කොළඹින් මතුවන භික්ෂු විරෝධතා

December 29, 2009 by Editor  
Filed under Featured, Stories

Bikkhu protests in Colombo

නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් විරෝධතා දැක්වීමට භික්ෂුන් වහනේසේලා කොළඹට පැමිණීම කාලයකින් දකින්නට නොලැබුණ නමුත් නැවත වරක් කොළඹ නගරයේ භික්ෂූන් වහන්සේලාගේ විරෝධතාවයන් ආරම්භවී තිබේ. ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් නාම යෝජනා භාරදීමෙන් පසුව කොළඹ නගරයේ භික්ෂුන්ගේ උද්ඝෝෂණ හා ෂත‍්‍රග‍්‍රහ වේගයෙන් ව්‍යාප්තවූයේය.

මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන භික්ෂූන්වහන්සේලාගේ සත්‍යග‍්‍රහ සියල්ලම සංවිධානය වී තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමිනි. එක් භික්ෂු කණ්ඩායමක් ජනාධිපතිවරණය ඉදිරිපත්ව සිටින වත්මන් ජානාධිපති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින අතර තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව සිටින සරත් ෆොන්සේකාට සහාය දැක්වීම සදහා ඉදිරිපත්ව සිටී.

මැතිවරණ වේදිකාවේ හා ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් සිදුකරන ප‍්‍රකාශන් පිළිබදව ප‍්‍රතිචාර දැක්වීම සදහා ජනාධිපතිවරයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා කොළඹට රැස්ව සිටින අතර විපක්ෂයේ පෙදු අපේක්ෂකයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීමට විරෝධය දැක්වීම සදහා ෆොන්සේකාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව සිටිති.

වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් ශ‍්‍රී ලාංකීය භික්ෂු එකමුතුව විසින් දෙසැම්බර් 28 වැනිදා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් විහාරමහා දේවී උද්‍යානයේදී පැවැත්වුනේය. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිටි පැමිණි භික්ෂූන් වහන්සේලා මේ සදහා සහභාගී වී සිටි අතර විහාරමහා දේවී උද්‍යානය අසල සිට බුදුන් වැදීමෙන් අනතුරුව සත්‍යග‍්‍රය ආරම්භ කළේය. ‘‘දිවි හිමියෙන් මව්බිම සුරකිමු විජයග‍්‍රහණය ඉවසාගත නොහැකි ජාත්‍යන්තර බලවේග මගින් ලංකාවට සිදුකරන අනවශ්‍ය ඇගිලි ගැසීම් වහාම නවතනු’’ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබුනේය.

‘‘විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් (සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට) ප‍්‍රකාශයක් කර තිබෙනවා. මේ ප‍්‍රකාශය මගින් රටට හානියක් සිදුව තිබෙනවා. මේ සදහා විරෝධතාවය දැක්වීම සදහා භික්ෂූන් වහන්සේලා පා ගමනනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියා.’’ මෙම සත්‍යග‍්‍රහයට සම්බන්ධවූ දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිටුපස විජාතික කුමන්ත‍්‍රණකරුවන් සිටින බවත් යුද්ධය ජයග‍්‍රහණය කළ නායකයා වන වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම යුතුකමක් වන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

විහාරමහා දේවී උද්‍යානය අසලට රැුස්වූ භික්ෂූන් වහන්සේලා වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට කතිකා කරගත් බවද ඒ හිමියෝ කීහ. මේ අවස්ථාවට සහභාගීවී සිටි ලංකාවේ විවිධ පළාත්වල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ප‍්‍රදේශ වෙත ගොස් පන්සල් මට්ටමින් විපක්ෂයේ පොදු අපේකෂකයා විසින් සිදුකර තිබෙන ප‍්‍රකාශය පිළිබදව දැනුවත් කිරිමට කටයුතු කරන බවද නාලක හිමියෝ කීහ. විදේශ රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන විවිධ දේශපාලන අතපෙවීම් පිළිබදව වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සත්‍යග‍්‍රහ පවත්වන භික්ෂූන් වහන්සේලා අවධානය යොමුකර තිබුනේය. ඒ අනුව ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවතන ලෙස මෙම භික්ෂූන් වහන්සේලා එක්සත් ජාතීන්ගේ සංවිධානයනේ ඉල්ලා සිටියේය.

‘‘ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවත්වන ලෙස ඉල්ලාසිටිමින් අපේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත සංදේශයක්ද භාරදුන්නා.’’ නාලක හිමියෝ ්පැවසවූහ.

ආණ්ඩුවට සහාය දක්වන භික්ෂූන්වහන්සේලා විහාරමහා දේවී උද්‍යානය අසල සත්‍යග‍්‍රහ පවත්වන අවස්ථාව වන විට ආණ්ඩුවට විරෝධය දක්වන භික්ෂූන් වහන්සේලා කොටුව බෝධිය අසලට වී සත්‍යග‍්‍රහ පැවැත්වූහ. එම භික්ෂුන් වහන්සේලා ආණ්ඩුව  විසින් කරන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රීයාමාර්ගයන්ට විරෝධය දක්වා තිබුණි. උන්වහන්සේලා සත්‍යග‍්‍රහයක පැවැත්වීමට ප‍්‍රභලම හේතුව වී තිබුනේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් නිදහස් කරන ලෙස බලකිරීම සදහාය.

‘‘ඉතාමත් පහත් වෛරී හා කෘහක ආකාරයෙන් දේශපාලන ගනුදෙනු බේරානොගන්නා ලෙස රජයට දැනුවත් කිරීම සදහා භික්ෂූන් වහන්සේලා හා තවත් ගිහි පිරිස් කොටුව බෝධීය අසලට රැස්වී ෂත්‍යග‍්‍රහයක නිරතවුනා.’’ ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පූජ්‍ය පූජිත හිමියෝ පැවසූහ.

වත්මන් ජනාධීපතිවරයා ජයග‍්‍රහණය කිරීම සදහා ගමින් ගම නගරයෙන් නගරය වෙත ගොස් ජනාධිපති රාජපක්ෂට හිමි නැති ජයක් ලබාදුන් හිමිනමකට සලකන ආකාරය ඉතාමත් පහත්යැයි උන් වහන්සේ පැවසූහ. ජනාධිපති රාජපක්ෂ අනුගමනය කර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන පවුල් වාදය අනුමත නොකළ නිසා රජය විසින් අමිල හිමියන්ට විරුද්ධව පියවර සොයමින් සිටින්නේයැයි පූජිත හිමියෝ කීහ.

මුදල් වංචාවක් පිිළිබදව චෝදනා මත රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින අමිල  හිමියන් හොරණ මහේස‍්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 29 වැනිදා ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේදී අමිල හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අධිකරණය උන්වහස්සේ ජනවාරි මස අට වැනිදා දක්ව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. අමිල හිමියන් අධිකරණයට ඉරිපත් කරන අවස්ථාවේදී බණ්ඩාරගම නගරයේදී තවත් උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබුනේය. ඒ උන් වහන්සේට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සදහාය. මෙම උද්ඝෝෂණයට ආණ්ඩු පක්ෂයේ ආධාර කරුවන් විසින් පහරදුන්නේයැයි පූජිත හිමියෝ කීවේය.

‘‘මෙයින්ම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ගමන් මාර්ගය පැහැදිළිව පෙනෙනවා.’’ උන්වහන්සේ පැවසූහ.

දඹර අමිල හිමියන් සිරගත කළත් වර්තමානයේ ක‍්‍රියාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන් මාර්ගයට එරෙහිව හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සදහා තවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියට පැමිණෙන්නේයැයි පූජිත හිමි කීහ.

‘‘මෙම අත්අඩංගුවට ගැනීම හරහා රාජපක්ෂලා ගෙනයන නීති විරෝධී පාලනය අවසන් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම තවත් වේගවත් කළා. එය තවත් ශක්තිමත් කළා.’’ පූජිත හිමියෝ සදහන් කළහ.

Protests organized by bhikkus in Colombo have increased with the Presidential election campaigning. While some bhikkus had organized a sathyagraha in support of President Mahinda Rajapaksa, another group of bhikkus had gathered to support the opposition common candidate General Sarath Fonseka. The bhikkus in support of the President gathered at the Viharamahadevi Park to protest against a comment made by General Fonseka. The other group of bhikkus gathered opposite the Pettah Bo tree against the anti-democratic actions of the government they claim resulted in the arrest of National Bhikku Front Leader, Ven. Dambara Amila Thero.

