ගං වතුර අනතුරක් දැනට නෑ- වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි
පසුගියදා මධ්‍යම කදුකරයට මහ වැසි ඇද හැලීමත් සමග මාඋස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ලගා වීමෙන් එහි වාන් දොරටු තුනක් විවෘත කිරීමට සිදුවිය. ඒ සමගම අවිස්සාවේල්ල කිතුල්ගල වැනි කැලණි ගග ආශි‍්‍රත ප‍්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට පූර්ව දැනුම් දීමක් සිදුකෙරිණි. ්මධ්‍යම කදුකරයට තව දුරටත් අධික වර්ෂාවක් ලැබුණ හොත් කැලණි ගගේ ජල මට්ටම ඉහල හා හැකි බව වාරිමාර්ග දෙපාර්මේන්තුව ප‍්‍රකාශ කරයි.
‘මේ මොහොත වනවිට ලංකාවේ කිසිම තැනක ගංවතුර තත්ත්වයක් නැහැ. එවැනි තත්ත්වයක් ඇති වුණොත් අපි වහාම පූර්ව දැනුම් දීමක් සිදු කරනවා. ඒ නිසා ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැහැ.’ වාරි මාර්ග දෙපාර්තමෙන්තුවේ ඉංජිනේරු සරත් විජේසේකර ප‍්‍රකාශ කරයි.
ඉදිරියේ දී ගං වතුර තත්ත්වයන් ඇති විය හැකි ප‍්‍රදේශ ලෙස කැලණි ගග ආශි‍්‍රතව කොළඹ ගම්පහ.ගිං ගග ආශි‍්‍රතව තවලම නෙළුව. දැදුරු ඔය සහ කළු ගග ආශි‍්‍රත පහත් බිම් හදුනා ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමෙන්තුව ප‍්‍රකාශ කරයි. ඉදිරියේදී ගංවතුරු අනතුරු ඇතිවීම සම්බන්ධව විශේෂ අවධානය කැළණි ගගට යොමු කළ යුතු බව ඔවුන් පවසයි. ගංවතුර අනතුරු තත්ත්වයන් ඇති වීම කෙරේ වාරිමාර්ග දෙපාර්තමෙන්තුව නිරන්තර අවධානය යොමු කරන බවද වාරි ඉංජිනේරු සරත් විජේසේකර ප‍්‍රකාශ කළේය.මේ සදහා විශේෂ කණ්ඩායමක්ද දෙපාර්තමෙන්තුව සතුව ඇත.
‘අපි නිරන්තරයෙන්ම වාරි මාර්ග ආශි‍්‍රතව ජල මට්ටම් මනිනවා. ගංවතුර ඇති වෙයි කියලා හිතන ජල මාර්ග පිළිබදව විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. අධික වැසි සහිත කාලගුණයකදී ඒ ජල මාර්ග වල පැයෙන් පැයට ජලය මනිනවා. එහිදී ගංවතුර තත්ත්වයක් ඇති වෙයි කියලා පෙන්නුම් කළොත් අපි වහාම ඒ ප‍්‍රදේශ වල ජනතාව දැනුවත් කරනවා. ඉන් ජීවිත හානි අවම කරගත හැකියි.’ වාරි ඉංජිනේරු සරත් විජේසේකර පවසයි.
මේ සදහා වාරිමාර්ග දෙපාර්තමෙන්තුව ජල මාර්ග ආශි‍්‍රතව ජල මැනීම් කණු සවි කර තිබේ. උදාහරණයක් ලෙස කැලණි ගෙග් හංවැල්ල ප‍්‍රදේශයේ සවි කර ඇති මැනීම් කණුවේ උස මීටර් 4 නම් අධික වර්ෂා සහගත තත්ත්වයකදී ගගේ ජල මට්ටම ඉහළ ගොස් මැනීම් කණුවේ උස මීටර් 2.5 පසු කළ විට එය අනතුරුදායක තත්ත්වයක් ලෙස සැලකේ. එවිට අදාළ ප‍්‍රදේශයන්හි ජනතාව දැනුවත් කිරීමට වාරි මාර්ග දෙපාර්තමෙන්තුව පියවර ගනී. මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සදහා වාරි මාර්ග දෙපාර්තමෙන්තුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේද සහය ලබා ගනී.ඉන් පසු ඔවුන් අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්වරයා හා පොලිසියේ සහය ඇතිව මහ ජනතාව දැනුවත් කරති.
ශි‍්‍ර ලංකාවේ සිදුවන ස්භාවික ආපදා අතරින් පසුගිය අවුරුදු කිහිපය තුළ ගංවතුරු අනතුරු ඉහළ අගයක් ගෙන තිබේ.
‘ ගංවතුර අනතුරු කලින් වළක්වා ගන්න බැහැ.අධික වැසි සහිත කාලගුණ තත්ත්වයන් වලදී ජනතාව නිරන්තර අවධානයෙන් පසු වී හානිය අවම කර ගැනීමට කටයුතු කිරීමයි වැදගත් වන්නේ’ වාරි මාර්ග දෙපාර්තමෙන්තුවේ ඉංජිනේරු සරත් විජේසේකර ප‍්‍රකාශ කරයි.
The Irrigation Department says there is no threat of floods reported from any part of the country. Heavy rains experienced by the Central Province resulted in an increase in the water level of the Maussakele reservoir and several sluice gates were opened for the excess water to flow out. A continuance in rains to the Central Province would result in the increase in water levels of the Kelani River. However, the Irrigation Department says that it keeps a constant watch on the water levels in the country’s irrigation systems and carries out hourly checks during rainy seasons. If and when a flood threat arises, the Department together with the Disaster Management Center issues warnings to the people.
කප්පරතොට කොරල් පරය සංරක්‍ෂණය කෙරේ
Saving coral reefs in the south and continuations
අද වන විට ලෝකයේ හිඟ වී යන සම්පත් අතරට සාගර සම්පත් හිඟ වී යෑමේ අවධානමද පවතින්නේය. මේ නිසා අනාගතයේ සාගර සම්පත් නෙළා ගැනීම පිළිබඳ අර්බුද රාශියක් හමුවේ ලෝකය පවතින්නේය.වැලිගම කප්පරතොට කොරල් පරය ද සීග‍්‍රයෙන් විනාශ වන්නට පටන් ගෙන තිබේ. මේ නිසා එය කඩිනමින් සංරක්‍ෂණය කිරීමට පියවර ගෙන තිබේ.
‘‘මුහුදු සම්පත් ආරක්‍ෂා කිරීමෙන් ඒවාගේ ප‍්‍රතිඵල ලැබෙන්නේ අපේ ප‍්‍රජාවටමයි. විශේෂයෙන් මුහුදු වෙරළේ ඉන්න අයට. අද අපි මේ කොරල් පවිත‍්‍ර කරනවා වගේම ඉදිරියටත් මේ විදියට ක‍්‍රියාත්මක වෙන්න ඕන. කොරල් විතරක් නෙවෙයි අනෙකුත් ජීව සම්පතුත් අපිම සහභාගීවෙලා දිගටම ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත්.” ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත ෆැක්ට‍්‍රික් ටී එවාන් පවසන්නේය.
මෙවැනි කොරල් ආශ‍්‍රිතව මත්ස්‍ය සම්පත් බහුලව ජීවත් වේ. එය ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවට බොහෝ සෙයින් කර්මාන්තය කරගෙන යෑමට ඉවහල් වී ඇත. නමුත් කොරල් විනාශ වීමෙන් එය ධීවර කර්මාන්තයට බාධාවක් විය හැකිය.
‘‘අද ධීවර සම්පත් ලෝකයේ හැම රටකම වගේ විශාල තර්ජනයකට මුහුණ දීලා තියෙන්නේ. අපි මේ සම්පත ආරක්‍ෂා කර නොගත්තොත් මේක විනාශ වෙලා ගිහිල්ල අවසානයේ මුහුදුබඩ ප‍්‍රදේශවල අය ඉතා දිළිදු තත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේක ආරක්‍ෂා කර ගන්න ඕන.” කෘෂි සංවර්ධනය සඳහා වූ අන්තර් ජාතික අරමුදලේ ජාතික සම්බන්ධීකරණ නිළධාරී නිමල් වීරරත්න පවසන්නේය.
සීමාවන් ඉක්මවා සාගර සම්පත් නෙළා ගැනීමත් එය විනාශ වීමට හේතුවක් වී ඇත.
‘‘මුහුදු සම්පත කියන්නේ ජීවි සම්පතක්. මේ ජීවි සම්පත අපට ඕන ඕන විදියට නෙළා බැහැ. ඒකේ සීමාවන් තියෙනවා. ඒ සීමාව ඉක්මවා ගියොත් මේක විනාශ වෙන්න පුළුවන්.” වීරරත්න පවසයි.
මෙවැනි සාගර සම්පත් ආරක්‍ෂා කර ගන්න විවිධ නීති රීති සකස් කර තිබේ. නමුත් ඒවා නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක වීමක් දකින්නට නොලැබේ. මෙයද මුහුදු සම්පත් විනෘශ වීමට එක් හේතුවක් වි ඇත.
‘‘මේවා ආරක්‍ෂා කරන්න අපේ රටේ හුඟක් නීති හරිගස්සල තියෙනවා. නමුත් මේවා ක‍්‍රියාත්මක වීමේදී හරියට ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකට හේතුවක් තමයි නීති හරි ගස්සද්දී මුහුදු සම්පත් නෙළා ගන්නා මූලික ප‍්‍රජාව වන ධීවර ප‍්‍රජාව සහභාගී කරවා ගෙන නැති එක.” වීරරත්න එසේද පවසයි.
විශේෂයෙන් සාගර සම්පත් පිළිබඳ පර්යේෂණ කටයුතු බොහෝ වශයෙන් නාරා ආයතනය විසිනි. ඒ අනුව අපේ රටේ තිබෙන සාගර සම්පත් පිළිබඳව නාරා ආයතනය මේ වන විට පර්යේෂණ රාශියක් පවත්වා තිබේ.
‘‘1985 ඉඳල නාරා ආයතනය මේහි පර්යේෂණ කටයුතු කරනවා. එහිදි අපි දැක්ක දෙයක් තමයි මෙම පරයේ තත්වය පහළ වැටෙනවා. 1988 දී කොරල් විරංජනය වූනාට පස්සේ ලංකාවේ විතරක් නෙවෙයි ඉංදියාව වගේ රටවල් වලත් කොරල් මැරුණා.” නාරා ආයතනයේ පර්යේෂණ නිළධාරී ආර්ජන්ට් රාජසූරිය පවසන්නේය.
මෙම කොරල් පරය නැවත වර්ධනය වීමට පටන් ගෙන තිබේ.නමුත් 2004 දී ඇති වූ සුනාමි ව්‍යවසනය නිසා යළිත් මෙම පරයට හානි සිදු වී තිබේ.
‘‘මේ කොරල් යථා තත්වයට පත් වෙද්දී 2004 දී සුනාමිය ආවා. ඒ නිසා මැරිච්ච කොරල් කොටස් කැඩිල ගියා. වැලි තට්ටු මේ කොරල් මත පතිත විමෙන් මේකේ ඇල්ගාවන් විශාල වශයෙන් වර්ධනය වෙලා. ඒ නිසා ධීවර ප‍්‍රජාවත් එකතු කර ගෙන මෙහි තියෙන වීදුරු කෑලි, බෝට්ටු කෑලි, දැල් කෑලි ආදී අපවිත‍්‍ර ද්‍රව්‍ය ඉවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” රාජසූරිය එසේ විස්තර කරයි.
කප්පරතොට කොරල් පරය සමුද්‍ර විද්‍යාඥයින් ලෙස ඉගෙන ගන්නා සිසුන්ට හොඳ තෝතැන්නක් වී තිබේ.
‘‘මෙතන නොගැඹුරු පරයක් තියෙනවා. මුහුදු තෘණ කලාපයක් මෙතන තියෙනවා. ඒ වගේම හොඳ කොරල් පද්ධතියක් මෙතන තියෙනවා. අනාගතයේ බිහිවන සමුද්‍ර විද්‍යාඥයින් පුහුණු කරන තැනක් විදියට මෙතන භාවිතා කරනවා.” රුහුණ විශ්ව විදයාලයේ සාගර අධ්‍යයන අංශයේ අධ්‍යයන අංශ ප‍්‍රධානී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පවසයි.
