ගමම බිය වද්දා සද්ධන්තයන් රජ කරයි

August 2, 2010 by Editor  
Filed under Featured, Stories


ඔරලෝසුවේ තුනේ කණිසම වැදුනා. කෝන්වැව ප්‍රදේශයේ පදිංචි වැසියන් යුහුසුළුව සැරසෙන්නේ කුමකටද ? ජීවිතය යන්තමින් හෝ ගැට ගහගන්න කරන එකම ව්‍යාපාරයත් හරිහැටි කරගැනීමට නොහෙකි වෙන කොට මිනිස්සු කොච්චර නම් අපහසුතත්වයන්ට පත්වෙනවා ඇද්ද ? ප්‍රදේශයේ වැසියන්ට මේ වනවිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා.මේ හැම දේකටම හේතු වී ඇත්තේ වල් අලින්ගේ කඩා වැදීමයි.

මේවා මේ කපන්න තරම් පැහිච්ච ගොයම් ගස් නෙමෙයි එත් ඒවා පැහෙනකම් තියන්න බැහැනේ යයි කුරුණෑගල, අතනගල්ල ප්‍රදේශයේ පදිංචි දීපානි කුමුදුනි පැවසිය. පවසන ආකාරයටම සියල්ල නතු කරගැනීමට නොහැකි නිසා මමත් ඒ පැල දිහා බලන් හිටියා .ඇත්තටම ඒවා කපන්න තරම් ප්‍රමාණවත් තරමට පැහිල තිබ්බ ඒවා නෙමෙයි ඒත් පොලිසියෙන් කඩා වදින්නා සේ එකපාරටම මුළු ප්‍රදේශයම බියගන්වා කඩා පත්වෙන වල් අලින්ගෙන් ඒවා බේරගන්න තියන එකම ක්‍රමය මෙය ඇරෙන්න වෙන දෙයක් එයාල දැනන් හිටියෙත් නැ. සමහරක් දවස් වල හවස් වෙනකොට මුළු කුඹුරු යායම වැසෙන තරමට සන්දන්තයන් සියයක් දෙසීයක් තම වගාවන් යටකරගෙන සිටින බව ඔවුන් අපිට පැවසුවා. මහන්සියෙන් වගා කරපුව නිකරුනේ ව්නාශ වෙන්න දෙන්න පුලුවන්ද ?

දීපානි කුමුදුනි කෝන්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් නොවුවත් ඇය මෙම ප්‍රදේශයෙන් විවාහයක් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නියක්. තම අනාගත ස්වාමියාගේ දියුණුවට දැන් පටන් අත්වැලක් වන්නට සිතා ඇය මෙහෙට විත් අත් උදව් දෙයි.

රජයට දැන් වුවත් වැඩක් උනේ නැ මේවා රජයට අයත් ඉඩම් නිසා අලින්ටත් ජිවත් වෙන්න අයිතියක් තියනවා කියල එයාල කිව්වා. වන ජීවි එකට දැන්වුවා ඒත් එයාලත් ඇවිත් බල බල යනවා විතරයි ගණන් ගන්නේ නැ. ඕනේ නම් මම කොළඹ එන්න උනත් ලෑස්ති මේ ගැන කතා කරන්න . මේ පැත්තේ ළමයින්ට ඉස්කෝලේ යන්නවත් විදියක් නැ. හවස තුන හතර වෙනකොට වල් අලි මේ පැත්තට එනවා ඉතින් ළමයින්ව ඉස්කෝලේ යවන්න බයයි යයි දීපානි කුමුදුනි තවදුරටත් පැවසිය.

තම බඩවියත රැක ගන්න වගාකළ සියල්ල එක පැත්තකින් විනාශ වෙද්දී තවත් පැත්තකින් වටිනා ජිවිත ගණනක් බිලි වෙමින් පවතී.ගොයම් විතරක් නෙමෙයි මුන් මේ පැත්තේ මිනිස්සු කීප දෙනෙක්වත් මරල තියනවා. ගිය සුමානේ මේ පැත්තේ ගෙදරකට වල් අලියෙක් පැනල ඒ ගෙදර ගැනු කෙනයි පිරිමි කෙනයි උදේ ගෙදරින් එලියට බහින්න දොර ඇරගෙන එලියට එනවත් එක්කම හොඩ වැලෙන් අබරලා අරන් වාසනාවකට ගැනු කෙනා හොඩ වැලෙන් ලිස්සල බිමට වැටිලා එයාගේ අතක් කැඩිලා දැන් කුරුණෑගල ඉස්පිරිතාලේ ඒත් අවාසනාවකට පිරිමි කෙනාව බිත්තියේ ගහල මරල දැම්මායයි කොන් වැව ප්‍රදේශයේ පදිංචි ඉමිහාමි මුදියන්සේ පැවසුවේය .

කිලිනොච්චියේ සිටි මොවුන් මෙහි පැමිණ ඇත්තේ කුරිරු ත්‍රස්තවාදයෙන් මිදී සුන්දර පවුල් ජිවිතයක් ගත කිරීමටය. එහෙත් සිදුව එත්තේ අලින්ට බිලිවිමටය. මොවුන් ජිවත් වුනේ ගොවිතැන ජිවනෝපාය කරගෙන නොවේ කුඩ හදලා.

කනින් ඇසු සියල්ල හිතේ රදවාගෙන ආපසු එන්න හැදු අපි ගමම හොල්ලන සද්ධන්තයන් දැක ගැනීමට කැළයට වැදුනි. ඔරලෝසුවේ කට්ට කැරකෙන්නා සේ හිතත් මුළු කුඹුරු යායවල් වටේ දුවද්දී  හැමදේම දැක ගැනීමේ අසාවෙන් අපි බලන් හිටියා. කොච්චර බලන් හිටියත් අපිට අපේ අරමුණ කරා යාමට යන්න බැරි උනා. ආපසු එන්නට හැරුණත් ඒ එක්කම වගේ අලින්ට ගහන වෙඩිල්ලක් පත්තු වුනා. පස්සට තිබ්බ කකුල ඉදිරියටම තියල නැවතත් ගමන  ආරම්භකළා. විශාල ගස් දෙකක් මැද්දෙන් හොඩවැල එහෙට මෙහෙට වන වන අලියෙක් මතු වුනා. උගේ ගමන නිරීක්ෂණය කරමින් ඉදිරියට ගියද මාර්ගය අනෙක් පස තිබු කැළයට ඌ වැදුන නිසා අපිට නැවත  දැක ගැනීමට නොහෙකි වුනා. විනාඩි කිහිපයක් ගත වුනා. කිලෝමීටරයක් දුරින් තවත් වල් අලි  තුන් දෙනෙක් අපට දැක  ගැනීමට හැකිවුනා. ඔවුන් ඒ ඇදෙන්නේ කුඹුරු තියන ප්‍රදේශයන් දෙසටය.

ගම්වාසීන් රැය පහන් කරන් පැල් බැදන්  බලා සිටින්නේ මොවුන් එනතෙක්ය. අතීත අදුරු මතකයන් පිසදා හෙට නැගෙන හිරුත් සමග සතුටු සිතින් ජිවත් වෙන්නට කොන් වැව ගම්වාසීන්කවදා හැකිවේවිද?


  • Share/Bookmark

සරත් ෆොන්සේකා ෆේස් බුක් වෙත පැමිණේ

November 16, 2009 by Editor  
Filed under Featured, Stories

FonsekaFonseka sets face book on fire

ලංකාවේ යුද හමුදාපතිවරයා වශයෙන් වසර තුනකට වැඩි කාලයක් සේවය කර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත්ව විශ‍්‍රාම යන සරත් ෆොන්සේකා නොවැම්බර් 16 වැනිදා සිය හමුදා නිල ඇදුමට ආයුබෝවන් කීවේ සමාජයේ විශාල කතිකාවක් ඇතිකරමිනි. රටේ සිටින වැඩි දෙනෙකුගේ මාතෘකාව බටව පත්ව ඇත්තේ සරත් ෆොන්සේකා යන නමයි. ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයම උනුසුම්ව ඇත්තේද ඔහු නිසාය. ඒ හිටපු යුද හමුදාපතිවරයා පොදු අපේක්ෂකයා වශයෙන් නැවත දේශපාලනයට පැමිණෙන්නේද නැද්ද යන කාරණය නිසාය.

ෆොන්සේකා පිළිබදව සාමාන්‍ය සමාජයේ ඇතිව තිබෙන කතා බහ වැනිම උනුසුම් කතාබහක් මේ වන විට අන්තර්ජාල සමාජය තුළද ඇතිවෙමින් තිබේ. අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබදව වන උනුසුම් පුවත පළවන විට අන්තර්ජාලය භාවිතා කරන සාමාන්‍ය සමාජය තමන්ට අදහස් දැක්වීමට තිබන හොදම වේදිකාව ලෙසින් තෝරාගෙන තිබුනේ ෆේස් බුක් වෙබ් අඩවියයි. මේ වන විට ලංකාවේ ෆේස් බුක් සමාජය අතර උනුසුම්ම කතා බහ බවට පත්ව තිබෙන්නේ සරත් ෆොන්සේකාය.

