මාර්තු මැද වැසි.

March 9, 2010 by Editor  
Filed under Featured, Stories

පවතින උෂ්ණත්වය මඟ හරිමින් මාර්තු මැද වන විට වැසි ඇති වන කාළගුණ විද්‍යාඥ ගයනා හෙන්ඩවිතාරණ පැවසුවාය.

“ජනවාරි මාසයේ ඉන්දියාව හරහා හුළං හමන නිසා සීතලයි. නිරිත දිග මෝසම ටිකක් සක‍්‍රීය තත්ත්වය අඩු වුණා. එත් එක්කම සුළං තත්ත්වය අඩුවුණා . මේනිසා රස්නය දැනෙන්න පටන් ගත්තා. මේක සාමාන්‍ය තත්ත්වයක්. ගිය අවුරුද්දේ මීට වඩා මේ උෂ්ණත්වය තිබුණා. මාර්තු මැද වෙද්දී මේ තත්ත්වය අඩු වෙලා යාවි කියලා අපි හිතනවා. මොකද මාර්තු මැද වෙද්දි වර්ෂාව ලැබෙනවා.” හෙණ්ඩවිතාරණ පැවසුවාය.

කෙසේ වුවද මෙකී උෂ්ණත්ව තත්ත්වයට හේතුව වන්නේද  සාමාන්‍ය මිනිසාගේ ක‍්‍රීයාකාරීත්වය බව කවුරුත් දන්නා කරුණකි. වනාන්තර හෙළි කිරීම් මේ තත්ත්වයට විශාල වශයෙන් බලපෑම් කර ඇති බවයි ඇය පවසන්නේ.

නාගරීකරණය මිහිකත උණූසුම් වීම සඳහා බලපාන බව  කාළගුණ විද්‍ය දෙපාර්තු මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේ ආර් අබේසිංහ පවසයි.

“ගස් වල ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රීයාවලිය නිසා රස්නය කියන දෙය අපට තේරෙන්නේ නැහැ. නමුත් ගොඩ නැගිලි වලට ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියක් සිදු කරන්න බැහැ. මේ උණූසුම් කාළගුණය සෑම අවුරුද්දකම තිබුණත් මිනිස් ක‍්‍රීයාකාරකම් කියන දේත් මේ සඳහා එකතු වෙනවා.” හෙතෙම පැවසුවේය.

ඔහු පවසන පරිදි වනාන්තර හෙළි කිරීම වාහන වලින් පිටවන වායූ ද මේ සඳහා බලපෑම් කරනු ලබයි. අපේ‍්‍රල් 5 -15 දක්වා කාලයේ ලංකාවට ඉර මුදුන් වෙන කාලය බවයි හෙතෙම පවසන්නේ.

“අගනුවරට මේ තත්ත්වය ගොඩක් බලපෑම් කරනවා. මොකද සැලසුමක් නැති විදියට ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ වගේම වාහන වලින් පිටවන වාතය නිසාත් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ දේවල් හරියට සැළසුම් කරලා කළානම් මේ තත්ත්වයන් අවම කර ගන්න තිබුණා.” සේනාධීර පැවසුවේය.

බැලූ බැලූ තැන කොන්ක‍්‍රීට් බැම් වලින් වටවු නිසාවෙන් ගස් කොළන් ප‍්‍රමාණය මද නිසාවෙනුත් මෙම තත්ත්වයට මුහුණ දීමට අගනුවර ජනතාවට සිදු වූ බවයි හෙතෙම පවසන්නේ.

කාළගුණික විපර්යාසයක් වුවද මේ ඇතිවන තත්ත්වයට මුහුණ පෑමේ හැකියාව යම් තාක් දුරට හෝ පවතින්නේ ජනතාව අත බවයි සේනාධීර පවසන්නේ.

“මේ අවුරුද්දෙ පෑවිල්ල ටිකක් වැඩියි වගේ දැනෙනවා. මොකද ගිය අවුරුද්දේ මේ වෙද්දී වතුර නැතිව ගියේ නැහැ. දැන් අපිට බොන්න වතුර නැහැ.” ළිං හිදිලා. කුරුණැගල කුසුම් ආරියවතී පැවසුවාය.

ඇය පවසන පරිදි ඉදිරියේදී එනම් ලබන වර්ෂය වන විට මෙම තත්ත්වය ලංකාව පුරාවට විශාල බලපෑමක් එල්ල කරන්න්ක් වියි හැකිය.

“අපට කවදාවත් වතුර වල අඩුවක් තිබුණෙ නැහැ. මේ වතාවේ ගොවිතැනවත් කර ගන්න බැරිව ඉන්නේ. වැව් පවා හිදිලා. මිනිස්සු ගොවිතැන් කළොත් නාන්න සතුන්ට බොන්නවත් නැතිව යනවා.” අය පැවසුවාය.

  • Share/Bookmark

ගංවතුරින් නැගෙනහිර පළාතේ අසූ දෙදහසක් පීඩාවට පත්වේ

December 15, 2009 by Editor  
Filed under Featured, Stories

Flood in AmparaFloods wreck havoc in  the East

පසුගිය දින කිහිපය පුරා ඇදහැලූණු අධික වර්ශාව නිසා නැගෙනහිර පළාතේ පවුල් අසූදෙදහස් තුන්සිය දොළහක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර අනතුරු දැනුම්දීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කීවේය.

වර්ශාව සමග ඇතිවූ අකුණු සැර වැදීම් නිසා අම්පාර තිරක්කාමනු ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙන බවද හෙතෙම කීවේය.

අධික වර්ශාව සමග ඇතිවූ ගංවතුර තත්වය නිසා නැගෙනහිර පළාතේ පුද්ගලයින් රැුසක් අවතැන්ව සිටින අතර වැඩිම අවතැන් පිරිසක් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවෙයි. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් තුන්සිය තිහක පුද්ගලයින් හත්සිය හැත්තෑනමදෙනෙක් අවතැන්ව සිටින අතර ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 123ක් අවතැන්ව සිටී.

ගංවතුර තත්වය වැඩියෙන්ම බලපා ඇති මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 76 511 ක් ගංවතුරින් පීඩාවට පත්ව තිබෙන බවත් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 5 392 ක් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය පවසයි. ගංවතුර තත්වය නිසා අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 409 ක්ද පීඩාවට පත්ව සිටී.

‘‘අධික වර්ශාව හා ගංවතුර තත්වය නිසා නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබනවා. තවත් නිවාසවලට අර්ධ හානි සිදුව තිබෙනවා.’’ කොඩිප්පිලි කීවේය.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ නිවාස 92 ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 1033කට අර්ධ හානි සිදුව තිබේ. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ නිවාස 67 ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. එහි තවත් නිවාස 257කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස 24ක් සම්පුර්ණයෙන්ම විනාශවී ඇති අතර තවත් නිවාස 88කට අර්ධ හානි සිදුව ඇත.

නැගෙනහිර පළාතට දෙසැම්බර් 14 වැනිදා සිට ඇදහැලූණු අධික වර්ශාවෙන් මඩකලපුව අම්පාර හා ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක තුනේ පදිංචිකරුවන් මේ වන විට අවතැන්ව සිටින බවද හෙතෙම කීවේය. මෙසේ අවතැන්ව සිටින වැඩිම පිරිස මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවන අතර මඩකලපුව දිස්ත‍්‍රික්කයේ චෙන්කලඩි වාකරේ වාලච්චේන කාත්තන්කුඩි කලවංචිකුඩි වව්නතිව් යන ප‍්‍රදේශවල මේ ආකාරයට පුද්ගලයින් අවතැන්ව සිටින බවද හෙතෙම සදහන් කළේය.

‘‘මඩකලපුව දිස්ත‍්‍රික්කයේ අවතැන්ව සිටින පුද්ගලයින් කදවුරු හතරක රදවා සිටිනවා.’’ කොඩිප්පිලි කීවේය.

ගංවතුර තත්වය නිවා අවතැන්ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය සහන සේවා සැපයීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත්ව සිටින බවද මේ වන විට දිසාපතිවරු මාර්ගයෙන් ගංවතුරින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය සහන සේවා ලබාදීම ආරම්භ කර තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පසුගිය දින කිහිපය පුරා වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය නිසා මේ නැගෙනහිර පළාතට අධික වර්ශාපතනයක් ලැබුනේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප‍්‍රීතිකා ජයකොඩි කීවාය. මෙම තතත්වය යටතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට වැඩිම වර්ශාපතනයක් වාර්තාවී ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

‘‘දෙසැම්බර් 14 වැනිදා උැසන අටයි තිහෙන් ආරම්භවී දෙසැම්බර් 15 වැනිදා උදෑසන අටයි තිහෙන් අවසන්වූ පැය විසිහතර ඇතුළත මඩකලපුව දිස්ත‍්‍රික්කයට මිලිමීටර 241.7ක වර්ශාපතනයක් ලැබී තිබෙනවා.’’ජයකොඩි කීවාය.

