ලංකා රජය සමග දිගටම සුහදව කටයුතු කරනවා
Continuous engagement with Sri Lanka – Akashi
ලංකාවේ සෙවරීභාවයට හානියක් නොවන ආකාරයේ දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම සදහා ජපානය ශ‍්‍රී ලංකා රජය සමග කටයුතු කරන්නේයැයි ජපානයේ විශේෂ සාම නියෝජිත යසුශි අකාශි පැවසුවේය.
ලංකාවේ පැවති යුද ගැටුම් අවසන්වීමෙන් පසුව පළමු වතාවට ජුනි 8 වැනිදා අකාෂි ලංකාවට පැමිණියේය.
දහඅටවැනි වතාවටත් ලංකාවේ නිල සංචාරයක නිරත ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි මෙම සංචාරයේදී කරුණු දෙකක් පිළිබදව සිය අවධානය යොමුකර තිබුනේය.
‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින පුද්ගලයින්ගේ තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීමත් දේශපාලන විසදුමක් ඉදිරිපත්කිරීම පිළිබදව වන ප‍්‍රගතියත් යන කාරණා දෙකට මෙම සංචාරයේදී මම අවධානය යොමුකළා.’’ සිය නිල සංචාරය අවසානයේදී මාධ්‍ය අමතමින් අකාෂි කොළඔදී ජුනි 11 වැනිදා පැවසුවේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අකාෂි දේශපාලන විසදුමක් ඉදිරිපත්කිරීම පිළිබදව සාකච්ඡා කර තිබුනේය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වූ ලක්ෂ ගණන් වන සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරු අකාශිගේ නිරීක්ෂණයට ලක්වූවේය. මීට පෙර පැමිණි අවස්ථාවේ අවතැන් කදවුරුවල පැවති තත්වය මේ වන විට වර්ධනය වී ඇතැයි අකාෂි කීවේය.
‘‘මේ වන විට අවතැන් කදවුරු වෙත අවශ්‍ය ජල සැපයුම ලබාදීමට පියවර යොදා ඇති බව දකින්න ලැබුනා. ඒ වගේම ළමුන් සදහා අධ්‍යාපනය ලබාදීමට නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබුනා.’’ අවතැන් කදවුරුවල සිටින අවතැන්වූවන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ඉන්දියාව විසින් තාවකාලික රෝහලක් වව්නියාවේ ස්ථාපිත කර ඇති බව කියන අකාෂි පවසන්නේය.
ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීම පිළිබදවද අකාෂිගේ අවධානය යොමුවුනේය. මේ වන විට අවතැන්ව සිටින සිවිල් වැසියන් ඉක්මනින්ම පදිංචි කළ යුතුව ඇතැයිද හෙතෙම කියන්නේය.
අවතැන්වී සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වැදගත් ස්ථානයක් හිමිවන බව හෙතෙම සදහන් කළේය.
‘‘අවැත්වූවන් නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීම ඉතා වැදගත් වෙනවා. බ්ම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ජපාන රජය ආධාර ලබාදෙනවා.’’ අකාෂි කීවේය.
‘‘ලංකාවේ තත්වය පිළිබදව අපි ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සාකච්ඡා කරනවා.’’ අකාෂි කීවේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට රජයට භාරවී ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර මොවුන් පුනරුත්ථාපනය කරන ආකාරය අකාශිගේ නිරීක්ෂයට ලක්වූවේය.
‘‘මොවුන්ට රජය උපරිම ආකාරයෙන් සලකනවා.’’ ජපානයේ විශේෂ සාම නියෝජිතයා පැවසුවේය.
ජපානයේ විශේෂ සාම නියෝජිතයා සිය ලංකා සංචාරයේදී යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය නිරීක්ෂණය කළ අතර රජයේ නියෝජිතයින් මෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ද හමුවී ලංකාවේ තත්වය පිළිබදව සාකච්ඡා කර තිබුණි.