දකුණු පළාතේ තිබෙන ලොකුම කොරල් පරය ලෙස මෙය හැදින්වේ. නමුත් ධීවරයින්ගේ අවබෝධයෙන් තොර ක‍්‍රියාකාරකම් නිසා මෙය ක‍්‍රමයෙන් විනාශ වෙමින් පවතී.
‘‘හෙක්ටයාර් 70-80ක් තරම් විශාලයි. දකුණු පළාතේ අනෙක් කොරල් වලට වඩා මෙහි වර්ණවත් මාළුන් වැඩියි. ඒ නිසා වැඩිපුර ධීවර ප‍්‍රජාව ව්‍යාපාරයක් වශයෙන් හා තමන්ගේ ජීවිකාව විදියට මාළුන් අල්ලනවා. ඒ කර්මාන්තය හරහා මෙම කොරල් පරය තර්ජනයට ලක් වෙලා. ජීවී කොරල් විනාශ කරල තමයි මාළු අල්ලන්නේ. මාළු අල්ලන ක‍්‍රමවල තියෙන අක‍්‍රමවත් බව නිසා තමයි එහෙම වෙන්නේ.” ප‍්‍රදීප් කුමාර එසේ පවසයි.
මෙම සම්පත් ඉදිරි පරපුරට දායාද කිරීම අප සතු මහඟු වගකීමක් නිසා මෙය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවය මතුව පවතී.
‘‘මේ ගත් ක‍්‍රියාමාර්ගය හොඳයි. හැබැයි ප‍්‍රශ්නයක් තියෙනවා. මේ ගත් ක‍්‍රියාමාර්ගය ඉදිරියටත් පැවතීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම හිතන්නේ ධීවර ප‍්‍රජාව මෙන්ම අනෙක් අයටත් මේක තමුන් හරහා කෙරෙන්න ඕන දෙයක් කියලා හිතන්න ඕන.” ප‍්‍රදීප් කුමාර පවසන්නේය.
The Kapparatota coral reef in Weligama that spans over 70-80 hectares is the largest reef in the southern sea. It is now facing a threat of extinction and measures have been taken to preserve the reef. Although there are laws to protect ocean resources, the non inclusion of fishermen, who work closely with these resources, in the laws, has posed an obstacle in fully imposing the legislation. The colorful fish that live among the reef has made many people in the area take up fishing as a livelihood. However, incorrect methods used in fishing have destroyed the reef, which is still recovering after the 2004 tsunami. The reef started to decline in 1988, but was in the process of developing when the tsunami hit the country. Valuable ocean resources need to be preserved for future generations.
නියගයෙන් අම්පාරේ ගොවීන් බැටකයි
අම්පාර දිස්ත‍්‍රික්කයේ ජිවත් වන ජනතාවගේ ප‍්‍රධාන ජිවනෝපාය වී ගොවිතැනවේ. ලංකාවේ මුළු සහල් නිෂ්පාදනයෙන් 20% ක් නිපදවන්නේ ද අම්පාර දිස්ත‍්‍රික්කයෙනි. නමුත් පසුගිය කන්නයේ අම්පාර දිස්ත‍්‍රික්කයේ පන්නල්ගම, නාමල්ඔය, එග්ගල්ඔය වැනි ප‍්‍රදේශවල යල කන්නයේ ගොවිතැන් නොකරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා තිබෙන බව ගොවීයෝ පවසති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට මෙසේ පවසා ඇත්තේ වගා කටයුතු සඳහා අවශ්‍ය තරම් වැව් ජලය නොමැතිකම හේතුවෙනි. නමුත් ජලය ලබාදුන් ප‍්‍රදේශවල ද කුඹුරු නිසරු වු බව ගොවීන් පවසයි.
‘‘ගිය මහ කන්නයේ වී කවර 100 ක් විතර ගත්තා අක්කර දෙකහමාරෙන්. මේ යල කන්නෙන් ලැබුණේ කවර පනහක් විතර. එකට එකක්ම අඩුයි. අපිට දවස් පහලොවයි වතුර දුන්නේ. පොළව තෙමෙන්නත් මදි.” සුදුවැල්ලේ ආරියරත්න පැවසුවේය.
සුදුවැල්ලේ පදිංචි ආරියරත්න තමා මෙවර ගොවිතැන් කලත් පෙර පරිදි අස්වැන්නක් ලබා ගැනිමට නොහැකි වු බව පවසයි.
‘‘වතුර නැති නිසා දවස් පහලොවෙන් ඔක්කොම කරගන්න උනා.වැපුරුවට පස්සේ දවස් හතෙන් බෙහෙත් ගැහුවා. දවස් හතෙන් තණකොළ එන්නෙ නැහැනේ. මට විතරක් නෙවෙයි. ඔක්කොටම ඒ දේ උනා. දවස් තුනයි වතුර දුන්නේ. අපේ කුඹුරු තියෙන්නෙ අන්තිමට. වී ඇට බොල් උනා. මේ කන්නෙ වැස්සෝත් කුඹුරු කරන්න පුළුවන්. වැවෙත් වතුර නැහැ ”
යල කන්නයේ ගොවිතැන් කිරිමට නොහැකි වු නිසා ඉදිරි කන්නවල ගොවිතැන් කිරිම අපහසුවේ. බිත්තර වී මිළ දී ගැනිමට විශාල මුදලක් වැය කරන්නට සිදුවේ. ගිය කන්නයේ වි වගා නොකළ නිසා කෑමට පවා නිවෙස්වල වී නැති බව ගොවියෝ පවසති.
සැපයු ජලයෙන් කුඹුරු කලද අවසානයේ ගොයම් වගාව ජල හිඟය නිසා විනාශයට පත්වු බව පරගහකැලේ පදිංචි ගුණසේකර පැවසුවේ ය.
‘‘වෘත්තියක් වශයෙන් අපි ගොවිතැන් කරන්නෙ. මම අක්කර පහක් කළා. කොහොම හරි අක්කර දෙකක විතරයි ආදායම ගන්න පුලුවන් වුණේ. අනික් ගොයම් මැරුණා. බෙහෙත් ගහලා වතුර හරවන්න නැතිව තණකොළ මැරුනේ නෑ. එහෙමත් කුඹුර පාලු උනා”
මේ දිනවල ගොඩ භෝග වගා කරන අතර ඒවට වතුර පොම්ප කරන බව ගුණසේකර තවදුරටත් පැවසීය.
‘‘මම මේ පාර වට්ටක්කා , ගර්කින් වගා කළා වහියි කියලා. ඒත් වැස්සෙ නෑ. මම දැන් වතුර පොම්ප කරනවා. ඇලෙත් වතුර නෑ. දැන් තෙල් වලටත් හොඳ මිලක් යනවා. මෙහෙම ගියොත් මොනව වෙයිද කියලා හිතා ගන්න බැහැ.”
තමන් හට තාවකාලික රැුකියාවක් හෝ සොයාදෙන ලෙස තරුණ ගොවි මහතෙක් වන අත්තනායක පැවසීය.
‘‘විකල්පයක් වශයෙන් අඩුම ගානේ මාස හයකවත් රැුකියාවක් හම්බ වෙනවනම් හොඳයි. දෙවන කන්නක්වත් පටන් ගන්න ශක්තියක් අපට නෑ. මොකද ගෙවල් වල තියෙන වී ඉවර වෙලා. අපි මොකද කරන්නෙ කියලා බලාගෙන ඉන්නවා.”
අම්පාර ආර්ථිකය රඳා පවතින්නෙ කෘෂි කර්මාන්තය තුලයි. ගොවීන්ට ගොවිතැන් කිරිමට ජලය අත්‍යවශ්‍ය වේ. ජලය නොමැතිකම හේතුවෙන් ගොවීන්ගේ ආර්ථිකය කඩා වැටේ.
”අපිට කුඹුරු කරන්න වතුර තිබ්බේ නෑ. ඉතිං අපට ඊළග වැහි කන්නය එනකම් අපිට සහනාධාරයක් දුන්නොත් හොදයි.” නාමල්ඔය සෙනරත් පැවසීය.
ඉදිරි කන්නයේ දි වර්ෂාව ලැබුනත් ගොවිතැන් කිරිම අවිනිශ්චිත බව පියදාස පැවසුවේය.
‘‘කුලි වැඩ කරන මිනිහා කුලි කරනවා නැත්නම් දුකසේ ජිවත් වනවා. සහනාධාරයක් දෙනවනම් හොදයි නැත්නම් අපි ලෝක අමාරුවේ” පියදාස පැවසුවේය.
ගල්ඔය මිටියාවතේ මව ලෙස සේනානායක සමුද්‍රය හැදින්වේ. එහි ජලය මේවන විට විශාල ලෙස අඩු වී තිබේ. මෙම තත්වය තුළ ජලය මුදා හැරියොත් වැවෙ ජල මට්ටම තවදුරටත් පහල බසිනවා යැයි නාමල්ඔය ප‍්‍රාදේශිය සභාවෙ සභාපති පාලිත පුෂ්ප කුමාර පවසයි.
Farmers in several areas in the Ampara District, which provides 20% of the country’s rice requirement, have been asked not to cultivate paddy for the Yala harvest due to a water shortage. However, the farmers who have received water for cultivation say that the yield this time has been poor. The farmers lament that they would be unable to cultivate for the next harvest if they do not earn any money from the Yala harvest. They are also uncertain of cultivating paddy for the next harvest if the drought does not end. The rapidly decreasing water levels in the Senanayake Samudra tank has made it difficult for the authorities to release water for paddy cultivation. With a difficulty in carrying out their livelihood, farmers are faced with a severe financial crisis as well.
අම්පාරේ වතුර වෙළදාම
අම්පාර ප‍්‍රදේශයේ මෙතෙක් කලක් වතුර මුදලට අළෙවි නොවූ නමුත් දැන් වතුර මුදලට අළෙවි වෙමින් තිබෙන්නේය. අම්පාරේ හිගුරාන ප‍්‍රදේශයට අත් ට‍්‍රැක්ටර් මගින් පානීය ජලය ගෙන එන අතර ප‍්‍රදේශවාසීන් ලීටර විසිපහක වතුර බූලියක් මිලට ගන්නේ රුපියල් විසිපහක මුදලටය. නැතිනම් බයිසිකල් වලින් පානීය ජලය ගෙන ඒමට යන පුද්ගලයින්ට රුපියල් විස්සක් තිහක් ලබාදී වතුර බූලියක් මිලට ගන්නේය.
මුදලට වතුර ගෙන එන අය වතුර ඇති ලිං සොයා උදේ පාන්දරම ගමන් කරයි. එම ලිංවලින් වතුර එක්කරගන්නා ඔවුන් බයිසිකල්වල වතුර බූලි බැදගෙන පැමිණ වතුර අවශ්‍ය අයට ලබා දෙයි.
අම්පාරේ වැසියන් මේ ආකාරයට වතුර මුදල් දී මිලට ගන්නේ එම ප‍්‍රදේශයට මාස හයකින් වැසි නොලැබීම නිසා ප‍්‍රදේශයේ ලිං බොහෝමයක් සිදී යාම හේතුවෙනි.
අම්පාරේ වැසියන්ට නියං කාලයේදී මුහුණපෑමට සිදුවන ප‍්‍රධානම ගැටලුව වී ඇත්තේ පානීය ජල ගැටලුවය. අම්පාරේ ලිං බොහෝමයක් සිදී ඇති අතර මේ නිසාවෙන් පානීය ජලය සොයා කිලෝමීටර ගණන් යාමට අම්පාර ප‍්‍රදේශවාසීන්ට සිදුව තිබේ.
‘‘අපි රස්සාවටල එන නිසා දවල් කාලයේ ගෙවල් වල ඉන්නේ නැහැ. ගැහැණු අය විතරයි ගෙවල්වල ඉන්නේ. මේ නිසා වතුර ගේන්න යන අයට කීයක් හරි දීලා වතුර ගෙන්නවා ගන්නවා.’’ අම්පාරේ පදිංචිකරුවෙක් වන ප‍්‍රියංග නිශාන් සදහන් කළේය.