නැගෙනහිර පළාතට ඇදහැලූණු අධික වර්ශාපතනය නිසා පළාතේ මාර්ග රැුසක්ම ජලයෙන් යටවී තිබූ අතර ඇතැම් ප‍්‍රදේශවල ගමනාගමනය නැවතී තිබුණි. එහෙත් දෙසැම්බර් 15 වැනිදා දහවල් වන විට ගංවතුර තත්වය පහළ යාමත් සමග මාර්ගවල ගමනාගමන කටයුතු යථා තත්වයට පත්ව තිබේ.

අම්පාර දිස්ත‍්‍රික්කයේ කුඹුරු අක්කර දෙදහසක් පමණ ගංවතුරින් යටවී ඇතැයිද වාරිමාර්ග ත්‍දපාර්තමේන්තුවේ අම්පාර දිස්ත‍්‍රික් කාර්යාලය පැවසුවේය.

මාස ගණනාවක් තිස්සේ පැවති නියගයෙන් පසුව ඇදහැලූණු වර්ශාව සමගින් සිදී ගොස් තිබූ අම්පාර ප‍්‍රදේශයේ ඇති වැව් පිරී ඉතිරීයන්නට විය. ගල් ඔය ව්‍යාපාරයේ ඇති සියලූම කුඩා වැව් මේ වන විට පිරී වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග ත්‍දපාර්තමේන්තුවේ අම්පාර දිස්ත‍්‍රික් කාර්යාලයේ අම්පාර කලාප අධ්‍යක්ෂ වාරි ඉංජිනේරු සමන් වීරසිංහ පැවසුවේය.

‘‘මේ වන විටත් අම්පාරේ තිබෙන කුඩා වැව් දහඅටක් වාන් දමනවා.’’ වීරසිංහ කීවේය.

පසුගිය කාලයේ පැවති නියං තත්වය සමගින් ඔක්තෝම්බර් මාසය වන විට පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි තිස්පන්දහස දක්වා පහළ බැස තිබූ අතර මේ වන විට එහි ජල මට්ටම අක්කර අඩි දෙලක්ෂ හැත්තෑහ දහස් තුන්සිය දාසයක් දක්වා ඉහළ ගොස් ඇතැයි වීරසිංහ කීවේය.

‘‘ඊයේ(දෙසැම්බර් 14වැනිදා) දිනයේ පමණක් ජල මට්ටම අක්කර අඩි විසිහත්දහසකින් ඉහළ ගොස් තිබෙනවා.’’ වීරසිංහ සදහන් කළේය. මේ ආකාරය දිගින් දිගටම අධික වර්ශාපතනයක් වාර්තාවුවහොත් ජනවාරි මාසය වන විට පරාක‍්‍රම සමුද්‍රය වාන් දැමීම අරඹනු ඇතැයි වීරසිංහ කීය.

‘‘පරාක‍්‍රම සමුද්‍රය වාන් දැමීමට තවත් වතුර අක්කර අඩි පක්ෂ පහක් පමණ එක්විය යුතුයි. මේ ආකාරයට දිනපතාම වර්ශාව ලැබුණහොත් ජනවාරි මාසය වන විට වාන් දමන තත්වයක් ඇතිවිය හැකියි.’’ඔහු කීවේය.

පසුගිය දින කීපය තුළ වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය නිසා එක්වරම නැගෙනහිර පළාතට අධික වර්ශාපතනයක් වාර්තාවුවත් මේ වන විට වායුගොලීය පීඩන තත්වය පහව ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය කැළඹීම් ස්වභාවයක් බවට පත්ව තිබෙන්නේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥවරිය කීවාය.

‘‘අධික වර්ශාපතන තත්වය ඉදිරි දින දෙක තුළ ක‍්‍රමයෙන් අඩුවෙතැයි අපි බලාපොරොත්තුවෙනවා. එක් වරම වර්ශාව නවතින්නේ නැතත් ක‍්‍රමයෙන් වර්ශාපතනය අඩුවෙතැයි විශ්වාස කරනවා.’’ ඇය කීවාය.

ඊසාන දිග මෝසම් සුළං තත්වය යටතේ තවදුරටත් නැගෙනහිර පළාතට වැසි ලැබිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Heavy rains in the East have affected 82,312 families in the Province, Disaster Management Center said. Batticaloa District is the worst affected area with 76,511 families being affected and 330 families displaced by floods. The displaced are housed in four camps in Batticaloa. Over 1,000 houses have either been completely or partially destroyed in Battacaloa. In the Trincomalee District, 123 families have been displaced by floods while destroying over 300 houses completely or partially. The Meteorological Department says the Eastern Province could receive more rains from the North Eastern monsoon.

  • Share/Bookmark

අම්පාරට ඇද හැලෙන වැසි

November 4, 2009 by Editor  
Filed under Featured, Stories

Ampara mainDrought ends in Amapara

දැඩි නියගය නිමා කරමින් දිගාමඩුල්ලෙ  බොහෝ ප‍්‍රදේශවලට මේ වන විට අන්තර් මෝසම් වැසි ඇඳ හැලෙන්නට පටන් ගෙන තිබෙනවා. මාස ගනනාවක් තිස්සේ වැස්ස නැතුව මෙම ප‍්‍රදේශයේ වැව්වල පතුළ ඉරි තලා තිබුණා.

නමුත් සතියක සිට ඇදහැලෙන්නාවු වර්ෂාව හේතුකොට ගෙන මෙම තත්තය මගහැරෙමින් පවතිනවා. මෙම ප‍්‍රදේශයේ විශාලම වැව වන සේනානායන සමුද්‍රය පිරි ඉතිරෙන්නට නම් ඌව කදුකරයට අයත් බිබිල ප‍්‍රදේශයට වැසි වැටිය යුතුවනවා. එනමුත් ජලාශයේ ජල ධාරිතාවෙ වැඩි වීමක් මේ වනවිටත් දක්නට නැහැ.

වර්ෂාව ප‍්‍රමාද වුවත් මේ වනවිට ගොවියන් සුපුරුදු පරිදි තම ගොවිතැන් කටයුතු කිරිමට පටන් ගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස ආරම්භයෙදි මෙම අන්තර් මෝසම් වැසි තත්වය ආරම්භ විය යුතු අතර කාළගුණ විපර්්‍යයාස හේතුවෙන් මෙම වර්ෂයේ කාලගුණය යම් වෙනස් වීමක් සිදුවුණා.

එමනිසා අම්පාර දිස්ත‍්‍රික්කයේ බොහෝ ජනතාවට පානිය ජල අපහසුතාව බෙහෙවින් බලපෑවා. දැන් එය පහළ ගොස් ගොවිතැන් කිරිමට කඩිමුඩියේ සුදානම් වෙනවා.

‘අපිට කුඹුරු කරන්න මාසයක් පරක්කු උනා. දැන් වහිනවා. හොඳයි. මොකද අපි ගොවිතැන් කරන අය. අපට වෙන ආදායමක් නෑ. අපි දැන් හාන්න පටන් ගත්තා. මේ මාසේ අවසාන වෙනකොට වපුරන්න හිතාගෙන ඉන්නවා.’ සුදුවැල්ලේ පදිංචි එස්.ඩබ්ලිව්. ආලින්ද පැවසුවේය.

අම්පාර දිස්ත‍්‍රික්කයේ ගම්මානවල හේන් ගොවිතැන් කරන අය බොහොමයක් සිටි. වැස්ස බලාපොරොත්තුවෙන් තම ඉඩම් සුද්ද කරමින් හේන් ගොවියෝ බලා  සිටියහ. දැන් ඔවුනට සතුට උපදවා ඇත.

‘මම හේන් ගොවිතැන් තමයි කරන්නෙ. කුඹුරුත් කරනවා. දැන් ඉතින් වහිනවා. අපිට හොඳයි. වැහි වතුරෙන් හරි කුඹුරු කරන්න පුලූවන්නෙ. දැන් ඉතිං අලූතින් එළවළු ටිකක් හදලා විකුණලා කියක් හරි හොයාගන්න පුලූවන් වෙනවා. පරගහකැලේ පදිංචි ගුණසේකර පැවසුවේය.

අම්පාර ආර්ථිකය රඳා පවතින්නෙ කෘෂි කර්මාන්තය තුලයි. ගොවීන්ට ගොවිතැන් කිරිමට ජලය අත්‍යවශ්‍ය වේ. ජලය නොමැතිකම හේතුවෙන් ගොවීන්ගේ දැඩි අසිරුවකට පත්ව සිිටියා.

‘වතුර නැතුව අපි අමාරුවෙ වැටිලා හිටියේ. දැන් වහිනවා. දිගටම වැස්සොත් හොඳයි වැව් ටික පිරෙන්න. කුඹුරු කලාට පස්සේ වැස්සෙ නැත්තම් ගොයමි මැරෙනවානේ. ඇයි වැව් වල වතුරත් නැහැනෙ දෙන්න.’ පරගහකැලේ පදිංචි පියතිලක පැවසුවේය.

මීට සති දෙකකට පමණ පෙර අක්කරපත්තු ප‍්‍රදේශයේ ගොවීන් යම් තාක් දුරට වපුරා තිබු කුඹුරුවල අඩියක් පමණ ජලය පිරි තිබෙන බැවින් එම ගොයමට තර්ජනක් වී ඇතිබව ගොවීහු පවසති.

