්‍ර කරනවා.  පරිසරය  ගැන කතාකරල වැඩක් නැහැ.” චන්දන ලියනගේ  පැවසිය.

මං හිතනවා ජනාධිපතිතුමාගේ  ජයග‍්‍රහණ හින්දා රටට සාමය ලබා ගන්න පුළුවන් වුනා. මේ දෙයින් හොඳ පණිවුඩ  ඒ අයට දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි. ඉස්සරහට සංචාරකයන්ගේ වැඩිවිම ගොඩක් තියෙයි කියල හිතෙනවා. මොකද විදේශිකයෝ ලංකාවට එන්නේ සුන්දර තැන් බලන්න. ඉතිං ඒවා ආරක්ෂා කර ගන්න එකැ හමෝටම හොදයි.” කළුතර රජන්ත අසුුරමුනි සිල්වා  කිවේය.

සංචාරක ව්‍යාපාරය තම ජීවනෝපාය කරගෙන යැපෙන විශාල පිරිසක් අපේ රෙටි සිටිති. සංචාරක මණ්ඩලයේ දත්තවලට අනුව මෙ මඟින් සෘජු රැකියාවන්හි නියැළි සංඛ්‍යාව 60000ක් වේ. එයට අමතරව සංචාරක හෝටල් සඳහා භාණ්ඩ සපයන්නන් ඇතුළු වක‍්‍ර රැකියාලාභින් ද සිටි. ඒ නිසාවෙන් සංචාරක ව්‍යාපාරය නගා සිටුවිමට කටයුතු කළයුතු බව ජනතාව පෙන්වා දෙයි.

‘‘සුනාමියෙන් පස්සේ අපිට බිස්නස් අඩුයි. නොවැම්බර්වලින්  පස්සේ තමා බලාගන්න පුළුවන් වෙන්නේ. හිතෙනවා හොද කාලයක් එයි කියලා. මැයි මාසේ යුද්දේ ඉවරවුනත් තාම වැඩ සටහන් කරගන්න බැරිවුනා. සීසන් කාලෙට හික්කඩුව හරියට යුරෝපය වගෙයි.” කොරල් සෑන්ඩිස් හෝටලයේ කළමනාකරු වර්ණසුරිය මුදියන්සේලාගේ බණ්ඩාරනායක කියන්නේය.

‘‘අපේ  අය අතරත් ප‍්‍රශ්ණ තියෙනවා. ඒවගේම අපේ රැකියාවක් කරගන්න  මෙතනට ආවම  පොලිසියෙනුත් අපට ප‍්‍රශ්ණ.  නිදහසක් නැහැ. අපි එන්නෙත් ජිවත්වෙන්න කියක් හරි හොයා ගන්න. අපි කොයිම වෙලාවකවත් නරක හෝටලයක්  විදේශිකයන්ට හොයල දෙන්නේ නැහැ. ඒ තරමට අපි ඒ අයට ආදරෙයි. ඒත් හැමෝම අපි වගේ නෙවි.” සංචාරක මඟපෙන්වන්නෙකු වන ජානක සුදත් කිවේය.

ලොව පුරා සංචාරකයන් අතර ලංකාව ප‍්‍රසිදධවී තිබෙන්නේ වෙරළාසන්නව පිහිටි නිවාඩු නිකේතන  සඳහායි. සංචාරකයින් මුහුදු බඩ පළාත්වල ජිවිතය ගත කරන්න වැඩි කැමැත්තක් දක්වයි.

‘‘අපේ සංචාරකයින් වැඩියෙන්ම හික්කඩුවට එන්නේ කොරල්පර බලන්න. දැන් ඉස්සර වගේ දකින්න කොරල් නැහැ. තියෙන කොරල්වලත් වැලි පිරිලා. පහුගිය කාලේ අපේ මිනිස්සු මාළු අල්ලන්න ඩයිනමයිටි  ගැහුවා. ඉතිං මාළු හැංගෙන්නේ කොරල් අස්සේ . ඒකෙන් වුනේ ලස්සන කොරල් විනාශ වුන එක. මං පහුගිය කාලේ කොරල් වැවුවා. මං මේ පරිසරයට ආදරෙයි. ඒත් නීතියේ තියෙන දුර්වලකම් හින්දා ඒ දේවල් කරන්න මට ඉඩ ලැබුනේ නැහැ.” හික්කඩුවේ සෝමදාසද සිල්වා පවසයි.

