හෙට එච්චර කලූවර නැහැ

July 27, 2010 by Editor  
Filed under English, Featured, Stories

එක්දහස් නමසිය අනූව දශකයේ අදුරු දිනයකදී රාජිනීගේ ජීවිතය ගිනි ගත්තාය. අහම්බයකින් සිදු නොවූවත් රාජිනීගේ ඉරණම ඇය සොයා පැමිණියේ ඒ අදුරු රාත‍්‍රීයේදීය. හඩා වැලපුණද ඉරණම වෙනස් කරන්ට ඇයට හැකි වූයේ නැත. විමුක්තිකාමීන් ඇගේ ජීවිතය පතා ඇය සොයා පැමිණ සිටිහය.
‘‘මට තීරණ දෙකක් තිබුණේ නැහැ. ගන්න තිබුණෙ එක තීරණයයි. ඒ ඔවුන් එක්ක යන එක’’ ඒ අදුරු නිමේෂය සිහිපත් කරනමින් රාජිනී පැවසූවේ වේදනාවෙනි. නැගෙනහිර  එල්ටීටීඊ සාමාජිකයින් සිය පිරිස වැඩිකර ගැනීමට ගෙන්ගෙට ගොස් තරුණ තරුණියන් සොයා යන මොහොතේදී රාජීනීමටද සිදු වූයේ ඔවුන්ගේ ගොඩට එකතු වීම පමණි.
එවකට හිරිමල් යෙවනයේ සිටි රාජිනිගේ එකම බලාපොරොත්තුව වූයේ විශ්ව විද්‍යාල අධයාපනය ලැබීමයි. එහෙත් ඒ සිහිනය පොත් අතර තිබියදී ඇගේ සියුමැලි දෑතෙ රථ පරලූ තුවක්කුව රැදවිනි. ‘‘මම ඒ මොහොතේ නොගියා නම් මම වෙනුවට මගේ මල්ලී අරන් යනවා’’ ඇයට වඩා වසර දහයක් බාල මල්ලීගේ ජීවිතය රකින්නට රාජීනී අක්කා එල්ටීටීඊ සංවිධානයට එකතු වූයේ එසේය. මඩකලපුවේ දුප්පල් පවුලක වැඩිමලාව උපන් රාජීනීට ජීවිතයේ කිසිදු දිනෙක සාපලත් යුද්ධයේ කොටස්කාරියක් වන්නට උවමනාවක් තිබුණේ නැත. සිය පවුල ආරක්ෂාකරන්නට සංවිධානයට බැදුණු ඇයට සිය පවුලේ සාමාජිකයන්, මිතුරු මිතුරියන් පමණක් නොව තමාවද අමතක කරගන්නට සිදු විය.
සංවිධානයට බැදීමත් සමගම රාජිනීගේ දිගු කෙස්වැටිය ගෙල තෙක් කොට කර දැමීමට එල්ටීටීඊ සාමාජිකයන් පියවර ගත්තේය. එල්ටීටීඊ සෙබළියක් ලෙස ගතවූ වසර අට තුළ ඇයට කිසිදා හිස පීරීමට හෝ කැඩපතකින් සිය රැව දැකීමට හෝ අවස්ථාවක් නොලද්දාය. ඉදින් යෙවනයේ පිරිපුන් සොදුරු සිහින එකින් එක කෙටි වූයේ ඇගේ දෑස් ඉදිරිපිටමය. ‘‘ මම සංවිධානෙ හිටපු කාලේ ජීවිතේ ගෙවුණෙ වෙනස්ම විදිහකට’’ රාජිනී සිය මතකය අවදි කරමින් පවසන්නීය.
‘‘ යුද්දෙට ගියෙ ගෙදර අය පරිස්සම් කරන්න  ඕන නිසා. ඒත් ෂෙල් එකක් වැදිලා තාත්තා මැරුණා. මල්ලිගෙ කකුල කැඩුණා. අදටත් මල්ලි ඇවිදින්නෙ නොන්ඩි ගගහා.’’ රාජිනී පවසන්නේ වේදනාවෙනි. සිය පියාගේ වෙන්ව යාමත් සිය මලණුවන් ආබාධිත තත්ත්වයට පත් වීමත් රාජිනීට එල්ටීටීඊ සංවිධානයෙන් පලා එ්මට දිරි දුන්නාය. වසර අටකට පසු ඇය ආපසු සිය නිවෙසට පැමිණියාය. ඇගේ රජ දහන වූයේ නිවෙස පමණකි. රාජිනීගේ වාසනාවට නැවතත් ඇය සොයා පැමිණි එල්ටීටීඊ සාමාජිකයන්ට රාජිනීව එකතු කරගන්නට ලැබුණේ නැත.
තවත් වසර කිහිපයක් ගතවූ පසුව රාජිනීලාට සැනසිල්ලේ හුස්ම ගන්නට ඉඩ හසර ලැබිණි. යුද්දය නිමා වී ස්ථිර සාර සාමය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් ලගා කර දුන්නේය. කාලයක් තිස්සේ විනාශ වූ සිය ජීවිත යළිත් ගොඩනගා ගන්නට සිදුව තිබේ. එය කෙතරම් දුෂ්කර කාර්යක් වූවද රාජීනිලා විශ්වාසයෙන් යුතුව එයට මුහුණ දෙමින් සිටිති. ‘‘ අපි දැන් ඉදි ආප්ප වගේ කඩයප්පන් විකුණලා ජීවත් වෙනවා. ගෙදර ඇති කරන කිකිළියන්ගෙන් ගන්න බිත්තරත් මසුත් විකුණනවා.’’ දිනකට රුපියල් දෙසිය පනහක් තුන්සීයයක් පමණ මුදලක් සොයා ගැනීමට රාජිනී සමත් ව සිටී. එහෙත් කිසිදු මුදලක් හෝ උපයා ගත නොහැකි දවස්ද නැතුවා නොවේ. වැඩි වැටුපක් උපයා ගත හැකි රැුකියාවක් සොයා ගන්නට රාජිනීට අදහසක්ද රාජිනීට නැත. නිවෙසට වී අබාධිත මල්ලීත් වයසට ගිය අම්මාත් රැකබලා ගන්නට ඇයට සිදුව තිබේ.
මේ මොහොත වෙද්දී රාජිනීට අනාගතය පිළිබ`ද විශාල බලාපොරොත්තු තබා නොමැත්තේය. සිය පවුලේ සාමාජිකයන්ට ජීවත් වන්නට හැකි අකාරයේ ආදායමක් සොයන්නට ඇය වෙහෙසෙයි. විවාහයක් පිළිබද සිතන්නටවත් ඇගේ සිතේ කොතනකවත් ආශාවක් නොවේ.
‘‘ මම ඒ ගැන හිතන්නෙවත් නැහැ.’’ එල්ටීටීඊ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම විවාහයක් පිළිබද සුබ සිහින ඇගේ ජිවිතයෙන් පළවා හැර තිබේ.
පුනරුත්තාපනය කළ එල්ටීටීඊ සාමාජිකයන් විශාල පිරිසක් රජය මගින් වව්නියාවේදී විවාහ කරන්නට පසුගිය මාසයේදී කටයුතු කළද රාජිනී ඒ දෙස උපෙක්ෂාවෙන් බලා සිටියාය. යුද්ධයෙන් අවතැන් වූ පිරිස් සහන කදවුරු වල සිට නැවත සිය ගම්බිම් බලා එමින් සිටී.
‘‘ අපිට ආයෙත් එකට ජීවත් වෙන්න පුලූවන් වෙයි’’ රාජිනී පවසන්නේ සැහැල්ලූවෙනි. යළිත් එකිනෙකා දෙස වෛරයෙන් බලන්නට කාලයක් කිසි දිනෙක නොඑතැයි ඇයට විශ්වාසයක් තිබේ.
‘‘ මම ආයේ කවදාවත් තුවක්කුවක් අතට ගන්නෙ නැහැ. ඒක කවදාවත් කරන්නේ නැහැ.’’ රාජිනී පවසන්නීය. ඇගේ කොපුල් තෙමා මුදු කදුලක් කඩා හැලෙයි. අතීතයේ අදුරු මතකයන් වලින් තවමත් ඇගේ සිත සසැලී ඇත. එහෙත් හෙට දවස යහපත්ය. අලූත් ඉරක් උදා වී තිබේ.
  • Share/Bookmark

War Over, But Women Wage Battle For Survival

July 26, 2010 by amantha  
Filed under English, Featured, Uncategorized

VAHARAI, Sri Lanka, July 25 (IPS) – It was a typically hot, humid day in this eastern coastal village. The sun burned down from a cloudless sky, roasting the skin as an angry sea breeze swatted the faces of the few foolish enough to venture out onto the deserted main road that runs through town.

But it was far from a typical day for some 100 people who sat, waiting patiently by the side of the road in front of the main government office here in Vaharai, some 65 kilometres north-west of Batticaloa.

Most of them were women of a diverse mix of ages. Some mothers cradled their children, gently soothing young nerves frayed by the smouldering sun. Seeking shelter under a large tree, they clutched forms – filled only minutes before – as they awaited their turn to meet the divisional secretary, the top government official in Vaharai.

“I have to get these documents cleared so that I have some kind of ownership to the land I live in,” said Navunad Sudha, a 29-year-old mother. “We also have to register here before we can move about easily.”

Sudha’s story is typical of many in Sri Lanka’s east, which along with the north are where many of the Tamil minority live, and are the areas most affected by the separatist war waged by the Tamil Tigers.

It is only now that people like Suhda feel they can breathe easy, after the war ended more than a year ago.

With her family and then five-year-old son, Sudha fled her home in the middle of 2008, when Sri Lankan government forces began their final, decisive push into areas in the north and east controlled by the Liberation Tigers of Tamil Eelam (LTTE). After months of running and near-death horrors, she finally crossed the battlefront and moved to safety behind the government line in May 2009. Just two days after her escape, the military crushed the Tigers.

Civilians like Sudha bore the brunt of the LTTE’s conflict with successive Sri Lankan governments since the early 1980s, demanding a separate Tamil homeland.

But even after the end of the war, the battle for survival continues for many women here.

Most of the available work here, especially in construction of buildings, clearing of jungles, fishing and farming, is almost exclusively male- dominated. To make matters worse, many women are struggling to cope with having to head the household after losing their husbands and sons – the traditional breadwinners in this patriarchal society – to the war.

Sudha was born in the village of Kadiraveli just north of Vaharai, but fell in love with a man from northern Jaffna. They married, moved to the north, and finally settled in Puhtukkuddyiruppu – a Tiger stronghold for over a decade before government forces wrested control last year.

Sudha had no say when her husband joined the LTTE. He fought with them, Sudha admits, but left the movement years before the final bout of fighting erupted in mid-2007.

After crossing over to government-held areas, Sudha’s husband was arrested for possible links with the Tigers, and is still in detention. “I have written to ministers, to the ICRC (International Committee of the Red Cross) and to others with this, but so far I have not heard anything,” she said.

While trying to convince authorities that her husband is a family man and not a hardcore separatist, Sudha also has to make a living. She returned to her native Vaharai and has set up small sewing business. “I have had to pawn all my jewellery. I’m trying to get a loan or a grant to start a small boutique,” Sudha said.

Sudha’s woes are far too common among women in the war-affected areas. In Pillumalai, about 80 km from Vaharai, 20-year-old Sarojadevi Ramanathan is trying her level best to put the past behind and begin anew – an uphill battle, given that her life was at a standstill for two years beginning mid- 2006.

At that time, Sri Lankan forces had begun launching large-scale, sustained military forays into areas held by the Tigers in the eastern province of Sri Lanka. The Tigers – notorious for forced conscription of underage civilians – were desperate for new recruits.

At 16, Ramanathan would have been a perfect choice for the Tigers, so her parents took the drastic decision of never letting their daughter out their sight. The young girl stopped attending school and spent most of her life indoors. “That was the only way they could save me from being conscripted,” she said.

The family fled the fighting in early 2007 and returned about a year later. But now, Ramanathan finds herself in limbo. Too old for school, too young and inexperienced for any other job, she is still stuck mostly at home. “What can I do? I can’t help my father who is a fisherman, so I help my mother in the kitchen,” she said.

Marriage might appear to be her best bet, but there is no guarantee that life will become easier.

There are hardly any jobs to speak of here, and even less for women. Ramanathan’s neighbour, 18-year-old Ravindranathan Valarmadu, earns about 17 U.S. dollars a month, working six days a week at a milk collection centre. “This is the only job I could find,” she said.

  • Share/Bookmark

හිමි සඳ නොවූ සඳ තනි විය ඇගේ සිත

January 8, 2010 by Editor  
Filed under Featured, Stories

The tragedy of the widows
රාජිනා  අබරණින් තොර සිය ගෙල දෙස කැඩපතින් බැලූවාය. ඇයට සුසුමක් පිට වූයේ නිරායාසයෙනි. රාජිනාගේ සැමියා වූ සිවාජි මිය ගොස් වසර හතක් ගත විය. එදායින් පසු ඇයට සිය මංගල තැල්ල පැළදීමට අවසර ලැබුණේ නැත. ඒ ඇය වැන්දඹුවක් වූ බැවිනි.