 

  • Share/Bookmark

නැවත පදිංචි කිරීම් පිළිබදව එක්සත් ජාතීනගේ සංවිධානයේ ප‍්‍රසාදය

November 20, 2009 by Editor  
Filed under Featured, Stories

SRI LANKA/Holmes commends resettlement

දශක තුනක කාලයකට අධික කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වී සිටින පිරිස් නැවත පදිංචිකිරීම මේ වන විට වේගවත් ආකාරයෙන් සිදුවන බවත් එහෙත් නැවත පදිංචිකිරීම් පිළිබදව තව දුරටත් අවධානය යොමුකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හෝල්ම්ස් ප‍්‍රකාශ කරයි.

‘‘අවතැන්වූවන් මුල් කාලයේදී නැවන පදිංචි කිරීම ඉතා සෙමින් සිදුවුනේ. ඒ පිළිබදව අපි කිසියම් ආකාරයක කළකිරීමකින් සිටියේ. නමුත් මීට සති දෙක තුනකට පෙර සිට මේ තත්වය වෙනස්වී තිබෙනවා. නැවත පදිංචිකිරීම් ඉහළ ගොස් තිබෙනවා.’’ ලකාවේ සිදුකළ තෙදින නිල සංචාරය අවසානයේදී විදේශ කටුයතු අමාත්‍යාංශයේදී නොවැම්බර් 19 වැනිදා පැවති ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හොල්ම්ස් කීවේය.

ගැටුම් අවසාන වන විට දෙලක්ෂ අසූදහසක් පමණ වන පිරිසක් අවතැන්වූවන් බවට පත්ව තිබූ අතර මේ වන විට පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා සුභසාධන කදවුරුවලින් පිටත්කර යවා ඇතැයි අවතැන්වූවන් පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. මේ වන විට අවතැන් පුද්ගලයින් 132 748 ක් වව්නියාව ඇතුළු උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල රදවා සිටින්නේයැයි එම වාර්තාව සදහන් කළේය.

මේ වන විට අවතැන් පිරිස් නැවත පදිංචි කිරීම් කටයුතු සාර්ථකව සිදුවන්නේයැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීය.

උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් නැවත තමන්ගේ ගම් බිම් කරා පිටකිරීමට කටයුතු කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා සිය ප‍්‍රසාදය පළ කර තිබුනේය.  පුද්ගලයින් නැවත පදිංචි කිරීම පිළිබදව සෑහීමකට පත්විය හැකි බවද හොල්ම්ස් පැවසුවේය.

අවතැන්වී සිටින පිිරිසි දින එකසිය අසූවක් ඇතුළත නැවත පදිංචි කරන බව යුද ගැටුම් අවසානවූ මැයි මාසයේදී රජය විසින් එක්සත් ජාතීනේගේ සංවිධානය වෙත සහතිකයක් ලබාදුන්නේය. මෙම කාලසීමාව ඇතුළත අවතැන්වූවන් නැවත පදිංචිකළ යුතු බවට ජාත්‍යන්තර ප‍්‍රජාව දිගින් දිගටම ප‍්‍රකාශ කළේය. එහෙත් දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පිරිස් නැවත පදිංචිකර අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැවසුවේ නැත.

‘‘දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පුද්ගලයින් නැවත පදිංචි කරනවාද නැතිනම් මේ වසර අවසාන වන විට අවතැන් කදවුරු සියල්ල වසා දමනවාද යන්න එතරම් වැදගත් වන්නේ නැහැ. වඩාත් වැදගත් වන්නේ මේ පිරිස්ට තමන් කැමති තීරණ ගැනීමට අවස්ථාව ලබාදීමයි.’’ හොල්ම්ස් කීවේය.

අවතැන් පිරිස් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති පහසුකම් හා තමන්ගේ ගම් බිම් වල ඇති පහසුකම් පිළිබදව සන්සන්දනය කිරීමෙන් පසුව තමන්ගේ ගම් බිම්වලට යනවාද නැතිනම් තවදුරටත් අවතැන් කදවුරුවලම රැදී සිටිනවාද යන්න පිළිබදව වන තීරණය ඒ පුද්ගලයින්ට ගැනීමට හැකියාව තිබිය යුතු බවද ඔහු පැවසුවේය. ‘‘තමන්ගේ ගම් වල ඇති පහසුකම් වලට වඩා වැඩි පහසුකම් අවතැන් කදවුරුවල තිබෙන  නිසා අවතැන් පිරිස් තවදුරටත් සුභසාධන මධ්‍යස්ථාන වල රැදී සිටීමට තීරණය කිරීමෙන් පසුව තවදුරටත් ඔවුන් කදවුරුවටල වී සිටීම ගැටලූවක් නොවේ. එහෙත් පුද්ගලයින්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතුයි.’’ හොල්ම්ස් කීවේය.

අවතැන් පිරිස් යළි පදිංචිකිරීමේ වැඩකටයුතු තවදුරටත් දියුණු කරීමට හැකියාවක් පවතින බවත් එම ක‍්‍රියාදාමය තවදුරත් දියුණු විය යුතු බවත් හොල්ම්ස් පැවසුවේය. නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී තොරතුර ලැබීමේ ගැටලූවක් පවතින බවත් අවතැන් පිරිස් වෙත  නැවන පදිංචි කිරීම් පිළිබදව වන තොරතුරු නිසි පරිදි ලැබෙන්නේ නැති බවත් හොල්ම්ස් පැවසීය.

‘‘අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කරන්නේ කවදාද ඔවුන් ගමන් කරන්නේ කුමන ප‍්‍රදේශ වලටද යන්න පිළිබදව වන තොරතුරු ඔවුන්ට නිසි පරිදි ලැබෙන්නේ නැහැ.’’ එක්සත් ජාතීනගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා කීවේය. මෙම තොරතුරු නොලැබීයාමේ ගැටලූවට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවද අවතැන් පුද්ගලයින්ට අවශ්‍ය තොරතුරු ලබාදීමේ කටයුතු නිසි පරිදි සිදුකිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහයෝගය ලබාදෙන බවද හොල්ම්ස් කීය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එම කටයුතු අවසන්වීමෙන් පසුව නැවත පදිංචි කිරිම් කළ යුතුව ඇතැයි ඔහු කීය. ‘‘බිම් බෝම්බ ඉවත්කිරීම විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.’’ ගටුම් පැවති ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ හොල්ම්ස් කීය. නැවත පදිංචිකරන්නන්ගේ ආරක්ෂාව සදහා බිම්බෝම්බ ඉවත්කිරීම හා බිම් බෝම්බ පිළිබදව ජනතාව දැනුවත් කිරීම වැදගත් වන බවද ඔහු කීවේය.

‘‘බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හා රජය අතර සාකච්ඡා සිදුවුනා.’’ බෝගොල්ලාගම පැවසීය.‘‘පුද්ගලයින නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල දියුණු කිරිම හා නැවත පදිංචිකරීම් සිදුකරන ප‍්‍රදේශවල නිවාස මූලික අවශ්‍යතාවන් හා ජීවන උපාය මාර්ග සතුටුදායක තත්වයකට ගෙන ඒම සදහා එක්සත් ජාතීනගේ සංවිධානය රජය සමග සහයෝගයෙන් වැඩ කරනවා.’’ හොල්ම්ස් පැවසුවේය.

නැවත පදිංචි කර සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවන තත්වය නැවත යථා තත්වයට පත්කරගන්නාතෙක් ආහාර වැනි සහනාධාර ලබාදීමට සිදුවනු ඇතැයි හොල්ම්ස් කීය. නැවත ගම්බිම් කරා ගමන්කරන පුද්ගලයින්ගේ ජීවනමාර්ග යථා තත්වයට පත්කිරීම පිළබදව මෙම සංචාරය තුළදී එක්සත් ජාතීනගේ සංවිධානයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡුා කළ බවද ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

‘‘සුභසාධන මධ්‍යස්ථාන වල රැුදී සිටින ජනතාවට ඉන් පිටතට පැමිණ තමන්ගේ ජීවන තත්වය නැවත සාමාන්‍ය තත්වයට පත්කරගැනීමට ගෙනයන වැඩපිලිවෙල නොකඩවා සිදුකරගෙන යතැයි බලාපොරොත්තු වෙනවා.’’ හොල්ම්ස් සදහන් කළේය.