ලංකාවට ආධාර ලබාදෙන රටවල් අතර ජපානය දෙවන ස්ථානයේ පසුවන අතර බිම් බෝම්බ ඉවත්කිරීම සදහා ඇමරිකානු ඩෙලර් මිලියන 1.4 ලංකාවට ලබාදෙන බව ජපානය ජුනි 4 වැනිදා පැවසුවේය. මේ වසර ඇතුළතදී පමණක් උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ජපානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක මුදලක් ලංකාවට ලබාදී තිබේ.
Japanese Special peace Envoy Yasushi Akashi said Japan would work closely with the government of Sri Lanka to find a political solution that would not harm the country’s sovereignty. Akashi who is on his 18th visit to the country also paid attention to the plight of the IDP camps in the north and said that there were tangible changes in the IDP camps this time around since his last visit to them five weeks ago. The need for demining before the resettlement of the war displaced was also highlighted by Akashi. Japan remains Sri Lanka’s second largest foreign donor.
වන්නියට ආහාර යැවීම නවතී
May 15, 2009 by Editor
Filed under Audio Stories, Featured, Stories
ICRC suspends food shipments to Vanni
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීම ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් නවතා ඇති අතර මේ නිසා වන්නියේ සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීමටත් එහි සිටින රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ඒමත් නතරවී තිබේ.
වන්නියේ සිටින සිවිල් වැසියන් සදහ අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර මෙටි‍්‍රක් ටොන් පන්සියයක් රැගත් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ නැවක් වන්නිය බලා පිටත්වගිය නමුත් දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම් හමුවේ නැව ආපසු පැමිණ ඇතැයි ජාත්‍යන්තර රතුකුරස කමිටුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
දින තුනක්ම ආහාර රැගෙන ගිය නැව ආපසු හැරී එයි
මැයි මස 12 වැනිදා සිට දින තුනක් ආහාර රැගත් නැව වන්නියේ සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය ආහාර රැගෙන පිටත්ව ගොස් ඇති නමුත් නොකඩවා පැවති ගැටුම් හමුවේ ආහාර බෑමට හෝ රෝගීන් රැගෙඒමට නොහැකිවූ බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසයි.
’‘පවතින ආරක්ෂක තත්වයේ දුර්වලතාවන් නිසා මුහුදු මෙහෙයුම්(නැව් මගින් ආහාර වන්නියට රැගෙනයාම හා වන්නියේ සිරවී සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ඒම) නතර වී තිබෙනවා. මෙය පිළිගත නොහැකියි.’’ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ පෙරේ ක්‍රොයෙන්බුල් පැවසුවේය.
”අපි එය පිළිගන්නේ නැහැ.’’පවතින ආකරක්ෂක තත්වයේ දුර්වලා නිසා වන්නියට ආහාර යැවීමට නොහැකිවී ඇති බවට ජාත්‍යන්තර රතුකුරුස කමිටුව කරන ප‍්‍රකාශයන් ප‍්‍රතික්ෂේප කරන ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ කියන්නේය.
‘‘අපි උපරිමයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා තමයි මෙටි‍්‍රක් ටොන් පන්සියයක් වන්නියේ සිටින සිවිල් වැසියන්ට ලබාදීමට යැව්වේ. අපේ මුහුදේ ආහාර රැගෙන යන නැව් යෑමට අවසර ලබාදුන්නේත් ඒ නිසා.’’ සමරසිංහ කියන්නේය.
යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත අත්‍යවශ්‍ය ආහාර රැගෙනයාම නතරවී ඇත්තේ තාවකාලිකව වන බවද ජාත්‍යන්තර රතුකරුස කමිටුවේ ප‍්‍රකාශිකා සරසි විජේරත්න පවසන්නීය.
‘‘රජයේ පාලන ප‍්‍රදේශ වෙත රෝගීන් රැගෙනඒම හා යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත (වන්නියේ සිරවී සිටින) රෝගීන් රැගෙනඒම තාවකාලිකව නතරවී තිබෙනවා.’’ විජේරත්න කීවාය.