ෆේස් බුක්හි පිටු හා කණ්ඩායමි දුසිම් ගණනින් නිර්මාණය වූසේ සරත් ෆොන්සේකා නමිනි. ඇතැම් පිටු හා කණ්ඩායම් කසිදු දේශපාලනික අරමුණක් නොමැතිව නිර්මාණය වී තිබේ. එහෙත් තවත් පිටු හා කණ්ඩායම් නිර්මාණය වී ඇත්තේ දේශපාලන කාරණා මුල් කරගනිමිනි. ‘‘සරත් ෆොන්සේකා – ශ‍්‍රී ලංකාවේ මීළග ජනාධිපති’’ ලෙසින් ෆේස් බුක් පිටුවක් නිර්මාණය වන විටදී  ‘‘සරත් ෆොන්සේකා -  එක්ස්ත ජාතික පක්ෂයට බලයට පත්වීමට බිලි බෝයි කෙනෙකු නොවේ’’ යනුවෙන් ෆේස් බුක් පිටු නිර්මාණය වී තිබුනේය. ‘‘සරත් ෆොන්සේකා දේශපාලඥයෙක් වශයෙන් දැකීම අපගේ කැමැත්ත නොවේ.’’ ‘‘මීළග ජනාධිපති සරත් ෆොන්සේකාද මහින්ද රාජපක්ෂද?’’ ‘‘අපි සරත් ෆොන්සේකාට කැමතියි.’’ යනාදී වශයෙන් කණ්ඩායම් නිර්මාණය වී තිබේ.

සරත් ෆොන්සේකා බිලි බෝයි කෙනෙක් බවට පත්ව අතැයි යන නමින් නිර්මාණය වී තිබෙන කණ්ඩායමට සාමාජිකයින් අටදහසක් සිටින විට මීළග ජනාධිපති සරත් ෆොන්සේකා යන කණ්ඩායමට සාමාජිකයින් දාහත්දහසක් එක්ව සිටී. ජෙනරාල් සරත් ෆොන්සේකා යන නමින් නිර්මාණය වී තිබෙන ෆේස් බුක් කණ්ඩායමේ සාමාජිකයින් දහතුන්දහසක් එක්ව සිටින්නේය. අපේ බලාපොරොත්තුව සරත් ෆොන්සේකා යන නමින් නිර්මාණය වී තිබූ කණ්ඩායමට සාමාජිකයින් එක්දහස් අටසීයක් එක්ව සිටී.

මේ ෆේස් බුක් කණ්ඩායම්වල මුල් පිටුවේ වෝල්හි (බිත්තියේ) කණ්ඩායමේ සිටින සාමාජිකයින්ගේ අදහස් දක්වා ඇත.

මේ අතර ලබන වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී අපේක්ෂකයින් ලබාගන්නා ඡන්ද ප‍්‍රතිශතය පිළිබදව විමසමින් ෆෙස් බුක් කණ්ඩායම් අතර ඡන්ද විමසීමක් සිදුවෙයි. ජනාධිපතිවරයා  සියයට හැත්තෑවක්ද විපක්ෂ නායකවරයා සියයට අටක්ද ෆොන්සේකා සියයට විසි දෙකක්ද ලබාගනු ඇතැයි ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් එම වාර්තාව කියා තිබුණි. පැය හතරකට පෙර සියයට විස්සක ප‍්‍රතිශතයේ සිටි ෆොන්සේකා පසුව සියයට විසි දෙක දක්වා සිය ප‍්‍රතිශතය ඉහළ නංවාගෙන තිබුනේය. මොහු ලබන ප‍්‍රතිශතය දිගින් දිගටම ඉහල යන බව එම පිටුවේ සටහනක් තැබූ අයෙක් කියා තිබුණි.

‘‘මම සරත් ෆොන්සේකාට කැමතියි. ඒ වගේම කලින් වීරයා බවට පත්වෙලා සිටි සරත් ෆොන්සේකා ද්‍රෝහියා කියලා කියන්න යනවා. ඒ නිසා තමයි මම මේ වගේ ෆේස්බුක් පිටුවක් හැදුවේ.’’ ෆොන්සේකා නමින් ෆේස් බුක් කණ්ඩායමක් සකස් කළ කැළුම් කීවේය.

ලංකාවේ සිටින අය පමණක් නොව විදේශ ගතව සිටින ලාංකිකයින පවා ෆොන්සේකා පිළිබදව ෆේස් බුක් පිටු ආරම්භ කර තිබේ. ඇතැම් අය මේ පිටු නිර්මාණය කර තිබුනේ ෆොන්සේකා දේශපාලයට පැමිණෙන බවට වන වාර්තා පළවීමත් සමගය. ෆොන්සේකාට කිසියම් අසාධාරණයක් වන බව තේරුම්ගිය නිසා ඒ පිළිබදව දැනුවත් කිරීමේ අරමුණින් පිටුවක් නිර්මාණය කළේයැයි ඇමරිකා එක්සත් ජනපදයේ සිටිමින් ෆොන්සේකා පිළිබදව ෆෝස් බුක් පිටුවක් නිර්මාණය කළ ජනක අබේසිංහ සදහන් කළේය.

‘‘රට වෙනුවෙන් මෙච්චර කරපු මිනිහෙකුට වෙන දේ දැක්කම දුකයි. අපි හිතන්නේ ජෙනරාල් කොන් නොවිය යුතු බවයි.’’ හෙතෙම පැවසුවේය.

ෆොන්සේකා වෙනුවෙන් නිර්මාණය වී තිබෙන ෆේස් බුක් කණ්ඩායම්වටල එක්වූ අයගෙන් සමහරෙක් ඔහු මීළග ජනාධිපතිවරයා වනවා දැකීමට කැමති නැත. එහෙත් ඔහුට ආදරය කරන නිසාවෙන් සමහරුන් මේ කණ්ඩායම්වටල එක්ව සිටී.

‘‘මම සරත් ෆොන්සේකාට ආදරය කරන නිසා ඔහු වෙනුවෙන් නිර්මාණයවී තිබෙන පිටුවක සාමාජිකයෙක් වුනා. ඒත් සරත් ෆොන්සේකා මීළග ජනාධිපති විය යුතුයි කියන කණ්ඩායමේ සාමාජිකයෙක් වුනේ නැහැ. එය මම ප‍්‍රතික්ෂේප කරනවා.’’ සරත් ෆොන්සේකා යන ෆේස් බුක් කණ්ඩායමේ සාමාජිකයෙක් වන යළිත් විජේසුරේන්ද්‍ර කීවේය.

‘‘ෆොන්සේකා මීළග ජනාධිපතිව වනවාට මම කැමතියි. ඒ නිසා තමයි මීළග මම ඔහුට සහාය දක්වන කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්වුනේ.’’ ෆේස් බුක්හි සිටින නිරංජන් ජයවික‍්‍රම කීවේය.

තමන් එවැනි කණ්ඩායමක සාමාජිකයෙක් බවට පත්වූ විට තමන්ගේ මේ පිළිබදව දක්වන අදහස් සිය මිතුරන්ට දැක ගැනීමට හැකිවන බවත් මේ මිතුරන් ඒ ගැන දක්වන අදහස් ඔවුන්ගේ මිතුරන්ටත් දැකගැනීමට හැකියාව ලැබෙන බවත් විජේසුරේන්ද්‍ර කීවේය. ඒ අනුව ෆේස් බුක් සමාජයේ මේ පිලිබදව කතා බහක් ඇතිවන බව ඔහු පැවසුවේය.

‘‘මේ නිසා අපි දක්වන අදහස් ගහක අත්තක් වගේ පැතිරිලා යනවා.’’ විජේසුරේන්ද්‍ර කීය.

ෆේස් බුක් කණ්ඩායම්වල පමණක් නොව ඇතැම් අය තමන්ගේ පෞද්ගලික ෆේස් බුක් පිටුවේ පවා ෆොන්සේකා පිළිබදව කතා බහක් ආරම්භ කර තිබුනේය. ‘‘මහින්ද කෙනෙක් සිටියේ නැත්්නම් සරත් ෆොන්සේකා කෙනෙක් නැහැ…’’යනුවෙන් අයෙක් තමන්ගේ ෆේස් බුක් පිටුවේ ලියා තිබුනේය. ඊට ප‍්‍රතිචාර දැක්වූ ඔහුගේ මිතුරෙක් ලියා තිබුනේ ‘‘සරත් ෆොන්සේකා කෙනෙක් නොසිටියානම් මහින්දට යුද ජයක් නැහැ…’’ යනුවෙනි. ‘‘සියලූම ලාංකකියින් ජයග‍්‍රහණයට දායක වුනා…’’ මේ ප‍්‍රකාශයන්ට පිළිතුරු දුන් ඔවුන්ගේ තවත් මිතුරෙක් ෆේස් බුක් පිටුවේ ලියා තිබුණි.

ෆෙස් බුක්හි සිටින ඇතැම්අය මේ කණ්ඩායම්වල සාමාජිකයින් බවට පත්ව තිබුනේ කිසිම හේතුවක් නැතිවය.

‘‘මගේ යාළුවෝ මේ කණ්ඩායමේ සිටි නිසා මමත් සාමාජිකයෙක් බවට පත්වුනා. ඒත් සාමාජිකයෙක් බවට පත්වන්න කිසිම හේතුවක් තිබුනේ නැහැ.’’ ශම්මි එරන්ද කීවේය. එහෙත් මෙවැනි කණ්ඩායමක සමාජිකයින් වන්නේ දේශපාලනය හා ෆොන්සේකා පිළිබදව උනන්දුවක් දක්වන අය යැයි විජේසුරේන්ද්‍ර සදහන් කළේය.