බොහෝ ලිංවල වතුර සිදී ඇති නිසා වතුර ටිකක් හෝ ඇති ලිංවල අයිතිකරුවන් එම ලිංවලින් වතුර ලබාදීමට දක්වන්නේ දැඩි අකමැත්තකි. ‘‘ සමහර අය වතුර ගෙනයන නිසා ලිංවල තියෙන බාල්දි හංගලා තියනවා.’’ නිශාන් පැවසුවේය.
‘‘පසුගිය මාර්තු අපේ‍්‍රල් මාසවල මේ ප‍්‍රදේශයට වැස්සේ නැහැ. මේ නිසා තමයි මෙම ප‍්‍රදේශවලට නියං තත්වයක් ඇතිවී තිබෙන්නේ.’’ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දිස්ත‍්‍රික් අධ්‍යක්ෂ රංජිත් ජයසේකර කීවේය.
වසර ගණනාවකට වරක් මෙවැනි වැසි නොමැති නියං කාලයක් පැමිණිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේය. අම්පාරට බලපාන ලද නියං තත්වය අනුරාධපුරය හම්බන්තොට වැනි ප‍්‍රදේශයන්ටද බලපා තිබුනේය.
මාර්තු අපේ‍්‍රල් මාස වලදී ඇද වැටෙන වර්ශාව අම්පාර ප‍්‍රදේශයට නිසි පරිදි නොලැබීම නිසාවෙන් එම ප‍්‍රදේශයේ ජනතාවට ගැටලූ ගණනාවක් නිර්මාණය වුනේය. ‘‘වැස්ස නැති නිසා අපි මාර විදියට අසරණ වෙලා ඉන්නේ.’’ නිශාන්ත පවසයි.
අම්පාරේ වෙළදසැලක අළෙවිකරුවෙක් වන නිශාන්ත මාස ගණනාවක සිට දවසේ වැඩ අවසන් කර නිවසට යෑමට පෙර වෙළදසැලෙන් දිය නාගෙන ගෙදර යන්නේය. ගෙදර ගොස් දිය නෑමට පුරුදුව සිටි නිශාන්ත මාස කීපයක සිට මේ ආකාරයට තමන් සේවය කරන ස්ථානයෙන් දිනපතාම දිය නාගෙන යන්නේ අම්පාර ප‍්‍රදේශයට ඇතිවී තිබෙන උග‍්‍ර ජල හිගය නිසාය.
බීමට වතුර ගෙනඑන ආකාරයට මේ ප‍්‍රදේශවාසීන් දිය නෑම සදහා කිලෝමිටර ගණනාවක් ගමන් කළ යුතුය. සමහරු බයිසිකල්වලින් කිලෝමීටර ගණනාවක් ගමන්කර දිය නෑමට ස්ථානයක් සොයාගන්නේය.
‘‘කිලෝමීටර හතරක් පහක් ගිහින් වතුර තියෙන ගගකට ගියත් පනිට්ටුවලින් තමයි වතුර අරගෙන නාන්න වෙන්නේ. ඒ තරමට වතුරු හිදිලා. වෙනදාට ගිලිලා නාන්න පුළුවන් ගංගාවල දැන් තියෙන්නේ අඩි දෙකක් තුනක් වගේ වතුර ප‍්‍රමාණයක්.’’ නිශාන් කීය.
අම්පාර ප‍්‍රදේශයට මාස ගණනාවක් තිස්සේ බලපා ඇති නියං තත්වය නිසා එම ප‍්‍රදේශයේ ලිංවල වතුර සිදී ගොස් තිබුණාසේම ගස් කොළන් වියලී තිබූණි. අතර වැව්වල ජල මට්ටම පහළ බැස තිබුනේය.
‘‘සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි හත්ලක්ෂ හැත්තෑදහසක් වෙනවා. දැන් වැවේ තිබෙන්නේ වතුර අක්කර අඩි හැටඑක්දාහක් පමණයි. මෙහි වතුර මට්ටම අඩි එකසිය දහයේ සිට අඩි හතළිස් හතර දක්වා පහළ බැස තිබෙනවා.’’ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අම්පාර කාර්යාලයේ අධ්‍යක්ෂ වාරි ඉංජිනේරු සමන් වීරසිංහ පැවසුවේය.
මේ වන විට සේනානායක සමුද්‍රයේ ඇත්තේ එහි ජල පරිමාවෙන් සියයට අටක් පමණි. අම්බලන් ඔය වැවේ ජල පරිමාව සියයට තුනක් දක්වාද, එක්ගල් ඔයේ ජල පරිමාව සියයට දාහතක් දක්වාද, පහළ බැස ඇති අතර නාමල් ඔයේ ජල පරිමාව සියයට දොළහ දක්වා පහළ බැස ඇත. පල්ලන් ඔයේ ජල පරිමාව සියයට හතර දක්වා පහළ බැස ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
‘‘වැව්වල දැන් තියෙන්නේ බීමට වතුර ටිකක් විතරයි. ගොඩක් වැව්වල වතුර මට්ටම මේ වගේ පහළ බැස තිබෙනවා. ’’ වීරසිංහ සදහන් කළේය.
වැව්වල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහළ බැසීම නිසා වැවෙන් වතුර නිකුත් කිරීමද සීමාකර තිබේ. දැන් වැව්වලින් වතුර නිකුත්කරන්නේ සති දෙකකට එක් දිනයකදී පමණි.
‘‘ඔක්තෝම්බර් නොවැම්බර් මාස වනතෙක් මේ විදියට තමයි වතුර නිකුත්කරන්න වෙන්නේ.’’ වීරසිංහ කීවේය.
‘‘ඉස්සර හැමදාම ඇලවල් වල වතුර ආවා. දැන් වතුර ඒ ආකාරයට එන්නේ නැහැ. ඒ ඇලවල් සේරම හිදිලා ගිහින්.’’ නිශාන්ත පැවසුවේය.
අගෝස්තු මාසයේ අවසන් දින කීපය තුළදී අම්පාර ප‍්‍රදේශයේ ඇතැම් ප‍්‍රදේශවලට සුළු වර්ශාපතනයක් ඇදවැටී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහෙත් හිගුරාන හා යාල වනෝද්‍යානයට ඉහළින් පිහිටි ප‍්‍රදේශ වෙත තවමත් වැසි ලැබී නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි නොමැති තත්වයක් තුළ අම්පාරේ ගොවීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති. ඇතැම් ගොවීන් මේ වසරේ ගොවිතැන් කටයුතු නවතා ඇති අතර තවත් ගොවිතැන් කළ ගොවීන්ගේ ගොවිතැන් පාළුවට ගොස් තිබේ.
‘‘මම අක්කර තුනක උක් වගාවක් කළා. වැසි නැති නිසා උක් වගාව පාළු වෙලා තියෙන්නේ. මේ වෙනකොට උක් ටොන් හතළිහයි කර්මාන්ත ශාලාවට දෙන්න පුළුවන් කම ලැබිලා තියෙන්නේ. වැස්ස නැති නිසා මට ලක්ෂ එකහමාරකට වැඩි පාඩුවක් වෙලා තියෙනවා.’’ හිගුරාන තිඹිරිගොල්ල ප‍්‍රදේශයේ උක් ගොවියෙක් වන ඒ. සිරිපාල කීය.
නියං කාලය උක් ගොවියාට මෙන්ම වී ගොවියාටද කණ කොකා පෙන්වා තිබේ. එක්ගල් ඔය ප‍්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර එකසිය අනූනමයක් පාළුවට ගොස් ඇත්තේ මේ නිසාය. නාමල් ඔයේ ජලයෙන් කුඹුරු වගාව කරන ගොවීන් අනූපස්දෙනෙක් පමණම මහ කන්නයේ ගොවිතැන් නොකළේ ගොවිතැන් කිරීමට ප‍්‍රමාණවත් පරිදි වතුර නොතිබීම නිසාය. එම ප‍්‍රදේශයේ ගොවිතැන් කර තිබුනේ ගොවීන් පස්දෙනෙක් පමණි.
ගොවිතැන් කරන අයට පමණක් නොව නගරයේ සිටින පුද්ගලයින්ට නියගය බලපා තිබුනේය. වෙනදාට පැය විසිහතරේදීම නල මාර්ග ඔස්සේ ජලය පැමිණි අම්පාර නගරයේ පදිංචිකරුවන්ට දැන් පැයවිසිහතරේදීම වතුර ලැබෙන්නේ නැත. ඔවුන්ට වතුර ලැබෙන්නේ දවසට පැය කීපයක් පමණි.
‘‘අපිට දැන් හැම වෙලාවේම නල මාර්ගයෙන් වතුර එන්නේ නැති නිසා වතුර එකතුකරගන්නවා. එහෙම වතුර එක්කරගත්තාම දවසේ වැඩ කරගන්න පුළුවන්.’’ අම්පාර නාගම්පොළ පදිංචි පද්මිණී මානවඩු පැවසුවාය.
‘‘අපිට වතුර නැති එක මහා ගැටලූවක් වෙලා තියෙන්නේ. අපිට මොන විදියට හරි වතුර ටිකක් දෙනවානම් ඒක ලොකු උදව්වක්.’’ සිරිපාල කීය.
අන්තර් මෝසම් වැසි කාලය ආරම්භ වන තුරු අම්පාර ප‍්‍රදේශයට සැලකිය යුතු ආකාරයේ වර්ශාවක් නොලැබී යාමට හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේය.
‘‘මේ වන විට නිරිත දිග මෝසම් වැසි ක‍්‍රියාත්මක වනවා. එයින් අම්පාර ප‍්‍රදේශයට වැසි ලැබෙන්නේ නැහැ. අන්තර් මෝසම් වැසි කාලයේදී තමයි අම්පාර ප‍්‍රදේශයට වැසි ලැබෙන්නේ. මේ නිසා මෙම ප‍්‍රදේශවලට වැසි ලැබීමට ඔක්තෝම්බර් නොවැම්බර් මාස වනතෙක් බලාසිටීමට සිදුවෙනවා.’’ ජයසේකර කීය.
Sever drought conditions in Ampara for the last six months has resulted in people selling water. Water is currently being sold at around Rs. 25 for 25ml in the Hingurana area in Ampara. The dried up wells and lack of water for drinking or bathing has compelled these people to walk miles to find water. The drought has also prevented many farmers from cultivating paddy. Several people have started a business in selling water by traveling the distance to find water and bring it to the drought stricken villages. The shortfall in rains during the April-May period this year has caused the drought. The Meteorological Department states that severe drought conditions could be experienced by the people in Ampara every few years. Ampara receives rains only during the inter monsoon period.
මෙරට වැඩිම උෂ්ණත්වයකින් යුත් දිඹුලාගල උණුදිය උල්පත
Discovery of natural geezer in Dimbullagala in the Polonnaruwa
ශී‍්‍ර ලංකාවේ මේ වන විට සොයාගෙන තිබෙන උණුදිය උල්පත් අතරින් වැඩිම උෂ්ණත්වයක් පවතින් උණු දිය උල්පත ලෙස දිඹුලාගල නොළුම්වැව (ගල් වැව) ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පිහිටා ඇති උණු දිය උල්පත ප‍්‍රමුඛස්ථානය හිමිකරගෙන තිබේ. මේ වන විට මෙරටින් සොයාගන ඇති උණු දිය උල්පත් සංඛ්‍යාව දහයකි.
මහවැලි බී කලාපයේ සෙවනපිටිය කොට්ඨාශයට අයත් සුන්දර අලංකාර වටපිටාවක ඇති නෙළුම්වැව උණුදිය උල්පත ශ‍්‍රී ලංකාවේ සුවිශේෂීතම උණුදිය උල්පත බව ඒ පිළිබදව පරීක්ෂණ පවත්වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජල භූ විද්‍යාව පිළිබදව ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය එච්. ඒ. ධර්මගුණවර්ධන පවසයි.
