අවතැන්වූවන්ගේ අවශ්‍යතා ඉහළ මට්ටමක – නීල් බියුනේ
IDP needs high-UN
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරුවල මේ වන විට පවතින අවශ්‍යතාවයන් ඉතා ඉහළ මට්ටමක පවතින්නේයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික ප‍්‍රධානී නීල් බියුනේ පැවසීය.
‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය යහපත් අතට ගෙනඒම සදහා වැඩකටයුතු රැසක් සිදුකිරීමට සිදුවෙනවා.’’ කොළඹදී මැයි 29 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී බියුනේ කීවේය.
‘‘යුධ ගැටුම් නිසා අවතැන්ව සුභසාධන කදවුරුවල සිටින දස දහස් ගණනක් වන පුද්ගලයින් අතරින් දහස් ගණනකගේ මානසික තත්වය හා ශාරීරික තත්වය දුර්වල තත්වයක පවතිනවා.’’ හෙතෙම කීවේය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුධ ගැටුමේ මේ වන විට අවසන්ව ඇති අතර යුධ ගැටුම් අවසානයේදී ලක්ෂ ගණනක සිවිල් වැසියන් පිරිසක් අවතැන්වූවන් බවට පත්වූහ. මැයි 18 වැනිදා රජය විසින් යුද්ධය අවසන් බව ප‍්‍රකාශ කළ අතර මේ වන විට ලක්ෂ තුනකට ආසන්න සිවිල් වැසින් පිරිසක් අවතැන්ව ඇති අතර ඔවුන් වව්නියාව, යාපනය, ත‍්‍රිකුණාමලය හා මන්නාරම යන දිස්ත‍්‍රික්කයන්හි පිහිටි සුභසාධන මධ්‍යස්ථාන 43 ක රදවා සිටින්නේය.
‘‘වව්නියාවේ පිහිටි සුභසාධන කදවුරුවල අවතැන්වූවන් 269,417ක් රදවා සිටිනවා. යාපනයේ අවතැන්වූවන් 11,086 ක් සිටින අතර ත‍්‍රිකුණාමලයේ අවතැන්වූවන් 6,697ක් රදවා සිටිනවා. මන්නාරමේ අවතැන්වූවන් 398 දෙනෙක් රදවා සිටිනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.
අභියෝගය
යුධ ගැටුම් වලින් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහන සේවා සැපයීම මේ වන විට විශාල අභියෝගයක් බවට පත්ව ඇතැයිද එම සංවිධානය පැවසුවේය.
සුභ සාධන මධ්‍යස්ථානයන්හි සිටින අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සහන සේවා සැපයීම සදහා කටයුතු කිරීම රජයේ ප‍්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මානුශීය සහන සංවිධාන ඉදිරිපත්ව සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානියා කියන්නේය.
‘‘ජලය, තාවකාලික නිවාස, සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට රජයේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පියවර යොදා තිබෙනවා.’’ බියුනේ කියන්නේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත ජාත්‍යන්තර මානුශීය සහන සංවිධානවලට ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ජාත්‍යන්තරය දිගින් දිගටම ප‍්‍රකාශ කරන්නට වූ අතර මේ වන විට අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත ගොස් සහන සේවා සැපයීමට සිය සංවිධානයේ සහන සේවා කණ්ඩායම් වලට අවස්ථාව හිමිව තිබෙන බවද බුහුන් පැවසුවේය.
‘‘මේ වන විට අවතැන්වූවන් රදවා සිටින සියලුම සුභසාධන මධ්‍යස්ථාන වෙත ගොස් සහන සේවා සැපයීමට අවස්ථාව හිමිව තිබෙනවා.’’ ඔහු පැවසුවේය.
අවතැන්වූවන්ගේ කූඩාරම් නිසි පරිදි සකස්කළ යුතුයි
අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති තාවකාලික කූඩාරම් නිසි පරිදි සකස් කළ යුතුව ඇතැයි බුහුන් කියන්නේය.