එහෙත් ෆේස් බුක් භාවිතාකරන බොහෝ දෙනා තරුණයින් වන බැවින් ෆොන්සේකා පිළිබදව තරුණ මතය විමසීමට ෆේස් බුක් වැදගත්වී ඇතැයි ඉරෝෂ් මධුරංග පැවසුවේය. මේ වන විට තරුණ පරපුරට තීරණ ගැනීමට අවස්ථාවක් ලැබී නැති නමුත් ඉදිරියේදී තරුණ පරපුර හැසිරෙන ආකාරය පිළිබදව අවභෝධයක් ලබාගැනීමට මෙය වැදගත් වනු ඇතැයි ඔහු කීවේය.

‘‘ෆේස් බුක් එක හරහා අපි කරන දෙයින් කිසියම් බලපෑමක් වීමටත් පුළුවන්. ඒ වගේම නොවීමටත් පුළුවන්. ඒ බලපෑම නිශ්චිතව කියන්න බැහැ.’’විජේසුරේන්ද්‍ර පැවසීය.

The retiring of former Army Chief and Chief of Defence Staff General Sarath Fonsaka’s t on Monday (16) has sparked a massive discussion on the social networking site Facebook. Members have formed groups supporting as well as those opposing the former Army commander. Thousands of Facebook users both from within Sri Lanka and others living overseas have joined the groups, where the discussions reflect he general public’s reaction to the ensuing Fonseka saga.

  • Share/Bookmark

උපාධිය යනු රැකියාව නොවේ

November 10, 2009 by Editor  
Filed under Featured, Stories

Unemployed graduates demand jobs

නිදහස් අධ්‍යාපනය ලැබිම සමගේ අයිතිවාසිකමක් වුවද ඒ වෙනුවෙන් අරගල කිරීම කිසිවකුගේ යුතුකම නොවේ. මන්ද උපාධිය ලබාදීම යනු විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලයෙන් පිටවනවාත් සමගම ඔවුන් රැකියා සදහා යොමු කිරීම විශ්ව විද්‍යාලයේ හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ වගකීම නොවන බැවිනි. සියයට දෙකක් වන විශ්ව විද්‍යාල සිසුන්  වෙත අවධානය යොමු කිරීම පත්ව සිටින ආණ්ඩුවේද වගකීම බව ද අමතක නොකළ යුතුය.

‘‘නිදහස් අධ්‍යාපන කියන්නේ  ඕනම කෙනෙකුට උසස්ද පහත්ද ගමේ ද නගරෙද කියලා වෙනසක් නැතිව ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් ලබා දීම.මේ නිදහස අපරිමයෙන් බුක්ති විදලා අවසානයේ විශ්ව විද්‍යාලයෙන් එළියට ගියාම අරගල කරන එක යුතුකමක් නෙවෙයි.”වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති නිමල් පෙරේරා පැවසීය.

ඒකා බද්ධ උපාධිදාරීන්ගේ සංගමය පවසන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියා ලබා දීම රජයේ වරැකීම සහ යුතුකම බවයි.

ලංකාවේ උසස් පෙළ විභාගය ලියන ළමයින්ගෙන් 2% යි විශ්ව විද්‍යාල අධ්‍යාපනය  ලබන්න එන්නේ.මේ සියයට දෙකටවත් නිසි ආකාරයෙන් රැකියා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ නොකීරීම ගැන කණගාටුවෙනවා.උපාධි ගන්න ළමයි පෞද්ගලික අංශයේ රැකියා සඳහාත් විශාල ප‍්‍රමාණයෙන් පිටවෙනවා.මේ ඉන්න අතලොස්සක පිරිසටවත් ගකියා දෙන්න බැරිනම් අපට අරගල කරන්න සිද්ධ වෙනවා.ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරීන්ගේ කැඳවුම්කරු සුජිත් කුරුවිට පැවසීය.

මේ රටේ උගතුනි බිහිකිරීම සඳහා සැමට එකසේ අධ්‍යාපනය ලබාදීම විනා ඊට පරස්පර විරෝධීව යාම මොවුන්ගේ වගකිම නොව බවයි පෙරේරා පෙන්වා දෙනු ලබන්නේ.

‘‘නියම අධ්‍යාපනයක් ලබන කෙනාට එයින් ප‍්‍රතිලාබ ලබා ගැනීම සඳහා කිසිම බාධාවක් නැහැ.ඉස්සර තමයි සම්මුඛ සාකච්ජාවකට ගියාම ප‍්‍රශ්ණ පත‍්‍ර දෙන්නේ දැන් බලන්නේ යම් කිස ගැටළුවක් දිහා තීක්ෂණ ඇසකින් බලන්න පුළුවන්ද කියන එක විතරයි.රාජ්‍ය නොව ආයතන වලට යන්න ඉංග‍්‍රිසි දැනුම අවශ්‍ය වීමත් මේකට එක් හේතුවක්.තමන්ගේ අඩුපාඩු හදා ගන්නැතිව කෑ ගැහැවුවට වැඩක් නැහැ.” පෙරේරා පැවසීය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය මීට වඩා ගුණාත්මක විය යුතුයි.ඒහා සමානව පාසල් අධ්‍යාපනයත් වෙනස් විය යුතුයි.මේ හැම දෙයකටම වඩාරැකියා වෙළඳ පොළ වගේම ආරථිකයත් පුළුල් විය යුතු බවයි කුරුවිට පවසන්නේ.

අපේ රටේ ලොකු රාජ්‍ය සේවයක් තියෙනවා .ආණ්ඩු පත්වුනාට පස්සේ පොරොන්දු ලබා දුන්න නිසයි අපි මේ කෑ ගහන්නේ.අවුරුද්ද ගානේ රැුක්යා ලබා දෙන්න  පොරොන්දු වුණා.ආපහු ජනාධිපතිවරණයක් තියන්න කලින් මේ පොරොන්දු ඉටු කළේ නැත්නම් අපි අතරමං වෙනවා.අවුරුද්දකට 17000 ආසන්න පිරිසක් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබාගෙන අයින් වෙනවා.මේ අයට මොකද වෙන්නේ.කුරුවිට පැවසීය.

රජයේ පුරප්පාඩු තිබියදී මෙම පුරප්පාඩු පිරවීම සඳහා පියවර නොගැනීමට හේතුව කුමක් දැයි කුරුවිට නඟන ගැටළුවකි.විසිපන්දහසකට අධික රැකියා විරහිත උපාධිදාරීන් සිටින රටෙහි විසිපන්දහසක් රජයේ රැකියා පුරප්පාඩු පවතින බව හෙතෙම පැවසීය.

මේ ඉන්න හැමෝම වයස අවුරුදු විසි හතත් තිස්පහක් අතර අය.මේ අයගේ වයස පහු වෙද්දී රැකියා ලබා ගැනීමට බාධාවක් වෙනවා වයස.බාහිර හෝ අභ්‍යන්තර හෝ වේවා උපාධි ලබා ගන්න ළමයින්ට රැකියා දීමේ වගකිම පවතින්නේ පත්වෙලා තියෙන ආණ්ඩුව අතේ.අපිව විශ්වාස කරන්න කීවට වැඩක් නැහැ. ඒක ක‍්‍රියාවෙන් පෙන්වන්න  ඕන. කුරුවිට වැඩිදුරටත පැවසීය.

රස්සාවක් බලාපොරොත්තුවෙන් තමයි හැමෝම ඉලෙන ගන්නේ.ඉතින් ඉගෙන අවසානෙ අවුරුදු ගාණාක් රස්තියාදු වෙද්දි මේ විදියට උද්ඝොෂණ කරන එකේ වරැද්දක් නැහැ.මොකද වගකිව යුත්තන්ගේ වගකීම තමයි රටේ අනාගතය දියුණු කිරීම.හැමදාම එක තැන තියෙනවට වඩා නවීන තාක්ෂනයත් එක්ක ඉදිරියට යන පරපුරක් හදන්න  ඕන.රැකියාවක් බලා පොරොත්තුවෙන් උපාධිය අතැතිව සිටින ශසිකලා නිර්මාණී පැවසීය.

බාහිර උපාධිදාරී ශිෂ්‍යාවක වන නෙරංජලා සංජීවනී පවසන්නේ අභ්‍යන්තරයේ හෝ බාහිර හො මේවාසියලු දෙනාහට එක හා සමාන වටිනා කමකිනි සැලකිය යුතු බවයි.පුරප්පාඩු පවතින්නේ නම් ඒවා ලබාදීම මෙම ගැටළු අවම කර ගැනීමේ හැකියාව පවතින බව පැවසීය.

මේකෙ දෙපැත්තක් තියෙනවා.උපාධි ගත්ත අය බලාලොරොත්තු වෙන්නේ විධායක මට්ටමේ රැකියා.පත්වීම් දුන්නම  සමහරු ඒවා බාර ගන්න කැමති නැහැ.සුඛොපබෝගී රැකියා කරන්න අපේ රටේ තියන ඉඩප‍්‍රස්ථාව බොහොම අඩුයි.මම හිතනවා මේ අය විශ්ව විද්‍යාල වලට ආවට පස්සේ ඒ පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතුයි කියලා.දුක් විදලා ඉගෙන ගන්න ළමයි  ඕනම රැකියාවක් ලැබුණොත් යනවා.නමුත් ප‍්‍රශ්ණය තියෙන්නේ මේ අයගෙ ආකල්ප වෙනස් කරන්න විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හැකියාවක් නැති එක.සංජීවනී පැවසුවාය.