ලංකාවේ සිදුකරන මානුශික කටයුතු සදහා සහාය ලබාදීමට එක්සත් ජාතීනගේ සංවිධානය ඇතුළු මානුශීය සහන සංවිධාන සූදානමින් සිටින්නේයැයි හොල්ම්ස් කීය. ‘‘අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු මානුශිය සහනාධාර ලබාදීමටත් එක්සත් ජාතීනගේ සංවිධානය හා මානුශීය සහන සංවිධාන සූදානමින් සිටිනවා.’’ ඔහු කීවේය.

ලංකාවේ දීර්ඝ කාලීන ස්ථිර සාමයක් හා සාර්ථකත්වයක් ඇතිකරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය දක්වන බවද හොල්ම්ස් පැවසුවේය.

මෙම වසර තුළදී සිව්වැනි වරටත් ලංකාවේ සිදුකළ සංචාරය අතරතුරේදී යාපනයේ හා වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ හොල්ම්ස් පුද්ගලයින් නැවත පදිංචි කර තිබෙන ප‍්‍රදේශ නිරීක්ෂනය කළේය. සුභසාධන කදවුරුවල රැුදී සිටින පුද්ගලයින් හා ඔවුන් නැවත පදිංචිකිරීමේ ක‍්‍රියාදාමය පිළිබදව රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවීමටද හොල්ම්ස් කටයුතු කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බොගොල්ලාගම ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ යන අමාත්‍යවරු හා හොල්ම්ස් අතර අවතැන්වූවන් පිළිබදව වන සාකච්ඡා පවත්වා තිබුනේය.

  • Share/Bookmark

එක්සත් ජාතීන්ගේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා ලංකාවේ සංචාරයක

November 17, 2009 by Editor  
Filed under Featured, Stories

Jhon holms mainUN Humanitarian Chief in Colombo

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා අවතැන් කදවුරුවල ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමට හා ඉදිරි ක‍්‍රියාමාර්ග පළිබදව සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හොල්ම්ස් ලංකාවට පැමිණියේයැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජීව් විජේසිංහ පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබදව නියෝජ්‍ය මහ ලේකම්වරයා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මෙම කාරණා දෙක පිළිබදව වන බවද විජේසිංහ සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාවේ අවතැන්වූ පුද්ගලයින් සදහා විශාල වශයෙන් ආධාර ලබාදී ඇති බැවින් එම ආධාර බෙදාදී ඇති ආකාරය පිලිබදව මෙම සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.

‘‘අවතැන් කදවුරුවල තත්වය වර්ධනය වී ඇති ආකාරය පිළිබදව මෙන්ම ඉදිරියේදී අවතැන්වූවන් පිලිබදව මෙන්ම අපේ රටේ සැලසුම් පිළිබදව මෙහිදී අවධානය යොමුකරනවා. අපිට ආධාර ලබාගැනීම සදහා ඉදිරියේදී තිබෙන සැලසුම් මොනවාද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කරනවා.’’ විජේසිංහ කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානායේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිව් දින නිල සංචාරයක් සදහා නොවැම්බර් 17 වැනිදා ලංකාවට පැමිණියේයැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. මොහුගේ සංචාරය අතරතුරදී අවතැන්වී සිටින පුද්ගලයින් රදවා සිටින කදවුරු නිරීක්ෂණය කිරීමට නියමිත අතර ලංකාවේ ඉහළ පෙලේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

‘‘නොවැම්බර් 17 වැනිදා වව්නියාවේ හා යාපනයේ තිබෙන අවතැන් කදවුරු නිරීක්ෂණය කිරීමට හොල්ම්ස් කටයුතු කරනු ඇති. ඉන් පසුව බදාදා දිනයේ සවස විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජොන් හෝල්ම් අතර සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතයි.’’ විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හොල්ම්ස් අතර සාකච්ඡා නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

ලංකාවේ යුද ගැටුම් පැවති අවසන් කාල සීමාවේදී හොල්ම්ස් අවසන් වරට ලංකාවට පැමිණියේය. මෙවර හොල්ම්ස් ලංකාවට පැමිණෙන්නේ මේ වසර ඇතුළතදී සිදුකරන තුන්වැනි නිල සංචාරය වශයෙනි. ඔහු අවසන් වරට ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී අවතැන්වූවන්ගේ මානුශික අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන දහයක මුදලක් එක්ස්ත් ජාතීන්ගේ සංවිධානය හරහා ලංකාවට ලබාදීමට කටයුතු කරන්නේයැයි නිවේදනය කළේය.

යුද ගැටුම් නිසා අවතැන්වූවන් පුද්ගලයින් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙලේ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අවස්ථාව වන විට අවතැන්වූ පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා අවතැන් කදවුරුවලින් නිදහස් කර ඇතැයි උතුරු පළාතේ මානුශීය කටයුතු පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. අම්පාර මඩකලපුව යාපනය නැවර කිළිනොච්චි මන්නාරම මුලතිව් පොළොන්නරුව ත‍්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත‍්‍රික්කවල මෙම පිරිස් නැවත පදිංචි කර ඇතැයි ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය කීවේය.

මේ වන විට ගැටුම් නිසා අවතැන්ව සිටින 143 161 කට වඩා වැඩි පිරිසක් මේ වන විටත් සුභසාධන කදවුරුවල සිටින බව එම අමාත්‍යාංශය කීවේය. මේ අතර වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානවල අවතැන්වූ පවුල් 43 251 කට අයත් අවතැන්වූවන් 132 748 ක්ද යාපනයේ පවුල් 1 105 ක අවැතැන්වූවන් 3 373 ක්ද වන බවද ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පැවුවේය.

UN Humanitarian Chief Sir John Holmes arrived in Sri Lanka on a four day official tour to assess the progress in the IDP camps and the resettlement of the IDPs. During his third visit to the country in 2009 he is scheduled to visit the IDP camps in the North and meet with key government officials including the President. Holmes is to discuss the progress in the welfare of the IDPs and future plans for the IDPs drawn by Sri Lanka, Secretary to the Ministry of Disaster Management and Human Rights Prof Rajiva Wijesinha said.

  • Share/Bookmark

බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කළ යුතුයි – එ.ජා සංවිධානය කියයි

November 11, 2009 by Editor  
Filed under Featured, Stories

Land mine mainLandmines, unexploded ordnance a barrier to return

තවමත් ඉවත් නොකළ බිම් බෝම්බ හා පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය හේතුවෙන් උතුරේ අවතැන් ජනයාට බාධාවකින් තොරව සිය ගම් බිම් කරා යාමට නොහැකි වී ඇතැයි ශ‍්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ප‍්‍රකාශ කරන පරිදි උතුරේ වර්ග කිලෝමීටර් හාරසීයක පමණ භූම් ප‍්‍රදේශයක බිම් බෝම්බ සහ පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය මිලියන 1.5 ප‍්‍රමාණයක් පැතිරී තිබේ.

‘‘ යුද්ධයෙන් හානි වූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට හා නැවත පදිංචියට සුදුසු තත්ත්වය සැකසීමට පෙර බිම් බෝම්බ ඉවත් කිරීමට පුර්ව අවශ්‍යතාවක් ’’ යැයි  සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රකාශක  ඇන්ඩෙ‍්‍රජ් මහේසික් පැවසුවේය.

‘‘ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම යළි ඇරඹිය හැකියි ’’ මහේසික් ප‍්‍රකාශ කළේය.

යුද්ධය පැවති අවසාන මාස කිහිපය තුළ උතුරු ප‍්‍රදේශයේ ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ  ජනතාවක් අවතැන් වූ අතර ඔවුන් රජය විසින් පිහිටු වන ලද සුබසාධන ක`දවුරු වල ර`දවා සිටී. රජයේ වාර්තා වලට අනුව මේ වන විට ඉන් එක් ලක්ෂ අටදහසක පමණ ජනතාවක් නැවත පදිංචි කර තිබේ. එමෙන්ම තවත් අවතැන්වූවන් විශාල සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය ඇතුළත නැවත පදිංචි කරනු ඇත.