‘‘මේ වන විට ඇතැම් කූඩාරම්වල පවුල් කිහිපයක් සිටිනවා. මේ තත්වයට විසදුම් ලබාදිය යුතුයි. ඒ සදහා ඉඩම් වෙන් කිරීම සිදුකළ යුතුයි.’’ බියුනේ කීවේය.
අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතුව ඇතැයිද හෙතෙම සදහන් කළේය. ජලය හා වතුර ගලාබස්නා කානු පද්ධති ආදිය නිසි පරිදි සකස් කළ යුතුව ඇතැයිද හෙතෙම කියන්නේය.
අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානයන්හි සිටින අවතැන්වූවන්ට එම කදවුරුවලින් පිටතට යාමට මේ වන විට ඇත්තේ ඉතාමත් සීමිත අවස්ථාවකි. අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීමට ඇති අවස්ථාව කෙරෙහිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානියාගේ අවධානය යොමුවූවේය.
‘‘අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීටම අවස්ථාව ලබාදීම ප‍්‍රධාන ගැටලූවක් බවට පත්ව තිබෙනවා. වෙන්වී සිටින පවුල් නැවත එක් කිරීම, අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීම අවස්ථාව ලබාදීම හා අවතැන් කදවුරුවල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම වැදගත් වෙනවා.’’ බියුනේ කියන්නේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසින් රැදී සිටින සුභසාධන කදවුරුවල තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ඇමරිකානු කොංග‍්‍රසයේ නියෝජිත පිරිසක්ද ලංකාවට පැමිණි අතර කදවුරුවල තත්වය පිළිබදව ඔවුන්ගේ ප‍්‍රසාදය පළවූයේය.
අවතැන්වූවන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්
අවතැන්වූවන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින් හදුනාගැනීම සදහා ආරක්ෂක අංශ මේ වන විට නොයෙකුත් පියවරන් ගනිමින් සිටින අතර මේ වන විට අවතැන් කදවුරුවල සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිය දෙනෙක් පමණ හදුනාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.
‘‘එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව සිටි පුද්ගලයින් අවතැන්වූවන්ගෙන් වෙන් කර තිබෙනවා. ඔවුන් මේ වන විට පුනරුත්ථාපනය සදහා යවා තිබෙනවා.’’ බියුනේ කීවේය
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතු සදහා සම්බන්ධවී සිටි ළමුන් දෙසීයක් පමණ මේ වන විට අවතැන් කදවුරුවල සිටින බව අනාවරණය වී ඇතැයි යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී පිලිප් ඩුමෙල්ලා කොළඹදී මැයි 29 වැනිදා කීවේය.
‘‘අවතැන් කදවුරුවල සිටියදී හදුනාගත් මෙම ළමුන්ගෙන් 59 දෙනෙක් පුනරුත්ථාපන කටයුතු සදහා අඹේපුස්සට යවා තිබෙනවා.’’ ඩුමෙල්ලා කීවේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමට පියවර ගත යුතුයැයි මෙම නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානී හීත් ෂූලර් කොළඹදී මැයි 29 දා පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවකදී සදහන් කළේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී රජයට විශාල වැඩ කොටසක් සිදුකිරීමට සිදුව ඇතැයිද හෙතෙම සදහන් කළේය.
බිම් බෝම්බ ඉවත් කිරීම
අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේදී යුධ ගැටුම් පැවති ප‍්‍රදේශ වල ඇති බිම් බෝම්බ ඉවත් කළ යුතුව ඇතැයිද ඒ සදහා ජාත්‍යන්තරයේ සහාය හිමිවිය යුතු බවත් හෙතෙම සදහන් කළේය.
මේ වසර අවසන් වන විට අවතැන්වූවන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරන බව රජය පවසා තිබෙන්නේය.