රාජිනා සිවනේශ්වරී උපන්නේ යාපනය නල්ලූර් කෝවිල්හීදීය. වයස දහ අටේදී ඇය සිය ගමේ තරුණයෙකු වූ සිවාජි සමඟ පෙමින් බැඳුණාය. එහෙත් ඇයට හිමි වූයේ සුන්දර ‍ආදරයක්  නොවේ. බෝම්බ මල්ටි බැරල් හඩින් ඇළලි ගිය කුරිරු යුද්ධය මධ්‍යයේ ඇය මුවැත්තියක සේ සිවාජිගේ උණුසුම සෙව්වාය. මේ සියල්ල මධ්‍යයේ රාජිනීගේ පේ‍්‍රමය මල්පල දැරුවාය. ඇය සිවාජී සමඟ විවාහ වූවාය. ඒ දහසක් බලාපොරොත්තු සමඟිනි. එහෙත් විවාහ ජීවිතයේ මිහිර විදින්නට ඇයට ලැබුණේ නැත. යාපනය නගර මධ්‍යයේ පුපුරා ගිය බෝම්බයකට සිවාජි බිලි විය.

රාජිනීගේ ජීවිතය ගිනිගත්තේය. ඒ වන විට ඇය සිව් මස් ගැබිණියකි. ජීවිතය පුරා සැමියා සමඟ එක්ව ගමන් යන්නට සිටි ඇය නොදරුවකු සමඟ එසේ තනි වූවාය. ඉන් හය මස් ගතවන විට රාජීනි දියණියක බිහි කළාය. ඒ ශසිකාය. මේ වන විට ඇය පියා අහිමි සය හැවිරිදි දැරියකි. අම්මාත් සමඟ දිවි ගෙවන ශසිකාගේ ජීවිතය එතරම්ම සුන්දර නැත. පවුලේ සියලු බරපැන දරන්නට රාජිනීට සිදුව තිබේ. වැන්දඹුවක් වශයෙන් මේ වන විටත් තුරුණු රාජිනාගේ ජීවිතය ගෙවී යයි.

ශ‍්‍රී ලංකාවේ වැන්දඹුවන්ගේ සංඛ්‍යාව ජනගනණයෙන් ලක්ෂ හතර හමාරකට ආසන්න වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. දෙදහස් එක වසරේ ජන සංගණනය අනුව ඉදිරිපත් කර ඇති මේ තොරතුරු වලට උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී දත්ත ඇතුළත් කර තිබුණේ නැත. ඒ අනුව මේ ප‍්‍රදේශ වල ජීවත් වන වැන්දඹුවන්ගේ සංඛ්‍යාවත් සමඟ ශ‍්‍රී ලංකාවේ වැන්දඹුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ඇතැයි ශ‍්‍රී ලංකා කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ තොරතුරු පෙන්වා දෙයි.

වැන්දඹුව යන්නෙන් අර්ථ නිරූපණය වන්නේ ස්වාමියා මිය ගිය පසු නැවත විවාහයට පත් නොවූ කාන්තාව යනුවෙනි. ශ‍්‍රී ලංකාවේ වැන්දඹුවන් පිළිබඳ පැවසීමේදී කොටස් කිහිපයකට වර්ග කළ හැකිය. ඉන් යුධ වැන්දඹුවන් හා සුනාමි වැන්දඹුවන් ප‍්‍රමුඛ වේ. මීට අමතරව වියළි කලාපයේ අලි මිනිස් ගැටුම හේතුවෙන් සැමියා මිය ගොස් වැන්දඹුභාවයට පත් වන ස්ත‍්‍රීන්ගේ සංඛ්‍යාවද
සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශපාලන හේතූන් මතද වැන්දඹුවන් බවට පත් වූ කාන්තාවන් රාශියක් සිටිති.

‘‘ මගේ මහත්තයා යුද්දෙට ගිහින් මැරුණා කියලා මට හිතහදා ගන්න බැහැ. කෝ මට සැමියෙක්. කෝ මගේ දුවට තාත්තෙක්. අමනුෂ්‍යයෝ වගේ මිනිස්සු ඉන්න ලෝකෙක මම ආයේ කසාද බැඳලා මගේ දුවට හොඳ තාත්තෙක් හොයාගන්න බෑනේ. කවුරු කොහොම සැලකුවත් මහත්තයා නැති අඩුව පුරවන්න ඔය කිසි කෙනෙකුට බෑ.’’ පොළොන්නරුවේ පදිංචි සමන්තිකා පැවසූයේ ආවේගශීලීවය. සමන්තිකාගේ සැමියා යුද්ධයෙන් මිය ගොස් තිබුණේ ඇයගේ කුසට මාස හතරක්වත් ගතවන්නට මත්තෙනි.

යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී කාන්තාවන් රැසක් වැන්දඹුභාවයට පත් වූයේ අවාසනාවන්ත ලෙසය. ජනවාර්ගික ගැටලුව නිසා අස්ථාන ගතවූ සහ නිශ්චිත වශයෙන් සැමියා මිය ගිය කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 22 සහ 35 අතර වයසේ පසුවන බව කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ තොරතුරු පෙන්වා දෙයි. ඇමරිකානු සහන සේවා සංගමය ඉදිරිපත් කරන දත්තයන්ට අනුව උතුරේ පමණක් අවම වශයෙන් තිස් දහසකට අධික කාන්තාවන් පිරිසක් වැන්දඹුභාවයට පත්ව ඇතැයි සඳහන් වෙයි. යාපනය කෝපායි ප‍්‍රදේශයේ පමණක් ඒ සංඛ්‍යාව 1500කට ආසන්න බව ඇමරිකානු සහන සේවා සංගමය ප‍්‍රකාශ කරයි. නැගෙනහිර ප‍්‍රදේශයේද යුධ වැන්දඹුවන්ගේ සංඛ්‍යාව තිස් දහස ඉක්මවයි.

‘‘ මගේ මහත්තයා මැරෙන කොට මට අවුරුදු 35යි. අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ කාලේ මහත්තයා සේවය කළේ  ඕමන්තෙ. මහත්තයා නැති වුණේ අනූඅටේ. අපි ගොඩක් දුක් වුණා. දුවයි පුතයි එක්ක මම තනි වුණා කියලා මට දැනුනා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් අපේ දරුවො කසාඳ බැඳලා. ආයෙමත් මම තනි වෙලා. මට හිතෙනවා මහත්තයා හිටියා නම් හොඳයි කියලා. එක දෙයක් නිසා මටයි දරුවන්ටයි සතුටු වෙන්න පුලුවන්. ඒ මගේ මහත්තයා ජීවිතේ පූජා කළේ රට වෙනුවෙන් නිසා.’’ කෑගල්ලේ පදිංචි පනස් දෙහැවිදිරි රම්‍යා කුමාරි පැවසුවාය. මේ වන විට ඇය හුදකලා ජීවිතයක උරුමකාරියක් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ වැන්දඹුභාවයට පත් කාන්තාවන් අතුරින් සුනාමි ව්‍යසනයෙන් සැමියා අහිමි වූ කාන්තාවන් රාශියක් සිටිති. ස්භාවික ව්‍යසනයක් වූ සුනාමිය වෙරළ බඩ ජනයාගේ උන් හිටි තැන් පමණක් නොව සිය සමීපතමයන්ද අහිමි කළේය. නැගෙනහිර ප‍්‍රදේශයේ පමණක් සුනාමියෙන් වැන්දඹුවන් බවට පත් වූ සංඛ්‍යාව විසි දහසකට ආසන්න වී ඇතැයි කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානයේ තොරතුරු පෙන්වා දෙයි.

මේ වන විට වියළි කලාපයේ පවතින අලි මිනිස් ගැටුමද වැන්දඹුවන් බිහි කිරීමට හේතුවක් වී ඇති අන්දම ඉතා අවාසනාවන්ත සහගත තත්ත්වයකි. විශේෂයෙන් අලි මිනිස් ගැටුම පවතින මොණරාගල, වැල්ලවාය, හඳපානාගල, ඇලහැර ,මින්නේරිය, පොළොන්නරුව, පුත්තලම, හම්බන්තොට, තණමල්විල ,මාලිගාවිල, හබරණ ආදී ප‍්‍රදේශ වල වැන්දඹු කාන්තාවන් රාශියක් දැකිය හැකිය. විශේෂයෙන් අලි ඇතුන් පහර දීමෙන් ජීවිත බොහෝ විට මිය යන්නේ පවුලක ගෘහ මුලීකයාය. ඔහු මරා දැමු පසු එම පවුලේ පැවැත්ම එය බෙහෙවින් හානිකරය. ගොවිතැනින් දිවි ගෙවන මේ වැසියන්ට පවුලක ගෘහ මූලිකයා අහිමි වුව හොත් එය කබලෙන් ලිපට වැටුණා හා සමාන වනු ඇත.

යුධ වැන්දඹුවක් නම් ඇයට සැමියාගේ වැටුපවත් ලැබේ. එහෙත් මෙලෙස අලි මිනිස් ගැටුම හේතුවෙන් වැන්දඹුභාවයට පත් වන කාන්තාවන්ට මේ වන විටත් නිසි පිහිටක් ලැබී නොමැත.

දේශපාලන හේතූන් මතද වැන්දඹුභාවයට පත් ස්ත‍්‍රීන් අපේ රටේ දැකිය හැකි වේ. ඒ සඳහා පැහැදිලි උදාහරණ වන්නේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එමෙන්ම 1971 1987 හා 1989 යන වර්ෂ වල සිදු වූ කැරලි වලින් අනතුරුව විශාල කාන්තාවන් පිරිසක් වැන්දඹුභාවයට පත් වී තිබේ. එමෙන්ම පසුගිය වකවානුවේ පුද්ගලයන් රැසක් අතුරුදහන් වූ අතර ඒ හේතුවෙන්ද විපතට පත් කාන්තාවන් රැසක්ද සිටිති.

‘‘ දවසක් දා මහ ? කව්දෝ කට්ටියක් ඇවිත් මහත්තයා අරන් ගියා. අද වෙනකන් ආරංචියක් නෑ. ඉන්නවද මැරිලද කියලා දන්නෙ නැහැ. මම ජීවත් වෙන්නෙ දෙගිඩියාවෙන්. මහත්තයා නැති වුණා පස්සෙ මම ගොඩක් දුක් විදිනවා. මහත්තයගේ පවුලේ අය මට දැන් වෙනස් කම් කරනවා. මගේ පව්කාරකමටලූ මහත්තයා නැති වුණේ ’’ නම හෙළි නොකළ විසි පස් හැවිරිදි වූ යාපනයේ පදිංචිකාරියක් පැවසුවාය.

The Census and Statistics Department has recoded close to 450,000 widows in the country. The statistics recorded during the 2001 census does not include data from the East. The inclusion of data from these areas is expected to increase the number to about 500,000. Widows in the country are categorized as those widowed by war, tsunami, human-elephant conflict and political reasons. Most of the war widows according to statistics are between the ages of 22-35.

  • Share/Bookmark

ජී එස් පී සහන කම්කරුවන් අතර බෙදී ගොස් නොමැත

November 13, 2009 by Editor  
Filed under Featured, Stories

GSP+ maim 1workers denied GSP+ benefits

අවුරුදු පහක ජී එස් පී ප්ලස් සහනට ඇඟළුම් සේවක සේවිකාවන් අතර බෙදී නොගිය බවටනොවැම්බර් 12 වන දින කොල්ලූපිටිය ජානකී හෝටලයේ පැවත් මාධ්‍ය සාකච්ඡාවකදී නිදහස් වෙළෙද කලාප පොදු සේවා  සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.

ජී එස් පී ප්ලස් ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ අවධියේද කම්කරුවන් අතර එම ප‍්‍රතිලාභ ඉතා අවම වශයෙන් ගලා ගියහ. රැකියා අවස්ථා නිර්මාණය කෙරුණද එම රැකියාවන්හි ගුණාත්මක බවක් හෝ වැටුප් තලයේ ප‍්‍රමාණවත් බවක් දක්නට නොලැබුණ බව මාර්කස් පැවසීය.

‘‘මැති ඇමතිවරු කියනවා ඇගළුම් සිත‍්‍රීන් බලසම්පන්න කරන්න  ඕන කියලා. ඒත් මේ සහන අපේ රටේ කම්කරුවන් අතර බෙදී ගිහින් නැහැ.ඒකට හොඳම උදාහරණය තමයි කම්කරු දෙපාර්තුමේන්තුව 2008 වසරේ කළ සමීක්ෂණය.මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා ඇගළුම් සේවයේ නියුතු කාන්තාවන්ගෙන් 66% පිරිස රක්තහීනතාවයෙන් පෙළෙන බව.එහෙනම් අපිට අහන්න තියෙන්නේ මේ සහන  නියම ආකාරයෙන් ලැබිලා තියෙනවද.’’ මාකස් පැවසීය.