පොළොන්නරුව මනම්පිටිය පාලමෙන් මහවැලි නදිය පසුකර මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ සෙවනපිටිය නගරයට ගොස් එතැන් සිට කිලෝමීටර හයක් පමණ දකුණට ගියවිට නොළුම්වැව ඉස්මත්තේ මෙම උණු දිය උල්පත් දැකගත හැකිවේ.
ශ‍්‍රී ලංකාවේ පවතින උනුදිය උල්පත් අතරින් සෙන්ටිගේ‍්‍රට් අංශක 62ක උෂ්ණත්වයක් ඇත්තේ දිඹුලාගල නෙළුම්වැව උණුදිය උල්පත්වල බවද ධර්මගුණවර්ධන සදහන් කරයි.
මේ වන විට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඩබ්ලිව්. කේ . රංජිත් පෙරේරා ව්‍යාපාර සංවර්ධන නිලධාරී විපුල ජගත් අබේරත්න ඇතුළු මහවැලි නිළධාරීන් පිරිසක් මැදිහත්වී මෙම උණු දිය උල්පත් සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට සුදුසු ආකාරයකට නිර්මාණය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් සිටිති.
‘‘ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට සිට ත‍්‍රිකුණාමලය දක්වා භූමියේ එක රටාවකට තමා උණු දිය උල්පත් පිහිටලා තියෙන්නේ. ඒ උණුදිය උල්පත් 10 අතරින් දිඹුලාගල නෙළුම්වැව ආශ‍්‍රිතව තිබෙන උණු දිය උලපතේ තමා වැඩිම උෂ්ණත්වයක් තිබෙන්නේ. එය ලස්සන අලංකාර පරිසරයක පිහිටා තිබීමත් විශේෂත්වයක් බව මේ පිළිබදව පරීක්ෂණ පවත්වන ධර්මගුණවර්ධන පැවසීය.
‘‘මෙම උණුදිය උල්පත්වලින් මතුවන ජලයේ සල්ෆර් ලවණ ඉතා ගුණයි. ඒ නිසා චර්ම හා වාත රෝග නිවරණය කිරීමට අවශ්‍ය ස්වභාවික ද්‍රව්‍ය අඩංගු නිසා මෙම ළිං වලින් නෑමට බොහෝ දෙනා ප‍්‍රිය කරනවා. ’’ ඔහු කීවේය.
පෙළව යට තාප ශක්තියය තිබේ නම් භූ තාප බලය ලබාගැනීමේ හැකියාව පවතින බවද හෙතෙම සදහන් කළේය.
‘‘ලෝකයේ භූ තාපය යොදාගෙන රටවල් විස්සක් පමණ විදුලිය ජනනය කරනවා.’’ භූ තාප බලශක්තිය ලබැනීමට තවත් රටවල් හැටක් පමණ ගවේශණ කටයුතු කරනවා. අපි විද්‍යුත් ප‍්‍රතිරෝද මාපකයක් හරහා මෙම නෙළුම් වැව උනුදිය උල්පත් ආශි‍්‍රත කිලෝමීටර් දෙකක් පොළව යට මීටර් හාරසීයක් පමණ පළලට පැතිකඩ නිර්මාණයක් ගෙන අදාල සියලූම පරීක්ෂණ කටයුතු කරමින් සිටිනවායැයිද ධර්මගුණවර්ධන වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
පොළව අභ්‍යන්තරයේ විටින් විට හෝ නිරතුරුවම ස්වභාවිකව ජලය ගලා ඒම, මතුවීම හෝ ගලායාම උල්පත නම්වේ. ඇතැම් වැසි දිය හරහා පොළෝ ගර්භය තුළට කිදාබසින ජලය සවිමත් පස් තට්ටුවක් තුළ සිරවූ පසු එම පස් ස්ථරයේ පිහිටීම හා බැස්ම අනුව භූගතව ජලය ගලාගොස් කිසියම් තැනකදී පොළව මතුපිටට පැමිණේ නම් එය උල්පතක් ලෙස හැදින්විය හැකිබව විශේෂඥයෝ පවසති.
උල්පතක භූගත මාර්ගය ගැඹුරුවුවත් දීර්ඝ වුත් තරමට එහි ජල ප‍්‍රමාණය අධික බව සාමාන්‍ය පිළිගැනීමයි. මහවැලි ගංගාවේ මව් ශාඛාවද ඇරඹෙන්නේ නුවරඑලියේ ඇඩෝලිප් වතුයායේ උල්පතක් ලෙසට බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබද ශාස්ත‍්‍රපති සිංහපුර මහවැලි කොට්ඨාශ කළමනාකාර එච්. එම්. රොමියෙල් පැවසීය.
මිනිත්තුවකට ජලය ගැලුම් දස ලක්ෂයක් ඉවතට පැමිණෙන උල්පතක් කැනඩාවේ රොකී ප‍්‍රදේශයේ බැම්ප් නගරයෙන් සොයාගෙන ඇත.
භූගත ජලය ගුරුත්වාකර්ශණ හා පසෙහි ව්‍යසනය මත සිදුවන කේෂාකර්ෂණ හා දේශගුණ කාලගුණික හා භූ ගර්භ සාධක මත පොළව තුළට කිදා බසී. ඇතැම් විට ජලය වාෂ්පවන තරම් උෂ්ණත්වයකින් යුක්තවූ ප‍්‍රදේශය තුළටද මෙම ජලය කාන්දුවේ. යම් තැනකින් මතුවන ජලය ඒ අවට පසේ උෂ්ණත්වයට වඩා උනුසුම් වේ නම් එය උණු දිය උල්පතක් ලෙස සැළකෙන බවද රොමියෙල් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ වන විට ශ‍්‍රී ලංකාවේ කින්නියාහි උණුදිය උල්පත (ත‍්‍රිකුණාමලය) මහ ඔය උණුවතුර බුබුළ(අම්පාර) කුමනට නුදුරු උණුදිය බුබුළ (මරන්ගල්ල) මහපැලැස්ස උණුවතුරු බුබුළ (හම්බන්තොට) රන්කිහිරිය උණුදිය උල්පත (අනුරාධපුර ගෝමරන්කඩවල) නෙළුම්වැව උණුදිය උල්පත (පොළොන්නරුව දිඹුලාගල) කපුරුල්ල විහාර භූමිය ( මඩකලපුව) යන ප‍්‍රදේශවල උණුදිය උල්පත පිහිටා ඇත.
වඩා ප‍්‍රියජනක මෙම ස්ථාන රැක ගැනීම හා සංරක්ෂණය ඉතා වැදගත් වන අතර පාරිසරික හා සංචාරක ව්‍යාපාර සදහාද මේවා භාවිතා කළ හැකිය.
කෙසේ වුවද මෙම උණු දිය උල්පත් ස්ථාන අවට භූමිය නවීකරණය කිරීමෙන් හා අධික කම්පනවලට ලක්කිරීමෙන් හෝ දුර්වල පාශාණ ස්ථරවලට අධික බරක් පැටවීමෙන් මෙම උණුදිය උල්පත්වලට හානි විය හැකි බව භූ විද්‍යා මතයයි.
The hot water spring in the Nelum Wewa (Gal Wewa) area in Dimbulagala is considered key among the 10 hot water springs located in the country. The 10 hot water springs in the country are located in a pattern between Hambantota and Trincomalee. The temperature of the Dimbulagala hot water spring is 62 centigrade points, which is the highest among all other hot water springs. Authorities are now in the process of developing and preserving the hot water spring to make it an attraction among the local and foreign visitors. The natural substances in the water emanating from the spring could heal various diseases. However, examinations are now being conducted by experts on the soil in an area covering 2km around the spring.
විශ්මිත වාරි උරුමය පරාක‍්‍රම සමුද්‍රය
Untold story of the Parakrama Samudra Tank
අපගේ මුතුන් මිත්තන්ගේ දෑතින් මේ දක්වා ඉදිකොට ඇති විශ්ෂ්ටතම වාරි නිර්මාණය පරාක‍්‍රම සමුද්‍රය බව බොහෝ දෙනකු මෙතෙක් අවබෝධ කොට ගෙන නැත.පරාක‍්‍රම සමුද්‍රයේ සුවිශේෂ ලක්ෂණයක් වනුයේ මෙරට වාරි කර්මාන්තය වැව් සංකල්පයෙන් සමුද්‍ර සංකල්පයට පිවිසීමය. සමුද්‍රයේ විශාලත්වය දැක්විම සදහා වැව් බැම්මේ ගල් ටැම් සිටුවා දිවයිනේ අනෙකුත් විශාල වැව් බැමි වල දිග පරාක‍්‍රම සමුද්‍ර බැම්මේ දිගත් සමග සසදා දක්වා ඇත.
පරාක‍්‍රම සමුද්‍රය එක් වැවක් පමණක් නොවේ .එය වැව් සංකීර්ණයකි. එම සංකීර්ණයට තෝපා වැව එරමුදු වැව දුඹුටුලූ වැව කලහගල වැව හා භූ වැව අයත් වේ . පරාක‍්‍රම සමුද්‍රයේ විශ්මය වන්නේ විශාලත්වය පමණක් නොවේය. මේ සා විශාල ජල කදක් පාලනය කොට හසුරුවා ඇළමං ඔස්සේ කෙත්වත වලට ගලා යෑමට සැලැස්වීම මෙම වාරිකර්මාන්තයේ විශිෂ්ටත්වය වී තිබේ .
පරාක‍්‍රම සමුද්‍රයට ජලය පුරවාගෙන ඇත්තේ වෙනත් වැව් වලට ජලය ලබා ගන්නා ආකාරයට වඩා වෙනස් ක‍්‍රමයකිනි.සමුද්‍රයට ප‍්‍රධාන ජල සැපයුම් මාර්ග දෙකක් පවතී.ඉන් ප‍්‍රධාන මාර්ගය අඹන් ගග සුදු කන්ද හරහා ගලා බසිද්දී ගංගා පත්ල මත විශාල ගල් කුට්ටි අතුරා ගංගා මග වෙනස් කොට ජලය ඇළ මාර්ගයකට යොමු කොට තිබේ. එම ඇළ මාර්ගය හදුන්වා දෙනු ලබන්නේ අංගමැඩිල්ල යෝධ ඇළ නැතිනම් ආකාශ ගංගාව යනුවෙනි. මෙහි ඇති පුදුමය වන්නේ අඩි දෙසීයක සමෝච්ච රේඛාව මත එය ඉදිකොට තිබීමයි.
දෙවන ඇළ මාර්ගය ඇළහැර අමුණේ ගලන අඹන් ගග ජලය ගිරිතලේ වැවටත් තඹල වැවටත් කඩවල වැවටත් ගලා විත් පරාක‍්‍රම සමුද්‍රයට පිවිසීමය. ඒ ජල මාර්ගය ප‍්‍රදේශ වාසීන් හදුන්වන්නේ මා ඔය යනුවෙනි.මේ හේතුවෙන් අඹන් ගග ආශි‍්‍රතව පෝෂණය වූ වාරි කර්මාන්ත දෙකක් ඇත. ඒ අංගමැඩිල්ල ඇළ ව්‍යාපාරය හා ඇළහැර ව්‍යාපාරයයි.
පරාක‍්‍රම සමුද්‍රයට අයත් වැව් වල ජලය පුරවා ගත් ආකාරයද අනෙක් වාරි කර්මාන්තයට වඩා විශේෂක්වයක් ගනී.අංගමැඩිල්ල ඇළමගින් රොටෑමුල්ල තුඩුව හරහා තෝපා වැවට ගලා ආ ජලයෙන් තෝපා වැව පිරී ගිය පසු ඇති වන පීඩනයෙන් පැන්නුමක් හරහා ආසන්නයේ වු එරමුදු වැවට ජලය ගලා යන්නේය. මේ ආකාරයෙන් වැව් පහ ජලයෙන් පිරී යන්නේය.පැරකුම්බා රජතුමා පරාක‍්‍රම සමද්‍රය ඉදි කළේ ඊට පෙර ඉදි කොට තිබූ කුඩා වැව් පහක් ප‍්‍රධාන වේල්ලකින් හ්කා බද්ධ කිරීමෙන් අනතුරුවයි.ඒ බව අපට නිගමනය කළ හැක්කේ තෝපා වැව 1 වන උපතිස්ස රජු ඉදි කර තිබීම නිසාය.පැරකුම්බා රජු වැව් පහ එකම ප‍්‍රධාන වේල්ලකින් සම්බන්ධ කළත් අභ්‍යන්තර වේල් බිද දැමුවේ නැත්තේ රළ පහරින් ප‍්‍රදාන වේල්ල ආරක්ෂා කර ගැනීම සදහා විය හැකිය. මේ සියලුම වැව් පිරී ගිය පසු සමුද්‍රයක් දිස්වේ .