වන්නියේ සිටින සිවිල් වැසියන් මේ වන විට නැවත වරක් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර මැයි 14 හා 15 යන දින දෙකේදී හයදහසකට ආසන්න සිවිල් වැසියන් පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යවරයා පවසන්නේය.
මේ වන විට වන්නියේ සිවිල් වැසියන් පනස්දහසක් පමණ සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර තිබේ.
‘‘මොවුන්ට කිසිම මානුශීය සංවිධානයකට උපකාර කළ නොහැවී තිබෙනවා.’’ ක්‍රොයෙන්බුල් පවසන්නේය.
වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ ප‍්‍රයෝජනය සදහා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මැදිහත්වීම මත අවසන් වරට වන්නියට ආහාර රැුගෙන ගොස් එහි සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ආවේ මැයි නම වැනිදාය. එදින මෙටි‍්‍රක් ටොන් විසිපහක ආහාර තොගයක් වන්නියට රැගෙන ගොස් තිබුනේය.
ඉන්පවසුව ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ධජය සහිත නැවකින් ආහාර මෙටි‍්‍රක් ටොන් පන්සියයක් වන්නියට පිටත්කර හැරිමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වූවේය.
වෙනත් ආකාරයකට වන්නියට ආහාර යව බව අමාත්‍ය මහින්ද සමරසිංහ කියයි
ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත ආහාර යවා ඇති නමුත් එම ආහාර ගොඩබෑටම නොහැකිවී ඇත්තේ රජයේ වරදක් නිසා නොවන බව අමාත්‍යවරයා කියන්නේය.
”ආහාර රැගෙනයන වේලාවේ ගැටුම් නැවැත්වීමට හමුදාව එකගවී තිබුනා. සවස තුනයි තිහේ සිට හයයි තිහ දක්වා කාලයේ ගැටුම් නවත්වන බව පැවසුවා. නමුත් තුනට පමණ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තබන්න පටන්ගෙන තිබෙනවා.’’ සමරසිංහ කියන්නේය.
කෙසේ නමුත් යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවල සිරවී සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය ආහාර ගෙනයාමට රජය කටයුතු කරනවා. වෙනත් විදියකට ආහාර යවනවා.’’ ආරක්ෂක හේතූන් නිසා වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර යවන ආකාරය හෙළි කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා කියන්නේය.
(වන්නියේ සිරවී සිටින)දහස් ගණනින් වන සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා තමන්ට ආරක්ෂාවත් බාධා රහිතව එම ප‍්‍රදේශ වෙත ළගාවීමටත් අවස්ථාව හිමිවිය යුතුයැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පවසන්නේය.
තත්වය යහපත්වූ වහාම මානුශීය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසන්නේය.
”දෙපාර්ශවය විසින් ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව මෙම මානුශීය මෙහෙයුම නැවත ආරම්භ කරනවා.’’ විජේරත්න කීවාය.
යුධ ගැටුම්වලින් අවතැන්වූවන් පිළිබද ජාත්‍යන්තරය නැවත වරක් අවධානය යොමුකරයි
Renewed international attention on Sri Lanka
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබද නැවත වරක් ජාත්‍යන්ර ප‍්‍රජාවගේ අවධානය යොමුවෙමින් පවතින අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජිකයින් නැවත වරක් යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් පිළිබදව සාකච්ඡා කර තිබේ.
ලංකාව ගැන ලෝකයම අවධානයෙන්
‘‘ලංකාවේ තත්වය පිළිබදව ලෝකයම අවධානයෙන් සිටිනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන්ගේ ප‍්‍රකාශකයා නිවේදනයක් නිකුත්කරමින් මැයි 11 වැනිදා පැවසුවේය.