මෙසේ නැවත පදිංචි කරන්නවුන් හොහොමයක් යාපනය වව්නියාව මන්නාරම මුලතිව් ත‍්‍රීකුණාමලය මඩකලපුව හා අම්පාර යන දිස්ති‍්‍රක්යන්ට අයත් වේ. ඉතා සුළු පිරිසක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයට ද අයත් වන බව සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

‘‘ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවට අප සහතික වෙනවා. එහෙත් අවතැන් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයට  ඊටත් වඩා වැදගත් වනවා.’’ යැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.

එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ප‍්‍රමාද වුව හොත් කිළිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශ වල අවතැන් ජනයා නැවත පදිංචි කිරීම තව දුරටත් පමා වනු ඇත.

‘‘ මේක විශාල අභියෝගයක්. යුද්ධය පැවති ආකාරයෙන් පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් පැතිරී ඇති.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී  නේල් බියුනේපැවසීය.

‘‘ සමහර ප‍්‍රදේශ වල කොච්චර පුපුරන ද්‍රව්‍ය තියෙනවද කියලා නිශ්චිත අදහසක් නැහැ. සමහර වෙලාවට බිම් බෝම්බ කොපමණ ප‍්‍රමාණයක් ඉවත් කළාද කියලත් නිශ්චිතවම කියන්නත් බැහැ.’’ බියුනේ පැවසීය.

අවතැන් කදවුරු වල සිටින ජනතාව ඉන් ඉවත් නොවූව හොත් ආධාර ප‍්‍රදානය කරන්නන් අධෛර්යමත් වනු ඇති බවට එක්සත් ජාතීන් පසුගිය කාලයේදී අනතුරු ඇගවීම් සිදු කර තිබිණි. කදවුරු වල සිටින ජනතාවට ආධාර කිරීමට වඩා අවතැන් කදවුරු වලින් පිටවී නැවත පදිංචියට යන ජනතාවට ආධාර කිරීමට ආධාර ප‍්‍රදානය කරන්නන් සතුටු වනු ඇතැයි නේල් බියුනේ පැවසීය.

මේ වන විට බිම් බෝමිබ ඉවත් කිරීම සදහා වන උපකරණ ස්ලෝවැකියාවෙන් හා ක්‍රෝටියාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා සදහන් කරයි. ඇමරිකන් ඩොලර් මිලියන හතරක වියදමක් දරා ගෙන්වා ඇති මෙම උපකරණ මගින් දිනකට වර්ග මීටර් පන්දහසක භූමි ප‍්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර තිබේ. පසුගිය හත් වැනිදා  සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ ශී‍්‍ර ලංකා රජයට ලබා දී තිබේ.

‘‘ මෙම උපකරණ හැකි ඉක්මනින් උතුරට යැවිය යුතුයි. මේ වන විට ශ‍්‍රී ලංකා රජයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා දේශිය බිම් බෝම්බ ඉවත් කරන්න් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා.’’ මහේසික් පැවසුවේය.

‘‘ සමහර ජනයා වසරේ කිහිප වතාවක්ම අවතැන් වී සිටිනවා. කදවුරු වලින් පිටව යන ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගා සිටු වන්නට ආධාර අවශ්‍ය වී තිබෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට උදව් අවශයයි.’’ බූනේ පැවසීය.

‘‘ මේ වන විට සැලකිය යුතු සංඛ්‍යාවක් නැවත පදිංචි කරවලා තියෙනවා. ඔවුන්ට රැුකියා අවස්ථා ලබා දීම ජීවන තත්ත්වය නගා සිටු වීම හා පෙර ඔවුන් සිදු කළ ව්‍යාපාර ආදිය කර ගෙන යාමේ අවස්ථාව ලබා දීමට අප කටයුතු කරමින් සිටිනවා.’’ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.

වර්ල්ඩ් විෂන් වැනි නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අවධානයෙන් පසුවන ආයතන ප‍්‍රකාශ කරන්නෙ නැවත පදිංචි කිරීමේ කි‍්‍රයාවලිය සදහා ඉක්මන් ආධාර ලැබිය යුතු බවයි. ඒ සදහා ඇමරිකන් මිලියන දෙකක පමණ ආධාරයක් හැකි ඉක්මනින් ලැබිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

‘‘ අවතැන් ජනයා නැවත පදිංචි කිරන ලෙස අපි ඉල්ලා සිටියා. පොරොන්දු වූ පරිදි එ් කටයුතු සිදු කිරීම වැදගත්.’’ යැයි වර්ල්ඞ් විෂන් ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂක සුරේෂ් බාර්ට්ලෙට් පැවසුවේය.

අවම වශයෙන් දිනකට දෙදහසක් පමණ පුද්ගලයන් නැවත පදිංචියට සිය ගම් බිම් බලා යන බව වර්ල්ඩ් විෂන් ආයතනය පෙන්වා දෙයි.

‘‘ අපි සියල්ලෝම සතු යුතුකම හා වගකීම වන්නෙ ඔවුන් නැවත සමාජගත කිරීමයි. අතීතයේ පැවති තත්ත්වයට නැවතත් ඔවුන් පත් නොකළ යුතුයි.’’ බාර්ට්ලෙට් ප‍්‍රකාශ කළේය.

The government and the UN say that landmines and unexploded ordnance have posed a barrier for the displaced persons in the North to return to their homes. Foreign Minister Rohitha Bogollagama states that about 1.5 million landmines and unexploded ordnance are spread across a 400km2 land area in the North. The UNHCR spokesperson says de-mining the north would help IDPs return home and commence development activities in the area. Meanwhile, many relief agencies continue to highlight the importance of resettling the IDPs as soon as possible.

  • Share/Bookmark

අවතැන් ළමුන් තිස්හය දහසකට සරම්පා එන්නත

August 7, 2009 by Editor  
Filed under Featured, Stories

kids36,000 kids get measles vaccine – උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුද ගැටුම් නිසා අවතැන්ව සුභසාධන කදවුරුවල රැදී සිටින දහ දහස් ගණනක් වන ළමුන්ට සරම්ප එන්ත ලබාදීම වඩාත් ව්‍යාප්ත කිරීමට රජය හා සහන සංවිධාන අගෝස්තු මස මුල් සතියේදී කටයුතු කළේය.

යුද ගැටුම්වලට මැදිවී සිටි ළමුන් තිස්හයදහසකට මේ ආකාරයට සරම්ප එන්නත ලබාදුන්නේය.

‘‘(එන්නත් ලබාදීමේ වැඩසටහනට) හොද ප‍්‍රතිචාරයක් ලැබුනා. එන්නත් ලබාදීමේ වැඩසටහනට ළමුන් හා දෙමාපියන් පැමිණිම යහපත් තත්වයක පැවතියා.’’ යුනිසෙෆ් සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ වැඩබලන නේවාසික ප‍්‍රධානී ජෙසිරී ජොන්සමා පැවසුවේය.

අවතැන කදවුරුවල සිටින ළමුන්ට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන අගෝස්තු තුන්වැනිදා ආරම්භ වූවේය. සෞඛ්‍ය අමාත්‍යාංශය යුනිසෙෆ් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය සර්වෝදය ඇතුළු තවත් සංවිධාන කීපයක දායකත්වයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.

සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන සදහා මහජන සෞඛ්‍ය නිළධාරීන් සියදෙනෙක් හා ස්වේච්ඡා සේවකයින් එක්දහස් දෙසීයක් පමණ සහභාගී වූ බව යුනිසෙෆ් සංවිධානය කියන්නේය. වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන තිහක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.

අවතැන් කදවුරුවල සිටින ළමුන් වෙනත් වසංගත රෝගවලට ගොදුරුවීම වැලැක්වීම සදහාද නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක වෙමින් පවතී. වසංගත රෝග හා මන්දපෝෂණය පැතිර යාම වැලැක්වීමට පණු බෙහෙත් හා විටමින් ඒ ළමුන්ට ලබාදීමට ද කටයුතු කර තිබේ.

අවතැන් කදවුරුවල සෞඛ්‍ය තත්වය පිළිබදව වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජුලි 27 වැනිදා ඉදිරිපත් කළ   වාර්තාව  මගින් සරම්ප එන්නත පිළිබදව නව නිර්දේශ ඉදිරපත් කර තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.