වර්තමානයේ දේශිය හා විදේශිය සංචාරකයින් සදහා සංචාරක අමාත්‍යාංශය විවිධ වැඩ සටහන් කරගෙන යනු ලබයි. මේ පිළිබදව සංචාරක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකමි තරංග පෙරේරා පවසන්නේ සංචාරක සතිය අලළා දේශියත්වය පිලිබිඹුවන වැඩ සටහන් රාශියක් දිවයින පුරා ක‍්‍රියාත්මක කිරිමට සැලසුමි කර ඇති බවයි.

‘‘අපේ රටට එන්නේ නැති රටවල විදේශිකයන් ගෙන්වා ගැනිමට ක‍්‍රමෙවිදයක් සකස්කරන්න ෙමිවා ඉක්මනින් කරන්න පුලූවන් දේවල් නෙවි. සංචාරකයන් ගෙන්වුවත් ඒ අයගේ සිතැඟියාවන් අප හදුනාගන්න   ඕන. හෝටල්වල අඩුපාඩු  සොයා බලන්න අප ඉදිරියේදි කටයුතු කරනවා. ෙමි අපේ පටන් ගැන්ම. පරිසරයේ ඉඳල හැම ක‍්‍රියාකාරි දෙයකම සුදානම ගැන අපි විමසිල්ලෙන් සිටිනවා. මේ කෙටි කාලින හා දිගු කාලින වැඩ සටහන් වලින් සාර්ථකත්වයක් දකින්න පුලූවන්වෙයි කියලා හිතෙනවා.” සංචාරක අමාත්‍යාංශයේ තරංග පෙරේරා පවසන්නේය.

‘‘හික්කඩුව ප‍්‍රදේශයේ ප‍්‍රශ්න කිපයකට මගේ අවධානය යොමුවුනා. බීචි බෝයිල වගේම බෝටිටු හිමියන් ඒ වගේම පොලිසියෙන් ඔවුන්ට  සිදුවන අකටයුතු කම් ගැන. ඒ සමිබන්ධයෙන් අපි කොළඹ ඉඳල මේ ප‍්‍රශ්ණවලට පිළිතුරු හොයනවට වඩා පොලිසියයි. හොටල් හිමියන් වගේම සංචාරක ක්ෂේත‍්‍රයට අදාල  හැම දෙනාම කැඳවල ඒ අයට ජන හමුවක් තියන්න මං ළගදි දිනයක් දෙන්නම්. ” සංචාරක හා ප‍්‍රවර්ධන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැවසිය.

  • Share/Bookmark

ඉදිරි මාස හතරේදී සංචාරකයන් තුන් ලක්ෂයක් ගෙන්වා ගැනීමේ වෑයමක්

August 19, 2009 by Editor  
Filed under Featured, Stories

tourism main

Government plans to attract 300,000 tourists within the next four months

ඉදිරි මාස හතර තුළදී විදේශ සංචාරකයින් ලක්ෂ තුනක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් යොදා තිබෙන බව ශ‍්‍රී ලංකා සංචාරක පවර්ධන කාර්යාංශය පවසයි.ගත වූ වසරේ දී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින්  ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයක් පමණි. නමුත් මේ වසරේ දී එම සංඛ්‍යාව දෙගුණයක් බවට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ වැඩබලන අලෙවි ප‍්‍රවර්ධන අධ්‍යක්ෂිකා මදුභානි පෙරේරා පැවසීය.

යුධ ගැටුම් අවසාන වීමත් සමග ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ  සංඛ්‍යාව පසුගිය වසරට වඩා  වැඩිවෙන්නට පටන්ගෙන ඇති අතර පසුගිය ජුලි මාසය අවසන් වන විට සංචාරකයන්ගේ පැමිණීමේ සියයට අටක වර්ධනයක් දක්නට ඇතැයිද ඇය පැවසුවාය.

“අපි ප‍්‍රධාන වශයෙන් සංචාරකයින ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ රටවල් හයකින්  අය වැයෙන් මූලික වශයෙන් මුදල් වෙන් කරන්නේ ජර්මනිය, එංගලන්තය, ප‍්‍රංශය, ඉන්දියාව හා මැදපෙරදිග රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීමටයි.නමුත් මෙවර චීනය, ජපානය, නෙදර්ලන්තය, ඉතාලිය වගේ රටවලිනුත් සංචාරකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා.” ඇය තවදුරටත් කීවාය.