වැසි සමයත් සමගම ප‍්‍රදේශයේ වප් මගුල් උත්සව කිහිපයක්ම පැවැත්වු බව අම්පාර දිස්ත‍්‍රික් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව  පවසා සිටිනවා.

ගොවිතැනෙන් ජිවිතය සරු කරගන්නා ගොවීන්ට අහසින් වැටෙන මෙම වැස්ස අටුකොටු පුරවා ගන්නට ඉඩක් ලබා දෙනවානම් බක් මහේ අවුරුද්ද දිගාමුඩුලූ ගොවීන් රසවත්ව සමරාවි.

The commencement of the inter monsoon rains have brought an end to the drought that lasted for months in Ampara. Changes in the weather pattern also delayed the commencement of inter monsoon rains by several weeks. The rains are normally scheduled to commence during the first week of October. However, the rains have now ended the sever water shortage experienced by the people in the East and farmers have started to cultivate paddy and other crop. The agriculture based economy in the Ampara District that was severely affected due to the drought has become active once again.

  • Share/Bookmark

ඔළුවිල් ධීවරයින්ගේ කදුළු කථාව

October 29, 2009 by Editor  
Filed under Featured, Stories

Sea Erosion in Oluvil

ත‍්‍රිකුණාමල මුහුදේ සිට පොතුවිල් කලාපය දක්වා මුහුදු තීරය නැගෙනහිර මුහුදු තීරයට අයිති වේ. ත‍්‍රිකුණාමලයේ ස්වාභාවික වරාය හැරුණු විට මෙම කලාපය තුළ වාණිජ වශයෙන් නිර්මාණය වී නොමැත.

මෙම දශකයේ මුල් වකවානුවේ දි එවකට බලයේ සිටි ආණ්ඩුව විසින් වාණිජ  වරායකට සුදුසු ස්ථානයක් ලෙස ඔළුවිල් මුහුදු තීරය තෝරා ගනු ලබයි.

අද වන විටත් එහි සංවර්ධන කි‍්‍රයාවලිය සිදුවෙමින් පවතින්නේය. ඔළුවිල් ප‍්‍රදේශයේ ධීවර පවුල් 1500 පමණ ජිවත් වෙති. මේ අයගේ ප‍්‍රධාන ජිවනෝපාය වන ධීවර වෘත්තිය ඉදිරියටත් කරගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබේ. මීටර් 200 ක් පමණ මුහුදු දෙසට වන්නට දැවැන්ත කළුගල් කුට්ටි යොදා ඉදිකරනු ලබන දිය බෙදුම දැනට නිර්මාණය වෙමින් පවති.

නමුත් මෙම කටයුත්ත නිසා ධීවර වෘත්තියේ යෙදි සිටින්නන් හට   තම වෘත්තිය නිසියාකාරව කරගෙන යාමට නොහැකි උදාවී ඇත.

‘‘හැමදාම මෙම රක්ෂාව තමයි අපි කරන්නෙ. මේ වරාය හදන්න ගත්තට පස්සේ රක්ෂාව කරන්න බැහැ. මුහුද මීටර් 300 ක් පමණ ඛාදනය වෙලා. ඔරුව ගන්න විදිහක් නෑ. තිබුණ වාඩි ඔක්කොම කඩාගෙන ගියා. රුපියල් අසු දහසක් විතර වියදම් කරලා වාඩි හැදුවා. ඔරු සීයක් විතර තියෙනවා. අපි ගැන කවුරු හරි බලන්න වෙනවා.” ධීවර රැුකියාවේ නියතු එම්.එම්.රෆික් පැවසුවේය.

මීට මාස හයකට පමණ පෙර මීටර් 300 ක් පමණ තිබුණ මුහුදු වෙරළ සීමාව අද ධීවරයින්ට අහිමිවී ඇත. මේ වන විට වෙරළේ තිබුණ ධීවර වාඩි, පොල් ගස් බොහොමයක් මුහුදට බිලිගෙන හමාරය.

‘‘මගේ ඔරුත් මෙතන තියෙනවා. අපි ජනාධිපතිට ගරු කරනවා. වරාය හදනවට විරුද්ධත්  නෑ.  හැබැයි මේක හදන්න ගත්තට පස්සෙ තමයි මේ ඔක්කොම කරදර. අවුරුදු 60-100 ක් පරණ පොල් ගස් කඩාගෙන මුහුදට ගියා. වාඩි කැඩිලා. මට දැන් අවුරුදු තිස් හතක් වෙනවා. හැබැයි මම දැකලා නෑ මෙහෙම මුහුද ඉස්සරහට එනවා.” ධීවර රැකියාවේ නියතු ඒ.එම්.අමාඋල්ලා පැවසුවේය.

තව මාස ගණනක් යනවිට මෙම බිම් කඩත් අහිමි වනබව ධීවර ජනතාව පවසති.

‘‘මුහුද තිබුනේ  මීටර් දෙසිය පනහකට එහා. මම උපදින්නත් ඉස්සෙල්ලා මෙතනින් පාරක් තිබුණා. ඒකත් දැන් කඩාගෙන ගිහිල්ලා. මාසයක් ඇතුළත තමයි මේ ඔක්කොම. තව මාසයක් විතර ගියොත් අපිට මේ ඉඩත් නැති වෙනවා.” ඒ.එම්.අමාඋල්ලා වැඩිදුරටත් පැවසුවේය.

අද වනවිට රළ පහර ඔළුවිල් ප‍්‍රදීපාගාරය අසලටම පැමිණ තිබීම ස්වාභාවික මුහුදු ඛාදනයකට වඩා මිනිසා විසින් සොයා බැලීමක් නොකොට කරනු ලබන සංවර්ධනයේ අතුරු ප‍්‍රථිපලයක් ලෙස බව  ධීවර ජනතාව පවසති.

‘‘අපේ ප‍්‍රාදේශිය සභාවට මේකට විසදුමක් දෙන්න බැහැ. ඒ වුණාට අපි ඔක්කොටම කියලා තියෙනවා. ඒ කවුරුවත් අපිට විසදුමක් දුන් නැහැ. ඒ ගැන හරිම කනගාටුයි. ඇත්තටම කියනවනම් අපිට මේ රක්ෂාව කරගෙන යන්න ඉඩ නැතිවෙනවා. එතකොට මේ ධීවරයින්ට කරන්න දෙයක් නැතිවෙනවා.” අට්ටාලච්චේන ප‍්‍රාදේශිය සභාවේ සභාපති එම්.ඒ. අන්ෂිල් පැවසුවේය.

ඉදිරි මාසයක පමණ කාලයක් තුළදි මෙය නිරාකරණය කර ගැනිමට හැකිබව ඔළුවිල් වරායේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා චන්ද්‍රකාන්ති ලොකුහේවා පවසන්නීය.

‘‘ඔළුවිල් වරාය සැලසුම් කරන අවස්ථාවේ මෙහෙම දෙයක් සුදුවන බවට හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අපගේ ව්‍යාපෘතියේ තියෙනවා මුහුදට වැලි දමන්න. මුහුද ඛාදනය වෙන්න කලින් ගිය අපේ‍්‍රල්  ධීවර ජනතාවත් එක්ක සාකච්ජා කළා. ඒ වුනාට වැලි දමන එකට කවුරුත් විරුද්ධ වුණා. ඒකට ඒ මිනිස්සුන්ට දොස් කියන්න බැහැ. නමුත් අපි දැන් වැලි දමන්න ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා තව සුමාන තුනක් විතර යනකොට මෙම ප‍්‍රශ්ණය බොහෝ දුරට නිරාකරනය වෙයි කියලා.” ඔළුවිල් වරායේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා චන්ද්‍රකාන්ති ලොකුහේවා පවසන්නීය.

  • Share/Bookmark

ඉදිරි සති කිහිපයේදී නැගෙනහිරට වැසි

October 27, 2009 by Editor  
Filed under Featured, Stories

Rains expected in drought hit east

මේ දිනවල  නැගෙනහිර ප‍්‍රදේශ වලට බලපා ඇති දැඩි නියං තත්ත්වය පහව ගොස් ඉදිරි දින කිහිපය තුළ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. මේ අනුව ඉදිරි සති දෙක ඇතුළත නැගෙනහිර ප‍්‍රදේශ වලට වැසි සහිත කාළගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස් ආර් ජයසේකර ප‍්‍රකාශ කළේය.

‘‘ පසුගිය දොළොස් වෙනිදා සිට විසි හතර වෙනිදා දක්වා ලංකාවේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි ලැබුණා. එ්ත් අම්පාර මොනරාගල දිගා මඩුල්ල වැනි ප‍්‍රදේශ තව දුරටත් වියළි කාළගුණයක් පැවතුණා. එහෙත් ඊයේ සිට මේ ප‍්‍රදේශ වල කාළගුණයේ වෙනසක් පෙන්නුම් කරනවා. ඉදිරි දින කිහිපයේදී අපරභාගයේ හෝ සන්ධ්‍යා කාළයේදී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි.’’ ජයසේකර පැවසුවේය.