තවද ඇගළුම් සේවිකාවන් දිනකට ආහාර වේල් දෙකක් පමණක් ලබා ගන්නා බවත් එයට හේතුව වී ඇත්තේ ප‍්‍රමාණවත් පරිදි ඔවුනට ගෙවීම් සිදු නොකරන බවයි. මාකස් පෙන්වා දෙනු ලබන්නේ.දුගී බව තුරන් කිරීම උදෙසා එකී රටවල් බදු බර දරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම ජී එස් පී  ප්ලස් සහනය  ලබා දෙන බවයි මාකස් පවසන්නේ.

වසර 2008 වන විට ජී එස් පී ප්ලස් සහනය ඩෙලර් මිලියන 108 මුදලක් ලැබී තිබුණද මේ සහනය නිසි අයුරින් ඔවුන් වෙත නොලැබෙන්නට හේතුව කුමක් දැයි ඔවුන් තවමත් නොදනී.මහා පරිමාණයෙන් ඇගළුම් සේවිකාවන් පිළිබද කතා කරනා කිසිවෙකුට ඔවුන්ගේ යථාර්තය තේරුම් ගැනීමේ හැකියාව නොමැත.මක් නිසාද යත් ඔවුන්ගේ දහඩියෙන් තමන්ගේ බඩ වඩා ගන්නා පිරිසක් ලංකාවේ සිටිනා නිසාවෙන් බවයි මාකස් පවසන්නේ.

‘‘රජය වගේම රටේ පූජ්‍ය පක්ෂයත් කවදාවත් නැතිව බැරෑරුම් විදියට ඇගළුම් කම්කරුවන් ගැන මේ කාලයේ කතා වෙනවා.85% ස්තී‍්‍රන් ඉන්නේ කියලා කතා වෙනවා.වෙනදත් පරීක්ෂණ කරලා තමයි ජී එස් පී ප්ලස් දුන්නේ.කම්කරු අයිත්වාසිකම් ගැන කතා කරලා දුන්නේ.කොන්දේසී මාලා එක්ක දුන්නේ.සම්මුතීන් 27 මේ අය එ් වෙලාවේ පිළී ගත්තා.ඇයි දැන් පිළිගන්න බැහැ කියන්නනේ.’’ මාකස් පැවසීය.

ලංකාව තුළ කිසිම වගකිව යුත්තෙක් සහතිකයක් දෙන්න කැමති නැහැ කිසිම කෙනෙක් එක්ක මේ සහනය බෙදා ගන්නවා කියලා.ආණ්ඩුවටයි පුළුවන් මේ දේ ලබා ගන්න. මාකස් පැවසීය.

‘‘අපි මේ සහනය රඳව ගන්න යනවා නම් අපි කියන්නේ මේ සහනය රටේ ජනතාවට ලැබිය යුතුයි.ලංකාවේ කිසිම කෙනෙක් සහතිකයක් දෙන්න සූදානම් නැහැ මේ සහනය කම්කරුවන් එක්ක බෙදා ගන්න.’’ මාකස් පැවසීය.

ශ‍්‍රී ලංකාව ඇගළුම් ක්ෂේත‍්‍රය කෙරෙහි දැඩි ඉල්ලූමක් මෙන්ම රටවල අවශ්‍යතා උදෙසා සැපයුමක්ද ලබා දෙන රටකි.සේවකයින් 2 70000 පමණ පිරිසකට සෘජු රැකියා අවස්ථා ලබා දෙන මෙම රැකියා ක්ෂේත‍්‍රයේ 85% පිරිස ග‍්‍රාමීය පවුල් වලින් පැමිණ මුලික ආදායම් උපයන පිරිස වේ.මෙම ජී එස් පී ප්ලස් සහනය නිසි අයුරින් නොලැබුණ හොත් මෙම පිරිසෙන් කොටසකට හෝ රැකියා අතහැර යාමට සිදු වන බව ස්ටෑන්ඩ්අප් මුවුමන්ටි හි ලේකම්වරිය වන අශිලා මාපලගම පවසයි.

‘‘ මේ ප‍්‍රතිලාබ කම්කරුවන්ට ගලා යෑමේ ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි. එ්කෙ වගකීම ආණ්ඩුව සතුයි.මේ ඉන්න දෙලක්ෂ පනස් දහසකට අධික පිරිස විශාල බියකින් ඉන්නේ මොන වෙලාවේ ගෙදර යන්න වෙයිද කියලා.අපට රජය ක‍්‍රියා කරන ආකාරය අනුමත කරන්න බැහැ. කම්කරුවන්ට මෙයින් වෙන බලපෑම් වලින් මුදව ගන්න  රජය පෙනී සිටිය යුතුයි.අපි කම්කරුවන් පෙළ ගස්වනවා මේ සහනය ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමට.’’ මාපලගම පැවසීය.

Secretary to the Common Workers’ Association of the Free Trade Zone, Anton Marks said on November 12 that the apparel sector workers had not received any benefits of the GSP+ facility for the last five years. Marks highlighted the importance of formulating a mechanism where the benefits of the tax concession are divided among the apparel sector employees. About 85% of the apparel sector employees are rural youth. According to Marks, although employment opportunities were created in the sector due to the GSP+ facility, the quality and salaries were of poor standards. A study released by the Labour Department in 2008 had revealed that 66% of the apparel sector females suffered from iron deficiency due to the lack of nutritious food, Marks said. Achila Mapalagama, the chair of Stand-Up Initiative an FTZ based workers group said that plans should be formulated so that GSP + benefits reach the factory workers.

  • Share/Bookmark

උපත් හයෙන් එකක් අඩු බර දරු උපතක්

October 28, 2009 by Editor  
Filed under Featured, Stories

childOne in six births under-weight

ලංකාවේ උපදින ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම අඩු බර දරු උපතක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.

උපදින අවස්ථාවේ ළමයෙක් ග‍්‍රෑම් දෙදහස් පන්සියයක බරකින් යුතු විය යුතු බවත් මෙම බර ප‍්‍රමාණයට වඩා අඩවෙන් උපදින  දරුවන් අඩු බර දරු උපතක් ලෙසින් සලකන්නේයැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර පැවසුවාය.

දෙදහස් හය හා දෙදහස් හත වසර දෙක ඇතුළත කර තිබෙන සමීක්ෂණවලට අනුව ලංකාවේ අඩු බර දරු උපත් ප‍්‍රමාණය සියයට දාහතක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලී ද සිල්වා පැවසුවාය.

‘‘ලංකාවේ සෑම තැනකම මේ අනුපාතය එක ලෙසින්ම පවතින්නේ නැහැ. නුවරඑළිය බදුල්ල වැනි ප‍්‍රදේශ වල අඩු බර දරු උපත් ප‍්‍රතිශතය ඉහළ තත්වයක තිබෙනවා.’’ ඇය කීවාය. වතුු ආශ‍්‍රිතව බර අඩු දරු උපත් ප‍්‍රතිශතය ඉහළ අගයක් ගෙන තිබෙන බවද නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මෙම ප‍්‍රතිශතයට සියයට විසි පහක අගයක් ගෙන තිබෙන බවද වෛද්‍ය සිල්වා කීවාය.

බර අඩු දරු උපතක් ඇතිවීමට ප‍්‍රධානම හේතුව වන්නේ ගර්භනී මවගේ පෝශණ තත්වය වන බව වෛද්‍ය හේමචන්ද්‍ර කීවාය. උසට සරිලන බරක් නොමැති කාන්තාවන්ට උපදින දරුවන්ට බර අඩුවීමට වැඩි අවදානමක් පවතින්නේයැයි ඇය පැවසුවාය. ශබ්ර ස්කන්ධ දර්ශකය 18.5 ට වඩා වැඩිවිය යුතු අතර මේ ප‍්‍රමාණයට වඩා අඩු ශබ්ර ස්කන්ධ දර්ශකයක් ඇති කාන්තාවන්ට අඩු බර දරු උපතක් ඇතිවීටම හැකියාව තිබේ.

ලංකාවේ ගැබිණි මව්වරුන්ගෙන් හතරෙන් එකකට උසට සරිලන බරක් නොමැතියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පී. ගුණවර්ධන කීවාය.

‘‘කුස තුළ සිටින ළදරුවාගේ මුල් මාස දෙක තුන තුළදී වර්ධනයේ මුල් අවදානම තිබෙනවා. අඩු බර දරු උපතකට හේතුව වන්නේ මවගේ මන්දපෝෂණ තත්වයයි.’’ වෛද්‍ය ගුණවර්ධන පැවසුවාය.

ගැබිණි මව්වරුන්ගෙන් සියයට තිහක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බවද මීට අමතරව  අයඩින් හා විටමින් ඌනතාවයනේ පෙළෙන්නන් සිටින බව ඇය සදහන් කළාය. මවට විටමින් හා යකඩ ඌනතාවයක් ඇතිවිට එය  ළමයාගේ කායික මානසික හා බුද්ධි වර්ධනය කෙරෙහි බලපාන්නේයැයි වෛද්‍ය ගුණවර්ධන කීය.

වයස අවුරුදු එකොළහත් දහතුනත් අතර වයසේ පසුවන තරුණියන් අතරින් සියය විසි දෙදෙනෙක් නිරක්තියෙන් පෙළෙන බවද සියයට විසිපහක් මන්දපෝශණයෙන් පෙළෙන බවත් ඇය සදහන් කළාය.

ගර්භනී මවට ඇති නොයෙකුත් රෝග තත්වයන් නිසා බර අඩු දරු උපතක් සිදුවිය හැකිය. අධි රුධිර පීඩනය හා අධි කොරොස්රෝල් තත්වයන් නිසාද බර අඩු දරු උපතක් සිදුවිය හැකිය. මේ අතර ගර්භනී කාලයේදී විවේකය අඩු කම නිසා අඩු බර දරු උපතක් සිදුවිය හැකියැයි වෛද්‍ය හේමචන්ද්‍ර කීවාය. මීට අමතරව වායු දූෂනයද අඩු බර දරුවෙක් ඉපදීමට හේතුවක් වෙයි. සිගරට් දුම් හා දර ලිප්වලින් එන දුම් ආශ්වාස කිරීමද බර අඩු දරුවෙක් ඉපදීමට හේතුවක් වෙයි.

‘‘ගම්වල ඉන්න අම්මාලා කුස්සියේ දුම් ගැහි ගැහි ඉන්නවා. ඒ ගැන හිතන්නේ නැහැ.’’ වෛද්‍ය සිල්වා කීවාය.

දරුවන් ලැබීමට සිටින කාල සීමාවේදී වෛද්‍ය සායන වෙත නිසි පරිදි සහභාගී විය යුතු අතර මෙසේ වෛද්‍ය සායන වෙත සහභාගී නොවන ගැබිණි මව්වරුන්ට බර අඩු දරුවෙක් ඉදපදීමට වැඩි අවස්ථාවක් තිබෙන බවද ඇය සදහන් කළාය.

‘‘නියමිත බරට වඩා අඩු බරකින් යුතුව ළමයෙක් ඉපදුන විට ඒ තත්වය ඔහුගේ ඉදිරි ජීවිතයට බලපෑමක් එල්ල කරනවා.’’ වෛද්‍ය ගුණවර්ධන කීවාය.

බර අඩු ළමයෙක්ගේ වර්ධනය සාමාන්‍ය බරකින් යුතුව ඉපදෙන ළමයකුගේ වර්ධනයට වඩා අඩුය. සාමාන්‍ය ළමයෙකුගේ බර වැඩිවීම සමග සන්සන්දනය කර බලන විට මොවුන්ගේ බර වැඩිවීම සිදුවන්නේ සෙමිනි. එමෙන්ම ළමා මන්දපෝශණයටද මෙය එක් හේතුවක් වෙයි. අඩු බරකින් ඉපදෙන දරුවාගේ ශබ්ර උස්ණත්වය පහළ යාමේ අවදානමක්ද පවතී.

‘‘අඩු බරකින් දරුවෙක් ඉපදීම ඉදිරියේදී ඔවුන්ගේ අධ්‍යාපනයට බලපාන්න පුළුවන්. එය ඔවුන්ගේ මානසික වර්ධනයට බලපෑ හැකි මෙන්ම ළදරු මරණ සිදුවීමට මෙය හේතුවක් විය හැකියි. එමෙන්ම ඉදිරියේදී අඩු බරකින් යුතුව උපදින ළමුන් වැඩිහිටියන් බවට පත්වූ විට හෘද රෝගවලට ලක්වීමේ අවදානමක්ද තිබෙනවා.’’ වෛද්‍ය සිල්වා කීවාය.