‘‘අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ නිවාස හා මූලික යටිතල පහසුකම් සපයා ගැනීම සදහාත් ජීවනෝපාය සකස් කරගැනීම සදහාත් අතිරේක සහායක් ලබාදිය යුතුව පවතිනවා.’’ බියුනේ කියන්නේය.
The needs in the camps currently housing the war displaced civilians in the north remain at a high level, UN’s Country Director in Sri Lanka, Neil Bhune said.
The UN said that providing humanitarian aid to the war displaced has now become a great challenge.
Bhune also said that providing free movement to the IDPs in welfare camps was a great concern and emphasized the importance of establishing a civil administration in the camps, reuniting families that have been separated and providing freedom of movement to the civilians.
The UN also said the security forces have separated those with LTTE links from the rest of the IDPs and have been sent for rehabilitation.
According to the UN, there are 269,417 displaced in the Vavuniya welfare camp while there are 11,086 displaced in Jaffna, 6,679 in Trincomalee and 398 in Mannar.
දේශපාලන විසදුමක් ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්
May 24, 2009 by Editor
Filed under Audio Stories, Featured, Stories
UN Sec Gen highlights need for political settlement
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව ඇති අතර නැවත මෙවැනි ගැටලුවක් ඇති නොවීම සදහා දේශපාලන විසදුමක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කිමූන් පැවසුවේය.
මේ සදහා බලය බෙදා හැරීමේ දේශපාලන විසදුමක් ඉදිරිපත් කළ යුතුව ඇතැයිද එක්සත් ජාතීනගේ සංවිධානයේ මහ ලේකම් වරයා පැවසුවේය.
සියලුම ජාතීන් එක්විය යුතුයි
‘‘වසර ගණනාවක් තිස්සේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව තිබෙනවා. මේ අවස්ථාවේදී සියලුම ජාතීනන් එක් විය යුතුයි.’’ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කිමූන් කීවේය.
සියලුම ජාතීන් එක්කර ජාතික ඒකාබද්ධතාවයක් ඇතිකළ යුතුව ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කියන්නේය.
‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසින්ට අවශ්‍ය සහනාධාර ලබාදීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට උපකාර කිරීම පිළිබදව මෙන්ම ජාතික ඒකාබද්ධතාවය ඇතිකිරීම පිළිබදව ජනාධිපතිවරයා සමග සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡාකළා.’’ කිමූන් සදහන් කළේය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුධ ගැටුම් මේ වන විට අවසන්ව ඇති අතර උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුද ගැටුම් නිසා ලක්ෂ දෙකකට අධික සිවිල් වැසින් පිරිසක් මේ වන විට අවතැන්ව සිටින්නේය. යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා මැයි 23 වැනි සෙනසුරාදා මූන් ලංකාවට පැමිණියේය.
ලංකාවට පැමිණි එක්සත් ජාතීනගේ සංවිධානයේ මහ ලේකම්වරයා වව්නියාවේ පිහිටි සුභසාධන ගම්මාන නිරීක්ෂණය කළ අතර අවසානයට යුධ ගැටුම් පැවති ප‍්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කළේය.
‘‘යුද ගැටුම්වල අවසානය ඉතාම භයානක වී ඇති බව එම ප‍්‍රදේශ නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියා.’’රජය විසින් හදුන්වාදී තිබූ යුධ මුක්ත කලාපය නිරික්ෂණය කළ කිමූන් පැවසුවේය.
මේ වන විට ලක්ෂ ගණනක් වූ අවවතැන්වූවන් වව්නියාව ඇතුළු ප‍්‍රදේශවල පිහිටි සරණාගත කදවුරුවල සිටින්නේය.
‘‘අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ඇතුළු සහන සංවිධානවලට බාධා රහිත ව එම අවතැන් කදවුරු වෙත ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.’’ කිමූන් කීවේය.
යුද ගැට්මි වලින් අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරුවලින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන අතර මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා සිය අවධානය යොමුකළේය.
‘‘(අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට) නිදහසේ ගමන් කිරීමට අවස්ථාව හිමිවිය යුතුයි.’’ කිමූන් කිවේය.