රැකියා අවස්ථාවන් ඉලක්ක කර ගනිමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සැකසිය යුතුයි යන මතය මෙතනදී ඉවත් කළ යතු බවයි පෙරේරා පවස්නනේ.පර්පූර්ණ උපාධිදාරියකු බිහි කිරීම ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි අරමුණ බවයි හෙතෙම පවසන්නේ.

විකිරණශිලිපීන් දසදහසක්   ඕන රටේ ඒකට අවශ්‍ය අධ්‍යාපන දීලා ඒ පුරප්පාඩු පිරෙව්වට පස්සේ ආයෙත් පුරප්පාඩු එන්නේ අවුරුදු ගාණකින්.මේ රටේ  ඕන තරම් අය ඉන්නවා  තමන් ඉගෙන ගත්ත විෂයන් වලින් පිට රැුකියා කරන අය.කලා උපාධි ගත්ත අය බැංකු අංශයේ රැකියා වල ඉන්නවා.මේකට රහස තමයි අපේ අධ්‍යාපන රටාවේ තියෙන ගුණාත්මක බව.පෙරේරා පැවසීය.

උපාධියක් දීම යනු හොඳ පෞර්ෂයකින් යුත් ගුණගරුක නිහතමානී පුද්ගලයකු බිහිකිරීම විනා රැකියා සඳහා පුද්ගලයෙකු බිහි කිරීම නොවන බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මාපා තිලකරත්ත පවසන්නේ.

ඉගෙන තියෙනවා නම් රටේ පවතින වාතාවරණයත් එක්ක හිතන්න පුරුදු වෙන්න  ඕන.සර්ව සම්පූර්ණ සංවර්ධිත රටක් නෙවෙයි මේක.අපි තුළ ශික්ෂණයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා.තිලකරත්න පැවසීය.

ලෝකයේ කිසිදු රටක උපාධියට රස්සාවක් දෙන්න පොරොන්දු පිට කිසිවකුහට අධ්‍යාපනයක් ලබා නොදෙන බවයි හෙතෙම පවසන්නේ.ඒ හැම රටකම වගේ විශය පාඨමාලා නවීකරණය වෙනවා වගේම ලංකාවේත් ඒ දේ සිද්ධ වෙලා තියෙනවා.රටේ ඉල්ලූමට සැපයුම නිර්මාණය විය යුතු නැහැතඅවශ්‍යතාවයට උචිත විදියටයි සම්පත් නිර්මාණය වෙන්න  ඕන.හෙතෙම පැවසීය.

විශාල මුදලක් වැය කර ඉගෙනීමෙන් අනතුරුව රැකියාවක් නොලැබීම ද ප‍්‍රශ්ණයක් බව හෙතෙම පවසයි.නමුදු කුමන රැකියාවක් කළද එහි ඉහළ පහළ භේදයක් නොමැති බවත් මෙම ආකල්පය සියලු දෙනා තුළ නිර්මාණය විය යුතු බවත් හෙතෙම පැවසීය.

Unemployed graduates have called on the government to provide them with suitable employment in the state sector. They say the government should honor its pledge to provide employment to university graduates. There are currently 17,000 students who graduate from universities annually. The unemployed graduates say the education system needs to be changed while broadening the country’s economy and job market. However, educators say the education system has enabled students to be versatile in many fields. They argue that graduates who have benefited from free education should burden the economy by unreasonable demands.

  • Share/Bookmark

රුක්ෂාන්ගේ ෆේස් බුක් කෙල්ල ගැන ෆේස් බුක් සමාජය කියන කතා

November 9, 2009 by Editor  
Filed under Featured, Stories

Face book girlThe Facebook song

අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින්ට ෆේස් බුක් යන්න අලූත් දෙයක් නොවේ. අන්තර්ජාලය භාවිතාකරන තරුණ පරපුර අතර ෆේස් බුක්හි සාමාජිකයෙක් නොවන අයෙක් සොයා ගැනීම බෙහෙවින් අසීරු කටයුත්තකි. අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ට ෆේස් බුක් යන්න අලූත් දෙයක් බවට පත්ව නැත්තේ වෙළද දැන්වීම් සදහාද ෆේස් බුක් යන වචනය යොදා ගන්නා නිසාය.

ෆේස් බුක් යනු අන්තර්ජාලයේ නව මිතුරන් ඇතිකරගැනීම හා පැරණි මිතුරුදම් අලූත් කර ගැනීම සදහා ඇති ජනප‍්‍රිය වෙබ් අඩවියකි. ෆේස් බුක් වෙත පිවිසෙන අයෙක්ට නව මිතුරන් ඇතිකරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට ඔවුන් සමග අදහස් හුවමාරුකරගැනීමටද අවස්ථාව ලැබෙයි. එපමණක් නොව තමන් කැමති ඡායාරූප ෆේස් බුක් පිටුවට ඇතුල් කළ හැකි අතර එම ඡායාරූප තමන්ගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමටද අවස්ථාව ලැබෙයි.

ෆේස් බුක් වෙත ඇතුළුවන පුද්ගලයින්ට අලූත් යාළුවන් හදුනාගැනීමට අවස්ථාව ලැබෙන ආකායටම ෆේස් බුක් හරහා මිතරු මිතුරියන් බටව පත්වන අය පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වීමේ පුවත් මේ සමාජයට අලූත් අත්දැකීම් නොවේ. ෆේස් බුක් හරහා පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වන අය නොසිතූ පරිදි වෙන්ව යාම සාමාන්‍ය සිදුවීමකි.

ෆේස් බුක් සමාජයේ සිටින ඇතැම් තරුණයින් තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කර ඇත්තේ තවත් තරුණයෙක් රැවටීම සදහාය. රූමත් තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් තරුණියන්ගේ නම් ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කර තිබේ. මේ ව්‍යාජ ෆේස් බුක් මිතුරු පිටු වටල පිවිසෙන තරුණයින් හා ව්‍යාජ ෆේස් බුක් පිටුවේ සිටින තරුණයින් සමග පෙමින් බැදී ඒ පිළිබදව දැනගැනීමෙන් පසුව ඇතිවන්නේ දුකක් හා කණගාටුවක් පමණි.

ෆේස් බුක්හි පෙම්වතෙක් ලෙසින් අනික් පාර්ශවය සමග අදහස් හුවමාරු කරගෙන කාලයක් ගතවන විට තමන් රැවටීමට ලක්ව ඇති බව දැනගැනීමට ලැබෙන පෙම්වතෙකුගේ සිතට නැගෙන දුක් කදුළ ගීතයක් ලෙසින් එළි දක්වා තිබුණි. ඉරාජ් වීරරත්න හා රුක්ෂාන් මාර්ක් විසින් ගායාන කරන ‘‘කෙල්ලේ මටනම් ආදරේ කළේ – ඇයි මගේ යහනේ ඔහු ඉන්නේ ’’ යන ගීතය ෆේස් බුක් සමාජය අතර මෙන්ම ෆේස් බුක් භාවිතා නොකරන සමාජය අතර ජනප‍්‍රිය ගීතයක් බවට පත්ව තිබේ.

‘‘මිනිස්සුන්ට දැන් වදින්නේ ටිකක් වෙනස් ආකාරයේ සිංදු. සාමාන්‍ය ජීවිතයට ගොඩාක් සමීප සිංදු තමයි මිනිස්සු ඉල්ලන්නේ ’’  ලංකාවේ ජනප‍්‍රියතම ගීත නොමිලේ ලබාගත හැකි වෙබ් අඩවියක් පවත්වාගෙන යන නුවන් චින්තන පැවසුවේය.

ගීත ඇල්බමයක ඇතුළත් ගීතයක් ලෙසින් මෙම ගීතය පැමිණි නිසා නොමිලේ එය බෙදාහැරීමට අවසරයක් නැතැයි හෙතෙම කීවේය. නමුත් ගුවන්විදුලි නාලිකාවල මේ ගීතය විකාශයවීම ඇරඹීමත් සමගින් අන්තර්ජාලය ඔස්සේද ගීතය ප‍්‍රචාරය වීම ඇරඹිණි. ෆේස් බුක් සමාජයේ බොහෝදෙනා මේ ගීතයට සවන්දී තිබුනේ අන්තර්ජාලයෙනි.

‘‘ෆේස් බුක් දැක්කම ඔබෙ රුව දුටුවා…….ඇඩ් ඇස් අ ෆෙරේන්ඩ් යැයි කන්ෆර්ම් කෙරුවා……..’’ඉරාජ් සහ රුක්ෆාන් මාර්ක්  ගායනා කරන ගීතයෙන් ෆේස් බුක් වෙත පැමිණෙන අයෙක් තවත් අයෙක් මිතුරෙක් බවට පත්කරගන්නා ආකාරය පියවරෙන් පියවර විස්තර කරයි.

ෆේස් බුක්හි මිතුරෙක් බවට පත්වූ පසු එකිනෙකා වෙත පණිවුඩ යැවීමට අවස්ථාව හිමිවේ. ඒ බවද රුක්ෂාන් මාර්ක් සිය ගීතය මගින් පවසයි. ‘‘ඉන්බොක්ස් පිරෙන්න මැසෙජස් තිබුණා…..’’ යනුවෙන් කියන්නේ මොවුන් දෙදෙනා නිතරම අදහස් හුවමාරු කරගත බවයි. මෙසේ අදහස් හුවමාරු කරගෙන දින තුනක් ගතවන විට තරුණයාට ආදරය ප‍්‍රකාශයක් ලැබෙයි. මේ පිළිබදව සැකයක් ඇතිවුවත් බියක් නොමැතිව ආදරය කළ බව රුක්ෂාන් සිය ගීතය මගින් ප‍්‍රකාශ කරයි.