එමෙන්ම  මෝසම් වර්ෂාවේ බලපෑම හේතුවෙන් උතුරු ප‍්‍රදේශ වලට අධික වැසි ලැබී  ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවට මීට පෙර  අනාවැකි පළ වුවද එවැනි තත්ත්වක් පැනනොනගින බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස`දහන් කරයි.

දැනට මාස කිහිපයක සිට නැගෙනහිර ප‍්‍රදේශයට බලපවත්වන දැඩි නියගය හේතුවෙන් එම ප‍්‍රදේශ වල ජනතාව  විශාල ජල හිගයකට මුහුණ දී තිබේ. මේ හේතුවෙන් සැතපුම් කිහිපයක් දුර ගෙවා ජලය සොයා යෑමට හා ජලය මිල දී ගැනීමට නැගෙනහිර වැසියන්ට සිදුව තිබේ.

The Meteorological Department says that rains are expected in the drought hit east during the next few days. Although many parts in the country experienced rains from the 12th to the 24th, the Moneragala, Ampara and Digamadulla Districts did not receive any rains. The Department says that there has been a change in the weather in these areas in the past few days and rains could therefore be experienced in the next few days. People in the east have faced many difficulties due to the prolonged period of drought in the area.

  • Share/Bookmark

පනත නින්දේ සාගරය දූෂණය වේ

October 22, 2009 by Editor  
Filed under Featured, Stories

seaIneffective law vs effective sea pollution

වෙරළ සංරක්ෂණ පනතතේ නීති නිසි ආකාරව ක‍්‍රියාත්මක නොවීම නිසාවෙන් සමුද්‍ර දූෂණය ඉතා සීඝ‍්‍රයෙන් වර්ධනය වන බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මෙම පනතේ සදහන් නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඩුවම් නොකිරීම නිසා මේ තත්වය වඩාත් බරපතල වී ඇතැයිද එම අධිකාරිය සදහන් කළේය.

සියයට අනූවක් ගොඩබිම ක‍්‍රියාකාරිත්වය නිසා සාගර පරිසරය දූෂණයට පත් වන බව පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර කළමණාකරණ නිළධාරී ආර්. එන්. ප‍්‍රියදර්ශණ පැවසීය.

කර්මාන්තශාලා ඉදි වීමත් සංචාරක හෝටල් බිහි විමත් නිසා මෙම තත්වය උග‍්‍ර අතට හැරෙමින් පවතින බවයි ඔහු පැවසුවේය. මෙසේ ඉදිවන කර්මාන්තශාලා හා  හොටල් වලින් පිට කරන අපද්‍රව්‍ය සීමාවකින් තොරව සාගරයට එකතු වීම නිසාවෙන් සාගර පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වී ඇති ඔහු පෙන්වා දුන්නේය

”වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් කෘෂිකර්මාන්තයේ යෙදන පුද්ගලයන් පොහොර කෘමිනාශක වල් නාශක විශල වශයෙන් යොදවනවා.වර්ශාවත් එක්ක මේ හැම දෙයක්ම ගංගා ඔස්සේ සාගරයට එකතු වෙනවා.මෙතනදී සාගරයට විතරක් නෙවෙයි අනෙකුත් ජල පද්ධතීනටත් හානියක් සිද්ධ වෙනවා”ප‍්‍රියදර්ශණ පැවසීය.

එමෙන්ම රට අභයන්තරයේ වනාන්තර එළි කිරීම මඟින් මෙන්ම සාගරයේ වැලි ගැනීම නිසාද බහුවිධ පාංශු කොටස් වෙරළ සමඟ එක්වීමෙන්  ඇල් ගී නැමැති ශාඛ විශේෂය ව්‍යාප්ත වන බවරුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ ආචාර්ය ටර්නි පී බී ප‍්‍රදීප් කුමාර පැවසීය.

රසායන්ක ද්‍රව්‍ය එකතු වීම නිසා මත්ස්‍ය බොවීම වගේම එ්වා දරාගෙන ජීවත් වෙන මත්සයින් ආහාරයට ගන්නා පුද්ගලයින් ටික ටික ලෙඩ වෙනවා. එ් වගේම වනාන්තර එළි කිරීම නිසා වායුගෝලයේ උනුසුම වැඩිවෙනවා.එ් නිසාවෙන් ග්ලැසියර් දියවෙන්න පටන් ගන්නවා.මෙහිදී සාගර ජලය වැඩි වීමක් සිදු වෙනවා.ප‍්‍රදීප් කුමාර පැවසීය.

විශේෂයෙන් ධීවරයින් හට පනවා ඇති සීමාවන් බිදිමින් ධීවරයින් ක‍්‍රියාත්මක වීම නිසාවෙන් විශාල ලෙස සමුද්‍රයට හානි සිදු වී  තිබේ.නීති ක‍්‍රියාත්මක නොවීමට හොදම උඡ්හරණය තහනම් ධීවර ආම්පන්න තවමත්  භාවිත කීරීම  බවයි ප‍්‍රියදර්ශණ පවසන්නේ.

දේශගුණික විපර්යාස සමස්ථයක් ලෙස මුළු ලොකයටම බලපෑම් කළද දූපත් රටක් වශයෙන් අප ආරක්ෂා විය යුතු බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.

පරිසරයට හානි නොර සංවර්ධන කටයුතු සිදු කරන්න බැහැ.නමුත් එය සමතුළිත විය යුතුයි.සංවර්ධනයේදී හම්බන්තොට වරාය වගේ ව්‍යාපෘති සිදු වෙද්දී පරිසරය දෙසත් අවධානය යොමු විය යුතුයි.මේ විදියට සාගර සමිපත විනාශ මුඛයට යනවා කියන්නේ අපේ සම්පත් අපිම විනාශ කර ගන්න එක. ප‍්‍රදීප් කුමාර පෙන්වා දුන්නේය.

සාගරය විනාශ වීම යනු විශාල වශයෙන් මුදල් උපයන සංචාරක කර්මාන්තයටද බලපෑමක් බවයි ඔහු පවසන්නේ.එමෙන්ම සාගර ජලය ආශ‍්‍රයෙන් සිදු වන ලූණු නිෂ්පාදනය මෙන්ම මුහුදු පැළෑටි ආශ‍්‍රයෙන් සිදු වන ඖෂධ නිෂ්පාදනයද සීමා විය හැකි බවයි   ප‍්‍රියදර්ශන පවසන්නේ.

සාගර දූෂණය වළක්වා ගැනීම සඳහා යම් යම් ක‍්‍රියා මාර්ග ගෙන තිබුණද මිනිසුන් මේ පිළිබඳව දැණුවත් නොවී ඇති නිසාවෙන් වෙරළබඩ සමුද්‍ර පාසල් කණ්ඩායම් ලෙස පාසල් දරුවන්ගේ සහභාගීත්වය ලබා ගැනීමටත් දැණුවත් කිරීමේ සම්මන්ත‍්‍රණත් රට පුරා  ආරම්භ කර ඇත.එමෙන්ම හදුසි තෙල් පාලන සැළැස්මක්ද ඉදිරිපත් කර ඇත.මෙහිදී සදු වන්නේ මුදු මාර්ග ඔස්සේ ගමන් ගන්නා නැවි වලින් සිදු වන තෙල් විසිරීම් ජලය මත පැතිර යාමට ඉඩ නොදී සීමා කිරීමය.

කෙසේ වුවද දැන් දැන් සමස්ථයක් ලෙස පාරිසරික නීති ක‍්‍රියාත්මක කිරීම අනාගයට වඩාත් යහපතක් උදා කරීම සඳහා යෝග්‍ය බවයි  සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

The ineffective implementation of laws related to the preservation of the ocean and its resources has resulted in an increase in ocean pollution, the Authority for the Protection of the Ocean Environment said. The Authority states that the non punishment of individuals who violate the relevant laws has resulted in this situation. Statistics reveal that 90% of the ocean pollution takes place dues to activities on land. Although various steps have been taken to minimize ocean pollution, it has so far been ineffective due to the lack of awareness among people. However, the Authority noted that the strict implementation of all laws on protecting the environment was necessary to ensure a better future.

  • Share/Bookmark

අලි මැරෙන නියගය

October 16, 2009 by Editor  
Filed under Featured, Stories

590 px nOne more senseless  sacrifice

නියගය නිසා අම්පාර දිස්ත‍්‍රික්කය පුරා තිබෙන වනාන්තර වල ගස්වැල්  වියළි ගොස් තිබෙනවා. එම හේතුව නිසා වනාන්තර වල ජිවත්වන සතුන් තම කුසගින්න නිවා ගැනිම සඳහා ගම්බිම් කරා පැමිණෙනවා. එසේ පැමිණෙන සතුන්හට මිනිසුන්ගෙන් බේරි යැමට හැකියාවක් නැහැ. එසේ වෙඩිල්ලකට බිලි වුන සද්දන්තයෙකුගේ ඡායාරූපයකි මේ. ඔක්තෝබර් මුල් සතියේ ලාහුගල කන්දලම වෙල් යායේ දිි කැමරා කාචයට  හසුවුණා.