වන්නි ප‍්‍රදේශයේ මේ වන විට ක‍්‍රියාත්මක යුධ ගැටුම් සදහා බර අවි භාවිතා නොකර බව රජය නිවේදනය කර ඇති අතර සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි බැවින් බර ගැටුම්වලදී බර අවි භාවිතා නොකිරීමට දෙපාර්ශවයම පියවර ගත යුතුයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වරයා උපුටා දක්වමින් ඔහුගේ ප‍්‍රකාශකයා පැවසුවේය.
‘‘බර අවි භාවිතා නොකරන්නැයි දෙපාර්ශවයෙන්ම නැවත වරක් ඉල්ලා සිටිනවා.’’ වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ තත්වය පිළිබදව අවධානය යොමුකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් පැවසුවේය.
සිවිල් වැසියන්ට රැදී සිටීම සදහා රජය විසින් හදුන්වාදී තිබෙන යුධ මුක්ත කලාපය ආරක්ෂක අංශ විසින් මැයි 8 වැනිදා වෙනස් කළ අතර වර්ග කිලෝමීටර දෙකහමාරකින් යුත් නව යුධ මුක්ත කලාපයක් ආරක්ෂක අංශ හදුන්වා දුන්නේය. මේ වන විට ආරක්ෂක හමුදාව යුධ මුක්ත කලාපයට ඇතුළුවී තිබෙන බවද ආරක්ෂක අංශ පවසන්නේය.
අවතැන්වී සිටින සිවිල් වැසියන් පනස් දහසක් පමණ රජය විසින් හදුන්වාදී ඇති යුධ මුක්ත කලාපයේ සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ තක්සේරුව වන්නේය. නමුත් රජයේ තක්සේරුව වන්නේ මේ වන විට වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව පහළොස් දහසත් විසිදහසත් අතර වන බවය.
ලංකාවේ තත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ අවධානය
යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන්ගේ තත්වය පිළබදව ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමුවන විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද මේ පිළිබදව අවධානය යොමුකර තිබුනේය. මැයි 11 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිලනොවන සැසිවාරයකදී ලංකාවේ තත්වය පිළිබදව සාකච්ඡාවී තිබුනේය.
‘‘බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, සහ ඇමරිකාව යන රටවල සහභාගීත්වයෙන් ලංකාවේ තත්වය පිිළිබදව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිලනොවන සැසිවාරයක් පැවැත්වුනා. මෙහිදී ලංකාවේ වත්මන් තත්වය පිළිබදව අවධානය යොමුකර තිබුනා.’’ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක ඉයන් කෙලි පැවසුවේය.
දිගින් දිගටම ක‍්‍රියාත්මක වන යුධ ගැටුම් හමුවේ විශාල වශයෙන් සිවිල් වැසියන් මිය යාම හා තුවාල ලැබීම පිළිබදව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලයේ නිල නොවන සැසිවාරය තුළදී ඇමරිකාව දැඩි අවධානය යොමුකර තිබුනනේය.
‘‘යුධ මුක්ත කලාපයේ විශාල වශයෙන් සිවිල් වැසියන් සිරවී සිටිනවා. (යුධ ගැටුම්වලින්) සිවිල් වැසියන් සිය ගණනක් තුවාල ලබන හා මිය යන බව වාර්තාවී තිබෙනවා.’’ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිලනොවන සැසිවාරයෙන් පසුව අදහස් දක්වමින් බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩි මිලිබෑන්ඩ් පැවසුවේය.
(යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් පිළිබදව) අනෙකුත් රටවල් සමග සාකච්ඡා කිරීටම සූදානම් බව එකසත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල නිල නොවන සැසිවාරයෙන් පසුව අදහස් දැක්වූ ප‍්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය බර්නාඩ් ක‍්‍රවුචර් පැවසුවේය.