‘‘අපි ෆෙස් බුක් එකේ ලස්සන කෙල්ලකේ දැක්කොත් මිතුරෙක් විදියට එකතුකරගෙන මැසේජ් යවන එක දිගටම කරනවා. ඒකතමයි ඇත්ත.’’ෆෙස් බුක් සාමාජිකයෙක් වන නලින්ද  නිරෝෂන් පැවසුවේය.

ෆේස් බුක් පිටුවට ඡායාරූපයක් ඇතුල් කිරීමේදී බොහෝ දෙනා දෙවරක් සිතන්නේ ෆේස් බුක් වෙත ඇතුළුකරන ඡායාරූප  ඕනෑම අයෙක්ට දැකීමට අවස්ථාව ලැබෙන බැවිනි. ඇතැම් අය ෆේස් බුක් වෙත ඡායාරූප ඇතුල් කරන්නේ ඡායාරූප සංස්කරණය කිරීම සදහා ඇති පරිඝනක මෘදුකාංග යොදාගෙන ඡායාරූප සංස්කරණය කිරීමෙන් පසුවය. ‘‘ප්‍රොෆයිල් එකේ ෆොටෝ ශොප් පිහිටෙන් ලස්සන පික්චර්ස් ගොඩක් තියෙන හින්දා මමත් කමෙන්ට්ස් දැම්මා…..’’

‘‘ෆේස් බුක් යන අයට වෙන සිදුවීමක් තමයි ඒ ගීතයෙන් කියලා තියෙන්නේ. කොල්ලෝ කෙල්ලන්ගේ ෆොටෝස් දාලා ෆේස් බුක් පිටු හදන එක අලූත් දෙයක් නොවෙයි.’’ නිරෝෂන් කීවේය.

ෆේස් බුක්හි සිටින ඇතැම්අය තමන්ගේ සැබෑ ඡායාරූප ඇතුළත් නොකර ව්‍යාජ ඡායාරූප ඇතුළත් කරන බව අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වාගෙන යන තිළිණ මධුරංග පැවසුවේය.

තවත් අයෙක් රැවටීම සදහා තරුණියන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ෆේස් බුක් පිටු නිර්මාණය කරන්නේ තවත් තරුණයෙක් නොමග යැවීම සදහා වන බව විශ්වක අටළුගම සදහන් කළේය. මෙය ෆේස් බුක් යොදාගන්නා අය සිදුකරන සුළු දෙයක් පමණක් වන බව ඔහු කියයි. තවකෙක් රැවටීම සදහා නිර්මාණය කරන ෆේස්බුක් පිටුව ටික දවසකින් ඉවත් කරන ආකාරයද රුක්ෂාන් මාර්ක් සිය ගීතය මගින් ප‍්‍රකාශ කරයි.

ෆේස් බුක් වෙත පැමිණෙන අය රැවටීමට ලක්වීම අන්තර්ජාලය භාවිතා කරන අයට අලූත් අත්දැකීමක් නොවන්නේයැයි නුවන් චින්තන කීවේය. මෙය ෆෙස් බුක්හි සාමාන්‍ය සිදුවීමක් යැයි ඔහු සදහන් කළේය. හොද සන්නිවේදන මාර්ගයක් වන ෆේස් බුක් හි හොද පැත්ත වෙනුවට නරක භාවිතාවට ගන්නා අය මේ ආකාරයට තවත් අයෙක් රවටන්නේයැයි චින්තන පැවසුවේය.

‘‘තවත් සමහර වෙලාවට ෆේස් බුක් එකේ ඉන්න කෙල්ලෝම කොල්ලෝ කඩේ යවන අවස්ථා තියෙනවා.’’ අටළුගම කීවේය.

‘‘මේ සිංදුවේ තියෙන විදියට ෆේස් බුක් එකේ ඉන්න තවත් අයෙක් රවටනවානම් ඒක වැරදි දෙයක්. ලෝකය වටා සිටින මිතුරු මිතුරියන් හදුනාගැනීමට භාවිතා කරන ෆේස් බුක් හි සිටින තවත් අයෙක් අපේ යාළුවෙක් බවට පත්කරගන්නේ කිසියම් විශ්වාසයක් ඇතිවයි. මේ විශ්වාසය බිද දැමීමට කවුරුහරි වැඩ කරනවානම් එය වැරදි දෙයක්.’’ ෂලින්ද්‍රි ප‍්‍රාර්ථනා කීවාය.

අන්තර්ජාලය භාවිතාකර ෆේස් බුක් භාවිතා කරන අයට මේ ගීතය සමීප ගීතයක් බවට පත්ව තිබුණත් අන්තර්ජාලය භාවිතා නොකරන අයට මේ ගීතයෙන් පැවසෙන කතාව එතරම් හුරු පුරුදු අත්දැකීමක් බවට පත්ව තිබුනේ නැත. අන්තර්ජාලය භාවිතා නොකරන අයට මේ ගීතය තවත් එක් ගීතයක් පමණක්යැයි චින්තන කීවේය. අන්තර්ජාය භාවිතා නොකරන පුද්ගලයින්ට මේ ගීතයෙන් කියන දේ අවභෝධ නොවන්නේයැයි ඔහු පැවසුවේය.

‘‘ඒත් ෆේස් බුක් ගැන දන්න අයට මේ සිංදුව හොදට වදිනවා.’’ චින්තන කීය.

අන්තර්ජාලයේද මේ ගීතයට වැඩි ඉල්ලූමක් ලැබී තිබුණේය. සිය වෙබ් අඩවිය වෙත ඊමේල් පණිවුඩ එවමින් මෙම ගීතය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි චින්තන කීවේය.

‘‘නොමිලේ මේ ගීතය බෙදාහරින්න අපිට අවසර නැති නිසා තාම මේ ගීතය අපේ වෙබ් අඩවියට ඇතුල් කළේ නැහැ. ඒත් ඉදිරියේදී ගීතයට වීඩියෝ එකක් නිර්මාණය කළොත් අපි අනිවාර්යයෙන්ම වෙබ් අඩවියට එය ඇතුල් කරනවා.’’ ඔහු සදහන් කළේය.

මේ ගීතය දෙමාපියන් ඇසුවහොත් ඔවුන් තමන්ගේ ළමුන්ට ෆේස් බුක් වෙත පිවිසීමට අවසර ලබාදීම පිළිබදව දෙවරක් සිතනු ඇතැයි නිරෝෂන් කීවේය.

‘‘ෆේස් බුක් එකේ මේ විදියට රැවටීම් වෙනවා කියලා වැඩිහිටියෝ දැනගත්තොත් ඔවුන් දරුවන්ට ෆේස් බුක් වෙත යන්න අවසර දෙන එකක් නැහැ.’’ ඔහු පැවසුවේය.

The Facebook phenomenon is nothing new to youngsters using internet. The use of Facebook and its acts inspired Iraj Weeraratne and Rukshan Mark to release a song. The song titles “Girl, if you loved me, why is he in my bed,” is now popular among Facebook users as well as non-Facebook users. Facebook, a social communication network is commonly used to make friends and to find long lost friends. In some instances friends on Facebook begin relationships as well. However, Facebook pages are also used by some to mislead others. Some use pictures of various young girls in profiles misleading many of the young boys who add them as friends. Iraj and Rukshan have included all these in their Facebook song, which is now a hit even on radio.

  • Share/Bookmark

ජනතාවට සේවය කරන්න නම් හැම භාෂාවක්ම ඉ‍ගෙනගන්න ඕන

October 23, 2009 by Editor  
Filed under Featured, Stories

languege mainMulti-language skills for public sector

සුබ‍්‍රමණියම් රාමන්, දෙනියාය ප‍්‍රදේශයේ තේ වත්තක සේවය කරමින් ජීවත්වන කම්කරුවෙකි, දැන් ඔහුගේ පුතාගේ වයස අවුරුදු පහකි. තමන්ගේ පුතාට නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතු බැවින් තම එකම පුතා  පාසලකට ඇතුළත් කලයුතුයැයි, කමලනී රාමන්ට නිතරම කරදර කරයි, පාසලකට දරුවා ඇතුළත් කරගන්න නම් අනිවාර්ායෙන් ළමයාගේ  උප්පැන්න සහතිකය අවශ්‍ය වෙයි, ඒ නිසාම පුතාගේ උප්පැන්න සහතිකය ගන්න රාමන් ඒ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය, එහිදී එම කටයුත්තට අදාල නිළධාරිනිය අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා රාමන්ට කොළයක් ලබාදී එය හැකි ඉක්මණින්  පුරවලා බාරදෙන්න යැයි කීවාය, එහෙත් රාමන්ට සිංහල ලියන්නට කියවන්නට නොහැකිවිය, අදාල නිළධාරිනියට දෙමළ කොහෙත්ම නොහැකිය, මෙම සිදුවිම  නිසා එදින දෙදෙනාටම ලොකු අසීරුතාවයකට මුහුණපාන්නට සිදුවිය.