පරාක‍්‍රම රජතුමාගේ බලාපොරොත්තුව වූයේ ’’ අහසින් වැටෙන එක දිය බි`දකවත් ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදිය යුතුය’’ යන්න ය.එබැවින් සමුද්‍රය පිරී ගිය පසු වාන් වදින ජලය සමීපයේ පිහිටි ඇතුමල්පටිය වැව තුළ ගබඩා කරගෙන එම ජලය ගබඩාවේ සිට සෑම දිසාවකටම විහිදුන ඇළමාර්ග ඔස්සේ පිටත් කර හැරේ .
ඇළ මාර්ග හා බැදුන කුඩා වැව්ද විය.ඒ සියල්ල පුරවා ගත් පසු ජලය හිගයක් නොවීය.අවුරුද්ද මුථල්ලේම වගා කටයුතු කළ හැකි විය. එදා වගා කළේ වී පමණක් නොවේ . අතිරේක බෝග වගාවද සරුවට කෙරිණි. ලොවිතැනින් රට සමෘද්ධි මත් වීමත් සමග සහල් පිටරට පැටවීමෙන් විශාල ධනයක් රටට ලැබීය. ඒ හේතුවෙන් ශ‍්‍රී ලජතාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස ප‍්‍රසිද්ධියට පත් විය.
එකට යාව බද්ධව තැනූ බිසෝ කොටුවක් දැකිය හැක්කේද පරාක‍්‍රම සමද්‍රයේය. බිසෝ කොටුවක කාර්යය වනුයේ වැව තුළින් වේගයෙන් ගලා එන ජලයේ වේගය පාලනය කොට ඇළ මාර්ග න්‍ලට මුදා හැරීමය. වේගයෙන් ජලය ගලාගෙන ආවොත් ඇළ වේලි බිදී යනවා. එකට යා වූ බිසෝ කොටු දෙකක් ඉදිකිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ පළමු බිසෝ කොටුවෙන් පාලනය වී එන ජලය තව දුරටත් හීලෑ කොට ඇළ මාර්ග වලට මුදා හැරීමයි. ද්විත්ව බිසෝකොටු සංකල්පය රජතුමාගේ නව අත්දැකීමක් විය හැකියි පුරාවිද්‍යාගවේශක ජයසිංහ බාලසූරිය පවසයි.
පරාක‍්‍රම රජතුමාගෙන් පසු කිසිදු හෝ රජ කෙනෙක් විශාල වැවක් කළ බව සදහන් වන්නේ නැත.එතුමා 1186 මිය ගියේය. එතුමාගේ මිය යාමෙන් අවුරුදු දහයකින් පමණ පසු රජ රට වාරිකරිමාන්ත පිරිහීම ආරම්භ විය.13 වන සියවස අතීතයේ පැවති සමෘද්ධිය පිළිබද මතක සටහනක් පමණය.
ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය 1932 බිහිවීමෙන් පසු රජරට කෘෂිකර්මය නගා සිටුවීම පිළිබද ප‍්‍රබොධයක් ඇති වී පැරණි වැව් රාශියක් නැවත ප‍්‍රතිසංස්කරණය කොට ජනාවාස බිහි කෙරිණි.එහෙත් පරාක‍්‍රම සමුද්‍රය ප‍්‍රතිසංස්කරණය කළේ පැරණි තාක්ෂණය අනුව නොවේ.එසේම නැවත ප‍්‍රතිසංස්කරණය කළේ සමුද්‍රයේ අර්ධයක් පමණි.මේ හේතුව නිසා පරාක‍්‍රම සමුද්‍රයේ පැවති විශාලත්වය හෝ උදාරත්වය දැන් මතු නොවන බව බාලසූරිය පවසයි.
පරාක‍්‍රම සමුද්‍රය පුරා අවුරුදු අටසීයකට වඩා වැඩි කාලයක් තුළ ගොඩ වෙමින් පවතී. මේ නිසා රැදවිය හැකි ජල ධාරිතාව සීමිතව පවතී.ඒ කෙසේ වුවද පරාක‍්‍රම සමද්‍රය සැදෑසිරි නැරඹීමට අතිශය සුන්දර තැනක් වේ. බැස යන හිරුගේ ආලෝකය ජල තරංග මත වැටී විසිරී යනු දැකීමට දෙස් විදෙස් සංචාරකයෝ ඇදී එති.
අනුරාධපුරයේ පුරාණ ගල් පාලම්
Anceint stone bridges of Sri Lanka
අදින් වසර දහස් ගණනට පෙර ලංකාව ශිලා කර්මාන්තයේ ඉහළ තැනට පත්ව සිටියේය. ශිලා තාක්ෂණයේ උපරිම වර්ධනයක් පෙන්නුම් කළ අනුරාධපුර යුගයේදී ලංකාවේ මාර්ග වේගයෙන් සංවර්ධනය වූ අතර එකල ලංකාවේ මාර්ග පද්ධතිය ඉතා දියුණු මට්ටමක පැවති බව පෙන්නුම් කරන සාධක අදටත් ශේෂව පවතින්නේය.
අනුරාධපුරයේ සංචාරය කරන බොහෝදෙනාගේ අවධානයට ලක්නොවන ගල් පාලම් කියා පාන්නේ අතීතයේ ලංකාවේ පැවති මාර්ග ඵද්ධතියේ දියුණුවයි. අනුරාධපුර මල්වතුඔයේ තිබෙන ගල් පාලම් හා මිහින්තලය මහකනදරා ඔයේ තිබෙන ගල් පාලම අතීතයේ පැවති පාලම් තාක්ෂණය ලොවට කියාපාමින් තවමත් ශේෂව පවතින්නේය.
ගල් පාලම් ලංකාව පුරාම ඉදිවී ඇතත් වැඩියෙන්ම ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුරයේයි. මඩකලපුව උතුරු පළාතේ පදවිය වැනි ප‍්‍රදේශවල ගල් පාලම් තිබී ඇති බවට පුරාවිද්‍යා වාර්තාවන්ගේ සදහන් වන නමුත් මේ වන තෙක් ඒවා තහවුරු කරගෙන නොමැත. කලාත්මක හා තාක්ෂණය අතින් දියුණු ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුර යුගයේය. ක‍්‍රිස්තු වර්ශ තුන්වැනි සියවසේ සිට කි‍්‍රස්තුවර්ශ අටවැනි සියවස දක්වා වන කාලයේදී අනුරාධපුර යුගයේ ගල් පාලම් ඉදිවී තිබෙන්නේය. එනම් මෙම ගල් පාලම් ඉදිවී තිබෙන්නේ මීට වසර එක්දහස් හත්සියයත් එක්දහස් තුන්සියයත් වැනි කාලයකට පෙරදීය.
ගල් පාලම් මහාවංශයේ සදහන් වන්නේ ශීලා සේතු නමිනි.
මල්වතු ඔයේ ගල් පාලම්
‘‘ගල් පාලම් තුනක් අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දකින්න ලැබෙනවා. බොහෝ දුරට නිර්මාණ සුරකී ඇත්තේ කිරිබත් වෙහෙරට නුදුරින් පිහිටි ගල් පාලමේ. නඛා වෙහෙර ආසන්නයේ තවත් ගල් පාලම් දෙකක් දකින්න ලැබෙනවා. හාල් පාන් ඇල හරහා තවත් ගල් පාලමක් දකින් පුලූවන්. මහකනදරාව හරහා තවත් ගල් පාලමක් තියෙනවා. මේ ගල් පාලම මීටර විසිපහක් දිගයි. මීටර් තුනක් පළලයි. උතුරු පළාතේ පදවිය පැත්තේ තිබෙන ගල් පාලමක් පිළිබදව ලංකාව පිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළ බ්‍රෝහියර් සදහන් කර තිබෙනවා.’’ සංස්කෘතික ත‍්‍රිකෝණයේ පර්යේෂණ නිලධාරියෙක් වශයෙන් කාලයක් කටයුතු කර මේ වන විට සීගිරිය කෞතුකාගාරයේ පාලක වරයා වශයෙන් කටයුතු කරන කුසුම්සිරි කොඩිතුවක්කු කියන්නේය.
අනුරාධපුරයේ ඇතුළු නුවර රාජධානියේ අගනුගරය ලෙසින් පැවති අතර ඇතුළු නුවරට පැමිණීමට තිබූ මාර්ගවල ගල් පාලම් තිබී ඇතැයි ජේතවනාරාම සංරක්ෂණ ව්‍යාපෘතියේ ප‍්‍රධාන පර්යේෂණ නිලධාරී තුසිත මෙන්ඩිස් කීවේය.
‘‘සතර දිසාවෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවන මාර්ගවල ගල් පාලම් දකින්න ලැබෙනවා. උතුරු පැත්තෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවීමට තිබූ මාර්ගයේ තිබූ ගල් පාලම තමයි මල්වතු ඔය හරහා තිබෙන්නේ. බටහිරින් මහකනදරා ඔය හරහා ගල් පාලමක් දකින්න ලැබෙනවා. මහකනදරා ඔයේ තිබෙන ගල් පාලම ඔස්සේ වැටී තිබූ මාර්ගය තමයි අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය යාකර තිබෙන්නේ.’’ මෙන්ඩිස් පැවසුවේය. ත‍්‍රිකුණාමලයවරාය අනුරාධපුර යුගයේ ජාත්‍යන්තර වරායක් ලෙසින් පැවති අතර මහකනදරාව හරහා ඉදිකර තිබෙන ගල් පාලම ප‍්‍රධාන පාලමක් බවට පත්ව තිබෙන්නට ඇත.
ඇතුල් නුවරට පිවිසෙන පාරවල්
අනුරාධපුරය නගරයක් ලෙසින් වර්ධනය වීමත් සමගින් නගරය හා අනික් ප‍්‍රදේශ සම්බන්ධ වන පරිද්දෙන් මාර්ග පද්ධතිය සකස්වී තිබුනේය. තෝණිගල හා ලබුඇටබැදිගල සෙල්ලිපි දෙකේ ඇතුළුනුවරට පිටින් පිහිටි වෙළදපොළක් පිළිබදව සදහන් වන්නේය. මල්වතුඔය හරහා තිබෙන ගල් පාලම ආසන්නයේ මෙය තිබෙන්නට ඇතැයි මෙන්ඩිස් පවසන්නේය.
මට වසර එක්දහස් හත්සියයකට පමණ පෙර ලංකාවේ මාර්ග ඵද්ධතිය සකස්වී තිබුනේ ඒ කාලයේ පැවති අවශ්‍යතාවයන්ට සරිලන පරිද්දෙනි. රජුගේ සේනාවන් ගමන්කළ මාර්ගයන් සකස්වී තිබුනේ ඊට සරිලන පරිද්දෙනි.
‘‘ඒ කාලයේ නොයක් රථ වර්ග තිබී තිබෙනවා. බොහෝ දෙනා ඒ පාරවල් භාවිතා කරනවා. ඒ වගේම ඇත් අස් රිය පාබල කියලා වෙන වෙනම සේනාංක තිබී තිබෙනවා. ඒවාට යන්න පුලුවන් විදියට තමයි පාරවල් හදලා තියෙන්නේ.’’ කොඩිතුවක්කු කීය.
මේ කාලසීමාවේ මාර්ගයන් පැවති අන්දම පිළිබදව දිඹුලාගල සෙල් ලිපියේ සදහන් වන්නේය.
‘‘මේ කාලයේ බොරලූ පාරවල් තමයි වැඩියෙන්ම තිබුනේ. ඒ වගේම කුඩා ගල් ඇතිරූ මාර්ගයන් පිළිබදව සදහන් වෙනවා.’’ කොඩිතුවක්කු සදහන් කළේය.