බර අඩු දරුවෙක් ඉපදුන විට එය චක‍්‍රයක ආරම්භයක් බවට පත්වන බව වෛද්‍ය සිල්වා කීවාය. අඩු බරකින් උපදින දරුවෙක් වර්ධනය වන්න් අඩු වේගයකිනි. ඔහු වැඩිහිටියෙක් බවට පත්වූ විට උසට සරිලන බරක් නැත. ගැහැණු ළමයෙක් අඩු බරකින් ඉපදුනහොත් ඇය ගැබිණියක් බවට පත්වූවිට ඇයට උසට සරිනල මහතක් ඇත්තේ නැත. මේ නිසා ඇයගෙන් උපදින්නේද අඩු බරකින් යුත් දරුවෙකි.

‘‘අඩු බර දරු උපත් වැඩිවීම නිසා තවත් අවුරුදු පනහකින් රටට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. මේ නිසා දරුවා ඉපදුන වහාම සාමාන්‍ය බරකින් යුතු දරුවෙක් බවට පත්කරගැනීමට කටයුතු කළ යුතුයි.’’ වෛද්‍ය සිල්වා කීවාය.

‘‘අඩු බරකින් උපදින දරුවාට හොද පෝෂණයක් ලබාදීමෙන් සාමාන්‍ය ළමයෙකුගේ තත්වයට පත්කරගැනීමට හැකියි.’’ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කීවේය. මුල් මාස හය ඇතුළත දරුවන්ට මව් කිරි පමණක් ලබාදිය යුතු බවද හෙතෙම කීවේය.

‘‘ බර අඩු ළමුන් සාමාන්‍ය ළමයෙකුගේ බරට ගෙන ඒම සදහා ඇති එකම විසදුම මව් කිරි පමණයි.’’ වෛද්‍ය සිල්වා කීවාය.

දරුවාගේ බර වැඩි කරගැනීමේ අදහසින් මුල් මාස හය ඇතුළත කිරි පිටි ලබා නොදිය යුතු බවද ඇය කීවාය.

බර අඩු දරුවෙක් බිහිවූ පසු යථා තත්වයට පත්කරගැනීමට කටුයතු කිරීම වෙනුවට කාන්තාවන් තමන්ගේ පෝෂණ තත්වය හොද තත්වයක තබාගත යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය කියයි. අඩු බර දරු උපත් සිදුවීම වලක්වාගැනීම සදහා මවගේ පෝෂණ තත්වය පිළිබදව අවධානය යොමුකළ යුතුයැයි ඇය කීවාය.

‘‘විවාහයේදී පොරොන්දම් බලනවා වගේ පෝෂණ පොරොන්දමත් බැලිය යුතුයි.’’ වෛද්‍ය ගුණවර්ධන කීවාය.

ගැබ් ගැනීමට අදහසක් ඇති කාන්තාවන් පමණක් නොව යෞවන වයසේ පසුවන සියලූම තරුණියන් සිය පෝෂණය පිළිබදව අවධානයෙන් සිටිය යුතුයැයිද සමබර ආහාර වේලක් ගත යුතුයැයිද ඇය පැවසුවාය

‘‘යෞවන වයසේ සිටින සියලූදෙනාම තමන්ගේ ආහාර වේලට ශක්තිජනක ආහාර ප්‍රෝටීන් සහිත ආහාර ආරක්ෂක ආහාර ඇතුළු කර ගැනීමට සැලකිළිමත් විය යුතුයි. දිනකට එළවළු පළතුරු වරග පහක් ආහාරයට ගන්නේනම් විටමින් හා ඛනිජ ලවන අවශ්‍යතාවය සපුරාගත හැකියි.’’ වෛද්‍ය ගුණවර්ධන සදහන් කළාය.

The Family Health Bureau sates that one in ever six births is underweight. The normal birth weight of a child is considered to be around 2,500 grams and any child recording a weight less is considered underweight. Surveys conducted during 2006 and 2007 have recorded an underweight birth rate of 17%. The lack of proper nutrition revived by the mother during her pregnancy is attributed as the main cause for underweight births. It has been recorded that one on every four pregnant women in the country did not weigh according to their heights and 30% of them suffered from iron deficiency among other deficiencies like iodine and vitamin. The younger generation is required to have nutritious meals in order to lead a healthy life that in turn would help produce a healthy future generation.

  • Share/Bookmark

රුබෙල්ලා නැවතත් කරළියට

October 28, 2009 by Editor  
Filed under Featured, Stories

Second Rubella Controversy

රුබෙල්ලා එන්නත පාසල් දරුවන්ට ලබා දීම දෙමාපිය අනුමැතියෙන් තොරව සිදු නොකිරීමට පාසල් තීරණය කර ඇති බව බාලිකා විද්‍යාලයන්හි විදුහල්පතිවරුන් පෙරඹරට පැවසීය.

රුබෙල්ලා එන්නත ලබාදීමට ආරම්භ කළ මුල් කාලයේදීද දෙමාපියන්ගෙන් ලබා ගන්නා ලිපි අනුව ක‍්‍රියාත්මක වීමට පාසල් ගුරුභවතුන් තීරණය කර තීබු අතර වර්ථමානයේ උද්ගත වී ඇත් තත්ත්වයත් සමඟින් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇති බවි කොළඹ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනී අයිරාංගනී කෝනාර පැවසුවාය.

දෙමාපියන්ගෙන් ලිපිගොනුවට පස්සේ අපි එන්නත ලබා දෙන්න තීරණය කරා.නමුත් මේ අවුරුද්දේ කිසිම දෙමාපියෙක් මේ බෙහෙත දරුවන්ට ලබා දෙන්න කැමති වුණේ නැහැ. වෛද්‍ය කණ්ඩායම ආවට පස්සේ මේ ලපි ඉදිරිපත් කළාම එ් අය පිළිගත්තා දෙමාපිය අනුමැතියෙන් තොරව මේ එන්නත දෙන්නේ නැහැ කියලා. කෝනාර පැවසුවාය.

දරුපරපුර වෙනුවෙන් මේ සිදු කරන්නා වූ සත්කාරය අගේ කොට සකන බවත් දරුවන් වෙනුවෙන් ලබා දෙන් මෙම එන්නත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ උපදෙස් හා දෙමාපිය අනුමැතිය යටතේ සිදු කිරීමටත් කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලය තීරණය කර ඇත.

මේ දේවල් කරන්නේ දරුවන් වෙනුවෙන් . අපිට එ්ක අගේ කරන්න  ඕන.දෙමාපියන් පංතිභාර ගුරුවරුන් දැණුවත් කරලා දෙමාපියන් දැණුවත් කරලා මේ බෙහෙත දෙන්න තීරණය කළා.මොකද මේක අනිවාර්ය දෙයක් නිසා.යශෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී  හිමාලි රාජකරාණා පැවසුවාය.

පාසල් මඟින් ලබා දෙන මෙම එන්නත දෙමාපියන්ගේ අනුමැතියෙන් තොරව ලබා නොදීමටත් දෙමාපියන් ඉදිරියේ එන්නත ලබාදීමටත් තීරණය කර ඇති බව කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල් පතිනී මල්කාන්ති ජයරත්න පැවසීය.

”අපි පාසල් කාලසීමාවේ මේ බෙහෙත දරුවන්ට නොදී ඉන්නත් කතා කළා.ඇත්තටම ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක මේක ලොකු අවධානමක්.එ් වගේම ඛේදවාචකයක්.අපි පාසලෙන් නොදුන්නත්  සායනයක්න් හරි මේක දෙනවා.මෙතනදි වෙන්න  ඕන නියම ප‍්‍රමිතියකින් යුතු දේ ලබා දීම.දෙයක් වෙන්න කලින් පර්යේෂන කරන්න  ඕන.”ජයරත්න පැවසීය.

දැනට මෙම එන්නත ලබා දීම නවතා ඇත.මෙම එන්නත පිළිබඳ පරියේෂණ පවත්වන නිසාවෙන් මේ පිළිබඳ නිසි අයුරින් කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ( මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල පැවසීය.

රුබෙලිලා තත්වය වසංගතයක් විදියට පැතිරෙනවා.ඇමෙරිකාවේ එක්දහස් නවසිසිය හැට ගණන් වල මේ තත්වය තිබුණා.20 000 පමණ මළ උපත් සිද්ධ වුණා.මේ තත්වය අවම කර ගන්න පුළුවන් වුණේ මේ රුබෙල්ලා එන්නත නිසා.වෛද්‍ය මහීපාල පැවසීය.

රුබෙල්ලා එන්නත නොලැබුණහොත් මළ උපත් උපදින දරුවා අන්ධ වීම බිහිරිවීම හෘද වස්තුවේ ආබාධ ඇතිවීම මොළය කුඩා වීම සහ මන්ද බුද්ධික දරුවන් ඉපදීම වැනි ඉරණම් වලට මුහුණදීමට සිදුවේ.

වයස අවුරුදු තුනේදී සරම්ප රුබෙල්ලා එන්නතත් වයස අවුරුදු දහතුන වයස වන විට රුබෙල්ලා එන්නතත්  ලබා දීමට සෞඛය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ප‍්‍රතිදේහ නිසි අයුරින් ක‍්‍රියාක්මක වවන වයස් නිසාවෙනි.

”අනූ ගණන් මේ තත්වය ලංකාවේත් තිබුණා.මේක අවම කර ගන්න ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා රුබෙල්ලා එන්නත දෙන්න ආරම්භ කරමු කියලා.රුබෙල්ලා රෝගය ගර්බනීමවකට මුල් සති දහයෙදි වැළදුණොත් සංජානනීය රුබෙල්ලා සහ ලක්ෂණය ඇතිවීමේ අවධානම සියයට අනූවක් තියෙනවා.”වෛද්‍ය මහීපාල පෙන්වා දුන්නේය.

ආසියාවේ ඇති හොඳම ප‍්‍රතිශක්තීකරණ ක‍්‍රියාවලිය සිදුවන්නේ ශ‍්‍රී ලංකාවේය.මෙම ප‍්‍රතිශක්තීකරණ ක‍්‍රීයාවලිය තුළින් උපතේදී ආයුකාලය වැඩිකර ගැනීමටත් ළමා මරණ අඩුකර ගැනීමටත් හැකියාව ලැබී ඇත.2007 2008 වසර කාල වලදී සංජානනීය රුබෙල්ලා රෝගීන් වර්ථාවීමක් සිදු නොවීමට හේතුව මෙම රුබෙල්ලා එන්නත ලබා දීම බවයි වෛද්‍ය මහීපාලගේ අදහස වන්නේ.

”මෙතනදී එන්නත් වලින් යමක් සිදුවුණෙත් ෙදාස් කියන්නේ අපට උපදින දරුවන් සීයයකින් අනූවක් අන්ධ බීරී මන්ද බුද්ධික වුණොත් දොස් කියන්නෙත් අපට.වෛද්‍ය විද්‍යාවේ රෝලය සඳහා ප‍්‍රතිකාර වලට වඩා අවධානය යොමු වෙන්නේ රෝගය වළක්වා ගැනීම සඳහා පූතිකාර ලබා දීම.මිලියන ගාණක් මේ රෝගයෙන් බේර ගන්නත් රෝගය වළක්වා ගන්නත් පුළුවන් වුණා.මේ ජයග‍්‍රහනය කඩා වැටෙන්න දෙන්න එපා.”හෙතෙම පැවසුවේය.

රුබෙල්ලා එන්නත නිසාවෙන් සිදු වූ මෙම අවාසනාවන්ත මරණ පිළිබඳ කණගාටු වන බව හෙතෙම පැවසීය.එමෙන්ම  ඕනෑම ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනක ප‍්‍රතිලාභ වැඩි බවත් පොඩි පොඩි අඩුපාඩුකම් පවතින බවත් හෙතෙම පැවසීය.එකී සුළු අඩුපාඩුව  නිසා සමස්ථයට හානියක් සිදු නොවන්නට වඟ බලා ගත යුතු බවයි හෙතෙම අවසන් වරට පෙන්වා දෙනු ලබන්නේ.

රුබෙල්ලා එන්නත පාසල් දරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී උද්ගත වූ තත්ත්වයත් සමඟින් බහුතරයක් මවිවරුන් තම දැරියන්ට මෙම එන්නත ලබා දීමේ බියකින් පසුවේ.මෙයට ප‍්‍රධාන හේතුව ලෙස මව් වරුන් පවසන්නේ කසිම අයුරකින් මෙරටට ගෙන්වා ඇත් ඖෂධ විනාශ නොකර හෝ අපසු ඒ රට වලට නොදී සිටීම මෙයට හේතුව බවයි.