‘‘වයස මාස හයත් අවුරුද්දත් අතර වන ළමුන්ට සරම්ප එන්නත ලබාදෙනවා. වයස අවුරුද්දත් අවුරුදු තුනත් අතර වන ළමුන්ටත් එම එන්නත ලබාදෙනවා. පිටගැස්ම හා ගලපටලය සදහා එන්නත් ලබානොගත් වයස අවුරුදු දහතුනත් විසි එකත් අතර වසයේ වන පිරිමි හා ගැහැණු ලමුන්ට ටී.ඞී. එන්නත ලබාදෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

අවතැන් කදවුරුවල සහන සේවා කටයුතු කරන සහන සේවකයින්ට වසංගත රෝග බෝවීම වැලැක්වීම සදහාද වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේය.

‘‘අවතැන් කදවුරුවල සිටින ආහාර බෙදාහැරීමේ කටයුතු හා සෞඛ්‍ය වැඩසටහන් කරන සහන සේවකයින්ට තයිෆයිඩ් ප‍්‍රකිශක්තිකරණය ලබා දුන්නා.’’ ඔවුන් පවසන්නේය.

අවතැන් කදවුරුවල සිටින ළමුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව දැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

‘‘ශ‍්‍රී ලංකා රජය අවතැන් කදවුරුවල සිටින ළමුන්ගේ සෞඛ්‍ය සදහා මූලික තැනක් ලබාදී තිබෙනවා. අවතැන්වූ පිරිස් ආරක්ෂා කිරීමට අපි බැදී සිටිනවා.’’ අවතැන් කදවුරුවල සිටින ළමුන්ට සරම්ප එන්නත ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අතුල කහදලියනගේ පැවසුවේය.

යුද ගැටුම් නිසා අවතැන්ව සිටින්නන් රදවා තිබෙන සුභසාධන මධ්‍යස්ථානවල අතිවිශාල පිරිසක් රැදී සිටින නමුත් මේ වන තෙක් වසංගත තත්වයක් වාර්තාවී නැතැයි එක්සත් ජාතීන්ගේ සහන සංවිධාන කියයි.

අවතැන් කදවුරුවල වසංග රෝග ව්‍යාප්තියක් දක්නට නොමැති නමුත් පැපොල අවතැන් කදවුරු ආශි‍්‍රතව ව්‍යාප්තව තිබුනේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව ජුනි මාසය අවසන් වන විට අවතැන් කදවුරුවලින් පැපොල රෝගීන් දොළොස්දහසක් වාර්තාවී තිබුනේය.

කෙසේ නමුත් ඉක්මනින්ම පැපොල පැතිරීම වලක්වාගැනීමට හැකියාව ලැබුනේය.

‘‘අවතැන් කදවුරුවල වසංගත තත්වයන් පිළිබදව අවධානය යොමුකර තිබෙනවා. මේ නිසා පාචනය වැනි රෝග තත්වයන් අඩුවීම පෙන්නුම් කරනවා. නමුත් කම්බුල්ගාය වැනි රෝග තත්වයන් වාර්තාවී තිබෙනවා. නමුත් මෙම රෝග තත්වයන් අලූතින් වාර්තාවී නැහැ.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ වාර්තාව පැවසුවේය.

අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින් මේ වන විට සෞඛ්‍ය පිළිබදව අවධානය යොමුකර තිබෙන බවද යුනිසෙෆ් සංවිධානය කීය.

මේ අතර අවතැන් කදවුරුවල මැලේරියාව ඩෙංගු උණ මෙන්ම පැපොල බෝවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. නමුත් අවතැන් කදවුරුවල පවතින අවම සනීපාරක්ෂක පහසුකම් නිසා ජලයෙන් බෝවන රෝග ව්‍යාප්තවීමේ අවධානමක් පවතින්නේයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.

‘‘ඉදිරියේදී පැමිණෙන මෝසම් වැසි කාලයේදී වසංගත රෝග ව්‍යාප්තවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා. මෙහිදී ජනතාවගේ සහභාගීත්වය වඩාත් වැදගත් වෙනවා. ජනතාවගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කළ යුතුයි.’’ ඔවුන් පැවසුවේය.

The government and aid organizations have taken steps to provide the measles vaccination to thousands of children in the northern IDP camps. The campaign was launched on August 3 by the Health Ministry, UNICEF, WHO, the Sarvodaya Movement and several other organizations. About a 100 public health inspectors and 1,200 volunteer personnel participated in the programme. Health Ministry Secretary Dr. Athula Kahandaliyanage said the government has given priority to providing health facilities to children in IDP camps. Although there have been no contagious diseases among IDPs in the camps, the UN said 12,00 persons were affected in June with chickenpox. The government has said it would take necessary steps to ensure the health

  • Share/Bookmark

මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව ජයගනී – අමාත්‍ය මහින්ද සමරසිංහ

June 4, 2009 by Editor  
Filed under Featured, Stories

mahinda-samarasingha

Sri Lanka prevails at UN Human Rights Council

ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ ශාඛාවක් ලංකාවේ ඇතිකළ යුතු බවට වන යෝජනාව එම කවුන්සිලය තුළදී පරාජය කිරීමට හැකියාව ලැබුනු බවත් ඉදිරියේදී මෙවැනි යෝජනා ඉදරිපත් කිරීමේ හැකියාව ඇති බැවින් රට ඒ සදහා සූදානම් කළ යුතුව පවතින බවත් ආපාදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේය.

දෙමළ ජනතාව වැඩිවශයෙන් සිටින විදේශ රටවල පවතින දේශපාලන තත්වයන් අනුව මෙවැනි බලපෑම් නැවත ඇතිවිය හැකියැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලය තුළ ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව වන විවාදය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ලංකාවට පැමිණි  ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ ජුනි 4 වැනිදා කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සමරසිංහ කීවේය.

ලංකාවට විරුද්ධ යෝජනා

‘‘එක්සත් ජාතීනගේ මානව හිමිකම් කවුන්සිලටය යෝජනාවට මෙරට සෛවරීභාවයට බලපෑම් කළ හැකි යෝජනා ඉදරිපත්ව තිබුණා. ඒ සමගම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් ලංකාවේ පිහිටවිය යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. ඒ යෝජනා දෙකටම අපි විරුද්ධ වුණා. ඒ වගේම එම යෝජනා දෙකම පරාජය කිරීමට අපට හැකියාව ලැබුනා.’’  සමරසිංහ කීවේය.

ලංකාවේ පිහිටුවීමට යෝජනා කර තිබෙන මානව හිමිකම් කවුන්සිලයේ ශාඛාවේ නිරීක්ෂණ කටයුතු එම කවුන්සිලයේ කොමසාරිස් වරියෙගේ අධීක්ෂණයට ලක්විය යුතු බවට වන යෝජනාවට තරයේ විරුද්ධ වූ බවද හෙතෙම සදහන් කළේය.

‘‘මේ යෝජනා පිළිගත නොහැකි බව අපි මුලසිටම කිව්වා. මෙය අපගේ අවම ස්ථාවරය වන බවද අපි එහිදී සදහන් කළා.’’ සමරසිංහ කියන්නේය.

ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට වන යෝජනාව රටවල් 17ක අත්සනින් යුතුව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලය වෙත ඉදිරපත් කර තිබූනේය. ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව එම රටවල් විසින් ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ යෝජනාව ඉතාම රහසිගත අකාරයෙන් සකස් කිරීමට ඔවුන් කටයුතු කර තිබූ බවද එහි කිසිම විනිවිධ බාවයක් දක්නට නොමැති වූ බවටද ඔහු චෝදනා කළේය.

ලංකාවෙන් යෝජනාවක්

ලංකාවට විරුද්ධ රටවල් විසින් ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට පළමුව ලංකාව විසින් තවත් රටවල සහායෙන් යොජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුනේය.

‘‘අපි මුලින්මට උත්සාහ ගත්තේ ඡන්දයක් තියන්නේ නැතිව මේ යෝජනාව සම්මත කර ගැනීමයි.’’ සමරසිංහ කීවේය.

කෙසේ නමුත් ලංකාව ඇතුළු රටවල් විසින් ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡුන්ද විමසීමකට භාජනයකළ අතර බටහිර රටවල් විසින් එම යෝජනාවට සංශෝධන නමයක් ඉදිරපත් කිරීමට උත්සාහ ගත්තේය.

‘‘අපි එම සංශෝධන ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ යොජනාවක් සම්මත කරගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී එවැනි යෝජනාවක් සම්මත කරගත්තේ පළමුවැනි වතාවටයි.’’ අමාත්‍යවරයා කීවේය.