The drought currently prevailing in the Ampara District has forced wild animals to enter in to villages in search of food and water creating a conflict between humans and these animals. Most of these animals, especially elephants often become the victims of the conflict. Photo shows an elephant shot dead by a villager during the first week of October in the Kandalama marsh in Lahugala.

  • Share/Bookmark

පිපාසයට වතුර ටිකක්

September 30, 2009 by Editor  
Filed under Featured, Stories

590 pxaaa

The long hard search for  water

පිපාසයට වතුර ටිකක් සොයා යන්නන්ගෙ ගම්මානය බවට අද මාන්තොට්ටම ගම්මානය පත්ව තිබේ.මාස ගනනාවක් නැගෙනහිර අහස් කුසට වලා කුලක් පාවි නොපැමිනිම නිසා ඇති වි ඇති දැඩි නියන් තත්වය නිසා දිගාමඩුල්ල වැවි බැදි රාඡ්‍යයේ මහා වැවි පවා සිදි ගොස්ය. මාන්තොටිටම ගමිමානයේ ආසන්නවම ඇති අමිබලන් ඔය වැවේ වතුර ද අද වන විට අඩි 5/6සිමා වි ඇත . අමිපාර දිස්ති‍්‍රක්කයේ දමන පා‍්‍රදේශිය ලේඛමි කොඨටාශයට අයත් මාන්තොටිටම ගමිමානයේ පවුල් 500 පමණ ජීවත්වේ. ඔවුන්ගේ ප‍්‍රධන ජිවන උපාය ගොවිතැන් කිරිමයි. වැව් දිය සිදි යාමත්, වැසිදිය නොවැටිමත්  නිසා ගොවිතැන්  අඩාල වී තිබේ. මේ  නිසාමත්  ගැමියන්ගේ ආර්ථික තත්වය පහත වැටි තිබේ . මාන්තොට්ටම ඡනතාවට  මේ   දිනවල මුහුන පැමට සිදුව තිබේන ප‍්‍රධානම ගැටළුව නමි පානිය ඡලය ලබාගැනි ෙමි ගැටළුවයි .සැතපුම් 3/4 පමණ දුරක් ගෙවා ගෙන පහත් බිම්වල ඇති ළිං සොයා ගෙන යන්නට ඔවුන්ට සිදුවි තිබේ. අසුව දශකයේ මුල් කාලයේ පැවති නියං තත්වයට පසුව ඉතාමත් දැඩි ලෙස පිඩාවට පත් වු කාලයක් ලෙස මේ කාලය ගැමියන් විසින් හදුන්වනු ලබයි.

ඊසාන දිග මොසම් සුළං හේතු කොට ගෙන නැගෙනහිර මෙම කලාපයට වැසි වැටෙනවා. සැම වසරකම සැත්තෑම්බර් මුල් කාලයේ දි වැසි වැටුනත්  මෙවර සැත්තම්බර් මාසය නිමාවට පත් වුවද වර්ෂාවක් සහිත අහසක් දක්නට නැත.ගොවිහු තම ගොඩ ඉඩම් පවා වගා කටයුතු සදහා සුදානම් කරගෙන සිට්.ඔවුන් දවස අරභනුයේ දවසට උවමනා කරන වතුර සොයා ගෙන යන්නටය.

“අපිට වතුර වලින් සැහෙන්න කරදරයි, වතුර ගෙන්න කිලොමිටර් 3/4යන්න වෙනවා. ගමේ ළිං 3/4ක් තියේනවා ඒ ළිං වලින් වතුර ගන්න උදේන්ම යන්න වෙනවා.සමහර වෙලාවට අපිට පෝලිමෙ ඉන්න වෙනවා පැය දෙක තුන බුලි තියාගෙන අපේ වාරය එනකම්.සමහර අය ඒ තැන් වලන් වතුර අරන් ගිහින් විකුනනවා කුබෝටා තියේන අය තමයි එහේම කරන්නේ මට ස්කොලේ යන ළමයි දෙන්නේක් ඉන්නවා එයාලා ස්කොලේ යවන්න වෙලාවට වතුර ටික ගෙන්න වෙනවා පවුලේ කට්ටියත් එක්ක වැවට නාන්න යන්නේ දවස් තුනකට විතර සැරයක්” කම්මල් රැකියාවෙන් තම ජීවිකාව පවත්වාගෙන යන කේ.ජී සුජීත් පවසා සිටියා.

වසර ගනනාවක් පලදාව දුන් පොල් ගස් පිලිස්සි ගියාක් මේන් විනාශ වි ඇත අවට පරිසරයේ ඇති දැඩි සුරිය රශ්මිය නිසා වෙන් දහවල් කාලයේ එළිමහනේ වැඩක් පලක් කිරිමට ද අපහසු වි ඇත . පිරිසිදු වතුර සොයා ගැනිමට ඇති අපහසු තාවය නිසාවෙන් මෙම දින වල ප‍්‍රදේශයේ කුඩා දරුවන්ට යම්යම් රෝගාබාධයන් ද ඇති වි තිබේ. නිසියාකරව නෑමට ඡලය නොමැති විම නිසා චර්ම රෝග යන් ද ඇති වි තිබේ.

“දැනට දමන ප‍්‍රදේශිය සභාවෙන් සතියකට වරක් වතුර බවුසරයෙන් ගමේ අයට බුලි දෙක ගානේ දේනවා එක දවස් දෙකකටත් මදි. ළිං වලින් වතුර ගන්න ගියාම එතනත් ප‍්‍රශ්ණ ඇති වෙනවා එත් මොනවා කරන්නද බොන්න වතුර ටික නැති වුනාම මොකුත් කරන්න බෑනේ” ඉන්ද්‍රනිල කුමාරි පැවසුවාය .

පාරට කිට්ටුව ඇති නිවෙස් හිමියන්ට යම්සහනයක් ලැබුණද ගම ඇතුලට වන්නට සිටින අය හට එම සහනය ද අහිමිව ගොස් ඇත.යතුරු පැදියක් හො පාපැදියක් නොමැති නම්,එය ද ඔවුන්ට ගැටළුවක් වි තිබේ.

“බිමට වතුර ගෙන්න බැරිව ගොඩක් ඉන්නවා .වාහන තියේන අය තමන්ට  ඕන වතුර ගෙනවා, එහෙමත් බැරි අය මට කුබොටා එකක් තියෙන නිසා වතුර ගෙන්න කියනවා පවුල් 40/50කට විතර දවසකට මම වතුර දෙනවා .ඩිසල් ගාණට හරියන්න එක බූලියකින් රු 25 විතර ගන්නවා”. වතුර අලේවි කරුවෙක් වන පද්ම සිරි කිය.

“අපේ පාසලටත් වතුර නෑ මේ තියේන රස්නේ හින්දා වතුර තිබහත් වැඩි, අම්මලා තාත්තලා උදෙන්ම නැගිටලා වතුර ගේන්නේ ගොඩක් දුර ගිහිල්ලා උදේට වතුර ගෙනාවට පස්සේ තමයි කෑම උයන්නේ. එතනත් සෙනග ඇවිල්ලා හිටියොත් ගොඩක් වෙලා යනවා එක හින්දා සමහර දවස් වලට අපි පාසලට යන්නෙත් ගොඩක් පරක්කුවෙලා” පාසල් සිසුවියක් වන සචිනි ඉමේෂා පැවසුවාය.

පිරිමි අයට තම ඡීවන උපායන ගැන සිතිමත් ගැටළුවක්. ඒ වතුර සොයාගෙන ගියාම තම කාලය එයට ගතවන හින්දා, කේ.අනුෂා තම ස්වාමියා රාඡකාරි කටයුතු සදහා පිටත විම නිසා තම කුඩා දරුවාගෙ අවශ්‍යතාවයන් සදහා සල්ලි දිලා වතුර ගන්නවා.

මාන්තොට්ටම ග‍්‍රාමෝදය මණ්ඩලේ සභාපති එස් කේ හේමපාල පවසා සිටියේ නිසියාකාර පානිය ඡල පද්ධතියක් සදහා විශාල ඡල ටැංකියක් හා වතුර මෝටරයක් ලැබි තිබුන ද අනිකුත් උපාංග සදහා මුදල් නොලැබිම නිසා වසර කිපයක් තිස්සේ එම ඡල පද්ධතිය පිලිබද බලධාරින්ගේ අවධානය නැතිව ගොස් තිබේන බවයි.

“අම්බලන් ඔය වැව අසන්නයේ ඇති කුඩා කදුගැටය උඩ ඉදලා කිලෝමිටර 4 පමණ දුරින් තියේන ගල් කන්දට වෙනකම් වතුර දෙන්න මේ යොඡනා ක‍්‍රමයට පුලූවන් එහෙමයි ඇස්ත මේන්තු කරලා තියෙන්නේ. රාඡ්‍යනොවන සංවිධානයක් මේ වෙනකොටත් අපිට පොරොන්දු වෙලා තියේන්නේ පානිය ඡලයොඡනා ක‍්‍රමය සම්පුර්න කරලා දේනවා කියලා .අපේ ගමට කාලයක් ති‍්‍ර‍්‍රස්තවාදි කලබල  තිබුණා. දැන් ඒ තත්වය නැති හින්දා හැමොගෙම අවදානය යොමු කරගෙන ගමට වතුර දෙන්න පුලූවන් වෙයි කියලා හිතෙනවා”.හේමපාල කිවේය.