මේ වන විට හොද තත්වයෙන් ඉතිරිව ඇති ගල් පාලමක් වන්නේ මහකනදරා ඔය හරහා ඉදිකර තිබෙන ගල් පාලයමය. මේ ගල් පාලම ලංකාවේ ගල් පාලම් තාක්ෂණය පිළිබදව නිහඩව කතාකරන්නේය. කොතරම් ඉහළ තාක්ෂණයක් ගල් පාලම් ඉදිකිරීමේදී යොදාගෙන ඇත්දැයි යන්න මේ ගල්පාලම දෙස බැලීමේදී අවභෝධ කරගත හැකිවන්නේය.
බාල්ක පාලම්
ප‍්‍රධාන මාර්ගයන්හි ඉදිකර ඇති පාලම් බාල්ක පාලම් ලෙසින් කොඩිතුවක්කු හදුන්වා දෙන්නේය.
‘‘ප‍්‍රධාන මාර්ගයන්හි ඉදිකර තිබෙන පාලම් ඉදිකර තිබෙන්නේ ගල් කණු තුනක් මතයි. පොළවේ ඉදිකළ ගල් කණු තුන මත හරස් අතට තවත් ගල් කණුවක් දානවා. හරස් අතට දැමූ ගල් කණුව හරහා ගල් පුවරු අතුරනවා. ගල් පුවරු හතක් අටක් පමණ අතුරා පාලමේ තට්ටුව සකස් කරනවා. පොළවේ සිටුවා තිබෙන කණුවල කුඩුම්බි තිබෙනවා.’’ හෙතෙම කියන්නේය.
‘‘කුඩුම්බි තාක්ෂණය ගල් පාලම්වලට යොදාගෙන තිබෙනවා. කුඩුම්බි තාක්ෂණය නිසා ගල් පාලම් ශක්තිමත්ව සකස් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.’’ මෙන්ඩිස් කීවේය.
අනුරාධපුරයුගය වන විට යකඩ තාක්ෂණයේ දියුණුවක් ඇතිවූවේය. යකඩ උනු කිරීම සදහා යොදාගත් පෝරණු කැණීම්වලදී සොයාගෙන ඇති අතර යකඩ උපකරණ අනුරාධපුරයේ කළ කැණීම්වලදී මතුවුනේය. මේ යුගයේදී නිර්මාණය කළ සමාධි පිළිමය වැනි පිළිම නෙළිමට හැකි සියුම් යකඩ ආයුධ පවා සකස්කිරිමට තරම් තාක්ෂණයක් මෙකළ තිබුනේය.
‘‘ලෝහ කර්මාන්තයේ දියුණුවීම ශිලා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින්ම බලපා තිබෙනවා.’’ මෙන්ඩිස් කීය.
‘‘ලෝහ කර්මාන්තයේ දියුණුව නිසා නොයෙකුත් උපකරණ නිපදවූවා. සියුම් ආකාරයට ගල් වෙන්කිරීමට උපකරණ අවශ්‍ය වෙනවා. ගල් වෙන් කිරීම සදහා ඉතා සියුම් ආයුධ මේ කාලයේ තිබිලා තියෙනවා. මේ උපකරණ නොමැතිනම් ගල් පාලම් හදන්න බැහැ. යකඩ තාක්ෂණයේ හා ශිලා තාක්ෂණයේ දියුණුවීමේ එකතුවක් තමයි ගල් පාලම්.’’ කොඩිතුවක්කු සදහන් කරන්නේය.
කාලයක් පැවතිය හැකි ආකාරයෙන් මේ ගල්පාලම් සකස්කර ඇතැයි මෙන්ඩිස් පැවසුවේය.
‘‘මල්වතු ඔය අදටත් පිටාර ගලනවා. ඔය පිටාර ගලන විට ඒකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් තමයි ගල් පාලම් සකස් කර තිබෙන්නේ. ලී වගේ දේවල් භාවිතා කරන්නේ නැතිව ගල් වලින් පාලම සකස් කර තිබෙන්නේ මෙය විශාල සැඩ පහරකට පවා ඔරොත්තු දෙන නිසයි. ලී වලින් සකස්කළ පාලම් මේ වගේ සැඩ වතුර පාරකට ඔරොත්තු දෙන්නේ නැහැ.’’ හෙතෙම කීවේය.
ලී වලින් සකස්කළ පාලම් වල ශේෂවූ කොටස්වත් දක්නට නොලැබෙන විටදී මල්වතු ඔයේ නැම්මක ඉදිකළ ගල් පාලමේ කොටසක් අද පවා සුරැකිව තිබෙන්නේ පාලමේ ඇති ශක්තිමත් බව නිසාය.
ගල් පුවරු පාලම්
අනුරාධපුරයේ තිබෙන විශාල ගල් පාලම්වලට අමතරව තවත් කුඩා ගල් පාලම් වර්ගයක් දන්නට ලැබෙතැයි කොඩිතුවක්කු කියන්නේය.
‘‘අඩි පාරවල්වලට සම්බන්ධ කරලා තවත් ගල් පාලම් වර්ගයක් තියෙනවා. ඒ වගේම විහාර ආරාම ඇතුලේ ගලින් කළ පාලම් දකින්න ලැබෙනවා. රිටිගල අරන්කැලේ වගේ ආරාමවල කුඩා ගල් පාලම් දකින්න පුලුවන් කම තිබෙනවා.’’ ඔහු කීවේය.
කුඩා ගල් පාලම් විශාල පාලම් මෙන් නොවේ. විශාල පාලම් සකස්කරන ආකාරයට ගල් කණු මත මේවා ඉදිකරන්නේ නැත. ගල් පුවරුවක් පමණක් ඇතිරීමෙන් මේ පාලම් සකස් කරන්නේය. මේ වර්ගයේ පාලම් කොඩිතුවක්කු හදුන්වාදෙන්නේ ගල් පුවරු පාලම් ලෙසිනි.
‘‘පදානගල භාවනාකුටිවල පාලම් පුවරු පාලම්වලට හොදම උදාහරණයක් ලෙසින් හදුන්වාදෙන්න පුලුවන්. මේ ගොඩනැගිල්ල කොටස් දෙකකට වෙන්කර තිබෙනවා. ඒ කොටස් දෙක මැදින් දිය අගලක් තියෙනවා. දිය අගල මැදින් එහා මෙහා යාමට ගල් පුවරුවක් අතුරා පුවරු පාලම් සකස්කර තියෙනවා.’’ කොඩිතුවක්කු කීවේය.
පදානගල කැණීම්වලදී පාලම් අසල තිබී උළු කැබලි යොසාගෙන තිබුණි. මේ අනුව පාලමට උළු සෙවිලි කළ වහලක් තිබී ඇති බවට විශ්වාස කළ හැකියැයි හෙතෙම කියන්නේය.
ගල් පාලමට නරක කාලයක්
අනුරාධපුර යුගයෙන් පසුව ශිලා තාක්ෂණය යොදාගනිම්න් පාලම් ඉදිකිරීම අභාවයට ගියේය. අනුරාධපුර රාජධානියෙන් පසුව ලංකාවේ රාජධානි බවට පත්වූ පොළොන්නරුව හා දඹදෙනිය යුගවලදී ගල් පාලම් ඉදිකළ ඇති බවට සාක්ෂි ලැබෙන්නේ නැත. ගල් පාලම් ඉදිකිරීම වෙනුවට පොළොන්නරුව යුගයේදී ලී පාලම් ඉදිකිරීම වේගයෙන් ව්‍යාප්ත වූවේය.
‘‘පොළොන්නරුව හා දඹදෙනිය යුගවලදී ලී පාලම් ඉදි කර තිබෙන බවට මහාවංශයේ සදහන් වෙනවා. මහා පරාක‍්‍රමබාහු රජතුමා විසින් කලා ඔය හරහා ලී පාලමක් ඉදිකර තිබෙනවා. දොළොස්වන හා දහතුන්වන සියවස්වල දී ගල් පාලම් පිළිබදව සදහන් වෙනවා. මහා පරාක‍්‍රමබාහු රජුගේ දේව සෙනවියා විසින් ගිරිබාවට උතුරින් කලාඔය හරහා තනා තිබෙන පාලම ඇත් අස් රිය පාබල හමුදාවන්ට ගමන් කළ හැකි ආකාරයෙන් ඉදිකර තිබෙනවා. මේ පාලම දිගින් රියන් දෙසීයක් වෙනවා. පළළ රියන් විසක් එනම් මීටර් නමයක් වෙනවා.’’ කොඩිතුවක්කු කියන්නේය.
මහාවංශයේ සදහන් වන්නේ මේ පාලම ඉදිකිරීමට යකඩ ඇණ යකඩ පටි ලී කදන් ආදිය යොදාගෙන ඇති බවයි. ලංකාවේ රාජධානි අභාවයට ගොස් ඉංග‍්‍රීසි පාලකයින්ගේ පාලන සමය වන විට ලී පාලම් මෙන්ම එල්ලෙන පාලම් ඉදිකිරීම දක්නට ලැබුනේය. පසුකාලීනව ඉංග‍්‍රීසි පාලකයින් යකඩ හා සිමින්ති පාලම් ඉදිකළේය.
ලංකාවේ රාජධානි අභාවයට යාමත් සමගින් ගල් පාලම් භාවිතයද ක‍්‍රමයෙන් අභාවයට ගියේය. ගල් පාලම් තිබූ මාර්ග භාවිතයට ගැනීම සීමා වූවේය. නමුත් මේ මාර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නැවතී තිබුනේ නැත. මෙරට අවසන් රාජධානිය වූ මහනුවර යුගයේදී ලංකාව පිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළ රොබට් නොක්ස්ගේ වාර්තාවන්හි ගල් පාලම් පිළිබදව සදහන් වන්නේ මේ කාලය වන විටත් ගල් පාලම් භාවිතයට ගත් නිසාය.
ගල් පාලම් සංරක්ෂණය කෙරේ
අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අඩු අවධානයක් ලැබී තිබුන ගල් පාලම් පිළිබදව බොහෝ දෙනා කතාකරන්නට වූයේ වසර තුන හතරකට පෙරදීය. මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම අවසන් වරට සංරක්ෂණය කර ඇත්තේ 2007 වසරේදීය.
‘‘සංරක්ෂණය කිරීමට පෙර මල්වතුඔය හරහා තිබෙන ගල් පාලමේ ගල් කණු වතුරේ තිබුනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2007 වසරේදී තමයි මේ ගල් පාලමේ සංරක්ෂණ කටයුතු අවසන් කළේ. නමුත් පාලමේ තවත් කොටසක් පස් වලින් වැසී තිබෙන්න පුලුවන්. කාලයක් ගග ගලාගෙන යාම නිසා ගග මේ වන විට වෙනස් වෙලා තියෙන්නේ. කැණීම් කරලා පාලමේ අනික් කොටස් මතුකරගත යුතුයි.’’ මෙන්ඩිස් කීය.
අනුරාධපුරය ත‍්‍රිකුණාමලය වරාය යාකරමින් පැවති මාර්ගයේ කනදරා ඔය හරහා තිබෙන ගල් පාලමේ සංරක්ෂණ කටයුතු අවසන් කළේ 2008 වසරේදීය. එම සංරක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව පාලම බලාගන්නේ ඒ ප‍්‍රදේශයේම සිටින ඥාණසිංහ බණ්ඩා විසිනි.
ගල් පාලම නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ගල් පාලම පිළිබව විස්තර කරදීම් සියල්ල කරන්නේ මොහු විසිනි. ගල් පාලමේ නිල නොලත් භාරකරු වන්නේද ඔහුය.
‘‘මම තමයි මේ පාලම බලාගන්නේ. මේක බලන්න පුරාවිද්‍යාඑකේ මහත්තුරු එනවා. විශ්වවිද්‍යාලවල අය එනවා. ඒ අයත් මගෙන් තමයි විස්තර අහගන්නේ.’’ බණ්ඩා කීවේය.