මානව හිමිකම් කවුන්සිලයේ අතැම් තානාපතිවරුන් දේශපාලකයින් ආකාරයෙන් කතා කළ බවටද අමාත්‍යවරයා චෝදනා කළේය. ඇතැම් රටවල් දේශපාලනමය වශයෙන් අදහස් ඉදිරිපත් කළ බවද හෙතෙම සදහන් කළේය.
‘‘වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයක් අවසන් කර ලෝකයේ විශාලම ප‍්‍රාණඇපකරුවන් පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම සිදුකර ඇති අවස්ථවේ මේ ආකාරයෙන් කතා කළ යුතු නැති බව මම එහිදී පැවසුවා.’’ සමරසිංහ සදහන් කළේය.

මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව ජයගනී

එක්සත් ජාතීනගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව වන යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම මැයි 27 වැනිදා පැවැත්වුනේය. එහිදී ලංකාව විසින් ඉදිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් ලැබුණු අතර විපක්ෂව ඡුන්ද 12ක් ලැබුනේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 6 ක් මෙහිදී ඡුන්දය පාවිච්චි කිරීමේ වැලකී සිටියහ.

‘‘ලංකාවේ තියෙන්නේ අභ්‍යන්තර ගැටලුවක්. ඒ සදහා රජය හොද වැඩපිළිවෙලක් ගෙනියන බව මේ ජයග‍්‍රහණයෙන් පෙනී යනවා. අවතැන්වූවන්ට හොද අනාගතයක් ලබාසදීමට අපි ගෙනියන වැඩපිළිවෙලට විශාල සහායක් හිමිව තිබෙවා.’’ සමරසිංහ කීවේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාව ජයග‍්‍රහණය කළ නමුත් ඉදිරියේදී මෙවන් තත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බවද අමාත්‍යවරයා පැවසුවේය.

‘‘ලබන අවුරුද්දේ බොහෝමයක් රටවල ඡන්ද පැවැත්වෙනවා. ඒ රටවල දෙමළ අය දහස් ගණනින් සිටින නිසා මේ වගේ යෝජනා නැවත පැමිණිය හැකියි. ඉදිරියේදී මෙම බලපෑම වැඩිවිය හැකියි.’’ හෙතෙම කියන්නේය.
මෙවැනි යෝජනා නැවත ඉදිරිපත් වුවහොත් ඒවාට මුහුණ දීමට හැකි ආකාරයෙන් කටයුතු කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා කියන්නේය.

සියලුම ජාතීන් එක්විය යුතුයි

‘‘මෙවැනි යෝජනා නැවත පැමිණීම වැලැක්වීම සදහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලුම ජාතීන් එකතුකිරීමට කටයුතු කළ යුතුයි.’’ අවතැන්වූවන්ට හොද අනාගතයක් ලාබදීය යුතුබව පවසන සමරසිංහ පැවසුවේය.

අවතැන්වූවන් හැකි ඉක්මනින් නැවත පදිංචිකිරීටම පියවර ගන්නා බවද හෙතෙම කියන්නේය.
‘‘නැගෙනහිර පළාතේ සිදුකළ අකාරයට දැන් (උතුරු පළාතේ) දේශපාලන ව්‍යුහයක් ඇතිකළ යුතුයි. ඒ වගේම සංවර්ධන වැඩ කළ යුතුයි.’’ සමරසිංහ කීවේය.

ලංකාවට  එල්ලවන බලපෑම් පිළිබදව ජිනීවාහි සිටින තානාපති නිලධාරීන් පසු විපරමක සිටින බවද අමාත්‍යවරයා කීවේය.

මේ අවස්ථාවේදී තානාපති අංශ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පාලිත කොහොන කියන්නේය.

‘‘මේ අවස්ථාවේදී අපට සහාය ලබානොදුන් රටවල් සියල්ලම ඊළග අවස්ථාවේදී අපට සහාය ලබාදේවි.’’ කොහොන විශ්වාසය පළ කරන්නේය.

Disaster Management and Human Rights Minister Mahinda Samarasinghe says that although Sri Lanka managed to defeat the proposal to establish a branch of the UN Human Rights Council (UNHRC) to monitor the country’s human rights issues within the council itself, there was a chance for such a proposal to be presented before the council again.

Samarasinghe said the country opposed proposals brought before the council that undermined Sri Lanka’s sovereignty and to set up a branch of the UNHRC here.

According to the Minister, since most of the countries where large populations of Tamils were residing in are to face elections, there is a chance for another motion to be presented against Sri Lanka to the council.

Foreign Secretary, Dr. Palitha Kohona said the diplomatic corps was engaged in an effort to garner the support of the international community.

  • Share/Bookmark

අවතැන්වූවන්ගේ අවශ්‍යතා ඉහළ මට්ටමක – නීල් බියුනේ

May 29, 2009 by Editor  
Filed under Featured, Stories

un-main

IDP needs high-UN

උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින  සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරුවල මේ වන විට පවතින අවශ්‍යතාවයන් ඉතා ඉහළ මට්ටමක පවතින්නේයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික ප‍්‍රධානී නීල් බියුනේ පැවසීය.

‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය යහපත් අතට ගෙනඒම සදහා වැඩකටයුතු රැසක් සිදුකිරීමට සිදුවෙනවා.’’ කොළඹදී මැයි 29 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී බියුනේ  කීවේය.

‘‘යුධ ගැටුම් නිසා අවතැන්ව සුභසාධන කදවුරුවල සිටින දස දහස් ගණනක් වන පුද්ගලයින් අතරින් දහස් ගණනකගේ මානසික තත්වය හා ශාරීරික තත්වය දුර්වල තත්වයක පවතිනවා.’’ හෙතෙම කීවේය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුධ ගැටුමේ මේ වන විට අවසන්ව ඇති අතර යුධ ගැටුම් අවසානයේදී ලක්ෂ ගණනක සිවිල් වැසියන් පිරිසක් අවතැන්වූවන් බවට පත්වූහ. මැයි 18 වැනිදා රජය විසින් යුද්ධය අවසන් බව ප‍්‍රකාශ කළ අතර මේ වන විට ලක්ෂ තුනකට ආසන්න සිවිල් වැසින් පිරිසක් අවතැන්ව ඇති අතර ඔවුන් වව්නියාව, යාපනය, ත‍්‍රිකුණාමලය හා මන්නාරම යන දිස්ත‍්‍රික්කයන්හි පිහිටි සුභසාධන මධ්‍යස්ථාන 43 ක රදවා සිටින්නේය.

‘‘වව්නියාවේ පිහිටි සුභසාධන කදවුරුවල අවතැන්වූවන් 269,417ක් රදවා සිටිනවා. යාපනයේ අවතැන්වූවන් 11,086 ක් සිටින අතර ත‍්‍රිකුණාමලයේ අවතැන්වූවන් 6,697ක් රදවා සිටිනවා. මන්නාරමේ අවතැන්වූවන් 398 දෙනෙක් රදවා සිටිනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.

අභියෝගය

යුධ ගැටුම් වලින් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහන සේවා සැපයීම මේ වන විට විශාල අභියෝගයක් බවට පත්ව ඇතැයිද එම සංවිධානය පැවසුවේය.

සුභ සාධන මධ්‍යස්ථානයන්හි සිටින අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සහන සේවා සැපයීම සදහා කටයුතු කිරීම රජයේ ප‍්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මානුශීය සහන සංවිධාන ඉදිරිපත්ව සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානියා කියන්නේය.

‘‘ජලය, තාවකාලික නිවාස, සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට රජයේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පියවර යොදා තිබෙනවා.’’ බියුනේ කියන්නේය.

යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත ජාත්‍යන්තර මානුශීය සහන සංවිධානවලට ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ජාත්‍යන්තරය දිගින් දිගටම ප‍්‍රකාශ කරන්නට වූ අතර මේ වන විට අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත ගොස් සහන සේවා සැපයීමට සිය සංවිධානයේ සහන සේවා කණ්ඩායම් වලට අවස්ථාව හිමිව තිබෙන බවද බුහුන් පැවසුවේය.

‘‘මේ වන විට අවතැන්වූවන් රදවා සිටින සියලුම සුභසාධන මධ්‍යස්ථාන වෙත ගොස් සහන සේවා සැපයීමට අවස්ථාව හිමිව තිබෙනවා.’’ ඔහු පැවසුවේය.