මෙම තත්වය යටතේ සිංහල නිළධාරින්ගෙන් සේවයක් ලබාගන්න යන දමිළ  ජනතාවත්, දමිළ නිළධාරින්ගෙන් සේවයක් ලබාගන්න යන සිංහල ජනතාවත් යන දෙගොල්ලම අසරණ තත්වයකට පත්විය. නමුත්  වර්ථමානයේ  මේ ක‍්‍රමය වෙනස් කිරිම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුව පියවර ගෙන ඇත. ඒ සියලුම රාජ්‍ය සේවකයින්හට දමිළ භාෂාව පිළිබඳව පුහුණුව ලබාදෙන්නට පියවර ගැනීමයි. ඒ අනුව දැනටමත් දකුණු පළාතේ රාජ්‍ය ආයතන කිහිපයක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.

‘‘දමිළ භාෂා පුහුණු වැඩසටහන් දැනට ඉතාම හොදින් අපේ ආයතනයේ ක‍්‍රියාත්මක වෙනවා. සෑම රජයේ නිළධාරියෙක්ම ඉතා  ඕනෑකමින්  දමිළ භාෂා පුහුණු පංතියට සම්බන්ද වෙනවා” මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රධිකා මැලැව්වතන්ත‍්‍රි ඒ ගැන විස්තර පැවසූවාය.

‘‘රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රියාත්මක මේ වැඩසටහන යටතේ සිංහල,දෙමළ,ඉංග‍්‍රිසි යන භාෂාවන් පිළිබඳව පුහුණු පංති පවත්වනවා, එම පුහුණුව අවසානයේදී අපේ ලේඛන හා කථන හැකියාවන් සම්බන්ද විභාගයක් පවත්වන නිසා, දැනට අපේ භාෂා හැකියාවන් පිළිබඳ තක්සේරුවක් කරගන්න අවස්ථාව අපට ලැබෙනවා” මැලැව්වතන්ත‍්‍ර වැඩිදුරටත්  පැවසූවාය.

‘‘ශ‍්‍රී ලංකාව කියන්නේ විවිධ ජන වර්ග ජිවත්වන රටක් මේ හැම දෙනාටම සාමයෙන් ජීවත්වෙන්න නම්, ඒ ඒ අය අතර අදහස් හුවමාරු කරගත යුතුයි, ඒ නිසා දකුණේ සිංහල අය දෙමළ දැනගත යුතුයි, උතුරේ දෙමළ අයත් සිංහල දැනගත යුතුයි, රාජ්‍ය සේවකයින්හට භාෂා ත‍්‍රිත්වයම පිළිබඳ දැනුමක් තියෙනවානම් වඩාත් ඵලදායි සේවයක් කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා” රුහුණු විශ්ව විiාලයේ ශිෂ්‍යයෙක් වන ජනිත රාජපක්ෂ පවසයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු හැටියට මම කියන්නේ රටේ භාවිතාවන සියලු ප‍්‍රදාන භාෂාවන් පිළිබඳ පුහුණු වැඩසටහන් විශ්ව විද්‍යාලයේ අධ්‍යන පාඨමාලාවන්ට ඇතුළත්විය යුතුයි. දැන් නිදහස් රටක් නිසා අනාගතේ අපටත් උතුරට ගිහින් සේවය කරන්න වෙනවා, උතුරේ අයට දකුණට අවිත් තමන්ගේ රස්සාවල් කරන්න වේවි. ඒ නිසා ඊට අවශ්‍ය වටපිටාව දැන්ම ඉඳලා සුදානම් කරගැනීම වැගත් වෙනවා” රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

‘‘මෙවැනි වැඩසටහන් ඉතාම හොදයි, මොකද  ඕනැම  භෂා දැනුමක් ලබාදීම සිංහල,දෙමළ හැමදෙනාටම ප‍්‍රයෝජනයි. අනාගතයේ ඉතාම හොද කාලයක් අපේ රටට උදාවෙයි කියලා හිතෙනවා.මෙවැනි දමිළ භාෂා පුහුණු රජයේ නිළධාරීන් වෙනුවෙන් පැවැත්වීම මේ ප‍්‍රදේශවල ජීවත්වෙන නූගත් දෙමළ ජනතාවට ලොකු  සේවයක් වෙනවා” දෙනියායේ වනිතා දේවරාජා කීවාය.

සාමාන්‍යයෙන් රජයේ ආයතනයකට සිංහල.දෙමළ මුස්ලිම් කියලා බේදයක් නැතුව ජනතාව විවිධ කටයුතු සඳහා ජනතාව පැමිණෙනවා, මෙච්චර කල් තිබුණු ගැටළුව තමයි, දෙමළ ජනතාවට ඔවුන්ගේ භාෂාවෙන් ගැටළුවක් විසඳාදීමට රාජ්‍ය නිළධාරියාට නොහැකියාවක් තිබිම, මෙහිදි රාජ්‍යසේවකයින් ලොකු අසීරුතාවයකට පත්වුනා, ඇත්තටම එතන සන්නිවේදනය පිළිබඳ ගැටළුවක් තිබුනේ, නමුත් මේ වන විට රාජ්‍ය භාෂා දෙපාර්තුමෙන්තුව සිදුකරන වැඩපිළිවෙල නිසා අනිත් ජාතීන් තුල, ඔවුන් මේ රටේ සුළු ජාතීන් කියන අදහස නැතිවෙලා තියනවා ඒක අනාගතයට ඉතාම සුබවාදී වන බවයි මාධ්‍යවේදි පියසේන ලියනගේ පවසන්නේ.

‘‘ජනතාවට සේවය කරන්න ඉන්න අපේ රටේ සියළු දෙනා හැම භාෂාවක්ම දැනගැනිම වැදගත්, උදාහරණයක් හැටියට ජනාධිපති තුමන් රටටම ආදර්ශයක් දී තියෙනවා, එතුමන් විවිධ අවස්ථා වලදී ද්‍රවිඩ භාෂාවෙන් කතා කරනවා. අපිට ඒක සතුටක්, සිංහල ආයතනවලට ගියාම අපිට සිංහලෙන් ලියන්න කියවන්න අමාරුයි. මම ඉඟනගත්තේ දමිළ භාෂාවෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියා, මටත් සිංහල පැහැඳිලිව ලියන්න බෑ, ඒත් මම දැන් ටික ටික සිංහල ඉඟනගන්නවා” පිටබැද්දර දංකොළුව වතුයායේ පදිංචි විසිහත් වියැති කුමාරන් රවිචන්ද්‍රන් පවසයි.

භාෂාව හා සන්නිවේදනය රටේ සංවර්ධන කි‍්‍රයාවලියේ දී ප‍්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඒ නිසා රටේ පවතින හැම භාෂාවක්ම ඉගන ගැනිම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වෙලා, ඒ සඳහා  සිංහල අයට දෙමළ ඉගෙන ගැනීමටත් දෙමළ අයට සිංහල ඉගෙන ගැනීමටත්. මෙවැනි වැඩසටහන් වලට එහා ගිය පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අන්තර් ජාතිික භාෂාවක් වන ඉංගී‍්‍රසි පිළිබඳවත් වැඩි අවධානයක් යොමුකරන්න කාලය දැන් උදාවෙලා,. එය මේි රටේ සංවර්ධන කාර්ය වඩා වේගවත් කරනවා මෙන්නම හැම කෙනෙක්ගෙම අනාගතය යහපත් වීමට හේතුවක් වන්නේ යැයි, පිටබැද්දර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චමින්ද දහනායන සඳහන් කළේය.

The National Language Department has commenced a programme to train public sector employees in Sinhala, Tamil and English in order to minimize the language barrier that has hampered the smooth functioning of the administrative system in a multi ethnic country like Sri Lanka. While public servants in the South are taught Tamil, their colleagues in the North are taught Sinhala. Language and communication play a key role in a country’s development process and multi language skills are therefore a timely necessity for the country. The programme launched by the National Language Department has also resulted in minority communities feeling accepted by the majority community.

  • Share/Bookmark

ලංකාවේ බර්ගර් කිං

October 22, 2009 by Editor  
Filed under Featured, Stories

bugerThe burgher king of Sri Lanka

දෙහිවල පදිංචි ආශික් රහීම් ෂතියට දින දෙක තුනත් තමන්ගේ කූටර් වර්ගයේ යතුරු පැදියෙන් කොම්පඤ්ඤ වීදියට පැමිණෙයි. තවමත් පාසල් අධ්‍යාපනය ලබන රහීම් තමන්ගේ බයිසිකලයෙන් කොම්පඤ්ඤවීදියට යන්නේ වෙන කිසිවක් සදහා නොවේ. ඔහු කිලෝමීටර ගණනාවක් පැමිණෙන්නේ කොම්පඤ්ඤ වීදියේ ඇති බර්ගර් කිං වෙතටය. ඒ බර්ගර් ආහාරයට ගැනීම සදහාය.

රහීම් දෙහිවල සිට කොම්පඤ්ඤවීදියට පැමිණෙන්නේ බර්ගර් අළෙවිකරන ස්ථාන රැුසක් පසුකරගෙනය. බර්ගර් සදහා ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් දිනූ බර්ගර් අළෙවිකරන ස්ථාන පසුගරගෙන ඔහු බර්ගර් කිං වෙත පැමිණෙන්නේ එහි ඇති විශේෂත්වය නිසාය.

‘‘කෑම රස නිසා තමයි බර්ගර් කන්න මෙතරම් දුර ඉදලා එන්නේ.’’ රහීමි පැවසුවේය.

‘‘අපි පටන්ගත්ත දවසේ සිට මේ වන තෙක් කෑම වල රසය එක ආකාරයෙන්ම තබාගැනීමට සමත්වෙලා තියෙනවා.’’ බර්ගර් කිංහි හිමිකරු වන මොහොමඞ් ජමල්ඞීන් ෆස්ලි කීවේය.