The stone bridges built in Anuradhapura between AD 3rd century and the 8th century stands testimony to the developed state of the country’s road network that existed thousands of years ago.
The stone technology that was highly developed during the Anuradhapura period had eventually resulted in an improved road network. Although stone bridges could be seen in many parts of the island, most of them could be seen in Anuradhapura.
Among the few remaining stone bridges of yesteryear are the ones across Malwatu Oya and Mahakanadara Oya. Unconfirmed historical records have also indicated of stone bridges that were located in the area east of Batticaloa in Padaviya.
Former Cultural Triangle Research Officer and current Administrator, Sigiriya Museum, Kusumsiri Kodituwakku says there are three stone bridges across the Malwatu Oya.
“The stone bridge near the Kiribath Vehera shows the intricate skills used in building it. There are two more stone bridges near Nakha Vehera and there is another across Halpan Ela. The stone bridge across Mahakanadarawa is about 25 meters long and 3 meters wide. Brohier, who had recorded about Sri Lanka, has written about a stone bridge that existed in Padaviya,” he said.
Chief Research Officer, Jethavana Preservation Project, Thusitha Mendis noted that stone bridges existed on the roads that led to the inner city during the Anuradhapura period.
“There are stone bridges on roads that led to the inner city from the four corners. The stone bridge across Malwatu Oya was on the northern road. The bridge across Mahakanadra Oya was on the western road that also connected Anuradhapura to Trincomalee,” Mendis said.
The stone bridge across Mahakanadara Oya is believed to have been a popular route given that the Trincomalee harbor was considered an international port even during the Anuradhapura period.
The urbanization of Anuradhapura resulted in the developing of a road network that connected the city with other areas. The Thonigala and Labuetabendigala stone inscriptions highlight a market place that existed outside the main city.
Mendis believes this market place to have been located near the Malwatu Oya stone bridge.
However, any one who visits the stone bridge across the Mahakanadara Oya, which is still in good condition, could witness the skillful art of building stone bridges.
Kodituwakku said the stone bridges built on main roads were known as column bridges.
“The stone bridges on main roads were built on three stone pillars. A stone pillar was laid across the three stone pillars. Stone ledges were then laid on the stone pillar that lay across on the three upright stone pillars. The surface of the bridge is built by laying seven to eight stone ledges. The pillars fixed to the ground were supported by a stone built support system,” Kodituwakku said, adding that the support system gave strength to the bridges.
Apart from the large stone bridges there were also smaller stone bridges.
“There were another set of stone bridges that connected foot paths. Also, there are stone bridges that were built in temples and hermitages. Such stone bridges could be seen at the Arankele hermitage in Ritigala,” Kodituwakku said.
The small stone bridges are built differently to the bigger ones. The small bridges are built by laying across only one stone wedge.
Kodituwakku says these bridges were known as stone wedge bridges.
“The stone wedge bridges in the Padanagala meditation centre are the best example for these bridges. There is a stream that runs across two sections of the structure and stone wedges have been laid across connecting the two sections,” he said.
Archeologists have found pieces of roof tiles around the stone bridge during excavation in Padanagala. Therefore, it could be determined that the bridge may have had a tiled roof as well, Kodituwakku observed.
The growth in copper technology during the Anuradhapura period has also had a direct impact in the construction of stone bridges.
Kilns used to heat iron and equipment built out of iron have been unearthed during excavations carried out in Auradhapura. In fact, the technology that prevailed in Anuradhapura at the time even enabled the manufacture of intricate iron tools that were used to carve the Samadhi statue.
“Various tools made out of copper were manufactured at the time. Intricate tools were needed to skillfully separate stones and such tools were available during that period. None of these bridges would have been built if these tools were not there. Stone bridges therefore are a product of the developments experienced in the iron and stone technology at the time,” Kodituwakku said.
The stone bridges were also built to stand time. According to Mendis, the bridges were built out of stone to ensure its longevity.
“The Malwatu Oya floods even today. The stone bridges were built to stand such floods. The bridges were built using stone instead of wood in order to be able to stand a heavy flood. A wooden bridge would never have withstood a powerful wave during a flood,” Mendis said.
While there remain no remnants of the many wooden bridges built in the country, a section of the stone bridge built at a curve on the Malwatu Oya can still be seen.
The construction of stone bridges had ended during the Anuradhapura period and evidence has not been found to support the existence of such bridges during the Polonnaruwa and Dambadeniya era.
Wooden bridges were built during the Polonnaruwa period.
Kodituwakku noted that Mahawansa records indicated to the construction of wooden bridges during the Polonnaruwa and Dambadeniya periods.
“The Great Parakramabahu had built a wooden bridge across Kala Oya. There are records of stone bridges during the 12th and 13th centuries. Parakramabahu’s Commander Deva had built a bridge across Kala Oya, north of Giribava. The bridge is 90 meters in length and nine meters in width,” Kodituwakku said.
According to the Mahavansa, iron nails and iron strips have been used to build this bridge.
However, the road network that existed about 1,700 years ago in Anuradhapura was built to suit the needs at the time, especially the transportation of the king’s troops.
“There were different kinds of vehicles that used these roads at the time. The king’s troops, horses and elephants also used these roads. Therefore, they were built to withstand all of these,” Kodituwakka explained.
He noted that according to the Dimubulgala stone inscription, the roads at the time were either gravel roads or pebble-laden roads.
Stone bridges in Anuradhapura that were discovered due to excavation projects carried out in the area did not receive much attention till about three to four years ago.
Preservation of the stone bridge across Malwatu Oya had last taken place in 2007.
Mendis states, “Before being preserved, the stone pillars of the stone bridge across Malwatu Oya was in the water. The Archeology Department ended the preservation project in 2007. Yet, part of the bridge could still be buried under sand. The river has seen changes in its flow due to the changes in time. The rest of the bridge has to be uncovered through excavation.”
The preservation of the stone bridge across the Mahakanadara Oya that connected Anuradhapura with Trincomalee ended in 2008.
A resident in the area, Gnanasinghe Banda, is now maintaining the bridge.
Banda has now become the unofficial guardian of the stone bridge. He guides everyone visiting the bridge as well.
“I look after this bridge. Gentlemen from the Archeology Department and the universities come to see the bridge. I explain details about the bridge to them as well,” Banda said.
However, when the country became a British colony, apart from the stone and wooden bridges, the construction of suspension bridges also commenced.
The British started to build bridges with cement and iron. The stone bridge construction ended with the Anuradhapura period.
The usage of stone bridges still continued after the Sinhalese kingdom. Records made by Robert Knox indicate the usage of stone bridges during the Kandy period.
මාළු නැති කලා වැවේ ධීවර කර්මාන්තය
කලා වැවේ වැව් ඉස්මත්තෙන් හිරු පායා එත්ම වැවේ තොටුපළවල් අසල දක්නට ලැබෙන්නේ කලබලකාරී තත්වයකි. මේ වේලාවට වැවේ තොටුපළ අසලට එක්වන බොහෝ දෙනා මාළු වෙළදාම් කරන වෙළදුන්ය. ඇතැම් අය මාළු මිලදී ගන්නා තැරැව්කරුවන්ය. මාළු වෙළදුන් හා තැරැව්කරුවන් බලා සිටින්නේ වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයින් නැවත පැමිණෙන තෙක්ය.
උදෑසන හිරු එළිය පොළව සිපගනිත්ම වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයින් වැවේ තොටුපළ වෙත පැමිණෙන්නේය. වැවේ සිට එක්බෝට්ටුවක් ගොඩබිමට පැමිණෙත්ම පවතින කලබලකාරී තත්වය තවත් වැඩි වෙයි. බෝට්ටු ගොඩබිමට ළංවත්ම බෝට්ටුව වටකරගන්නේ කුරුල්ලන් විසින්ය. බෝට්ටුව වටකරගන්නා කුරුල්ලන් බෝට්ටුවත් සමගින් ගොඩබිමට ලංවන්නේය.
බෝට්ටුවේ සිටින මාළු ගොඩට ගෙනවිත් ගොඩවල් ගසන්නේද බෝට්ටුවේ සිට පැමිණි ධීවරයින් විසින්මය.
කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් මාළු ඇල්ලීමට වැවට යන්නේ උදේ පාන්දරය. තවත් සමහරු මාළු අල්ලන්න යන්නේ රාත‍්‍රී කාලයටය. පාන්දර හතරට පමණ වැවේ සිටින මාළු ඇල්ලීමට යන්නේ වැඩියෙන් මාළු අසුවන්නේ මේ වෙලාවේ මාළු වැඩියෙන් අසුවන නිසාය.
‘‘රෑට තමයි අපි මාළු අල්ලන්න යන්නේ. මොකද උදේට වැඩියෙන් මාළු අහුවෙන නිසා.’’ යූ.එල්.අනීෂී කීය.
බෝට්ටුව පුරවා මාළු අල්ලාගෙන පැමිණීමේ බලාපොරොත්තුවෙන් මොවුන් උදේ පාන්දර වැවට යන නමුත් බොහෝ දෙනාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවන්නේ නැත. බෝට්ටුව පුරවා මාළු අල්ලාගැනීමට බලාපොරෝත්තුවෙන් වැවට ගිය යූ.එල්. අනීෂ් බොහෝ දිනවලට නැවත වැවේ ධීවර කටයුතු කර ආපසු පැමිණෙන්නේ එක් ලොකු මාළුවෙක් හෝ අල්ලාගැනීමට නොහැකිවය.
‘‘මම වැවේ ගිහින් මාළු අල්ලගෙන ආවත් ගොඩක් දවස්වලට අහුවෙන්නේ පොඩි මාළු විතරයි. ඊයේ දවසට ආසාවට කියලා එක ලොකු මාළුවෙක්වත් අල්ලාගන්න බැරිවුනා.’’ අනීෂ් කියන්නේය.
දැනට අවුරුදු පහකට පමණ පෙර කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් විසින් අල්ලාගන්නා මාළු කොළඹ මාළු වෙළදපොළට පැමිණියේය. ලොරි වලින් කලාවැවේ මාළු කොළඹ පැමිණියත් දැන් කලාවැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් අල්ලන මාළු කොළඹ එවන්නේ නැත. ඒ මාළු කොළඹ ගෙනඒමට ලොරි කලාවැවේ තොටුපොළවල් අසලට දැන් නොපැමිණෙන නිසාය. මීට වසර හතරකට පහකට පමණ පෙර කාලයේදී තරම් මාළු ඇල්ලීමට කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට හැකියාවක් නොලැබෙන නිසා කොළඹට මාළු ගෙනයන ලොරි පැමිණෙන්නේ නැත. කලා වැවේ ධීවර කර්මානත්යේ යෙදී සිටින පුද්ගලයින් විසින් අල්ලන මාළු ඒ අවට පමණක් වෙළදාම් කරන්නේය.
වැඩි මාළු ප‍්‍රමාණයක් අල්ලාගැනීමට නොහැකිවීම නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි කලා වැවේ ධීවර කර්මාන්තය කරන්නෝ පවසති.
‘‘දැන් කොච්චර මහන්සිවුනත් කිලෝ එකයි දෙකයි හම්බවෙන්නේ. ඒ අල්ලන මාළු වලින් දවසක් ජීවත්වන්නත් සල්ලි හොයාගන්න හරිම අමාරුයි.’’ වසර තිහක් තිස්සේ කලා වැවේ ධීවර කර්මාන්තය තමන්ගේ ආදායම් මාර්ගය බවට පත්කරගෙන සිටින මොහොමඩ් රාසික් සදහන් කළේය.
‘‘අපි දෙන්නෙක් බෝට්ටුවේ ගිහිල්ලා මාළු ඇල්ලූවා. අපිට මාළු කූරි හයදෙනයි අල්ලගන්න පුලූවන් වුනේ. ඒක අපිට කෑමට ගන්න විතරයි ප‍්‍රමාණවත් වෙන්නේ. මාළු අඩු නිසා අපේ බඩට තමයි වැදිලා තියෙන්නේ.’’ කලා වැවේ ධීවර කර්මාන්තය කරන ධීවර බෝට්ටු හිමිකරුවෙක් වන අබ්දුල් අජීස් කියන්නේය.