අවතැන්වූවන්ගේ කූඩාරම් නිසි පරිදි සකස්කළ යුතුයි

අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති තාවකාලික කූඩාරම් නිසි පරිදි සකස් කළ යුතුව ඇතැයි බුහුන් කියන්නේය.un1

‘‘මේ වන විට ඇතැම් කූඩාරම්වල පවුල් කිහිපයක් සිටිනවා. මේ තත්වයට විසදුම් ලබාදිය යුතුයි. ඒ සදහා ඉඩම් වෙන් කිරීම සිදුකළ යුතුයි.’’ බියුනේ කීවේය.

අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතුව ඇතැයිද හෙතෙම සදහන් කළේය. ජලය හා වතුර ගලාබස්නා කානු පද්ධති ආදිය නිසි පරිදි සකස් කළ යුතුව ඇතැයිද හෙතෙම කියන්නේය.

අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානයන්හි සිටින අවතැන්වූවන්ට එම කදවුරුවලින් පිටතට යාමට මේ වන විට ඇත්තේ ඉතාමත් සීමිත අවස්ථාවකි. අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීමට ඇති අවස්ථාව කෙරෙහිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානියාගේ අවධානය යොමුවූවේය.

‘‘අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීටම අවස්ථාව ලබාදීම ප‍්‍රධාන ගැටලූවක් බවට පත්ව තිබෙනවා. වෙන්වී සිටින පවුල් නැවත එක් කිරීම, අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීම අවස්ථාව ලබාදීම හා අවතැන් කදවුරුවල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම වැදගත් වෙනවා.’’ බියුනේ  කියන්නේය.

යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසින් රැදී සිටින සුභසාධන කදවුරුවල තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ඇමරිකානු කොංග‍්‍රසයේ නියෝජිත පිරිසක්ද ලංකාවට පැමිණි අතර කදවුරුවල තත්වය පිළිබදව ඔවුන්ගේ ප‍්‍රසාදය පළවූයේය.

අවතැන්වූවන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්

අවතැන්වූවන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින් හදුනාගැනීම සදහා ආරක්ෂක අංශ මේ වන විට නොයෙකුත් පියවරන් ගනිමින් සිටින අතර මේ වන විට අවතැන් කදවුරුවල සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිය දෙනෙක් පමණ හදුනාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.

‘‘එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව සිටි පුද්ගලයින් අවතැන්වූවන්ගෙන් වෙන් කර තිබෙනවා. ඔවුන් මේ වන විට පුනරුත්ථාපනය සදහා යවා තිබෙනවා.’’ බියුනේ කීවේය

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතු සදහා සම්බන්ධවී සිටි ළමුන් දෙසීයක් පමණ මේ වන විට අවතැන් කදවුරුවල සිටින බව අනාවරණය වී ඇතැයි යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී පිලිප් ඩුමෙල්ලා කොළඹදී මැයි 29 වැනිදා කීවේය.

‘‘අවතැන් කදවුරුවල සිටියදී හදුනාගත් මෙම ළමුන්ගෙන් 59 දෙනෙක් පුනරුත්ථාපන කටයුතු සදහා අඹේපුස්සට යවා තිබෙනවා.’’ ඩුමෙල්ලා කීවේය.

යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමට පියවර ගත යුතුයැයි මෙම නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානී හීත් ෂූලර් කොළඹදී මැයි 29 දා පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවකදී සදහන් කළේය.

යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී රජයට විශාල වැඩ කොටසක් සිදුකිරීමට සිදුව ඇතැයිද හෙතෙම සදහන් කළේය.

බිම් බෝම්බ ඉවත් කිරීම

අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේදී යුධ ගැටුම් පැවති ප‍්‍රදේශ වල ඇති බිම් බෝම්බ ඉවත් කළ යුතුව ඇතැයිද ඒ සදහා ජාත්‍යන්තරයේ සහාය හිමිවිය යුතු බවත් හෙතෙම සදහන් කළේය.

මේ වසර අවසන් වන විට අවතැන්වූවන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරන බව රජය පවසා තිබෙන්නේය.

‘‘අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ නිවාස හා මූලික යටිතල පහසුකම් සපයා ගැනීම සදහාත් ජීවනෝපාය සකස් කරගැනීම සදහාත් අතිරේක සහායක් ලබාදිය යුතුව පවතිනවා.’’ බියුනේ කියන්නේය.

The needs in the camps currently housing the war displaced civilians in the north remain at a high level, UN’s Country Director in Sri Lanka, Neil Bhune said.

The UN said that providing humanitarian aid to the war displaced has now become a great challenge.

Bhune also said that providing free movement to the IDPs in welfare camps was a great concern and emphasized the importance of establishing a civil administration in the camps, reuniting families that have been separated and providing freedom of movement to the civilians.

The UN also said the security forces have separated those with LTTE links from the rest of the IDPs and have been sent for rehabilitation.

According to the UN, there are 269,417 displaced in the Vavuniya welfare camp while there are 11,086 displaced in Jaffna, 6,679 in Trincomalee and 398 in Mannar.

  • Share/Bookmark

දේශපාලන විසදුමක් ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්

May 24, 2009 by Editor  
Filed under Audio Stories, Featured, Stories

mahinda131

UN Sec Gen highlights need for political settlement

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව ඇති අතර නැවත මෙවැනි ගැටලුවක් ඇති නොවීම සදහා දේශපාලන විසදුමක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කිමූන් පැවසුවේය.

මේ සදහා බලය බෙදා හැරීමේ දේශපාලන විසදුමක් ඉදිරිපත් කළ යුතුව ඇතැයිද එක්සත් ජාතීනගේ සංවිධානයේ මහ ලේකම් වරයා පැවසුවේය.

සියලුම ජාතීන් එක්විය යුතුයි

‘‘වසර ගණනාවක් තිස්සේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව තිබෙනවා. මේ අවස්ථාවේදී සියලුම ජාතීනන් එක් විය යුතුයි.’’ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කිමූන් කීවේය.

සියලුම ජාතීන් එක්කර ජාතික ඒකාබද්ධතාවයක් ඇතිකළ යුතුව ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කියන්නේය.

‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසින්ට අවශ්‍ය සහනාධාර ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට උපකාර කිරීම පිළිබදව මෙන්ම ජාතික ඒකාබද්ධතාවය ඇතිකිරීම පිළිබදව ජනාධිපතිවරයා සමග සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡාකළා.’’ කිමූන් සදහන් කළේය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව ඇති අතර උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුද ගැටුම් නිසා ලක්ෂ දෙකකට අධික සිවිල් වැසින් පිරිසක් මේ වන විට අවතැන්ව සිටින්නේය. යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා මැයි 23 වැනි සෙනසුරාදා මූන් ලංකාවට පැමිණියේය.

ලංකාවට පැමිණි එක්සත් ජාතීනගේ සංවිධානයේ මහ ලේකම්වරයා වව්නියාවේ පිහිටි සුභසාධන ගම්මාන නිරීක්ෂණය කළ අතර අවසානයට යුධ ගැටුම් පැවති ප‍්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කළේය.

‘‘යුද ගැටුම්වල අවසානය ඉතාම භයානක වී ඇති බව එම ප‍්‍රදේශ නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියා.’’රජය විසින් හදුන්වාදී තිබූ යුධ මුක්ත කලාපය නිරික්ෂණය කළ කිමූන් පැවසුවේය.

මේ වන විට ලක්ෂ ගණනක් වූ අවවතැන්වූවන් වව්නියාව ඇතුළු ප‍්‍රදේශවල පිහිටි සරණාගත කදවුරුවල සිටින්නේය.

‘‘අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ඇතුළු සහන සංවිධානවලට බාධා රහිත ව එම අවතැන් කදවුරු වෙත ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.’’ කිමූන් කීවේය.

යුද ගැට්මි වලින් අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරුවලින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන අතර මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා සිය අවධානය යොමුකළේය.

‘‘(අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට) නිදහසේ ගමන් කිරීමට අවස්ථාව හිමිවිය යුතුයි.’’ කිමූන් කිවේය.

යුද ගැටුම් පැවති අවසන් දින කිහිපය තුළදී එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශවල සිටි සිවිල් වැසියන් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි අතර මේ නිසාවෙන් අවතැන් කදවුරු අවතැන්වූවන්ගෙන් පිරී ගියේය.