යුද ගැටුම් පැවති අවසන් දින කිහිපය තුළදී එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශවල සිටි සිවිල් වැසියන් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණි අතර මේ නිසාවෙන් අවතැන් කදවුරු අවතැන්වූවන්ගෙන් පිරී ගියේය.
‘‘අවතැන් කදවුරුවල අවතැන්වූවන් වැඩිවීමේ ගැටලුවට විසදුම් ලබාදිය යුතුයි.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා කියන්නේය.
අවතැන් කදවුරුවල ගැබිනි මව්වරුන් ළමුන් හා වැඩිහිටියන් දහස් ගණනින් සිටින අතර මොවුන්ගේ අවශතාවයන් පිළිබදව අවධානය යොමු කළ යුතුවඇතැයිද කිමූන් පවසන්නේය.
අවතැන්වූවන් හැකි ඉක්මනින් නැවත පදිංචි කළ යුතුයි
යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචිකිරීම පිළිබදව මූන් සිය අවධානය යොමු කර තිබෙන අතර අවතැන්වූවන් හැකි ඉක්මනින් නැවත පදිංචි කළ යුතුව ඇතැයිද කියන්නේය.
මේ වන විට අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමට රජය පියවර යොදමින් සිටින අතර මේ වසර අවසන් වන විට යුද ගැටුම් නිසා අවතැව සිටින සිවිල් වැසියන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරනනේයැයි රජය පැවසුවේය.
‘‘මේ වසර අවසානය වන විට අවතැන්වූවන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරන බව පැවසීම පිළිබදව සතුටු වෙනවා.’’ කිමූන් පැවසුවේය.
අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන අතර බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා අවධානය යොමු කළේය.
‘‘බ්ම් බෝම්බ ඉවත්කිරීම ඉතා වැදගත් දෙයක් වෙනවා. මෙහිදී එක්සත් ජාතීනගේ සංවිධානයේ විශේෂඥයින් මේ සදහා උදව් කරනවා.’’කිමූන් කීවේය.
යුද ගැටුම් නිසා අවතැවන්ව සුභ සාධන කදවුරුවල සිටින සිවිල් වැසියන් පිළිබදව මෙන්ම ඔවුන් නැවත පදිංචි කිරීම පිළිබදව ජාත්‍යන්රයේ අවධානය යොමුව තිබෙන්නේය.
‘‘ජාත්‍යන්තරය ලංකාව දෙස බලා සිටිනවා. ලෝකය ලංකාවට උපකාර කිරීමට සූදානමින් සිටිනවා.’’ කිමූන් කියන්නේය.
අවතැන්වූවන් පිළිබද මහ බලවතුන්ගේ අවධානය
US/UN Security Council concern on Sri Lanka
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම්වලට මැදිව සිටින සිවිල් වැසින්ගේ තත්වය පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුව ඇති අතර සිවිල් වැසියන් ආරක්ෂාකිරීමට දෙපාර්ශවයම කටයුතු කළ යුතුයැයි ඔවුන් අවධාරණය කර සිටී.
‘‘දිගු කාලයක් තිස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ත‍්‍රස්ත ක‍්‍රියා අපි තරයේ හෙළා දකිනවා.’’ සිවිල් වැසියන් නොකඩවා මිනිස් පලිහක් ලෙසින් යොදාගැනීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පැවසුවේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමාද වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන් පිළිබදව අවධානය යොමුකරතිබුනේය.
සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස
‘‘සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට දිගටම බදවා ගන්නවා. මේ ආකාරයට සිවිල් වැසියන් බදවාගැනීම නිසා ඔවුන් සාමාන්‍ය වැසියන් අතරින් ඈත් වෙනවා’’ සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදා ගන්නා බවට එල්.ටී.ටී.ඊ. සංවිධායට චෝදනා කරන ඔබාමා පවසන්නේය.
දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම් හමුවේ තවදුරටත් සිවිල් වැසියන් වන්නියේ සිරවී සිටින අතර මේ වන විට වන්නියේ සිටින සිවිල් වැසියන් ගේ සංඛ්‍යාව පනස් දහසක් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරුවයි.
”එල්.ටී.ටී.ඊ. සංවිධානය ආයුධ බිම තබා යුධ ගැටුම් අතර සිරවී සිටින දහස් ගණනක් වන සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත පැමිණීමට අවස්ථාව ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය බල කර සිටිනවා.’’ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති විටලි චුර්කින් නිවේදනයක් නිකුත්කරමින් මැයි 13 වැනිදා පැවසුවේය.
යුධ මෙයෙහයුම් සදහා බර අවි භාවිතා කිරීම පිළිබදවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවධානය යොමුකර තිබුනේය. සිවිල් වැසියන් විශාල වශයෙන් රැදී සිටින ස්ථාන වෙත ශෙල් ප‍්‍රහාර එල්ලවීම පිිළිබදව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් අවධානය යොමුව තිබුනේය.
සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබද අවධානය යොමුකරමින් යුධ මෙහෙයුම් වලදී බර අවි හා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම නවතන බව අපේ‍්‍රල් 27 වැනිදා නිවේදනයක් නිකුත්කරමින් රජය පැවසුවේය. මින් පසුවත් ශෙල් ප‍්‍රහාර සිවිල් වැසියන් සිටින ස්ථාන වෙත එල්ල වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාකර තිබුනේය.
‘‘මේ සම්බන්ධයෙන් රජය තමන්ගේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරතැයි අපේක්ෂා කරනවා.’’චර්කින් කීවේය.
වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සේවා වහාම සැපයීමට පියවර නොගැනීම තුළින් මෙය බරපතල විපතක් බවට පත්වෙනවා.’’ ඇමරිකන් ජනාධිපතිවරයා පැවසුවේය.
සිවිල් වැසියන් මුදගැනීමට රජය කටයුතු කළ යුතුයි
මේ වන විට යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන් මුදාගැනීම සදහා රජය කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසන්නේය.
‘‘යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන් එම ප‍්‍රදේශවලින් ඉවත්කිරීම සදහා පියවර යොදන ලෙස රජයට දන්වා සිටිනවා.’’ යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර කඩිනමින් ලබාදිය යුතු බව පවසන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පැවසුවේය.
ජාත්‍යන්තර මානුශවාදී නීතියට අනුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා ඇමරිකානු ජනාධිපතිවරයා රජයෙන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයනේ ඉල්ලා සිටියේය.
‘‘යුධ ගැටුම් නිසා අවැන්ව සිටින සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා. සිවිල් වැසියන් යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවලින් පැමිණි වහාම ඔවුන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදිය යුතුයි. යුධ ගැටුම් පවතනි ප‍්‍රදේශ වලින් පිටතට පැමිණෙන සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහනාධාර ලබාදිමට එක්සත් ජාතීන්ගේ සහන සංවිධානවලට හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ඇතුළු ජාත්‍යන්රත මානුශවාදී සංවිධානවටල අවස්ථාව ලබාදිය යුතුයි.’’ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සදහන් කරන්නේය.
යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන්ට ප‍්‍රමුඛතාවය ලබාදීමට සියලුදෙනාම කටයුතු කළ යුතුයැයි ඔබාමා කියන්නේය.
‘‘යුධ ගැටුම් වලට මැදිවී සිටින කාන්තාවන් , ළමුන් හා මිනිසුන්ගේ ජීවිත මුල් කොට සැලකිය යුතුයි. දේශපාලන භේධ පසෙකලා සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීටම කාලය පැමිණ ඇතැයි විශ්වාස කරනවා.’’ ඔබාමා කියන්නේය.
ඡායාරූප-එක්සත් ජාතීන්ගේ සංවිධානය