විදේශ රටවලින් ශ‍්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය වන සංචාරක වෙළද සල්පිල් මාධ්‍ය ප‍්‍රචාර හා විශේෂ උත්සවයන් මේ වන විට සංවිධානය කර තිබේ.

සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය මෙසේ පැවසුවද සාමාන්‍ය සංචාරක මග පෙන්වන්නන්  හා කුඩා ව්‍යාපාරිකයන් පවසන්නේ තවමත් සංචාරකයින්ගේ පැමිණීම අඩු බවය.

“බෙන්තොට අලූත්ගම පැත්තේ සංචාරකයෝ ඉන්නවා කියලා කිව්වට හික්කඩුවේ නැහැ.සංචාරක කර්මාන්තය නගා සිටුවනවා කියලා කියනවා.ඒත් අපි දැන් මේක අත්හැරලා දාන්න ඉන්නෙ.හික්කඩුව තාම දියුණු නැහැ. සුනාමියට යට ගියා වගේමයි තවමත්.” හික්කඩුව ප‍්‍රදේශයේ අත්කම් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන කේ .ඩී ලීලා රත්න පැවසීය.

සංචාරක කර්මාන්තය පිළිබදව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචාරය මද බවක් දක්නට ලැබෙන බවත්  මේ නිසාවෙන් සංචාරක කර්මාන්තයේ පසු බෑමක් දක්නට ලැබෙන බවත් ලීලා රත්න පැවසීය.

“ඉන්දියානු, පාකිසිතාන් සංචාරකයෝ විතරයි මේ පැත්තෙනම් ඉන්නෙ.ඒ අයත් වැඩියෙන් නැහැ.වෙනදා දවසට තිසි හතලිස් දාහක් හොයන අපිට මේ දවස් වල රුපියල් පන්සීයක් හොයා ගන්න ගොඩක් මහන්සිවෙන්න  ඕන.”හෙතෙම චෝදනා මුඛයෙන් කීවේය.

හික්කඩුව ප‍්‍රදේශයේ රෙදි වෙළදසැලක් පවත්වාගෙන යන කේ එම් . ජී නන්දසේන පවසන්නේද සංචාරකයින් පැමිණීමේ අඩුවක් පවතින බවයි.

“ජර්මන් ප‍්‍රංශ වගේ සංචාරකයෝ තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. අවංකවම කියන්නෙ මේ පැත්තෙ සංචාරකයෝ නැහැ.වෙනදා කොරල් ගාඩ්න් එකේවත්  සංචාරකයෝ ඉන්නවා.මේ දවස් වල එහෙත් නැහැ.හික්කඩුව ටවුන් එකට ඇවිත් බැලූවොත්  ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙනදා වගේ සංචාරකයෝ මෙහෙ ඉන්නවද කියලා.”නන්දසේන පැවසීය.

නමුත් සංචාරක හෝටල් ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් වර්තමාන කාලය තුළ දක්නට ලැබෙන බව සංස්කෘතික ති‍්‍රකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද පවසන්නේ.

“මේ කාලය යුරෝපයේ දරුවන්ගේ නිවාඩු කාලය නිසා සංචාරකයෝ එනවා වැඩියි.දැන් සංචාරකයින් අවිනිෂ්චිත තත්ව‍යෙන් මිදිලා ලංකාවට එනවා.ඒ වගේම පිටරට පදිංචි වෙලා ඉන්න අයත් දැන් එනවා. ත‍්‍රිණාමලයේ නිලාවේලි පැත්තේ මේ දවස් වල හෝටලයක කාමරයක් ගන්න නැහැ.” දයානන්ද පැවසීය.

ජූලි මාසය අවසනය වන විට හෝටල් වල ආදායමද ඉහළ ගොස් ඇති බවද.දයානන්ද පැවසුවේය.