ලක්ෂ10ක වියදමේන් මේවන විට ඉදිකර අති ඡල යොඡනා ක‍්‍රමයට ඉතිරි වැඩකටයුතු සදහා  ගම්වාසින්ගෙ ශ‍්‍රමදායකත්වය දෙන්නට ඔවුන් සුදානමින් සිටිනවා. ඉදිරිකාලය තුලදි මෙම පානිය යොඡනා ක‍්‍රමය සර්ථක කරගන්නට කටයුතු කිරිම ගම්වාසින්ගෙ බලාපොරොත්තුවයි.

Villagers of Manthottam in the Ampara District have been compelled to travel a great distance in search of water due to the long standing drought condition that has affected the area. A similar drought condition was experienced by the people of the east during the early 80s. The North Eastern monsoon that brings rains to the Eastern Province during early September has failed this year. The lack of water has prevented the 500 odd families living in Manthottam from engaging in their main livelihood of paddy cultivation. They have to travel to find wells in low lying areas miles away from their village and stand in queues for hours to find drinking water every day. Some people with water pumps have commenced a business of selling drinking water to the drought affected people.

  • Share/Bookmark

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් 1000 මරුට

September 18, 2009 by Editor  
Filed under Featured, Stories

590 px
Kidney ailments linked to pesticide use

උතුරු මැද පළාතේ  වකුගඩු රෝගීන් 1000 ක් මේ වනවිට මිය ගොස් ඇත.  මෙයට අමතරව එම පළාතින් පමණක් වකුගඩු රෝගීන් 10 000ක් හදුනාගෙන ඇත.

වසංගත රෝගයක් සේ පැතිර යන මෙම රෝගය උතුරු මැද පළාතට යාබදව පිහිටි උාව හා නැගෙනහිර පළාත දක්වාද පැතිර යාමේ අවදානමක් පවතී.

මෙම නිධන් ගත වකුගඩු රෝගයවළක්වා ගැනීමට ඇති ප‍්‍රධාන බාධකයක් වන්නෙ ගොවිතැන් කටයුතු සදහා කෘතීම පොහොර  භාවිතා කිරීම බව ඒ පිළිබදව පර්යේෂණ පවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.
‘‘ ගොවීන් භාවිතා කරන මේ රසායන ද්‍රව්‍ය මේ ප‍්‍රදේශයේ භූගත ජලයට හා වාරිමාර්ග වලට එකතු වෙනවා.  මේ ප‍්‍රදේශ වල ජනතාව පරිභෝජනයට ගන්නේ එලෙස දුෂිත වූ ජලයයි. එමගින් වකුගඩු අකී‍්‍රය වීමේ විෂකාරක මිනිස් සිරුරට එකතු ඇතුළු වෙනවා.’’ මහාචාර්ය සරත් බණ්ඩාර පැවසීය.

උතුරු මැද පළාතෙන් හදුනානොගත් රෝගයකින් රෝගීන් මිය යාම ප‍්‍රථම වරට  වාර්තා වූයේ වසර 2002 දී මැදවච්චිය
ප‍්‍රදේශයෙනි. ඉන් අනතුරුව මේ පිළිබද පරීක්ෂණ පැවැත් වූ වෛද්‍යවරුන් මෙය වකුගඩු අකී‍්‍රය වීමෙන් ඇති වන රෝගයක් බව හදුනා ගත්හ. මේ වකවානුවේ උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සීගලෙස වාර්තා වීමත් සමගම එවන් තත්වයක් ඇති වීමට හේතු සේවීම ආරම්භ විය. මේ සම්බන්ධව විවිධ මත අදහස් ප‍්‍රකාශ වුවද වකුගඩු රෝගය වැළදීම කෙරෙහි ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මූලික වන බව මේ වනවිට තහවුරු වී ඇතැයි මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

‘‘වියළි කලාපයේ ගොවීන් වැඩි වශයෙන් සිය ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නෙ පොස්පේට් අඩංගු ටී එස් පී පොහොර. මේ පොහොර ඉතා අඩු මිලට විදේශ රටවලින් මෙරටට ගෙන්වන්නෙ. මේ පොහොර නියමිත ප‍්‍රමිතියකට නිපදවූ ඒවා නොවෙයි. එ නිසා එවායේ බැර ලෝහ ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා. බොහොමයක් බැර ලෝහ මිනිස් සිරුරට අහිතකරයි. ටී එස් පී පොහොර වල කැඩ්මියම් ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා’’ යැයි මහාචාර්ය බණ්ඩාර පැවසුවේය .

කැඩ්මියම් යනු මිනිස් සිරුරුට බෙහෙවින් අහිතකර බැර ලෝහ වර්ගයකි. මේ රසායන ද්‍රව්‍යය මිනිස් සිරුරට ඇතුළු වීමෙන් වඩාත් හානිහට පත් වන්නේ මිනිසාගේ වකුගඩු  පටකයි. කැඩ්මියම් මිලි ග්රූම් 0.5 ක් මිනිස් සිරුරට ඇතුළු වුව හොත් එය මිනිස් සිරුරෙන් පිටව යෑමට අවුරුදු 30 ක් ගතවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය මිනිසාගේ ආයු කාලය අවම කිරීමට හේතුවකි.

ටී එස් පී පොහොර භාවිතය හේතුවෙන්  වගා බිම්  වලට විශාල වශයෙන් කැඩ්මියම් රසායනය එකතු වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වනුයේ එම වගා බිම් වල කැඩ්මියම් අඩංගු ජලය වාරි මාර්ග හරහා වැව් වලට එකතු වීමයි. වියළි කලාපයේ වර්ෂාපතනය අඩු බැවින් නැවත නැවතත් වාරි ජලය ගොවිතැන් කටයුතු යෙදීමට සිදුවේ. විශේෂයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ එකිනෙකට සම්බන්ධ වන කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති බැවින් මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඉහළ වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වන මැදවච්චිය ප‍්‍රදේශයේ කරපික්කඩ වැවෙන් ජලය ලබාගන්නා ගොවීන් මේ රෝගයට ලක් වීමේ අවධානමක් ඇත. එමෙන්ම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වකුගඩු රෝගීන් අතරින්  85% ක් වාර්තා වන මැදිරිගිරිය ප‍්‍රදේශයේ ගොවීන් වැඩි පිරිසක් ජලය ලබා ගන්නේ කවුඩුල්ල වැවෙනි. මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ. මේ ආකාරයෙන්ම මහවැලි ගගේ ඉහළ ජලාධාර ප‍්‍රදේශ ආශි‍්‍රතව වී හා තේ වගාවන් සදහා භාවිතා කරනු ලබන ජලය මහවැලිගගට මුදාහැරීමෙන් එම ජලය භාවිතා කරනු ලබන මහවැලි කලාප වල ජනතාව රෝගී වීමේ අවධානමක් ඇතැයි පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

‘‘ මහවැලි ගගේ ඉහළ ජලාධාර ප‍්‍රදේශ වල වගාවන් වන වී හා තේ වගාවන්  සදහා ටී එස් පී පොහොර භාවිතා කරනවා. ඒ මගින් කැඞ්මියම් රසායනය මහවැලි ගගට එකතු වී  ජලය මගින් පහළට ගෙන එනවා. එය වඩාත් හානිදායක වන්නේ මහවැලි කළාප වල ගොවීන්ටයි. ’’ යැයි මහාචාර්ය සරත් බණ්ඩාර කීවේය.

ජලය මගින් කැඞ්මියම් බැර ලෝහය මිනිස් සිරුරට ඇතුථ වීමේ ප‍්‍රවණතාව ඉහළය. කැඞ්මියම් අඩංගු ජලය ශාක වලට උරා ගැනීමෙන් අනතුරුව ඒ ශාක වලින් නිෂ්පාදිත ආහාර භාවිතයට ගැනීමෙන්  මේ රසායනය මිනිස් සිරුරට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය.

උදාහරණ ලෙස සහල් නෙථම් අල රනිල බෝග මගින් මේ රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුලු   වීමට අවස්ථාව සැලසේ. එමෙන්ම කැඩ්මියම් අඩංගු තණකොළ ආහාරයට එළදෙනකගේ කිරි ආහාරයට ගැනීමෙන්ද මෙම රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුළු විය හැකි බව මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

‘‘ වියළි කළාපයේ බොහෝ ගොවීන්ගේ වගා බිම් පිහිටා ඇත්තේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින්. ගොඩක් අය වගා බිම් වලට යන්නේ උදේ ආහාරයවත් නොගෙන. ගොඩක් වෙලාවට දවල් ආහාරයට ගන්නෙත් පාන් සහ වැව් මාථ. මේ වැව් මාළු වලත් කැඞ්මියම් රසායනය අඩංගු වෙනවා. ’’ යැයි මහාචාර්ය සරත් බණ්ඩාර ප‍්‍රකාශ කළේය.