අපේ දරුවන්ට මැරෙන්න සෙන්න අපිට බැහැ.මේ බෙහෙත දීලා දරුවට මොනවා හරි වෙනවට වඩා හොදයි මේ බෙහෙත නොදී ඉන්න එක.වාරියපොළ දරුව නැතිවෙන්න කලින් දරුවෙක් නැති වූණා.පරීක්ෂණ කරනවා කියලා ටික කාලෙකට නතර කළත් ආයෙත් මේ බෙහෙත දෙන්න පටන් ගත්තා.වාරියපොළ ගලගෙදර පදිංචි සුදර්මා සෙනවිරත්න පැවසීය.

මෙම ඖෂදය ලබා දීම සඳහා කාලය ඇත.අකාලයේ දරුවා මිය යනවාට වඩා කෙදිනක හෝ බෙහෙත ලබාගැනීම යෝග්‍ය යැයි සිතීමට තරම් සෙනෙවිරත්ත වැනි මව්වරුන් සිතීම නිවැරදි නොවේදැයි ප‍්‍රශ්ණ කරයි.

මම අම්මා කෙනෙක් .මට වටින්නේ දරුවා ජීවත් වෙලා ඉන්න එක.විවාහයෙන් පස්සේත්  මේ බෙහෙත් දරුවන්ට ගන්න පුළුවන් .මේ ෙඖෂධය නැති නිසා එන අතුරු ප‍්‍රතිඵල මෙනවා වුණත් කමක් නැහැ.සෙනෙවිරත්න පැවසීය.

එන්නතක් ලබා දීමේදී එය භාවිතයට පටන් ගන්නා  තැන සිට රෝගය සුව කිරීමට බලා පොරොත්තුවන බවත් යම් යම් අවස්ථා වලදී පොඩි අවාසි සිද්ධ විය හැකි බවයි වෛද්‍ය සංකල්ප මාරසිංහ පවසන්නේ.විද්‍යාත්මක පදනම යනු අවධානමක් බවයි මාරසිංහ පෙන්වා දෙනු ලබන්නේ.

”පැරසිටෝල් වලිනුත් ආසාධන වෙන්න පුළුවන්.එත් පැරසිටෝල් ගන්න එක කවුරුත් නතර කරන්නේ නැහැ.ඉතිහාසයේ  ඕනතරමි අවස්ථා තියෙනවා භාවිතයෙන් අයින් කරපු ඖෂධ ගැන.විද්‍යාව දියුණු වෙද්දී එ් වගේ දේවල් වෙනවා.හැමදාම එකම තැන කිසිදෙයක් තියෙන්නේ නැහැ.”මාරසිංහ පැවසීය.

වසූරිය වැනි රෝග ලෝකයෙන් තුරන් කිරීමට හැකියාව ලැබුණේ එම ඖෂධය දිගින් දිගටම ලබා දීම නිසා බවයි වෛද්‍ය මාරසිජහ පවසන්නේ.එමෙන්ම රුබෙල්ලා රෝගයද ලෝකයෙන් තුරන් කර දැමීමට හැකියාව ලැබෙන්නේ මෙම ඖෂධය දිගින් දිගටම අවශ්‍ය කරන පිරිසට ලබා දීම මඟින් පමණක් බවයි හෙතෙම පවසන්නේ.

”රුබෙල්ලා එන්නත දුන්නා කියලා දරුවා මැරුණා කියන එකේදී කවුරු හරි කියන්න පුළුවන් ඖෂධය නොදී හිටියනම් දරුවා මැරෙණ්නේ නැහැ කියලා.දරුවා බස් එකේ ඉස්කෝලෙ ගිහින් එද්දී හැප්පිලා මැරුණට පස්සේ මේ දරුවා අද නොගිහින් හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියන්න පුළුවන්.නමුත් දරුවා හැමදාම ඉස්කෝලෙ යනවා නම් මොකද කරන්නේ.නතර කරන්න බැහැනෙ.”වෛද්‍ය මාරසිංහ පැවසුවේය.

පාසල් දරුවන්ට මෙම එන්නත ලබා නොදී විවාහයෙන් පසු මෙම එන්නත ලබා දීමේ හැකියාවක් තිබුණද එහි ප‍්‍ර‍්‍රතිඵලය වෙනස් විය හැකි බවයි වෛද්‍ය මාරසිංහ  පවසන්නේ.

”ප‍්‍රතිදේහ ශරීරයේ තියෙන වයසට තමයි ඖෂධ ලබා දීම සිදු කරන්නේ.ඒකට හොඳම වයස තමයි වයස අවුරුදු ෙදාළහ.රෝගයක් තුරන් කිරීම සඳහා මේ ඖෂධය ලබා දෙනවා නම් එ්ක ලංකාව පුරාම සිදු කළ යුතුයි.ප‍්‍රශ්ණයක් වෙලා තියෙනවා තමයි.නමුත් මේ පිළිබඳ තීරණ ගන්න විශේෂඥයින් ඉන්නවා.දේශපාලන අරමුණු සඳහා මේ ගැටළු ගවා නොගෙන තමන්ගේ වගකීම ඉටු කරන්න එකයි මෙතනදි වැදගත්  වෙන්නේ. ”වෛද්‍ය මාරසිංහ පෙන්වා දුන්නේය.

වගකිම අතින් අතට මාරු නොකර සුදුසුකම් ඇති එ්  පිළිබඳ නිපුණත්වයක් ඇති පිරිසට ඔවුන්ගේ පාඩුවේ පර්යේෂණ පවත්වාගෙන යාමට ඉඩහැරීම තුළින් මෙම ගැටළුව ඉතා ඉක්මනින් සමතයකට පත්කර ගත හැකි බවයි වෛද්‍ය මාරසිංහ පවසන්නේ.

The deaths of two students after receiving the Rubella vaccination has created a fear psychosis among parents of permitting their children to take part in the government programme of providing this vaccine to children at school. The vaccine is given to students after receiving written consent from parents and this year, many parents have not granted permission for schools to inject the Rubella vaccine to their children. Mothers say they did not have confidence in the vaccination programme as steps have not yet been taken to either destroy the quota of Rubella vaccines in question or to return them to the country of importation. Doctors say the only way to address the issue is by holding an investigation into the whole Rubella controversy by a panel of experts.

  • Share/Bookmark

සියුමැලි යකඩ ගැහැණිය

October 8, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

The Lady Garage Bass

ජීවිතේ මහ බර දරන්නට ඇගේ ගැහැණුකම ඇයට ශක්තියක් විය. මහමෙරක් සේ  ජීවිතේ අනේක වූ අභියෝග හමුවේ නොසැලී සිටින්නට  ඇය උගත්තාය. කුමාර ජීවිතයක් නොපැතුවද සුවසේ ජීවත් වන්නට නම්  මහන්සි වී වැඩ කළ යුතු යැයි ඇය නිතර දෙවේලේ සිතුවාය. කාන්තාවන් පහසුවෙන් තෝරා නොගන්නා ආකාරයේ  රැකියාවක් ඇය තෝරා ගත්තේ එබැවිනි. සමහර විට එය ලංකාවටම එකක් විය හැකිය.

වාහන ගරාජයක් පවත්වාගෙන යන කාන්තාවක් පිළිබද ඔබ කුමක් සිතන්නේද..? විශේෂත්වය වන්නේ ඇය එහි හිමිකාරිය පමණක් නොවීමයි. ගරාජයේ සියලූ වැඩ කෙරෙන්නේ ඇය අතිනි. ඇය නමින් ශ‍්‍රියානි පුෂ්පලතායි. දහ තුනේ කණුව ගොකරුල්ලේ වෙසෙන තිස් නම වියැති ශ‍්‍රියානි පුෂ්පලතා දියණියන් සිව්දෙනෙකුගේ මවකි.

‘‘මම ගැරෙජ් වැඩට පුරුදු වුණේ කසාද බැන්දට පස්සෙ. මහත්තයට ගැරේජ් එකක් තිබුණා. ඒකෙ උදව්වට ගෝලයෝ දෙතුන් දෙනෙක් ගත්තා. ඒ වුණාට ඒ කිසි කෙනෙක් ගොඩක් කල් රැදුනෙ නෑ. වැඩ ගොඩ ගැහෙන නිසා මමත් මහත්තයගේ අත් උදව්වට ගියා. ඊට පස්සෙ තමයි මමත් වාහන හදන්න පුරුදු වුණේ.’’ ශ‍්‍රියානි පවසයි.

ඒ වන විට ශ‍්‍රියානිගේ වයස අවුරුදු දහනමයක් පමණ විය. සියුමැලි සිනිදු අත් යකඩ ගොඩවල් සමග හැප්පෙන්නට පටන් ගත්තේ ඇගේ සොදුරු යෞවනයෙදීමය. සැමියාට ශක්තියක් වන්නට ඇය ඉතා ඉක්මනට වැඩ ඉගෙන ගත්තාය. බලා සිටියදීම ඔවුන්ගේ ගැරේජ් එක දියුණුවට පත් විය.

එහෙත් ඔවුනගේ දියුණුව නොඉවසූ පිරිසක් දිනක මහ රාත්‍රි මධ්‍යයේ ගරාජයට කඩා පැන එය විනාශ කර දැමූහ. ඒ දෙදහස් හත වසරේදීය. ඉන් ඇති වූ ආරවුලේ දී නඩු මගට බැසීමටත් ශ‍්‍රියානිලාට සිදු විය. ඒ සදහා ඔවුන් සිය දේපළ පවා විකුණා දැමූහ. එතරමි දියුණුවකට පත්ව තිබු ඔවුනගේ ගරාජයද විකුණා දැමීමට සිදුවිය. ඉන් පසු ශ‍්‍රියානිලාගේ ජීවිතය බිංදුවටම වැටිණි. ඔවුනට වේල් දෙක තුන බඩගින්නෙ සිටීමට සිදු වූ වාර බොහෝ තිබිණි. එහෙත් ඉන් සැලූණේ ශ‍්‍රියානි නොවේ.

ඉඩමක් සොයා ගත් ඔවුන් නැවතත් ගරාජය පටන් ගත්තේය. ගොකරැල්ලෙන් ඉඩම ඔවුනට ලබා දීමට ඔවුන්ගෙන් සේවය ලබා ගත් අයෙකු පියවර ගෙන තිබුණි.

‘‘ අපි ආයෙත් ගැරේජ් එක පටන් ගත්තා. දැන් හොදට බිස්නස් තියෙනවා. මම තමයි දැන් ගැරේජ් එකේ හැම වැඩක්ම කරන්නෙ. මහත්තයා ස්පේ‍්‍ර කරනවා විතරයි.’’ ශ‍්‍රියානි පැවසුවාය.

මේ වන විට ඇය වාහන අථත් වැඩියා කිරීම තීන්ත ආලේප කිරීම පොටි කැපීම කැට්ලොයි පිරවීම ආදී සියලූ කාර්යන් සිදුකරන්නීය. වරෙක වාහනයක් මත නැගගන්නා ඇය තවත් වරෙක වාහනය යටට රිංගා එහි අලුත් වැඩියාවක් සිදු කරන්නීය. සියුමැලි දෑතේ මජං තැවරුණ ද ඇයට එහි වගක් නොවේ.

‘‘ පාරේ යන හැමෝම මම වැඩ කරන හැටි බලන් ඉන්නවා. සමහර අය වාහන නවත්තගෙන බලන් ඉන්නවා. ගෑනු එක්කෙනෙක් මෙහෙම ගැරෙජ් එකක වැඩ කරන එක එයාලට පුදුම ඇති.’’ ශ‍්‍රියානිලාගේ ගරාජය පිහිටා ඇත්තේ දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මහා මාර්ගය කෙළවරේය. ශ‍්‍රියානි ප‍්‍රදේශයේ ජනප‍්‍රිය චරිතයකි.

‘‘ මම වැඩ ඉගෙන ගත්තෙ බලන් ඉදලා. මට දැන් තීන්ත කළවම් කරලා එක එක පාට වර්ග හදාන්නත් පුළුවන්. ඒවා හැමෝටම කරන්න පුළුවන් වැඩ නෙමෙයි.’’ ශ‍්‍රියානි තම රැකියාව පිළිබද මහත් අභිමානයෙන් එසේ පවසන්නීය.

‘‘ එයාට වාහන වැඩ මට වඩා තේරේනවා. මම දැන් එයාගෙ උදවුවට ඉන්නෙ. ඇත්තටම මට මගෙ නෝනා ගැන ආඩම්බරයි. ’’ ශ‍්‍රියානිගේ සැමියා වන පනස් පස් වියැති පේමරත්න පැවසුවේය.

ශ‍්‍රියානි ගරාජයෙන් මාසිකව දෙලක්ෂයක පමණ ආදායමක් උපයන්නීය. ඇගේ දියණියන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් මේ වන විට විවාහකය.

‘‘ ගැරේජ් එකෙන් හම්බකරපු සල්ලි වලින් කසාද බැදපු  දුවලා දෙන්නට රත්තරන් බඩු හදලා දුන්නා. ඉස්කෝලෙ යන දුව හොදට ඉගෙන ගන්නවා. ගේත් දැන් ටික ටික හදාගෙන යනවා. ’’ ඇය පවසන්නෙ ඉහවහා ගිය සතුටෙනි. ජීවිතය දිනන්නට ඇය ගන්නා වෑයම මුළු මහත් සමාජයටම ආදර්ශයක් නොවන්නේද..?