මේ වන විට කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර බෝට්ටු තුන්සියයකටත් වඩා තිබෙන්නේය. මේ ධීවර බෝට්ටු තුන්සියයකින් ධීවර කර්මාන්තය සිදුකීරීමට තරම් ප‍්‍රමාණවත් මාළු වැවේ නොසිටින බව ධීවරයින් කියන්නේය. මේ අතර තංගුස් දැල් යොදාගැනීම නිසා ලොකු මාළු හිගවී ඇතැයිද ඔවුන් පවසන්නේය. මේ නිසා තංගුස් දැල් දමමින් ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් කර තිබෙන්නේය.
‘‘ඉස්සර හැමෝම පොඩි දැල් දාලා මාළු අල්ලන්න ගත්තා. මේක නිසා පොඩි මාළු සේරම අහුවුනා. මාළු අඩුවුනා. දැන් පොඩි දැල් දාන එක තහනම් කරලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි මාළු ටිකක් හරි අහුවෙන්න ගත්තේ.’’ අජීස් කීවේය.
කලා වැවේ ධීවර කටයුතු කරන ධීවරයින්ට යොදාගැනීමට අවසර ඇත්තේ අගල් තුනහමාරට වඩා වැඩි ප‍්‍රමාණයේ දැල්ය.
තංගුස් දැල් යොදාගෙන කිසියම් අයෙක් කලා වැවේ මාළු අල්ලන්නේනම් ඔවුන් අල්ලාගෙන ඔවුන්ගේ දැල් සිය භාරයට ගැනීමට ප‍්‍රදේශයේ ධීවර සමිතිය කටයුතු කරන්නේය. කැළෑ ප‍්‍රදේශයට වන්නට පිහිටි පාළු ප‍්‍රදේශයන්හි ඇතමුන් තංගුස් දැල් යොදාගෙන ධීවර කටයුතු කරන්නේ. මේ ආකාරයට නීති විරෝධීව ධීවර කටයුතු කරන අයෙක් පිළිබදව කිසියම් තොරතුරක් ලැබුනහොත් ප‍්‍රදේශයේ ධීවර සමිතිය වහාම ක‍්‍රියාත්මක වන්නේය. ධීවරයින් සමග යන ධීවර සමිතියේ සාමාජිකයින් නීති විරෝධීව ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් එලවා දමන්නේය. එමෙන්ම ඔවුන් මාළු ඇල්ලීමට යොදාගන්නා දැල් ධීවර සමිතිය භාරයට ගන්නේය.
ඇතැම් අවස්ථාවලදී තංගුස් දැල් දමාගෙන ධීවර කටයුතු කරන අය පිළිබදව තොරතුරු ලැබුනු විට ධිවර සමිතියේ සාමාජිකයින් තවත් ධීවරයින් සමග ඒ දෙසට යන්නේ මාළු අල්ලන අය පරිද්දෙනි. නීති විරෝධීව මාළු අල්ලන අය මොවුන් දුටු වහාම කැලයට වැද දුවන්නේ මාළු ඇල්ලීමට රැුගෙනගිය සියලූම භාණ්ඩ ඒ තැන්වලම තිබෙන්නට හරිමිනි. ඉන් පසුව ධීවර සමිතියේ අය මේ භාණ්ඩ ගෙනයන්නේය.
මේ වන විට කලා වැවේ තංගුස් දැල් භාවිතය තහනම් කර ඇති නිසා ඉදිරියේදී වැවේ මාළු සංඛ්‍යාව ඉහළට යා හැකියැයි ධීවරයේ විශ්වාසය පළකරන්නේය.
‘‘තවත් ටික කාලයකින් මාළු වැඩියෙන් අහුවෙයි කියලා අපි විශ්වාසයෙන් ඉන්නේ.’’ අජීස් කීවේය.
කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් ඉල්ලා සිටින්නේ වැවේ මාළු බෝකරන ලෙසයි. වැවේ සිටින මාළු සංඛාව ඉහළ ගියහොත් තමන්ට වැඩි ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේයැයි ඔවුන් පවසන්නේය.
දැනට මාස කිහිපයකට පෙර කලා වැවට මාළු දැමීමට ධීවර බලධාරීන් පියවර ගත්තේය. එහෙත් එලෙස බෝකර ඇත්තේ කුඩා මාළු වන බව ධීවරයින් කියන්නේය.
‘‘පොඩි මාළු බෝකරාට ලොකු ගානක් හොයාගන්න බැහැ. දැන් සමහර බෝට්ටුවකින් දවසට පොඩි මාළු කිලෝ විස්සක් විස්සක් විසිපහක් ගේනවා. ඒත් එයින් වැඩි අදායමක් ලබන්න බැහැ.’’ අනීෂ් කීය.
මේ නිසා ලොකු මාළු බෝකිරීමට කටුයතු නළ යුතුයැයි ඔහු ඉල්ලා සිටින්නේය. ඒ මගින් ධීවරයින්ට වැඩි ආදායමක් ලබාගත හැකි බව ඔහුගේ අදහසයි. එමෙන්ම ඉක්මනින් බෝවන මාළු වැවට දැමිය යුතුයැයි ඔහු කියන්නේය.
‘‘සිලාපි වගේ මාළු තමයි වැවට දාන්න ඕන. ඒ වගේ මාළු තමයි වැඩියෙන් බෝවෙන්නේ. එතකොට තමයි අපිට වැඩියෙන් මාළු අල්ලගන්න පුලූවන් වෙන්නේ. එහෙම කළොත් අපිට වැඩි ගානක් අතට හම්බවෙනවා.’’ අනීෂ් කියන්නේය.
The fishing industry in Kala Wewa has seen a drastic decline in the past few years due to the drop in fish in the tank. Although fish caught from the Kala Wewa tank was even brought down to Colombo earlier, fishermen complain that their catch some days is only sufficient for their consumption. The fishermen, who currently facing many financial difficulties, have called on the authorities to take measures to breed fish in the tank. They say it is important to breed large fish if the once lucrative fishing business carried out by a 300 strong fleet of fishing boats in Kala Wewa is to resume again. The banning on thangus fishing nets would also help the cause, the fishermen said.
ලංකා රජය සමග දිගටම සුහදව කටයුතු කරනවා
Continuous engagement with Sri Lanka – Akashi
ලංකාවේ සෙවරීභාවයට හානියක් නොවන ආකාරයේ දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම සදහා ජපානය ශ‍්‍රී ලංකා රජය සමග කටයුතු කරන්නේයැයි ජපානයේ විශේෂ සාම නියෝජිත යසුශි අකාශි පැවසුවේය.
ලංකාවේ පැවති යුද ගැටුම් අවසන්වීමෙන් පසුව පළමු වතාවට ජුනි 8 වැනිදා අකාෂි ලංකාවට පැමිණියේය.
දහඅටවැනි වතාවටත් ලංකාවේ නිල සංචාරයක නිරත ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි මෙම සංචාරයේදී කරුණු දෙකක් පිළිබදව සිය අවධානය යොමුකර තිබුනේය.
‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින පුද්ගලයින්ගේ තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීමත් දේශපාලන විසදුමක් ඉදිරිපත්කිරීම පිළිබදව වන ප‍්‍රගතියත් යන කාරණා දෙකට මෙම සංචාරයේදී මම අවධානය යොමුකළා.’’ සිය නිල සංචාරය අවසානයේදී මාධ්‍ය අමතමින් අකාෂි කොළඔදී ජුනි 11 වැනිදා පැවසුවේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අකාෂි දේශපාලන විසදුමක් ඉදිරිපත්කිරීම පිළිබදව සාකච්ඡා කර තිබුනේය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වූ ලක්ෂ ගණන් වන සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරු අකාශිගේ නිරීක්ෂණයට ලක්වූවේය. මීට පෙර පැමිණි අවස්ථාවේ අවතැන් කදවුරුවල පැවති තත්වය මේ වන විට වර්ධනය වී ඇතැයි අකාෂි කීවේය.
‘‘මේ වන විට අවතැන් කදවුරු වෙත අවශ්‍ය ජල සැපයුම ලබාදීමට පියවර යොදා ඇති බව දකින්න ලැබුනා. ඒ වගේම ළමුන් සදහා අධ්‍යාපනය ලබාදීමට නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබුනා.’’ අවතැන් කදවුරුවල සිටින අවතැන්වූවන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ඉන්දියාව විසින් තාවකාලික රෝහලක් වව්නියාවේ ස්ථාපිත කර ඇති බව කියන අකාෂි පවසන්නේය.
ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීම පිළිබදවද අකාෂිගේ අවධානය යොමුවුනේය. මේ වන විට අවතැන්ව සිටින සිවිල් වැසියන් ඉක්මනින්ම පදිංචි කළ යුතුව ඇතැයිද හෙතෙම කියන්නේය.
අවතැන්වී සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වැදගත් ස්ථානයක් හිමිවන බව හෙතෙම සදහන් කළේය.
‘‘අවැත්වූවන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම ඉතා වැදගත් වෙනවා. බ්ම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ජපාන රජය ආධාර ලබාදෙනවා.’’ අකාෂි කීවේය.
‘‘ලංකාවේ තත්වය පිළිබදව අපි ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සාකච්ඡා කරනවා.’’ අකාෂි කීවේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට රජයට භාරවී ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර මොවුන් පුනරුත්ථාපනය කරන ආකාරය අකාශිගේ නිරීක්ෂයට ලක්වූවේය.
‘‘මොවුන්ට රජය උපරිම ආකාරයෙන් සලකනවා.’’ ජපානයේ විශේෂ සාම නියෝජිතයා පැවසුවේය.
ජපානයේ විශේෂ සාම නියෝජිතයා සිය ලංකා සංචාරයේදී යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය නිරීක්ෂණය කළ අතර රජයේ නියෝජිතයින් මෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ද හමුවී ලංකාවේ තත්වය පිළිබදව සාකච්ඡා කර තිබුණි.
ලංකාවට ආධාර ලබාදෙන රටවල් අතර ජපානය දෙවන ස්ථානයේ පසුවන අතර බිම් බෝම්බ ඉවත්කිරීම සදහා ඇමරිකානු ඩෙලර් මිලියන 1.4 ලංකාවට ලබාදෙන බව ජපානය ජුනි 4 වැනිදා පැවසුවේය. මේ වසර ඇතුළතදී පමණක් උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ජපානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක මුදලක් ලංකාවට ලබාදී තිබේ.
Japanese Special peace Envoy Yasushi Akashi said Japan would work closely with the government of Sri Lanka to find a political solution that would not harm the country’s sovereignty. Akashi who is on his 18th visit to the country also paid attention to the plight of the IDP camps in the north and said that there were tangible changes in the IDP camps this time around since his last visit to them five weeks ago. The need for demining before the resettlement of the war displaced was also highlighted by Akashi. Japan remains Sri Lanka’s second largest foreign donor.
පෙරඹර ඩෙංගු මර්දනය පිළිබදව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක
Perambara launches Dengue prevention campaign
මේ වන විට දිවයින පුරා වසංගතයක් ලෙසින් පැතිරයන ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වලක්වාගත හැකි ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරඹර විසින් ආරම්භ කර තිබේ.
මේ යටතේ ඩෙංගු මර්දනය පිළිබදව තොරතුරු ඇතුළත් අත් පත‍්‍රිකාවක් බෙදාහැරීමට පෙරඹර කටයුතු යොදා ඇති අතර මාතර නගරයේදී මෙම අත් පත‍්‍රිකාව ජනතාවට බෙදා දුන්නේය. ඩෙංගු පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා බෙදාදුන් මෙම අත්පත‍්‍රිකාව ජනතාව ලබාගත් අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ.
මෙම අත් පත‍්‍රිකාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හරහා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල බෙදාහැරීමටද පියවර යොදා ඇත.
Permabara has launched an awareness campaign on the prevention of dengue that has now become an epidemic in the country.
Under the campaign, Perambara printed handbills outlining important information about dengue. These handbills have already been distributed among people in Matara.
Steps have also been taken to distribute these handbills in Colombo and adjoining areas with the help of public health officers.