“එකට එකක් නැති වුණත් තිබූණ තත්තවයට වඩා දැන් ගොඩක් හොදයි.සංචාරක හෝටල් තවම මිළ ගණන් වැඩි කරලා නැහැ.තිබුණ මට්ටමයි තවමත්.ඒත් මාසෙකට සියයට තිහක වගේ ආදායම් වැඩිවීමක් තියෙනවා.”හෙතෙම  පැවසීය.

එහෙත් දකුණේ සංචාරකයින්ගේ පැමිණීම ගැන සෑහීමකට පත්නොවන ලීලාරත්න පවසන්නේ මෙවැනි කථාවක්.

“අපේ ගමම ජීවත් වුණේ සංචාරක කර්මාන්තය නිසාවෙන් දැන් මිනිස්සුන්ට කන්නවත් නැහැ කියලා කියනවා.මේකට හේතුව තමයි රෙස්ට් හවුස් වල ගණන් එක ප‍්‍රමාණයකට නැති වීමත් ප‍්‍රමිතියකට නැතිවීමත්.ඒ වගේම වෙළෙන්දොත් කරදර කරනවා.මුහුදු  වෙරළත් අපිරිසිදුයි.මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කිරීමක් නැහැ.පාරවල් වල කුණු ගොඩ ගැහිලා.ඒ මදිවට පාරේ ලයිට් නැහැ.ඒ වගේම පාරේ යන වාහන වල වේගයේ සීමාවක් නැහැ”.ලීලාරත්න පැවසීය.

“මම අවුරුදු විස්සක් වෙනවා මේ රස්සාව කරන්න පටන් අරන්.කිසිම ප‍්‍රමිතියක් නැහැ කිසිම දෙයක.සංචාරකයෝ වුණත් එන්නේ නගරයේ අලංකාරයක් තියෙනවා නම්. හික්කඩුව නගරයත් දැන් ලස්සන නැහැ.වෙරළත් අපිරිසිදුයි.සංචාරකයින් ගෙන්නවා ගන්න නම් මේ දේවල් මුලින්ම ගොඩනගලා ඉන්න  ඕන.දැන් අපිට බයිසිකලේට තෙල් ගහගන්නවත් සල්ලි නැහැ”. නන්දසේන පැවසුවේ ලීලාරත්නගේ කථාව අනුමත කරමිනි.

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් වීමට නම් යටිතල පහසුකම්ද දියුණූ වය යුතු බව මදුභානි පෙරේරා පිළිගනී.

“ප‍්‍රවර්ධන වැඩකටයුතු කරලා විතරක් මදි හෝටල් සහ මාර්ග හොදින් තියෙන්න  ඕන.ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ දැනුවත්කමක් තියෙන්නත්  ඕන.වෙළදාම් කරන මිනිස්සුන්ගෙන් සංචාරකයින්ට කරදරයි.නිතරම ළගට ගිහින් කරදර කරනවා.සමහර සංචාරකයින් ඒකට කැමති නැහැ. ” ඇය කීවාය.

මෙරටට පැමිණෙන සංචාරකයින් සියලු දෙනා නැවත පැමිණිමට කැමැත්තෙන් ආපසු යන බව පවසන පෙරේරා පවසන්නේ පුංචි රටක ගොඩක් දේ නැරඹීමට හැකියාව ඇති බැවින්  මාර්ග පද්ධතිය ඉතා ඉක්මනින් දියුණූ විය යුතු බවය.

මාසයකට වඩා සංචාරකයින්ට ලංකාවේ ඉන්න දෙන්නේ නැහැ. ඊට අමතරව ඉන්නවා නම් විශේෂ අවසර පත් ලබා ගැනීමක් සිදු  කරන්න වෙනවා.ඒ පිළිබදව සොයා බලන්න බළධාරීන් ඉන්නවා. පෙරේරා  පැවසීය.

The Sri Lanka Tourism Development Bureau says that measures have been taken to attract 300,000 tourists to Sri Lanka in the next four months. The bureau says that apart from the traditional markets – Germany, England, France, India and Middle Eastern countries – it is looking at promoting Sri Lankan tourism in China, Japan, the Netherlands and Italy. However, tour guides and small time businessmen, especially in the Southern coastal belt, say that tourist arrivals to the country are yet to pick up. They feel the country’s is not being well promoted in foreign countries. Meanwhile, the Cultural Triangle Hotels Association notes there has been an increase in tourist arrivals due to the improved security situation.

  • Share/Bookmark