The increase in road accidents has resulted in the deaths of between 2,000-2,400 persons annually while another 30,000-35,000 persons are left with various disabilities. Authorities state that a person is killed every four hours due to road accidents. The increase in the number of vehicles on the roads has been attributed as one of the main causes for the large number of road accidents. The other reasons that have contributed to the road accidents are the irregularities in driving schools, driving under the influence of alcohol and the lack of regard to road rules by both drivers and pedestrians. Addressing these issues could reduce the number of road accidents.

  • Share/Bookmark

ළමා නිවාසයෙන් විනෝද උයනට

October 2, 2009 by Editor  
Filed under Featured, Stories

children mainFrom the Vanni to Leisure World

තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් වන්නියේ තිබූ ළමා නිවාසයක කල් ගතකළ නීලවේන්ද්‍රන් ඩිලානි කිසි දිනෙක විදුලියෙන් ක‍්‍රියාත්මක වන මැලිගෝ රවුන් එකක ගොස් තිබුණේ නැත. ඇය කිසි දිනෙක අක්කර ගණනාවක් පුරා විනෝද වීමට ඉඩකඩ ඇති විනෝද උයනකට ගොස් තිබුණේ නැත. නමුත් තමන්ගේ ජීවිත කාලයේ කිසි දිනෙක විනෝද නොවූ ආකාරයෙන් විනෝද වීමට ඇයට පසුගියදා අවස්ථාව ලැබුනේය. ඒ ඇය ඇතුළු තවත් විශාල පිරිසකට ජීවිතයේ පළමු වතාවට කොළඹ පැමිණීමට අවස්ථාව ලැබීම නිසාය.

වන්නියේ තිබූ ළමා නිවාසයක සිටි ඇය ඇතුළු තවත් ළමුන් විශාල පිරිසක් යුද ගැටුම් නිසා අවතැන්ව මීට මාස කීපයකට පෙර වව්නියාවට පැමිණියේය. වව්නියාවේ පිහිටි ළමා නිවාසයක කල් ගතකරන මොවුන් විනෝද චාරිකාවක් සදහා කොළඹ පැමිණියේ සැප්තැම්බර් මාසයේ 27 වැනිදාය.. මේ අතර සිටි බොහෝ දෙනෙක් මීට පෙර කොළඹ තියා වන්නියෙන් පිටතටවත් පැමිණ තිබුණේ නැත.

මෙසේ විනෝද චාරිකාවක් සදහා පැමිණ සිටි ළමුන් මේ වන විට සිටින්නේ වව්නියාව වයිරපුලියන්කුලම් සිරිලිය ළමා නිවාසයේය. ඔක්තෝම්ර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් මේ ළමුන්ට විනෝද චාරිකාවට සහභාගීවීමට අවස්ථාව ලැබී තිබුනේය.

වව්නියාවේ සිට බස් රථවලින් කොළඹ පැමිණ සිටි මෙම ළමුන් සැප්තැම්බර් 28 වැනිදා සවස ෂත්තුවත්ට ගියේ ෂත්තුවත්ත නැරඹීමටය. මෙම ළමුන් අතරින් බොහෝ දෙනෙක් සත්තුවත්තට පැමිණ තිබුණේ නැත. මාළු ටැංකිවල සිටින මාළු ඔවුන්ට අලූත්ම අත්දැකීමක් බවට පත්ව තිබුණේය. සමහර ළමුන් සිතුවේ මාළු ටැංකිවල සිටින මාළු පණ නැති අය ලෙසයි. සමහර ළමුන් මේ සිටින්නේ ඇත්ත මාළුදැයි ඔවුන් සමග පැමිණ සිටි ළමා නිවාස පාලිකාවන්ගෙන් අසා සිටියේ ඒ බව තහවුරු කරගැනීමටය.

ඉන් පසුදින උදෑසන කාලය ඔවුන් ගතකළේ කොළඹින් කිලෝමීටර පනහක් පමණ එපිටින් පිහිටි ලෙෂර් වර්ල්ඞ්හිය. කලාතුරකින් දකින්නට ලැබෙන ඩබල් ඩෙකර් වර්ගයේ බස් රථ දෙකකින් වව්නියාව සිරිලිය ළමා නිවාසයේ සිටින ළමුන් ලෙෂර් වර්ල්ඩ් වෙත පැමිණියේය. බස් රථ දෙකේ පහළ මාලයේ සිටියාට වඩා වැඩි ළමුන් පිරිසක් බස් රථයේ ඉහළ මාලයේ සිටියේය. බස් රථය රථයේ ඉහළ මාලයේ සිට පැමිණි ළමුන් බස් රථයේ ගමන් ගත්තේ පාර දෙපස සිටි අයට අත් වනමිනි. ඔවුන්ට ඩබල් ඩෙකර් බස් රථයක ගමන් කිරීම අලූත් අත්දැකීමක් වී තිබුණේය.

ලෙෂර් වර්ල්ඩ් වෙත පැමිණි ඔවුන් සියලූදෙනාගේම දෙදෙනා බැගින් වන ලෙසින් එක් පෙළකට සිටවූවේය. ඒ ළමුන් ලෙෂර් වර්ල්ඞ්හි පිහිටි විනෝද වන ස්ථාන වෙත ගෙනයාම පහසු කිරීම සදහාය. මෙසේ පැමිණි ළමුන් මුලින්ම විදුලි උන්චිල්ලාව ඇති තැනට ගියේය. එක ළග දෙදෙනෙකුට සිටි හැකි ආකාරයෙන් සකසා තිබූ මෙවැනි විදුලි උන්චිලාවක් මීට පෙර දැක නොතිබූ ළමුන් උන්චිල්ලාවට නැග්ගේ පොරකමිනි.

‘‘ලංකාවේ මේ වගේ තැන් තියෙනවා කියලා අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ. අපි කවදාවත් මේ ගැන අහලාවත් තිබුණේ නැහැ. ඒත් අද අපිට කිසිම කරදරයක් නැතිව විනෝද විය හැකි තැනකට පැමිණ සිටිනවා.’’ වයස අවුරුදු හයේ සිට කිළිනොච්චියේ පිහිටි ළමා නිවාසයක සිටි සුප‍්‍රියා තිරුණවේල් පැවසුවාය.

විදුලි උන්චිල්ලාව මෙන්ම විදුලියෙන් ක‍්‍රියාත්මක වන මැලිගෝ රවුමද ළමුන්ගේ අවධානය ලබාගත්තේය. විවිධ වර්ගයේ මැලිගෝ රවුම් මෙහි තිබූ අතර ඇතැම් මැලිගෝ රවුමක් ක‍්‍රියාත්මක වුනේ රවුම කැරකැවෙන ගමන් ඉහළ පහල යන ආකාරයෙනි. මේවායේ යෑමට පෙර ආසන පටි පළදා සිටීම අනිවාර්ය විය. පැමිණ සිටි ළමුන්ට ආසන පටි පැළදීම පිළිබදව අත්දැකීමක් නොතිබූ අතර ලෙෂර් වර්ල්ඩි සේවයකයින් හා ළමා නිවාසයේ පාලිකාවන්ගේ සහාය ඇතිව ඔවුන් ආසන පටි පළදාගත්තේය.

මැලිගෝ රවුම සෙමින් කැරකෙන විට ෂතුටු සිනා එකින් එක ඔවුන්ගේ මුහුණු වල දකින්න ලැබුණ අතර එය වේගයෙන් කැරකැවෙන විට බොහෝ කුඩා ළමුන් බියෙන් කෑගසන්නට විය. එහෙත් මැලිගෝ රවුමේ වට කීපයක් ගොස් පැමිණ ළමුන් එයින් බැස්සේ මහත් ප‍්‍රීතියෙනි.

‘‘මැලිගෝ රවුම හයියෙන් යනකොට බය හිතුනත් ඒක හරිම විනෝද ජනක දෙයක්.’’ ප‍්‍රදීපා කුලසේකරම් පැවසුවාය.

‘‘මැලිගෝ රවුමේ යන්න කැමතියි. ඒත් රවුම කැරකැවෙන ගමන් ඉහළ පහළ යන මැලිගෝ රවුමේ යන්න මම බය වුනා. ඒකේ එකවරම ලොකු සද්දයක් එන නිසා තමයි බය වුනේ.’’ ඩිලානි පැවසුවාය.

විදුලියෙන් ක‍්‍රියාත්මක වන කෝච්චියේ යෑමටද මේ ළමුන් දැක්වූවේ විශාල කැමැත්තකි. ඉහළ පහළ යමින් ගමන්කළ මේ විදුලි දුම්රිය එක් අවස්ථාවකදී ඉතා සෙමින් ගමන් කළේය. මොහොතකින් ඉතා වේගයක් ලබාගනිමින් දුම්රිය ගමන් කළේය. සෙමින් ගමන්කළ දුම්රිය එක්වරම වේගයෙන් ගමන්කරන විට ළමුන් බියට පත්වී කෑගසන්නට විය. නමුත් එක් රවුමක් ගමන්කර පැමිණි පසු සමහර ළමුන්ට නැවත වතාවක් එහි රවුමක් යෑමට අවශ්‍ය විය.

විනෝද චාරිකාවට පැමිණ සිටි අවුරුදු දෙකක් වයසැති සන්ද්‍යාගේ උපන්දිනය යෙදී තිබුනේ ඔවුන් විනෝද චාරිකාවට සහභාගීවී සිටි අතර වාරයේදීය. කෙක් ගෙඩියක් කපා තමන්ගේ උපන්දිනය සැමරීමට සන්ද්‍යා වාසනාවන්ත වූවාය.

මෙම ළමුන් මේ වන විට වව්නියාවේ පිහිටි ළමා නිවාසයක සිටින නමුත් ඔවුන් සියලූදෙනාම අවතැන් ළමුන්ය. වන්නි ප‍්‍රදේශයේ පිහිටි ළමා නිවාසවල සිටි මොවුන් යුද ගැටුම් නිසා අවතැන්ව වව්නියාවට පැමිණියේය.

වන්නියේ ඔවුන් සිටි ළමා නිවාස අතරින් සමහර ළමා නිවාසවලට නිසි පරිදි විදුලි සැපයුමක් තිබුණේ නැත. රාත‍්‍රී කාලයේ පැය කීපයකට පමණක් විදුලි සැපයුම සීමා වන්නේය. වන්නියේදී දකින්නට නොලැබුණු බොහෝ දේ ඔවුන්ට දැකීමට අවස්ථාව ලැබුණේ වව්නියාවට පැමිණීමෙන් පසුවය.

‘‘වන්නියේ අපි සිටින විට ඇදුම් පැළදුම් ලැබුණාට දැන් තරම් හොද ඇදුම් ලැබුනේ නැහැ. දැන් අපිට ලස්සන ඇදුම් ලැබෙනවා.’’ කුලසේකරම් පැවසුවාය.

මේ ළමුන් සියලූදෙනාම යුද ගැටුම් නිසා අවතැන්ව වව්නියාවට පැමිණීමට පෙර සිටියේ වන්නියේ පිහිටි ළමා නිවාසවලය. මේ ළමුන් සියලූදෙනාටම ඔවුන්ගේ දෙමාපියන් අහිමිය. ඇතැම් ළමයකුගේ දෙමාපියන් යුද ගැටුම් වලින් මිය ගොස් ඇති අතර වන්නියේ තිබූ රෝහල්වල තනිකර සිටින ළමුන් ද මේ අතර විය.

දෙමාපියන් නොමැතිව ගෙවන ජීවිතයේදී මෙම විනෝද චාරිකාව ළමුන්ට විශාල මානසික අස්වැසිල්ලක් වී තිබුණි.

‘‘අපි වන්නියේ සිටියදී මානසිකව වැටිලා සිටියේ. ඒත් මේ වගේ විනෝද චාරිකා ආවාම අපිට විශාල මානසික සහනයක් ලැබුණා.’’ තිරුණවේල් පැවසුවාය.

ජීවිතයේ කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ මේ ළමුන්ගේ ජීවිතයට දැන් අලූත් බලාපොරොත්තුවක් ලැබී තිබේ.

‘‘දැන් අපි ළමා නිවාසයේ සිටියදී පාඩම් වැඩ කරනවා. සෙල්ලම් කරනවා.’’ ඩිලානි පැවසුවාය.

ළමා නිවාසයේ සිටිමින් අධ්‍යාපන වැඩ කටයුතු කරන මේ ළමුන්ට අනාගතය පිළිබදව ඇත්තේ සුභ සිිහිනයන්ය.

‘‘මට කවදාහරි වෛද්‍යවරියක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.’’ කුලසේකරම් කීවාය.