රහීම් මෙන්ම බර්ගර් කිං වෙත පැමිණෙන බොහෝ දෙනා බර්ගර් කෑමට එම ස්ථානයට එන්නේ එහි ඇති රසවත් බව නිසාය. තවත් අය එම ස්ථානයට පැමිණෙන්නේ අඩු මුදලට බර්ගර් මිලට ගැනීමට හැකියාව තිබෙන නිසාය.

‘‘කෑම රසයි. අඩු මුලදට කෑම ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි බර්ගර් කන්න අපි මෙතැනට එන්නේ.’’ පෞද්ගලික ආයතනය අළෙවි විධාකයකයෙක් වශයෙන් සේවය කරන ජීවක ජයසූරිය පැවසුවේය.

අඩු මිලටත් රසටත් බර්ගර් අළෙවි කරන බර්ගර් කිං ආරම්භ වූයේ 1999 වසරේදීය. ඒ වන විට සේවකයින් දෙනෙකුගෙන් මෙය ආරම්භ වූ නමුත් මේ වන විට සේවකයින් දොළොස් දෙනෙක් එහි සේවය කරයි. මෙම බර්ගර් වෙළදසැල ආරම්භ කිරීමට පෙර ෆස්ලි බර්ගර් සෑදීම පිළිබදව ඉගෙන ගත්තේ ගොල් ෆේස් පිටියේ ප‍්‍රසිද්ධ කෑම කඩයක් පවත්වාගෙන ගිය නානා යටතේය. ෆස්ලිගේ පියා ඒ වන විට නානාගේ කඩයේ අරක්කැමියෙක් ලෙස සේවය කළේය. එපමණක් නොව නානාට තිබූ නෑකම නිසා ෆස්ලිට බර්ගර් සෑදීම පිළිබදව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුනේය.

‘‘ඒකාලයේ ජීවිතය ගෙවුනේ ගෝල් ෆේස් එකේම තමයි.’’ ෆස්ලි කියයි.

නානාගේ ආහාර කඩයේදී ලැබූ අත්දැකීම් හා ඩුබායි වෙත ගොස් අරාබි ආහාර පිළිබදව කළ හැදෑරීම්වලින් පසුව ෆස්ලි බර්ගර් කිං ඇරඹුනේය

මේ වන විට පාරවල් අසල ආහාර කඩ පවත්වාගෙන යාම ලංකාවට එතරම් පුරුදු ක‍්‍රමයක් බවට පත්ව තිබුනේ නැත. නමුත් ඩුබායිහි පැවති අත්දැකීම්ද ප‍්‍රයෝජනයට ගෙන ෆස්ලි මේ බර්ගර් අළෙවි සැල ආරම්භ කළේය.

‘‘ලංකාවේ අයට මේ ක‍්‍රමය පුරුදු කරන්න අවුරුදු හතරක් විතර ගියා.’’ මුල් වසර කීපය තුළ වියදම පමණක් ආවරණය වන ආකාරයට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන බව පැවසූ ෆස්ලි කීවේය.

බර්ගර් කිං වෙත පැමිණ බර්ගර් ආහාරයට ගන්නා අයට ආහාර ගැනීමට සිදුවන්නේ එළිමහනේය. එළිමහනේ තැබූ ප්ලාස්ටික් පුටු මත සිට සියලූදෙනාම කෑම ගන්නේය. මේ ආකාරයට බර්ගර් ආහාරයට ගැනීමට ඇති එකම ස්ථානය බර්ගර් කිං පමණක්යැයි ෆස්ලි පැවසුවේය.

‘‘වෙන තැනකට ගියොත් කෑම කන්න වෙන්නේ බිල්ඩින් එකක් ඇතුළේ. ඒත් මෙතැනට එන අයට එළිමහනේ ආහාර ගැනීමට අවස්ථාව තිබෙනවා.’’ ෆස්ලි කීය.

මේක වෙනස් අත්දැකීමක් නිසා ඒ අත්දැකීම විදින්න සමහරු මෙම ස්ථානයට එන්නේයැයි ඔහු කීය.

‘‘මේක අමුතු අත්දැකීමක්. ඒ අත්දැකීම විදින්න අපි මෙතැනට එනවා.’’ සති දෙකකට පමණ එක් වරක් බම්බලපිටියේ තමන්ගේ සේවා ස්ථානයේ සිට බර්ගර් කිං වෙත පැමිණෙන තරංග ධනුෂ්ක ද සිල්වා පැවසුවේය.

පාර දෙපස සිට ආහාර අළෙවි කිරිම ලංකාවට එතරම් හුරු දෙයක් නොවන බැවින් බස්වල යන බොහෝ දෙනා තමන්ගේ ආහාර වෙළද සැල දෙස උනන්දුවෙන් බලමින් යන බව ෆස්ලි පැවසුවේය.

මෙම ස්ථානයට පැමිණ බර්ගර් එකක් ආහාරයට ගැනීම විනෝද ජනක දෙයක් බව දෙහිවල සිට බර්ගර් කිං වෙත නිරතම පැමිණෙන රහීම් කීවේය. පාසල් නොපැවැත්වෙන දිනවල හා අමතර පංති නොපැවැත්වෙන දිනවල රහීම් බර්ගර් කිං වෙත පැමිණෙයි.

‘‘ෆී ටයිම් එකට මම මෙතැනට එනවා. ෆන් එකට තමයි මෙතැනට ඇවිත් කාලා යන්නේ.’’ රහීම් සදහන් කළේය.

රැකියාව අවසන් කර නිවෙස් බලා යන සමහරුන් බර්ගර් කිං වෙත පැමිණ බර්ගර් එකක් ආහාරයට ගෙන ගෙදර යාමට අමතක කරන්නේ නැත. ඒ ආකාරයට දිනපතාම පැමිණෙන පාරිභෝගිකයින් තමන්ට සිටින්නේයැයි ෆස්ලි කියයි.

බම්බලපිටියේ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය කරන චන්දන උණගොල්ල බර්ගර් කිං වෙත පැමිණ තිබුනේ දිනයේ වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසුවය. ‘‘මම වැඩ ඉවර කරලා ගෙදර යන ගමන් තමයි බස් එකෙන් බැහැලා මෙතැනට ආවේ.’’ ඔහු කීවේය.

‘‘මෙතැන කෑම හොදයි. රසයි. ඒ නිසා ගෙදර යනකොට බර්ගර් අරගෙන යනවා.’’ මාසය අවසානයේ තමන්ට ලැබුණු නිවාඩුවට ගෙදර යමින් සිටි මංජුල හේරත් කීවේය.

බර්ගර් කිංහි ආහාර ආහාර අළෙවිය ආරම්භ වන්නේ සවස හතරට පමණය. එතැන් සිට රාත‍්‍රී දොළහ එක දෙක පමණ වන තෙක් එක දිගට පාරිභෝගිකයින් පැමිනේනේයැයි ෆස්ලි කියයි.

‘‘සවස හතරේ සිට හත දක්වා එන්නේ කාර්යාලවල සේවය නිමකර ගෙදර යන අය. හතේ සිට දහය වන තෙක් ගෙවල් වල සිටින අය එනවා. ? දහයෙන් පස්සේ නයිට් ක්ලබ් යන අය තමයි එන්නේ.’’ ඔහු පැවසුවේය.

මගී ප‍්‍රවාහන බස් රථවල ගමන්කර පුද්ගලයින් මෙන්ම සුඛෝපභොගී වාහන වල ගමන් කරන පුද්ගලයින්ද බර්ගර් කිං වෙත පැමිණ බර්ගර් මිලට ගන්නේය.

බර්ගර් කිං වසා තැබෙන්නේ හජ් වන්දනාව පැවැත්වෙන දින දෙකේදී පමණි.

බර්ගර් කිං වෙත පැමිණෙන අයෙක්ට රුපියල් අනූවේ සිට එකසිය අසූව දක්වා අතර මුදලකට බර්ගර් මිලට ගැනීමට අවස්ථාව ලැබේ. බර්ගර් කිං වෙත පැමිණෙන අයෙක්ට බර්ගර් වර්ග පහළොවක් අතරින් තමන් කැමති වර්ගය තෝරාගැනීමට අවස්ථාව ලැබේ. මීට අමතරව ෂවර්මා හා බාබකිව් වැනි දේ තෝරා ගැනීමටද අවස්ථාව ලැබේ.

මෙහි දිනකට බර්ගර් හාරසියයත් පන්සියයත් අතර සංඛ්‍යාවක් අළෙවි වෙයි. එක් දිනකට ශවර්මා සදහා පමණක් කුකුළු මස් කිලෝ පනහක් පමණ අවශ්‍ය වේ.

බර්ගර් සකස් කිරීම සදහා අවශ්‍ය බනිස් වර්ග මිලට ගන්නේ ලංකාවේ ඇති ප‍්‍රසිද්ධ බේකරියකින්ය. මස් ලබාගන්නේ ද වගකීමක් සහිත මස් අළෙවි කරන සමාගම්වලින්යැයි බර්ගර් කිංහි හිමිකරු පැවසුවේය.

‘‘අපේ කෑම කාලා කිසියම් ගැටලූවක් ඇතවුනොත් මුදල් ආපසු ගෙවන බවට වන සහතිකය සමග තමයි අපි ආහාර සකස් කරන්නේ.’’ ෆස්ලි සදහන් කළේය.