”අපි(අවතැන්වූවන් පිළිබදව) දුටුදේ ඔවුන්ට කීමට දැන් හොදම අවස්ථාවයි. අපිට කිසිවක් කරගත නොහැකිව පීඩාවට පත්වූ ආකාරය පිළිබදවත් කතා කළ යුතුයි.’’ ප‍්‍රංශ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
මේ වන විට යුධ ගැටුම් වලට මැදිවී සිටින සිවිල් වැසියන්ට ආරක්ෂිත ප‍්‍රදේශ වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා හා ඇමරිකාවව එල්.ටී.ටී.ඊ. සංවිධානයට දැනුම් දුන්නේය. සිවිල් වැසින්ට ආරක්ෂිත ස්ථාන වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන්නැයි නැවත් වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇමරිකාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට දැනුම්දුන්නේය.
සිවිල් වැසියන් මුදාහරින්නැයි එක්සත් ජාතීන් ඉල්ලයි
‘‘ආයුධ බිම තබා යුධ ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන්ට ආරක්ෂිත ප‍්‍රදේශ වෙත පැමිණීමට අවස්ථාව දෙන්නැයි නැවත වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පවසනවා.’’ කෙලී කීවේය.
ගැටුම්වලට මැදිවී සිටින සිවිල් වැසියන් මුදා හරින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද එල්.ටී.ටී.ඊ.යට අවධාරණය කළේය.
‘‘ගැටුම් පවතින ප‍්‍රදේශවල සිටින සිවිල් වැසියන් වහාම මුදාහැරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය වහාම කටයුතු කළ යුතුයි.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා උපුටා දක්වමින් ඔහුගේ ප‍්‍රකාශකයා කීවේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සේවා සැපයීම සදහා ජාත්‍යන්තර මානුශීය සංවිධානවට අවස්ථාව ලබාදිය යුතු බව ඇමරිකාව අවධාරණය කර සිටින්නේය.
‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට (අවතැන්වූවන්ට) ආහාර හා බෙහෙත් ලබාදිමටත් තුවාල ලැබූවන් ඉවත්කරගැනීමටත් දෙපාර්ශවයම අවස්ථාව ලබාදිය යුතුයි.’’ කෙලී කීවේය.
The international community and members of the UN Security Council (UNSC) have expressed concern over the IDPs in the north.
UN Secretary General Ban Ki-Moon stated that the world was focused on the situation in Sri Lanka and called on both parties to the conflict to refrain from using heavy weapons in combat.
The UN and the US also called on the LTTE to provide safe passage to the civilians trapped in the war zone.
The UNSC meanwhile held an unofficial session on the situation in Sri Lanka. The US, UK and France raised concerns over the plight of the civilians in northern Sri Lanka and stated the need to raise the issue at an international level.
හමුදාව බර අවි භාවිතය නවතයි
Gov suspends use of heavy/aerial weapons
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ මෙහෙයුම්වලදී මින් ඉදිරියට බර අවි භාවිතා නොකිරීමට ආරක්ෂක හමුදාව තීරණය කර ඇතැයි යුධ හමුදාව පවසයි.
මින් ඉදිරියට සිදුවන යුධ මෙහෙයුම්වලදී බර අවි ආයුධ භාවිතා නොකරන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි නිවේදනයක් නිකුත්කරමින් රජය අපේ‍්‍රල් 26 වැනි සදුදා පැවසුවේය.
‘‘(ගැටුම්වලදී) බර අවි භාවිතා නොකරන ලෙස අපගේ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි බර අවි, ගුවන් ප‍්‍රහාර හා ගුවන් අවි භාවිතා නොකරන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.’’ රජය කීවේය.
මේ වන විට (වන්නියේ) සිරවි සිටින සිවිල් වැසියන් මුදාගැනීම සදහා ආරක්ෂක හමුදා කටයුතු කරන බවද රජය පවසන්යේය.
’’සිරවි සිටින සිවිල් වැසියන් මුදාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරනවා. සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාකිරීමට මුල් තැනක් දීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.’’ රජය කියන්නේය.