Celebrations of Universal Children’s Day gave the opportunity for several orphans from the Wanni to visit Colombo on a trip filled with fun and education. These children who were initially in children’s homes in the Wanni were later placed in the Siriliya Children’s Home in Wairapuliyankulam in Vavuniya when they were displaced in the Wanni. They visited Colombo on September 27 and visited the zoo on the 28th. The following day, they visited Leisure World and enjoyed a day filled with play and laughter. Most of these children had never stepped beyond the Wanni and their lives are now filled with new hope.

  • Share/Bookmark

“ආං මචං මරු කෑල්ලක් “

September 23, 2009 by Editor  
Filed under Featured, Stories

590 px6

The name calling game

කාර්යාලයේදී හදුනාගත් මිතුරෙකුගේ විවාහ මංගලෝත්සවයකට වෙනුර පැමිණියේ උත්සවයට පෙර දිනයේදීය.මින් පෙර මිතුරාගේ නිවසට පැමිණ නොමැති හෙයින් වෙනුර මිතුරාගේ පවුලේ උදවිය හදුනාගෙන සිටියේද නැත. යහළුවන් පිරිවරා විහිළු තහළු මධ්‍යයේ සිටි වෙනුරට එක්වරම රූමත් යුවතියක දකින්නට ලැබිණි.

” ඒයි කවුද බන් අර…මාර කෑල්ලක්නෙ .” යනුවෙන් වෙනුරට කියවුණේ නිරායාසයෙනි. සැණින් ඔහුගේ කන රත් වෙන්න පහරක් වැදුණේ පසුදින විවාහ අපේක්ෂිත මිතුරාගෙනි.

“උඹ කවුද එහෙම කියන්න…ඒ මගේ නංගි”  ඉන් සිත් රිදීමට පත් වෙනුරට සිදුවූයේ ආපසු හැරී ඒමටය.

” මම එහෙම කීවේ කැත හිතකින් නෙමෙයි. අනික කොල්ලො සෙට් වුණාම ඔහොම කියනවනෙ.” යැයි වෙනුර පසුව සිය කාර්යාලීය මිතුරන් හා පවසා තිබුණි.

මෙවන් සිදුවීම් සමාජයේ විරල නොවන බව බොහෝ දෙනා අත්දැකීමෙන් දනිති. විශේෂයෙන් තරුණයන් විසින් තරුණියන්ව විවිධ නම් වලින් හැදින්වීම මේ වනවිටත් සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ. කෑල්ල බඩුව අයිටම් එක එළ පාර කිරි ටොයියා  යනාදී විවිධ නම් යුවතියන් හැදින්වීට යොදා ගනී.

” මම පෙද්ගලිකව මේ වගේ නම් ගෑණූ ළමයින්ට කියනවට කැමති නැහැ. මොකද මටත් නංගි කෙනෙක් ඉන්නවා. මගේ නංගිට කවුරු හරි කෙනෙක් කෑල්ලක් කියලා කීවොත් මට උගේ හොම්බ පොඩි කරන්න හිතෙයි. හැබැයි අපිත් යාළුවො එක්ක සෙට් වුණහම කෙල්ලන්ට අනං මනං කියනවා. ඒක ඒ වෙලාවට විහිළුවට විතරයි. මට හිතෙන්නෙ ගැණූ ළමයිනුයි අපියි අතර තියෙන සම්බන්ධය මේ කතා වලට සෘජුව බලපානවා. අපි දන්න කෙනෙකුට කෑල්ලක් බඩුවක් කියලා කියන්නෙ නෑනේ” යැයි පෙෘද්ගලික බැංකුවක සේවයේ නියුතු කදුරුවෙල 23 හැවිරිදි ප‍්‍රදීප් නිශ්සංක පවසයි.

ගෑනු ළමයින්ට මේ නම් යෙදීමේදී ඇයගේ ස්වරූපය පිළිබද සැලකිළිමත් වන බව අවිස්සාවෙල්ලේ ඉන්දික ප‍්‍රකාශ කරයි. ඔහු තී‍්‍රවිල් රථ රියැදුරෙකි. ඉන්දිකට අනුව කෑල්ලක් ලෙස හදුන්වන්නේ රූමත් තරුණියකි. ලස්සන තරුණියක් දුටු විට “අන්න මචං කෑල්ලක් යනවා යැයි” පවසන බව ඔහු කියයි.

රූමත් තරුණියක් ඇගට හිර වන ලෙස ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ටයක් ඇද සිටී නම් ඇය මාර පාරකි නැතහොත් එළ පාරකි. බඩුවක් ලෙස හදුන්වන්නේ පිරිමි ළමයි කීප දෙනෙකු හා සබදකම් පවත්වන තරුණියක් හෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නියකට බව ඉන්දික පවසයි. ගණිකාවන් ගැවසෙන ස්ථාන බඩු පොට්ය. කිරි ටොයියා යනු ගණිකා වෘත්තියට අලුතෙන් පිවිසෙන්නියන්ය. .

එහෙත් මේ හැදින්වීම් නිශ්චිතවම කෙනෙකුට කිව නොහැකි බව ග‍්‍රෑන්ඩ්පාස්හි බුද්ධික නුවන් පවසයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙකි.

” මේ දේවල් සමාජ ගත වෙලා තියෙන්නේ විවිධ උප සංස්කෘතීන් වල බලපෑම මත. බොහෝ දෙනා මේ නම් භාවිතා කරන්නේ තේරුමක් ඇතිවද කියන එක මට ප‍්‍රශ්නයක්. ඒත් දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි” බුද්ධික පවසයි.

“මට හිතෙන්නෙ දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ට පිස්සු කියලා. මොනවද මේ කියන සම්ප‍්‍රඵලාප. බජාර් භාෂාවක්නෙ. කෑලි බෑලි කියන්නෙ ඇයි සම්පූර්ණ ඒවා නැද්ද..කාට වුණත් අපි ගෙරවයෙන් කතා කරන්න  ඕන. ඔය කියන එවුන්ට අම්මලා අක්කලා නැද්ද… මගෙ එකෙක් කීවා නම් මම මෙලහට මගේ ළමයා මකලා හරි හදලා.” කෑගල්ලේ ආර් නන්දසේන පවසයි. ඔහු විශ‍්‍රාම ගිය රජයේ සේවකයෙකි.

“කොල්ලො කෙල්ලන්ට කෑල්ල බඩුව කියනවා මට ඇහුණොත් ඇත්තමයි මගේ ඇගේ මාලු නටනවා. මොන ජරා කතාවක්ද ඒ… ඒ වගේ වෙලාවට එහෙම කියපු කෙනාට මමත් හොදට කියලා දෙනවා.”ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 24 හැවිරිදි සෞභාග්‍යා එලෙස පවසයි.

“අපිට නම් පිරිමි ළමයි ඔය වගේ කතා කියනවා අඩුයි. මට හිතෙන්නෙ ගෑනු ළමයිනුත් වැරදියි. තමන්ගෙ ඇදුම පැළදුම කතා බහ හැසිරීම සංවර කර ගන්නවා නම් ඔය කතා අහන්න වෙන්නෙ අඩුවෙන්” කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වූ වරකාපොළ නිශා පවසයි.

දැන් දැන් තරුණියන්ද තරුණයන් හැදින්වීමට විවිධ නම් භාවිතා කරන බව දැකිය. පොර ඩයල් එක කේස් එක බුවා ආදීය එලෙස භාවිතා කෙරේ. තරුණයෙක් වැදගත් නම් ඔහු නැණ නුවණින් සපිරි නම් ඔහු පොරක් බව මාවනැල්ලේ සදමාලි පවසයි.ඇය උපාධියක් හිමි රැකියා අපේක්ෂිත තරුණියකි. තරුණයන් පොරක් යනුවෙන් හදුන්වන්නේ යම් තැනක කැපී පෙනෙන්නට දගලන තරුණයෙකුට බව ඇගේ අදහසයි. බුවා යනු වයස 35ක් 40ක් පමණ වූ පුද්ගලයෙකුටය. බොහෝ විට බුවාගේ බිරිද බුවීය. නිතර නිතර මත්පැන් බී රංඩු කරන අල්ලපු ගෙදර අංකල් කේස් එකක් බව සදමාලිගේ අදහසයි.

“අපි ගෑනු ළමයින්ට නම් කියනවා නම් එයාලත් අපිට නම් කියන එකේ වැරුද්දක් මම දකින්නෙ නැහැ. හැබැයි ඒකේ මොකක්දෝ නොගැලපෙන ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා. කෙල්ලො එහෙම කියනවත් මම වැඩිය අහලා නැහැ” රාජගිරියේ මාලන් පවසයි. ඔහු උසස් පෙළ දෙවන වරට පෙනී සිටින සිසුවෙකි.

වර්තමානයේ තරුණ පරම්පරාව යොදා ගන්නා මෙම විවිධ නම් භාවිතා කිරීම ආරම්භ වූයේ කවදාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද ඒ සදහා දශකයකටත් වැඩි කාලයක් ගතව ඇතැයි සිතිය හැකි බව සමාජ නිරීක්ෂකයෝ සදහන් කරති. තරුණ පරම්පරාව මෙවැනි ප‍්‍රවණතාවයක් කෙරෙහි නැඹුරු වීමට විවිධ හේතුන් බලපාඇතැයිජයවර්ධනපුර විශ්වවිදයාලයේ සමාජ විදයා අධයනාංශයේ ප‍්‍රධානි ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර පෙන්වා දෙයි.

“මේ වෙනකොට සමස්ත ලෝකයම බොහෝ සෙයින් වෙනස් වීගෙන යනවා. ශී‍්‍ර ලංකාවේ තත්වයත් ඒකමයි. ආර්ථික සමාජයීය දේශපාලනික වශයෙන් ලංකාවත් වෙනස් වෙමින් පවතිනවා. ඒ යටතේ සංස්කෘතිය පවා වෙනස් වෙලා. භාෂාවත් වෙනස් වෙලා. විශේෂයෙන් තරුණ පරපුරේ භාෂා විලාසයේ ලොකු වෙනසක් දක්නට ලැබෙනවා. ඒකට විවිධ හේතු බලපාලා තියෙනවා.”

” විශේෂයෙන් මාධ්‍යයේ හැසිරීම මෙරට සංස්කෘතිය වෙනස් කිරීමට සමත් වෙලා තියෙනවා. අනෙක් කාරණය තමයි අද අපේ රට විශාල ලෙස ලෝකයට විවෘත වෙලා. අන්තර්ජාල පහසුකම් ඉන් විශේෂයි. මේ දේවල් භාවිතා කරන අපේ තරුණ පරපුරේ ස්වයං පාලනය ගිලිහිලා. ඒ නිසා වටිනාකම් ධර්මතා ගැන තැකීමක් නැතිවෙලා. ලෙෘකික අංශයට බෙහෙවින් නැඹුරු වුණ තරුණ පරම්පරාවක් අද දැකිය හැකියි”

“කාමුක සරාගී දේවල් පිළිබද මේ අයගේ අවධානය ඉහළයි. මා සිතන්නේ මෙවැනි දෙවල් මේ භාෂා භාවිතයන් කෙරේ බලපාලා තියෙනවා. මේවා වලක්වාගන්න නම් තරුණ පරම්පරාව තමන් තුළ ස්වයං පාලනයක් ඇති කරගත යුතුයි.” යැයි ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර පවසයි.

The changes that have taken place in the social, economical and political fronts in the country have also resulted in a cultural change as well. The cultural change has resulted in bringing forth a new trend of name calling among young girls and boys. Social analysts say that the handling of the media and wider access to Internet has influenced society while also reducing their power of self-control. The many names used by boys to address girls and vice versa have so far gathered mixed reactions from society. The young have found it a common occurrence while the older generation considers it to be despicable.

  • Share/Bookmark

අකාලයේ අහිමිවන ජීවිත

September 14, 2009 by Editor  
Filed under Featured, Stories

cordSuicide rate dropping in Sri Lanka

ශ‍්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් දොළොස් දෙනෙක් සිය දිවි නසා ගන්නා බවත් එවැනිම දස ගුණයක්  සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන බවත් සිය දිවි නසාගැනීම පිළිබදව වන පොලිස් වාර්තා විග‍්‍රහ කිරීමේදී පෙනී යන්නේයැයි සිය දිවි නසාගැනීම්වලට එරෙහිව කටයුතු කරන සුමිත‍්‍රයෝ සංවිධානය පවසයි. ලංකාවේ සිටින ජනගහණය දෙස බලන විට ජනගහනයෙන් ලක්ෂයකට එක් අයෙක් සිය දිවි නසාගන්නේයැයි එම සංවිධානය පවසයි.

‘‘දිනකට එකසිය විසිදෙනෙක් පමණ සිය දිවි නසාගැනීමට උත්සාහ ගන්නවා. නමුත් සිය දිවි නසාගැනීමට උත්සාහ ගැනීමේ ඇතැම් සිදුවීම් වාර්තාවන්නේ නැහැ. මේ නිසා සිය දිවි නසාගැනීමට උත්සාහ ගැනීම් වල සංඛ්‍යාව මෙයට වඩා ඉහළ යාමට හැකියි.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාවක් කීවාය.