The burghers at Burgher King in Slave Island have made many people travel miles just to taste them. The taste, relatively low price of the burghers and the whole new experience offered at the outlet are the main reasons for people to continue visiting Burgher King. The outlet which commenced operations with two employees in 1999 has now increased its staff to 12. Owner of Burgher King Mohomad Jamaldeen Fazly learnt the art of preparing a burgher when he worked under Nana at his popular food outlet in Gall Face. Following the experience at Nana’s and training in the Middle East, Fazly decided to start Burgher King. Today, Fazly sells burghers from Rs. 90-Rs. 180 with a money back guarantee if the customer is not satisfied with the burgher.

  • Share/Bookmark

ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා

October 16, 2009 by Editor  
Filed under Featured, Stories

jhone cenaJohn Cena in Sinhala

ලංකාවේ ජීවත්වන බහුතරයකින් ජෝන් සීනා කියන්නේ කවුරුන්දැයි ඇසුවහොත් ඔහු කවුදැයි කියා කියන්නට  දන්නේ නැත. නමුත් ලංකාවේ තරුණයින්ගෙන් හා ළමයින්ගෙන් ජෝන් සීනා යනු කවුරුන්දැයි ඇසුවහොත් හොදින්ම දනී. ළමා හා තරණ සමාජය පමණක් දන්නා ජෝන් සීනා පිළිබදව මේ දිනවල වැඩියෙන් කතා බහ ආරම්භ වී තිබෙන්නේ ඔහු ගැන කියවෙන ගීතයක් නිසාය.

‘‘ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා………….ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔලූවට ගහලා………පාඩම් වැඩකුත් නැහැ………කන්නෙ බොන්නේ නැහැ…………බලාගත්තු අත බලා ඉන්නවා………..’’ අමිල සදරුවන් නැමති නවක ගායකයා විසින් පද රචනය කර ඔහු විසින්ම ගායනා කරන ගීතය මේ දිනවල තරුණයින් අතර වඩාත් ජනප‍්‍රිය වී තිබේ.

ජෝන් සීනා යන චරිතය යොදාගෙන සමාජයේ සිදුවන සිදුවීමක් පිළිබද ඉදිරිපත් කර තිබේ. ළමා ලොකයේ වීරයින් සැබෑ ලෝකය තුළ ජීවත්වන්නේ කෙසේද යන්න පවසයි. ළමයින්ගේ ජීවිතවලට වෙනත් අයගෙන් වන බලපෑම පිළිබදව තමා මෙම ගීතය පිළිබදව මේ ගීතය මගින් ප‍්‍රකාශ කර ඇතැයි සදරුවන් පැවසුවේය.

‘‘වටපිටාවේ දකින එකක් තමයි මම මේ ගීතයෙන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.’’ ඔහු කීය.

‘‘මේක අද සමාජයේ වෙන සිදුවීමක්. ඒක කෙලින්ම කියලා තියෙනවා.’’ මේ නිසා ගීතය ජනප‍්‍රිය වී ඇතැයි පවසන මනතුංග පැවසුවේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශය වන ඇතැම් ගීත දර්ශක වල ජනප‍්‍රියම ගීතය බවට ජොන් සීනා ගීතයට පැමිණීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ගීතය සදහා වන රූප රචනය සිදුකර එම ගීත රූපවාහිනී නාලිකා වෙත භාරදී සති කීපයක් ගතවන විට මේ ගීතය ගීත දර්ශක වල ජනප‍්‍රියම ගීතය බවට පත්විය. එපමණක් නොව ගුවන් විදුලියේ නිතර ඇසෙන ගීතයක් බවට මෙම ගීතය පත්විය.

‘‘මේ සිංදුව තරුණ සිංදුවක්.’’ අන්තර්ජාලයේ තිබූ ජෝන් සීනා ගීතයට සවන්දුන් සශික ලක්මාල් කීවේය. ජෝන් සීනා ගීතය වෙනස් ආරක ගීතයක් වන අතර මෙහි යම් යම් හොද ලක්ෂණ ඇතැයි කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙක් වන සුපුන් සුදාරක පැවසුවේය.

මේ වන විට පෞද්ගලික නාලිකා කීපයක පමණක් ගීතය විකාශය වන නමුත් ඉදිරියේදී සියලූම නාලිකාවල ගීතය විකාශය වන විට මෙම ගීතය ජනප‍්‍රිය ගීතයක් බවට පත්වනු ඇතැයි ධනුෂ්ක මනතුංග පැවසුවේය.

‘‘ඉදිරියේදී ලොකු කතාබහක් ඇතිකරන්න පුළුවන් ගීතයක් තමයි ජෝන් සීනා ගීතය.’’ සුදාරක කීවේය.

ජෝන් සීනා ගීතය පිළිබදව තරුණ සමාජය කතා බහ ඇතිවෙමින් පවතින අතරවාරයේදී ගීතයට සවන් දිය හැකි ආකාරය පිළිබදව බොහෝ දෙනා අවධානය යොමුකළේය.

ඇතැම් අය අන්තර්ජාලය ඹස්සේ ගීතය ලබාගැනීමට උත්සාහ කළේය. සිංහල ගීත ලබාගත හැකි වෙබ් අඩවිවල මේ ගීතය දකින්න නොලැබුණි. මේ නිසා ඇතැම් රසිකයින් වෙබ් අඩවි වෙත දුරකතන ඇමතුම් හා ඊමේල් පණිවුඩ යොමුකරමින් ගීතය ලබාදෙන ලෙසට ඉල්ලීම් කළහ.

‘‘මම මේ ගීතය පිළිබදව අහලා තියෙනවා. ඒත් තාම අහන්න ලැබුනේ නැහැ. අන්තර්ජාලයෙන් හොයාගෙන හරි ගීතය අහන්න  ඕන.’’ ගාල්ලේ පදිංචි නලින්ද නිරෝෂන් පැවසුවේය.

‘‘ජෝන් සීනා සින්දුව ඉල්ලා දුරකතන ඇමතුම් හා ඊමේල් ලිපි විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණා. මිනිස්සුන්ගේ හිතට වදින සිංදුවක් නිසා තමයි මේ වගේ ඉල්ලූමක් තිබෙන්නේ.’’  සිංහල ගීත වෙබ් අඩවියක් පවත්වාගෙන යන ගොල් සෝන් සොලූෂන් ආයතනයේ පාලක නුවන් චින්තන කීවේය.

තමන්ගේ ගීතය මෙතරම් ජනප‍්‍රිය වෙතැයි ගීතය අවසන් කරන විටත් තමා නොසිතූ බව අමිල් සදරුවන් පැවසුවේය.

‘‘මම හිතපු නැති විදියට සින්දුව හිට්(ජනප‍්‍රිය) වෙලා තියෙනවා. සමහරු මගේ කොණ්ඩය රැවුල නිසා ගීතයට සමහරු කැමතිවෙලා තියෙනවා. සමහරු ගිටාර් එක නිසා කැමතිවෙලා තියෙනවා. සමහරු හිනාව කැමතිවෙලා තියෙනවා.’’සදරුවන් පැවසුවේය.

ජෝන් සීනා.. පද මාලාව ගීතයක් බවට පත්වූයේ මෑතකදී වුනත් එම ගීතය ලියවී ඇත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙරදීය. මෙය ගීතයක් ලෙසින් එළිදැක්වීමේ කිසිදු අදහසක් තමන්ගේ සිතේ නොතිබුනේයැයි සදරුවන් පැවසුවේය.

‘‘මම මේක ප්ලෑන් කරලා කරපු ලියපු සිංදුවක් නෙමෙයි. ඒ කියන්නේ මෙලෝ රහක් නැතිව මේ සිංදුවක කළා කියන එක නොවෙයි.’’සදරුවන් කීවේය.

ජෝන් සීනා ගීතය පිළිබදව ගීත විචාරකයෝ විවිධ අදහස් දක්වති. ඇතැම් විචාරකයින් ගීතය අගය කරන අතර ඇතැම් විචාරකයින් ගීතය හොද ගීතයක්යැයි පවසන්නේ නැත.

ගීතයක අර්ථය මගින් හොද පණිවුඩයක් මෙන්ම නරක පණිවුඩයක් සමාජයට ලබාදිය හැකියැයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජීව රණසිංහ පැවසුවේය.

‘‘මේ ගීතයේ වචන දෙස බලන විට හොද පදනමක් ඇතිව රචනාකළ ගීතයක් කියලා කියන්න බැහැ.’’ හෙතෙම කීවේය.

වැඩිහිටියන්ට ළමයින්ගේ ලෝකය නොදැනීම සදරුවන් මේ ගීතය මගින් උප‍්‍රාසාත්මක අයුරින් ඉදිරිපත් කරන්නේයැයි මේ ගීතය පිළිබදව විචාරයක් ඉදිරිපත් කරන කැමිලස් පෙරේරා පැවසුවේය.

‘‘මේ ගිතය උපහාසාත්මක ගීත කලාවේ නොමැකෙන සටහනක් තැබූ ගීතයක්.’’ පෙරේරා පැවසුවේය.

Although majority of Sri Lankans are unaware of the character John Sena, he has managed to capture their attention through a Sinhala song written and sung by Amila Sandaruwan. Through the song, Sandaruwan has managed to speak of real life incidents through John Sena’s character. He has also shown the impact external characters have on children. Many believe that the song, which has caught the attention of the youth in the country, would become a chart topper given the realistic nature of the song.

  • Share/Bookmark