‘‘අවතැන් කදවුරුවල අවතැන්වූවන් වැඩිවීමේ ගැටලුවට විසදුම් ලබාදිය යුතුයි.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා කියන්නේය.

අවතැන් කදවුරුවල ගැබිනි මව්වරුන් ළමුන් හා වැඩිහිටියන් දහස් ගණනින් සිටින අතර මොවුන්ගේ අවශතාවයන් පිළිබදව අවධානය යොමු කළ යුතුවඇතැයිද කිමූන් පවසන්නේය.

අවතැන්වූවන් හැකි ඉක්මනින් නැවත පදිංචි කළ යුතුයි

යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචිකිරීම පිළිබදව මූන් සිය අවධානය යොමු කර තිබෙන අතර අවතැන්වූවන් හැකි ඉක්මනින් නැවත පදිංචි කළ යුතුව ඇතැයිද කියන්නේය.

මේ වන විට අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමට රජය පියවර යොදමින් සිටින අතර මේ වසර අවසන් වන විට යුද ගැටුම් නිසා අවතැව සිටින සිවිල් වැසියන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරනනේයැයි රජය පැවසුවේය.

‘‘මේ වසර අවසානය වන විට අවතැන්වූවන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරන බව පැවසීම පිළිබදව සතුටු වෙනවා.’’ කිමූන් පැවසුවේය.

අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන අතර බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා අවධානය යොමු කළේය.

‘‘බ්ම් බෝම්බ ඉවත්කිරීම ඉතා වැදගත් දෙයක් වෙනවා. මෙහිදී එක්සත් ජාතීනගේ සංවිධානයේ විශේෂඥයින් මේ සදහා උදව් කරනවා.’’කිමූන් කීවේය.

යුද ගැටුම් නිසා අවතැවන්ව සුභ සාධන කදවුරුවල සිටින සිවිල් වැසියන් පිළිබදව මෙන්ම ඔවුන් නැවත පදිංචි කිරීම පිළිබදව ජාත්‍යන්රයේ අවධානය යොමුව තිබෙන්නේය.

‘‘ජාත්‍යන්තරය ලංකාව දෙස බලා සිටිනවා. ලෝකය ලංකාවට උපකාර කිරීමට සූදානමින් සිටිනවා.’’ කිමූන් කියන්නේය.

  • Share/Bookmark

ජාතියම එක්වෙලා සාමය ගොඩනැගීමට කාලයයි මේ – විජය නම්බියාර්

May 22, 2009 by Editor  
Filed under Featured, Stories

wijaya-nambiyarTime for a new beginning – UN official

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුධ ගැටුම් අවසන්වීම ලංකාව ලැබූ ජයග‍්‍රහණයක් වන බවත් මේ අවස්ථාවේදී සියලුදෙනාම එක්ව සාමය ගෙනඒමට කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ කාර්යමණ්ඩල ප‍්‍රධානී විජය නම්බියාර් පැවසුවේය.

මේ වන විට රට තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙන බවත් මේ අවස්ථාවේදී ගන්නා තීරණ රටේ ඉදිරිගමන තීරණය  කරන බවත් කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මැයි 22 වැනිදා නම්බියාර් කීවේය.

ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාව

‘‘මේ අවස්ථාව ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වන බවට කිසිම සැකයක් නැහැ.’’ දශක ගණනාවක් තස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පමග පැවති යුධ ගැටුම් අවසන්වීම පිළිබදව සිය අවධානය යොමුකළ නම්බියාර් සදහන් කළේය.

‘‘මේ වෙලාවේ මුළු රටම එක්වෙලා රටට සාමයක් ගෙනඒමට කටයුතු කළ යුතුයි.’’ නම්බියාර් කියන්නේය.
සියලුම ජාතීන් ඒකාබද්ධ කිරීම කළ යුතුව පවතින බවද හෙතෙම පවසන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් මැයි 22 වැනිදා සංවස ලංකාටව පැමිණීමට නියමිතව පැවති අතර මෙම සංචාරය ද ලංකාවේ ජාතීන් අතර සම්බන්ධතාවය නැවත ගොඩනැංවීමට හේතුවනු ඇතැයි නම්බියාර් විශ්වාස කරන්නේය.

‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වරයාගේ සංචාරය සියලුම ශී‍්‍ර ලාංකිකයින් ජාතික ඒකාබද්ධතාවයට හා සියලුම ප‍්‍රතිසංවිධාන ආරම්භ වීමට මුල් පියවරක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ නම්බියාර් කියන්නේය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පැවති යුධ ගැටුම් එල්.ටී.ටී.ඊ.  සංවිධානය විනාශ කිරීමෙන් පසුව අවසන් වූ අතර දෙමළ ජනතාවගේ ගැටලු සදහා දේශපාලනමය විසදුමක් ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් මැයි 19 වැනිදා පැවසුවේය.

‘‘මේ අවස්ථාවේදී හමුදා විසදුම් අවසන් විසදුම වශයෙන් පිළි නොගන්නා බව අපි වගකීමෙන් යුතුව පවසන්න  ඕන. (දෙමළ) ජනතාවට අවශ්‍ය දේශපාලන විසදුම අපි කඩිනමින් යුතුව ලබාදෙන්න  ඕන.’’ ජනාධිපතිවරයා කීවේය.

දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන දේශපාලන විසදුමක්

දෙමළ ජනාතගේ අපේක්ෂාවන් ඉටුවන දේශපාලන විසදුමක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුව ඇතැයි නම්බියාර් කියන්නේය.

‘‘ආණ්ඩුව මේ අවස්ථාවේදී දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. දෙමළ ජනතාවගේ ගැටලූවටල විසදුම් ලබාදෙන අකාරයේ වන විසදුම අනික් සියලූම සුළු ජාතීන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙන ආකාරයේ එකක් විය යුතුයි.’’ ජාතික ඒකාබද්ධතා වැඩසටහනට සියලුදෙනාම එක් කරගත යුතු බව පවසන නම්බියාර් පැවසුවේය.

දෙමළ ජාතීන්ගේ අභිලාශයන් ඉටුවන දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම සදහා සියලූම දෙමළ දේශපාලන කණ්ඩායම් එක් කරගත යුතුව ඇතැයි හෙතෙම කියන්නේය.

‘‘අනාගතයේදී සියලූම දෙමළ කණ්ඩායම් එක්කරගෙන පිළිගත හැකි බලය බෙදාහැරීමේ විසදුමක් ඉදිරිපත් කළ යුතුයි.’’ නම්බියාර් කීවේය.

වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය පිලිබදව නිරීක්ෂණය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ කාර්යමණ්ඩල ප‍්‍රධානී විජය නම්බියාර් පසුගිය මාසයේදී ලංකාවට පැමිණියේය.

යුද්ධයේ අවසානය

යුධ ගැටුම් අවසන්වීමට පෙර දින කිහිපයේ පැවති අවිනිශ්චිත වාතාවරණය පිළිබදව කරුණු සොයාබැලීම සදහා නම්බියාර් මාසයක් වැනි කාලයක් ඇතුළතදී දෙවරක් ලංකාවට පැමිණියේය. ඒ වන විට යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වල පැවති වාතාවාවරණය පිළිබදව කරුණු සොයා බැලීම සදහා මැයි මස මැදදී ලංකාවට පැමිණියේය.

යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් ආරක්ෂිතව මුදාගන්නේ කෙසේදැයි යන්න පිළිබදව තොරතුරු සොයා බැලීමට නම්බියාර් පැමිණි නමුත් ඔහු ලංකාවේ සිටියදීම තත්වය වෙනස් විය. ඔහු ලංකාවේ සිටියදීම යුධ ගැටුම් අවසන්වූ විය.

‘‘යුද්ධයේ අවසානය සත්‍ය වශයෙන්ම විනාශයක්.’’ නම්බියාර් කියන්නේය.

යුධ ගැටුම් පැවති ප‍්‍රදේශ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියාගේ නිරීක්ෂයට ලක්ව තිබුනේය. එමෙන්ම වන්නි ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් පිළිබදව අවධානයද යොමු කළේය.

‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයාගේ සංචාරය අතර තුරදී මෙම ප‍්‍රදේශවලට අවශ්‍ය සහනාධාර ලබාදීමට නියමිතයි. නවතම අභියෝගයන්ට විසදුම් ලබාදීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කරනු ඇති.’’ නම්බියාර් කීවේය.

  • Share/Bookmark