2007 වසර ඇතුළතදී පුද්ගලයින් 4225 දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි සිය දිවි නසාගැනීම පිළිබදව වන වාර්තා ඉදිරිපත් කරන පොලිස් දෙපාර්තමේන්තුව කියයි.

පසුගිය වසර කීපය සමග සන්සන්දනය කර බලන විට සිය දිවි නසාගැනීම්වල අඩුවීමක් දක්නට ලැබෙන බවද සුමිත‍්‍රයෝ සංවිධානය කියන්නේය. ලංකාවේ සිය දිවි නසාගැනීමට වඩාත් ඉහළ මට්ටමක පැවතියේ 1995 වසරේදීය. එම වසරේදී පුද්ගලයින් 8519 දෙනෙක් සිය දිවි නසාගෙන තිබුණි. ඉන් පසු වර්ශවලදී සිය දිවි නසා ගැනීම් ක‍්‍රමයෙන් අඩුවී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාවන් පවසයි.

ලංකාවේ  පුද්ගලයින් සිය දිවි නසාගැනීමට හේතුවක් ඉදිරිපත් කළ නොහැකි යැයි අංගොඩ මානසික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප‍්‍රනාන්දු කීවේය.

‘‘1950 දශකයේ ලංකාව සිටියේ ලෝකයේ සිය දිවි නසාගැනීමේ ලේඛනයේ පහළින්. නමුත් තවමත් ලංකාව සිය දිවි නසාගන්නා පුද්ගලයින් වැඩි රටවල් අතරින් ඉහළින්ම තිබෙනවා.’’ ප‍්‍රනාන්දු කීවේය.

පුද්ගලයින් සිය දිවි නසා ගැනීම සදහා නිශ්චිත හේතුවක් සදහන් කළ නොහැකි බවත් විවිධ හේතු නිසා පුද්ගලයින් සිය දිවි නසාගන්නා බවත් සුමිත‍්‍රයෝ සංවිධානය කියයි.

‘‘ජීවන කුසලතාවයේ හිග කම නිසා විද දරාගැනීමේ ශක්තිය අඩුවීම, මානසික රෝගී බව හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පුද්ගලයින් සිය දිවි නසාගැනීමට මූලික වන හේතු අතරින් ඉහළින්ම තිබෙනවා. මේ කරුණු එකක් හෝ වැඩි ගණනක් පුද්ගලයෙක් සිය දිවි නසාගැනීම කෙරෙහි බලපාන්න පුළුවන්.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව කීවාය.

පුද්ගලයින් සිය දිවි නසාගැනීමට බලපාන මූලික හේතුවක් වී ඇත්තේ ආවේග පාලනය කරගැනීමට නොහැකිවීම යැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙදියක් වශයෙන් වසර ගණනාවක් සේවය කර ඇති පුශ්පා රම්‍යාණි ද සොයිසා පැවසුවාය. සිය දිවි නසාගැනීම් වලින් බොහෝ ප‍්‍රමාණයක් සදහා මූලික හේතුව වී ඇත්තේ ක්ෂණික ආවේග වන බවද ඇය සදහන් කළාය.

‘‘ක්ෂණික ආවේගය නිසා බොහෝ දෙනා වැරදි තීරණවටල පැමිණ සිය දිවි නසාගන්නවා.’’ සොයිසා කීවාය.

පවුල් ගැටලූ නිසා බොහෝ දෙනා සිය දිවි නසාගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සදහන් කරයි. 2007 වසරේදී සියදිවි නසාගෙන ඇති පුද්ගලයින් අතරින් 833 දෙනෙක්ම සිය දිවි නසාගෙන ඇත්තේ පවුල් ගැටලූ නිසාවෙන් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.  විභාග උසමත් වීම නිසා සිය දිවි නසාගත් කිසිම අයෙක් එම වසර තුළදී වාර්තාවී තිබුනේ නැත. සිය දිවි නසාගන්නා පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් කෘෂිකර්මාන්තය, සත්ව කර්මාන්තය හා ධීවර කර්මාන්තයෙන් ජීවිතය පවත්වාගෙන යන පුද්ගලයින් බව පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන සදහන් කරයි.

වැඩි වශයෙන්ම සිය දිව සදහා පෙළඹෙන්නේ වයස අවුරුදු දහ අටත් තිහත් අතර වයසේ වන පුද්ගලයින් යැයි සුමිත‍්‍රයෝ සදහන් කරයි.

‘‘තරුණ වයසේ වන පුද්ගලයින්ට ජීවන අත්දැකීම් අඩුයි. මේ නිසා මේ වයසේ පසුවන අය වැඩියෙන්ම සිය දිවි නසා ගැනීමට පෙළඹෙනවා.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව පැවසුවාය.

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව 2007 වසරේදී වැඩිම පුද්ගලයින් පිරිසක් සිය දිවි නසාගෙන ඇත්තේ වල් නාශක  හා කෘමි නාශක පානය කිරීමෙනි. මේ ආකාරයෙට මෙම වසරේදී පමණක් පුද්ගලයින් 2127 දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි. ගෙළ වැලාගැනීමෙන් පුද්ගලයින් විශාල පිරිසක් සිය දිවි නසාගැනීම වාර්තාවන අතර එම වසරේදී ගෙළ වැලලාගැනීමෙන් පුද්ගලයින් 1207 දෙනෙක් මියගොස් තිබුණි.

සිය දිවි නසාගැනීම් අඩු කිරීම සදහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබූ අතර මෙම බලකාය විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ අතර වස පානය කර මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩුකිරීම සදහා වන නිර්දේශ කිහිපයක්ම තිබුණි.

පළිබෝධ නාශක භාවිතය සීමා කිරීමත් ඒවායේ විශ අඩුකිරීමටත් මේ මගින් නිර්දේශ කර තිබුණි. මීට අමතරව විශ ශරීරගතවන අයට ප‍්‍රතිකාර කිරීමේ ගුණාත්මක බව වැඩි කිරීමටත් නිර්දේශ වී තිබුණි.

‘‘පළිබෝධනාශක වල සුලබතාවය අඩුකිරීමට හැකියාව ලැබෙනවානම් විශ ශරීරගතවී මිය යන සංඛ්‍යාව අඩු කරගත හැකියි.’’ වෛද්‍ය ප‍්‍රනාන්දු සදහන් කළේය.

පළිබෝධනාශකවටල විශ අඩු කිරීමට කටයුතු කිරීම යටතේ තනුක ද්‍රාවණයක් ලෙස එය අළෙවි කිරීමටත් ඒවාට වමනය ඇතිකරවන රසායන එක්කිරීමටත් නිර්දේශ කර ඇතැයි හෙතෙම සදහන් කළේය.

‘‘ග‍්‍රාමීය ප‍්‍රදේශවටල සිය දිවි නසාගැනීමේ ප‍්‍රවනතාවය වැඩියෙන්ම දකින්න ලැබෙනවා. එම ප‍්‍රදේශ දුෂ්කර නිසා හා සිය දිවි නසාගැනීමට උත්සාහ කරන පුද්ගලයින්ට උපකාරක සේවයක් නොලැබෙන නිසාත් එම ප‍්‍රදේශ වල සමහර පුද්ගලයින් සිය දිවි නසාගැනීමට පෙළඹෙනවා.’’ සුම්ත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව පැවසුවාය.

සිය දිවි නසාගැනීමට වැඩියෙන්ම තැත් කරන්නේ කාන්තාවන් වන බවත් නමුත් සිය දිවි නසාගැනීමට කරන උත්සාහයන් වැඩි වශයෙන් සාර්ථක කරගන්නේ පිරිමි වන බවත් සුමිත‍්‍රයෝ කියයි.

මෙරට කාන්තාවන් සිය දිවි නසාගැනිමේ අනුපාතය ඉහළ මට්ටමක තිබෙන්නේයැයි වෛද්‍ය ප‍්‍රනාන්දු කීය. මේ අතර ගෘහණියන්ගේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවද හෙතෙම සදහන් කළේය.

‘‘කාන්තාවන් සිය දිවි නසාගැනීමේ තත්වය ඉහළ මට්ටමක පැවතීම සුවිශේෂී තත්වයක්.’’ වෛද්‍ය ප‍්‍රනාන්දු සදහන් කළේය.

සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් නිසි උපකාරක සේවයක් ලැබෙන්නේනම් පුද්ගලයින් සිය දිවි නසාගැනීමට පෙළඹෙන්නේ නැතැයි සුමිත‍්‍රයෝ කීවේය.

‘‘එක් පුද්ගලයෙක්ට රැුකියා ආයතනයේදී ගැටලූවක් පැමිණියහොත් පවුලේ අයගේ සහායත් නොතිබුනොත් ඔහුට කිසිම උපකාරයක් නැතැයි කියලා හිතෙනවා. නමුත් ඔහුට අහිමි වුනේ එක් විකල්පයක් පමණයි තවත් විකල්ප තිබෙනවා කියලා හිතුනොත් එම පුද්ගලයා සිය දිවි නසාගැනීමට පෙළඹෙන්නේ නැහැ.’’ සුමිත‍්‍රයෝ සංවිධානයේ ප‍්‍රකාශිකාව සදහන් කරයි.

කුඩා කල සිටම ගැටලූවලට මුහුණදීමට හැකි ආකාරයෙන් අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම මගින් සිය දිවි නසාගැනීම් අවම කිරීමට හැකියාව ලැබෙන්නේ යැයි හෙදි නිලධරිනී සොයිසා කියන්නීය. සමාජ විශමතාවය, තරග කාරීත්වයට මුහුණදීම ආදිය පිළිබදව ළමුන් දැනුවත් කරන ආකාරයේ අධ්‍යාපන ක‍්‍රමයක් ලබාදිය යුතුව ඇතැයි ඇය කියන්නීය.

‘‘දැන් හැම ළමයෙක්ම වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කරන්න තමයි උගන්නන්නේ. ළමයින්ට ආවේග පාලනය කරගන්නා ආකරය, නිවරදි තීරණ ගන්නා ආකාරය කියලා දෙන්නේ නැහැ. මේ ක‍්‍රමය වෙනස් විය යුතුයි.’’ සොයිසා කීවාය.

සිය දිවි නසාගැනීම පිළිබදව ජනතාව දක්වන ආකල්පය වෙනස් කිරීමටත් සිය දිවි නසාගැනීම් පිළිබදව මාධ්‍ය වාර්තාකරණය පිළිබදවත් නිර්දේශ සිය දිවි නසාගැනීම් පිළිබදව වන ජනාධිපති විශේෂ කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කර තිබුනේයැයි වෛද්‍ය ප‍්‍රනාන්දු පැවසුවේය. මීට අමතරව මානසික සෞඛ්‍ය සේව දියුණු කිරීමට නිර්දේශ කර තිබෙන බවද හෙතෙම පැවසුවේය.

තරුණයින්ගේ නිපුනතා දියුණු කිරීමට කටයුතු කිරීමට අධ්‍යාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හා උපදේශන සේවා දියුණු කිරීම මෙයට ඇතුළත්ව තිබුනේය.

‘‘මේ නිර්දේශ මගින් සිය දිවි නසාගැනීම් අඩු කිරීමට කටයුතු කිරීමේ වගකීම අංශ කීපයක් වෙත පවරා තිබෙනවා. මේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම මගින් සිය දිවි නසාගැනීම් අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ වෛද්‍ය ප‍්‍රනාන්දු සදහන් කළේය.

ආවේග පාලනය කරන ආකාරය පිළිබදව තරුණ සමාජය අතර කතිකාවක් ආරම්භ විය යුතුව ඇතැයි සොයිසා පැවසුවාය.

‘‘ජීවිතයේ එන අභියෝගවලට සමහරු හොදට මුහුණ දෙනවා. ඒ අභියෝගවලට හොදින් බැට් කරන අය ලස්සනට ජීවිතය ගෙන යනවා. හොදින් බැට් කරන්න බැරි අය ජීවිතයෙන් පළා යනවා.’’ සොයිසා කීවාය.

There is a decline in the country’s suicide rate, the Sumithrayo Organization says. Police records show that the highest suicide rate of 8,519 was recorded in 1995, which has seen a gradual decline through the years. 4,225 suicides have been recorded in 2007. Sumithrayo states that 12 suicides are recorded in the country each day and the number of those who attempt suicide is a 10 fold increase of this amount. Therefore, one in every 100,000 citizens in the country commits suicide. However, Sri Lanka, which was at the bottom of the world suicides list in the 1950s, has now come to the top. The Presidential Task Force appointed to make recommendations on addressing the suicide issue has already made several proposals.

  • Share/Bookmark

Next Page »