උතුරු මැද පළාතේ ගොවියන් බොහෝවිට සමබර අහාර වේළක් නොගැනිමේන් වකුගඩු රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් තන්තුමය ආහාර වේලක් නොගැනීමෙන් කැඩ්මියම් වැනි අහිතකර බැර ලෝහ මිනිස් සිරුරට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය.

මේ වන විට උතුරු මැද පළාතේ මැදවච්චිය නොච්චියාගම පදවිය ශි‍්‍රපුර මැදිරිගිරිය වැනි ප‍්‍රදේශවල වකුගඩු රෝගීන් විශාල ප‍්‍රමාණයක් වාර්තා වී තිබේ. එහෙත් මේ පිළිබද තවමත් වගකිව යුතු අංශ වලින් ප‍්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි පැනෝස් සංවිධානයේ වෛද්‍ය ප‍්‍රසන්න කුරේ මහතා සදහන් කරයි.

‘‘ මේ ලෙඬේ හොයා ගෙන අවුරුදු ගණනාවක් ගිහිල්ලා. ඒත් තවමත් අපේ ප‍්‍රශ්නෙට හරි විසදුමක් ලැබිලා නැහැ. විසදුම් තිබුණත් ඒවා ප‍්‍රමාණවත් නැහැ.’’ යැයි ගිරාදුරුකෝට්ටේ ගොවියෙකු වන කේ. රම්බණ්ඩා පවසයි.

‘‘ අපි රෝගයෙන් වැලකී සිටීමට මැටි වළං භාවිතා කරනවා. වතුර පෙරා බීමට ගන්නවා. ඒත් මේ ප‍්‍රදේශයෙ විශාල වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් ඉන්නවා. පවුලක මූලිකයාට මේ ලෙඬේ හැදුණොත් ඒ පවුලම ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධ වෙන්නෙ.’’

උතුරු මැද පළාතේ නිධන් ගත වකුගඩු රෝගය හේතුවෙන් සමාජ ප‍්‍රශ්න රුසක්ද නිර්මාණය වී ඇති බව නොරහසකි.

‘‘ මේ වකුගඩු රෝගය වැලැක්වීමට කළ යුතු බොහෝ දේවල් තියෙනවා. රෝගයට බෙහෙත් ලබා ගන්නා අතරම රෝග මූලාශ‍්‍ර විනාශ කිරීමට පියවර ගත යුතුයි. ’’ මහාචාර්ය සරත් බණ්ඩාර ප‍්‍රකාශ කළේය.

රෝගයට මූලික හේතුවක් වන ටී එස් පී පොහොර භාවිතය අවම කරීම ඉන් ප‍්‍රමුඛ වේ. විදේශ රටවලින් නිසි ප‍්‍රමිතියකින් තොරව ලංකාවට ගෙන්වන මෙම පොහොර වල කැඞ්මියම් විශාල සංයුතියක් අඩංගු වන බව මහාචාර්ය බණ්ඩාර පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් එය පොස්පේට් කිලෝග්රූම් එකකට කැඩ්මියම් මිලිග්රූම් දහයකි. එහෙත් ලංකාවේ නිෂ්පාදිත එප්පාවල පොස්පේට් පොහොර ඊ එස් පී වල අඩංගු වන්නේ පොස්පේට් කිලෝග්රැම් එකකට කැඞ්මියම් මිලිග්රෑම් එකයි දශම දෙකකි. එය අඩු අගයකි. එබැවින් එප්පාවල පොස්පේට් පොහොර වගාවන්ට සුදුසු බව මහාචාර්ය බණ්ඩාර ගේ අදහසයි. එමෙන්ම සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් වැළකි සිටීමට හැකි බව හෙතෙම පවසයි.

‘‘ අඩුම තරමින් දිනකට කතුරුමුරුංගා මැල්ලූමක්වත් ආහාර වේලට එක් කරගත යුතුයි.එවිට ශරිරයට ඇතුලූවන අහිතකර රසායන බහිස‍්‍රාවීය ද්‍රව්‍ය සමග පිටවෙනවා.’’ මහාචාර්ය බණ්ඩාර පවසයි.

සිරුර සුදු මැලිවීම පපුවේ මහන්සිය  ශරීරය ඉදිමීම යන ලක්ෂණයන් වකුගඩු රෝගයේ රෝග ලක්ෂන ලෙස වෛද්‍ය වරුන් හදුන්වා දෙති.  බොහෝ පිරිස් මෙම රෝගී තත්වය’ හදුනා ගනුලබන්නේ ශරීරය ඉදිමීමත් සමගය.

දීර්ඝ කාලීන වකුගඩු රෝගය සදහා හේතු වශයෙන් දියවැඩියාව රුධිර පීඩනය ප‍්‍රවේණිගත රෝග මුත‍්‍රාශ‍්‍රයේ ගල් ඇති වීම ආදිය හේතු වී ඇතැයි  අනුරාධපුර සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බංඩාර පවසන්නේය.මෙම රෝගී තත්තවයන් පවතින්නේ නම් නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු බවයි  හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘‘අඹ ගෙඩියක් වගේ තියෙන්න  ඕන වකුගඩු දෙක මේ රෝගය නිසා ගොරක මද දෙකක්වගේ ඇකිලෙනවා.මේ රෝගය වැළදුන රෝගියෙක්ගෙ ආයු කාලය අවුරුදු පහකට සීමා වෙනවා.දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන රෝගීන්ටත් මෙම රෝගය වැළදෙන්න පුලුවන්”  වෛද්‍ය පාලිත බණ්ඩාර පැවසීය.

පළාත් සභාවෙන් රුපියල් පන්සීයක මුදලක් වකුගඩු රෝගියකුට ලබා දීමට පියවර ගෙන ඇත.එහෙත් මෙම රෝගය වැළදුන පුද්ගලයකුගේ මානසික මට්ටම සුව කිරීමට හැකියාවක් නොමැත.මේ සදහා හොදම ප‍්‍රතිකර්මය වන්නේ රෝගය සෑදීමට ප‍්‍රථම  එය වළක්වා ගැනීමය.එහෙත් මේ සදහා අවශ්‍ය ශ‍්‍රම බලකායක් නොමැත් බවයි වෛද්‍ය බණ්ඩාර පෙන්වා දෙන්නේ.

වකුගඩු රෝගය වැළදුන රෝගින්ට එම තත්ත්වය පසුකාලීනව තම කොදු ඇට පෙළට බලපෑම නිසාවෙන් කුදුබාවයට පත් වීම නිසාවෙන් මහත් අපහසුතාවයට පත්වේ.මෙම වකුගඩු රෝගී තත්ත්වය නිසාවෙන් විශාල වශයෙන් මියයනු ලබන්නේ වයස අවුරුදු තිහත් හතළිහත් අතර පුද්ගලයන් බව මහාචාර්ය බණ්ඩාර පෙන්වා දුන්නේය.වෛද්‍ය උපදෙස් පිළිනොපැදීම ආහාර පාලනයක් නොමැති වීම මෙයට හේතුව බවද හෙතෙම පැවසීය.

කෙසේ වුවද මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සදහා ඇති එකම මාර්ගය වන්නේ ආහාර පාන  වර්ග නිසි ආකාරව ලබා ගැනීම මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම පමණක් බවයි වෛද්‍ය බණ්ඩාර පෙන්වා දෙනු ලබන්නේ.

Pesticides used for paddy cultivation has resulted in the spreading of kidney diseases in the North Central Province. While 10,000 persons have been infected by kidney diseases in the Province, there have so far been 1,000 reported deaths. The diseases are caused when pesticides contaminate the underground water springs and the water systems in the area. The first kidney disease related death in the Province was reported in 2002. The banning of fertilizer and pesticides with minerals harmful to humans, consuming proper food and water and frequent medical check ups are identified as means to control the disease. The provinces adjoining the North Central Province, Uva and Eastern Provinces also face the risk of being affected by kidney diseases.

  • Share/Bookmark

‘‘නිල්වලා යෝජනා ක‍්‍රමය නිසා අපේ කුඹුරු සේරම පුරන්වුණා”

September 16, 2009 by Editor  
Filed under Featured, Stories

nilawalaFlood prevention scheme fails to deliver

සිංහරාජ අඩවියේ පහස ලබමින් මාතර දිස්ත‍්‍රික්කයේ දෙණියාය මැතිවරණ ‍‍ෙකාට්ඨාශයේ ගොන්ගල කන්දෙන් ආරම්භ වන නිල්වලා ගඟ, සැතපුම් හතළිස් දෙකක් දුර ගම්බිම් පසුකරමින් පැමිණ මුහුදට ගලා යයි. දෙණියාය හා ඒ අවට ප‍්‍රදේශයට නිතර වර්ෂාව ලැබිම නිසා වසරකට කීහිප වතාවක් නිල්වලා ගඟ පිටාර ගැලීම සිදුවෙයි. මේ නිසා ප‍්‍රදේ්ශයේ කුඹුරු ගොවිතැන් කිරිම දිගින් දිගටම අසාර්ථක වෙයි. මේ දක්වා බළධාරීන් නිල්වලා යෝජනා ක‍්‍රමය මගින් ඊට විසදුම් ලබාදුන්නද එහි කිසිදු ඵලක් නැතැයි ගොවීහු පවසති.

‘‘දැන් කුඹුරු සේරම පුරන් වෙලා, අසාර්ථක නිල්වලා යෝජනා ක‍්‍රමයේ කිසිම සැළැස්මක් නැතුවයි අමුණු ඉදිකරලා තියෙන්නේ, මේ කද්දුව ප‍්‍රදේශයේ පහල බී.ආර්.දහසය කියලා අමුණුක් බැදලා තියනවා. ඒ අමුණ කවදාවත් අරින්නෑ, ඒ නිසා නිල්වලා ගඟ ආරම්භවෙන කදුකර ප‍්‍රදේශයට සාමාන්‍ය වැස්සක් වැටුනත් මේ ප‍්‍රදේශය වතුරේන් යටවෙනවා” අපේ වගාවන්, ගෙවල් දොරවල්, යටවී තමන් මහත් අසීරුතාවට පත්වන බව කද්දුව ගොවි සංවිධානයේ ලේකම් ජෙම්ස් බෝපගේ සදහන් කරයි.

‘‘විශාල මුදලක් වැය කරමින් ජපන්් ආධාර යටතේ නිල්වලා යෝජනා ක‍්‍රමයේ කිරළ කැළේ ප‍්‍රදේශයේ අමුණු කිහිපයක් ඉදිකිරිම දැනට ඉතාම  අසාර්ථක පියවරක් වෙලා තියනවා” කද්දුව ගොවි සංවිධානයේ සභාපති පියසේන කණ්ඩම්බි කීවේය. ඔහු වැඩි දුරටත් පවසන්නේ ”මේ නිල්වලා ව්‍යාපාරය 1987 කාලේදි වගේ තමයි පටන් ගත්තේ, අසාර්ථකයි කියන්නේ, මේ වැඩේ ආරම්භයෙන්් නෙවෙයි පටන් ගත්තේ අගින්. ගගේ අග ඉදලා අමුණු බැන්දා, මේ වැඩේ නිසා දැනට මාතර දිස්ත‍්‍රික්කයේ තිහගොඩ. මාලිම්බඩ. අකුරැස්ස. කද්දුව, අතුරලිය, පිටබැද්දර, සෑම ප‍්‍රදේශයක්ම ජල ගැලීම් වලට ගොදුරු වෙනවා.

මේ ප‍්‍රදේශය් ගොවියන් සදහන් කරන අන්දමට ඔවුන් මේම ගඟ පිටාර ගැලීමේ අවදානමට දීර්ඝ කාලයක තිස්සේ ලක්වෙනවා. ප‍්‍රදේශය් ආර්ථික වශයෙන් වැවිලි භෝගයක් වන තේ වගාවටද මෙමගින් විශාල හානියක් සිදුවෙයි. මේ ප‍්‍රදේශයේ කද්දුවයාය පමණක් කුඹුරු අක්කර තුන්සියයක් දැනට පුරන්වී පවතී.

මම දන්න විදියට අපේ දෙමව්පියන්ගේ කාළේ මේ ඉඩම්වල කන්න දෙකම හොදට වගා කරපු කාලයක් තිබුනා, දැන් කුඹුරු වගා කරන්න බෑ, හැම කන්නෙම වතුරට පාළු වෙනවා. නිල්වලා යෝජනා ක‍්‍රමයේ නොසැළකිළි හා නොවිදිමත් අමුණු දැම්මත් කද්දුව යාය ප‍්‍රදේශයේ, පහල කොටසේ බී.ආර්.දහසය බැම්ම ඉදිකිරිම නිසාත් පොඩි වස්සක් ආවත්   අතුරලිය, කද්දුව ප‍්‍රදේශ වතුරට යටවෙනවා, අතීතයේ සිට බළධාරීන් නිල්වලා යෝජනා ක‍්‍රමය මගින් ප‍්‍රදේ්ශයේ ගොවීන්ට විවිධ විසදුම් ලබා දුන්නද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් ඵලක්වී නොමැති බවට ප‍්‍රදේශයේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂන නිළධාරී මාගම් මුදලිගේ රංජිත් සදහන් කරයි.

දිගින් දිගට අපේ කුඹුරු පුරන්වෙන  නිසා ගොවි සංවිධානයේ සියලු දෙනා එක්ව තීරනයක් අරගෙන මෙවර කන්නයේදී මා වී කියන වී වර්ගය වගා කරා. මා වී වතුරට ඔරොත්තු දෙන වී වර්ගයක් නිසයි එහෙම කරේ. එයද පසු ගිය දින ජල ගැල්මට හසුවු බව ඔහු සදහන් කලේ ඉතා ශෝකි ස්වරයෙන් යුතුවයි.

‘‘අවුරුදු ගානනකින් නියම ගොවි තැනක් කරන්න අපට බැරි උනා, හේතුව තමයි හැම  කන්නයේ දීම කුඹුරු වතුරින් පිරෙනඑක, ගොවිතැන ගැන නොදන්න සමහර නිලධාරීන්ට මේ ගැන කිසිම අවබොදයක් නෑ, කුඹුරු වලට වතුර දෙන වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන කොට ප‍්‍රදේශයේ ගොවි මහත්වරුන්ගෙන් විස්තර අදහස් ගන්න  ඕනෑ, එහෙම උනානම් මිට වඩා මේ වැඩ පිළිවෙල සාර්ථකවෙන බව ප‍්‍රදේශයේ ගෙවියෙකු වූ ධර්මසේන හෙට්ටිආරච්චි සදහන් කරයි. දෙණියායේ සිට කදුකර ප‍්‍රදේශ පසුකර ගලන නිල්වලා ගඟ අකුරැුස්ස, අතුරලිය, ප‍්‍රදේශ පසුකරද්දි ගඟ පටු වන බවත්, සමහර ඇළ මර්ග හිර වී ඇති නිසාත් මෙම ජල ගැලීම් විටින්විට ඇතිවන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

‘‘මේ ගං වතුර තත්ත්වය, නිල්වලා ගගේ අකුරැුස්සෙන් පහල ප‍්‍රදේශයට තමයි වැඩි බලපෑම තියෙන්නේ, ඒ නිසා වාරිමාර්ග දෙපාර්තුමේන්තුව යෝජනා කරලා තියන වැඩ පිළිවෙලක් තමයි මාතර මහානාම පාලම හරියෙන් ගඟ හාරන්න එහිදි ගං වතුර තත්ත්වයන් ටිකක් හෝ පාලනය වෙනවා”  වාරිමාර්ග දෙපාර්තුමේන්තවේ ගං වතුර ආරක්ෂණ හා ජලප‍්‍රවාහන පාරිසරික ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යකෂ බන්දුල කුමාර ජයසුන්දර පැවසීය.

‘‘බොහෝ කාලයකට ඉහත යෝජනා වෙලා තිබුනේ. ගගේ ඉහල කෙටසේ ජලාශයක් ඉදිකිරිමටයි, එමගින් මෙම පහත් බ්ම් ජලයෙන් යටවිමේ තත්වය පාලනය කල හැකි බවට මත පලවී තිබුනා, එහෙත් එය ප‍්‍රායෝගික නෑ, එම ජලාශයෙන් යට වීමට තිබු ප‍්‍රදේශ දැන් සීඝ‍්‍ර දියුණුවට පත්වෙලා. නමුත් දැනට දීර්ඝ කාලීන විසදුමක් හැටියට ගගේ ජලය පොම්පාගාර මගින් නල මාර්ගයෙන් වෙනත් ප‍්‍රදේශයකට පොම්ප කරන්න සැලැස්මක් තියනවා, එහිදි  පොම්පාගාර වලට විදුලිය ලබාගැනීමේ ගැයළුවක් තිබුනා,එයට විසදුමක් ලෙස ගගේ ඉහල කොටසේ කුඩා ඇළ මාර්ග හරස් කර බැමි යොදා එමගින් විදුලිජනක යන්ත‍්‍ර මගින් විදුලිය සපයාගෙන  එමගින් පොම්පාගාර වලට විදුලිය ලබා දි, මේ පහත් බ්ම් ප‍්‍රදේශ වලට වැඩි ජලය වෙනත් ප‍්‍රදේශයකට පොම්ප කරන්න සැලසුම් කර තියනවා, ඒ සදහා ප‍්‍රංශ රජයේ අනුග‍්‍රහයද ලබා ගන්නට බලා පොරොත්තු වෙනවා” වික‍්‍රම ජයසුන්දර සදහන් කලේය.

The failure of the Nilvala irrigation scheme has resulted in many areas in Deniyaya, Matara being affected by floods. The irrigation scheme built with Japanese funding in 1987 according to farmers in the area has become a failure due to its implementation without a proper plan. Constant flooding of areas surrounding the Nilvala River in Deniyaya has resulted in the destruction of many paddy lands. Farmers who used to cultivate paddy for two seasons are now limited to just one. Many areas in the Matara District face floods due to the shortcomings in the irrigation system. However, various attempts by authorities to address the issue have so far been futile. The Irrigation Department has now proposed to dig the river deeper near the Mahanama Bridge to minimise the flood threat.

  • Share/Bookmark

Next Page »